Friday, November 2, 2012

බස් ගැන කතාබස්

මේ බස් කතාව ලියන්නට හිටියත් කරුමෙට අපේ ගංගානාත් දිසානායක මහත්තයා එයාගේ පැණි වළලු කොලමේ සති දෙකක්ම බස් ගැන කතා බස් කර කර හිටිය නිසා උවමනාවෙන්ම ප්‍රමාද කර දැම්මා. කියවපු නැති කස්ටිය ඉන්නවනං කියවල බලන්න පහුගිය සතිදෙකේ ඉරිදා ලංකාදීපේ පැණි වළලු තියෙන්නේ ජපනගේ බස් කෙරුවාව හා ලංකාවේ බස් කෙරුවාව ගැන. මේකත් ලංකාවේ බස් කෙරුවාව ගැන කතාවක්. අවසානයේදි පුදුම වෙන්ට එපා. මේක සත්‍ය අත් විදි දෙයක්.

ආ තව එකක් කියන්ට ඕන මාරයා මාතර කතන්දරය ඇද්ද හින්ද නෙමෙයි මේක ලියන්නේ. හරිය..

දේශකයා දුරබැහැර ඉදල ඇවිල්ල, අත්‍යාව්‍ය රාජකාරි කරුණක් සදහා මාතර සිට දැං තංගල්ලේ යන්ට හදන්නේ. වැස්ස... නෑ.. ඒ දවස් වල වැස්ස තිබුනේ නෑ. ගිනි ගහන අව්ව. උදේටත් ඒ වගේ. වෙලාව උදේ 9.00 ට මාතර තියෙන අවමංගල තුමා හැදුවය කියන බස් තොටුපලේ ඉදල වයිකින් බසයක් තංගල්ලට යන්ට සුදානං වෙනවා. කියන්න ඕන නෑනේ.. බලෙන් අහන්න සලස්වන සිංදු ටික මදිවට ඒකේ තව ටීවී කෑල්ලකුත් ඉස්සරහින් සුදු යකඩ රාමු දාලා හයි කරල තියෙනවා. අප්පේ ඒකත් වැඩ කරනවා. බස් එකේ ගහල තියෙන නම කියන්න ඕන නැහැ.... තංගල්ල පැත්තේ උන්දැලනං මේ නම තියෙන බස් හැට හුටාමාරක් දුවනව දැකල ඇති. අයිතිකාරයා හාඩ්වෙයාර් එකක් තමා කරන්නේ කියලා බස් එකේ පිටුපස්සටම වෙන්න දොර ගාවටත් පොඩ්ඩක් එහායින් හීනියට ලියල තියෙනවා.

දැං වෙලාව හරියටම 9.00 යි. බස් ටික්කෝ බලං ඉන්නවා. පිටි පස්සේ බස් එකත් මීක් නැතිව ඇවිල්ල බදාගන්න වගේ පස්සෙන් බලන් ඉන්නවා. ඒත් අප්පේ වැඩි රැස්පොට් එකක් පෙන්නන්නේ නැතිය. දන්නවනේ නළාව ගහනව නෙව නැතිනං තත්පරේ පහුවෙන කොට පපුව පැලෙන ගානටම. කොහොම හරි විනාඩි දෙක තුනක ප්‍රමාදයෙන් බස් රථය ආරම්භ කරා තමන්ගේ ගමන යන්ට. ඉස්සරහින් කොන්දොස්තර ඉන්නව ටිකට් මැසිම කරේ දාගෙන. මිනිහත් ටිකක් විතර ඇග පත තියෙන ඊටත් වඩා කට ප්‍රාණවත් කියල කියන්න පුළුවන් එකෙක්. ඒ වගේම රියදුරු හොද දෙකේ හතර මිනිහෙක් කියල පේන්න අර රියදුරු අසුනට  පිටුපස තියෙන වීදුරු කවුලුව වැහෙන සාක්ෂියම පුමාණවත්. කොණ්ඩෙ බොකුටු උනාට පස්සෙන් ටිකක් වැවිල තියෙන්නේ. 

