Thursday, September 25, 2014

කළල වර්ධනය නවතී!!

මඳ මඳ දුරස් වූ,
සියළු දේ මිටි කොට...
හිත තුරුල්ලට ගතිමි.

එහෙත්...

ටික දවසක සිට..

හිත ව්‍යාජයි..
නොසන්සුන්..
දුටු හැමදේම ව්‍යාජයි.

කවදාක දකීද යළි
වැහි බිංදු වල ඇලය මං
තණපතට බර වූ මැහි සතුන්
යුවතියකගේ ඇස් යට දිවෙන
සන්තෝසයේ මහා වේදනාව

හැමදේම ව්‍යාජයි
හැමදේම සාමාන්‍යයි
මගේ හිතත් සාමාන්‍යයි
සිතුවිලි...??

ඒවා ටිකක් වල්..


112 comments:

  1. ඒ කියන්නෙ සාමාන්‍යයි කියන්නෙ වල්

    ReplyDelete
    Replies
    1. හුම් හුම්. සාමාන්‍යෙයන් වල්..

      Delete
    2. හැඟ වුන තේරුම් ගැන
      නොවෙහෙසෙමි
      හැඟවෙන තේරුම් කියවා
      විඳිමි ( පස්ට) ආහ්ලාදය,

      කඳුලු විසිවෙන....

      Delete
  2. ත ව්‍යාජයි..
    නොසන්සුන්..
    හැමදේම ව්‍යාජයි
    මාත් සමගම....

    ඔන්න මමත් දේශකයා ගැන කවියක් ලීවා... :D

    ReplyDelete
    Replies
    1. හිත කියන එක වැදිලා නෑ :(

      Delete
    2. එළ.. හරියටම තියේය..

      Delete
  3. ටිකක් නෙමෙයි ගොඩාරියක්

    ReplyDelete
  4. ණ න ල ළ භේදය හැදුවොත් මට තේරෙනවා.

    ReplyDelete
  5. දොරක් තුන්පාරක් තවසැරයක් කියෙව්වා මට තේරෙන්නේ නැහැ බං..

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒකට කමන් නෑ බ්‍රන්ඩෝ..

      Delete
    2. හවසට ගල් සොට් එකක් ගහලවත් කියවල බලනව, මට තේරුනෙත් නෑ :D

      Delete
    3. තේරෙන්න ඕනෑ නෑ බං,මොකක් හරි බයිලයක් කියපං.මටත් මෙලෝ දෙයක් තේරුණේ නෑ ඒ උනාට මොකක් හරි බ්‍රහ්ම ටෝක් එකක් පස්සෙ ලියනවා.අනික මු තේරෙන දෙයක් ලිව්වෙ කවදද කියපං.

      Delete
    4. //මටත් මෙලෝ දෙයක් තේරුණේ නෑ ඒ උනාට මොකක් හරි බ්‍රහ්ම ටෝක් එකක් පස්සෙ ලියනවා//
      සැහ්.. මේක දැක්කෙ නෑනෙ කලින්. නැත්තං මං දෙනව විචාරයක්, මටවත් හිතා ගන්න බැරි වෙන්න. :D :D

      Delete
    5. මට තියන පුරස්නෙ මේක ලියන්ඩ දේශා බීපු අරක්කු ජාතිය !!!

      ජීවිතේට බීල නෑ මං එව්වා :D

      Delete
    6. ප්‍රියා, කම්මල, හැලපය්යන්ඩි,චන්දන, පත්තරමලයන්ඩි, දේශ්...මම බයේ හිටියේ උඔලා මට බනි කියලා...මැට්ටා උඔට ඒ වගේ දෙයක්වත් තේරෙන්නෙ නැද්ද කියලා..

      Delete
    7. තේරුණා වගේ ඉන්ට ඕනි...

      Delete
    8. උඹල ඉතිං වල් කෑල්ල අරන් නැහෙන්න හදනවා නේව.. අනිත් කෑලි ටික කියවල බලහල්ලකෝ මලම ඇණයක් මේ නාකි සැට් එක.. හැක්...

      Delete
    9. @ පත්තරේ,
      බොලා අපි මෙන්ඩ වගේ ගල් ගහන එවුවන්ට ඕව තේරෙන්නෙ නෑ බං. මූ කෝක් එකත් සැන්ඩි කරල බොන බුවානෙ.

