Friday, August 14, 2015

නාකි සුල්තාන්! (Old Sultan)

එක ගොවියෙකුට හිටියා සුල්තාන් කියල ඔහුට ඉතාම ලැදි වයසට ගියපු බල්ලෙක්. මේ බල්ලගේ එක දතක් වත් නෑ කටේ, ඉතිං මෙලොව දෙයක් ඌට හරියට අල්ලගන්නවත් බෑ. එක දවසක් ගම හාමිනේත් එක්ක දොරකඩ ඉන්න වෙලාවක ගොවියා මෙහෙම කිව්වා.

“මං හෙට මේ නාකි සුල්තානය වෙඩි තියල මරල දානවා. ඒ යකාගෙන් දැන් කිසිම වැඩක් නෑ“

ඒත් වයසට ගියපු අහිංසක බලු තඩියා ගැන අනුකම්පාවක් ආපු ගොවි හාමිනේ මෙහෙම කිව්වා.

“අනේ ඉතිං උගේ තරුණ කාලේ ඌ අපි මත්තෙම නැහුන එකා. අනේ ඔන්න ඕකට පාඩුවේ ඉන්න දෙන්ට“

“මක්ක කිව්වා“ ගොවියා පුදුමෙන් වගේ කිව්වා.“ඔහේට මේවා තේරෙන්නෑ. ඒ යකාට එක දත් කෑල්ලවත් නැති එකේ හොරෙක්වත් මූට බය වෙයිද? දැං මූට යන්න කාලේ හරි. ඒකා කරපු සේවෙට හරියන්න අපි ඌට කන්න දුන්න එකම මදෑ“

ගෙට කිට්ටුවෙන්ම මිදුලේ දපල හිටිය සුල්තාන්ට මේක ඇහුනා බෝම පැහැදිලිවම. “අයියෝ එහෙනං මගේ ජිවිතේ අන්තිම දවස හෙටයි“ කියල හිතාගෙන ඌ දුකසේ බලා හිටියා. හැබැයි සුල්තාන්ට හිටියා හොද යාලුවෙක් ඌ වෘකයෙක්. සුල්තාන් හැන්දැ කරේ හෙමින් සීරුවේ කැලේ ඇතුලට වැදිල යාළුවා හමුවෙලා තමන්ට වෙන්ට යන නස්පැත්තිය අකුරක් නෑර විස්තර කළා. මේක අහල වෘකයා බෙරිහන් දෙන්න ගත්තා.

“පිස්සු.. මේ අහගන්නවා යාළුවා. ඉන්නවකො කොල්ලෙක් වගේ. මං තමුසෙට මේ මරාලෙන් ගැලවෙන්න උදව් කරන්නං. අහගන්නවා මට තියෙනවා හොද ප්ලෑනක්. තමුසෙගේ ලොක්කා, හාමිනේත් එක්ක හෙට උදෙන්ම පිදුරු ගෙන්න යනවා නේ.. ඉතිං දවල් කාලේ ගෙදර කව්රුත් නැති හින්දා පොඩි එකාවත් අරගෙන යනවා නේ. ඔය ගියාම පොඩි එකාව කොතන හරි පඳුරක් ගාව තියල තමුසෙවත් ඉන්දල නේ යන්නේ එතන. ඔන්න ඉතිං මං එනවා කැලෙන් එක පාරටම, ඇවිල්ල අර පොඩි එකාව ඩැහැගෙන යනවා. අන්න එතකොට තමුසේ ටාර් ගාලා මගේ පස්සෙන් පන්නනවා. ඊට පස්සේ තමුසේ මට ගැහුවම පොඩි එකා දාලා මම දුවනවා. අාන්න එතකොට තමුසේ පොඩි එකාවත් අරගෙන ආපහු යනවා ලොක්කා ගාවට. හරිද,.. ඔන්න බලනවා තමුසෙගේ හොද කාලේ ලබන්නේ. ආයි මොනාද සැපට කාලා බීලා කූල් එකේ ඉන්නයි තියෙන්නේ. ආයිත් නං ඉතිං තමුසෙට වෙඩි තියන්න හිතන එකක් නෑ තමුසෙගේ ලොක්කා. කොහොමද මගේ වැඩේ“

