Monday, December 10, 2012

කොන්ක්‍රීට් බලගය



කළුවට කළුයි මේ ගොයියගේ බ්ලොග් ලෝකේ..
අකුරු කලේ වෙන උන්මයි මේ මගුලේ..
නියම තැනක ඉපදී හෑරු පොල් වල් ගානේ..
මුනූ පොතේ කොළ එලී දැල්වී තිබුනේ..

අකුරු දෙකක් ලියලා තල්ලුව දුන්නා
දැක්ක බවත් හරියක් දා පෙන්නූවා
ටිකක් බැලුව. ම්හු. නෝ කිසි සද්දා
අනේ අපොයි අපිට ගහයි මේ අයියා

හිතට ආපු සන්තෝසේට නිරායාසයෙන් කියවෙන කවි

ඔන්න පල්ලෙහායින් තියෙනවා අයියාට ගහන විදි.


(ත්‍රිබාසා නාමයේ හා කොන්ක්‍රීට් බලගය නාමයේ පේටන්ට් අයිතිය දේශකයා සතු බව කාරුණිකව සලකන්න)

ප.ලි. - පොල්වලවල් හාරනවැයි කියන එක ඔප්පු කරන්ට ඔය පින්තූරේ පිටිපස්සේ බැක්ග්රව්න්ඩ් (දවල්ට ලන්ච් වර්ගයේ වචනයකි) එකේ තියෙන පොල් පැලේ ප්‍රමාණවත් වේවි)

39 comments:

  1. හිකිස්.......... දේශකය අහිංසක මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. පව් වැඩේ බොලව්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හරි අහිංසකයා... පේනවනේ කොරල තියෙන වැඩ...

      Delete
  2. Replies
    1. ඔව් ඔව්.. ඔයි වාර්තාව කඩන්න තමා මං හිතන්නේ කම්මල හදන්නේ

      Delete
  3. මූ හැම එකාටම පොළිමට මඩ ගහනවා නේ.....

    ReplyDelete
    Replies
    1. පිත්තුද මෙයා.. අයියගේ කොන්ක්‍රිට් බලගයේ බලාපං.. මිනිහට වැඩිය මමයි ඒකට යන්නේ.. හැක්..

      Delete
  4. අනේ මේ කවුද කියලා මට හිතා ගන්න බෑනෙ... මම මූණු පොතෙන් අයින් වෙලා නිසා ඒක බලන්නත් බෑ

    මේ මෙයා නේද ?..

    ReplyDelete
    Replies
    1. එයාද කියා බලා ගැනීමට ලින්කටුව වැඩ නොකරයි. මං හිතන්නේ එයා තමයි. අයියට සහයෝගයක් දීපන් බං බලගෙට ගිහිල්ල.. අති ඉස්තරම් බලගයක්.

      Delete
  5. ත්‍රිබසා අයිය ඔන්න දේශකයට හොදවයින් දෙකක් කියන්න එනවලු මග..

    ReplyDelete
    Replies
    1. මම එනකං තමා ඉන්නේ පුරස්න පත්තරයක් තියෙනවා දෙන්නට...

      Delete
  6. මොකද්ද බං කොන්ක්‍රීට් බලගය කියන්නෙ?

    පොටෝ එක ලොකුවට දැක්කහම මට හිතුනේ, මූනේ තියන සීදේවි පාටට වෙන්ඩැ අර වචන පහට, පැන්නිලි කාරයෝ 50කුයි, බැලිලි බරගානකුයි ලැබෙන්ටැත්තෙ. ඒ තරම් අහිංසක මූණ.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. බ්ලොග් කියන එක තමා බලගය කරේ. වැඩක් නැති හින්දා ඒකට කොන්ක්‍රීට් දැම්ම..

