Wednesday, April 19, 2017

බොරු ගල් වීම හා ඒවා දිය වීම!!

මේක තාම අවුරුදු පැස්ටිවල් පැස්ටිවල් කාලේ නේ.. ඉස්සරනං අවුරුදු පෙස්ටිවල් හරි අගේට තිබුනා. ඒකට එකම හේතුව මං කුරුල්ලා වගේ තනියම පාවි පාවි හිටිය එක. ඒත් ඔය කූඩුවට තවත් කලු කපුටියෙක් වහපු දා ඉදල පරණ පුරුදු, ආසාවන් වලට එකින් එක කණකොකා අඩන්න ගත්තා. බෝම අමාරුවෙන් හරි කරගෙන යන එකම දේ ඉදල හිටල සතියකට දෙතුන් විටක් මත් පැන් ඩිංගක්.. බෝම සුට්ටක් කට ගාන එක විතරයි.

මේ ළගක් වෙනකම්ම මම හෙන ලොකුවට පාරම් බෑවා.. “අඩෝ අපිත් ගල් සුට්ටක් ගහල මේ සංගමයට බැදුන උන්“ කියලා. හැම එකාටම හැම තැනදිම මං කිව්වේ ඔෟ යෑස් ගල් වලින් තමා බේබදුකම පටන් ගත්තේ කියලා. මෙව්වා මේ අපි හිතාගෙන ඉන්න දේවල් ඒ විදියටම උනා කියල.

සමහර දේවල් තියෙනවා අපි ඒ වගේ හිතන. සමහර කරුණු කාරනා වලදී හිතේ පැටලුම් නිසා සමහර ප්‍රත්‍යක්ෂ කළ යුතු කරුණු වැරදියට තේරුම් අරන් ඒක මතම සමීකරණය විසදලා බොරු හේතුවක් මොකක් හරි කාරණාවකට ඈදා ගන්නවා. හරියට එක බොරුව සියපාරක් කිව්වම ඇත්ත වෙනවා වගේ මේ බොරු හේතුවත් පහු වෙන්න පහු වෙන්න ඇත්තටම වෙච්චි දෙයක් විදියට හිතට එනවා. 

පහු ගිය සතියෙත් ඔය වැඩේ උනා. නෑ අනේ ඒ මේ සතියේ සදුදා. ඔන්න එදා රෑ මහ ගෙදර තිබුනා මහා ගල් පුජාවක්. ඕකට පඩුරු පුදන්න තරං මගේ සාක්කුවේ සල්ලි නොතිබ්බ හින්දා, කලු කපුටිගේ පර්ස් එකට බැහැල එක්දහස් පන්සියක්ම සොරකම් කලා. ඉතිං මං ඔව්ව කියන්න යන්නෑ ඒ වෙලාවේ. පස්සේ පහු වෙලා කොච්චර ගුටි කෑවත් කියන එක සනීපයි නිසා. කෝම හරි එදා රෑම ගෙදර ආවට පස්සේ මේ දැරිවිට කුහුලක්, විචිකිච්චාවක් සැකයක් මතු වෙලා තියෙනවා මම ඒ පර්ස් එකට බැස්වත්දෝ හෝ කියල. ඒක නිසා කෝකටත් සුදානං සරීරේ කියල පර්ස් එක පරික්ෂා කරල බලන කොට දාහෙ කොල මිටි ටික ගනං කරාම ඒ ගාන හරිලු.. මොන මිටිද.. දාහේ කොල හත අටක් රෝල් කරල මිටියක් ගහල තිබුනේ.. අපි නොදන්න චෙස්. අවසානයේදි තහවුරු වෙච්චි එකම දේ රුපියල් පන්සියකට විදපු බව කියල හිත හදාගෙන ඉදල තියෙන්නේ. ඒත් ඊයේ රෑ ඩිනර් එකට එළීයට යන්න හදද්දි පර්ස් එක නැවත පරික්ෂාවෙදි අර රුපියල් දාහ අඩු එක මාට්ටු වෙලා මගෙන් අහනවා “අදත් දාහක් ගත්තයැ“ කියලා. මං ඉතිං බෝම අව්‍යාජ කිසිදා බොරු නොකියන අවංක සත්‍යෙය් පරමාදර්ශය වන් අයෙකු වන නිසා කිව්වා.“පිස්සුද මං ඊයේ රෑ තමා එක් දාහස් පන්සියක් ගත්තේ කියලා“

