Saturday, August 26, 2017

හදිසි මළ ගෙවල්, ගුරු කොට හා අකිල ධනංජය

මේ ඊයේ පෙරේදා, හරියටම කිව්වොත් බ්‍රහස්පතින්දා යන්න උණා මළ ගෙදරක. මට පණිවිඩේ ලැබුණා.

“මචං දේශා.. අන්න බං අපේ ඊඑස් ගේ මළ ගෙයක් වෙලා“

“හප්පට. අර ලසන්තයාද“

“ඔව්වොව්. උගේ තමා“

“ඉතිං යකෝ ඌ මළාද?“

“තොගෙ. කට.. නෑ යකෝ උගේ ළඟම ඥාතියෙක්“

“කව්ද බං. මට උගේ අම්මගේ මළ ගේ දවසේ යන්නත් බැරි උණා. තාත්තා නං නැති වෙලා තියෙන්නේ ඒකා මෙහාට වැඩට එන්නත් කලින්නේ“

“උඹ බයිල නොකිය හිටිං. උඹ එනවද කියහං යන්න. මං පොඩි වෑන් එකක් කතා කරා. මමයි, රසිකයයි යනවා.“

“වැඩක් නෑනේ බං. අම්මගේ අප්පගේ එකට නං අවුලක් නෑ.. හෝව් හෝව්.. පොඩ්ඩක් හිටිං.. ඔය ලසන්තයා හෙණ දුර නේද බං.. අකුරැස්සෙද?“

“ඔව් ඕයි දෙනියායෙ“

“ඒකනේ මට දැන් මතක් උණේ.. යමං යමං. කීයටද යන්නේ“

“වරුවක් දාලා දොළහට පනින්න බැලුවේ. අර චතුරයගේ වාහනේ යන්නේ. ඩීසල් ගාන විතරක් යන්නෙත්“

“යකෝ වරුවක් දාලා ගිහිල්ල හැන්දෑ වෙන්න කලින් එන්නද හදන්නේ“

“නෑ නෑ. ඉස්සෙල්ල එක පිම්මට අදිමු මළ ගෙදරට. ඊට පස්සේ හෙමින් හැරේ එමු“

“කොහේද මළ ගේ තියෙන්නේ“

“බෙරලපනාතර“

“මොකා.. ඒ රත්නපුරේ නේද බං“

“මොන රත්නපුරක්ද බං කොටපොළ.. කොටපොළ“

“ඒ කියන්නේ දෙණියායටත් මෙහා.“

“ඔව්. කොටපොළින් හැරිල ඌරුබොක්ක පාරේ යන්න ඕන ටික දුරක්“

“අප්පට සිරි. ඌරුබොක්ක.. අහල තිබුණට කවදාවත් ගිහින් නෑ මම. යමං යමං. මං එනවා“

“මාත් අරූගේ අම්මගේ මළ ගෙදර නං ගියා. මරු පැත්ත ඕයි. පට්ට සීතලයි රෑට..“

“මරු ඈ. මාත් ආසයි බං ඔහොම තැනක යන්න. හරි උඹ එහෙනං හරියට දොළහයි කාල වෙද්දි අපේ ඔෆිස් එක ගාවට වරෙන්. හෙඩ් ඔෆිස් පැත්තේ මට එන්න බෑ. උං විකාර අහනවා“

“හරි මං එන්නං. තෝ දැන් දන්නවද කාගෙද මළ ගෙදර කියලා“

“නෑනේ“

“ලසන්තයගේ වයිෆ්ගේ නංගිගෙ මහත්තයාගේ තාත්තාගේ මල්ලී“

“චිකේ බං උගේ මස්සිනාගේ බාප්පගේ එකටද ඩෝ මේ අපි යන්නේ“

“ඔව් ඕයි. මං ලසන්තයට කිව්වා අපි එනවා කියලා. ඌ කියනවා “මං වෙනුවෙන් නං උඹල කීයටවත් මළ ගෙදරට සහභාගී වෙන්න ඕන නෑය කියලා“.. හික් හික්“

