Wednesday, October 10, 2012

දේශකයාගේ වෙලාව


කට්ටිය ටිකක් විතර ඇවිල්ල හොයල බලල යනවා. ඒක සතුටක්. ඒත් ම‍ගේ මිතුරෙක් වෙන ගයාන් වීරසිංහ (බ්ලොග නොලීවත්) අහනවා ඇයි මේ දවස් වල පෝස්ට් කටු දා‍න්නේ නැත්තේ කියාල. 

ඒක ඉතිං ඒ තරං දෙයක් නෙමේය කියල මම කිව්වට ඇත්තටම ඒකට වේලාවක් සොයාගන්න ටිකක් අමාරුයි. ඔන්ට බලන්නටකෝ මගේ දිවා පැය 8 ක රාජකාරි කාලය බෙදෙන හැටි. 

ඉතිං ඔය වගේ කාර්යක්ෂමව වැඩ කරන දේශයකයාට ලියන්ට කියන්ට ඉඩහසරක් ලැබෙන්ට‍ තියෙන පරස්තාව සෑහෙන්ට අඩුයි නෙව. ඒ උනාට දවසට පැය 8 යැ තියෙන්නේ නේද? වැඩේ තියෙන්නේ දේශකයාත් අර අධ්‍යාපන ඇමතිගේ ‍2500 න් විතරක් ගිලල ඉන්න හාදයෙක් නිසා, ඔය අනං මනං වැඩ වලට සල්ලි වලට ගන්න, විදුලිය භාවිතා කරන්න ඕනැයි. 

අනික 2500 ප්‍රශ්නේ නිසා රෑට ලයිට් දා‍න්නෙම නෑ. (දේශයකයාගේ ගුබ්බෑයමේ ජාල පහසුකම් නැතෙයි කීවානං ඉවරනේ නේද)