වැඩි දුරක් යන්න උනේ නෑ. කොන්දා මලයා දැං ඉදිරිපස ඉදල ආසන තුනක් විතර ඇවිත් ටිකට් කඩනවා.  මිනිහගේ සෙලා මලයට ආපු කෝල් එකට උත්තර දී එසැනින්ම තමාගේ ශබ්ද විකාශන යන්තරය රියදුරුට දැම්මා. 

“ඒයි කොළඹ එකා ඔන්න ඉස්සරහ කොටනව.. යමං“

ඒක කියන්න විතරයි උනේ. නයිට් රයිඩර් කාරය පරාද වෙන විදියට ත්වරණය කල බස් රථය දැං හැටට හැටේ ඇදෙනවා, ඇඹරෙනවා, වෛවාරණ නළා හඩ පැතිරෙනවා, රියදුරු සුමියුරු බස් තෙපලනවා ඉඩ නොදෙන වාහන වලට.


කි. මී. 178 හෝ 179 කණුව පහු කරල ටික දුරක් යන කොට ආපු වේගෙටත් වැඩි වේගෙකින් බසයේ තිරිංග ක්‍රියාත්මක උනා. දෙපාරක් විතර ඉස්සරහ සීට් එකට උම්ම එකක් දීලා අතුරු ආන්තරාවක් නොවී මගේ කොන්ද බේර ගන්ට මම සමත් උනා. දැං බැලුවා.. රියදුරු දඩි බිඩි ගාලා බහිනවා. දොර වැහුවේ දෙකට කැඩෙන වේගෙන්. කුණුහරුප කියනව ඇහෙනවා සින්දු කරච්චලේ අස්සෙම. අප්පේ වංගුවක්. හරියටම මගේ ආසනේ ගාව බිම ට්‍රැෆික් පොලිස් මහත්තුරු දෙන්නෙක් ඉන්නවා.

අපේ රියදුරු මහත්තයා එනවා. මං කිව්වේ මිනිහා හොද ෆිට් පොරක් කියලා. දැං මිනිහගේ අත් ලෙල දෙනවා. මට මේ ටික ඇහෙනවා.. ඊට පස්සේ බස් එක යනවා හොදේ.

“යකෝ... අම්... හු... ද හදන්නේ. තොපි ඔය වංගු වල හැංගිල අත දාන කොට නවත්තන්නේ ප... න්ද යකෝ. යට කරල දානව ආයිත් මට අහු උනොත් එහෙම. බල්ලෝ...“

ප.ලි. - හාඩ්වෙයාර් කාරයා මහරජතුමාගේ අතිශය සමීපයෙකු කියලයි මගේ පිටුපස්සේ ආසනේ අය කතා උනේ.

34 comments:

  1. ඔය කට්ටියමද හයිවේ එකේ බස් දාලා තියෙන්නෙත්..... මට හිතෙනවා ඒ කට්ටියම වෙන්න ඇති කියලා.... හි හි....

    යකෝ... මුන්ටම ගිය රට..... අර පොලිස් කාරයෝ දෙන්නත් නැට්ට කකුල් අස්සේ ගහගෙන මාර උනාද........? කෝ බං.. වැදගත්ම කෑල්ල දාලා නෑ නේ..... හි හි

    ඔය පොලිස් කාරයෝ රැස්පොට් දාන්නෙත් අපි වගේ අසරණ බයිසිකල් කාරයන්ටම තමයි.... ඒ වෙලාවට නම් දෙන්න හිතෙනවා හොම්බට හැටක් අත්තමයි.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ කස්ටිය නෙමෙයි. මම ඕක ගැන වැඩි විස්තර ලිව්වෙ නැත්තේ අවශ්‍ය දේවල් හිතාගන්න ඕන හින්ද. කොහොමද එ වගේ පොරක් පොලිසියට සද්දේ දාල ගියේ කියල. තංගල්ලට යනකං කිසි කරදරයක් නොවී. පොලීසි කියක් පහුවෙනවද යන කොට. රටේ තත්වය තමා. මැරවින්ගේ පුතාලා තව හොදයි මෙහෙම බැලුවම. ඩ්‍රැයිවරයා නිතිය දන්නවා. ඌ කියන්නේ.
      මීටර් 100 ක් තියෙද්දි අත දාන්ට ඕන
      ස්ටොප් ලෑල්ල තියෙන්ට ඕන
      විෂිල් එක ගහන්න ඕන
      හැංගිල ඉන්න බෑ.
      ජැකට් දාගෙන ඉන්න ඕන (ට්‍රැෆික් ජැකට්) කියලා කුනුහරුප කියන ගමන්ම