“මළා ජෝන්.. ටිකක් ඉඳිං මං ඌට කෝල් එකක් දෙන්නං“

දැන් මේ මළ ගෙදර යන එක විස් ලිස්ට් එකේ එක පාරටම ප්‍රයෝරිටි නැගපු වැඩක් ගානට හිතට වැදුණා. ඌරුබොක්ක කියන්නේ හරි ලස්සන පළාතක්. මාවරළ කියන්නෙත් ඒ වගේම හරිම ලස්සන පළාතක් කියල අපේ ඔපීසියේ ඇන්ටිලා කීප දෙනෙක්ම කියනව මං අහගෙන ඉදල තියෙනවා. දෙනියාය හරහා සිංහරාජේ හරේ මහේ දෙතුන් පාරක්ම ගිහින් තිබුණත්, ඔය ඌරුබොක්කට යන පාරට කියල ගහපු එක බෝඩ් එකක් මං කවදාවත් දැකල නෑ. ඒක නිසාම ඌරුබොක්ක කියන නම ආශාව තියෙන බය බිරාන්ත කෙල්ලෙක් ගානටයි මට දැනිල තිබුණේ. දැං එක පාරටම අරයාගේ මෙයාගේ මෙයාගේ මෙයාගේ මළ ගෙයක් උණත් කමක් නෑ. ඌරුබොක්ක පැත්ත නේ.. යන්න ඕන කියල හිතට එක පාරටම ආවා. දැං මේ අදාළද නැත්ද කාරණා හොයාබලන කෙංගෙඩියක් නෙමෙයි නේ. කෝම හරි යන්න ඕන කියල හිතලා මාත් ගත්තා කෝල් එකක් ලසන්තයාට.

“හලෝ ලසන්ත.. උඹලට කරදරයක් වෙලා කියල ආරංචි උණා“

“ආ නෑ මිස්ටර් දේශා. මේ අපේ කිට්ටුව නෑ කෙනෙක්ගේ මළ ගෙයක් වෙලා. මං ඊයේ රෑ ආවේ. කව්ද ඔය පැත්තට ගිනි ගෙඩිය දුන්නේ.“

“ඒක වැඩක් නෑනේ.. දැන් අපි එන්න හදන්නෙ ඔය පැත්තේ“

“පිස්සුද. පිස්සුද.. මිස්ටර් දේශා. කිසිම උවමනාවක් නෑ එහෙ එන්න නං. අනික මං දැන් හැන්දෑවට ගෙදර යන්න ඉන්නේ. මොකද අනිද්දා දරුවෝ එක්ක නුවර එළියේ යන්න ට්‍රිප් එකකුත් දාගත්තා. අනේ එන්න ඕන නෑ“

“එහෙම බෑ යකෝ. අපේ ඔපීසියේ කෙනෙක්ගේ මළ ගෙයක් උණාම අපි ඒවට සහභාගී වෙන්න ඕන. නැත්නං කෝ මනුස්සයො අපේ තියෙන මනුස්සකම්. යුනිටි එක“

“අපරාදේ නේ කාලය. අයියෝ මිස්ටර් දේශා එන්න එපා. අනික හෙට අවසන් කටයුතු වලටවත් මම ඉන්නෑ. මාත් උදේ ඉදල දවල් යනවා“

“එහෙම බෑ බං. අපිට ඕන තරං කාලය තියෙනවා. අපි මේවට වෙලාව හදාගෙන හරි එනවා. එව්වා අපේ යුතුකම්“

“ඔන්න මන් දන්නෑ. සංග්‍රහ අරව මේවා ගැන නං මට වග කියන්න බෑ හරිය“

“මොන සංග්‍රහද බං. උඹ ඉදහං අපි එනවා හතර පහ වෙද්දී හරිනේ එහෙනං. කිට්ටු වෙලා කෝල් එකක් දෙන්නං“

“අනේ මන්ද. මිස්ටර් දේසලට පිස්සු නේ. අපේ වයිෆ්ගේ අම්මා නං දැන් ලෙඩ වෙලා අන්තිමයි. අන්න ඒකට අපි යමු සෙට් වෙලා.. මේකට එන්න ඕන නෑ“

“හරි හරි. ඒකටත් එන්නං. මේකටත් එනවා. උඹ බයිල කියන්න එපා. අපි දැන් එන්න හදන්න්නේ. මං තිබ්බ හෙනං“

මූත් පුදුම පුතයෙක් තමා. අපිට තියෙන අවශ්‍යතාවය මිනිහා දන්න එකක්යැ. එන්න එපාමලු.. නොවැන්දා විතරයි. ඉතිං දැං ට්‍රිප් එක ලැහැස්තියි. වාහනේ ආවා. මායි උපෙයි, රසිකයයි තුන් දෙනා චතුරයගේ ටවුන් ඒස් එකේ නැඟල කුරුල්ලෝ තුන් දෙනා වගේ පියාඹලා ආවා අකුරැස්සට. අකුරැස්සට ආවට එතනිං එහාට යන්න හිත දෙන්නෙම නෑ. මොකද දන්නවද, අකුරැස්සසෙන් එහාට හරි හමන් බාර් එකක් නෑ කියල ගියපාර සිංහරාජේ යන ගමන් මං හොදට දැන ගත්තා. ඒක නිසා අකරැස්සසෙන් නවත්තලා කොළ පාට පෙට්ටියේ තියෙන ගැලරියක් වඩම්මගෙන ඇවිත් සීට් එකක් පල්ලේ වාඩි කරවලා අපි ආයි ගමන පටන් ගත්තා. ඔය අල්ල පනල්ලේ ලසන්තයා කෝල් කරල විස්තර අහනවා. අපි දැන් අකුරැස්ස පැන්නා කිව්ව ගමන් මිනිහා කියනවා.