      Delete
  7. බොරු මොකටද මන් නම් උපරිම ෆන් එකක් ගත්ත බ්ලොගේ තමයි කොනදෙමල අයියගේ බ්ලොගේ. පැයගානක් හිනාවෙවී කියෙව්වා. පෝස්ට් එක නෙමේ කමෙන්ට්ස් ටික.:P
    සදා වාසනාවන්!!! :D

    ලිව්වත් ඉක පුරාගෙන තොපි නෙක බයිලා
    ආවද මෙහෙම කට්ටිය එය දැකගන්ටා
    ලිව්වෙ පද පහයි ලස්සන බ්ලොගය පුරා
    හැටයි හුටහමාරයි හිට්ස් ගොඩ ගැහිලා

    ලෝකෙට එකයි එය වන් ඇන්ඩ් ඔන්ලීය
    ත්‍රෛබාසාවෙන්ම නම ඇත එය Praසන්னය
    හිත හොඳ එකා කාටත් දෙයි ධෛර්යය
    සදා වාසනාවේ උගෙ ලටපටය



    සමීගේ පුංචි ලෝකය

    ReplyDelete
    Replies
    1. හෙහ්. කයිය මරු සමියෝ... උඹත් කොනෙං රතු නැට්ටක් දාලා නේ..

      Delete
  8. අනේ පවු අහිංසක අකුරු තුනේ අයිය......


    http://www.dasunuma.blogspot.com/2012/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. අකුරු තුනේ නෙමෙයි බං ත්‍රිබාසා...

      Delete
    2. දසුන් මලයෝ මං ඕක කලින්ම බැලුව නෙව..

      Delete
  9. මූ ද?? මූ තරම් පොරක් නෑ මුළු බ්ලොග් ලෝකෙම. එක පෝස්ට් එකයි අකුරු පහයි අන්තිමට බලද්දී හිට්ස් බර ගානක්ම. ඊටත් ඒ පලවෙනි සහ එකම ලිපිය.!

    ReplyDelete
    Replies
    1. ලෝකෙට එකයි ඉන්නේ සැන්ඩරයෝ. ඒ එයාම තමා..

      Delete
  10. අම්මප දැන්නෙ තේරුනේ.. අවුරුද්දකටම පෝස්ට් 2 යි. ඒකත්................................. අෆ්ෆට සිරි. ඒ ක්‍රමෙත් හොඳා :P

    ReplyDelete
    Replies
    1. ඔන්න ප්‍රසා අයියට තව එකෙක් දුන්නා...

      Delete
  11. මේ අර අවුරුද්දක්ම බ්ලොගක් ලියපු අයිය නේද

    ReplyDelete
    Replies
    1. ඒත් ඉවර කරන්න බැරි වෙච්චි අයියා...

      Delete
  12. රහස තියෙන්නේ පොටෝ එකේ :D :D :D :D

    ReplyDelete
    Replies
    1. අනේ බං කියහංකෝ.. මම දන්නෙත් නෑනේ..

      Delete
  13. මේ මේ අපේ ප්‍රසන්න අයියට එහෙම මුකුත් කියන්න එකෙක්වත් එන්නෙපා හරිද ඩෝ!

    මන් හිතුවේ වලවල් හාරනවා කිව්වම අර මාරයා දැකපු වෙලේ හාරපුවා කියලා.

    ඒක නෙවෙයි අර "කොන්ක්‍රීට් බලගය" කියන්නේ ඇයි?

    අනිත් නමනම් කලිනුත් අහලා තියෙන නිසා පේටන්ට් එක ගැන ආයෙත් හිතන්න වෙයි.

    මොනවා උනත් ප්‍රසන්න අයියා අපේ බ්ලොග් වලට දෙන හයිය කවදාවත් අමතක කරන්න බෑ.

    අපේ ප්‍රසා අයියට, ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හෙහ්... අරකට උත්තරේ තිසරයට දුන්න එකම තමා.. ඒ වචනේ පේටන්ට් එකත් තියෙනවා.. ඔප්පු කල හැකියි... ජයවේවා

      Delete
  14. ප්‍රසා අයියා අමනාපෙන් ඉන්නේ මොකෝ
    අපී කී දේ තඹ සතේට ගන්න එපෝ
    මුනුපොතේ කුරුටු ගාපු අකුරු නැතෝ
    ඒක නිසා බයිට් එකට මේක කරෝ

    ReplyDelete
  15. ඇත්ත තමා බං ඒක පට්ට බ්ලොග් එක

    ReplyDelete
    Replies
    1. සිරාවටම මං දැක්කෙත් එකයි.. ලෝකෙට එකයි..