      Delete
    2. හැබැයි හිරු අක්කේ මාව ඇල්ලුවා බද තෛයෙක්ට මම ආපහු දඩ කොලේ යැව්වා. මොකද බයිසිකලේ අයිතිකාරයා තරු 3නේ බුවෙක්. අපේ මාමගේ පුතාගේ :)

      Delete
    3. ඒ අනුව නිගමනය වන්නේ හැමෝම තරු සහිත අයගේ වාහන භාවිතා කල යුතුය.. (කෝරලේ නියමය)

      Delete
  2. මම නං කියන්නෙ පොලිස්කාරයන්ට හොඳ වැඩේ!

    ReplyDelete
    Replies
    1. හොද වැඩේ තමා. ඒ උනාට තත්වේ කොච්චර දරුණුද? රජාගේ මිත්තරයගේ බස් ඩ්‍රැයිවර්ගේ පවර් එක. (කටකහනවට කියන්නේ කටු කන බල්ලොය වැඩිය සැර කියල)

      Delete
  3. රාජ ඌෂ්ණය..!! පොලිස්කාරයෝ අන්ත අසරණයි බං ඔය වෙලාවට. හැබැයි "එතුමන්ලා" ඔය වාඩුවත් ගන්නේ කවුරු හරි අහිංසකයෙක් ගෙන්.
    ගංගානාත් මහත්තයාගේ ලිපිය මාත් කියෙව්වා...අන්න නියම සේවය!!!

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නේ. පොලිස් කාරයන්ගේ අහිංසක කමක් තියෙනවා ඇත්තටම උන්ට තියෙන පීඩනය දරාගන්න අමාරුයි. ඒක අපේ පිටිං යවන එක පෘතග්ජන සිද්ධියක්. අන්න ජපන් බස්..

      Delete
    2. අහිංසක කම නෙමෙයි “අසරණ කම“

      Delete
  4. ට්‍රැෆික් කොස්සෝ තඩි බස් නවත්තෙනෙම නෑ.. අළුත් දෙන්නෙක් වෙන්ටෑ... යාපනේ යන බස් වලින් වැඩි හරියක් ඔය වගේ ඒවා. කොස්සෝ නෙමෙයි ඒවා දිහා බලන්නෙවත්..

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුනා.. නැත්නං ලොවෙත් මුං අත දාන්නේ නෑ ඔය බස් වලට.

      Delete
  5. පැණි වලලු කතා දෙකම කියෙව්වා.. අහම්බයෙන් තමා මේක දැක්කෙ...බස් කාරයොත් එකයි..ට්‍රැෆික් පොලීසියෙ අයත් එකයි..

    මේ ලඟදි බත්තරමුල්ලෙ මගෙ යාලුවෙක්ගෙ වාහනයක් බස් එකක් වද්දගෙන ගිහින්. වැරැද්ද තනිකරම බස් කාරයගෙ උනත් මිනිහා දඩි බිඩියේ කොස්වත්තෙ පොලීසියට කෝල් කරලා. ආව ට්‍රැෆික් කොස්සා යාලුවට හොඳටම බනිනවලු..අරූටත් යකා ගිහින් පොලිස් කාරයටත් බැනලා ...

    ReplyDelete
    Replies
    1. පැණි වළලු කියෝල නං ඉතිං මේ ගැන හොද අවබෝධයක් ඇති. ලිහිණි කිව්ව වගේ ඔය දෙගොල්ලම එකයි. පොලිස් කාරයන්ට බැන්නට කමක් නෑ. ගහන්න නං යන්න එපා. වැඩේ ජෝං තමයි ඉතිං. ස්තුතියි මේ පැත්තට ආවට. නැවත හමුවෙමු

      Delete
  6. දුකයි සන්තෝෂෙයි දෙකම! උඹට හිතාගත්තෑකිනෙ කොයික කොයිකටද කියලා.