“ඔය එන අතරේ හම්බුවෙනවා ගැටඹරු දේවාලේ. එතන පාර අයිනේ ටැප් එකක් තියේ. ඒකෙන් වතුර ටිකකුත් බොන්න. මාර කූල් ඒ වතුර“

මාත් හා කියලා දැන් එක හිතින්ම ටැප් එකෙන් වතුර බොන්නත් හිත හදාගෙන එනවා. ඔය ගම් බිම් පහුකරගෙන යන කොට ඕං අහු උණා ගැටඹරුව. ඉතිං බෝම හෙමින් පන්සලේ තාප්පේ දිගේ හොදට පාර දෙපැත්තම බලාකියාගෙන ආවා. ම්හු.. මොන ටැප් එකක් කියල නාමයක් නෑ. එක්කෝ ඒ පැත්තේ ටැප් විකුණනන්නත් නැතිව ඇති. ටැප් එකක් නෑ. කූල් වතුරත් නෑ. ආයි වේගේ වැඩි කරගෙන ආවේ එන ගමන් හරි ටැප් එක හොයාගන්නව කියල හිතාගෙනයි. ආයුබෝවන් කොටපොළ කියන බෝඩ් එක දැක්ක ගමන් ලසන්තයට කෝල් කරල පාර අහගත්තා. ඒ කියන්නේ කොටපොළ ටවුම පහු කරල ටික දුරක් එනකොට දකුණු අත පැත්තට තියෙන ඌරුබොක්ක පාරේ කිලෝමීටර් හතක් විතර එන්නය, බෙරලපනාතර ඉස්කොලේ පහුවෙලා මීටර් පන්සීයක් විතර ආවට පස්සේ සුදු කොඩි දාලා තියේය, පාර අයිනෙමය මළ ගේ තියෙන්නේ කියලා. විස්තරේ අහගෙන දැන් කොටපොළ හන්දිය පහු කරල කියපු දුරට ආසන්න දුරක් ආවම මොන පාරක්ද? අඩු ගානේ ආර්ඩීඒ එකෙන් ගහපු කොළපාට බෝඩ් එකක්. ඒවත් නෑ. ඒක නිසා පාර අයිනේ තිබුණ කඩේකින් අහල හරියටම තැන දැනගත්තා. හරිනේ. පාර තියෙනවා. සුපිරියට කාපට් කරල, සුදු ඉරි ඇදල ලස්සන පාර. ඒත් බේතකට හැරෙන පාරෙවත් නෑ බෝඩ් එකක්. හත් දෙයියනේ, පොඩි හන්දියකින් හැරෙන්න උණත් හැම තැනම ලොකු බෝඩ් දාන මාර්ග සංවර්ධන අයියන්ඩිලට ඒකට බෝඩ් එකක් දාන්න අමතක වෙලා. දෙනියාය පාරෙන් හැරෙන තැනම ලොකු දැන්වීම් පුවරුවක් වගේ එකක් නං තිබුණා. සමාර විට ඒකේ නම ගහල තිබුණද දන්නෙත් නෑ. ඒ උණාට දැන්නං ඒ බෝඩ් එක ටියුෂන් මාස්ටර්ලගේ. අපරාදේ කියන්න බෑ. මහින්ද මහත්තයට පිං සිද්ධ වෙන්න පාර නියමයි. පාරෙ ්ලගකදි නාය ගියපු විත්ති පේන්න තිබුණ නිසා මං හිතුවේ ඒවා පහු ගිය කාලේ ගංවතුර බලපෑමක් වෙන්න ඇති කියලයි. ඒක හරියට දන්නෑ.

මේක තමා ඌරුබොක්ක පාර. (බෙරලපනාතර කිස්ටුව)

හෙමින් හෙමින් මළ ගෙදරට ආවා. පොඩි කන්දක් උඩ පාර ආසන්නයේ මං මළ ගෙදර තිබුණේ. මළ ගෙදරට ගොඩ වෙලා ලශ්නතයා බැලුවා. නෑ. අපි දන්න කියන පොල්පිත්තක් වත් මළ ගෙදර පළාතෙවත් ඉන්න එකක් යැ. ඔහේ බකන්නිලාගෙන විනාඩි පහක් විතර ඉන්න කොට මෙන්න මේකා ආවා හති හලාගෙන.

