Monday, August 20, 2012

How to get more hits on your blog?

How to get more hits on your blog?

ඔබගේ බ්ලොග් එකට වැඩි පුර අනින අය ගන්නේ කොහොමද?

මේ පිළිබදව බොහෝ දෙනෙකුට (මටත්) පැහැදිලි දැක්මක් නොමැති බව ‍ලංකාවේ ජනප්‍රිය වී ඇති බ්ලොග් ප්‍රමාණයෙන්ම තේරුම් ගත හැකියි. මටත් අවශ්‍ය උනා මේ ගැන විස්තර හොයාගන්න. ජාලය සැරිසරා සොයාගත් විස්තර වලින් වැදගත්ම තොරතුරු ඉදිරිපත් වූ ලින්කයක් සොයා ගැනීමට හැකි වූ අතර එහි සාමාන්‍ය සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරමි.

මුලාශුය - http://www.dr-sandy.net/2008/02/how-to-get-more-hits-on-your-blog.html

බ්ලොගයක් බලන හා පැමිණෙන පුමාණය (Web Traffic) මත එම බ්ලොගයේ සාර්ථකත්වය පිළිබිඹු වෙයි. එය බ්ලොගයේ ක්‍රියාකාරිත්වයේ මිනුම් දණ්ඩක් ලෙස භාවිතා වේ.

ඔබගේ බ්ලොගයට පැමිණෙන අමුත්තන් වර්ග දෙකකි.
  • පළමු අවස්ථවේ පැමිණෙන්නන් (New Visitors)
  • නැවන නැවන පැමිණෙන්නන් (Revisitors)

එකම ස්ථානයකට පැමිණියද මෙම ආකාර දෙක වෙනස් ප්‍රභේදයන් වන අතර එක් එක් ප්‍රභේදය ආකර්ෂණය කිරීම සදහා ගත යුතු පියවර වෙනස් වේ.

පළමු අවස්ථවේ පැමිණෙන්නන් (New Visitors)
ඔබගේ බ්ලොගය සදහා අලුතින් සාමාජිකයන් එවනු ලබන මුලාශ්‍ර හදුනාගැනීම මෙම කාර්යය සාර්ථක කර ගැනීමට පිටුවහලක් වේ. හදුනාගත් එවැනි මුලාශ්‍ර 4 ක් පවතී.

  1. සෙවුම් පිටු (Search Engines such as Google, Yahoo, Babylon)
  2. වෙනත් බ්ලොග් සටහන් හා පෝරම (Other Blogs and Forums)
  3. සමාජ ජාල වෙබ් අඩවි (Social Media sites such as Facebook)
  4. ක‍‍ටින් කට පැතිරවීම (Word of Mouth)

මෙම ආකාර සතර නිසි පරිදි අධ්‍යයනය කිරීමෙන් ඔබගේ බ්ලොගය සදහා විශාල පිරිසක් ගෙන්වාගැනීමට හැකි වනු ඇත.

සෙවුම් පිටු වල මුල් තැනට පැමිණීම සදහා අවශ්‍ය වනුයේ ඔබ විසින් ඉදිරිපත් කරන කරුණු නිසි පරිදි ගොනු කර තිබීම, වචනගත සෙවීම් සදහා ප්‍රතිචාර දැක්විය හැකි ප්‍රභල වචන එකතු කිරීම, බ්ලොග් පෝස්ට් වල ලින්කනයක් ඉදිරිපත් කිරීම, HTML Tags භාවිතා කිරීම ආදියෙහි කෙල පැමිණිමයි.

ජනප්‍රිය බ්ලොගයන් තුල ප්‍රභල, දැඩි ආකර්ෂණයකින් යුත් කොමන්ටයන් දැමීම ඉතා විශාල අමුත්තන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ඉවහල් වේ.

වෙනත් බ්ලොගයක් සදහා ආරාධිත පෝස්ටයන් දැමීමෙන්ද ඔබේ බ්ලොගය සදහා වඩා විශාල අමුත්තන් ප්‍රමාණයක් ගෙන්වා ගත හැකිය.
පෝරම (Forum) සදහා ලිපි සැපයීම, ප්‍රශ්න සදහා ඉතා වටිනා පිළිතුරු ලබාදීම ආදිය හේතුවෙන්ද ඔබ‍ට ආකාර්ෂණයක් ලබාගත හැකිය. නමුත් මෙය වෙළද උපායක් ලෙස නොව සැබෑ ලෙසම උදවු කිරීමක් ලෙස පෙනෙන පරිදි කටයුතු කිරීමට වග බලා ගත යුතුය.

ඉතා විශාල කරුණු කාරණා තිබුනද, මෙම ලිපිය නීරස ‍වන හෙයින් තවදුරටත් කරැණු ඉදිරිපත් නොකරමි.

ඔබට‍ අවශ්‍ය නම් ඉහත ලින්කනයෙන් මූලාශ්‍රය පරිශීලනය කල හැක.





4 comments:

  1. මේ කතාව ඇත්ත දේශක .මේක මටත් උන තැන්
    තියෙනවා.මගේ ඔය බ්ලොග් එකේ විසිට් ගානට වඩා
    මගේ ප්‍රොෆයිල් වීව්ස් තියෙනවා..එළකිරි එකේ මගේ
    ප්‍රොෆයිල් වීව්ස් 9000 තියෙනවා ( මන් අවුරුදු 1.8 වගේ
    නොගොහින් හිටියත් )

    අනිත් දේ උබම දකින්නැති සිංහල බ්ලොග් අවකාශේ ඉන්නේ
    සෝඩා බෝතල් සංකල්පේ විතරක් ෆලෝ කරන අය.

    දැන් උඩින්ම තියෙන්නේ ( by date ) මොකක්ද ඒකට කමෙන්ට්
    කිරීම .ඒත් වෙන්න ඕනේ අවශ්‍ය පෝස්ට් එක බැලීම ( කමෙන්ට් නැතත් )

    හොදම දේ තමන් බලා සතුටු වීමට ලිපි එකතුවක් කිරීම කියන
    දේ හිතේ තියන් බ්ලොග් එකක් කිරීම.
    ඒ ඇර වැදගත් දේ සොයා ඒම වෙන්නේ නැහැ.කමක් නැහැ .
    මේ දේවල් අපේ දරුවෝ ප්‍රයෝජනයට ගනී දේශක..
    ඒ ඇති ...

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි සෑහෙන්න ලියලා.. තැන්කුයි සහන්

      Delete
  2. ++++++++++++++++++++++

    ඕං ගැහුව මාත් වැටක් !

    ReplyDelete