සුල්තාන් මේ සැලැස්මට බෝම සතුටු උනා.  හිතපු විදියට හැමදේම උනා. ගොයි මහත්තයා මරහඩ තලන්න ගත්තා වෘකයා පොඩි එකා අල්ලගන්න කොට. ඒත් නාකි සුල්තාන් ආයිත් පොඩි එකා බේරගෙන එන කොට ගොයි මහත්තයට සන්තෝසේ ඉහ වහා ගිහිල්ලා නාකි සුල්තාන්ව ආදරෙන් අතගාලා මෙහෙම කිව්වා. “ආයි මොන ජගතෙක්ටවත් මං උඹගේ මයිලක් වත් ගලවන්න ඉඩ තියන්නෑ. සත්තමයි. උඹ ජීවත් වෙලා ඉන්නකං මගෙන් කාලා හොදට හිටපං මගේ පැටියා.. හාමිනේ..දුවල ගිහිල්ලා අපේ සුල්තාන්ට පාං සුප් එකක් හදන්න. මොකද සුල්තාන්ට විකන්න බෑ නේ. ආ.. එන ගමන් මගේ කොට්ටෙත් අරන් එන්න. මං ඒක සුල්තාන්ට දෙනවා නිදාගන්න“

ඔන්න ඉතිං ඊට පස්සේ නාකි සුල්තාන් ඇත්තම සුල්තාන් කෙනෙක් වගේ ජීවත් උනා.

ඔය සිද්ධිය අහවර වෙලා යාළු වෘකයා ආවා සුල්තාන් හමු වෙන්න. “ආව් ආව්.. තමුසෙට හරි ගියා එහෙනං. හොදා හොදා. හැබැයි තමුසේ ඇහැ ගහගෙන ඉන්නවා. ඕං බලනවා මට චැන්ස් එකක් ලැබුන ගමන්ම මම උස්සනවා තමුසෙගෙ ලොක්ක ගාව ඉන්න තඩි බැටලුවා.. හැක් හැක්“

“තමුසේ ඒ ගැන හිතන්නවත් එපා“ සුල්තාන් උත්තර දුන්නා. “මම මගේ ලොක්කට විරුද්ධව තඹේක දෙයක් කරන්නෑ. ඕක කරන්න දෙන්න බෑ“

සුල්තාන් විහිලුවට මේක කියන්න ඇති කියල හිතාගෙන රෑ ජාමෙට වෘකයා කැලෙන් එළියට ඇවිත් ගොවිපලට වැදුනා. වැඩේ කියන්නේ සුල්තාන් කලින්ම මේ ගැන ගොවියට කියල තිබුනා නිසා රැකල හිටියා ගොවියා දඩයක්කාර වෘකයව අල්ලගෙන ඇති වෙනකං කසෙන් තැලුවා. හැබැයි එළවල දාන්න කලින් වෘකයා සුල්තාන්ට සද්දයක් දැම්මා. “අසමජ්ජාතියා. බලං හිටපං. මං උඹව සම්බුව දෙනවා.“


පහු වෙනිදා උදේ පාන්දරම සුල්තාන් හම්බ වෙන්න වෘකයගේ ඉල්ලීම පිට වල්ඌරා ආවා. මේ ප්‍රශ්නේ බේරුං කරගන්න කැලේට එන්න කියල තමා පණිවිඩේ දිල තිබුනේ. අනේ ඉතිං අපේ දුප්පත් සුල්තාන්ට කොහේද මේවට ගහ මරාගන්න යන්න හැඩි දැඩි අය. යන්තං හොයාගන්න පුලුවන් උනේ පූසෙක් විතරයි. ඒ මදිවට ඒකට කකුල් තුනක් විතරයි තියෙන්නේ. ඔය යන ගමන් කකුල් තුනේ පූසා වේදනාවෙන් කුන්දු ගහගෙන යනකොට වේදනාව වැඩි කමටම වලිගේ පුරු පුරු ගාලා පුම්බන්න ගත්තා.