    එතකොට ඔය බස් එකේ යන මගීනටත් මුං ඔය විදියටනෙ සලකනවා ඇත්තෙ බල්ලන්ට වගෙ. එහෙම නැද්ද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩුඩෙ ඒ දෙකම තියෙනවා කොයි පැත්තටද කියල තමා හිතාගන්න බැරි. බස් එකේ යන ඈයෝ බල්ලන්ටත් අන්තං බං

      Delete
  7. දෙගොල්ලොම කළ වැඩේ වැරදියි. ඉස්සර මට තිබ්බ සුදු වෑන් එක නිසා (බඩී) වින්ද දුක් මතක් වුනා. ඒකට දැන් බලෙන් නවත්වලා ලයිසන් පෙන්නන්න හිතෙනවා..මුං නවත්වන්නෙම නෑනේ.

    ReplyDelete
    Replies
    1. කලින් ඩුඩෙගේ කමෙන්කටුවට දාපු උත්තරේ වගේ අදහසක් තමා එන්නේ. ඇයි බං දැං ඒක බලන්නත් උන්ට එපා වෙලා තියෙන්නෙ. මම මේ කතාවේ මට හිතෙන දේ ලිව්වේ නැත්තේ අවශ්‍ය දේවල් ගැන හිතාගන්න ඉඩ තියල. ලංකාවට ගිය කල. නීතිය උනත් එක එක විදියයි. හරි හරි උඹ කිව්වේ අර රෝම දෙවගන උස්සලාය කියල.

      Delete
  8. අපෝ පොලිසියද? නෑ එහෙනමි ඉතින් කතාකරලා වැඩක් නෑ......

    ReplyDelete
    Replies
    1. දිනපොත මේහෙට ආවම නේ. සාදරයෙන් පිළිගන්නවා. ඇයි පොලිසිය ඇලජික්ද???

      Delete
  9. මගේ කතන්දරේ දැකලද මන්ද ඔන්න සී නිව්ස් කාරයත් බස් ගැන කතා බස් කරනවා බං

    ReplyDelete
  10. බස් කතා ඇහුවම මේ ටිකත් නොකියාම බෑ.
    අපි ඉතින් ඔය වාහන තරඟවලට බය හෙන සීරියස් මිනිස්සු නෙව. ලංකාවට හෙම ආවම ඒ බය කොච්චරද කියනවා හදිස්සියෙන් හරි වාහනේ ඉස්සරහින් ඉඳගන හෙම යන්න උනොත් හාට් ඇටෑක් එකක් හැදෙයි කියලා බයටම කවදාවත් ඉස්සරහා ඉඳගන්නේවත් නෑ.
    පිටිපස්සේ සීට් එකේ හිටියත් බස් එකක් එනකොට මම දෙවියන්ව සිහිකරගන්නවා ඉතින් ආයේ මොකටද?
    දවසක් මීට වසර දෙකකට විතර කලින් බුරු බබයි රියදුරායි විතරක් පානදුරේට ගඟ පැත්තෙන් ඇතුල් වෙනවා. ඔය හරියේ යද්දි අර ජීවිතේට වතුර දැකල නැති ගඟක් දැකල නැති පොඩි බුරු බබා එලියට ඇවිත් ඉන්න හින්දා වටේ පිටේ වෙන කිසි දෙයක් දන්නේ නෑ. එක පාරටලොකු සද්දයක් එක්ක වාහනේ ඇල වෙද්දි මම ඉස්සරහා බලද්දි ගාල්ල කොළඹ බස් එකක් මගේ වාහනේ මැද. අපි කොළඹ පානදුර මේන් රෝඩ් එකෙනුත් බස් එක පරණ පාරේනුත්.
    කොයි තරම්ද කියනවා නම් මට තරහා ගිය පාර පොලීසියේ අයට බලෙන් කියලා නැත්නම් උන් ඔක්කොමට ගහන සයිස් එකේ මම එදා හිටියේ බස් එක පොලීසියට ගෙනත් උන්ට ගමක බැනල උන්ගෙන් සල්ලිත් ගත්තා මම එදා. උන් හිතාගෙන හිටියේ මම සුද්දෙක් වාහනෙත් හප්පලා මටම බැනලා සේෆ් වෙලා යන්න ඒව කොහෙද මේ අපි එක්ක. පොලීසියෙ අයත් භය වෙලා මේ මොකක්ද උන්ට වෙච්ච කරදරේ කියලා. එහෙම ඇඟිල්ලෙන් ඇනලා නීතිය ක්‍රියාත්මක නොකලොත් ලංකාවේ නීතියක් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.
    මොනවා උනත් එදා ඉඳන් අහිංසක බුරු බබා වෙච්ච මම නිකම්ම මැරංගි උනා.

