Thursday, April 30, 2015

ඇණය (The Nail)!!

එක වෙළෙන්දෙක් තමන්ගේ බඩු ටික පොළට අරන් ගිහින් හොද වෙළදාමක් කරගත්තා. ඉතිං දැං මෙයාට හැරෙන තැපෑලෙන් ගෙදර යන්නමයි උවමනාව. හැන්දෑ වෙන්න කලින් ගෙදරයට යාගන්න ඕන නිසා මෙයා ඉක්මනින්ම තමන්ගේ පෙට්ටියට වෙළදාමෙන් හොයාගත්ත රන්, රිදී කාසි ටික ඔක්කෝම අඩුක්කරගෙන ඒ පෙට්ටිය අශ්වයගේ පිටේ තියල හොදට ගැට ගහල ගෙදර යන්න පිටත් උනා.

දවල් කෑමට මේ වෙළෙන්දා එක නගරෙක හෝටලේකට ගියා. අශ්වයාටත් කන්න දීලා ආපහු එන්න හදන කොට, හෝටලේ ඉස්තාලේ හිටියා කොල්ලා දුවං ඇවිත් වෙළෙන්දගේ අශ්වයා එයාට දීල මෙහෙම කිව්වා.

“සෑර්. සර්ගෙ අස්පයගේ ඉස්සරහ වං කකුලේ ලාඩමේ ඇනයක් හැලිලා.“

“ඒක හැලිච්චාවේ බං. මට තව හැතැප්ම හයයි යන්න තියෙන්නේ. එතකං ඔය ලදරං ලාඩම කීයටවත් ගැලවෙන්නෑ“ කියලා වෙළෙන්දා ආයිත් ගමනට පිටත් උනා.

හවස් වෙද්දි මේ වෙළෙන්දා තවත් නගරෙක නැවතුනා තේ බොන්න. තේ බීලා, අශ්වයාටත් කන්න දීල එන්න හදන කොට එතන හිටිය ඉස්තාලේ කොල්ලා දුවං ඇවිත් මෙහෙම කිව්වා.

“සෑර්. සර්ගේ අස්පයගේ ඉස්සරහ වං කකුලේ ලාඩමක් හැලිලා. මං ඒක හරිගස්සගන්න කම්මලට යවන්නද අස්පයව“

“කම්මල මකබෑවියං කොල්ලෝ. මට දැං හදිසියි. ඒක නිසා ඉක්මනටම යන්න ඕන. ඔය ලාඩම නැතිව උනත් මේ හාදයට ඉතිරි හැතැප්ම දෙක යාගන්න පුලුවන්“ කියල වෙළෙන්දා ආයිත් ගමන පටන් ගත්තා.

ටික දුරක් යද්දිම අශ්වයා කුර ගහන්න පටන් ගත්තා. කුර ගහ ගහ වැඩි දුරක් යන්න කලින් ඒකා නොන්ඩි ගහන්න ගත්තා. වැඩි දුරක් නොන්ඩි ගහන්න කලින්ම මේ සතා බිම වැටිල කකුල කඩාගත්තා. අයියෝ ඉතිං අපේ අසරණ වෙළෙන්දට සිද්ධ උනා තමන්ගේ පෙට්ටිය අශ්වයගේ පිටෙන් බාගන්න. ඒ මදිවට කකුල කැඩිච්චි අශ්වයා එක්ක යන්න ඇහැකැ. ඉතිං එ් සතාව එතැනම දාලා අර තඩි පෙට්ටිය මුට්ට කරගනෙ හද්ද අමාරුවෙන් පයින්ම ගෙරදට ගාටන්න සිද්ධ උනා. කෝම හරි අන්තිමට අපේ වෙළෙන්දා ගෙදර යන කොට මහ රෑ ජාමෙට විතර ඇති.

ගෙදර ගිහිල්ල මහන්සි පිටින්ම ඉද්දී වෙළෙන්දට මෙහෙම හිතුනා.

“අර කාළකන්නි ඇනේ.. ඕක තමා මේ හැමදේටම වගකියන්න ඕන“

ඉක්මන් කොටයි.


