Wednesday, April 26, 2017

වසන්තම්ගේ ලී කුට්ටියට ලොබ බැඳ!!

බෙලිඅත්තේ කොඩිතුවක්කු..
අරාබියේ තඩි කරවිට
මගදි කැඩෙන හබරකඩය

පුංචි පහේ කළණසිරියා

බුදාම්මේ.. එකතු වෙලා
හරියට හෙම බැලුවොත් නං
ගොඩිසිලාල.. පැනිසිලාල..
නසරානියෝ සතර දෙනයි

නිකටම වගේ... ට්‍රයි කෙරුවා
අවුරුදු තුනකට කලියෙන්
කුට්ටි කඩන්නට පුලුවන්
මෝඩ බ්ලොගාලා අන්දා

එදා ඉදං ව්‍යාපාරේ දියුණු වෙනව සුරුසු ගාලා
ගාන හොදයි.. ලාබේ වැඩියි... මෝඩ කමට බේත් නෑනේ
දුං දම දම නිදා ගත්ත... කම්මැලිකම නහය උඩට
මොල තිබ්බත් යස අගේට.. අහු උනානේ වසන්තම්ට

එක පිට එක පෝස්ට් වැටේ. හයර් එකට වීල් එකක්
චන්ද කඩයි මැසින් එකෙන්.. ඩොලර් කුට්ටි තට්ටු ගනං
අනේ ඉතිං අහු උනානේ.. මේ අන්දොස් වාහෙලාට
නෙලුං යාය වගේ නෙමෙයි.. යටි මඩිමයි වැඩිය යන්නේ

ලියාපියව් තව තව ලිපි.. වසන්තම්ට රජ මගුලයි
මාසයක්ම තියෙන එකේ.. මැයි දාහත ඉවර තමයි
කොච්චර ලිව්වත් තරගෙට.. ජය පැන්නම් මටම තමයි
එච්චර දිනුවත් මොකටද.. ලී කුට්ටිය අගල් හයයි


බෙලිඅත්තේ කොඩිතුවක්කු කවියාගේ ව්‍යායාමයට අඩයකි..

44 comments:

  1. යමං කලුවො ගෙදර යන්න..
    උඹට හුඟක් රිදිල කියල..
    දැන්නම් මට බොහොම සුවර්..
    ඩොලර් කුට්ටි දෙකට බෙදල උඹට හොඳම කොටහ දීල
    උඹෙ බඩ කට දෙක පුරවල..
    වසන්තයේ තැනක් දීල..
    අපි එහෙමයි ප්‍රශ්ණ වලට
    සෙනිකෙන් උත්තර හොයන්නේ..
    යමං කලුවො ගෙදර යන්න..
    මොකද තවත් තප්පු ලන්නේ..
    හැක් ..

    ReplyDelete
    Replies
    1. රිදුන තැනට තව රිද්දන
      වසන්තම්ගේ බඩු සැට් එක
      දෙන වඳ විද මැරීයන්න
      එපා කලුවෝ වරෙං යන්න

      Delete
  2. මෙදාපාර
    වසන්තයටගේ..
    ලීකුට්ටිය..
    විදානයට..
    දෙශයකට සිද්දවෙන්නේ..
    කෙල හල හල..
    බලං ඉන්න..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අන්තිම මොහොතේ මැච් එක බලාපං.. කල වැද්දා..

      Delete
  3. දම් පාටින් ලා සඳ බැස යද්දී අරුනැල්ලේ නැග එන උදා හිරු කිරණ!
    ඌවෙන් පැන නැගී උතුරට නැගෙනහිරට (කලින්) මෙන්ම දකුණට බටහිරට (දැන්) ගලාබසින මිත්‍රත්වයේ ජල දහර!
    උඩ-පහත දෙරට යා කල සෙනෙහසේ සොඳුරු වැල් පාලම!
    බ්ලොග් වසන්තය දෑතට යෝධ ශක්තියක්!
    අපේ එකෙක්!

    රණවිරු රණසුරු කල්‍යාණ මිත්‍රයා!!!