“අනේ මේ බොරු නොකිය ඉන්නවා හරිද? පර්ස් එකට බැස්සද කියල තියෙන සැකේ නිසා මං ඊයේ රාත්තිරි ආපු ගමන්ම දාහෙ කොල ටික ගනං කරල බැලුවා. එතකොට තිබුනා“

“ඒ නිදිමතේ වෙන්නැති.. මං ගත්තේ ඊයේ රෑ“

“මට ඔය බොරු කියන එක තමා අල්ලන්නේ නැත්තේ. අද දාහක් ගන්න උවමනාවක් නෑනේ.. ඊයෙත් පන්සියක් ගත්තනං“

“ඉතිං. ඊයේ පන්සිය බාර් එකට පෙන්නල බෝතලේ ගෙනාව කියලැයි ඔහේ කියන්නේ“

“එව්වා මම දන්නෑ. කෝම උනත් ඊයේ රෑ ඔය අඩු වෙච්චි දාහ තිබුනා.. මොකද මං හොදට ඒක ගනං කර නිසා දන්නේ“

“දැං මං කිව්වා නේ මං අද ගත්ත දාහක් නෑ. ඊයේ ගත්තේ කියලා“

“දැන් කෑම කන්න සල්ලි නෑ.. මං යන්නෙත් නෑ එළියට.. හුක්“

“ඕනනැත්නං නිකා ඉන්නවා.. පුතා එනවා යන්න.. අපි යමු කාලා එන්න“

ඔහොම කිව්වම කොල්ලෝ දෙන්න හරි සන්තෝසෙන් යන්න ලැහැස්ති උනා. මෙන්න බොලේ දොරෙන් එළියට තුන් දෙනෙක්ම එනවා. අර මට ගස්සපු දැරිවිත් ලැහැස්ත් වෙලා එනවා යන්න.හැක්

ඒ පාර බීච් එකට ගිහිල්ලා පැය බාගයක් විතර උන් දෙන්නට දුවන්න ඇරල අපි දෙන්න වාඩි වෙලා උන්නා කණ්ඩියක් උඩ.

“නෑ අනේ.. මං ඊයේ ගනං කරාම අඩු උනේ නෑ. ඒකයි කිව්වේ“

“ඉතිං ඔයා ගණං කරපු විදිය වැරදියි නේ.. මම ඊයෙයි ඕක ගත්තේ“

“හරි හරි. ඒ උනත් ඔයා ඕක අද අරං ඊයේ ගත්තා කියල බොරු කියන එක වැරදියි නේ“

“ඔන්න ඉතිං.. බම්මුබ. බ්ලා බ්ලා.. මම ඊයෙයි ගත්තේ.. එච්චරයි“

බෝම අමාරුවෙන් මිත්‍යා මතය සුනුවිසුනු කරල දැම්මා. එහෙම තමා ඉන්න ඕන. කෝම උනත් මට එකම දුක රුපියල් දාහකට වඩා වටිනා මගේ වචන නාස්තිය ගැන. හරිම අපරාදයක් නේද ඒක..