කලින් ගිවිසගත්ත විදියට වෘකයයි එයාගේ යාලුවයි නියම තැන හිටියා. මෙහෙම බලන් ඉන්න කොට සුල්තාන් එනවා දුරදිම දැකල මුන් දෙන්න බය උනා. උන් හිතුවේ සුල්තාන් හොද වක් කඩුවක් වන වන එනවා කියලයි. අර පූසගේ පිම්බුන වලිගෙටයි මේ අය රැවටුනේ. ඒ මදිවට කකුල් තුනෙන් අමාරුවෙන් එන පූසා, පනින වාරයක් පාසා ලොකු ගලක් අරන් ගහන්න හදනවාය කියල මේ දෙන්න සෑහෙන්න බය උනා. කොච්චර බය උනාද කියනනං මහ ලොකු වල් ඌරා කැලේට පැනල දුවද්දී. වෘකයා යන්තං ගහකට නැගගත්තා. 


නියම තැනට ආපු සුල්තාන් තාම වෘකයා ඇවිත් නැතිය කියල පුදුම උනා. කොච්චර උනත් වල් උෟරා කැලේ හැංගිල තිබුනේ බාගෙට. උගේ එක කනක් හොදටම පේන්න තිබුනා. තුන් කකුල් පූසා විමසිල්ලෙන් අවට බලද්දී. ඌරා තමන්ගෙ කන හෙලෙව්වා. මේක දැකපු පූසා මීයෙක් කියල හිතාගෙන එක පාරට පැනල කන හයියෙන් හැපුවා. ඌරු නාම්බා වේදනාව කාගෙන බෙරිහන්දී ගෙන කැලේට පැන්නා. “අන්න වංචාකාරයා අර ගහ උඩ“

දෙන්නම දැක්කා වෘකයා ගහ උඩ ඉන්න හැටි. තමන්ගේ නිවට කම මේ දෙන්න දැක්කා නිසා ලැජ්ජාවට පත් වෙච්චි වෘකයා ආයිත් සුල්තාන් එක්ක යාලු උනා.

Brothers Grimm - Old Sultan

පලි - මාර ලව් ලෙටර් එකක් නේ අප්පා යහපාලන ලොක්කා තමන්ගේ සගයට යවල තියෙන්නේ. හැක්

118 comments:

  1. හිටපු සුල්තාන් කෙනෙක් මෙදා සැරේ ඡන්දෙත් ඉල්ලනව කියල කතාවක් ඔය රට්ටු කියනව මාත් අහගෙන.කකුල් තුනේ කතාව නං අනේ මංදා.

    ReplyDelete
    Replies
    1. Fake Helapa Kade Profile.....

      Delete
    2. හෑ! මූ ෆේක්ද? මම හිතුව තැන තැන බෙටි දදා පෝස්ට් අල කරද්දි.... ඒකයි එහෙනං..... කෝ මේ හැලපෙ?

      Delete
    3. මේක ෆේක් නෙමෙයි බං.. ජි+ එක ඇක්ටිවේට් කරලා.. ඒකයි..

      Delete
  2. සුල්තාන් කියනකොටම මට මතක් වෙන්නෙ වේලාසන කොක්කු ඇවිත් කියන ඩබ්.ඒ. අබේසිංහ මහත්මයා ගේ රුසියන් පරිවර්තනය. හැලපයියා කියන සුල්තාන්ලානම් අපි දන්නේ නැතෝ බුදු අම්මෝ දන්නැතෝ.....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අහසින් එන්නා.. අපි දන්නෙත් නැතෝ.. හැක්

      Delete
  3. බුලත් වඩියක් හපාලා
    හඳයා...
    බංගලාවේ දොරකඩ හිටියා...

