Tuesday, August 29, 2017

සැකේ නිසා ලොව සමහරක් මුලාවේ!!

අපේ ඔපීසියේ ඉන්න සමාර උන්ට පට්ට සැකයි මං හෙඩ් ඔෆිස් එකට කේලං කියනවද කියලා. ඉතිං උං එක එක ජාතියේ සුත්තර දම දම මාව චෙක් කරන්න හදනවා. එහෙම උණා කියල මං අහුවෙනවද නෑනේ. ඇයි ඒ. මං එහෙම කේලං කියන කෙනෙක් නෙමෙයි දරුවනේ. හැබෑටම ඔය සමහර උන් අහනවා “දේශා තෝ නේද එම්ඩී කාරයට අර වැඩේ අවුල් වෙච්චි එක කිව්වේ“ කියලා. මං මොන විදියෙන් කිව්වත් උංට ඇති වෙන සැකේ නං නැති කරන්න බෑ. සීයට අනුනමයක් මාව ෂුවර් උණත් සීයට එකක් අන්සුවර්. මටත් ඕන මෙන්න මේ සීයට එක අයින් කරල, සුදනෙක් වගේ පාඩුවේ ජීවත් වෙන්න. ඒත් මොන.. ටික දවසක් යනකොට මායි තව එකෙකුයි විතරක් දන්න කේස් එකකුත් එම්ඩී ගේ කනට ගියා කියල අනිත් එකාට විස්තරේ ලැබිච්චි දවසට විශ්වාසයේ ප්‍රතිසතයන් හුවමාරු වෙනවා. එතකොට ඌට මං ගැන තියන විශ්වාසය සීයට එකක් වත් නැති වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට මං ඒක නොකිව්වට කව්ද දන්නේ කොන්ත්‍රාත්කාරයේ චීත්තයක් ඒක ලොක්කගේ කනේ තිබ්බද කියලා. ඒකත් සැකයක් විතරයි. කෝම උණත් දන්න එකම දේ වැඩේ පත්තු වෙලා කියන එක නේ.

මේක අපේ සමාජයේ, ගමේ, දිස්ත්‍රික්කේ, පළාතේ, රටේ, ඉන්දියාවේ, ඇමරිකාවේ හපොයි මුළු විශ්වයේම තියෙන දෙයක්. සැකය කියන බීජය. ඕක මහා භයානක දෙයක්. බුදු හාමුදුරුවො දේශනා කළේ සැකය කියන්නෙ බය නිසා ඇති වෙන දෙයක් කියායි. බය කියන්නෙත් විවිධාකාරයි. හරි හරි ධර්මදේශනාවක් කරන්න කාලේ නෙමෙයි මේක.

අපට යම් සැකයක් ඇති උණාම අපි මොකද කරන්නේ. ඒ සැකය ප්‍රත්‍යක්ෂ කරගන්න අපි සාක්ෂි හොයනවා. කොහෙන් හරි කමක් නෑ ගැටගහන්න පුළුවන් සාක්ෂියක් ලැබෙනව නං ඒක අරකට අමුණල තද වෙන්න ගැට ගහගන්නවා. ඔය වගේ පොඩි පොඩි ඇල්පෙන්ති කටු හරි ගහල සැකේ කියන බීජය ලොකු කරගන්න එක තමා සැකය ඇති කෙනාගේ අභිප්‍රාය. 

බ්ලොග් වල මොනාද සැක.. අප්පචිචියේ කොච්චර සැක තියෙනවද? 

අර යකා මොකක්ද කිව්වේ. 
මිනිහා පෝස්ට් එක කියෙව්වද
අර ප්‍රොෆයිල් එකේ ඉන්න එකා කව්ද
මූ මොකටද මේ බ්ලොග් එකේම නටන්නේ

ඒ අතරේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා කව්ද යකෝ ඇනෝ කමෙන්ට් දාන්නේ කියන එක. ඕක හරිම වාත ප්‍රශ්නයක්. බ්ලොග් වලි බොහොමයක් ඇති වෙන්නත් හේතුව මේ ඇනෝ කමෙන්ට්. ඇනෝ දාන එක දානවා හොස්ස ලගින් මැස්සා යන්න බැරි උන්ගේ ඇස් වලට ගම්මිරිස් කුඩු ඉහින ගානට. ඉතිං ඇඹරෙනවා. පටන් ගන්නවා වලිය. එකායි දෙකායි තුනායි. එක එක ජාතියේ උණ්ඩ හතර අතේ වදිනවා. නිකමට එබිල බලන උන්ට සෙල් වෙඩි පත්තු වෙන වෙලා හිටං තියෙනවා. බලන්න සැකය නිසා අපි කරගන්න දේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ටික දවසකින් මතක් වෙනවා. අඩේ මං බැන්නෙ එක දේකට අන්තිමට බැන්නෙත් වෙන එකෙකුට. තරහ උණෙත් වෙන එකෙක් එක්ක කියලා. ඔය වගේ පජාත සීන් දෙක තුනක්ම මං දැකල තියෙනවා. මෙව්ව මේ තනිකර සැකය නිසා ඇති වෙන්නේ. අර ඇනෝ දාල බැනපු එකා ලියපු විධිය, උගේ අකුරු ටයිප් කරපු විධිය අනුව හිතනවා හරි මෙන්න මේ යකා තමා ඇනෝ ඇවිල්ල අපිට කෙළවන්න හදන්නේ කියලා. ඉතිං ඉවරායි. අපේ ඔය බෝම සත්ගුණවත් ජනප්‍රිය බ්ලොග් කරුවන් උණත් කව්රු හරි එක්ක මරා ගන්න ගියාම අම්මොහ්.. කුණු වෙන්න ගහල පාරේ පිස්සු කෙළින ගානටම කුණුහරුප වපුරෝගෙන තමා වලියට එන්ටර් වෙන්නේ.

මම ඒ දවස් වල ඉදලම දන්න දෙයක් තමා. ලංකාවේ මිනිස්සු වාද කරන්න දන්නෑ කියන එක. උන්ට වාදය කියන්නෙ වලියක් ටික වෙලාවක් යන කොට. තමන්ගේ මතය අභියෝගයට ලක් වෙන කොට බියෙන් වියරු වැටෙන මේ පෘථග්ජනයින් අනිත් මිනිහගේ අම්මගේ උප්පැන්නේ ඉදල හොයල නෙලන්න ගන්නවා. ඇත්තටම වාදයක් යන්නේ යම් කාරණාවක් සම්බන්ධව නම්, ඒකෙදි වාදයට සම්බන්ධ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ඈදා ගැනීම කොයි තරං සදාචාර සම්පන්නද කියල හිතන්න වෙනවා.