ආ.. මම කියන්න ගියේ.. අර මුලින්ම ගල් බිංදුවක් කටේ තිබ්බය කියන බොරුව ගැන නේ. ඉතිං මේ ළගදී රොක්ලන්ඩ් ඕලඩ් අරැක් බොන්න හදද්දී, අර අබේ තෙල් බේරෙන අයියා ඉන්නේ ඕර්නමැන්ටල් කියලා.. මිනිහා කිව්වා සංස්ථා ඕල්ඩ් තමා සුප්පා.. ඔව්වා පජාතයි කියලා. ඒ වචනේ මට තදින්ම හිතට වැදුන නිසා තනියම බොන්න සෙට් වෙච්චි වෙලාවක ඇන්ඩයියා කිව්ව සුප්පා එකෙන් බාගයක් අරන් ගෙදර ගියා. අවශය අටකලම්පන්න සේරමල්ලා ලැහැස්ති කරගෙන පළමු වෙනි සොට් එකට කටට ගන්න කොටම මහ භුමිකම්පාවක් වගේ මොලය දෙදරන්න ගත්තා. දිව හරහා ගියපු දියරය උගුරින් පහළට ගමන් කරන කොට එක පාරටම මට නිර්වානය අවබෝධ උනා. මුළු ඇගම වෙව්ලලා ගිහින් මොලයේ රෝම කූප.. එව්ව ඕන නෑ... මොලයේ සෛල කලින් මං හදාගෙන හිටපු පින්තුරයක් වෙනස් කරන්න ගත්තා..


ඔව් මිත්‍රවරුනි.. මං එදා තේරුං ගත්තා.. මම ඉස්සෙල්ලාම අරක්කු ඩිංගක් කියල බීල තියෙන්නෙ සංස්ථා ඕල්ඩ් කියලා. සියළු මිත්‍යා මත දුරු උනා. මේ ගැන ගල් බලකායෙන් සමාව ඉල්ලන්න උනත් මං සුදානං..

ඒ වගේ කවදා හරි සිහියට නැගේවි කියල හිතන තව එකක් තියෙනවා.. අපේ නෑදෑ අයියා කෙනෙකු සමඟ සෙට් වීමට අරගෙන දැං අවුරුදු දහයක් පහළවත් උනත්.. තාමත් මේ යකා එක්ක මුලින්ම බීපු දවස සිහියට එන්නෑ. හැමදාම සෙට් උනාම ඩේටාබේස් එක ඇදල එක්ට්‍රැක්ට් කරගන්න හැදුවත් හරි යන්නේ නැහැ. මේ සියළු පිං බල මහිමයෙන් ඒ සත්‍යයත් උදෑසන නැගෙන දීප්තිමත් හිරු මෙන් නිරාවරණය වේවායැයි පතමි.

හැක්.

වසන්තම්ගේ ලී කෑල්ලට මුක්කුවකි

84 comments:

  1. අනුමත නැතත් බයිට් ටේස්ටි

    ReplyDelete
    Replies
    1. ආයි අහල.. අපිටත් සමාර වෙලාවට ලැබෙනව සුප්පා බයිට්

      Delete
  2. මොන එකක්ද මන්ද බං, මටනං ඔය සංස්ථා ඕල්ඩ් ඇල්වතුර බොනව වගේනෙ. බඩ පිරෙනව ඉතරයි.

    ReplyDelete
    Replies
    1. සංස්ථා ඕල්ඩ් එකට වඩ⁣ා IDL පරණ පොලේ හොදයි. සිරාවටම

      Delete
    2. මටත් ලවක් දෙවක් නෑ බං. ගල් ඊට සෑහෙන්න හොදයි.. විප්‍රවාසී උන්මාදය තාම අඩු නැද්ද??

      Delete
  3. අනේ පලයං බං යන්න. ඇක්මී එකක් කෙලලද කොහෙද

    ReplyDelete
    Replies
    1. උඹලටත් ඕන නැති කතා මයි බං. හැක්..

      Delete
  4. දේසො මේ අපේ ගෙදර වෙච්චි එකක් උබ ලිව්වද කියල මම බැලුවේ.
    ඇප් බී එකෙන් ලින්ක් එකක් දැම්මනං ලේසියි බලන්ට ...

