Wednesday, October 31, 2012

ආයේ ආවෙමි (දේශක කවි)

නැවත පැමිණියෙමි,

ළංව තිබූ මාගේ අතීතයට...

සිතුවිලි අකුරු කරන්නට..

කාළය ගෙවී ගියා වේගෙන්..

සිතුවිලි හද පතුලටම ගිහින්...

ආයෙත් ඒවා මතුකරන්නට.... මට පුළුවන් වෙයි

මක් නිසාද යත්!

වෙනස් වූ දේ බලා

මගේ සිත නොවෙනස් වූ බැවිනි

23 comments:

  1. ඒත් ඉතින් හැමදාම එහෙම තියෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. සියළු සංස්කාර ධර්මයො නැසෙන සුළුයි. අගේ ඇති කතාවකි.

      Delete
  2. හරි එහෙනං කයි ලියමු බලන්න. එතකොට කවුරුවත් අහන එකක් නෑ "මොනවද දන්නෙ?" කියල. :)

    ReplyDelete
    Replies
    1. දැන් තමයි බං මතක් උනේ. ඒ වෙලාවේ කවි ලියන්ට පුළුවන් ද කියල ඇහුවම දන්නෙනෑ කිව්වනේ.. හපොයි මගේ මතකය. ස්තුතියි

      Delete
  3. වෙනස් වූ දේ බලා සිත නොවෙනස්ව තියාගන්න පුලුවන් එකා තමයි පොර!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං පට්ට ඇත්ත.. තැන්කූ. ඒක නෙමෙයි. අර තිලකයාට ඇදපු චිත්තර ටිකත් දාපංකෝ ඒ ටැබ් එකේම

      Delete
  4. මහගම සේකර කවි ලියල තියෙන්නෙත් ඔට විදියටම තමයි. නියමයි

    ReplyDelete
    Replies
    1. සේකරයන්ගේ රචනා ශෛලිය ඇති. මං ආසම මිනිහගේ පට්ට කවි වලට කියල උඹ දන්න එකේ ආයේ අමුතුවක් ඇතෑ... හික්.. හික්.. මලිලියෝ දොඹ ඇට ගානට නෙව දැං වහින්නෙ.

      Delete
  5. පද වල වෙනස් බවට මම හරි ආසයි....ලිවීමේ රටාවට වගේම කවියටත් සිත්තමී කෙල්ල හරිම කැමතියි...ඉදල හිටල පෝස්ට් අතපසු වෙනවා....ඒ වෙනුවෙන් සමාව භාජනේට දානවා....වැඩ වැඩියි ඒකයි

    ReplyDelete
    Replies
    1. වෙනස් වූ දේ බලා
      මගේ සිත නොවෙනස් වූ බැවිනි

      මේ පද දෙක ගැන කියන්න වචන නෑ....සුපර්

      Delete
    2. මේ මක්ක කියනවද සිත්තමියෝ.. සිත්තමි නිසා නෙව මට කවි සිත පහල උනේ. (නොදන්න කමට නෙව) මං ඒක ලියල තිබ්බ කියල මතක නැතිය???

      "ඔන්න අපේ සිහින සිත්තම් නිසා මටත් කවි දෙක තුනක් ලියන්න ආස හිතුනා. ආසාව තිබුනට වැඩක් නෑනේ, හැකියාව නැත්නං."

      ගොඩක් ස්තුතියි.

      Delete
  6. හිත වෙනස් වෙන්නේ නැත්තම් ඇත්තටම නියමයි :)

    ReplyDelete
    Replies
    1. අපි කරන දේ, වෙන දේවල් නිසා වෙනස් කරන්නේ නැත්නං.. හිත වෙනස් නොවේනම් එතන තමා අධිෂ්ඨානය තියෙන්නේ පිංවත් හිරුහිමාවියණි,,,

      ස්තුතියි අප්පේ දේශනා, රේඩියෝ දේශනා අස්සේ ඇවිල්ල මොනා හරි කියල යනවට

      Delete
  7. මම කියන්නේ හිත වෙනස් වෙන්න ඕනේ හේතු තියෙනවා හැබැයි ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕනේ. අද පොඩ්ඩක් පරක්කුයි වගේ.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා කිවිව වගේ සමහර අවස්ථාවල ප්‍රතිපත්තියක් ඇතුව නම්‍යශීලි වෙන අවස්ථා තියෙනවා තමා. මම ඩිංගක්වක් පරක්කු උනේ නෑ අප්පේ වෙලාවටම මාරු උනා. ඔබතුමා ගේ නං කිසිම පරක්කුවක් නෑ. කෝරලේ මහත්තයා වෙලත් මේ ගමේ ගොඩේ උන්දැලැයි තැන් වල කරක් ගහන එකත් ලොකු දෙයක් නෙව. ආයිබෝවෙිවා

      Delete
    2. හැක් හැක් හැක්.... ඔය බුලත් විටක් එහෙම එදලා තිබ්බනම් කාරිය.

      Delete
    3. එහෙයි. එහෙයි. විට මැද්දට මල් සුට්ටක් දාන්නෙයි...

      Delete
    4. තනමල්විල එව්වද? එව්වා පොඩ්ඩක් ඔතල ගත්තනම් තමයි වටින්නේ. :)

      Delete
    5. ආ. එහෙනං ජුමේරා වල අපේ මල්ලි ඇති ඉල්ලගෙන ඔතාගනිය... හැක. හැක.

      Delete
  8. අතීතය අපේ අතින් අල්ලන්න පුලුවන් දුරක තමා අප්පා හැමදාම තියෙන්නේ . . (දුරස්කරලා තියා ගන්න ඕන වුනත් . . හෙ හෙ හේ )

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඇත්ත. දුරස් කරන්ට කරන්ට තව මතක් වෙනවා නෙව.. ස්තුතියි දුකෝ. දුක බෙදාගන්ට ආවට

      Delete
    2. අතීතය දිහා බලලා දුක් වෙන්න තියෙන දේවල් දිහා ආපහු ආපහු රිවයින් කර කර බලන්න හිතෙන හිත හිර කර ගනෙන ඉන්න එතකොට ඔක්කෝම ශේප් . . ..

      Delete
    3. ස්තුතියි දුකා. හොද උපදේශයක්. ඒ වුනාට මේකා මට කන්ට්‍රෝල් නෑනේ..

      Delete