“හා. ඉක්මනට ඇවිල්ල නේ. හොයාගන්න අමාරු උණේ නෑනේ“

“අපොයි නෑ. මොකද බං අර පාරට හැරෙන තැන බෝඩ් එකක් වත් ගහල නැත්තේ“

“මං කොහොමෙයි දන්නේ. මාත් මේ මාස ගානකින් මේ පැත්තේ ආවේ“

“ඒක නෙමෙයි. මොකක්ද අර උඹ කිව්ව ටැප් එක. අපිට ඒක හොයාගන්න බැරි උණා නේ“

“ගැටඹරු ටැප් එකද“

“ඔව්..“

“ඒක තියෙන්නේ පන්සල ඇතුළේ.. ඔහේල පන්සලට ගියානං ඒ ටැප් එකෙන් වතුර ටිකක් බොන්න තිබුණා.. හික් හික්“

“තොගේ ආච්චට රයිස් ගරන්න.. හැක් හැක්“

මූ අපිට ටැප් ලණුවක් දීලා. මළ ගෙදර ඔක්කෝම හොදයි. ලස්සන ආරුක්කු මැලේසියන් හට් දෙකක් ගහලා. ඒකට දාපු රෙදි සුදු පාටින් දිලිසෙනවා. ඉන්ඩ්‍රස්ට්‍රිියල් සීඑෆ්එල් බල්බ් දෙක ගානේ එක ටෙන්ට් එකේ. හරියට ධවල මන්දිරේ වගේ. ඒ මදිවට ගේ වටේටම දඩාර් සයිස් එල්ඊඩී ෆල්ඩ් ලයිට්. මෙව්ව කොහෙන්ද මෙහාට කියල හිත හිත ඉන්කොට ටික වෙලාවක් ගිහිල්ල තමා මීටර් උණේ.. ලසන්තයා ඊඑස් කියලා. ඒ කිව්වේ ඉලෙක්ට්‍රිකල් සුපර්වයිසර්. හැක් හැක්. මළ ගෙදරට උඩින් පයිනස් වගා කරපු රක්ෂිතයක්. දෙපැත්තෙන් කුඩා තේවතු දෙකක්. මං කිව්වේ පොඩි කඳු ගැටයක් උඩ නේ ගේ තියෙන්නේ. පාර අයිනටම වෙන්න දෙපැත්තෙම යසට පීදෙන ගොයම. ඒ එක්කම කළු පීත්ත පටියක මැද්දෑවෙන් සුදු නූලෙන් තනි අත් මැහුමක් දාල වගේ කාපට් පාර. හරිම අගෙයි. ඒ එක්කම පොඩි සීතල ගතියකුත් ඇඟට දැනුණා. ඒ වෙද්දි මං හිතන්නේ හවස පහාමාර විතර ඇති. ඇත්තටම ඔක්කෝම හොඳයි. ඒ උණාට මොකක් හරි අඩුවක් තියේ. ඇත්ත නේ කිසිම සංග්‍රහයක් නෑ. හුළං වැදිච්චි නයිස් බිස්කට් එකයි එපා කරපු නෙස්කැෆේ එකයි. මේ හද්ද දහජරාව ඈත ගම් වලටත් රිංගල තියෙන විධිය දැක්කම පුදුම තරහක් තමා ආවේ. කිව්වත් වගේ දැං ඉතිං ඔව්ව ගැන හිතල වැඩක් නෑනේ. සංග්‍රහ වලට වග කියන්නෑ කියලම නේ එන්න කිව්වේ. ඉතිං හිත හදාගෙන හයට විතර මළ ගෙදරින් එළියට ආවා. 

“දැන් ඕගොල්ලෝ ඔහොමම ගෙදර යන්නද“

‘නැතුව බං. රෑ කෑම හදාගෙන පවුල බලාගෙන ඇති. පව් බං කොල්ලෝ දෙන්නත් මං එනකං නිදාගන්නෑ නේ. ඒක නිසා ඉක්මනට යන්න ඕන“

“අනේ බං ලසා. උඹ මේ දේශා කියන ඒවත් විශ්වාස කරනව නේ. ඔන්න මං කිව්වයි කියල හිතාගනිං. හෙට උදේ හතර විතර වෙද්දිවත් ගෙදර ගියොත් ලොකු දෙයක්“