    ReplyDelete
    Replies
    1. අම්මප.. හරිම සන්තෝසයි. මං වගේම පවුලට අසීමිතව ගෞරව කරන කෙනෙක් හමු වෙච්චි එක.. හැක්

      Delete
  5. ඊයා , මේ දේශා හෙනම බේබද්දෙක්නේ , දැන් ඔය ගල් වලට් සෙට් වෙන බයිට් මොනවද?

    ReplyDelete
    Replies
    1. ගල් වලට මචං ලව්පුස් තුමා.. සෙට් වෙන බයිට් රාසියක් තියෙනවා. ඔය බයිට් සෙට් උනත් නැතත් ඒ සේරම බයිට් උඹට සෙට් වෙන නිසා මං ඒවා ගැන කියනන කැමති නෑ.. හැක්

      Delete
    2. මූට ඉතිං කෝකටත් තයිලෙ වගේ තියෙන්නෙ ඔම්ලට් එක තමයි. හැක්..

      Delete
    3. උඹ දැං කියහං බලන්නේ ඕකේ ලියල තියෙන ඔම්ලට් එක ගැන.. බම්බුව

      Delete
    4. //ගල් වලට් සෙට් වෙන බයිට් මොනවද?// මොන ජීවිතද ඕයි මේවා?

      Delete
    5. කූනිස්සාගේ සිට පොකිරිස්වා දක්වාත් , ළූණු ගෙඩියේ සිට ගෝවා ගෙඩිය දක්වාත් , මාරි බිස්කට් එකේ සිට පාන් රාත්තල දක්වාත් , වටු මසේ සිට කලුකුම් මස දක්වාත් , හාල් මැස්සාගේ සිට මෝර මාළුවා දක්වාත් , හාවගේ සිට හරකා දාක්වාත් , ටිපි ටිප් එකේ සිට හුලං විස්කෝතුව දක්වාත් , සව් ඇටේ සිට කඩල ඇටේ දක්වාත් , ඉන්නලේ සිට රාජලේ දක්වාත් , ලොවි ගෙඩියේ සිට පොල් ගෙඩිය දක්වාත් , අග්ගලේ සිට ආස්මීය දක්වාත් ඔය මොකවත් නැත්නම් දුම් උගුරක් ගල් සමග බයිටට ගත හැක .

      Delete
    6. කම්මලේ, මටනං වැඩිපුරම ගැනෙන්නෙ අන්තිම බයිට් එක තමයි.

      Delete
    7. ඔය ලව්පූස්තුමා හදන්නේ ගල් පාටි වලදී බොන උන් බොන එක නවත්නන්න.. ඕ යෑස්

      Delete
  6. ආරම්බය ගල් බලකායෙනි. ඉන් පසු ඇස්කොට් ඩ්‍රයි ජින් හරහා වොඩ්කා වලින් අවසන් විය. තාමත් වතුර බොමි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මාත් ගල්බලකායේ හෙන පොරක් කියල හිතං හිටපු හීන කුඩු වෙලා කුජීත වෙලාම ගියා

      Delete
  7. මමනං කාලයක් IDL බ්ලැක් ලේබල් එකට පුරුදු වෙලා හිටිය. ගෙදර බෝතල් එකතුවෙන හන්ද ඒ වැඩේ අතාරින්න සිද්ධ උනා. ඊට පස්සෙ ඉතිං ගල් ම තමයි. ඔය මස්සිනා කාරය ආපු වෙලාවට එහෙම සංස්ථා ඕල්ඩ් වලට සෙට් වෙනව.

    ReplyDelete
    Replies
    1. උඹ ගල් ගහන ක්‍රම වේදයත් කියංකෝ ඉතිං..

      Delete
    2. මොන ක්‍රමද ඉතිං. ගල්නං ගල් ගහනව වගේ තමයි ගහන්නෙ.

      Delete
    3. බොරු කියන්න එපා උඹ නීට් ගහන්නේ.. හැක්

      Delete
    4. ඒක තමයි බං කියන්නෙ. ගල් ගහන්නෝන ගල් වෙන්න.