    හාමු මොරොන්දන් 
    සුපිරින්ටැන්ඩන්
    තේජස්භාවෙන් හිටගත්තා...

    මොකට ද ආවේ හඳයා 
    සුපිරින්ටැන්ඩන් ඇසුවා
    නිකං ආවේ රාලහාමී
    හඳයා...
    උරහිස කැසුවා...

    නිකම් මොකට මෙහි ආවේ
    සුපිරින්ටැන්ඩන් ඇසුවා
    එහෙනම් නිකම් ම පලයන්
    සුපිරින්ටැන්ඩන් කිව්වා...

    හුඟක් දෙනා අද ලෝකේ
    බොරුවට බයාදු වෙනවා
    හඳයා යනතෙක් ඉඳලා
    සුපිරින්ටැන්ඩන් හිතුවා...

    ආපසු අත්පුඩි ගහලා
    හඳයව ගෙන්නා ගත්තා
    මිනිහට හොඳ හැටි බැනලා
    ආ කාරණෙ දැනගත්තා...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. සිරාවට අහල නෑ බං.. තැන්කුයි

      Delete
  4. දේශකයා කාලෙකට පස්සෙ අපූරු කතාවක්නෙ හොයාගෙන තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බෑක් සවි... තැන්කුයි..

      Delete
  5. දේශක කතාව හරිම ලස්සනයි......
    ආයිත් මේ පැත්තේ එන්නම්කො කියවන්න

    ReplyDelete
    Replies
    1. වෙල්කම් රබර් ඇනෝ.. (??) හැක්.. එන්ටකෝ.. ඉඩ තියෙන වෙලාවක.. ජය

      Delete
  6. ලක්සන කතාව. පොඩි එකාට කියල දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එල රාඡ්...දේශා මාමගෙන් කියලා පොඩි රාඡ්ට දිපන්

      Delete
    2. හැක් හැක්. බ්‍රා මාමටත් එක්ක..

      Delete
  7. මරන්න ගිය සුල්තාන්ගේ වසනාව කොහොමද ?

    ලියුමට පණ දෙමු.තැපෑල නගිටවමු.!

    ReplyDelete
    Replies
    1. නැවත නැවත ප්‍රචාරය නවතමු.. හැක්..

      Delete
  8. හැක්.. දේශිකා කිවුව නේද බොලාගෙන් වැඩක් නෑ හෙට වෙඩි තියල දානව කියල.

    (උඹ අර බනියගෙ ෆොටෝ උස්සන්න ගිහිල්ල උගෙන් කන්න තමයි හදන්නෙ. ඔවු.. ඉඳගෙන තමයි)

    ReplyDelete
    Replies
    1. එහෙම කියල නං සෑහෙන්න කල්.. හැක්.

      ඔය බනිය කියන්නේ උඩ ගිහින් පොටෝ ගහන චූටි කොල්ලා නේද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. චූටි, බොලා පොඩි දේ ලොකු කරල බලන කණ්නාඩියක් ගනිං ඉක්මනට

      Delete
    4. නෑ බං මං කිව්වේ උගේ අර උඩ ගිහිල්ල පොටෝ ගහන එක උඩම ගිහිල්ල ගහන උගේ පොටෝ හරි ජුන්ඩං නිසා මිනිහා චූටි ඇති කියලා. හැක්

      Delete
  9. හෙක්.. නාකිසුල්තාන් , කාලෙකට පස්සෙ

    ReplyDelete
    Replies
    1. හම්මේ වල් උෟරත් කාලෙකින් දැක්කේ.. හැක්.. ජය වේවා

      Delete
  10. දේශා සොයා ගන්න කතා.නියමයි දේශ්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තැන්කුයි ගිම්

      Delete
  11. ලස්සන කතාව. ඕක පිට රට ජන කතාවක් නේද...?

    ReplyDelete
    Replies
    1. අනේ බං ඔය යටින් දාලා තියෙන්නේ.. ග්‍රිම් සහෝදරයන්ගේ සුරංගනා කතාවක්.