The Nail - Brothers Grimm

106 comments:

  1. හී හී එක මම... ගොඩ කාලෙකින් ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. මං එනකංම බලං ඉදල වගේ බිනරි.. හැක්..

      Delete
  2. ඇණයක්, ඇණයක් ගැන කතා කරයි. :P

    ReplyDelete
    Replies
    1. චික් ඉතරක්.. මම අර මුනුපොතේ ප්‍රෙන්ඩ්ස් මැටිරික්ස් පොටෝ එක පෙන්නනවා හොදේ.. හැක්

      Delete
    2. තවත් ඇණයක්.. හැක්

      Delete
  3. උඹේ වාහනේ ඉස්සරහ වම් පැත්තෙ වීල් එකේ වීල් නට් එකක් හැලිල. ඒක දාගනිං ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. මගේ වාහනේ වම් පැත්තේ රෝද්යක් නෑ.. සෙද්ද..

      Delete
    2. ත්‍රී වීලර්? බයික්?

      Delete
    3. එහෙනං උඹේ ඔළුවෙ ඇනේ තදකරගනිං ඉඳගෙන.

      Delete
    4. දේශකයා දීලා තියෙනවා පස්ට උත්තරයක්...හැක්...

      Delete
    5. දැකක්නේ ප්‍රසාට උත්තර නෑ

      Delete
  4. good story, thanks a lot, ................Ikman nam hemin yanna.

    ReplyDelete
    Replies
    1. //Ikman nam hemin yanna.//

      Hasten Slowly කියල තිබුනේ.. ඔබ කිව්ව එක හරියටම හරි. ඒත් මං අපේ කට වහරේ එක තමා දැම්මේ..ස්තුතියි..

      Delete
  5. අපේ ජීවිතේට ගන්න යමක් තියනවා මේ කතාවෙත්.

    ReplyDelete
    Replies
    1. ඇණ තද කරගන්න කියල නේහ්.. තැන්කුයි ගිමී..

      Delete
  6. Replies
    1. ග්‍රිම් සහෛා්දරයන් වෙනුවෙන් ස්තුතියි ඉන්දරේ..

      Delete
  7. ikman.lk කියලද කිව්වේ?

    ඇත්ත කතාව අපිටත් අනන්තවත් වෙලා තියෙනා ඕවාගේ දේවල්.......

    ReplyDelete
    Replies
    1. අනිවා.. අපි හැමදාම ඔය වගේ දේ කරනවා.. පැලැස්තර ගහලා.. වන කරගන්නවා.. ජය

      Delete
  8. දවල්ට කාල හැතැප්ම හතරක් යන්න කොච්චර වෙලා ගියාද?පැය තුන හතරක්,මගෙ අම්මෝ ඊට නරකැයි ඉබ්බෙක්ගෙ පිටේ ගියානං.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේම ඕක තමයි.වෙළෙන්ඳ සුවර් එකටම ගෙදර යන ගමන් හොර ගමනක් ගිහින්......
      ප.ලි.
      දේශකයෝ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බැලුවැයි හිතන්න එපා...

      Delete
    2. ඕං හැලපේ. කතාවේ තිබ්බේ ඔය විදියට තමා. ඇත්තටම මටවත් ඔය ගැන හාංකවිසියියක් හිතුනේ නැහැ. අන්න ඒකයි බං මම හැමදාම කියන්නේ ඒ අතින් හාන්ස්ගේ කතා ග්‍රේට්..

      @ පලි සහෝ..

      උඹ මොනා කිව්ව කියලවත් මං කවදාවත් අමනාප වෙලා තියේද?? ඈ බොල.. හැක්

      Delete
    3. නෑ නෑ .. බඩු මල්ලත් අරං 139 ක නැගලා කොහුවලින් :D

      Delete
    4. 141 ගියාම හොද නැද්ද??

      Delete
  9. එකත් එකටම ඕකා ලංකාවේ එකෙක් වෙන්න ඕනේ...

    ඈ බං කැලේ ඉන්න වල් අස්සයින්ගේ ලාඩන් ගහන්නේ කවුද...
    ලාඩමක් නැතුව පොඩි දුරක් යන්න බැරි අස්ප මොටා වැටිලා අන්ඩ කඩා ගන්නකල් ඉන්නේ නැතුව කලින්ම දෙකක් දීල අන්ඩක් කඩන්නයි තිබුනේ...

