Monday, September 29, 2014

ප්‍රසංගය!!

අවලම්භිත සියුම් විදිලි එළි දීලීමෙන් රංග ශාලාව තුල මිහිරි අදුරක් මවා පා ඇත. ආසන පේලි සියල්ලම පාහේ පිරි ඇති අතර, පිරෙමින් පවත්නා පේලි අතර මුණුමුණුවක් නැගෙන්නේ පුටු වල යකඩ පා, බිම ඇතිල්ලීම හේතුවෙනි. උත්සවය අවසන් වීමෙන් පසුව එය මොන තරං කන්දොස්කිරියාවක් වේදැයි යන්න දන්නේ දන්නෝම පමණි. ශාලාවේ එළිය ගලන සියලු තැන් අඳුරු කොට ඇත. විටින් විට දැල්වෙන දැඩි දීප්ත පහනක් දෙකක් වේදිකාව මතම පරවී යයි. තවත් විටෙක පාට පාට විදුලි එළි බමන මතින් වේදිකාව පුරාම දුවන්නට පටන් ගනී. ප්‍රසංගය ආරම්භයට, තවත් වේලාව විනාඩි පහළොවක් පමණ ඉතුරු වී ඇතත් දැනටම ශාලාව සම්පුර්ණයෙන්ම හිස් ගොඩක් බවට පත්ව ඇත.

*****************************************

වේදිකාව කෙළවර වන්නට තිර රෙද්ද මෑත් නොවන ස්ථානයකින් පිහිටුවා ඇති වීදුරු දොරෙන් ඇතුලු වී පඩිපෙළ බැස ගියපසු තවත් කුඩා ශාලාවකට ඇතුල් විය හැක. ඒ තුල සුවපහසු පුටු රාශියක් පවතින අතර, ඊටත් එහායින් විශාල මේසයක් වටා තවත් කුෂන් පුටු විස්සක් පමණ  තබා ඇත. මේසයේ කෙළවරකට වන්නට සංගීත ආම්පන්න කිහිපයක් රැගත් ශිල්පීහු යම් කාර්යයක නිරත වී සිටිති. ඒ අතරතුර අනෙක් අය, වාඩී වී සිටින කිහිප දෙනා දෙස කුකුසෙන් යුක්තව  බලා සිටින අයුරක් දිස් වේ.

“අයියේ.. මම තමුසෙට කිව්ව නේ.. ඔය මලදානේ නැතිව වෙන එකක් ගේන්න කියලා“

“මේකනේ මාස්ටර්.. මට මේක තමා හරියන එක“

“බලනවා ඕයි.. තමුසේ මාව කනවා. තව විනාඩි දහයයි තියෙන්නෙ.. දිව්‍ය ලෝකෙන් හරි කමක් නෑ වයලීන් එකක් ගෙනෙං. මාව මිනීමරුවෙක් කරන්න එපා ඕයි“

“හරි හරි මාස්ටර්. තව පොඩ්ඩයි. චින් ගාඩ් එක නැතිව හරි මං ඒක ප්ලේ කරන්නං“

“තමුසෙලා යනවා. මේ මිනිහා ඕක හදාගෙන ඒවි. තමුසෙලගේ ඉන්ස්ට්‍රමන්ට් ටික ළගට යනවලා.. දැං අනවනුන්සින්... යනවා ඕයි ඉක්මනට. මම කැමති නෑ තත්පරයක් වත් ලේට් වෙන්න“

සියළු දෙනාම වේදිකාවට ගොඩ වෙද්දී වයලීනය අත රැදී ශිල්පියා තම ඇස්, ඉස්, මස්, ලේ නියමාකාරව අනුගත කරමින් වයලීනයට මුවා වී සිටියේය. ඔහු ළගට පැමිණි, මෙතෙක් වේලා වහසි බස් දෙඩු තෙමේ යමක් ඔහුගේ කනට කෙදීරීමත් සමගම විසල් වූ ඇස් ඇතිව වයලීනය දෙකට කඩන තරම් කෝපාග්නියකින් යුක්තව වයලීන් වාදන ශිල්පියා, ඔහු දෙස බලා සිටියේය.