    සුමිත් කලණසිරි

    2017 බ්ලොග් වසන්තයේ හොඳම සංවිධායක කරමු!!!ය්

    ReplyDelete
    Replies
    1. ඌවේ ජන මන පොබ කල.. කදුළු කතාවේ එකම ඡායාරූප ශිල්පී

      සුමිත් කලනසිරි ලී කුට්ටියා කරමු

      Delete
  4. අඟල් හයේ ලී කුට්ටිය
    ඉම්පෝටඩ් මහෝගනී!

    ඒ විතරක් නොවෙයි අනේ
    ඕක් ගහේ ලීයෙන් සැදු
    වැට්වල පදමට නිපදපු
    වැට් හැටනමයේ බෝතල්
    එදා වගේ හෙටත් ලැබෙයි!

    ReplyDelete
    Replies
    1. ලී කුට්ටිය එක එකාට
      බෙදුවට නෑ සරු සාරෙට
      බදු ගැහුවට හැට නමයට
      උන් බිව්වේ හරි හරියට. හැක්

      Delete
  5. මේ වගේ තැන්වල දී කළ යුත්තේ කල දුටු කල වල ඉහගන්නවා වගේ වසන්තම් ලිපිවලට ලින්ක් දා ගැනීමයි!

    මෙන්න බ්ලොග් වසන්තය සඳහා මා ලියා පළ කළ ලිපි-

    1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
    https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


    2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
    https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


    3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
    https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html


    4. ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
    https://rasikalogy.blogspot.com.au/2017/04/strong-link-in-supply-chain.html


    5. පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?
    https://rasikalogy.blogspot.com/2017/04/childish.html


    6. කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged
    https://rasikalogy.blogspot.com/2017/04/rubbish-must-be-garbaged.html


    7. කොහෙන් ආපු ඉන්දියන්කාරයෙක් ද මූ? - Being a foreigner in Sri Lanka
    https://rasikalogy.blogspot.com/2017/04/being-foreigner-in-sri-lanka.html


    8. ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold
    https://rasikalogy.blogspot.com/2017/04/all-revealed-nothing-left-untold.html


    9. උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud unique style
    https://rasikalogy.blogspot.com/2017/04/exam-fraud-unique-style.html


    10. වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly
    http://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් කාරයත් අන්දොස් වෙලා මේක ස්පෑම් කරල තිබිල අරං ආවේ.. හැක්

      Delete
  6. ගිය පාරත් වසන්තයා
    ‍ලී කුට්ටිය එක්ක ‍දුන්න
    හැට නවයේ වැට් කෑල්ල
    අපිට පුතේ ලැබුනෙ නැතේ

    කොකාලාට ‍දෙන්න තිබ්බ
    රියාල් යටිමඩි ගහලා
    කොඩියයි කරවිට දෙන්නා
    මෝල් ගිහිල්ලලු ඩුබායෙ.

    උඹලා කොච්චර ලිවුවත්
    මෙදා පාර වසන්තයෙන්
    වොල්නට් තිය පීනට්වත්
    ලැබෙයි කියල හිතන්නෙපා

    ReplyDelete
    Replies
    1. //වොල්නට් තිය පීනට්වත්//

      දේනඩ හිතෙනවා පුතීට
      කට පිරෙන්න රියාල් එකක්..

      Delete
  7. බ්ලොග් ලියන වැඩ්ඩෝ
    අපිට නම් වානා
    සම්මාන හදන වඩ්ඩෝ
    තමයි අපිට ඕනා

    ReplyDelete
    Replies
    1. ඉයන් තුමෝ මේ අහන්න
      ඔය වඩ්ඩන් වැඩ බලන්න
      ඒකේ බජට් හොයාගන්න
      සරාස්තුමා ගෙන්නගන්න

      Delete
  8. //වසන්තම්ගේ ලී කුට්ටියට ලොබ බැඳ!!//
    සහතික ඇත්ත යකෝ. මෙච්චර කල් අකුරක්වත් නොලිය අත් දෙක බැඳගෙන බලං හිටපු කයිතාන්ඩුවා මෙන්න දැන් දවසට එක ගානෙ එකසිය ගාණට ලියන්නෙ. හැබැයි මේවා නං කලින් ලියල ඉස්ටොක් කරගෙන හිටපුව වගේ.