      Delete
    2. සහෝදරයින් එහෙම තමයි

      Delete
  12. බය කොයිතරම් ද කියනවනං ඔන්න අධිකරණ නියෝගෙකිං දෙන්නෙක් එලවලා.

    ReplyDelete
    Replies
    1. බල්ලට බයේද? වෘකයටද? නැත්නං වල් ඌරටද??

      Delete
  13. බය කොයිතරම් ද කියනවනං ඔන්න අධිකරණ නියෝගෙකිං දෙන්නෙක් එලවලා.

    ReplyDelete
    Replies
    1. අද යන්තං දෙකයි වැදිල තියෙන්නෙ. :D

      Delete
    2. මදි මදි .. උබ වෙනදට තුනක් දාන එකේ දේශ ට දෙකක් දාපු එක වැරදියි.චැහ්

      Delete
    3. දැං ටිකක් හොදයි වගේ. දෙකක් දාලා ආසාව සමථයකට පත් කරගන්නවා. හැක්

      Delete
    4. නෙදකිං වල් ඌරා

      Delete
    5. චික්... පුස් තඩියා.. හැක්

      Delete
  14. ඔය සත්තු සැට් එකම බැලන්ස් කරගෙන අපි ඉලැක්සොන් කරන එකනේ පුදුමේ කියන්නේ.

    කෝ යකෝ අර මූනත්තහඩුවට කෙටුවට හිස් පිටුවක්නේ එන්නේ. ළඟක හිටියනම්................

    ReplyDelete
    Replies
    1. //කෝ යකෝ අර මූනත්තහඩුවට කෙටුවට හිස් පිටුවක්නේ එන්නේ. ළඟක හිටියනම්//
      හැක්... දකින දකින එකට කොටන්න යන්න එපා විචා අංකල්. :D

      (මේ ගමනනං දේශයකා වැඩේ වරද්දගෙන)

      Delete
    2. ඒක නේන්නං.. මේ පාර පොටෝව දාන කොට කලින් දාපු ඇච්ටීඇම්ඇල් කෝඩ් එක මැකුනා නෙව. දන්න විදියට හදල දැම්මා. වැඩක් නෑ. හරි ගියේ නෑ. අපි නොදන්න චැස්.. හැක්

      Delete
  15. මාර දේශනාව...මට ඇත්ත කියනවද?ඔයි සුල්තාන් හිටියේ බබාලන්තයේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ බබාලන්තේ කවද්ද සුල්තාන්ල හිටියේ.. ඩබ්කේ මේ ආවමයි මයේ හිතේ.. වෙල්කම් එහෙනං..

      Delete
  16. ටැංකියු මචං
    මේක පොඩි මෙන්ඩට
    මම පැක්ට්‍ර එකේ කොච්චර සෙල්ලම් දැම්මත් ඌට නිදාගන්න කතන්දරයක් නැතිවුනාම මට මුලු ලෝකේම නැතිවුනා වගේ.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න, ඔය වෙලාවට එකක්වත් මතක් වෙන්නෑ. මතක් වුණත් උන්ට එ්ක කලින් කියලා තිබුණා කියලා උන්ම කියනකං මතක් වෙන්නෑ.

      Delete
    2. හාවයි නරියයි ලබු කිරිබත් උයපු හැටි මම කියලා ඇති දහස් සැරයක් පොඩි පොඩි කැලි වෙනස් කර කර එකතු කර කර

      Delete
    3. අනේ ඕක මොකක්ද මෙන්දිස් අංකල්..

      Delete
  17. ඉතිං වෘකයා තාම උඹේ යාලුවද ?