සාමාන්‍යෙයන් මං වාද වලට යන මිනිහෙක් නෙවි. අපි ණයත් නෑ බයත් නෑ හරි. ඒ උණාට මට ඔව්ව කරන්න බෑ. එක පාරක් නං අයිලාස් අයියත් එක්ක වාදයක් ගියා භික්ෂුන්ට අවලාද කීම සම්බන්ධව. මම අන්තිමට ගෙදරට ගිහිල්ලා අයිලාස්ගේ කැමරාව කුඩු කරල ආවේ. ඇයි වදේ. මං ඒ වාදෙදි පරද්දන්නමයි මිනිහා හැදුවේ. හැක්

බ්ලොග් වල ඇනෝ එන අය ටක්කෙටම හොයාගන්න පුළුවන් ක්‍රම වේදයක් තියේය කියල පොළවේ පස් කකා අපේ අයියා කෙනෙක් කිව්ව මට මතකයි. ඒකට සහයෝගය දීපු සුදු අයිය කෙනෙකුත් හිටියා. ඒත් තාම හරියටම මං ඇනෝ දාපු කමෙන්ටුවක් හොයාගන්න මුන්ට බැරි වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්.

බොහොමයක් බ්ලොග් වල තියෙනවා අයිපී ට්‍රැකර් විජට්. ඔය විජට් එකෙන් පුළුවන් කමෙන්ට් දාන එකා, විසිටරයා ලොග් වෙන ලොකේෂන් එක ආසන්න වශයෙන් හොයාගන්න. සමහර විට අයි පී ඇඩ්‍රස්එක අනුව එන්නේ මොන කම්පැනියෙන්ද කියල උණත් හොයන්න පුළුවන්. එහෙම හොයාගන්න එක හරි වැදගත් සැකයෙන් ඉන්න අයට. ඉතිං ඒ සැකයෙන් ඉන්න අය අරවා මේවා දාගෙන එක එක සොෆ්ටවෙයා කෑලි ට්‍රේස් කර ගෙන සෑහෙන්න මහන්සි වෙලා හොයනවා ඇනෝ දාපු එකා මොකාද කියලා. ඒ අයට හොදනං අපිට මොකද නෙහ්.

අනේ ඉතිං මම ඔය කිසිම දෙයක් නොදන්න මනුස්සයා වෙච්චි, මගේ එකේ ඇනෝ කමෙන්ට් දාන පිංවතුන් කව්ද, කොහෙන්ද එන්නේ කියල හොයාගන්නවත් මං දන්නෑ. අයිපී ට්‍රැකර් ඒවා මේවා මගේ පාවිච්චියකුත් නැති නිසා සමහර පිංවත්තු නං ඇවිත් බැණලත් යනවා. මට බැන්නට කමක් නෑ. අනිත් අයට බැනල වගේ මට හිතෙනවා නං මං ඒවා මකල දානවා. එන්නෙත් ටික දෙනයි. ඒ එන ටික දෙනාගේ සුමුදු හිත් රිදෙව්වම ආයි ඒවිය මගේ බ්ලොග් එක පැත්තේ. අන්න ඒ උදාර සිතුවිල්ල නිසා මං ඒ වගේ කමෙන්ට් නං මකල දානවා. නැතිනං එව්ව මකන්න යන්න තරං මට උවමනාවක් නෑ. අනිත් කාරණේ තමා බ්ලොග් එකක මොන මානසිකත්වයක් යටතේ උණත් කමෙන්ට් කරන හැම කෙනාම මිනිසුන් විදියටයි මම සලකන්නේ. ඉකොනොමැට්ටා කිව්ව විදියට තාම සිංහලෙන් කමෙන්ට් දාන බොට්ල ඇවිල්ල නැතිව ඇතෙයි කියල සාධාරණ සැකයක් මට තියෙන නිසා මගේ බ්ලොගයට වැටෙන සියලු කමෙන්ටු මිනිස් අත් දෙකකින් යොදපු (අළුත් විදියට නං මිිනිස් කටකින්) කුඩා හෝ මහන්සියක් ගෙන යොදපු කමෙන්ටුවක් බවට මම සලකනවා. ඒ හේතුව මත බ්ලොගයට වැටෙන හැම කමෙන්ටුවකට ගෞරවයක් මගේ හිතේ තියෙනවා. ඒක නිසා ප්‍රමාද උණත් සියලු කමෙන්ටු වලට උත්තර දෙන්නත් මං වගකීමකින් කටයුතු කරනවා. කමෙන්ටු ලැබුණා කියා නොදැන බොහෝ කල් ගත වී දැක්ක කමෙන්ටු වලට උත්තර දෙනවා අඩුයි උණත් සෑම කෙනෙක්ම යොමු කරන කමෙන්ටුවක වටිනාකමක් තියෙන නිසා ඒ වටිනාකමට මගේ ගෞරවයත් ලබා දෙනවා. 

ඒ මොනව උණත් වෙන කෙනෙකුගේ ගෞරවය නැති කරන කමෙන්ටුවක් අපහසුවෙන් උණත් එක පාරින්ම ආයි කොනක්වත් හොයාගන්නම බැරි වෙන්න මකල දාන එක මගේ සිරිතක්. ඒක නිසා හොද පුතාලා, දුවල, (ඒකත් සැකයි) ඇනෝ කමෙන්ට් දාන කොට අපි ගැන පොඩ්ඩක් හිතල කමෙන්ට් කරන්න. අපිත් මේ බ්ලොග් ලියල මහ ලොකු ගාණක් හොයන්නෑ නේ. ඔයාලත් එහෙමයි කමෙන්ට් දැම්ම කියල මහ ලොකු ගාණක් අතට එන්නතේ නෑනේ. ඒක නිසා අපි සහයෝගයෙන් ෆිට් එකේ ඉමු බබෝ.

පළි - අටෝරාශියක් වූ මගේ ඊමේල් වලට ඊයේ දින පැමිණ තිබූ එකම ඊමේලය දැක මෙම පෝස්කටුව ලියා තැබුවෙමි. කෝකටත් කියා කඩවසමය ෆුල් චාර්ජ් කොට අතේම තියාගෙන සිටිමි.. හැක්

100 comments:

  1. Replies
    1. ඉයන් ,
      වෙස් මරු කරගෙන හරි වරෙන් රත්නපුරේ අපි ඉන්නවා ෆුල් ෆේස් හෙල්මට් දාගෙන එදාට.හමුවෙමු සුවබර දවසකට අපිට උවමනා උඹව බල කියා ගන්න විතරයි උඹලගේ ගැන්සිය ඉන්න නිසා එදාට අවුල් නැ . මකලා හරි පණිවිඩේ යවපන් අයියා

      Delete
    2. මේක මකන්න ⁣උවමනා නෑ බං.. හැක්

      Delete
  2. තම්බිගේ ෂුප් එක ලොවන්න ගියේ නැතැයි?