    ReplyDelete
    Replies
    1. පට්ට කේස් එකක් නෙව.. වාහනේ මැද කියන්නේ.. වැදිලිද නැත්නං බද ගාවද? ඇත්ත සහෝ.. මුන්ට අපි නීතිය දන්නවයි කියල පෙන්නුවොත් ඔන්න බය වෙනවා. නැත්නං බොරු පුස් නීති අපිට ගේනවා. ඔය ට්‍රැෆික් කාරයෝ අහිංසක වාහන කාරයෝ එන කොට තොල කට ලෙව කෑවට දුරින්ම මොන්ටෙරෝ එකක් එහෙම දැක්කම ඒ වෙලවේ ඉදල අහක බලාගෙන ඉන්නේ. දවසක් මමත් අහු උන වෙලාවක ප්‍රාෙඩා් එකක් සුදු ඉරි දෙකම කපාගෙන යනවා. මං මුන්ට ඒක පෙන්නුවම මටම රැව්ව නෙව. පස්සේ ඒකේ පිහිටෙන් එදා නං කට ගහල මමත් බේරුනා. (උන්ට හිතෙන්න ඇති හිටියොත් මල වදය්ක් වෙනවය කියල) ස්තුතියි සහෝ. මේ තාම නම කියන හැටි කිව්වේ නෑනේ..

      Delete
  11. මම ඉල් මොන්දෝ දි ඌන පෝවර පාස්සා. ඔච්චර අමාරුවෙන් ඕක කියවන්න ඕනේ නෑ මම බුරු බබා.
    ඔය රට්ටු එක එක කතා කීවට මම බොහොම අහිංසක කෙනෙක්. මැරංගි කියන්නේ කාස් එකක්.

    අපොයි ඔව්. එදා ප්‍රයිවට් බස් කාරයෝ ලොකු ටෝක් දීගෙන ආවා. පස්සේ කන දිගෑරෙන්න මගෙන් අහගත්තා විතරක් නෙමෙයි අන්තිමට හොරෙන් හොරෙන් පොලීසියේ අය බය වෙච්ච පාර මගෙන් අහනවා කවුද මිස් ඔයා මේ වගේ කෙනෙක් අපි දැක්කමයි කියලා.
    අදටත් මගේ රියදුරා එක්ක පී ටී කරන පොලීසියේ මහත්වරු මම බැහැල මොකද රියාස් වෙන්නේ කියල අහද්දිම හරි යන්න සර් කියලා පාරත් හදලා දෙනවා. ලංකාවේ පොලීසියේ වාහන නතර කරන්නේ නීති කඩනවට නෙමෙයි අහිංසකයින්ගෙන් කීයක් හරි කඩා ගන්න විතරමයි. ඒ විතරක්ද මිනිස්නුට කරන රස්තියාදුව. එතකොට තමයි බෝම්බ ගහන්න හිතෙන්නේ උන්ගේ ඔළුවටම.

    ReplyDelete
    Replies
    1. බූරු බබෝ. මම ඔය රට්ටුන්ගේ කයිකතන්දර අහල කියනව නෙමෙයි. අප්පේ ඔහොම කිව්වම නිකං මොකද්ද වගේ. ඒකෙන් කාරි නැහැ නෙව අපේ මිත්තරත්වෙට. හරි එහෙනං කියමුකෝ බලන්ට පොලිසියේ අහිංසක මහත්හොරු බය කොරන්ටේ මොකද කියල.. ඒක නෙමෙයි මට තේරුනේ නෑ. එක තැනක මිස් කියනවා තව තැනක සර් කියනවා. ඩබල් ඇක්ටිංද? ජය