    ReplyDelete
    Replies
    1. ඹව් ඌට කියන්නේ අජන්ත (කුංපු ) කියලා

      Delete
    2. ඌ යන්නෙ ට්‍රේල් බයික්කෙ බෲඌඌම්ම්ම් ගාල . ඕ යේස්

      Delete
    3. ඈ බං ඉවානෝ.. උඹ ඇහැව්වෙ නාකි සුල්තාන්ගේ යාලුව කියලද? හැක් හැක්

      Delete
  18. හෙක් හෙක්. මට තාම තේරෙන්නෙ නැත්තෙ කක්කි බර හැදුණ වගේ අර පත වල්ලූර කැලේපැන්නෙ ඇයි කියල හැක හැක. :-P :-P

    ReplyDelete
    Replies
    1. උඹව දැකලා බෙල්ල කපාගෙන මැරෙන්න

      Delete
    2. ඇයි බං අර තුන් කකුල් පූසා වක් කඩුවක් වනනවා වගේ වලිගේ වන වන නේ ඇවිත් තියෙන්නේ. මසට ගනී කියල බයට දුවන්න ඇති. හැක්

      Delete
  19. fukak l:d'''

    bia;rx wE'''

    c h fja jd !!!!

    ReplyDelete
    Replies
    1. ආපහු තාප්පයක් ඉවරයි වගේ

      Delete
    2. නිට්ටඔුවට සිග්නල් නෑ..

      Delete
    3. මෙන්න කථා...

      ඉස්තරං ඈ...

      ජ ය වේ වා !!!! හැක්... විදානෙට ඊයෙ පාටියක් තිබිල වගෙයි.

      Delete
    4. ෂෙල් එකත් ගිහිංද කොහෙද මේ පාර.. !!

      Delete
    5. පරණ එව්වා තාම මතකයි මේ විදානයට. හැක්..

      ch fjajd jsodfk'''

      Delete
  20. දැන් උඹ කියන්නේ ග්‍රිම් සහෝදරයෝ මේ කතාවක් ලිව්වේ අනාගතය නොහොත් ලංකාවෙ වර්තමානය දැකලා කියලද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ්ගේ ෆොටෝ එක දැයි හරියට බැලුවේ .. නිකං විල් ස්මිත් වගේනේ ..පට්ට

      Delete
    2. කවුද විල් සුමිත් කියන්නෙ. විලේ මාළු බාන එකාද?

      Delete
    3. ස්තුතියි ඉවාන්. ඔය තැන උඹ දන්නවා නේද? ඔය ලංකාවෙ උඩම කොණ. The northernmost point of Sri Lanka. පේදුරු තුඩුව ලකුණු කරපු බෝඩ් එක. ඒකයි මම ඒකට ආසා.

      Delete
    4. ඩුඩි හරියට විල් ස්මිත්ගේ අල්ලපු ගෙදර එකා වගෙයි බං. හැක්..

      Delete
    5. මෙතැන පින්තුරය වටින්නේ අර රට රටවලට ඇති දුර දාල ඒ දිසාව දක්වන තැනත් පන්තුරයක් දැම්මනං තමා ඩුඩ්. මේ කමෙන්ට් වලට පින්තුර අමුණන්න දන්නේ නැ නැත්තං එතැන එකක් අමුණනනවා

      Delete
    6. MIBවල තව ඉන්නව ඔය වගේ අය

      Delete
    7. නලියා ඒකත් ඉගෙන ගනිං බං..

      ප්‍රා..
      ඒකේ ඉන්නෙම ඔය වගේ උං තමා..

      Delete
  21. පොඩි එකා කතා අහන්න තරම් ලොකු උනාම ඌට කියල දෙන්න හොඳ කතාවක්...

    ReplyDelete
    Replies
    1. පොඩි එකා දැං කොහෙය්ද ලොකු එකෝ ඉන්නේ.. හැක්

      Delete
    2. ඌට තාම වයස 2 යි. කතා අහගෙන ඉන්න තරමේ තේරුමක් නැහැ බං.

      Delete
    3. තව ටිකක් ලොකු උනාම ඔයිට වඩා රස කතා ඒවි නෙව..