“හරි බලමුකෝ“

සියලු ආචාර සමාචාර නිම කරල අපි ආවා. කොටපොළින් දාපු වෙලාවේ ඉදලම පාර දෙපැත්ත බල බල ආවේ රෙස්ටෝරන්ට් එකක්. මොන.. එකක් වත් නෑ. මඟදිම ඒ වැඩේ අතෑරියා. අකුරැස්සට ඇවිල්ලම එකක් හොයාගමු කියලා. ඉතිං අකුරැස්ස බෝඩ් එක දැක්ක තැන ඉදලම වාහනේ ශ්ලෝ කරගෙන හෙව්වා එකක්. ඒත් නෑ දැන්නං බයයි බෝතලේ ගෙදර ගෙනියන්න වෙයිද කියලා. ටිකක් දුර ආවම හම්බුනා අපේ සොඳුරු සිත ටීචර්ලයි ගෙවල් වලට හැරෙන හන්දිය. එතැන පොලිස් මහත්තයෙක් හිටියා හිටගෙන. අපි ඒ හරියට එනකොට ඕන නං රෑ හතහමාර විතර ඇති මයේ හිතේ. ඕන එකක් කියලා පොලිස් මහත්තයා ගාවටම කිට්ටු කරල හෙමින් ඇහැව්වා අඩියක් ගහන්න රෙස්ටෝරන්ට ්එකක් නැද්ද මේ හරියේ කියලා. මිනිහා ඒ පාර බෝම කාරුණිකව බඩු ගන්නත් එක්කම නං මේ පැත්තට යන්නය. බඩු තියේනං මේ පැත්තට යන්නය කියලා පාර පෙන්නුවා. එ් පාර දිගේ ගිහිල්ල හොටෙල් පබසරා කියල එකක් හොයාගෙන වාහනේ ගාල් කරල වැඩේට එන්ටර් උණා. අම්මප මේ දකුණේ උන්ට නං පිස්සු. දවල්ට මඟුල් තියන රිසේප්සන් හෝල් එකේ රෑට බොන්න දෙනවා. හයියෝ අපිට ඔව්ව පුරුදු එකක්යැ. දෙපාරක් අහල තමා ඒකට ඇතුල් උණේ. යනකොට ටීවී එකේ මැච් එකත් දාලා. ඉන්දියාව නෝවිකට් ලකුණු අසූවක්ද කොහේද? ඕක බලන්න බැරි නිසා හෝල් එකේ ඈතටම තිබ්බ මේසයක් තෝරගෙන පටන් ගත්තා වැඩේ. එක විකට් එකක් ගියා. දෙකක් ගියා. මෙන්න වදේ තුනක් එක ඕවර් එකට. ක්‍රිකට් තිත්ත වෙලාය කිව්ව සේරමල්ලා දැං බොන එක පැත්තක තියල ටීවී එක ගාව නිසා වේටර් මලයා අපේ මේසේ ටීවී එක කිට්ටුවට ඇදල දුන්නා. හතරයි පහයි හයයි.. ටික වෙලාවක් ගිහිලලා හතායි. හුටා. ඒක බෝතලයයි නේ ගෙනාවේ. දැන් ඉතිං මොකද කරන්නේ. විකට් හතක් ගිහිල්ල ටික වෙලාවක් යද්දි ඒක ඉවරයි. තව බොන්න ඕන. ඒ පාර රසිකයගේ යාළුවෙක් ඉන්නවා ඉන්ජෙක් මාතර. ඌට කෝල් එකක් අරගත්තම ඒ යකත් වෙරිමරගාතමෙ අපිට එන්නය කියල කිව්වා.

මැච් එක දිනයි කියල බලාපොරොත්තුවෙන් අපි මාතර එන්න පිටත් උණා. වෙහෙරහේන පැත්තේ. ඒ යාලුවගේ ගෙදර යනකොට ගුරු කොටයක් අපි එනකම් බිම ලැග ගෙන ඉන්නවා. ඒ පාර ඒකත් ගහල සිංහාවලෝකන කර කර ඉදල මැච් එක බලන කොට... ඒක පරාද වෙලා නෙව. දැන් මොකද කරන්නේ. හිතටත් දුකයි. ගුරු කොටෙත් ඉවරයි. ඉතිං හිවල්ලු ටික වගේ වාහනේට නැඟල යන්තං උදේ දෙකහමාර විතර වෙද්දි ගෙදරට ආවා. මං තීරණය කරා ආයි දුර මළ ගෙවල් වල යන්නෙත් නෑ. මැච් බලන්නෙත් නෑය කියල එක. විකාරයක් නේ.. දවසම ඉවරයි..



චියර්ස්.. හැක්

57 comments:

  1. මළගෙවල් වල යන් නෑ කියලා හිතුවට ක්‍රිකට් නම් නොබලා ඉන්න බැරි වෙයි හැබැයි නේද ? ඔන්න ඔහේ හෙට එකත් බලමු

    ReplyDelete
    Replies
    1. මැච් බලන එක නැවැත්තුවා බං.. හැබැයි ආයි මැච් එකක් තියෙන කං ඉතරයි.. හැක්

      Delete
  2. හපොයි වෙච්ච දෙයක්... බියුවනම් හොදටම මදි......දුර මලගෙවල් වලට යනකොට තව දෙතුන් දෙනෙක්වත් සෙට් කරගන්ඩ ඔනා ......වඩා විශේශම දේ තමයි බයිට් එකට ගන්ඩ පුලුවන් යාලුවෙකුත් ඕන

    ReplyDelete
    Replies
    1. තඩියා මල්ලි.. හදිස්සියේ බයිට් එකක් හොයාගන්න බැරි උනා නැත්නං ඇල්ල පැත්තේ සුපිරි බයිට් බුලට් එකක් හිටියා.. හැක්

      Delete
  3. උඹල කලින්ම ඔක්කොම බඩු ලෑස්ති කරගෙන වෑන් එකට පටෝගත්තනං ඔය මැච් එක බලන දුක ඇතිවෙන්නෙ නෑනෙ. හැක්..