    ReplyDelete
    Replies
    1. මතකයි නෙහ්. දැං කඩෙ වහල බං. සුප් නැත

      Delete
  3. ඒක නම් ඇත්ත... මේ ලගදි මගේ බ්ලොග් එකෙත් වෙන කෙනෙකුට රිද්දලා තිබුනා.. මාත් ඒක මැකුවා... ඇයිද මන්දා එහෙම කරන්නේ...

    ReplyDelete
  4. ගසා කමෙන්ට් වට්ටන කල්පනාවේ
    වසා නමද ඇනෝල එන වෙලාවේ
    දොසා මොටද ඉනු හොඳ කල්පනාවේ
    නිසා සැකය ලොව සමහරු මුලාවේ ....

    ජයවේවා!!!

    ReplyDelete
  5. සැකේ ගහගන් තොගේ පුකේ

    ReplyDelete
  6. දැන් මට දැවෙන පුරශ්නයක් ආව.....දැන් අපි ලියන ඒවට කවුද සල්ලි ගෙවන්නෙ?? මේව ලියල සල්ලි හොයන්ට පුලුවන් ද??? ජීව්ත් වෙන්ට ඇති වෙයි ද???

    ReplyDelete
    Replies
    1. උඹට සල්ලි ලැබුන්නැද්ද.. සහ්

      Delete
    2. සල්ලි ලැබෙනවා නම් මටත් කියහං...මේ ටිකේ ෆුල් හන්ටර්...හැක්...

      Delete
    3. ඇත්තට උඹ දන්නෙත් නැද්ද ඒක?? හැක්

      Delete
    4. තඩියාAugust 29, 2017 at 8:19 PM ///සිරාගෙ කාමරේAugust 29, 2017 at 11:32 PM,,,,

      මෙහෙමයි ඕක වෙන්නේ
      උඹලා පුක ඉරාගෙන ලියනවා... ලියනවා එකදිගට. ඉතින් ඊට පස්සේ උඹලා ලියපු ඒවා නෙලුම් යයා කියන එකේ එල්ලනවා ලංකා නිවුස් වෙබ් එකේ උන් ඔය නෙලුම් යයා කොහෙද තියෙන්න ලංකා නිවුස් වෙබ් එකේ උඹලට සතයක්වත් නැ

      උන්ට කැමතිනම් වන්ස්ර් ඉයර් කියලා එකවතාවක් ලි කෑල්ලකුයි , රෝල් කරපු කොලේකුයි රුපියල් සොච්චම්ක්යි දෙනවා කොළඹ හොටලෙකට ගෙන්නලා බෙබද්දන්ට ළඟ ළඟ නැවෙන්න නිකම් බොන්න දෙනවා බොන්නේ නැතිඑවුන්ට අලරෝටි වගේදේයක් දෙනවා කන්න .

      ඊළඟට දියවන්නාවේ කුක්කෙක් ගෙනගන්නනිසා මිඩියා මීහරක් රොත්තක් ඇවිත් පුක ඉරාගෙන් එවුන් ටික රෑ 6.55/7.00 පෙන්වන රුකඩ නැටුම් එක්ක කලවමේ රටටම පෙන්වනවා

      එතකොට ලිකැලි ගත්ත ගන්කබර්යෝ ටික ,තමන්ගේ ගම්පලාතේ ඇවිදිනවා රත්තරංඔටුන්න දාගත්ත කටුස්සොවගේ. එකම දේ මේ ගම් කබරයෝ දැන් කටුස්සෝ බවට අප්ඩේට් උන එක විතරයි. එතකොට කටුස්සියෝ උල් සපත්තු දාලා පුක පස්සට උල් කරගෙන කොන්ඩේ කඩලා අයන් කරගෙන සතර පෝයටම පන්සල් ගිහිල්ලා බොඩි පුජා තියනවා ගමේ උපාසිකාවන්ට මර්තුකාවල් දීගෙන මාත් පොරියක් කියලා සිත්ගෙන
      රැට රැට හුම් හුම් ගාන බස්සියෝ ලියපුවා එකතු කරගෙන් පොත් පිංචක් ගහලා පබ්ලිකෙෂන් කරන එවුන්ගේ බොකු පුරෝනවා [ තව මොනවා පුරවගන්නවද දන්නේ නෑ ]

      ලංකා නිවුස් වෙබ් එක රන් වෙනවා හොඳට. ඇඩවටයිසින් වලින් හොඳ ගානක් කපාගෙන රජයට පක්ෂව ප්‍රචාරක දේශපාලන ලිපි ලියන නිසා උන්ට NGO නඩ වලින් $$$$ ගානක් ලැබෙනවා

      නමුත් උඹලට ඒවායින් සොච්චමක් තමයි ඔය අවුරුද්දකට සැරයක් උන් කැමති, පුකකසලා උන් වෙනුවෙන් කඩේයන උන්ට ලිකෑල්ලක් එක්ක සොච්චමක්දෙන්නේ. අන්තිමට sama හරක් උඹලට පුකත් නැ ....ඉරාගෙන ලියපු නිසා ....

      ඕවට බජට් එකක් ඉල්ලුවගමන් LNW උන්කොර වෙනවා. උත්තර දෙන්න බැරිව ඇනෝ වහලා දානවා. දැනට කීදෙනෙක් ඇනොවහලා තියනවද කියලා බලාලා , උඹට තීරණයක් ගන්න පුළුවන් කවුද කඩේට යන්නේ කියලා
      රටවල් වලට සංක්‍රමණය වුන දෙබිඩ්ඩෝ පුක ඉරා ගෙන ට්‍රයි කරනවා අපි රටේ ඉන්නකම් රටට බොරුකරාට පීටරට හිටියත් අපි රටට ගොඩාක්ම් වැඩක් කරන ඕං පොරවල් බව පෙන්වන්න

      හොඳයි නෙලුම් යායේ දාන ලිපිවලට් පුලුවන්නම් සල්ලි ඉල්ලපන් මොකද උඹට වෙන්නේ කියලා බලන්න
      උන් ගෙවයිද කියලා බලමු.