      Delete
    5. දැං වසන්තම්ගේ උඹගේ කොටහට මොකද වෙන්නේ..

      Delete
    6. මේ ගමන ඉන්දිකය මට දෙන්නෙ නෑලු.

      Delete
    7. ණ යනු අයියා කෙප්පමයි කෙලින්නේ .. හැමදාම අැහුවම බෑ... බෑෑෑෑෑෑ ගා ගත්ත ගමන්මයි..

      Delete
    8. යකෝ දවල් දොලහට බොන්න පිස්සුද? උඹල වගේ නෙමෙයි අපි ඔෆ් වෙන්න අටෙං පස්සෙ. හැක්..

      Delete
    9. අනේ විදානයෝ උඹ ඊට නරකද කොළම ඇවිත් මාව ඇමතුවනං.. හැක්

      Delete
  8. මෙතන හෙන රෝ මෑන් ටික් විදියට කියල තිබුණට උඹ දේශිකාගෙන් ගුටි කාපු හැටිත් ලිවුවනං තමයි වටින්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. එව්වා උඹලට වැඩක් නෑනේ. අනුන්ගේ පව්ල් ප්‍රශ්න වලට අත නොදා බොළද ප්‍රශ්න නාහ හිටු.. ඇත්ත කියන කොට අපිට උනත් තද වෙනව නේ හිටං.. හැක්

      Delete
  9. මේ ගමන අයියල මල්ලිල මොකෙක්වත් සෙට් උනේ නෑ පිංවතුනි. තනියම අවුරුදු මරන්න තමයි උනේ.

    ReplyDelete
    Replies
    1. මට කිව්ව නං එනව නේ..

      Delete
    2. දැං ප්‍රසා අයියට ඔය මොක ගහන්නත් ටිකක් දුර ඇවිදින්ඩ වෙලා... ඉස්සරහම තිබ්බ ඉස්ටෝර් එක ස්ථාන මාරුවක් වෙලා හැක්!

      Delete
    3. බෝතලේට පනහක් වැඩි වෙච්ච එක තමයි උනේ. හැක්..

      Delete
    4. ඇයි එප්ටියක් උස්සන් යන්න බැරිද?

      Delete
    5. උස්සං යන්න බැරි හින්ද ත්‍රීවීල් එකට එම්ටිය දීල තමයි දැං ගෙන්නගන්නෙ. හැක්..

      Delete
    6. දැං කොයි හරියෙද ඕක තයෙන්නෙ.. ඇඹිලිපිටි පැත්තට වෙන්නද??

      Delete
  10. ඔය ගල් බොරුවට මුල ඉඳං විරුද්ධ වෙච්ච එකම එකා මම.. මොකද බොන්ඩ ඕනි උනාම මට ජාති බේද නැති නිසා.. මේ දවස්වල බොන්න හිතෙන්නේ නැති එක තමයි අවුල..
    වසන්තම් ට ජයින් ජයිම වීවා!!!

    ReplyDelete
    Replies
    1. පත්තර බ්‍රද තුමා හිටියනං කියල හිතෙන්නේ මෙන්න මේ වෙලාවට.. හැක්..

      වසන්තම්ට ආදරම්

      Delete
  11. අරක්කු කතා ගැන නම් කිසිම දෙයක් කියන්න විදියක් නෑ. මොකද අපිට ඔය ගල් පොල් කියල වෙනසක් නෑ. අපි හැමදාම කොකා කොලා බීලා බයිට් කන ගැන්සියේ කොල්ලෝ හින්ද.. කොහොම උනත් මේ රෝස පාට නම් කැතයි. කිසිම දේශක ගතියක් නෑ..

    ReplyDelete
    Replies
    1. කවුරුවත් පිංවතෙක් නැද්ද මේ මහත්තයගෙ කොකා බෝතලේට ගල් කාලක් කවලං කරන්න.

      Delete
    2. සෝස පාට වෙනස් කරමු පුතී..