    අර රාළ බුවා පොලීසියෙ රෙස්ටොරන්ට් එකෙන් කන්න දුන්නනං තමයි නියම වැඩේ.

    ReplyDelete
    Replies
    1. පොලිස් මහත්තයා හොද කෙනෙක් අයියේ.. හැක්

      Delete
  4. දේශා අපිවත් මළ ගෙවල් වල ගෙනියනවනේ. හත් හත්දවසේ දානෙත් කියන්න.

    ReplyDelete
    Replies
    1. Looks like a blame?

      එක්ක යන්නංකෝ.. හැක්

      Delete
  5. ආ..... උඹල අපේ ගෙදර ඉස්සරහින් ගිහිල්ල තියෙන්නෙ. ෂ්ෂ්ෂ්...

    ‘බාබෙද්දෙක් කතා කරයි‘ වගේ ලාාාාස්සන මාත්තුරුකාවක් දාල පහේ පන්තියෙ ළමයෙකුගෙ රචනාවකට ගන්න හොඳයි. හැක්.. මැදෑ.. මාත් ඉඳල ඉඳල දේශකයගෙ සුපිරි ලියවිල්ලක් කියවන්න කියල හිතන් ආවා. සාහිත්‍ය මාසෙ වෙනුවෙන් අර කලින් කරපු වගෙ විකල්ප අවසානයන් යෝජනා කරන්න පුළුවන් කතන්දරයක් වගේ එකක් කරොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ආ.. ඔහේ කොහෙද හැංගිලා හිටියෙ. මේ දවස්වල ඩෙංගු මර්දනේ හින්ද අල්ලගෙන මදුරුවන්ට ගහයි කියල බය හිතුනද. හැක්..

      Delete
    2. @මදුරු නාසකේ

      දන්නවනං ඩෙංගු තෙල් ටිකක් බොට දීල යනවා නේ..ඉස්සර කාලේ ඒවා දැං කරන්න බෑ බං වයසයි නෙහ්..

      @ප්‍රසා
      උඹට තංගල්ලෙ යන්න ඕනද

      Delete
    3. @ Praසන්ன,

      මොන හැංගිල්ලක්ද අයියා? ජීවන අරගලයෙ යෙදිල ඉන්නව.

      @ දේශා,

      විහිළුවට කිව්වෙ බං, අපේ ගෙවල් තියෙන්නෙ ඒ පැත්තෙ නෙවෙයි.

      ඈ.... ඔහේට ඉස්සර කරපුවා දැන් කොරන්න බැරිද? මේ...අ... කමක් නෑ ඔන්නොහෙ, මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ කියල හිත හදාගන්ට සහෝ.

      Delete
    4. ලියන්න හිත හදාගන්න එක දැං අමාරුයි ටිකක්. බලමු ඉදිරියේදී බුකියට නොගියොත් ලියවෙන්න ඉඩ තියෙයි. බොට තාම මතකයි ඒක නෙව..

      Delete
  6. කොහෙද බං මේකෙ අකිල ධනංජය ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ගුරු කොටේ උගේ නෙව

      Delete
  7. උඹේ ගුරු කොටේ පේජ් ගානකට ඇඩ් කලා. බඩු හරි ‍බොට. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹල දැම්මට මිනිස්සු ගනං ගන්නෙවත් නෑ. අන්න ඒකට මම ඔය පේ්ජ් වලට දැම්ම නං පෙරහැරවල් පනහක් විතර එන්නේ එකපාර.. හැක්

      ස්තුතියි ඈ..

      Delete
    2. Praසන්ன හායි

      අනේ සුදු ඔයාට කොහොමද ඔයාටම තමයි සිංහල බ්ලොග් ලොවේ කොමන්ට් මෙඝා ස්ටාර් කිරුල හිමිවෙන්නේ! ජයවේවා !! පිටකහන ගමන් කියක් කියලා දානවද ඔයා සෙකන්ඩ් වෙන්න එපා ඔය විදිහටම දාන්න ලව්...