      Delete
  22. පලි- අම්මපා දේශෝ......... මෑත කාලීන ව මේ විදිහට සුමට කුණුහරපෙන් බනිනවා මං කවදාවත් අහලා නැහැ...... අන්න බැනුම්....... මේ ඒක නෙමෙයි අර උඩින් රූපයක් දාලා..... අපිට කොටපියව් කියලා ගත දාලා... තිබ්බට ඒකේ මුකුත්ම නෑනේ හිටං.......

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙලවුනා බං කුරුට්ටෝ.. ඇච්ටීඇම්ඇල් අවුලක් ආවා කෝඩ් එකේ. හිටහං හදලා දාන්නං ඉක්මනම.. නෑ මං බැලුවේ බොලා ඇත්තටම ඒකට කොටවනද කියලයි.. හැක්

      Delete
  23. අනේ මෙහෙම හැමදාම කතා ලියන්නකො ...ලස්සනයි. මොනා උනත් අර වෘකයා පව් නේ අන්තිමට ඌට මොකවත්ම නෑ

    ReplyDelete
    Replies
    1. හැමදාම මේවා ලියන්න ගියාම හංසියෝ මේක ඉන්න පරපෝසිත හැලපස්ලා අපිට බනිනවා.. හැක්.. ජය වේවා..

      Delete
    2. හැලපයෝ මෙන්න මේකා උඹට බනිනවෝ

      Delete
    3. මං හැලපයට බැන්නම තොට ඇති අමාරුව මොකක්ද මයේ අයියේ.. හැක් හැක්..

      Delete
  24. ඔය තියෙන්න නියමයි. දේශකතුමාගේ මේ ඉට්ටැයිල් එකට මං පට්ට මනාපයි.

    ReplyDelete
    Replies
    1. ඔහෝ පුතා ඉන්නවා.. ජය වේවා..

      Delete
  25. එතකොට මේ සුල්තානුත් පූස් තඩියෙක් හොයාගෙන එයිද?

    ReplyDelete
    Replies
    1. පුස් තඩි කී දෙනෙක් නං හොයාගෙන ආවද බං. හැක්

      Delete
  26. මචෝ මේකේ වටිනාකම උඹ මේ දවස්වලම මේක ලියපු එක..

    උඹ ගහන හැටි නියමයි බං

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මාතා. උඹ වගේ අප්ඩේටඩ් කෙනෙක් ගෙන් එහෙම දෙයක් අහන්නත් සන්තෝසයි.. හැක්

      Delete
  27. අනේ බොරු නොකියා ඉඳහන්...අපි නොදන්න සුල්තාන්ලා...

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ මං බොරුවක් මුසාවක් කෙප්පයක් කිව්වෙ නෑ. සත්තයි. හැක්

      මේකා මොකා උනත් තාම ඉන්නවා. ජය

      Delete
    2. නෑ මං කිව්වේ බ්ලොග අප්ඩේට් නොවුනට බොකා ඉන්නවා කියලායි.. හැක්

      Delete
  28. Replies
    1. ඒකට මොකද ඉතිං. මෙලෝ රහක් නැති එකෙක් ගෙන ඊට වඩා මක්ක බලා පොරොත්තු වෙන්නද උඹලා. හැක්.

      Delete
  29. කතාව පරණ එකක් උනාට ඒක මේකට ආදේශ කොරපු හැටි සහ කරපු වෙලාව මරු.....

    ReplyDelete
  30. මගේ තේරුමේ හැටියට නම් වෘකයා පවු මොනා උනත්.. සුල්තාන් අවස්තාවාදියා.. ඌරා ගොන් තඩියෙක්.. පූසා ස්මාට් ඔපරේටර් කෙනෙක්.. ගම හාමිනේ ටිපිකල්.. ගම කොල්ලා ලකී.. ගමයාට රජ මගුල්..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් කට්ටිය ඔාහොම තමා වෘකයා පව් කියල කියනවා.. හැක්

      Delete
  31. මේ අර කුමාරතුංග මුනිදාස මහත්තයාගේ කතාවක් නේද දේශකය සින්ග්රිසියෙන් ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොන.. මේ ග්‍රිම් බ්‍රදර්ස්ලගේ කතාවක් නෙව..

