Monday, October 1, 2012

6%

මේ දවස් වල ‍හැමෝම 6% ක එල්ලිල ඉන්නවා. නමුත් මේ 6% කියන කාරණය දැනට මාස තුනකට පමණ පෙර සිටම පවතින දෙයක්. සමහර අයට කියන්න පුළුවන් 6% නෙමෙයි 10% ත් දැනට අවුරුදු ගාණක ඉදල තියෙන දෙයක් කියල. ඕක පාර්ලිමේන්තුවෙත් අර විපක්ෂ බබුංල ටිකත් පෝස්ටර් වල ගහල උත්සං හිටියේ. ඒ උනාට මේ 6% කියන්නේ ඒ 10% නෙමෙයි. හැමදේම සිදුවන්නේ කාලය‍ටද? නැත. දැං බලන්න ෆුටා එක (මාරයාගේ හුටා එක නෙමෙයි) තමන්ගේ ඉල්ලීම් කොල වලට පුරවලා ඒ ගැන සාකච්ඡා කලේ ඔය ඉස්ට්‍රැයික් පටන් ගන්නත් කලිං. ඒ කියන්නේ එතකොටත් ඔය 6% තිබුන කියන එකනේ. පස්සේ ඉස්ට්‍රැයික් පටන් අරගෙනත් මාසයක් විතර යන කං 6% එළියට ආවේ නෑ. ඇයි ඒ.. ඔවුන් ඒ පිළිබද සාකච්ඡා පැවත්වුවත් විරෝධතා තිබ්බත් දඹර අමිල හාමුදුරුවෝ මිසයිල ගහන්න කතා කර කර දේශන පැවැත්වුවත් ඕ ක වැඩිය එළියට‍ පහළියට බැස්ස දෙයක් නෙමෙයි. ඒ උනාට ගිය සතියේ ඉදල 6% නැගල යනවා. හැමෝම දන්න දන්න විදියට 6% පාට කරනවා. මං පහුගිය සතියේ බලපු බ්ලොග් ගණනාවකම 6% මාතෘකාව කරගත් පෝස්ට් කටු කිහිපයක්ම තිබුනා. නමුත් හැම දේකටම මූලික අරමුණ ඇති උනේ මෙම සතිය තුලයි. 

මේකට එකම හේතුව 6% දෘෂ්‍ය මාධ්‍යයට විවෘත වීමයි. ආචාර්යවරුන් විසින් ගාල්ල‍ නගරයේ සිට ආරම්භ කළ විරෝධතා පා ගමන කොළඹට ලගා වෙන කොට 6% ට ලැබෙන්න ඕන උපරිම ප්‍රසිද්ධිය ලැබෙන්න අරගෙන ඉවරයි. දෘෂ්‍ය මාධ්‍යයට විවෘත වීම කියන්නේ සියළු ආචාර්යවරුන් කළු පාට ටීෂර්ට් එකක පිටිපස්සෙන් පොල් ගෙඩි අකුරින් 6% ගහගෙන පාරදිගේ කෑ ගහ ගහ බෝඩ් අල්ලං යද්දි මෙම අමුතු ආකාරයේ ටීෂර්ට් එකට කැමරාව වැඩි පුර යොමු වීමයි. ඒකෙදි 6% කියන කාරණාව හරියට එම්බෝස් සීල් එකක් වගේ ඊට අනන්‍ය වූ ප්‍රසිද්ධියක් ලබාගත්තා. ඔය කොච්චර 6% පස්සේ ගහං හිටියත් දේශකයාගේ ඇස්වල පෙනීම අඩු නිසා ‍ඒක පේන්නේම වැඩි පඩි දියව් කියල ලියල තියෙනවා වගේ.

පහුගිය දවසක දේශකයත් වායුසමන යන්තරේ වැඩ කරන බස් එකකට ‍ගොඩ වෙලා ගමනක් ගියා නො‍වැ. ඉතිං එහෙම වාඩිවෙලා ඉදිද්දී මගින් නැග්ගා මහ කළු කුඩ රාජ‍යෙක් අතට ගත්ත මාස තුනක් පඩි නැතිව බඩ පිට පොත්තටම ඇලිච්ට ඇදල ඉන්න ටී ෂර්ට් එකේ පිටිපස්සෙන් 6% ගහපු පොරක්. මිනිහා දොරෙන් නැ‍ගල කුඩේ කරකව කව බලනවා (අතේ තියෙන කුඩේ) ආසනයක් ගන්න. කරුමේ කියන්නේ එතකොට ඉතුරු වෙලා තිබ්බ එකම ආසනේ තිබුනේ දේශකයා ගාව. ඉතිං මේකා ඇවිල්ල පානීය හිනාවක් දාලා (පානීය හිනාව = ගිලින්න ආස හිතෙන හිනාව) එකතැං උනානේ. මම වගේම බස් එකේ හැමෝම දැක්කා මේකගේ 6%. ඉතිං දේශකයා ටික දුරක් ගිහිල්ල ඇහුව 

"ඔබතුමා ආචාර්යවරයෙක්ද" කියාල.

