Wednesday, January 10, 2018

I, Daniel Blake


බඩගින්න කොච්චර දැනෙනවද? අතේ සල්ලි නැති එක කොයි තරං දැනෙනවද? ඔව් අපි වගේ මාසේ යන්නං ගොඩදාගන්න අයටත් යන්තමට හරි මේ ප්‍රශ්නය තියෙනවා. මම මාසෙට දවස් කීයක් අතේ එක රුපියල් සීයක් නැතිව ඉදල තියෙනවද? ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. ඔන්න අද උදේ නැගිට්ට වෙලාවේ ඉදල අතේ කීයක් වත් නෑ. (අපේ අතේ නෑ කියන්නේ බැංකුවෙත් නෑ කියන එක තමා) සමාර වෙලාවට එදාට ප්ලේන්ටියක් බොන්නවත් සල්ලි නැති වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට මේ ජීවිතේ මොකක්ද මේ විදින දුක මොකක්ද කියල පපුව හිර වෙලා ඇස් රත් වෙන හැගීම කී දෙනෙක්ට නං දැනිල ඇත්ද? මිනිස්සු නං කියාවි තොපි ඉතුරු කරන්න දන්නේ නැති එකට, ජීවත් වෙන්න නොදන්න එකට, සැලැස්මකට අනුව ජීවිතේ ගොඩනගාගන්න බැරි එකට අපි පලිද කියලා. ඒත් දුප්පත්කම, බඩගින්න කියන්නේ වචන වල හිර උන ජීවිත අවදානමක්. ඒක මිහිපිට විඳවීමක්. මම නං ඒ වගේ විදවල තියෙනවා හදවත ඉරිලා ඇතුලෙන් ලේ ගලනවා කියල හිතෙන ගානටම.

ලංකාවේ මිනිස්සු නං ඒ අතිං වාසනාවන්තයි. පුහ්.  කන්න බොන්න නැති දුප්පත් මිනිස්සුන්ට ආණ්ඩුව සුභසාධන කටයුත්තක් විදියට මාසෙකට ලොකූ සල්ලි මල්ලක් හරි බඩු මල්ලක් හරි දෙනවා. මොන බොරුද කියල අහවි. නෑ ඇත්තටම රුපියල් දෙදාහක් උනත් හාල් දහයක මල්ලක් උනත් මොනවත්ම නැති කෙනෙකුට මහ මෙරක් වගේ බර උදව්වක්. කව්ද ඇත්තටම හොයල බලන්නේ ඒ වගේ මිනිස්සු සමෘදියෙන් දෙන සොච්චමෙන් ජීවත් වෙන විදිය. ඒ මිනිස්සුන්ට තව උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ආණ්ඩු මොනාද කරන්නේ. උන්ට ඕන නැති එකාගෙන්ම බදු ටික අයකරගෙන නැති එකාම කම්බස් කරල දාන්න තමා. ලොකු එකා බදු වංචා කරගෙන බෝම ලස්සනට ජීවත් වෙනවා. කව්ද මේවට නැගී හිටින්නේ?

අපි හිතනවා මේ තත්වය දියුණු රටවල් වල සෑහෙන්න අඩුය කියලා. ඇත්තටම එහෙම නෑ. ලෝකේ හැම තැනම එකම අපායක්. එංගලන්තේ විරැකියා ප්‍රතිශතය 1975 ට පස්සේ අඩුම ප්‍රතිශතයට ඇවිල්ලය කියල ඒ ආණ්ඩු පාරම් බානවා. ඒ රටේ ආණ්ඩු උනත් මින්ස්සුන්ගේ සුභසාධනයට, කන්න අදින්න, ඉන්න තැනක් නැති අයට සහන සපයන්න අතේ ඇට කඩ කඩ අමාරුවෙන් කටයුතු කරනවා.

ගිය අවුරුද්දේ ඇවිත් තිබුනා එංගලන්තේ සුභසාධනය මොන වගේ තැනක හිරවෙච්චි අධිරාජ්‍යවාදී, අමානුෂික එකක්ද කියල ලෝකෙටම පෙන්නන චිත්‍රපටියක්. ඒකේ නම I, Daniel Blake. චිත්‍රපටයේ කතාව මේ වගෙයි.