      Delete
    5. නෑ නේ.... කියාන්කො

      Delete
    6. ලස්සන තර්කානූකුල පිළිතුරක්.. එළස්

      Delete
    7. රෝල් කරපු කොලේ පුකේ ගහගන්න බැරිද බං ඇනෝ...නොදන්න නිසා ඇහුවෙ...


      මීට රෙන්න පුකේ ගූ නැති අසරණයෙක්.

      Delete
    8. මොකෝ බැරි ! ඇයි උඹට හම්බුනාද නේද ඒවගේ කොලයක්

      හරි මෙහෙම කරපන් ඔය කොලේ අරගෙන , හීනියට කඩල ගොට්ට වගේ උලට ගොට්ට ගහන්. ඊළඟට මුහුදු වැලි පුරෝලා මාපට ඇඟිල්ලෙන් වැලි ටික තද කරලා, ගොට්ට වහන්.
      ඊට පස්සේ උල උඩට තියා පුකට තද කරලා ගහගන් .... ගොට්ට නැවෙන්නේ නෑ කක්කා ආවත්

      හරි ඊටපස්සේ උඹට මොකද උනේ කියලා උඹ කියහන්....

      Delete
    9. මදි පාඩුවට අරළු පෙති් දෙකකුත් බීපං

      Delete
    10. ඉතින් බලහන්කෝ....මගේ නමත් අපයෝජනය කරලනේ

      Delete
    11. රෙ.පු.ගූ ද??? හැක්

      Delete
  7. දේශකයා සෑර්,

    කාලයක් තිබ්බනේ ඔය IP අල්ලන අංජනමක් තියෙනවා, අපි ඇල්ලුවා අරයම තමයි ද අරකද මේකද කියල ලොකු හා හූවක්.
    මටත් ලොකු උණක් තියෙනවා ගල් බෝතලයක් දෙකක් ඔට්ටුවක් අල්ලන්ඩ මම ලොග් උන තැන කියන්ඩ පුළුවන් එකෙකුට.
    සම හරක් (මාතලන් කියන තාලෙට) ඇනෝ එනවට බොහොම අකමැතියිනේ. ඇයි ප්‍රොෆයිල් හදනකොට උප්පැන්න සහතිකේ, ජාතික හැඳුනුම්පත එහෙම දීලනේ හදන්නේ, එක්කෙනාට ජීවිතේටම එකනෙ.
    අනේ අම්මප ඩිජිටල් ලෝකේ සැරිසරන්නේ නමුත් හිතන්නේ තාමත් ඇස්සයිස් පොතේ බෝල්පොයින්ට් පෑනෙන් ලියන තාලෙට.

    සැප වේවා!

    ReplyDelete
    Replies
    1. //සම හරක් (මාතලන් කියන තාලෙට) ඇනෝ එනවට බොහොම අකමැතියිනේ//

      මාතලන් කියන සම හරකත් දැන් ඇනෝ වහලා තියෙන්නේ

      Delete
    2. හොයන්නං.. බෙ⁣ේතල් තුනක් වත් ඕන

      Delete
    3. හරි දැන් එතකොට අල්ලගත්තා කියමුකෝ ඔය ඇනෝ එනෙවුන්. ඊට පස්සේ මොකද උන්ට කරන්න පුළුවන් වෙන්නේ ? නඩු දාන්නද ? නඩු අහලා හිරේ යවලා දඩ ගහලා ආණ්ඩුවට ගානක් හොයලා දෙන එකද පුළුවන් ?

      Delete
    4. අම්මපා ඇත්ත. ඒකයි මං කියන්නේ ඕව්ව හොයල නිකං හිතේ සැක පුරවන් ඉදල මක්කටද කියලා..

      Delete
  8. තාත්ති, සුදු වෑන් එකක ආපු සිල්කාරයෝ සෙට් එකක් මගේ කටට පඩයක් ඇරලා ගියා. මං දැන් මොකද කරන්නේ? පඩේ හින්දා ගිලින්නත් බෑ, සිල් හින්දා අහක දාන්නත් බෑ.

    ReplyDelete
  9. සැකේ පුළුං දාගන්න කියන්න අප්පා. ඉවරනේ වැඩේ. මම නම් ඇනෝ කමෙන්ට් දාන්නේ නෑ. දාන මගුලක් මේකෙන්ම තමා. මම ඉතිං ෆෝන් එකෙන් කියවද්දී එහෙමකට කමෙන්ට් කරන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. වොයිස් ටයිපින් නැද්ද

      Delete
    2. උඹ ඇනෝ වැහුවේ අඟහරුවා., විචාරක 88/89 කාලයේදී JVP කාරයෝ කියලා අහිංසක සැකකරුවන් මරපු හැටි විස්තර කරලා ඒ කොමන්ට්, උඹේ කොච්චි ලිපිවල දාපු දවසේ ඇනෝ සෙට්ම එක ඇවිස්සිලා විචාරකට ගේම ඉල්ලන්න පටන් ගත්තට පස්සේ . විචරක ආමි උණෙන් ඇනොලව සේරන්ඩර් කරන්න බැලුවා හරිගියේ නැ පස්සේ ආමි ඉන්ටෙලිජන්ට් එකෙන් හොයලාබල්න්න ට්‍රයි කරා.
      මු ඒ අරතරතුරේ මේ ගොනා එවකට මේජර් ජෙනරාල් SF තුමාට[ එව්කට් හිරේ] අපහස වෙන ආකාරයට ලියන්න කියන්න පටන්ගත්තා එතකොට හිටපු සීනියර් ඔෆිසර් වරුන් මෙය දැක මේකා ගැන හෙන මලෙන් හිටිය නිසා නිකම්ම චෝර වෙලා හිටියේ.
      අඹේපුස්ස පැත්තේ යන්න බෑ බුවාට ගෝටා නිසා මේයා ගොඩ ගියා නැතිනම් මිලිටරි පොලිස් වලින් එකාව ගෙනියන්නේ ...

      ස්ක්‍රීන් ෂොට් වලින් උඹත් අමාරුවේ වැටෙයි කියලා බයටනේ බැරිම තැන විචරක ලොක්කා උඹටත් අමි උන පෙන්නලා ඇනෝ වැස්සුවේ.

      ඇනෝ සෙට් එක ගාව ඒ ස්ක්‍රීන් ෂොට් තවම තියනවා ඒවා මකලා දැම්මට උඹේ බ්ලොග් එකේ ... මිනි මරලා බේරෙන්න බෑ බන් දැන් ලෝකේ දියුණුයි ඒවගේම කර්මේ ඩබල් වෙලා පින් සිංගල් වෙනවා මේ අබුද්දස්ස කාලේ ...