“හු*ගන්නෙ නැතිව ඕක අරන් වරෙන්“

*****************************************

“ස්තුතියි. මේ සියළු අත්පොළසන් අපගේ අද්විතීය කළාකරු, ජනතාවගේ දුක හදුනන, ජනතාව සමගම වෙසෙන යුගයේ නිදහසේ ප්‍රකම්පිත හඩ පෞරුෂය වන් ජනතාවාදී කළාකරුවා වෙනුවෙන් උපන් හෘදයාංගම ආමන්ත්‍රණය බව මා දනිමි. අප තවත් ප්‍රමාද නොවෙමු. ඔහු අපව අවදි කරන්නට, අපව අමතන්නට සැදී පැහැදි සිටින බව මා ඔබට නොකියමනාය. අපි ඔහුට අඩගසමු.. සහෘද හදවත් එකලු කරන්නට. මේ ගායන ශිල්පී, විශාරද චන්ද්‍රරත්න වන්නිනායක“

නැවතත් ශාලාව පුරා බිත්ති පුුපුරා හැලෙන අයුරින් අත්පොළසන් නාදය පැතිරී යන්නට විය. වේදිකාවේ පසෙකින් වම් පසට ඉලක්ක කොට දැල්වුනු විදිලි ආලෝකය, සුදු පැහැති ඇදුම් හැදි ගායන ශිල්පියාගේ ඍජු වූත්, අවංක වුත් රූපකාය අනුගමනය කරමින් දැල්වෙද්දී ඔහු විදුලි ආලෝකයට පිටුපා වේදිකාව ඉදිරියට පැමිණ, ප්‍රේක්ෂකාගාරය හට හිස පාත්  කොට තම ගෞරවය හා ස්තුතිය පිරිනෑමීය. එක්වරම වේදිකාවේ විදුලි පහන් සියල්ලම දැල්වීමෙන් ගායකයාගේ මුහුණ නැගී ඇති මන්ස්තමිය හා ඔහුගේ තෙත් ඇස් ඔහු කෙතරම් අවිහිංසක ජනතාවාදී කලාකරුවෙක්ද යන්න මොනවට පෙන්වූ කැඩපතක් ම විය. 

*****************************************

පළමු හා දෙැවැනි ගීත එක දිගටම ගායනා කළ ඔහුගේ මධුර කටහඩින් වශීකෘත වූ ප්‍රේක්ෂකාගාරය සිහිසුන්ව සිටි රෝගියෙකු මෙන් සිටියේය. යමක් දැනුනද ප්‍රේක්ෂකාගාරයේ කිසිවෙකුගේ ඇගිලි තුඩකුදු නොසෙල්වෙන මනාය. ප්‍රේමයට අත වැනූ පළමු ගී දෙකෙන් අනතුරුව ඔහු එළබෙන්නේ තම ජනතාවාදී හඩ අවදි කිරීමටය. මේ අවස්ථාවේදී ඔහු යම් දැහැනකට සම වැදුනාක් මෙන් ගීතයට යොමු වේ. ගීතයේ මුල්ම සංගීත කොටස වාදනය කරනු ලබන්නේ වයලීනයේ දැඩි ඉක්මන් වාදනයකිනි. එයින් ප්‍රේක්ෂකාගාරයේ පපු කැනිති හාරා අවුස්සා හැගීම් එළියට ගනු ලබන බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය.

නිකට තම දිලිසෙන වයලීනයේ බඳ මත තැබූ ශිල්පියා තම උච්චතම අවස්ථාව දැන් එළඹ ඇති බව සිහිවී යම් ආතතියකට පත්ව සිටියේය. දැඩි වාදනයකදි වයලීන් බඳ එහා මෙහා නොයන පරිදි රඳවා තබා ගැනීම තරමක් අපහසු වන්නේ, තමාට මෙතෙක් උදව් දුන් එම රඳවනය වයලීනයෙන් ගැලවී, වේදිකාවෙන් පහළ ශාලාවේ නැවතී සිටින නිසාය. ඒ අතරම ගැස්මෙන් ආතුර වූ ඔහුගේ හදවත පළමු වරට ප්‍රේක්ෂකාගරයක් ඉදිරිපිට සිටින්නෙකුගේ තරමටම ඔහුව නවකයෙකු කොට ඇත. ඒ සියළු අපහසුකම් මැඩගෙන තම රාජකාරිය සදහා වයලීනය දැඩි ලෙස අල්ලා ගත් ඔහුට අවසන් මොහොතේ තම කන මත වේව්ලුම් කෑ වචන මතක් විය.