අවුරුදු පනස් නමයක් වෙච්චි ඩැනියෙල් බ්ලේක් කියන වැන්දඹු මනුස්සයා වඩු කාර්මිකයෙක්. ඒත් හදිසියේ ඇති වෙච්චි හෘද රෝගි තත්වයක් හේතුවෙන් වැඩ පල වලින් ඉවත් වෙලා විවේක ගන්න සිදු වෙනවා. නමුත් වෙනත් ආදායම් මාර්ග නැති ඩැනියෙල්ට සිද්ධ වෙන්නේ රජයෙන් දෙන සුභසාධන මුදලින් යැපෙන්නයි. නමුත් රජයෙන් ඔහුට කියනවා රැකියාවට යන්න කියලා. නමුත් ඩැනියෙල්ගේ වෛද්‍යවරු ඔහු රැකියාවට යාම අනුමත කරන්නේ නැහැ. මෙන්න මේ තත්වය ඒ කියන්නේ රජය ඩැනියෙල්ගේ සුභසාධන මුදල කපා හරින්න සෑහෙන්න ඕන කමින් කටයුතු කරද්දී අතිශය දරුණ විදියට රජයේ සේවයේ ගොදුරක් බවට පත් වෙන්නටත් ඊට අනුකූලව ඔවුන් කියන දේවල් කරමින් තමන්ට ලැබෙන ඩෝලය ආරක්ෂා කර ගැනීමටත් ඩැනියෙල් දරන වෙහෙස මේ චිත්‍රපටයේ ඉතා වේදනාකාරි ලෙස ඉදිරිපත් කරල තියෙනවා. මේ චිත්‍රපටයේ තවත් චරිතයක් කේටි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් නමුත් රැකියාවක් ඉන්නට හිටින්නට තැනක් නැතිව ජීවත් වෙන කෙනෙක්. මේ චිත්‍රපටය පුරාම දරිද්‍රතාවය මොකක්ද කොච්චර දැනෙනවද කියන එක පෙන්වන්නෙ කේට්ගේ චරිතය හරහා. අවසානයේදී තමන්ගේ අභියාචනය විභාග කරන අවස්ථාවේදී ඩැනියෙල් හාට් එකකින් මැරෙනවා.

මේ චිත්‍රපටයෙදි එංගලන්තේ සුභසාධන වැඩපිළිවෙලත් එහි තිබෙන යල් පැන ගිය දෘඩ, අමානුෂික ක්‍රමයත් පැහැදිලිවම සාකච්ඡාවට බදුන් කෙරෙනවා. චිත්‍රපටයේ කියන තරම් යකා කලු නැතත්, දහස් ගණනක් මිනිසුන් මේකෙන් පීඩාවට පත් වෙලා පාරට වැටිල එහෙම නැත්නං සේරම හරියද්දි ඒ මනුස්සයා මැරිල හරි තියෙනවා.

දුප්පත්කම ඩැනියෙල් බ්ලේක්ට වත්, කේටි ටවත් මටවත් විතරක් නෙමෙයි තවත් මිලියන ගානක මිනිස්සුන්ට අයිති දෙයක් කියල මේ චිත්‍රපටය බැලුවම තේරෙවි. මට නං මේක Heart touching movie එකක්. 

ඩවුන්ලෝඩ් කරගන්නවනං මෙන්න ලින්ක් එක.


Trailer


26 comments:

  1. Replies
    1. අරික්කාල් නැත්ද?

      Delete
    2. I, Champika Prasanna කියල එකක් නැද්ද?

      Delete
    3. I, Latapata කියල එකක්නං තිබුණ. මම හිතන්නෙ ඒක හෝල් වලින් ගලෝල සෑහෙන කල්.

      Delete
    4. කාලක් ගහන්නවත් කතා කරා නං? සික් ඉතරක්

      Delete
  2. මම ඒත් මේ තවම කම්පනා කොරන්නෙ අර උඩ ටික කියල තියෙන්නෙ උඹ ගැනද වෙන කවුරු හරි ගැනද කියල. චෑඃ මගේ අර ඉමේජ් එකට සෑහෙන්න ඩැමේජ් උනා කොළුවො.

    එකාතකට ඉතිං ඒ වගේ කාරණා ගැන නම් එහෙයි මෙහෙයි කියල ඒ හැටි වෙනසකුත් නෑ තමා, (මම කියන්නෙ ආකල්පමය වශයෙනුත්) මේ ළඟකදි නිව්ස් එකක් දැක්ක අර රජ ගෙදර වෙඩිමට නගරයක්ම ශුද්ධ කරන කතන්දර සීන් එකක් ගැන. මෙහෙත් ඔය ලොකු ලොකු සමුළු වගේ එව්ව එහෙම තියෙද්දි පාරෙ ඉන්න බල්ලො බළල්ලුන්ගෙ ඉඳල කුදලගෙන යනව නේද?

    ReplyDelete
    Replies
    1. ලෝකේ කොහේවත් මේ ඇති නැති පරතරය නැති කරන්න බෑ බං. හරියට රසදිය වගේ. කොච්චර කෑලි වලට කඩල දුන්නත් ආයි එකතු වෙනවා..

      Delete
  3. තොපි ඉතුරු කරන්න දන්නේ නැති එකට, ජීවත් වෙන්න නොදන්න එකට, සැලැස්මකට අනුව ජීවිතේ ගොඩනගාගන්න බැරි එකට අපි පලිද?

    මචං හෙට දෙනකං පුලුවන්නං රුපියල් සීයක් ඊසි කෑෂ් කරපං පෝන් එකට.. පනහේ රි ලෝඩ් එකක් දාගෙන I, Daniel Blake ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕනි.. අපිනං එහෙමයි.. කාල බිලා ෆුල් ෂපාන් එකේ ඉන්න කොල්ලෝ.. :)

    ReplyDelete
    Replies
    1. උඹට පුලුවන් නං පිලුම බලහං. ඒක හරිම සංවේදි එකක්..