      Delete
    3. ඈ බං ඔය ඇනෝලට සංගමයක් එහෙම නැත්නං එකිනෙකා අදුරගන්න විදියක් නැද්ද? නිකං ගෘප් චැට් වගේ.. මං නිකං දැ.ගැ.පි. විතරය් අහන්නේ.. උඹල කතා වෙලාද මේ කමෙන්ට් දාන්නේ?

      Delete
    4. මං නිකං දැ.ගැ.පි. විතරය් අහන්නේ.. ඔව් උඹ අහපු නිසා උත්තරක් දෙන්නම් මේකේ ගෝඩ්ෆාදර් කෙනෙක් ඉන්නවා එයා ඉංජිනේරු තට්ටයෙක් හරි විස්තර දුන්නොත් අපිට උගේ ගෙවීම් නැතිවෙනවා
      හැබැයි අපේ ගෙවීම් වෙලාවට නැතිවුනොත් වෙනදෙත් ඒ ගෝඩ්ෆාදර් දන්නවා .......

      අන්විසිබල් ඉදන් ඉන්ක්‍රෙඩ්බාල් ගේම් දෙන එවුන් අල්ලන ඉන්පොසිබල් ප්ලෑන් ගැහුවට, ඔය ගොඩ ෆාදර් අල්ලගත්තත් මොකුත් කරන්න බැරිබව ලොක්කා දන්නවා .ගාන වලාවට දෙනවනම් අපි ඕන වැඩක් බාරගන්නවා විස්තර පිනට ඔපමනයි. තව අවශ්‍ය නම් ගෙවාපන් අපිට ඕනේ $$$ එච්චරයි

      Delete
    5. යකො ඩිස්කෙ ගෙවිල්ලක් නෙව මේක... හැක්

      Delete
    6. මගේ බ්ලොග් එකේ ඕනේ දෙයක් කියන්න නිදහස දීලා තියනවා හැබැයි දාපු පෝස්ට් එකට අදාලව විතරක් ඒ වගේම ශිෂ්ට භාෂාවෙන්. එහෙම නොකියපු නිසා තමා මම ඇනෝ වැහුවේ. නැතුව කාගේවත් උවමනාවකට නෙවේ. ස්ක්‍රීන් ෂොට් නම් කාට අරගෙන එඩිට් කරන්න බැරිද..

      Delete
    7. සද්ද නැතිව ඉදිං බං

      Delete
  10. කෝ අර ගොඩකවෙල ගල් වදුරා තාම නැත්තේ මොකද?

    ReplyDelete
    Replies
    1. ඌට මාකටින් බාරදුන්න.. දැං බුවත් නෑ.. නරි මොට නයා

      Delete
    2. AnonymousAugust 29, 2017 at 9:38 PM

      අඩෝ බුවා Praසන්ன ,මගේ ලව් එක එයා ..Praසන්ன ට ගොඩකවෙල ගල් වදුරා කිව්වොත් එහෙම තංගල්ලේ මගේ සෙට් එක ගෙනත් උඹව හවා පන්නනවා

      Delete
    3. හරි හරි. ගොඩකවෙල සුදු වඳුරා කියල වෙනස් කරා.. හැක්

      Delete
  11. මුදු මුහුේ.... ජයේව්...

    ReplyDelete
  12. මුදු මුහුේ.... ජයේව්...

    ReplyDelete
  13. හුග දොහකින් මේ පැත්තෙ ආවෙ...අලුත් ඇදුමක් අන්දලා...දැන් බොලාගෙ බොගේ හැඩයි ඉස්සරට වඩා...

    ReplyDelete
    Replies
    1. කව්ද එකෙක් කිව්ව ඒ ඇදුම හරියට වෙඩින් කේක් ඔතන කොලයක් වගේ කියලා.. හැක්

      Delete
  14. දේශකතුමාගෙ හිත් පොඩිය හොදටෝම රිදිල වගේ

    ReplyDelete
    Replies
    1. අපෝ පිස්සුද බං. කමෙන්ට් මැකීම සමබන්ධ මගේ ප්‍රතිපත්තිය ගැන ඇහුව නිසා ඒ ගැනයි මේ කිව්වේ. මෙහෙමද බං හිත රිදෙන්නේ... හැක්

      Delete
  15. .
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
    ඇසින් දුටූ දේ බොරු වී නොයයිදෝ
    දෙකනින් ඇසූ දේ නොවේ
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ......
    එක කුස ඉපදීලා වෛරෙන් මත් වෙලා
    තම සොහොයුරා මරයි.. වසවිස දීලා
    සැකය නිසා මේ....
    සැකය නිසා මේ දුරුවේ සාමේ
    ලොව ගිනි දැල්වේ
    මනු ලොව අපායක් මැවේ.....
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
    තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා
    මොනවද අවසානේදී... අරගෙන යන්නේ
    ධර්ම රකින්නා ....
    ධර්ම රකින්නා ධර්මෙන් රැකදී
    එය නොම දන්නා සසරේ මැරී මැරී තැවේ
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
    ඇසින් දුටූ දේ බොරු වී නොයයිදෝ
    දෙකනින් ඇසූ දේ නොවේ
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ //

    ගායනය :අල්හාජ් මොහිදීන් බෙග්
    පද : කරුණාරත්න අබේසේකර
    තනුව සහ සංගීතය : එම් .කේ . රොක්සාමි

    ReplyDelete
    Replies
    1. සිංදුවත් කාලෙකට පස්සේ මගේ පැල්පතට පිළිගනිමි.. හැක්

      Delete
  16. කාටහරි අපහස කරන කොමෙන්ටු දැම්මොත් අපිත් මකනවා... තේරුමක් නැති වැඩනෙ..
    අදහස්වලට එකගයි...

    ReplyDelete
    Replies
    1. ආ උඹ මුවාකාරද එක නමුත් උඹ කියෙව්වනේ නිර්මානි නැති උණත් ... ස්වයන් වින්දනයෙන් සැනසියන් මචං ගුලියක් කලාම සෙට්වෙයන්

      Delete
  17. මං මේ දන්න සෙල්ලං දාල දේශකයා හොයන්න හදනවා. මට සැකයි ... හහ් හහ් හා. ඇනෝගෙයි දේශගෙයි වෙනස මොකක්ද මලයා ?