      Delete
  16. අප්පට දෙමළ නයන්නෙ ප්‍ර‍සන්න අයියා... කට කැඩෙනකං කිව්වත් අහන එකක් යෑ... අලුතින් ලියන්නෙම නෑ නොවැ මේ හාදයා...

    ලේසියන් කඩන්න පුලුවන් රැකෝඩ් එකක්ද තියලා තියෙන්නෙ...

    එයාම කියන විදියට ලිව්වෙ වචන 5යි.

    වචන පහට ෆලෝවර්ස්ල 51
    පේජ් විව්ස් 1847
    කොමෙන්ට්ස් 219 (එයාගෙ ඒවත් එක්ක)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඔය තියෙන්නේ මහප්පරාන ටික. අපි කිව්වට අහන එකක්යැ.. ඔන්න සිරෝ කතාව.. මම මූනු පොතේ ඉදගෙන පොර ඔන්ලයින් හින්දා “හා අයියේ කොහොමද“ කියල චැට් පාරක් දැම්මා.. මෙන්න මේකා රට වටේම මුණුපොතේ තෙල් බෙදනවා.. ඒත් නෝ ආන්සර්.. බැලුවා.. බැලුවා.. නෑ.. ඒ සන්තෝසෙට මේක මෙතන කොටල දාල, කවියත් ඒකාගේ බලගයේ කොටල තියා ආවා.. ඔන්න නිධාන කතාව..

      Delete
  17. උඹ මොනවා කිව්වත් දේශකයා, මේ දවස් වල මගෙ ප්‍රියතම බ්ලොග් එක ප්‍රසන්නයගෙ බ්ලොග් එක තමයි. ඇයි බං මෙච්චර බිසි වෙලා ඉඳගෙනත් මේ අනිත් උන් ලියන ඒවා කියවලා කමෙන්ට් කලේ නැතිනම් මට ඇඟට ටිකක් හරි මදි වගේ. ප්‍රසන්නයා ලියන එව්වා නම් මිස් වෙන්නෙ නෑනෙ කොහොමත්. ඉතින් හිතට බරකුත් නෑ.


    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හෑහ්.. ඩුඩෙට නං ගැලපෙනවා එහෙනං. ඇත්ත තමා මොනා උනත් හොද එකා අයියා..

      Delete
  18. මේක කවදාවත් මට කමෙන්ට් එකක්දාල නැනේ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ සීයට එකේ පොරක් වගේ.. මොකෝ මම බර ගානක් ප්‍රතිචාර බලගයේ දානකොට ඔන්න යාන්තං එක ප්‍රතිචාරයක් මට දාලා තිබුනා.. හැක්.. ඒකත් හැමෝටම දාන එක.. “නියම ලිපියක් ජය වේවා.“ ඔන්න සිරාත් අහල තිබුනා ඒ අයියගෙන් මොකෝ එකම කියන්නේ හැමදාම කියල.. හැක්..

      Delete
  19. මට නම් ඔයාල කියන ඒවල අගමුල තේරෙන්නෙ නැ. මන් හිතන්නෙ ප්‍රසන්නගෙ බ්ලොග් එකට ගිහින් තමයි බලන්න ඕනෙ. මොකක්ද අර කොන්ක්‍රිට් බලගය?

    ReplyDelete
    Replies
    1. හරියට හරි ගිහින් බලන්න... ඔන්න මං සිරාට කිව්වා නිධාන කතාව. ස්තුතියි ආපු එකට. මේ ටිකේ මොකෝ මුකුත් ලියන්නැත්තේ

      Delete
  20. යකෝ මේක මං කලිං දැක්කෙ නෑනෙ.
    හොඳයි හොඳයි ඔක්කොටම.

    ReplyDelete