      Delete
  4. උඹ ඔය මුල කියල තියනවා වගේ පුක කහ ගන්න රුපියලක් නැතිව හිනා වෙලා හිටපු කාලයක් මටත් තිබුණ. එහෙම ඉඳල ගොඩ ආපුවම තමයි තේරෙන්නේ ඕනම දෙයක අගය :)

    එංගලන්තෙ විතරක් නෙමෙයි බන් ඔය කොයි දියුණුයි කියන රටේ ගියත් දුප්පත් මිනිස්සු වගේම මොකුත් කර ගන්න බැරිකමට පබ් ළඟ, ස්ටේෂන් කිට්ටුව හිඟාකන, සුලු හොරමැරකම්වල යෙදෙන උන් ඉන්නව. එනිසා දුප්පත්කම කියන්නෙ කොහෙත්ම තුන්වෙනි ලෝකයට විතරක් කොටු වෙච්චි දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කණ්ඩා. මට නං ඔය සල්ලි වල වටිනාකම කවදාවත් තේරෙන එකක් නෑ. හැක්.

      ඇත්ත. කොයි රටෙත් මේ තත්වයේ වෙනසක් නෑ. හැබැයි දුප්පත් කමත් සාපේක්ෂයි..

      Delete
  5. අපි නම් පොෂ් කොල්ලෝ... හෙහ් හෙහ්.. රුපියල් 100ක් නැති දවස් හැමෝටම තියෙනවා බං... ෆිල්ම් එක බලන්න ඕනේ.. මට ෆිල්ම් බලන්න වෙලාවක් නැතිකම තමා මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ.. ප්‍රශ්න මාරු වෙනවා. ඉවසගෙන අල්ලගෙන ඉන්න ඕනේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. උඹ නං කවදාවත් ෆිල්ම් එක බලන එකක් නෑ. කම්මැලියා. හැක්.

      Delete
  6. සංවේදී සටහනක් තුළින් නිර්මාණයකට පාර පෙන්වීම පිලිබඳ ස්තූතියි . ඇඩ්වටයිසින් කියන්නේ මේක තමා එකට තිනද ඕන හොඳ බුද්යධික් සහ සංවේදී මනසක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචා ඩෝටර්. ෆිල්ම් වලට එච්චර මනාපයක් නැද්ද?

      Delete
    2. අපෝ හොඳටම මනාපයි . වැඩියෙන් මනාප හැබැයි හින්දි ෆිල්ම්වලට ඊළඟට සිංහල ඉංග්‍රීසි ෆිල්ම් තමා අන්තිම කැමැත්ත. හැබැයි ටිකක් ප්‍රශස්ත මට්ටමේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් අවම ඉස්සර මගේ පියා ඒක ඩවුන්ලොර්ඩ් කරලා පවුලේ ෆිල්ම් හෝල් එකේ පෙන්වනවා
      විචාරක දියණිය

      Delete
    3. මාත් හින්දි ඒවා ඉස්සර පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බැලුවා. තවමත් අමීර් කාන්ගේ පිලුම් එකක් ආවොත් නං අනිවා බලනවා. අනිත්වා ගැන දන්නෙත් නෑ දැං ඉන්න නලු නිලියෝ ගැන දන්නෙත් නෑ. හැක්

      Delete
  7. බලන්න ඕනේ ඒ ෆිල්ම් එක. වටිනවා. එංගලන්තේ ගැන නම් ඉතිං කුමන කතාද..

    ReplyDelete
    Replies
    1. බලන්න පුලුවන් නං හොදයි බං. මෙව්වා ලිමිටඩ් එඩිෂන් ෆිලුම්. ස්තුතියි.

      Delete
  8. මේක බලලා නැත. එතකොට එහෙත් එහෙමයි නේද?
    John Q කියන්නෙත් මේ වගේ ෆිල්ම් එකක්. අමෙරිකාවේ ඉන්ෂුවරන්ස් නැති ලෙඩ්ඩු කොච්චර අසරණ වෙනවද කියලා ඒකෙන් පෙන්වනවා....

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් සෙන්නා.. ෆිලුම ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ලෝකේ හැම තැනම එහෙමයි තමා..

      Delete
    2. හම්මේ කියල වැඩක් නා ඔය ඉන්ෂුරන්ස් ගැන නම්

      Delete
    3. ඉන්සුරන්ස් එක හදාගන්න ඔබාමා කෙයා එකෙන්වත් සයිරි..

      Delete
  9. බලන්න ඕනේ වෙලාවක. ලංකාව හොඳයි. මෙහෙදී කෙල උනොත් කෙල වෙන්නේ හෝම්ලස් වෙන්නම

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංකාව හොදයි. ඔය වගේ රට වල හෝම්ලස් වෙලාම තමා නවතින්නේ. ස්තුතියි

      Delete