    ReplyDelete
    Replies
    1. මේ යකා ගැන හොයල වැඩක් නෑ සරත් අයියෙ. මෙළෝ රහක් නැති එකෙක්.

      Delete
    2. අප්පට සිරි පයිනවා මං මූදේ නැවකට චප්ප වෙන්න හරි.. සරත් අයියා දැක්ක කල්.. වෙල්කම් බැක්ටුද හෙල් කිව්වා.

      සිරාමට ඇනෝ කියන්නේ නමක් නෑ. මම කියන්නේ තියෙන නමත් බොරු එකක්.. හැක් හැක්

      Delete
    3. Praසන්ன හායි !

      සුදු ,කොහෙද කොහෙද අපේ ලොවක්.....

      ශ්‍රී ලංකාව සමලිංගික සංචාරක පාරාදීසයක් ලෙසට ක‍්‍රමයෙන් පත්වෙමින් ඇත්තේ යයි ජාත්‍යන්තර වෙබ් අඩවි කිහිපයක් උපටා දක්වමින් මෙරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

      සුළු සුළු නීතිමය ගැටළු ඇතත් කිසිම හිසාවකින්, පීඩාවකින් තොරව මෙරට සංචාරය සදහා ඉඩ ඇති බව සමලිංගික යුවළවල් වෙනුවෙන් සංචාරක උපදෙස් ලබා දෙන එම වෙබ් අඩවි සදහන් කර ඇති බවත් ගාල්ල, මාතර, හික්කඩුව ප්‍රදේශ වල මෙන්ම මීගමු නගරයේද සමලිංගිකයනට හිතකර මෙන්ම පහසුවෙන්ම සමලිංගික සේවා සපයන්නන් සිටින බවද එම වාර්තාවන්හි සදහන්ය.

      c නිවුස් පුවතක

      Delete
    4. ඕක පරන නිව්ස් එකක් බාං

      Delete
  18. //අපේ ඔපීසියේ ඉන්න සමාර උන්ට පට්ට සැකයි මං හෙඩ් ඔෆිස් එකට කේලං කියනවද කියලා// අායි මොකට සැක කරනවද උඹ නැතුව කවුද ඒ වගේ වැඩක් කරන්න තව ඉන්නෙ.

    උඹ නේද අර මගේ කොමෙන්ට් පිටිපස්සෙන් සමනල කොමෙන්ට් දාන්නෙත්. හැක්..

    ReplyDelete
    Replies
    1. සමනල කොට ඇදල අපිට පුරැද්දක් නෑ මෙයා. අදිනව නං රත්තරන් කොට තමා.

      Delete
    2. Praසන්ன හායි ලව්

      මගේ කොමෙන්ට් පිටිපස්සෙන් සමනල කොමෙන්ට්දාන්නේ මමනේ අනේ... දාන් අදිනකොට නම් ඔහොම කියන්නේ නෑනේද

      සමනලයා මල හා ළමයා වගේ අපි ........මලට වසා පැණි බී රිසි සේමා සේ
      සමනළයා පියැඹූ දවසේ ...........මලට නොවේ දැණුනේ දුක කාගේ ......සමනළයා කොතැනේ


      Delete
  19. දේශක මාමේ මමත් ඔය "අයිපී ට්‍රැකර්,ඇඩ්‍රස්" ගැන දන්නෙත් නැහැ.වැඩකුත් නැහැ.ඒ කොයික වුනත් ඇනෝ නැතිනම් බ්ලොග් හරියට ලුණු නැති හොද්ද වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇනෝ හිටියා කියල අවුලක් නෑනේ.. පොඩ්ඩක් කට අවුල් වෙන අයත් එක්ක තමා සමාර වෙලාවට වසන්න අමාරු.. හැක්

      Delete
  20. දේශකගේ ෆේස්බුක් ගිනුමට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. පිංවත් සමූහයක් විසින් මා විසින් පවත්වාගෙන බුකි ගිණුම මහ ඒජන්ත උන්නාන්සෙට රපෝර්තු කිරීමෙන් අනතුරුව ටික දවසක් බ්ලොග් වී සිටියෙමි. ඒ අතරතුර තවත් පිංවතෙකු නම ෆේක් බවට රපොර්තු කිරීම හේතුවෙන් නම වෙනස් කරන තෙක් ලොග් වීමට ඉඩ දුන්නෙ නැත. දන්නා දහංගැට දමා මේ නමම භාවිතා කිරීමට ඉල්ලා සිටියත් එයටද ඉඩ නොදුන් තැන වෙනත් ඊමේල් ගිණුමක් හරහා වෙනත් ගිණුමක් ඇරඹු අතර, සතියක් ඉක්ම යන්නට මත්තෙත් එයද ෆේක් නමක් ලෙසට රපෝර්තු කර තිබුණි. ආයි එකක් හදාගත්තද ඒ පිංවතාට නැවත කරදර කිරීමට නොහැකි හෙයින් පාඩුවේ බ්ලොග් අස්සේම කැරකෙමි.. ස්තුතියි මා ගැන සොයා බැලුවාට.. හැක්

      Delete
    2. ඔය ලොජිය කරන එකා තමයි ප්‍රෝෆයිල් එකෙන් නැතිව ඇනෝ ඇවිල්ලා බ්ලොග් ලියන අයවලුන් කෙටෙව්වේ
      .මේකව අහවල් ජනප්‍රිය බ්ලොග් කරු විසින් හඳුනාගත් පසුව ඔහුගේ සින්ඩියෙන් හැලුවත්
      තවමත් ඔහු අනෙක් බ්ලොග්වලට් ගොස් ඒ දේම කරයි

      බලන්න එයාගේ ලොජි බ්ලොග් එකට හිහිල්ලා ඇනොලා ඉන්නවද කියලා උන් සමන්ලුන්ද .පිම්පියන්ද . පොන්න ඇනෝ චන්ඩි ඇනො ජාතිවාදී ඇනෝ ඉන්නවද කියලා ඔය කවුරු ඇනොවක්වත් නැ

      ඇයි ඒ කියලා හොයලා බැලුවද .... බැලුවට වැඩක් නැ මොනවා වත් කරන්න බැරිබව ඔය ලොජිය කරන කෙනා දන්නවා එකා එහින්දා උගේ එක වැදගත් විදිහට තියාගන්න ඕන නිසා අනික් ඒවාට ගිහිල්ලා සතර අතේ රිලා එනවා