      Delete
  32. සුල්තාන් ගේ ෆොටෝ එකට අර තියෙනේ පින්තුරේ දාල පස්සෙයි දැක්කේ දත් ටික තවම තියනවා.
    http://nelumyaya.com/?p=3995

    ReplyDelete
    Replies
    1. සැහ්.. දත් ගලවන්නයි තිබ්බේ.. තැන්කුයි..අජියා

      Delete
  33. එලටම පරිවර්තනය කරල තියෙනවා. සුරංගනා කතා නම් ඉතින් දේශා තමයි.

    පරිවර්තනයේ ලස්සනයි, කාලෝචිතබවයි එකතු වුනාම වටිනාකම තවත් වැඩියි.

    ReplyDelete
    Replies
    1. කාලෝචිත බව නං ඉතිං හිතාගන්ට වෙනවා නේ බස්සියෝ.. හැක්..

      Delete
  34. අඩෝ මේ කතාව මම පොඩි කාලේ කියවල තියෙනවා. ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා පොතෙන් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අඩෝ සිංහල පොතක් තිබුනද??

      Delete
  35. ඔහොම තමයි.. උදව් කරන්න ගියාම.. අතින් අරන් තියාගත්තා වගේ...
    කාටත් ඔය ටික වෙයි.. එදා ඉඳන්ම.. ඒකයි අවුල..
    ජයවේවා..!!

    ReplyDelete
  36. ලස්සන කතාව දේශකයෝ....:P

    ReplyDelete
    Replies
    1. :O උඩ තියෙන්නේ නාකි සුල්තාන්ගේ ෆොටෝ එකක්ද?

      Delete
    2. තැන්කුයි පොඩ්ඩි.. ඔයා උඩ පින්තූරේ ගැන හරියටම කිව්වනේ.. හැක්..

      Delete
  37. ඕකට කියන්නේ නාකි බල්ලාට උදව් කරලා පොල්ල වරද්ද ගන්නවා කියලා.

    කාලයක් තිස්සේ බ්ලොග කියෙව්වාට මේක තමයි මුල්ම කොමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා කියල කියන්නත් බෑ එහෙනං.. සන්තෝසයි ජාකොබ් කොලුවෝ. ජය වේවා..

      Delete
  38. පට්ට කතාව බොස්. අදයි කියෙව්වෙ... ‍!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ව්ලාඩ් කුමාරයා.. හැක්

      Delete
  39. ඔය වගේ සුල්තාන්ල හැම තැනම නෑ හැමදාම නෑ කීවලු.

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි තෙවා ඉන්නවා.. ජය වේවා

      Delete
    2. නැතුව නැතුව
      දැන් ඒ පැත්තෙ එන්නෙත් නෑ නේ.

      Delete
  40. ලස්සන කථාවක් හරිම අශාවෙන් කියෙව්වෙ..ළමා කාලයෙ කතන්දර කියපු අතීතය මතක් උනා...දේශක සීයට ජය වේවා !

    ReplyDelete
  41. ඔන්න ඔහොමයි සුල්තාන්ගේ කතාව.පුන්චි කාලේ මතක් උනා අම්මේ..
    ...දේශකයා දැන් ඒ පැත්තේ වැඩිය දකින්ට නෑ නෙව....

    ReplyDelete
  42. රචකයාගේ සැබෑ නිර්මානශීලිත්වය මොනවට පිළිඹිබු වන ඉතා කැපවීමෙන් සකස් කරන ලද බ්ලොග් අඩවියකි. මෙම වෙබ් අඩවියට වැඩි වටිනාකමක් එක් කිරීමේ අරමුණින් පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒවා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටලු නොමිළේ නිරාකරණය කර දෙනු පිණිස අපගේ ලිපිනය මෙහි සනිටුහන් කරන්නෙමු. http://cardslanka.blogspot.com/

    ReplyDelete