Monday, October 15, 2012

අපගේ විශ්වාසයන්

ශ්‍රි ලාංකිකයන් වශයෙන් අප සාමුහිකව පිළිගනු ලබන විශ්වාසයන් කොපමණද? එනයින් ලැබෙන උත්ප්‍රෙරකයන් මගින් මිනිසුන් විසින් කාලයක් තිස්සේ ලබාගෙන ඇති ප්‍රගතිය කුමක්ද?

ලාංකිකයන් ඈත අතිතයේ සිටම එක් එක් විශ්වාසයන්, මතවාදයන් මත තමන්ගේ ආත්මය, ජීවිතය ගොඩනගා ගත්තවුන් වෙයි. වරෙක යක්ෂයන් ද වරෙක පරිනාමයට භාජනය වූ මිනිසෙකු ලෙසද කාලානූරූපව සමාජය තුල ඇති කලාවූ ප්‍රභල බලපෑම් හේ‍තුවෙන් මේ වන විටත් සමාජය තුල නෂ්ඨාවශේෂ වී නොහොත් දැනට පවතින විශ්වාසයන්, ඇදහිලි පිළිබදව මධ්‍යස්ථව සිතා බැලුවිට පෙනෙන එකම කරුණ නම් කාලයක් පැවතුනු නිසාම පිළිගත් හෝ කිසිවෙකු විසින් ඉටු කළ නිසා අත්හදා බලන ලද හෝ ජීවත් වන සමාජය තුල වැඩි වශයෙන් ස්ථාපිත වී තිබීම නිසා හෝ ඉ‍ටු කරන කාර්යයක් බවයි.


මෙම අටුවාටීකාව සපයන්නට වන්නේ එම ක්‍රමයද අභිබවා යමින් වි‍දේශිය මිත්‍යාමත අප සමාජය තුල ව්‍යාප්ත වන වේගය පිළිබද සංවේගයක් ඇති වූ නිසාය.

කළකට ඉහතදී මෛත්‍රි බුදුන් ද වැඩ සිටියා මතකද? ඒ වගේම දැන් රාවණාගේ නංගීද පැමිණ සිටි. අලි මදිවාට හරක් කිව්වා සේ මාස්ටර්ගේ පෙන්ෂුයි පිස්සන් රැලක්ද සැම තැනම වසුරු පිඩ හලමින් සිටී. පුරාණ චීන ශාස්ත්‍රයකට නිගාදීම මෙහි අරමුණ නොවුනත් ලංකාව චීනය නොවන බව මේ පණ්ඩිත මාස්ටර්ලා තේරැම් නොගන්නේ තමන්ගේ මඩියේ ප්‍රමාණය නිසාය. ලංකාව පුරා ඉන්න මාස්‍ටර්ගේ අනුගාමිකයන් උදේට ගණදෙවි වන්දනා ස්ත්‍රෝත තමන්ගේ ප්ලේයරයේ හෝ පරිගණකයේ ආධාරයෙන් වාදනය කරනු ලබයි. ඔවුන් කියන්නේ ලෝඩ් ගනේෂ් කියාය. අපට නං නිකංම ගණ දෙවියන්ය. අප ඇදහුයේ බුද්ධියට අධිපති දෙවියෙකු ලෙසය. එහෙත් මෙම චීන ශාස්ත්‍රයේ ගණදෙවියන් වඩිනා තැන කියන්නට මේ කාටවත් නොහැක. පිලීපින ජාතික ගායිකාවක් විසින් ගායනා කරනු ලබන "රතන සූත්‍රය" පට්ට යැයි කියමින් රස විදින්නේද මෙම සහචරයන්ය. ගෙයි සාලේ බඩ මහත රත්තරං පාට ගෑ චීන ගොයියෙක් තබාගෙන, රතුපාටින් සරසා ගෙන, ඒ මදිවාට බිත්ති වල විකාර පින්තූර එල්ලා, ගෙට එළිය එන්ට යැයි කියා පළිගු එල්ලා ගෙන තවත් මදි නං ඇගේ ගෑවුනාම ටිං ටිං ගාන යකඩ පතුරු එල්ලා‍ගෙන සිටින්නේ ‍සෞභාග්‍යය චීනයේ සිට පටවන තෙක් බලා ඉදින්නාක් මෙනි.