      Delete
  12. ආ දේශා ආයිබොවන්ඩ.
    සකේ එකක් අරන් එන්ඩද ඊළඟපාර එනකොට.
    කසිය වගේ, හැබැයි කිසි අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. -මීට ජපන් ඇනෝ

      Delete
    2. ආයිබෝවන්ඩ ආයුබෝවන්නඩ.. කාලෙකින් දැක්කේ. ඉතිං එන්නකෝ කසියි උනත් කමක් නෑ හොද හිතින් දෙනවනං ගහමු.. චියර්ස්

      Delete
  13. සංස්ථා ඕල්ඩ් සෝක් පානෙ අප්පා...
    ඇත්ත කියනකොට බොරු කියල හිතන එක තමයි එපාම වෙන සීන් එක.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට නං ඒ සැර තමා බං අවුල...

      අපි ඇත්තක් කිව්වත් හැමෝම ඒක බොරුවට ගන්න එක තරං දුකක්.. හ්හ්.. තවත් නෑ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  14. සංස්ථා ඕල්ඩ් ජින්ජර් ඒල් සමඟ ට්‍රයි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන් ඕල්ඩ් එකක් ගෙනත් කතාකරන්ඩකො , මම ජින්ජර් ඒල් එක්ක කට ගැස්මක් අරන් තට්ටු 30 පඩිපේලියෙන්ම නගින්නම්

      Delete
    2. මාත් මේ ජින්ජර්ඒල් එකත් එක්ක ගහන්න හිතාන ඉන්නේ..

      Delete
  15. සික් විතරක් .. බේබද්දෝ.... නොදෝකිං තනියම බීල...

    ReplyDelete
    Replies
    1. බේබද්දන් තනියම බොති..

      Delete
  16. ඊලග පාර DD එකක් ට්‍රයි කරල බලන්න

    ReplyDelete
    Replies
    1. ඩීඩී ඉස්සර ගැහුවා දැන්නං අල්ලන්නෑ බං

      Delete
  17. ඉවරයි ඉවරයි... අපොයි ඉවරයි!

    ReplyDelete
  18. මොන එකක්ද මංදා..මට ගල් පෙන්නන්න බෑ. වෙන ඕනැ එකක්. ළඟදි දවසක අවුරුදු පාටියකට ගියා. මෙන්න ගල් බොන්න ගත්තෙ නැතෑ. හීංසීරුවෙ බියර් එකක් බීල ෂේප් වුණා.

    ReplyDelete
    Replies
    1. ගල් වලට අපහාස කිරීම හෙලා දකිමු !!

      -ගල් බලකාය-

      Delete
    2. මම නං ඉතිං ගල් බොන්නේ ලාබේ සලකල ආයිබෝවන්ඩ.. ඒ කාලේ ගල් බෝතලයක් ගන්න සල්ලි එකතු කරපු හැටි මතක් වෙන කොටත් දුකයි. දැං කියලත් ලොකු වෙනසක් නෑ.. හැක්

      Delete
  19. හයියෝ...:d අද ගත්තත් ඊයේ ගත්තත් ඉතින් ගත්තාම තමා :) හැක

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ප්‍රධාන ප්‍රශ්නය.. හරියට හරි

      Delete
  20. සංස්ථා ඕල්ඩ් නරක නෑ. මාත් මේ දවස්වල ගහන්නෙ ඒක තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න උඹ ගල් බිව්වා කියල මටම කිව්වා..

      Delete
  21. ඒහෙම ඒකක් නෑ.. තියනදේ ගැහුවා ඒච්චරයි.. හැබැයි ඉස් ඉස්සෙල්ලම ගැහුවේ වයිට් ලේබල් ඹ්ක්...