    ReplyDelete
    Replies
    1. කැලේ ඉන්න නෙමෙයි බං වෙළෙන්දගේ අස්පයා නේ..

      Delete
  10. ටයිමින් අවුල්.

    ReplyDelete
    Replies
    1. මටත් දැං තේරෙනවා. ඒ වෙලාවේ හිතුනේ නැහැ.. ග්‍රිම් ගේ කතාව අසාර්ථකයි...

      Delete
  11. මේ දේශකයගෙ වයස දැන ගන්න ඕනෙ මට

    ReplyDelete
    Replies
    1. බෑ බෑ ඒක නං කීයටවත් කරන්න බෑ. හැක්

      Delete
  12. දේශකයත් ෙවලාවකට පස්ට ඇණයක්
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. වණයක් නොවී ඇණයක් වෙන එක හොද නැද්ද අනේ. ඇනෙනවා රිදෙනවා. ගැලවෙනවා සනීප වෙනවා.. හැක්

      Delete
  13. ඇණයක්, ඇණයක් පිළිබඳ කතා කරයි කියන එක තමයි හොඳම කොමෙන්ට් එක...

    ReplyDelete
    Replies
    1. මං ඉතිං කාටත් ඇණයක් නේ හ... ඉහි ඉහි..

      Delete
  14. ග්‍රිනිච් වෙලාවෙන් මෙහෙට මාරුවෙද්දි ටයිමින් අස්පෙට් . අශ්වයෙක් නෙමේ ඕක ලාමක කොටලුවෙක් වෙන්න ඇති,

    ReplyDelete
    Replies
    1. කම්මලේ මලේ.. උම දැක්ක කලේ.. සන්තෝසයි බොලේ..

      මේ කතාවේ ලාමක ගතියක් ඇති බව දැන් දැන් වැටහේ.

      Delete
  15. Replies
    1. හිනා කටයි බත් දෙකටයි බයිය පුතා ඔක්කෝම කයි.. හැක්

      Delete
  16. ආයෙ පොලේ යද්දි ලාඩං තියලා වෑල්ඩිං කරං යමං :D :D

    ReplyDelete
    Replies
    1. ඕන නෑ.. තව අස්පයෝ දෙන්නෙක් විතර අරන් යනවා එක්ස්ට්‍රා.. හැක්

      Delete
  17. අශ්වයොනං මොනා හරි කරගෙන යයි. වාහන වලටනං ඔය කතාව සහසුද්දෙන්ම සහතික ඇත්ත.
    ඒක ඇණයක්ම වෙන්න ඕන්නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ මිත්තරෙක් හිටියා ලෝයර් කෙනෙක්. මිනිහා දවසක් කාරේකේ යන කොට ටයිර ්කඩේ ගාවදි ඇණයක් ඇනිල පැච් එකක් ගිහිල්ලා. ඉතිං මිනිහා පැච් එකත් දාගෙන කඩේ අයිතිකාරයට කියල අනේ මේ මට ඉන්සුරන්ස් එකෙන් ටයර් එකක් ගන්න මේ ලියුම අස්සන් කරන දෙන්න කියලා.. මිනිහා ඒ ලියුමත් අරන් ගිහින් නඩු දාලා. ටයර් වල ඇනෙන් විදියේ යඩක කූරු පාරේ අනාරකෂිතව දාලය කියල. හැක්

      Delete
  18. finer things make the difference!
    බුදුහාමුදුරුවෝ අර සාමනේරයි, ගිණි පුළිඟුවයි ගැන කියනකොට ඇණේ ගැන කියන්න අමතක වෙලා කොච්චර පුංචි උනත් නොසළකා ඉන්න එපා කියලා.. පස්සේ වෙද හාමුදුරුවෝ කෙනෙක්ද කොහෙද කියල තිබ්බා හැම කිල්ලටම වඩා ලොකුයි නොසැළ'කිල්ල' කියලනම්

    ReplyDelete
    Replies
    1. මං එක පාරක් ලිව්ව නූල් කෑල්ලක් නැති උනොත් වෙන දේ. හැක්

      හදිසි අනතුර


      Delete
  19. ඇති යාන්තන් අප්‍රේල් මාසෙ ඉවර වෙන්න කලින් පෝස්ට් එකක් දාලා. මරු ඈ!!