ඔන්න එහෙනං පැය 8 ක කාලය බෙදා කියා ගන්නා හැටි

සාමාන්‍ය රාජකාරි වේලාව උදේ 8.15 සිට හවස 4.15 දක්වා

01
උදේ 7.45
රාජකාරියට පැමිණීම
මොනා උනත් හොද එකා උදේම වැඩට එනවා
02
උදේ 7.45 – 8.30
පරිගණකය දැමීම, මේල් චෙක් කර උත්තර යැවීම, බ්ලෝගර් යෑම, ඉන්පසුව රෝලේ ඇති බ්ලෝග ටික බැලීම, අවශ්‍යනම් කමෙන්ට් කටු දැමීම, අළුතින් කියවීම සදහා බ්ලොග සොයා ගැනීම
ඔය ටික කරන කොට නිකංම බඩගිනි වෙනවා.
03
උදේ 8.30 – 9.15
පාතාරසය ගැනීම සදහා ආපනශාලාවට යෑම
මේ අවස්ථාවේදී පොඩි පොඩි තෙපර බෑම් සදහා සුළු කාලයක් ගතවේ.
04
උදේ 9.15 – 10.00
කාර්යාලයේ කටයුතු කිරීම, ඒ අතරත් බ්ලොග බැලීම, පොඩි පොඩි යූ ටියුබ් කෑලි බැලීම, ඇයි දුරකනත ඇමතුම් ඒවත් නිකං වැල් වගේ ඒවත් තියෙනවා
ඔය ටික ‍කොරන කොට සාපිපාසාව ඇති වෙනවා නොවැ
05
උදේ 10.00 – 10.30
කෙටියෙන් කිව්වොත් ‍තේ බීම සදහා ආපනශාලාවට යෑම
මේ අවස්ථාවේදී ද පොඩි පොඩි තෙපර බෑම් සදහා සුළු කාලයක් ගතවේ.
06
උදේ 10.30 – 11.00
කාර්යාලයේ කටයුතු, දිනපතා පුවත්පත් තොරතුරු දැනගැනීමේ අවස්ථාව
තොරතුරු දැනගැනීම මානව හිමිකමක් නොවැ
07
උදේ 11.00 – 11.30
දේශකයාට අවශ්‍ය පොත් පත් ගෙන ඒම සදහා පුස්තකාලයට යෑම
ඕකට කියන්නේ ප්‍රංශ මාරුව කියලයි. පුස්තකා‍ලයේ පිහියෙන් දේශකයා මාරු වීම
08
උදේ 11.30 පස්වරු 1.30
කෑම (දෙ)පැය
කාර්යාලයෙන් බැහැරට යාම
09
පස්වරු 1.30 – 1.50
සත්‍ය ලෙසම දිවා ආහාර ගැනීම
ඇත්තටම වේලාව මදි හින්දා කෑම කන්නේ නෑ ගිලල දානවා මේ අහිංසකයා
10
පස්වරු 1.50 – 2.00
දුර්ලභව ගන්නා දුම්පතාගේ පානය ගැනීම
ඒකට පොඩි වෙලාවයි නේ යන්ටෙ නේද
11
පස්වරු 2.00 – 3.00
ආයෙත් බ්ලොගර් යෑම, කියන්ට ඕනැනෑනේ අංක 4 පුනරූපනය ය කිරීම
උදේ බලපු ඒවා දවල් වෙනකොට ආයේ අළුත් කරනවා නේ මේ හා‍දයෝ ටික. ඉතිං බලන්ටම එපායැ. මිත්තරයො ‍නේ.
12
පස්වරු 3.00 – 3.30
කෙටියෙන් කිව්වොත් ‍තේ බීම සදහා ආපනශාලාවට යෑම
මේ අවස්ථාවේදී ද පොඩි පොඩි තෙපර බෑම් සදහා සුළු කාලයක් ගතවේ.
13
පස්වරු 3.30 – 4.00
කාර්යාලයේ වැඩ කටයුතු අවසන් කිරීම, ආයෙත් ලැබී ඇති මේල් බලා උත්තර සැපයීම
ඔය මේල් බලනවා කියන්නේ රාජකාරි ඒවා එහෙම නෙමෙයි හොදේ. රාජකාරි කරන්ට පුළුවනෑ මේල් වලින්.
14
පස්වරු 4.00 - 4.15
ගුබ්බෑයමට යන්ට සුජානං වීම
ටිකක් හැඩ වෙලා එළියට යන්ට ඕනනේ
15
පස්වරු 4.16
දේශකයාගේ නැට්ටවත් අල්ලා ගැනීමට නොහැක.

මේ විදියට රාජකාරි අවංකව කොරන දේශකයාට ඉතිං කොහේද පෝස්ට්කටු ලියන්ට තව වෙලාවක්. ගැත්තෝ කමා කරත්වා..

23 comments:

  1. ඇත්ත තත්වය ලිවීම ගැන මෙන්න මගේ ආචාරය...

    ReplyDelete
  2. ඇත්තම තත්වය ඔයිටත් ටිකක් වෙනස් වෙනවා. හැමදේම හෝ නැතුව ලියන්න බෑනේ. කමෙන්කටුවට මාගේ ආචාරය..

    ReplyDelete
  3. ෂහ්. මරුනේ. ආශ්චර්යයකි. මෙතරම් දේශමාමක දේශකයකු වෙන කොහේ සිටිත්ද? ඒ වුනාට බං පට්ට බොරු දෙසන්න එපා. මං දන්නවනේ උෂ ‍කොච්චර කාර්යබහුල පුදගලයෙක්ද කියලා. දිගටම ලියන්න. මමනං දැං ටිකක් ඔව්වා බලනවා අඩුයි.

    ReplyDelete
  4. පේනවනේ මොනතරං කාර්යබහුලද කියලා. ස්තුතියි කොටල බැලුවට

    ReplyDelete
  5. එතකොට උඹ කියන්නේ ලංකාවෙ ඔක්කොම එවු උඹ වගේ ඔහොම අවංකව රාජකාරි කරනවා කියලද //ඉතින් අහන්න ඕනෙයි රටකට යන කල ,,අදෝමැයි...