      Delete
    10. යකෝ ප්‍රෙසා්.. එකම බොරුව උනත් උඹ දැන් දහස් පාරක් විතර කියල දැං ඒක ඇත්ත වෙලා. ඔව් ඉදගෙන.. හැක්..

      Delete
  6. බොරු මොකටද.. මට නම් තේරුනේ නෑ. // කවදාක දකීද යළි
    වැහි බිංදු වල ඇලය මං
    තණපතට බර වූ මැහි සතුන්// ඔය ටික මොකක්ද කියල මට හිතා ගන්න බෑ. හැන්දැ වෙලා සොට් එකක් දාගෙන එන්නම් ආයෙ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං තනකොල වලට සත්තු වහන්නේ..

      වැහි බිංදු වැටෙන්නේ ඇලේට නෙව.. හරියට ඍජුව නෙමෙයි නේ.. සාපේක්ෂතා ප්‍රෙව්ගය..

      Delete
    2. හවසට සැට් වෙනවානම්..
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. ඊයේ රාත්තිරි ගල් ගහල පැදුරු පාටි දමල උදේ 3.30 ට ගන්දබ්බයෙකු සේ නිවසට ගියෙමි..

      Delete
  7. සිතුවිලි වල් උනාට ප්‍රශ්නයක් නැ ඒවා ක්‍රියාත්මක නොකර ඉන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒක තමා කරන්න උත්සාහ කරන්නේ..

      Delete
  8. සිතෙනව ....... ඔයා ගොඩක් නිහඩව ඉද්දි.........
    චංචල.......ව ඇති බව ඔයාගෙ සිත.......
    ඒ....... සාධුට දුන්න නිසාද බෙහෙත් තුණ්ඩුව සමගින්...එල ද බ්‍රා.......සසිය .....

    ReplyDelete
    Replies
    1. සිත samsung වෙන දවසක් ඒවිනේ කෙන්ජෝ..

      Delete
  9. වැටහුනේ නැහැ, ඉන්දක සුත්‍රය මතක් උනා කළල වර්දනය ගැන හෙඩිම දැක්කම.

    ReplyDelete
  10. බෙහෙත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හරියට බොන්න වෙයි.. නේද??

      Delete
  11. තේරෙන්නේ නෑ... මම දන්නේ නෑ... ඔන්න කිව්වා..

    ReplyDelete
    Replies
    1. මගෙන් නං අහන්න එපා.. හැක්..

      Delete
    2. වැඩිය හිතපුහාම පිස්සු හැදෙනවා අප්පා... :D

      Delete
    3. පිස්සු පීකුදු වෙයන් මං කියන්නේ..

      Delete
  12. සිතිවිලි වල් කියන කොටස නම් තේරුණා.. :)

    ReplyDelete
  13. මට නිකම් ම#$%@?:...

    මායාවෝ අකල් මකෝ අමීනාවො කෑවෝ...
    එලේ ලේ මඤ්ඤා මොකෝ අනවිරාවෝ කෑවෝ...

    රබ්ද පිඤ්ඤ මාඉසිඤ්ඤෝරේ යෙ යෙ යෙ යේ
    මෙරාය රම්පි පපර බැන්ජෝරේ
    දෝනබැතී - සිතූලියා සිමේලියා අච්චරු මං කොඃ...!!

    කිරිංඤ්ඤ - කාමරංක - පිපිඤ්ඤා ඤ ඤ ඤ ඤා...
    මඤ්ඤොක්ක බොසල කව්ලො පියල්ලා
    වියෝලේ බයිලා - බැලරිනා සුකී ඇනී මෙරේ හයි කපරිඤ්ඤා....

    ගායනය - ග්‍රැන්විල් රොඩ්‍රිගෝ

    ReplyDelete
  14. ඕක තමයි යථාර්තය. මක්කැයි කොරාන්නේ?

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං දැං යථාර්ථය.. වල් එකද??

      Delete
    2. හැමතැනකම තියෙන ව්‍යාජ බවයි, උඹේ වල් එකයි තමයි ඉතින්!

      යේලා! යේලා!!

      Delete
    3. හැක් හැක්.. උඹ නං උපාසකයා නේ..