දැං මාස්ටර්ගේ මඩිය තරකරන හොදම ක්‍රමය වන්නේ චීන මාලිමාවකින් ගෙදර සියළු දෝෂ කියා දෙන අපූරු ශාස්ත්‍රයයි. එතුමාට ගෙදරක හොදම කාලය කියන්නටත් ඒකෙන් හැකිය. ගෙදර ට සිරිකත වඩින ආකාරයෙන් ගෙම්බන්, කාසි දාපු හට්ටි, වතුර වීදුරු විතරක් නෙමෙයි මිදුලේ සැමදා පල්වෙන වතුර ටැංකි හදන ආකාරයත් ටක්කෙටම ඒකෙන් කියා දිය හැකිය. ඒ විතරක්ද ගෙයක් අවුරුදු 150 ක් විතර කල් පවතින ලෙස තබාගන්නට උපදෙස් දෙන්නට‍ද මේ බලගතු මාලිමාවට හැක. එක ගෙයක් බලන්නට මාස්ටර්ගේ ගෝලයෝ දෙන්නෙක් එයි. ඒකට දහසින් බැදි පියලි දිය යුතුය. 

මිනිසුන් මෝඩයන් කිරීමද පාපයකි. අපි මේක අඩුවට දෙනවා කියා කීමම වෙළදාමකි. රටේ තැනින් තැන දේශන පවත්වා තවත් මඩිය තර කර ගෙන තවත් මෝඩයන්ට අන්දන්නේ අපේම මිනිසුන්ය. 

අප මෙපමණ කලක් අපගේම නක්ෂත්‍රයකට අනුව කටයුතු කළෙමු. මාස්ටර් දැන් ඒක ගිලිමින් සිටී. අප කුමක් කරමුද?


20 comments:

  1. පිටරට විශ්වාස පිටරට සංස්කාතිය අපේ මිනිස්සුන්ට මේව අදහපන් විශ්වාස කරපන් සල්ලි දෝරෙ ගලනවා කිව්වම දෙයියනේ කියල අපේ අයත් දෝත බදල ගන්නව අපෝ අම්ම තාත්තගෙන් ආපු උරුමයන්ද විනාශ කරමින්....

    සිංහල ජාතිය මෝඩ ජාතියක් නෙමෙයි නමුත් ඒක අදට ඔබිනවද කියලනම් දන්නෙ නෑ...

    මෙවැනි වැඩ වලින් තේරෙන්නේ මෝඩයින්ටත් අන්තයි කියලා...

    දෙවියනේ ආගමට ජාතියටවත් ඔබින්නෙ නැති දේවල් කරගහගෙන වන්දනා කරද්දි ඇගේ හිරිගඩු පිපෙනවා....

    බුදුන්ට වඩා ලාෆින් බුද්ධා ලොකු වෙලා...

    හැන්දෑවට මලක් පහනක් පූජ නොකල පල්ලියට නොගිය අපේ අය උදේ පාන්දර ලාෆින් බුද්ධාට හදුන්කූරු පත්තු කරනවා කාසි තියනවා...අපොයි සිංහලයට ගිය කල

    වැදගත් මාතෘකාවක් ඔබ අතින් ලියවුන...

    ReplyDelete
  2. ස්තුතියි. සිත්තමී. මට ඕක ලියන්න උනේ අද මගේ මිත්තරයෙක් එයාගේ ගෙදර බලාගන්න මාස්ටර්ගේ ගෝතයෝ දෙන්නෙක් ගෙන්නගත්ත කිව්වට පස්සේ ඇති වුන ක්ෂනික කෝපයක් නිසා..

    ReplyDelete
  3. හොඳ ලියවිල්ලක් සහෝ..මිනිස්සු හිතන විදිහ තමා ඉතින්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මිනිස්සුන්ගේ මොළ කන ක්‍රමය මේ යක්කු බිස්නස් එකට නියමෙට යොදා ගන්නවා නෙව. ජය

      Delete
  4. මාස්ටර්ව බැලුම්ගලින් පතුරු යැව්වා නේද? ඔය ඔක්කොම කියන ඒවා කරල ජොබක් නොකර ගෙදර නිදාගත්තහම සෞභාගේ සරමට වඩිනවලු.

    ReplyDelete
    Replies
    1. ආ.. ඒක මම ඇහුවේ නෑ. ලින්ක් එකක් තියේනං දෙන්න. නියම කතාව. ඔක්කොම අතට ලැබෙනකං මාස්ටර් කියන කාලය එනකං ජොබකුත් නැතිව නිකං ගෙදරට වෙලා මුලා වෙලා ඉන්න මිත්තරයෙක් මමත් දන්නවා. පොරට ආපු ජොබ් පවා අතඇරියා මොකද ඒවා මාස්ටර් කියල තියෙන එකට ගැලපෙන්නේ නැතැයි කියලා. අදෝමැයි

      Delete
    2. මේක වෙන්නැති බලාපොරොත්තු උනේ..සොරි පරක්කු වුනාට.
      http://www.youtube.com/watch?v=XRDR4KpMBPM

      Delete
    3. ගොඩක් ස්තූතියි. ඇත්තටම ප්‍රමාදයක් නෑ.

