Monday, September 3, 2012

කපිල වස්තු පුර සර්වඥ ධාතුන් වහන්සේ

වසර 30 කට පමණ පසුව ලංකා දේශයට නැවතත් වැඩම වූ කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදාගැනිමට දස දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වූ බැතිමතුන් පාරවල් ගානේ රස්තියාදු වෙමින් පැය 20 , 25 පෝලිම් වල ලගිමින් වැදපුදා ගන්නේ මොකක්ද? අපේ විපක්ෂ නායකතුමා කන්තලේදි කියන්නේ මේ සැරියුත් මුගලන් අගසව් දෙපළගේ ධාතූන් බවයි. එහි සත්‍යතාවයක් ඇත්ද නැතිනම් ඒකත් බ්‍රේස්ලට් කතාව වගේ එකක්ද?

ඇත්තටම බුදු රජානන් වහන්සේ‍ගේ පරිනිර්වානයෙන් පසුව උන්වහන්සේගේ ධාතු කොටස් අටකට බෙදා එක් එක් පාර්ශව වෙත ලබාදුන් අතර එයින් බුදුන් උපන් දේශය වන කිඹුල්වත් නුවර ශාක්‍යයන් වෙත ලබාදුන් මෙම ධාතුන් කපිලවස්තු පුර (බිහාර් ප්‍රාන්තය) ශ්‍රී සර්වඥ ධාතුන් ලෙස හැදින්වේ.

ඉතින් මේ අල්ලපනල්ලේ අපේ මුන්නේෂ්වරන් කාලි කෝවිලේ ප්‍රධාන පූජකයා පවසන්නේ ධාතුන් වහන්සේ ලංකාවෙන් ගෙන ගිය විටක අදාල බිලි පුජාව කොරවන බවයි. 

ඒ මදිවාට ඊයේ මාතර ‍කොටිකාගොඩ පන්සලේ ප්‍රදර්ශනයට තබා ඇති සර්වඥ ධාතුන් වැදපුදාගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් කිලෝමීටර් ගණනක් දිග පෝලිම් වල තෙරපෙමින් සිටි අතර තෙරපීමට ලක්වූ දරුවන් හා පුද්ගලයන් 50 ක පමණ ප්‍රමාණයක් ප්‍රතිකාර සදහා යොමු කර ඇත.

ඇත්ත වශයෙන්ම මේ කුමක්ද? 

බුදුන් ගේ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේ ගේ දේහය පිළිබද අවසන් කටයුතු සංවිධානය කළ ලිච්ඡවි රජදරුවන් ඇතුලු පිරිසගේ හා බුදුන්ගේ අනුගාමිකයන්ගේ මගපෙන්වීම මත මෙලෙස ධාතුන් වන්දනාව සදහා අවශ්‍ය අවකාශ ලබා‍ගෙන ඇත. 

තමන් දේශනා කළ නිසාවත් ධර්මය පිළිනොගැන්නයි දේශනා කල, පුද්ගල වන්දනාව පිලිකෙව් කල උදාර ධර්මයක් ලොවට දායාද කළ බුද්ධ පුත්‍රයකුගේ දේශනාවන් පිළිබද අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම නිසා මෙලෙස සර්වඥ ධාතුන් වන්දනාව සදහා ‍බොදුනුවන් ‍පෙළඹී ඇති වග පෙනෙයි. 

බුදුන් පිරිනිවන් පෑ දින සිට ‍අශෝක අධිරාජයා දක්වා කාලය තුල ධර්ම සංගායනා තුනක් පවත්වා ධර්මයට හානි වන ලෙස හා විකෘති වන ලෙස ඇතුලත් වී ඇති ධර්ම කාරණා ඉවත් කරන ‍ලද්දේ නම් බුද්ධත්වයේ සිට වසර 2600 ක් ගෙවී ඇති විටෙක කොතරම් අධර්ම කරුණු ධර්මයට එකතු වී ඇත්දැයි විචාර බුද්ධියෙන් විමසා බැලීමට කාලයයි මේ.

මේ පිළිබද ‍ගොසිප්9 ලිපිය http://www.gossip9.com/2012/08/blog-post_5525.html



10 comments:

  1. ඔබගේ අදහසට එකග නොවෙමි. එහෙත් ප්‍රකාශන අයිතිය‍ට ගරු කරමි. ධාතුන් වහන්සේ තිබෙන්නේ ‍ගෙෘරව කිරීමට හා වන්දනාමාන කිරීමටයි. මේ ගැන තව ‍සොයාබලා ලියන්නේ නම් අ‍ගේය.

    ReplyDelete
  2. හිතාදර වීරසිංහයෙනි,
    මගේ මහරජ ගැමුණු පෝස්ට් කටුවට දමන ලද කොමෙන්කටුව වෙනුවෙන් ස්තුතියි.

