Saturday, October 20, 2012

දේශකයාගේ නියම කවිය

ගියපාර පෝස්ට් කටුව කොටාගෙන කොටාගෙන යදිදි වැඩේ කියන්නේ හෙඩිම ට අදාළ නැතුව කටයුතු කොලාය කියල අපේ පැට්රියට් මලයා මට කොලොප්පමක් දැම්මනේ. මගේ අර බ්ලොග නොලියන යාළුවා ගයාන් ඒකත් මට කින්ඩියක් දාලා ගියා. සම්බෝල කරන්න කියල හිතල කොරාද මන්ද? පැට්රියට් මලයා තාම තරාදිය උස්සගත්ත ගමන් මයි. දැං ඕක බිමින් තියල තව එකක් කොටා දාපියෝ. 

ඔන්න කවිය. මොනවද ඔට්ටු


තරුවක්.....
නූපන් තරුවක්.....
දිලුනා සේ ඈත රෑ නිල් අහස් තලේ

සදවත....
ආදරණිය සදවත...
සිනාසුනා සේ හිස් අහසට

මා...
නූපන් තරුවක් වෙමි...
ආදරණීය සදවතක් වෙමි..

සිත ඇතත්..
සිත නොදුන් දයාබර වූ ඔබට...

තව දෙන්නංකෝ ඉදිරියට. ජය

10 comments:

  1. හුට්ටාරේ ඔයි තියෙන්නේ. සහෝ මට තේරෙන්නේ නැත්තේ ඇයි රෑටත් නිග් අහසම පේන්නේ. ෆකිං පොයම් හොදේ.

    ReplyDelete
    Replies
    1. වැරදනා නිග් නෙමෙයි නිල් අහස

      Delete
    2. ගිලපු කවිය තමා ඔය වමාරල දැම්මේ. නිල් අහස තමයි පුතේ අපට රෑට කළු පාටට පේන්නේ. ඉතිං එහෙම පෙනුනට ඒක නිල් අහසම නේ. කවිය ගැන අදහස කුමක්ද?

      Delete
  2. මොකද මේ දේශකයට කවි සිතක් පහල වෙලා

    ReplyDelete
    Replies
    1. ගැත්තාට කමා කරත්වා. මට මේ හැමදාම රිප්ලයි බටොන් එක වැරදියට පේනවනේ. අප්පා. ඔබතුමාට දාපු එක ආයෙත් දානවා. වැරැද්ද හදාගන්ට එපාය නැතිනං දඩුකදේ එල්ලාවිනේ..
      “එහෙම එව්ව මෙව්ව වෙනවනේ හිට හිට..“

      Delete
  3. එහෙම එව්ව මෙව්ව වෙනවනේ හිට හිට..

    ReplyDelete
  4. හ්ම්ම්..:) සරලයි..ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි. සරල වෙච්චි තරමට වැඩ ලේසියිනේ... මේ දවස් වල දේශකයෝ දේශන පවත්වනව නේද?

      Delete
  5. මෙන්න කවි....ඇත්තටම හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා. සිත්තමීගේ කවි රස වින්දට පස්සේ නේ මටත් එහෙම දෙක තුනක් කොටාදාන්න සිත් උනේ.

      Delete