    ReplyDelete
    Replies
    1. ගේ මුල්ලේ හැංගිල ඉන්න අයියලට ඔව්ව වැඩක් නෑ. .හැක්

      Delete
  9. කොහා කෑ ගැහුවෙ නෑතෝ
    එරබදු මල් පිපුනෙ නැතෝ
    ඒත් අනේ වසන්තෙ නම්
    බ්ලොග් ලෝකෙට පහල වෙලෝ
    පෝස්ට් වැටේ සට සට ගා
    ඇස් වල පොට යන්න ගියෝ
    ලියපු ඈයො අහපන් ඩෝ
    ඡන්ද තුනක් අතේ ඇතෝ
    වැඩිම ලංසුවක් දෙන්ඩෝ
    විකුණනවා මම ඡන්දෝ

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් බල්ලා.. සොරි.. ගස් ලබ්බා මේ අහන්න
      වසන්තම්ට උන ගැනෙන්න
      ඩිනාර් කුට්ටි හොලවන්න
      උමත් ලියං පදිරි වෙන්න

      Delete
  10. ඊලග අවුරුද්දේ වසන්තයේ
    ඔක්කොම ලී කුට්ටි මට ගන්නට
    කරනවා හොඳ වැඩක් ඔන්න බලහල්ලා.
    දැන් ඉඳම්ම ලිපි ලියලා
    පරිස්සමින් අරන් තියලා
    වසන්තයට එක ගානේ
    පොස්ට් කරනවා
    මට ජන්දේ දෙන එවුන්ට
    ටකරන් තහඩුත්,සිල් රෙදි බෙදලා දෙනවා

    ReplyDelete
    Replies
    1. ටකරන් නැතුව සීට් දියවු
      සිල් නැතුව සීල් දියවු.

      Delete
    2. මඩු වලිගේ
      ඕන වෙන්නේ
      මේ වගේ උන්ටයි
      තලන්න.තලන්න.. හිටං

      Delete
  11. මගදි කැඩෙන හබරකඩය ???????????

    ReplyDelete
  12. අපි නම් අහුවෙයි ඔවට

    ReplyDelete
    Replies
    1. 2014 බ්ලොග් සම්මාන මතක් කරගනිං

      Delete
  13. වසන්තයේ මල් කැකුලයි
    දේශකයට පොලු පාරයි
    ප්‍රසන්නයගේ පොල් රැවුලයි
    දෙන්නාටම ගල් ඉල්ලයි
    අදත් පෝස්ට් එකක් දමයි

    පෝස්ට් ගොඩ දිහා දැකලා හිත කකියනවා
    වැලක් බලන්නටවත් නෑ පෝස්ට් බලනවා
    පාඩමක් උගන්වන්නම් පෝස්ට් දමන්නම් හෙට
    ඩේටා ඉවරවෙද්දෙන් මම දේශා මරන්නම්

    ReplyDelete
    Replies
    1. උඹ ලිව්වට
      අපි එන්නෑ
      කොමෙන්ට් දාන්නට
      හිටගෙන

      Delete
    2. කවි සිත ගියා. හැක්..

      Delete
  14. වසන්තේ බලා උන් බොහෝ බෝගාලන්
    ලියන්නේ සු රන් ලීපි මේ කාලයේදී

    ReplyDelete
    Replies
    1. ලීකුට්ටියේ අයිතිකාරයන්ටයි ඒකේ ස්ධුදිය

      Delete
  15. ලී කුට්ටිය ආගල් හයනම් ගාන රාක්කෙ ස්පොට් එකක් වෙන්කරගත්තා ඔන දැම්මම

    ReplyDelete
  16. Replies
    1. පොල් අඩියක්ද, ගල් අඩියක් ද?

      Delete
    2. අඟල් හයයි කිව්ව නේද?

      Delete
    3. අනේ සොරි සොරි. ලැච්චරර්තුමා කියල තියෙන්නේ "අගල් හයයි" කියලා.

      අගල් සහ කාණු නම් ඉතිං පත්තරමල්ලි අයියා හැර වෙන කවරෙක්ද?

      Delete
    4. 69
      යාලුවොන්ට සොරි කියන්නේ නැහැ

      Delete
    5. අඩි ගහල කාටද බං හරිගියේ මෙන්ඩෝ

      Delete