"ඔව් ඔව්. ඔයා කොහොමද දන්නේ"

"නෑ මට හිතුනා කුඩෙත් අරන් 6% පිටිපස්සෙත් ගහල තියෙන කොට"

හික් හික්. මට‍ මේකගේ උත්තරේට මං වාඩිවෙල හිටපු සීට් යටින් හිනාවෙන සද්දෙකුත් ඇහුනා. බලමුකෝ ඉතිං ‍මිනිහා හොදටම දන්නවා මිනිහගේ 6% හැමෝම දැක්ක කියලා. ඒත් මිනිහා තාම බබා හුකුං වෙනවා.

ඔය කතන්දරේ මං කිව්ව කාරණයටත් ටිකක් අදාළ නිසයි කිව්වේ. මොකද සමහර විට ආචාර්යවරුන් පවා හිතන්නේ නැතිව ඇති මේ 6% කියන කාරණාව මාධ්‍ය විසින් මෙතරම් දුරකට ඇදගෙන යාවි කියල. මොන දේ වුනත් ඕනම දෙයක් සමාජය තුල ස්ථාපිත කිරීමේ හෝ නොකිරිමේ හැකියාව මාධ්‍යයට ඇති බව තේරුම් යන තවත් එක් උදාහරණයක් තමයි මේ.




8 comments:

  1. උඹ හරි මේක නියම මාකටින් පාර. ඔය කොච්චර වැල් බයිලා ගැහුවත් ප්‍රධාන ඉල්ලීම මූලික වැටුප වැඩිකිරීම (බේසික් සැලරී),
    " 6% ", අසාර්ථක අවසානයක් කරා යන සාර්ථක නිර්මාණයක්

    ReplyDelete
  2. ස්තුතියි ඔබගේ නිවරැදි අදහසට. කොතරම් මුසා කීවද යන්නේ කොතැනටද එන්නේ මොකාටද කියලා දන්නෝ දැනගෙන ඉන්න නිසයි මෙම ප්‍රශ්නය මෙතරම් දුර යන්නේ. ආරම්භයේ සිටම 6% කියන්නේ මාර්කටින් පාරක් විතරයි. ජයවේවා!

    ReplyDelete
  3. දේශක අයියේ ඔය ටී ෂර්ට් එක කඩේ ගන්න තියෙනවද? ඒක නිකං කික් එකක් තියෙන එකක් වගේ.

    ReplyDelete
  4. මල්ලී කික් එකක් තියෙනවනං ඔන්න ඒකට බඩු හම්බවෙන්න යන්නේ. ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ ආචාර්යවරුන්ට එරෙහිව නඉුවක් දාලා තියෙනවා. එතකොට‍ ආචාර්යවරයෙක්ගෙන් එකක් ඉල්ලගන්ට පුළුවන්. මොකද කාලෙකින් දැක්කේ නැත්තේ

    ReplyDelete
  5. බ්ලොග ෆලෝ කරන්නේ කෝමද?? ඒ ගැජට් එක නෑනේ.. :(

    // ඕනම දෙයක් සමාජය තුල ස්ථාපිත කිරීමේ හෝ නොකිරිමේ හැකියාව මාධ්‍යයට ඇති බව//

    නයි ටී ඇන් බැලුවනම් තේරෙයි මාධ්‍යයට කරන්න පුලුවං හරිය :)

    ReplyDelete
  6. සාදරයෙන් පිළිගනිමි. ෆ‍ලෝවර් දාන එකේ වැදගත් කම මම ඊයේ හිරුහිමාවිගේ පෝස්ට්කටුවකත් දැක්කා. ඔබ කිව් නිසා මම ඒක දාන්නම්. ස්තුතියි. නයි ටී එන් කතාව නං හරියටම හරි. මේ ලෝකේ සිද්ධ නොවෙන පට්ට බොරු කතා අතේ රෝල් කරල සහතික ඇත්ත වගේ දීල ඒ මදිවට ඒක මිනිස්සුන්ට වමාරන්ට බැරිවෙන්වම ගිල්ලවන්න ඒ හාදයොන්ට පුදුම හැකියාවක් තියෙන්නේ. වෙලාවකට විශ්මයක් ඇති වෙනවා නයි ටී එන් කාරයන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන විදියට. ස්තුතියි කමෙන්කටුවට. ජය

    ReplyDelete
  7. ඔබ හරි.දකින ෙද් වැරදි ෙවන්න පුළුවන්.අැතුලාන්තය ෙවන ෙද්යකි.

    ReplyDelete
  8. ස්තුතියි. මිනිස්සු ඇත්තටම තමන්ට ඕන දේ ගන්නේ අමුතු විදියටයි. බලන්න හාමුදුරුවන්ට දානේ බෙදද්දි අර නමට මාළු බෙදන්න කියන්නේ ඒතුමටත් ඕන උනාම කියල අපි දන්නවනේ. අද තමයි ඔබ මෙහෙට ආවේ. නැවතත් ස්තුතියි. ජය

    ReplyDelete