      Delete
  5. අහා ඔය තියෙන්නේ නිර්දය ලෙස පහරදීලා. ඒ උනාට‍ ඒවයේ ඇත්තක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නිර්දය ලෙස නෙමෙයි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමක් පමණි.

      Delete
  6. අපට ලෝඩ් ගනේෂ් අමුත්තෙක් වුවත් ,,ගණ දෙවියන් අමුත්තෙක් වූයේ නැත, අපේ වැව් ගම්වල අයියනායක සහ පුල්ලියාරේ නමින් හැදින්වූයේද මේ ගණ දෙවියන්මය. නමුත් අපට දෙවියන් ඇදහීමේ දී පිළිගත් සම්ප්‍රදායක් සහ දෑනුමක් තිබුණි. මුදලට ලබාගන්නා දැනුම වෙනුවට පාරම්පරිකව චින්තනමය උරුමයකින් විශ්වාසයන්ගේ පිහිටන ප්‍රතිපත්තියක් අපට උරුමව තිබුණි.
    ගෙයි කොණ අසු වන්නට ළිදක් නොකැපිය යුතුය,වහලයේ මුදුන් ලීය මෙන්න මේ ආකාරයෙන් තිබිය යුතුය. ගෙදර උළුවස්ස පිහිටවිය යුත්තේ මෙන්න මේ ආකාරයෙනය ආදී වශයෙන් වූ වාස්තු විද්‍යා දැනුමක් අපට උරුම වී තිබුණු අතර ජාතියක් වශයෙන් අප සොයා යායුත්තේ එම විසුණු වී යන සංස්කෘතියයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරි සහෝදරයා. මේක නෙමෙයි අප කළ යුත්තේ. මා ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කළ දේ ඔබ නිසි ලෙස ගලපා කියා තිබෙනවා. තේරුම් ගැනීමම සතුටට කරුණක්. අපට තිබෙන සම්පත් හොදටම ඇති අපේ විශ්වාසයන් තබාගන්න. කොහේද ආතක් නැති දේ එහෙම් පිටිම්ම ගිලදාන එක ලාංකිකයන්ගේ සුප්‍රකට ආසාවක්නොවැ. ස්තුතියි. ආවට

      Delete
  7. මගේ පණ්ඩිත අදහසක්, ඉවසා කියවනු මැන,

    ලංකාවේ අපට බුද්ධාගම ලැබුනේ අවුරුදු 2500 කට පෙරය.

    ඊට පෙර පැවති දේව ඇදහිලි මිත්‍යාදෘශ්ටීන් පිරුනු සංස්කෘතිය අභිභවා යාමට සාපේක්ශව තර්කානු කූල දර්ශනයක් වූ බුදුදහමට නොහැකි විය. සිදු වූයේ රටට ගැලපෙන තත්වයට පත් කර ගැනීමයි.දෙවි වරුන් පන්සලේ කොනෙක තබා ගැනීමට සිදු විය.

    ඉතින් අද පවතින තත්ත්වයට අප අත් දකින සියල්ල පත් වී තිබේ.
    ගණිත මහචාර්‍යවරු පවා මේ තත්වය උපයෝගී කර ගනු ලැබේ.

    බැරිම උනොත් 'ඔහු ' අන්තිමට අනෙත් අයව හිර කරන්නේ මෙහෙමයි.

    තමුසෙ පුනර්භවය පිලිගන්නවද ?

    ඉතින් අපි ඔක්කොටම 'ඔව් ' කියන්න වෙනව,

    එතකොට ඔහු අහනව නාථ දෙවියො නැවත උපදින්න විදියක් නැද්ද?

    බුදු හාමුදුරුවො එහෙම දේශනා කරල නෑනේ

    මොනව ? , කොහෙද තියෙන්න ? මොන පිටුවෙද,?

    මහාචාර්‍යතුමනි මට පිටුව නං මතක නෑ, උන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ නැවත උපදින කෙනා හිටිය කෙනත් නොවෙයි, හිටියා කෙනා නොවන කෙනෙකුත් නොවෙයි කියලනේ.

    තමුසේ නම් බටහිරයෙක්, කුමන්ත්‍රන කාරයෙක්, බුද්ධාගම සිංහල ජාතිය විනාශ අකරන්න ආපු එකෙක්..... අඩෝ ......උඹ දැන ගනින්..

    කොටින්ම කුහක භාවයෙන් එනම් hypocracy සමාජය වසා ගෙන,
    කියන දේ නොවේ කරන්නේ,
    කරන දේ නොවෙයි කියන්නේ,
    මිනිසුන්ගේ විශ්වාසය බිඳිල හැම දේම ගැන,
    පාරම්පරික දැනුමත් එහෙමයි.