      Delete
  15. සිතුවිලි වල් කියන එකනම්, කිරි ගහට බණ්ඩි කියතෙන් කෙටුවා වගේ තේරුණා!!

    අනික්වා නම් ටියුබ් ලයිට් වගේ. තාම ගැහෙනවා, හැබැයි හරියට පත්තු උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ගැහි ගැහි පත්තු වේවි වෙලාවක.. බලහංකෝ...

      Delete
    2. මම බයේ ඉන්නෙ පිච්චිලා යයිද කියලා, පත්තු නොවීම. :D

      Delete
    3. උඹේ ඉතිං පිච්චෙන්න දෙයක් අර ළමාතැනී ඉතිරි කරල තියේනං නේ.. හැක්.. බොටත් මේ කවිය අදාළයි.. මට වගේම... ටිකක් හිතහං...

      Delete
    4. ධන රින බලල අල්ලහං. නැත්‍තං " ඩෝං " ගායි :D

      Delete
    5. මේ කවිය ලියපු එකා ගැන දුරකථන සමාගම් හිටන් දන්නවා..අපි කෝල් එකක් දුන්නාම කෙල්ලෙක් කියනවා..
      ඔබ ඇමතු ග්‍රහකයාට චාරයක් නොමැත...කරැනාකර පසුවවත් අමතන්න එපා.

      Delete
    6. උන් ගැන කියල වැඩක් නෑ.. අර ඇන්ටි හැමඑකාටම ඔහොම කතා කියනවා නං තමා..

      Delete
  16. අපොයි ඔය සාමාන්‍යයි කියන එකනේ බං...!!!

    ReplyDelete
  17. වයිෆ්ට බබෙක් හම්බ වෙන්න ඉන්නකොට මේ වගේ මෝල් කවි මටත් කිය උනා.

    ReplyDelete
    Replies
    1. කවි කියල නිකං හිටියනං හොදා. කම්මල ඇරල පිට යකඩ තැලුවනං තමා නරක..

      Delete
  18. ඒ කියන්නෙ කළලයේ හිත වල් වේගන එනකොට වර්ධනය නතර වෙලාද ? වල්කමේම ? අපිනම් ඕවා දන්නෙ නෑ.. අයියා කෙනෙක්ගෙන් අහලා බැලුවනම් කියයි...

    ReplyDelete
    Replies
    1. කව්ද බං ඕවා අහගන්න ඉන්න අයියා. ගිනිවැල් අයියා නං හිටියා. ඌ මාව මුණුපොතේ බ්ලොක් කරල පාහර බල්ලා කියල මට බැන්නා. ඒක නිසා කතා කරන්න විදියක් නෑ.. හැක්..

      Delete
  19. තේරෙන්නෑ බන්...කොටුවක් පැන්නද..?

    ReplyDelete
    Replies
    1. මටත් තේරුණේ නෑ බං. තේරුණා වගේ ඉන්න බැලුවා...

      Delete
    2. මේ දවස් වල දකින හිතන දේවල් අමුතු විදියට මට පේන්නෑ.. අවුල්.. ඉතිං ඒක නිසා ලියන්නත් බෑ.. වල් හිත නං තාම ටොපට වැඩ ඒත්..

      Delete
  20. තමන්ගෙ තරම සුට්ටක් අවබෝධවෙලා..
    අනේ දෙයියනේ තව තව මේකට මෙකාව මතක්වේවා... තේරුම් පලයන්.. :-)

    ReplyDelete
    Replies
    1. ඔය දැරිවියෝ මිරිස් කාලා හායි හුයි ගානවා බලලම තමා අපිට මේ වින්නැහිය උනේ.. හැක්.

      Delete
  21. ඒ ,,, මන් උදේ දාපු කමෙන්ට් එක කෝ හෙනම අමාරුවෙන් තේරුම් අරන් ටයිප් කරපු කමෙන්ට් එක අපාරදේ දැන් කරන්න දෙයක් නැහැ

    ප/ලි
    ( එහෙම වත් කියලා බලමු :D)

    ReplyDelete
    Replies
    1. පපලි-
      ඒක ස්පෑම් එකේ තිබිල මං මකල දැම්මා..

      Delete
  22. මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...

    ඇත්තටම වල් දේශා....