      Delete
    2. නෑ රියදුරාටයි එහෙම කියන්නේ. මේකේ වෙනස මේකයි. අපි ජීවත් වන පරිසරයේ පොලිසියේ නිළදාරියෙක් කවදවත් නීති විරෝදි වෙන්නේ නෑ. පුදුම විදියට ආචාරශීලියි. හිනාවෙලා කරුණාකරලා වගේ වචන කියලා සර් මැඩම් කියලා ඩොකියුමන්ට් එකක් හෙම ඉල්ලන ඒවට අපි හුරුවෙලා. අපිත් ඒ විදිහමයි. මේක මා ලංකාවට ආවා කියලා වෙනස් වෙන්නේ නෑ. මට ලංකාවේ සාමාන්‍ය මිනිසුන් ආදරෙත් ඒකයි. හැමෝටම එකවගේ සැලකීම.
      ඉතින් ඔය වගේ සත්තුන්ට පොඩ්ඩක් කලර්ස් පෙන්නුවට කමක් නෑ. මම නම් ඔය වගේ තැන් වලට ගියාම කොක්කක් දාලා බැනලම තමයි එන්නේ. ලියන්නම්කෝ බ්ලොග් පෝස්ට් එකක් වෙලාවක ඔය පොලිස් අනතුරු ගැන.

      Delete
    3. නියම ප්‍රජාචන්ත්‍රවාදය හේ හේ.. පෝස්ට් එක දාන්ටකෝ බලන්න. ඔන්න මම නං දිව උලුක් වෙන නම අයින් කරල තමා මගේ රෝලට දාගත්තේ.. හදුනාගැනීම සතුටක්

      Delete
  12. ඩබල් ඉරි, වේග සීමා, දකුණෙන් ඉස්සර කිරීම වගේ මූලික මාර්ග නීති, "දුර ගමන් සේවා" බස් ගනන් ගන්නෙම නෑ. ට්‍රැ‍ෆික් මහත්තරුත් ඕව නොදැක්ක වගේ ඉන්නෙ, ඒගොල්ලන්ගෙ ටිකට් එක කලින්ම හම්බ වෙන නිසා වෙන්න ඕන. අනික දඩ කොලයක් ලිව්වත්, ගොඩක් වෙලාවට ඒක ගෙවන්නෙ බස් එක තේ බොන්න නවත්තන කඩෙන්.

    ReplyDelete
    Replies
    1. මම ඔය ත්‍රීරෝද රථ රියදුරන්ට ගහපු ෆනි අත්පොතක දැක්ක. “මේ පාර ඔබේය.. එය ඔබගේම පමණය“ කියල බස් හාදයන්ට ඒක අදාලයි. පාරේ දෙපැත්තේ අයිනේ ගහන සීමා ඉරි දෙක ඇතුලේ සම්පූර්ණ පාරම උන්ගේ කියල නේ හිතන්නේ. අර දඩ කොලේ තේ කඩෙන් ගෙවනව කියන එක අදමයි ඇහුවේ. ස්තුතියි ඒක හොයාබලන්ට වෙනවා.

      Delete
  13. "ත්වරණය" ඒ මොකක්ද දේශක තුමෝ ඒ......? එක පැත්තකින් පොලිස් කාරයෝ දෙන්න පව් නිල අන්දුමටවත් ගරුකිරීමක් ලැබුනේ නැති එක. අනෙක් පැත්තෙන් මේ ...සිගේ පුතාල අපිට තමයි පාර්ට් දන්නේ පොලිස් බල්ලෝ කියන්නේ නිකන්ද?

    ReplyDelete
    Replies
    1. Acceleration.. බලු කතාව ඇහුනේ නෑ.

      Delete
  14. පොලිසිය...............බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :)

    ReplyDelete
    Replies
    1. බස් ඩ්‍රැයිවර්...බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් . ස්තූතියි නිතර සොයා බලනවාට. ඒක ලොකු ශක්තියක්

      Delete
  15. පොලිසිය බස් සහ කතාබස්.. :) හිනාවෙලා අඬන්න හිතෙන්නේ මෙන්න මෙව්වට තමා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. අනේද කියන්නේ. මට ඒක නිකං දෙපැත්ත කැපෙන පිහියක් වගේ. අඩනවද???? හිනාවෙනවද????

      Delete