      Delete
  21. /////මම ඒ දවස් වල ඉදලම දන්න දෙයක් තමා. ලංකාවේ මිනිස්සු වාද කරන්න දන්නෑ කියන එක. උන්ට වාදය කියන්නෙ වලියක් ටික වෙලාවක් යන කොට. තමන්ගේ මතය අභියෝගයට ලක් වෙන කොට බියෙන් වියරු වැටෙන මේ පෘථග්ජනයින් අනිත් මිනිහගේ අම්මගේ උප්පැන්නේ ඉදල හොයල නෙලන්න ගන්නවා. ඇත්තටම වාදයක් යන්නේ යම් කාරණාවක් සම්බන්ධව නම්, ඒකෙදි වාදයට සම්බන්ධ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ඈදා ගැනීම කොයි තරං සදාචාර සම්පන්නද කියල හිතන්න වෙනවා./////////////

    මේ මුලු පෝස්ට් එකේම හොඳ අදහස් ටිකක් තියෙනවා. මම හයිලයිට් කෙරුවේ එකයි දේශා. මේ සියල්ලටම මුල තමයි, තමන්ට තමන් ගැන තක්සේරුවක් නැතිකම සහ තමන්, තමන්ව හඳුනා නොගැනීම. අනුන් ගැන හොයනවා නමුත් තමන්ගෙ වැරදි හොයාගන්නේ නැහැ. මේක ගොඩක් දුරට වර්ධනය වෙන තත්වයක්. අපේ සමාජයේ පුරවන්න බැරි පරම්පරා ගැප් එකක් තියෙනවා. උතුරේ සහ දකුනේ නැතිවුනු පරපුරක් ඉන්නවා. ඒ නිසා මේ පරපුරක ගැප් එක ආපහු හැදෙන්නේ අවිශ්වාසය සහ සැකය තුලින්. ඒක වලක්වන්න බැහැ. මානුශික තක්සේරුවක් නැහැ මිනිස් සන්තානය පිලිබඳව. ඒවා කියලා දෙන්න පොරවල් නැහැ. ඉන්නේ "පොරවල්"

    ReplyDelete
    Replies
    1. පොර මානස්නත්වය බයානකයි... ඒක තවත් මානසික ව්‍යාධි ගොඩක ආරම්භකයක්. ස්තුතියි අරූ

      Delete
  22. මොන හේතුවකටද මන්ද මට ෆේස් බුක් එකේ නම් කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නෑ.. බ්ලොග් වලත් මේ තියෙන දේවල් හෙන සීරියස් විදියට අරගෙන මිනිස්සු ඇත්තට රණ්ඩු වෙන එක විකාරයි වගේ. බ්ලොග් එකයි ෆේස්බුක් එකයි කියන්නේ නිකන් හරියට tv එකයි, රේඩියෝ එකයි වගේ තව සරල වින්දනය සපයන උපකරණ දෙකක් විදියට විතරක් දැකල ආතල් එකේ ජිවත් වෙන්න බැරි මොකද හැබෑටම.

    මොනවා උනත් උඹ නැවත බ්ලොග් වල සිටීම ගැන මගේ බලවත් සතුට. ඇනෝ වරුන් බ්ලොග් වල සිටිය යුතු ගරු කටයුතු ජීවින් කොට්ටාශයක් කියලයි මම හිතන්නේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අපි බුකියේ හෙන පොරවල් වගේ පොර ටෝක් දිදී ඉදපු අය අප්පා.. දුක හිතෙනවා දැං දුක්පතා වගේ ඉන්න විදිය දැක්කම.. හැක්

      දිගටම බ්ලොග් ලියන්න ඕන.. ස්තුතියි බිත්තියා

      Delete
  23. මම නම් අද වෙනකන් කිසිම බ්ලොගක ඇනෝ කොමෙන්ට් දාල නෑ. ඉදිරියට දාන්න බලාපොරොත්තුවකුත් නෑ. මට නම් ඔය බ්ලොග් වලි පෙනෙන්නේ හරියට මොන්ටිසෝරි වලි වගේ. ඇනෝලා එක්ක වලි දාගන්නේ නැතුව ඒවා සීරියස් නොගෙන උන්ගේ ආතල් එකත් නොකඩා හීනියට ටොක්ක දෙන්න ඕනේ තැන ටොක්ක දෙන උඹේ ඇනෝ ප්‍රතිපත්තියට මම කැමතියි.

    ෆේස්බුක් ප්‍රොෆයිල් එකට කෙල වෙච්ච එක නම් හොඳයි. නැත්නම් මේක උම්බලකඩේ වගේ වේලි වේලි තියෙයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ගල් බාගයක් ගැහුවම ඇනෝ කමෙන්ට් තුන්සිය හැත්තෑපහකට වැඩිය දාන උනුත් ඉන්න එකේ, අපි එකක් වත් නොදා ඉන්න එකම තමා හොද.. හැක්

      ටික දවසක් ඉන්න කොට බුකි ආසාව නැති වෙයි කියල හිතෙනවා බං.. ජය

      Delete
    2. හරියට මොන්ටිසෝරි වලි වගේ. හීනියට ටොක්ක දෙන්න ඕනේ...... ආ එහෙමද ආසා ...දැන් එතකොට කමක් නැද්ද .....
      දැන් උඹයි බ්ලොග් ලොවේ ගුරා සහ මොනිටර් ?????

      Delete
    3. මම නං නෙවි. ඔය උදය තමා ගුරා..හැක්

      Delete
  24. මේ මම ජීවිතේට දාන දෙවෙනි ඇනෝ කොමෙන්ට් එක.. පළවෙනි එක දැම්මේ කාලෙකට කලින් මනා ගේ පින්තාරුවේ ඇනෝ ල ගැනම ගිය පෝස්ට් එහෙකට.. මේකත් දැක්කම හිතුනා ජොලියට ඇනෝ කොමෙන්ට් එකක් දාන්න ඕනි කියල.. පුලුවං නං අල්ලපං.. හැක්.