      බලන්නකෝ මෙයාලා අපේ තංගල්ලේ කිට්ටුවටම ඇවිල්ලනේ ඔයාත් එගොල්ලො එක්ක ආවනම් ස්ටෝබෙරි ලොලි පොප් කන්න තිබුනා ...තංගල්ලේ මල්ලි ගානේ
      පිලිස්... අපේ පැත්තේ අවොත් කට්ටියම එන්න දාන් අදීනනත් එක්ක.. ටෙක් කෙයාර් ලව්...සියු සුඋන් .හැවර් නයිස් ඩායි.....

      Delete
    3. බෙහෙත් නවත්තලා ගොඩක් දවස් ද

      Delete
    4. දේශක අයියා,
      ඇයි අනේ ඔයා ආයුර්වේද වෙදෙක්ද? මම ගුලිකන්න හරිම කැමැතියි. ඔයාට බැරිද මට ගුලිකවන්න මම එන්නම් තංගල්ලේ ඉදන් කියන තැනට. තංගල්ලේ මල්ලි ට පුලුවන් එන්න හොඳේ .3න් මාසේ දානෙට එනකොට කියන්න. ඔයා වයසක වෙදෙක්ද ??? තරල සාරේ ලිලිපොප් වල දාලා කන්න මම ආසයි

      Delete
    5. මල්ලිට හරි යන සුපිරි කොල්ලෙක් තංගල්ලෙම ඉන්නවා මෞර්යය රාජ් කියල... සෙට් වෙලා නැද්ද අනේ

      Delete
    6. ඇයි අයියා ඔයා මෞර්යය රාජ් එක්ක සෙට්වෙලා තියනවද.. කොහොමද එයා හොඳද.. සැප කනේද බිම දාන් අදින්න එහෙම ගියාද ඔයා. නැත්නම් ස්ටෝබෙරි ලොලිපොප් කෑවද ? අනේ ප්ලීස් කියන්නකෝ ලජ්ජවෙන්නෙපා මේවා දැන් ලිගලයිස් වෙන්න ලඟයි සඳරුවන් ඊ නිවුස් එකේ දාන්නේ නැ ලව් මේවා

      Delete
  8. Malageyaka yanava nam boothalayak nAthuva ba.

    ReplyDelete
    Replies
    1. අනික දුර යනවනං භාවනා කරනන්යැ බං

      Delete
  9. මගුලක් වූ මළගෙයක්.. නැද්ද.. හැක්..

    ReplyDelete
    Replies
    1. අපිට ඔයි කෝකත් ෆෙස්ටිවල් තමා කෝචිචියෝ..

      Delete
  10. පොලිස් නිලධාරියාගේ කස්ටමර් සර්විස් එක අගය කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. පාරේ යන එකෙන් ගෙන් ඇහුවට වඩා විස්වාසබල්

      Delete
  11. පව් ලසන්තයා. දරුපැටව් එක්ක ට්‍රිප් එකක් යන්නනෙ ඉදල තියෙන්නෙ. දේස පව් වැඩක් නොවැ කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ඒකට බාධා කලේ නෑනේ වැවෝ.. උඹ දැං කම්මැලිය වෙලා නේද?

      Delete
  12. දේශකයා තුමනි ඔබේ ස්ටෝරිය ඇහුවාම මට මගේ පියා මතක් උනා. එය මළ ගෙවල්වල ගියෙත් ඔහොම තමා ඔය මධුවිතේ ආනිසංස ඇස් පනාපිට දැක්ක නිසා ඔබතුමා ඔය පිලිබඳ ටිකක් හිතන්න. කෙනෙක් නැතිඋනම එහි පාඩුව සමාජයට නෙවෙයි ගෙදර අයටයි. අවසානේ කාටත් ඉතිරිවෙන්නේ පවුල විතරයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය දැං දවස් දෙකක් මට මේ කතාව ඒ විදියටම කිව්වා. එව්වා ගැන හිතෙනවා තමා. අනේ ඒත් ඉතිං පාලනයක් ඇතිවයි කරන්නේ..

      Delete
    2. ඇයි හිකුවේ එකටත් සෙට්වුනා වගේ ...

      Delete
    3. අනෙකාට අපහාස වන කමෙන්ට් තබා නෙගනිමි... ස්තුතියි

      Delete
    4. මකද්ද වුන අපාහසේ

      Delete
    5. කතාව ඇත්ත ඒක අපහාසයක් නෙමෙයි.. මට හිතුනේ අපහසුතාවට ලක් කිරීමක් කියලයි.

      Delete
    6. කවද අපහසුතාවට ලක්වුනේ

      Delete
  13. අකුරැස්ස නැහ්නං ආතල් කුඩු නෙහ්... ඔය පබසරා එකට ගිහිං තමයි මාත් සුරාවට ඇතුල් උනෙ...

    එල ටිප.. ආයෙ යනවනං කීන්න..


    ජ ය ේ වා...