    ReplyDelete
    Replies
    1. අායි මැයි අන්තිම හොදේ.. හැක්

      Delete
  20. නොදන්න හින්ද අහන්නේ බන්, ඇත්තටම ඔය ලාඩ්ං ගහන්නේ ඇණ වලින්ද ? එතකොට කොහාටද ඇණය වදින්නෙ ? කුරයටද ? සතාට ඉන්න පුළුවන්ද එතකොට ? හෙන පවුනේ බන්....

    ReplyDelete
    Replies
    1. ඕං බලාපං කොල්ලෝ. මේං බලාපං..

      https://www.youtube.com/watch?v=s-uvWWW6GJE

      Delete
    2. ඔය ලාඩම් ප්‍රශ්නේ නම් මටත් ආව

      Delete
    3. වීඩියෝ එක බැලුවයි..

      Delete
    4. මාරයි නේහ්....ඒ කියන්නේ ඔය කුරයේ ස්නායු මුකුත් නෑ වගේ නේද / අරූ වගේ වගක් නැතුව ඉන්නෙ... ඒ ඇණයේ දිග බන්...!!

      මට හිත ගියේ පොර අතේ බැඳන් ඉන්න ගැජට් එකට.. ඒක හරි ප්‍රයෝජනවත් ඔය වගේ වැඩ කරණ වෙලාවට..

      Delete
    5. ඒ ගැජට් එක නං මරු තමා.. ඕං ලාඩං ගහන කොට බැරි වෙලා හරි අස්පයා කකුල ඩිංගක් හයියෙන් උඩට ඉස්සුවොත් බාස් අයියගේ ලාඩම කුඩු වේවිද? හැක්

      Delete
  21. අස්සයට හවස තේ බොන වෙලාවේ ගල් කාලක් පොවන්න තිබ්බේ කකුල් හතරම නැතුව උනත් ගෙදර යනහැටි බලන්න තිබ්බා ...... බොරුනම් කුක්කු තොප්පි මෙන්ඩාගෙන් අහලා බලපන්

    ReplyDelete
    Replies
    1. නොදෝමකින්.. සත්ව හිංසනය..

      Delete
  22. Stitch in a time- saves nine කිව්වලු..

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියලද බං. හැක්

      Delete
  23. Replies
    1. නාඩියාත් මහ ඇනයක්.. ස්පික්ස් කරන කොට.. හැක්

      Delete
  24. ඇනය ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි.

    ReplyDelete
    Replies
    1. යහපාලනයෙන් නිසි දඩුවම්..

      Delete
  25. ඉතින් වෙළෙන්දා කියාපු කතාව ඇත්තනේ . ඇණේ තමයි ඇණේට හිටියේ !

    ReplyDelete
    Replies
    1. ඔය හැම එකටම හෙනේ වෙළෙන්දා නේ බං. හැක්

      Delete
  26. උඩහින් කියා තිබෙන්නැහෙ
    ඉස්සර කාලේ හැතැප්මයි
    දැන් කාලේ පර්ලොං අටේ ඉන්න හැතැප්මයි
    අතර පට්ටපල් වෙනසක්නොවැ තියෙන්නේ ආයිබෝං
    කියල ලියල හිටං නිකං ඉන්න බෑ මේ උදෑනැක්කෙ
    අස්සයට කරපු මානුශික අයිතිවාසිකම් කඩකිරීමට
    විරුද්ධව
    පරණ පයිල් දෙක තුනක් උස්සගෙන
    යන්නම වෙනව බයිබරි කොමිසන් එකට
    මගේ දෙයිම්ප ඕයි,

    මේ ඇහුවට තරහ වෙන්න එපා නැද්ද හොයාගන්න ඔහේල ලඟ
    සහතික කළ වතුර බෝතලයක්,
    නියම සිංහ කොඩියක්

    ReplyDelete
    Replies
    1. ඇහුවට තරහා වෙන්න එපා. අර අන්තිමට කිව්ව ඒවා කලුනික වගේ හොදේ..