    ඇත්ත. අපි පුරුදු වෙලා ඉන්නේ යථාර්ථය තේරුම් ගැනීමට නොවෙයි. අපි හුගක් වෙලාවට කරන්නේ කවුරු හරි කරන දෙයක් හෝ කවුරුන් හෝ අප මත ‍බ‍ලයෙන් පැටවූ දෙයක් තමයි. සිද්ධාර්ථයක් බුදු බව ලබන්නේ මෙවැනි පසුබිමක් තුල ස්වයං අධ්‍යයනයක් මගින්. ඉතිං එතුමා බුදු වීමෙන් පසුව මුලින්ම කරන්නේ දඹදිව පුරාම ඒ වන විට තිබූ මිසදිටු ඇදහිලි ක්‍රම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ කියන්නේ ගස් ගල් වන්දනාව, හිරු වන්දනාව, පුද්ගල වන්දනාව ආදිය. බුද්ධ දේශනාවේ තියෙනවා නේ පුද්ගලයාට නොව දැහැමි බවට ගරු කල යුතු බව. එහෙම තියෙද්දි මේ ධාතු වන්දනාවන් ඇත්තටම අපි මත බලෙන් පටවා ජීවන් කළ දෙයක්. ශරීරය පවා අනිත්‍ය ගන්න කිසි වටිනාකමක් නැතියි පැවසු උන්වහන්සේගේස ධාතු කොටස් පුහුදුන් මනසින් වන්දනා මාන කිරීම දේශකයා සිතන්නේ බුදු දහම නිවරැදිව අවබෝධ කර නොගැනීම බවයි. එකක් සදහන් කළ යුතුයි. අප ශාස්තෘවරයෙක් ලෙස බුදුන්ගේ භෞතික දේ සදහා කරු කිරීම අවශ්‍යයි. නමුත් එයින් වෙනත් ආත්මාර්ථකාමි ප්‍රතිඵල බල‍ාපොරොත්තු වීම ඇත්තටම විහිලුවක්. ස්තුතියි.

    ReplyDelete
  3. සහතික ඇත්ත. 100%ක්ම එකඟයි. ධාතූන් තියෙන්නෙ වන්දනාමාන කරන්න බව ඇත්ත. ඒත් ධාතුවලට වැන්ද කියල ලැබෙන දෙයක් තියනවද?(මම කියන්නෙ අධ්‍යාත්මිකව). නෑ! අපේ මිනිස්සු කැමතියි කෙටි ක්‍රම වලින් ගොඩ යන්න. ඒකනෙ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලනියේ කියල කියමනකුත් තියෙන්නෙ. ශ්‍රද්ධාව ඇතිකරගත්තට කමක් නෑ. හැබැයි පවු සමා කරගන්න අදහසින් ධාතු වැන්දට වැඩක් නෑ. බුදු හාමුදුරුවො ආමිෂ පූජා වලට බොහොම අඩු වටිනාකමක් දීල තියෙන්නෙ. කිලෝමීටර ගනනක් පෝලිම්වල ඉඳල ධාතු වැන්දට වැඩක් නෑ. අනෙක මේ නිසා සිදුවන අකුසල කර්ම ගැන පොඩ්ඩක් හිතන්න මෙන්න මේ ලිපියත් බලන්න.

    ReplyDelete
  4. රාජ්,
    ලින්ක් කටුවට ස්තුතියි. ඔබගේ අදහස් නිවරැදියි. කුසල කටයුත්ත අකුසල පුරවාගන්නට තෝතැන්කක් වන්නේ මෙවැනි හේතු නිසයි. දේශකයා‍ දේශපාලනිකව හිත්න්නේ අප මහරජුලේ මල් නාකුමරු හට ඉදිරියේදී රාජ්‍ය බලය ලබාගැනීම සදහා කරණු ලබන ආශිර්වාද පුජාවක් බවයි. (නැතිනං කඩු හොයන්නේ මොකටද නේද?)

    ප.ලි. - ඔබගේ ලිපි වල මනරම් බව මා මේ දින වල විදිමින් සිටිමි.

    ReplyDelete
  5. ඔබ අනං මනං නෑ
    හාවාටම විදලා දානවා නේද?

    ReplyDelete
  6. නැතිව. නැතිව. මේ වගේ දේවල් දැක්කම හාවාටම විදින්න වෙනවා නේ කවිදුනි.. ස්තුතියි. කොමෙනකටුවට

    ReplyDelete
  7. මාත් ගියේ නැහැ බලන්න නම් .මොකද ඔහොම තෙරපිලා දහ දුක්
    විඳලා යන්න තරම් බැහැ , ඒ කාලෙන් thripitakaya.com කියවන
    එක වටිනවා..

    අනිත් දේ දේශක මුලින්ම ඔහොම දෙයක් දැකල හිත පිරිසුදු වීමයි
    වටින්නේ.නමුත් බහුතරය කරන්නේ අනික් එකාව පෙරළන් දාතු
    බලන එක..

    ඔතොකොට කෝ ධර්මය , පිරිසුදු හිත ?

    අපි තාම ඉන්නේ බහුතරය ගල් යුගේ.
    එහෙම අය ඉන්නකම් මේ වගේ පෝස්ට් එකක් වත්
    තේරුම් ගන්න මිනිහෙක් නැති එක ගැන පුදුම වෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. අනිවා හිත පහදගන්න ඕන දේට පෙරලි පෙරලි වදින්නේ මක්කටෙයි බං..

      Delete
  8. මේ සිද්ධ වෙන මළ විකාර දකිනකොට අපේ මිනිස්සු කොයිතරම් අන්ධයිද කියල හිතෙනව :)

    ReplyDelete
    Replies
    1. දැං බලහංකෝ. අර සිරිපාදේ ගලේ අඩි දෙකක් මතු උනය කියල කරන විකාරේ.. ස්තුතියි කණ්ඩා

      Delete