    ReplyDelete
    Replies
    1. උඹත් දකුණ පැත්තෙද?? මල ජරාව..

      Delete
  14. ලස්සන පැත්තක් කිව්වට එක පොටෝ එකක් වත් දාල නෑනේ උඹ.

    ReplyDelete
    Replies
    1. කොහේද බං මේ මිටි වෑන් ලඩියේ ඉදං පොටෝ ගන්න බෑනේ.. අනික රස කතා අස්සේ එව්වා අමතක උනා.. හැක්

      Delete
  15. වෙරි වෙච්ච දේශක අංකල් තාම නටනවා :) :)

    ReplyDelete
    Replies
    1. ඔයා එරන්දි
      අරයා එරන්දි
      මෙයා එරන්දි
      මං එරන්දි

      මට තාම වෙරි.. හැක්

      Delete
  16. ගුරුකොට ඒක මරු

    ReplyDelete
    Replies
    1. ගුරු ෆුල් එකක් තිබ්බ නං මරේ මරු... ජය වේවා

      Delete
  17. මළගෙවල් කතානම් ඉතිං ඉතා රසවත් නේ. අපි කොයිතරම් වැරදි මළගෙවල් වල ගිහිං ඇත්ද ? ඒ විතරක්ද මගුල් ගෙවල්වලත්. ඔය ගැටබරු දේවාලේ තියෙන තැනනම් පුදුම ලස්සනක්. ඔහොම ගමනක් යත්දී ඒ දෙපස ඉන්න බ්ලොග් කරුවෝ ලැයිස්තු ගත කරළා පිළිවෙලකට මරා ගන්න තිබුණේ. එහෙම වුණානම් ශේප් එකයි පාරයි දෙකම හරි. දැන් බලාගෙන යනකොට මළ ගෙයක් තියෙන්නම ඕනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගියපු වගේ මළ ගෙවල් වල දැං යන්නේ නැහැනේ බං. සීමිත ප්‍රමාණයකට විතරයි කාල වෙලාව ඉතුරු වෙන්නේ. ඒත් මම නං කෝම හරි මළ ගෙවල් වල යන්න උපරිම ට්‍රයි එකක් දෙනවා. එහෙම ගියාම තමා අවුරුදු ගානකින් හම්බ වෙච්චි නැති යාලුවෝ නෑයෝ හෙම හමු වන්නේ. කිව්වත් වගේ මළ ගෙවල් කතා නං බෝමයි.

      දකුණු පළාතේ ඉන්න බ්ලොග් කාරයෝ ගැන මට ඒ තරං නිච්චියක් නැහැ බං. ස්තුතියි සුදීක

      Delete
  18. මං කල්පනා කලේ ඔය ටික කරන්න ඇ‍යි ඔච්චර දුර ගියේ කියලා....

    ReplyDelete
    Replies
    1. දැන් අපි හොදයි බං.. ඉස්සර යාපනේ බෝතලයක් තියේ කිව්වත් වාහන අරන් යනවා ඒක බොන්න.. හැක්

      Delete
  19. සුදු හූණන් ඇති කරන ගෙදරත් යන්න තිබුනෙ

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතිං සුදු හූනෙක් යන්න ඕන.. හැක්

      Delete
  20. මළගේ "හදිසි" වුනාට ගමන ගිහින් තියෙන්නේ හොඳට ප්ලැන් කරලානෙහ්.

    ReplyDelete
    Replies
    1. අපි කොහේ ගියත් කල්පනාවෙන් යන්නේ.. හැක්

      Delete
  21. උඹේ ගුරු කොටේ තමයි මරු, ඔය වැඩිය දන්නේ නැති එවුන්ගෙ මල ගෙවල් වල ගියාම බෝතලයක් නැතිව පාලු මකන්න හෙන අමාරුයි බං !

    මැරිච්ච මනුස්සය දන්නවා නම් අපි විඳින දුක කලින්ම බෝතලයක් සෙට් කරලා තියල තමයි මැරෙන්නෙ :-D

    ඔය දකුණු පළාතෙ එව්වො බිව්වාම ෂුවර් නෑ ... අනිත් වෙලාවටත් ෂුවර් නෑ ;-D

    ReplyDelete
  22. හේ හේ.. ගුරු කොටේ නං මරුම තමා.. හැක්

    අනේ බං ඉස්සර නං බෝතලයක් දෙකක් මළ ගෙයක ගියාම හමුබුවෙනවමයි. දැං ඒකටත් එක්ක. හැම එකාමෙ බොන්න බලාගෙන එන නිසා වෙන්නැති කොහෙන්වත් බෝතල් ලැබෙන්නෙ නෑ.

    දකුණේ උන්ද?? කවදාවත් ෂුවර් කරන්න බැරි ජාතියක් බං..

    ReplyDelete