    ReplyDelete
    Replies
    1. පැට්රියට් සහෝදරයා, ඔබගේ අදහස ගැන උත්කෘෂ්ටයි. මොකද කියනවනං අපි හිතා ඉන්න අපි කරන දේවල් ඇත්තටම තර්කානුකූලව ගොඩනැගුනු දේවල් නොවේ. නාථ දෙවියෝ ගැන තියෙන අදහස ආසනික් කන්න හිතෙන තරම් හිතන්න ඕන දෙයක්. ඔබ කිව්ව වගේ බුදු දහමත්, අප පිළිගන්නා අනෙකුත් ධර්මතාවයනුත් කාලානූරූපව වෙනසට භාජනය වී මිනිසාගේ හැඩරුවට සිතුම් පැතුම් වලට අනූකූල වෙන ලෙස පරිනාමය වී තිබෙන්නේ. ඔය ධාතු වන්දනාව ගැන මා ලියන වෙලාවේ මේ ගැනත් ‍ටිකක් කිව්වා. මම හිතන්නේ ඔබට මේ පිළිබදව මට වඩා දෙයක් ලියන්න පුළුවන් කියලයි. සර්වකාලීන වූ සත්‍යය කුමක්දැයි අප තවම ‍සොයන බව මතක තබා ගැනීම අවශ්‍යයි කියල හිතෙනවා. ස්තූතියි ඔබගේ ව‍ටිනා අදහසට..

      Delete
  8. අවංකව දේශක තුමා මම ඔබට මේ කියන්නේ මගේම අත්දැකීමක් මීට අවුරුදු 3කට පෙර මම ලංකාවේ ඉන්න කොර මට ජොබක් තිබුනේ නැහැ කැම්පස් එකේ පලවෙනි අවුරුද්ද ගෙදරින් දෙන සල්ලි වලින් තම මැනේජ් කොරන්නේ. ඉතින් අර පර්ස් එකේ දාන්න කියල තියෙන කාසි තියෙන්නේ අන්න අයින් තුනක් මට යාලුවෙක් දුන්නා මේක දාපන් සල්ලි නැති වෙන්නේ නැහැ කියල මම මගේ වියදම් කිරීමේ වෙනසක් කලේ නැහැ හැබැයි තිබුනාටවැඩ වියදම් වැඩි උන සතපහක් පර්ස් එකේ තිබුනේ නැහැ. හිකිස් ඕව ඔක්කොම අන්ද විශ්වාස. පංකාදු වටිනා විචාරයක්

    ReplyDelete
  9. බලන්ටකෝ මහත්තයෝ දැං මේ හාදයෝ පර්ස් එකේ කාසි තියාගන්නවා මදිවට ගෙදර ටෙලිපෝන් එකෙත් ඒක අලවගෙන ඉන්නවා. ඒ මදිවට ගේ වටේම මදුරු වාසස්ථාන වගේ ටැංකි හදනවා. ගේ ඇතුලේ යකඩද මන්ද ගෙම්බෝ පොකිරිස්සන් ඉන්නවා. රහස් ගැටේ කියලා පෝස්ටර් එල්ලං ඉන්නවා. ඉතිං ආයුබෝවණ්ඩ අපිට පුළුවනෑ මුංව මකවල දාල හදන්ට. ඕන්න ටිකක් රිදෙන්නට ගැහුවම ටිකක් හිතනවා. මගේත් මිත්තරයෙක් රු. 150 ක් වියදං කොරලා ඔයිං එකක් මටත් අරන් දුන්ට නොවැ. ඒක ඇහුවම මං ඉතිං කියන්නේ ඔව් ඔව් තාම තියෙනවා කියලා. මක්ක කොරන්ටද ඉතිං. මහත්තයා ආයේ තේ එකක් එහෙම බීල යන්ට ඇවිල්ල යන්ට හොදේ. අපේ බ්ලොගම්මානෙට ඉන්ට ලොක්ක ඉතිං ඔබතුමානේ...

    ReplyDelete
  10. අහා.. නියම පොස්ට් ටිකක් තියනවනේ..ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි. තව ලියන්න ඔබගේ වචන ලොකු ශක්තියක්. ස්තූතියි

      Delete
  11. ඔය කියන්නේ ආසිරි මාස්ටර් ගැනනේ.. ඒකා අපි දන්න කාගේ ඉදලම අන්ඩයා.

    ReplyDelete
  12. ඒකා මාස්ටරයෙක් කියල කියන්නේ පටි ගහලයැ. නක්ෂත්‍ර මාස්සටරෙක් නේ. හි..

    ReplyDelete