    ReplyDelete
  6. බලං ගියාම ඒකත් ඇත්ත තමයි. මේ ලංකාවේම ඔය තරං කාර්යක්ෂම වැඩ කරන්නේ මං විතරද කොහෙද බං. අදොමැයි

    ReplyDelete
  7. අන්න මිනිස්සු වටින වටිනව රජයට හරිම වටිනවා...නොලිය ඉන්න එපා දිගටම ලියන්න...අදින් පස්සෙ දේශනාව බලන්න මමත් එනවා දිගටම...

    ජයම වේවා...

    ReplyDelete
  8. ස්තුතියි. ඉක්මනට ඇවිල්ලනේ. අපි ඉන්නකං රජයට කිසි බරක් නැතේ. ලියනවා.. ඒත් ටිකක් හොරයි. පේනවනේ. කාර්යබහුලයි.. ආයෙත් එන්න

    ReplyDelete
  9. ඔච්චර මහන්සි වෙනවනම් ඔබතුමා ගේ පඩිය වෙනුවෙන් ද.දේ.නි. යෙන් 10%වත් වෙන කරන්න ඕන. මොකෝ කියන්නේ පාරට බහිමුද?

    දේශකයා කියන නමත් එක්ක මේ කාල සටහන වැටුනහම මේ දවස්වල කතා වෙන මාතෘකාවක් ගැන සියුම් උපහාසයක් මතු කරනවා කියලත් හිතෙනවා.

    දිගටම ලියමු. බලන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න අහුඋනා. හරිය‍ටම හරි. ‍දේශකයන්ගේ තත්වය තමයි මේ.

      Delete
  10. හප්පට සිරි අදමයි මේ පැත්තට ගොඩවැදුනේ. බලන් ගියාම මේකා වැඩකරන වෙලාව හොයන්න අංජනමක් යවන්න වෙනවා. අනේ වාසනාවන් මෙහෙමත් සේවකයින් සේවා ස්ථානයකට. මම මේ නිකන් අහන්නේ රජයේ රැකියාවක්ද උන්නැහේ කොරන්නේ.

    ReplyDelete
    Replies
    1. 6% ක් ඕනය කියල කෑ ගහන්නේ ඔය වගේ කස්ටිය තමයි ඉතිං. ස්තූතියි ආවාට.

      Delete
    2. ආ.... මේ අපේ මහාමාරියාචාර්යවරුනේ

      Delete
    3. නැතිව නැතිව අපට හැකිය ඔය විකාර කොරන්ට කෝරලේ මහත්තයෝ.. හික් හික්

      Delete
  11. බලාගෙන ගියාම දේශකයාට ත් හැටහුට හමාරක් වැඩ තියනවා නේ. :)

    ReplyDelete
    Replies
    1. මම ඉතිං කවුරු කිව්වත් ඔය කාලසටහන දෙනවා. එතකොට දනී නෙව මට තියෙන රාජකාරි ටික. හැක්...

      Delete
  12. දේශකයෝ කවුරුත් ඔය ජාතියේ තමා බං... මේ කියන මාත්... හි හි...

    ReplyDelete
  13. පෙන්නපු පාර දිගේ ආවෙ . . . බලද්දි අපි හැමෝම එක වගේ නෙව රස්සාව කරන්නෙ. හැබැයි බලද්දි දේශකයා මට වඩා ටිකක් වැඩිපුර වැඩ කරනව. ඔය ශැඩූල් එකේ තැන් කීපයක තියනවනෙ කාර්යාලයේ කටයුතුත් කරනව කියල . . . මම ඒව කරන්නෙ නෑම වගේ

    ReplyDelete
    Replies
    1. තැන්කුයි. මම ඉතිං ඩිංගක් හරි අවංකයි කියල බොට හිතෙන්නේ නැද්ද??

      Delete
    2. හිතෙනව නං තමා . . . ඒත් ඔය කියල තියන හැටියට අපරාදෙ ඒ ටිකත් කරන්නෙ

      Delete
    3. ඒ ටික නොකර හිටියොත් පඩි ලැයිස්තුවට දේශකයා නම එවල නැතෙයි කියාවි..

      Delete
    4. පඩි තකා වැඩ කරන්න එපා ලොක්කා

      Delete