      Delete
  27. බලහංකො හැරෙන තැපෑලෙන් ගෙදර යන්න හිතපු එකා හැම ටවුමකින්ම කකා බිබී රස්තියාදු වෙන හැටි... තෝ වගේ පොරක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල වෙලාවට කන බොනවා මොනා නැතත් හරිය.. හැක්

      Delete
  28. දැන් එතකොට වෙළෙන්දා උඹව මග දාලා ගියා , මොකෝ දන්නේ නෑ බුරුවට අශ්වයා කියන්නේ

    ReplyDelete
    Replies
    1. +++++++++++ LOL! පව් බං අස්සයා..:P

      Delete
    2. යකේ මං හිතන් හිටියේ මං වෙළෙන්දය කියල නෙව

      Delete
  29. හපොයි දෙයියනේ වෙච්චදේ... පවු අහිංසක අශ්වයා.බූරුවෙක්ගේ වැඩක් හින්දා ඌට කකුලකුත් නැති වෙලා

    ReplyDelete
    Replies
    1. යන්තං ඇති.. තේරිලා..

      Delete
  30. මචං ඔච්චර හදිස්සියෙන් දුවන්න තරම් ගෙදර ගෑණි කොච්චර වහ අැද්ද නේද????

    ReplyDelete
    Replies
    1. ඔය ළමයි පවුල් වේච්චි දවසේ ඉදල ගෑනු ගැන හරි තරහයෙන් ඉන්නේ.. ඕ යෑස්

      Delete
  31. ඇති යන්තම් ඇණයක් හන්දවත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඇණයක් නොවෙන්නයි මා.. කම්පනා කරේ.. හැක්.

      Delete
  32. කචාව ඇච්ච... හදිස්සි නම් හෙමින් යා යුතුය.මෙලෝ වැඩක් නැත්තන් ඉතින් ඉක්මනින් කොට කරගත්තාට කම් නැත.සංකල්පය එල ය.ග්‍රිම් එලය.දේශකයාත් එලය.
    ජයවේවා..ය!!

    ReplyDelete
    Replies
    1. ජයය.. සුභය.. ලබ්බට අත නොතියව.. හැක්

      Delete
  33. එහෙනම් ඒකයි මෙයා පහුගිය කාලේ දකින්න නොහිටියේ..කුර ගහලා නොණ්ඩි ගහලා කකුල කඩන්..හපොයි දේශෝ...ඇණේ ඇණේ බලහන්..:P :P

    ReplyDelete
    Replies
    1. ඕං ඉතිං හොස්සපිටල් ඉදල ආවට පස්සේ මං අහගන්න කතා..

      Delete
    2. අපොයි දෙයියනේ උඹ ඉස්පිරිතාලෙත් උන්නද? :O
      දැන් හොඳයි කියා සිතමි. ගෙට් වෙල් සූන් :)

      Delete
    3. ඉතිං ඩෝ කකුල කැඩිල ලාඩම නැතිව මං ඉස්සපිරිතාලේ නෙව හිටෙියේ..

      Delete
  34. ගතයුතු ආදර්ශය,

    ඇණ තද කරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. කව්ද කිව්ව පටි තද කරගමු කියලත්..

      Delete
  35. මම ගෙදරට දාන රබර් සෙරෙප්පු දෙකෙන් වම් කකුලේ (ඉස්සරහ වම් කකුලද පස්ස වම් කකුලද කියලා ඇහුවොත් තෝව මරනවා) සෙරෙප්පුවේ ඩ්‍රෝවිං පින් එකක් ඇනිලා. ඊයේ එකපාරටම ඒක කකුලේ ඇනිලා මට හයන්නට පාපිල්ල කියවුණා. තව පොඩ්ඩෙන් අපේ උන්දැ මාව කම්බස් කරනවා.

    අම්මපා ග්‍රීම් සහෝදරයන්ටත් ඕන්නැති මගුලක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. අපසාදේ අපට කරදරයක් නොවෙන්නේ කම්බස් කරල දාන්නයි තිබුනේ..