    අම්මෝ ඕයි මමත් මෑතක ඇනෝ වැහුවනේ.. පුදුම සනීපයක් තියෙන්නේ එදා ඉඳං.. වැඩකට ඇති සහ වැදගත් කොමෙන්ට් දාපු ඇනෝ ල ගැන දුකයි.. ඒත් මක්ක කරන්නද බං.. උන්ට කොමෙන්ට් එකක් දාන්නම ඕනි නං ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන ආපුදෙන්.. ඇනෝ කොමෙන්ට් ඇරලා තිබ්බනං මෙලහකට බ්ලොග් වසන්තය ගැන දාපු පෝස්ට් දෙක වනසලා බජට් ම ඉල්ලලා .. හුකා.. මාට්ටු උනාවත්ද කවුද කියල.. හැක් :))))

    ReplyDelete
    Replies
    1. පරණ ඩෝරා එකක සද්දයක් වගේ එනවා :P

      Delete
    2. සේෆ්ටි ෆස්ට්

      Delete
    3. ආච්චිට හාල් ගරන්න. කව්ද යකෝ අහු වෙන්න ඇනෝ කමෙන්ට් දාන පොල් බූරුවා.. තෝ දැනගනිං දැං අයිපී ට්‍රැක්ර ඕන නෑ තාප්පයක් උඩදි අල්ලගන්නේ.. හැක්

      හැබෑට එදාට ගන්න වීඩියෝ බ්ලොග් එකට දාහං..

      Delete
    4. අතේ ගහපු කුරුල්ලන්ගේ ඉල්ලන් කන්න ගිය එකෙක් ගැන නේද මේ කියන්නේ

      Delete
    5. බුලත් කුරුල්ලෙක්.. හැක්

      බජට් ඉල්ලපිය

      Delete
  25. දේශකයා මහතාණෛනි ඹබේ ලිපියෙන් රිදෙන්න ඔන තැන්වලට හොඳට රිදිල තියන පාටයි ඒ නිසා ලපිය අති සාර්ථකයි කියලා කියනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ මේක පුංචි හිත් රිද්දන්න ලියපු එකක් නෙමෙයි. මං මකපු කමෙන්ට් ගැන දොෟෂාරාපෝනයකට පිළිතුරු විතරයි.. හැක්

      Delete
    2. AnonymousAugust 30, 2017 at 10:45 AM.......////

      අහෝ දියණිය මෙන් අඩු කුලේ පඩත්තලයන් ඔබේ පියාට අවලාද අපහාස කරනවා. ඉක්මනට අපහාස වුන කියලා මෙතුමාට කියලා ඒවා මකා කොටා දමන්න නැතිනම් ඔබට මානසික ආතතිය හැදේවි ඔයා පව්...

      Delete
  26. අහෝ දේශක දියණිය
    ඔබපියා 1974 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ ඉගෙන ගනිද්දී රගර් ක්‍රීඩාව පුහුණුව සඳහා කෝට්ටේ නව පාර්ලිමේන්තු පාරේ පිට්ටනියක් පුහුනුවට ගියා කියා මහා ලොකු බොරුවක් ලියා අප සැම රැවටීමට උත්සහා කළා නමුත් 1974 වසරේ නවපර්ලිමෙතුවක් කෝට්ටේ තියා කොහෙවත් සිතියමක්වත් තිබිනේ නැහැ .1977 රජය්පෙරලුනු පසු JR ජනාධිපති විසින් තමයි 4 July 1979 මුල් ගල තියා 29 April 1982 විවුර්ථ කලේ
    එමනිසා ඔබගේ පියා කුජිත වුනා බොල්ග් ලොවේ ....බොරු ලියා .

    දැන් ඔබ පියා කල දෙයක් ඔබ මෙසේ කියනවා
    31 August 2017

    මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය ලිපිය තුලින්

    මගේ පියා - ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්
    මුදල් ඇමති තුමා - ඉලන්දාරියා මොකටද මේ පුහුණුවීම් ?
    මගේ පියා - සර්, ලබන සතියේ රන්ටැඹේ යන්න ......

    එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. විචාරක පාසල් කාලයේ මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා කියලා ඔබ කියනවා [1964-65] සහ [1970-1977] නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා මැති තුමා 1979 වසරේ මිය යනවා

    හරි දැන් එක එහෙම උනයි කියමුකෝ ......

    National Cadet Corps Training Centre, Rantembe was established on 2 December 1990 දී අප විසින්
    ncc අනුයුක්තව .

    ඉතින් ඔබ [ඔබේ පියා සේම ]කියන පරිදි ඔහු රන්ටඹේ යායුත්තේ 1990 පසුවයි ඊට ප්‍රථම රන්ටබේ පුහුණු කඳවුරක් තිබුනෙත් නැහැ 1979 පෙර එවැනි කඳවුරක් ලෝකයේ කිසිම සිතියමක් හෝ කාගේ සිතෙවත් තිබුනේ නැහැ

    [ඔබේ පියාට මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා 1979 පෙර හමුවුවානම් ද නැතිනම් එයත් බොරුවක් ]

    ඔබත් පියා සේම බොරු බේගල් කියමින් බ්ලොග් කියවන් නන් රැවට්වනවා .නමුත් ඇත්ත එය නොවේ ...

    දැන් ඔබත් කුජිත වි අවසානයි !!!! ..... අහෝ දුකකි !

    ReplyDelete
    Replies
    1. අහෝ "'දේශක දියණිය" නොව "විචාරක දියණිය" යනුවෙන් වෙනස් විය යුතුයි

      දේශක තුමනි ඔබට දිනියක් සිටිනම් අප අතින් ඇයට අපහාසයක් සිදුවුවානම් සමාවුන මැනවි.

      Delete
    2. මේ නිරීක්ෂණයන් ගැන මටද යමක් කීමට තිබුනත් සොයා නොබල කීමට නොහැකියි. මේ විෂය ගැන ම⁣ට දැනුමක් නෑ. බය වෙන්න එපා මට තාම දියනියක් නෑ...

      Delete
  27. දේශා, කමෙන්ට් කෑල්ලක් කොටා ගෙන ටිකක් දුර ගිහින් ආයෙත් මකල දැම්මා. වැඩක් නෑ බං. මට නම් මේවා දැකල දැකලම එපාාාා වෙලා. මොන මඟුලකට මේ නැති ප්‍රශ්න හදාගන්නවද මන්දා. ඇයි යකෝ අපිට ජීවත් වෙන්න මේ රටේ තියෙන ප්‍රශ්න ටික මැදෑ, ආණ්ඩුව පෝසත් කරන්න හෙනගහන බද්දක් එක්ක දෙතුන්දාහක ඉන්ටර්නෙට් බිලක් ගෙවාගෙන ඇවිත් මුං කුණුහරුපෙන් බැනගන්න වලි බලන්න අපිට පිස්සුයැ.

    ReplyDelete
    Replies
    1. ඔව්වා එහෙම තමා බං.. මැත්ස් ගන්න එපා.. හැක්

      Delete
  28. උඹ හොඳ ළමයෙක් උනැයි?

    ReplyDelete
    Replies
    1. පේනවා නේද.. මං හොඳ ලමයෙක්.. හැක්

      Delete