    ජ ය වේ වා !!1

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නිට්ටඹුව වල් !!!

      Delete
    2. මේ සැරේ ආයතන වාර්ෂික විනෝද චාරිකාව නිට්ටඔුවට

      Delete
    3. මාත් උදේට නිට්ටඹුවේ ඉදල නෙව එන්නේ. ආයි හවසට ගියාම එළි වෙනකම්ම නිට්ටඹුවේ.. මොකද බං එකම බකේ හැම තැනම බක බක ගාලා දාන්නේ..

      කෝම උනත් උඹ නිට්ටඹුවට හොද වටිනාකමක් දුන්නා.. හැක්..

      Delete
  23. වැස්සෙ සීතල හින්දද බොලං කවි ලියවෙන්නෙ..ටිකක් නෙමෙයි හොදටම වල්...

    ReplyDelete
    Replies
    1. පැන්ටසි මාරයා. මං තෝව කනවා.. හැක්

      Delete
    2. අනේ දේශිකා අක්කේ...මේ නාකියා මාව මරන්න හදනෝ....

      Delete
    3. ඊයා. මෙන්න මෙයා බය වෙලා.. හා හා නාඩ ඉදිං. ආදරේට නෙව කිව්ව‍ෙ

      Delete
  24. මට නං තේරුණා … !!!

    ඒත් අහන්ඩ එපා කියන්නෙ නං නෑ .. බිකෝස් ඒක මගෙ ප්‍රතිපත්‍ති වලට විරුද්ධයි !!!!

    ReplyDelete
    Replies
    1. බලපන් මචං ප්‍රියා හෙන්රියියන්ඩි බිට්ල්ට කම්මල සින්දු පැතුම් සිහින සොමියා චන්දන උඔලා අපි වගේ සම්භාව්‍ය අර්ථවත් චරිතවත් ගුනවත් රැමත් සුරාසුදුවෙන් තොර කොල්ලෝ ටිකකට තමයි මේක තේරිලා නැත්තේ.
      ප්‍රිති..ප්‍රිති

      Delete
    2. @ menda , yela yela ...

      අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
      ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
      ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම් ...

      Delete
    3. සින්දු ඇනෝ. ඒක නං මරු.. තව කෑලි නැද්ද ඕකේ..

      Delete
    4. අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
      ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
      ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්

      පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි
      සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්
      ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්

      ඉදුනු කරඹ ගොඩාරයක් මගේ ඔඩොක්කුවෙ තියෙනව
      ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම්
      පුරවල දී තව මදි නම් හිඹටුත් දෙන්නම්

      සිළිඳුට සීපද කියන්න කුරුල්ලන්ට මල තියන්න
      ලොකු වුනාම මේ බැද්දෙම හේන් කොටන්නම්
      හේන් කොටල අපි දෙන්නට පැලක් හදන්නම්

      මාළු ඇඹුල්තියල් කරලා පොල් සම්බල් රසට හදල
      ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම්
      කවන ගමන් මමත් කවන තරමක් කන්නම්

      හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුනම
      ගේ ළඟ ගල්පොත්තක් උඩ වාඩි කරන්නම්
      වාඩි කරල ළඟින් ඉඳන් මලක් සිඹින්නම්

      ගමේ ළමිස්සියන් එක්ක වෙලට ගොහින් පන් උගුලල
      රටා පුරල මෝවිට තියා පැදුරු වියන්නම්
      පැදුරු වියල ඒකෙ ඉඳන් පංචි දමන්නම්

      කළුවර ඇති වැහි දවසක මහ රෑ ඔබ ළඟින් ඉඳන්
      පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
      කතා කියල බය ඇරෙන්න විහිළු කරන්නම්

      ගායනය: එස් කරුණාදාස පෙරේරා සමග කමලානි පෙරේරා
      පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

      Delete
    5. නියමයි බං.. උපරිම රස වින්දා.. ඒකනේ කියන්නේ උඹ අපිට ආභරණයක් කියලා.. (වැඩිය උඩ යන්න එපා තොට හෙන පත්තු වෙයි) හැක්

      ගොඩාරියක් ස්තුතියි සින්දුවෝ..

      Delete
    6. උඔ අපිට ෂප්මන්ට් ඇප්රැවල් (shipment approval) එකක් තරම් වටිනවා සින්දු.. එල ද බ්‍රා.