      Delete
  36. මේක නිකං උපමා කථාවක් වගේනෙ සුදෝ...ඒ නිසා මම අස්පයා ගැන මොකුත් කියන්නෙ නෑ...සමහර වාහන හිමිකරුවො පුංචි මුදලක් වියදම් කරලා කල යුතු අළුත්වැඩියාවන් හිතා මතා පමා කරනවා. ඒ පමාව එක්කො ජීවිත හානියකින්..නැත්තං අර වගේ සෑහෙන ගුණයක වියදමකින් හමාර වෙනවා. බොලාගෙ වාහනේ වම් පැත්තෙ රෝදෙ ගලවලා...දේශිකා දකුණු පැත්තට නග්ගලා බැලන්ස් කරගෙනද යන්නෙ පැත්තක් උස්සලා...

    ReplyDelete
    Replies
    1. කතාව ගති නැ කියල දැං තේරෙනවා.. හැක්. සිරෝ.

      Delete
  37. මේ කතා තියෙන ග්‍රීම් පොත මොකක් ද? මම ඉස්සරලා කියවල තියෙනවා ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා කියල එකක්.. හැබැයි මෙහෙම කතාවක් මට මතක නෑ..

    උඹ මේ කරන වැඩෙත් මරු බන්.. සුරංගනා කතාවක් සිංහලෙන් ලියල ගානට බ්ලොග් එක මේන් ටේන් කරගෙන යනවා.. අපේ ඔළුවේ ඇණ බුරුල් වෙනවනේ මාසෙකට සැරයක් හරි මොකක් හරි ලියන්න ඕනේ කියල කල්පනා කරනකොට

    ReplyDelete
    Replies
    1. මම ගත්තේ නෙට් එකෙන්.. ඔක්කෝම කතා ටික තියෙනවා.. නිකං හොයල බලන්න Brothers Grimm fairy tales කියලා...

      මාත් මේ දැං මාසෙකට එක්ක දාන්නෙත් හද්ද අමාරුවෙන් බං.. හැක්

      Delete
  38. හොඳයි, "දෙන්නෙක්ම ඇණයක් ගැන කියවද්දි, නොසළකා නොහරිනු" කියන ආදර්ශය ගත්තා.

    ReplyDelete
    Replies
    1. සුජානම් නොවී නොසිටිනු ඩ්‍රැකී.. බ්‍රාෙවා්..

      Delete
  39. එලද බ්‍රා
    පොඩි මෙන්ඩියාට

    ReplyDelete
  40. ඒක කතන්දර ලෝකයක් උඔට ස්තුතියි..

    ReplyDelete
  41. වෙළෙන්දා මුවහමට තලන්න හොඳට දන්නා උන්නැහේ කෙනෙක් වගේ..

    ReplyDelete
  42. ඔයත් ඇනේ තමා.
    http://nelumyaya.com/?p=2309

    ReplyDelete
    Replies
    1. තවත් ඇණයක්.. හැක්.. තැන්කුයි අජියයියා

      Delete
  43. කතාවට වඩා රහ ප්‍රතිචාර ටිකනෙ

    මේ කතාව අපේ රටේ වර්තමානයටත් හොදටෝම ගැලපෙනවා මට හිතෙන හැටියට. හැමෝම ඔන්න ඔහෙ තව ටිකනෙ කිය කියා තමන්ගෙ ගමන යන්න ගියාගෙන් වෙච්ච වින්නැහි තමයි අද රටේ වර්තමාන ප්‍රශ්ණ ඔක්කොටම මුල



    ReplyDelete
    Replies
    1. වෙල්කම් සදමාලි.. කතාවේ සාර්ථකත්වය මොකක් උනත් ගන්න තියෙන එකම දේ තමා නියමිත දේ නියමිත පරිදි කරන්න කියන්න එක.. ජය වේවා

      Delete
  44. ඔක්කොටම කලින් ෆලෝ කොරන්න ඕනේ....සුරංගනා කතා ටික මග ඇරුනොත් දේශකයගේ

    ReplyDelete
  45. ඔක්කොටම කලින් ෆලෝ කොරන්න ඕනේ....සුරංගනා කතා ටික මග ඇරුනොත් දේශකයගේ

    ReplyDelete