    ReplyDelete
    Replies
    1. මාත් ගහනවා තියෙන එකක්. ඒත් ඉතිං බෝතල් දෙක තුන ගන්න කොට ගල් වලින් එහාට යන්න අමාරුයි නදීකෝ

      Delete
  22. මම වෙරි වෙන්න මුලින්ම බිව්වේ බ්ලු ලේබල් කියල ජාතියක් තිබ්බ මතකද කසිප්පු වගේ, අන්න ඒවා...
    ඒ දවස් වල ගණන් අඩුම ඒවද කොහෙද...
    හැබැයි ඊට කලින් තාත්තගේ ගල් බෝතලෙන් හොරාට හොරාට ටික ටික බීල තියෙනවා. වෙරි වෙන්න නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. බ්ලූ ලේබල් තමයි අපිත් පටන් ගත්ත පානය. ඒක ගල් වලට වඩා ගනන්. බ්ලූ සහ ජින්ජර් බියර්. බයිට් එකට මුරුක්කු.

      Delete
    2. "බ්ලු ලේබල්" ගණන් නැද්ද බං.අපේ එකෙක් "බ්ලු ලේබල්" බිලා ඇවිල්ලා,අම්මෝ දීපු ටෝක්.

      Delete
    3. මනෝජ් , ඒ අර රස්තියාදුවේ යන් අංකල්ගෙ 'බ්ලූ ලේබල්' එවුව බොන්න හම්වවෙන්නෙ කන කැස්බෑව අඩිය ඉරිච්ච බිකිනියකින්, සන්ග්ලාස් දාගෙන අහස බලනව වගේ වෙලාවක තමයි.

      Delete
    4. ඔය මනෝජ් කියන්න බ්ලු ලේබල් ඉම්පෝරට් එක.. දැං තියෙනවා වෙනම බුලු ලේබල් ලෝකල් එකක්. ලොක්කා ගහන්න ඇත්තේ ඒක..

      Delete
    5. යා යා අපේ පොර බිලා තිබ්බෙත් අර ජොනී අන්කල්ගේ භාණ්ඩේ තමයි.ඌ ඒම්ටි එකත් ගෙනත් තිබ්බා අපිට පෙන්වන්න.

      Delete
    6. චික් එප්ටියක් අරං ඇවිත්ද බං දර්ශන දැම්මේ. හැක්

      Delete
  23. අපි නම් තවම අමද්‍යපයිලු..

    ReplyDelete
  24. ගල් ගැන නම් දන්නේ නැහැ බං මම බබා නිසා.හැබැයි සල්ලි ගැන නම් මට වෙලා තියෙන්නේත් දේශාට වෙච්චි සංතෑසියමයි.මාසේ මේ දවස් වලට මට සමහර විට සුදුගේ පර්ස් එකට බහින්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ් බබා මගේ මඩුවලිග ගැන්සියේ එකෙක් නිසා ඉවසනවා.. හැක්

      Delete
  25. දැන් නිදිමරාගෙන බොන පාටිවලට ඒතරම් කැමැත්තක් නෑ.
    ගෙදර මූවී එකක්/මැච් එකක් බලන ගමන්, පොතක් කියවන ගමන් නීට් සිප් කරන්න තමයි ආස.

    බොන්න කැමති ඒවා මෙතන කියල ලැච්චරර් තුමා ගෙනත් දෙනව‍යැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් ඔය පාටි වලට යන්න ඒ තරං කැමැත්තක් නෑ. ඒත් නිකම්ම ඇදිල යනවා.. වැඩිපුරම තනියම බාගයක් ගහන එක තමා මාත් කරන්නේ.. ප්‍රාට ඉතිං ටිකිලා කිව්වම වෙන මුකුත් ඕනයැ..

      Delete
  26. සංස්ථා ඕල්ඩ් එකේ පින්තුරයක් දානවා නම් දේශ අපටත් බලා ගන්න ඔච්චර සැර එක

    ReplyDelete
    Replies
    1. පස්සේ හම්බුනාම දෙන්නං..

      Delete
  27. බේබදු හැත්ත

    ReplyDelete
    Replies
    1. වඳුරු කුනුහරුප හැක්

      Delete