      Delete
    7. මට උඹව බ්‍රා හදන එකෙක් තරං වටිනවා සිංදුනෝ

      Delete
  25. //කවදාක දකීද යළි
    වැහි බිංදු වල ඇලය මං
    තණපතට බර වූ මැහි සතුන්
    යුවතියකගේ ඇස් යට දිවෙන
    සන්තෝසයේ මහා වේදනාව//

    වචන ටික පට්ටයි දේශෝ....

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි.. හැක්.. මම කෝමත් පට්ට බල්ලා කියල අහල අහලම පට්ට කිව්වත් නිකම්ම බල්ලා කෑල්ල අතින් දාලා හිතන්නේ. හැක්

      Delete
    2. අනේ අම්මපල්ල මෙයාගේ කට බලාන් බස්සියේ

      Delete
    3. මගේ කට කුමකට වනචර කට.. හැක්..

      Delete
  26. පබැඳුම වල්/මල් ද?

    ඔයා වලා/වළා ද?

    ReplyDelete
    Replies
    1. වලාමයි.. වයසක ඇසෝසියේසන් එකත් ඒක දැකල. හැක්..

      Delete
  27. උඹ වල් කියල ආයෙ අලුතිං කියන්න ඕන නෑ බොල අපි නොදන්නවැයි ඒක.

    වැහි බිංදුවල ඇලේ විතරක් නෙමෙයි හැම එකක්ම ඇල වෙලා පේයි දෙකක් දාගත්තම. හැක්...

    ReplyDelete
    Replies
    1. පේයි පේයි... මෙ යන විදියට.. උඹ නං හිටුවල පස් ගහල වැව්බැම්මකට සැට් කරන්න ඕන කොන්කිරිට් දාලා..

      Delete
  28. මට මතකයි දේශායියා බුකියේ ලියපු කවියක් රෝස පාටින් සරසන්න බලාගෙන හිටියත් නිල් පාටින්ම දෙපාරක්ම සරසන්න වුනු කවියක්.මට හිතෙන්නේ එකයි මේකයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලායි ...:)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ සීන්කෝන් එකට සම්බන්ධයක් නෑ..

      Delete
  29. සිතුවිලි වල් , වැඩේ අවුල් ...
    පත්තරේ නම වැටිලා
    කාටද ආඩම්බර

    ReplyDelete
    Replies
    1. හුටා.. සිඅයිඩී එකෙන් ඒවිද??

      Delete
  30. අනේමන්ද මේ කවි :/ ..තේරෙන්නෑ නෙ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මං කවද්ද අනේ තේරෙන මොකක් හරි වැදගත් දෙයක් කිව්ව‍ෙ

      Delete
  31. බඩේ බිජු වගේ මලේ!!

    //කවදාක දකීද යළි
    වැහි බිංදු වල ඇලය මං//

    මේ කතාව තිබ්බ තැන මේ මම කල්පනා කරන්නෙ!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් එාහෙමයි අයියේ.. කම්පනා උතොත් මටත් කියහං අයියේ අනිවා..

      Delete
  32. මඳ මඳ දුරස් වූ,
    සියළු දේ මිටි කොට...
    හිත තුරුල්ලට ගතිමි.

    එහෙත්...

    මේ වෙලාවේ සිට...

    හිත අවුල්...
    නොසන්සුන්...
    දුටු හැමදේම මඤ්ඤං.

    කවදාක මට තේරෙයිද
    උඹ කියන මේ හරුපය
    තණපතට බර මැහි සතුන්
    යුවතියකගේ ඇස් යට දිවෙන
    මොකක්ද බං මේවයෙ තේරුම

    හැමදේම අවුල්
    හැමදේම මඤ්ඤං
    මගේ හිතත් මඤ්ඤං
    සිතුවිලි...??

    ඒවා ගොඩක් වල්..හැක්...හැක්...

    ReplyDelete
  33. අනේ මන්දා... කල්පනා කරලා බලන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. එච්චර අවස්ස නෑ නෑනෝ.. හැක්

      Delete
  34. හරි අහිංසක වල් සිතුවිලි...

    එල එල දෙශෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි අනේ.. දෙවියෝ..

      Delete