//“හු**ගන්නෙ නැතිව ඕක අරන් වරෙන්“//

තම හදවත කෝපයට පත්ව දගලන අයුරක් ඔහුට දැනිනි. තමාට ඉදිරියෙන් සිටින නොසරුප් බස් දොඩන්නා හට මහා වේදිකාවක්, විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිටදී බැන වැදිය යුතුයැයි ඔහුගේ දරදඩු හදවත ඔහුව පොළඹාලීය. එහෙත්, මේ නොසරුප් බස් දොඩන්නා තමා මෙන් කිහිප ගුණයක් සැම අතින්ම විශාල බව දැනී ශිල්පීයාගේ ශරීරය වක ගැහෙන්නට විය. තවත් තත්පර තුනකින් මුළු ලෝකයම නිහඩව සිටියදී තමා ශබ්දය උත්පානදය කළ යුතු බව ඔහු දනියි. නිහඩ ලෝකයේ පියාසලන එකම සමනලයා තමා බව දැනී ඔහු නැවත ප්‍රකෘතිමත් විය.

විනාඩියක් පමණ පවතින මිහිරි වයලීන් වාදනය ක්‍රමක්‍රමයෙන් මුහුදු රළ නැගී වෙරලේ හැපෙන්නාක් මෙන් දොංකාර දෙන්නට පටන් ගති. ටිකින් ටික වර්ධනය වී නැගෙන වයලීන් නාදය සටන් භූමියක තුර්යවාදනයක් සේ මිනිසුන්ගේ හිත් තුල දෝංකාර දෙන විට සමහරෙකුගේ රෝම කූප කෙලින් වන්නට විය. එය ඒ තරම්ම හැගීම් දනවන සුළු ජයග්‍රාහි වාදනයකි. එයින් ඇලලුනු බෝහෝ අයගේ භාවයන් සතුරු හමුදාවට මේ දැන් පහර දීමට තමන්ට අණ ලැබෙතැයි යන ඒකායන බලාපොරොත්තුවෙන් උන් නිර්භීත සෝල්දාදාවන් හා සමය. 

එහෙත් වයලීන් වාදනය අවසන් වීමට තත්පර දෙක තුනක් තිබියදී එක් වරම ශාලාව භයානක ලෙස නිහඩ විය. වයලීන් වාදන ශිල්පියා ඉලක්ක කොට දැල්වුනු සියළු විදිලි පහන් තුෂ්නීම්භූතව ඔහු දෙසම බලා සිටියහ. ඒවයේ රස්නය වැදීමෙන්දෝ වාදන ශිල්පියාගේ පටු නළල මත දාහය තැන්පත් වී අයුරකි. ඔහු නිසොල්මන්ව සිටියේ තම වයලීනය උරපත්තෙන් පැන අවට වාතලයට පියාඹා යාම නිසාය. සිදු වූයේ කුමක් දැයි ඔහු නොදන්නේ ඔහුගේ මුළු ආත්මයම වාදනයෙන් නික්මුණ හඩ තුල රැදී තිබු නිසාය. කලබලය පටන් ගත්තේ දැන්ය. ගායන ශිල්පියාගේ හස්ත සංඥාවක් හේතුවෙන් මුළු වේදිකාවම කළු ගුලියක් විය. 

සැනෙකින් තම අත දැඩිව රැදුන වයලීනය, කිසිවෙකු විසින් ග්‍රහණය කොට ඉවතට තල්ලු කළ බව දැනෙන මොහොතේම වාදන ශිල්පියා සිහි එලවා ගත්තේය. දකුණතේ රැදි අලුව තම අතින් ගිලිහී වේදකාවේ පිටුපස බිත්තියේ නිහඩවම ගැටෙද්දි, තම උර මත තද වූ යකඩ අත් දෙකින් වේදනාබරිතව සිටි ඔහුගේ වම් කන මත නැවත සුපුරුදු මුණුමුණුව ඇසෙන්නට විය.

“තෝ. පර බල්ලා. මාව කෑවා.. තොගේ අම්මට.. බැහැපං එළියට බල්ලා“

*****************************************

විනාඩි දෙක තුනක පමාවෙන් නැවතත් වේදිකාව ආලෝකමත් විය. වරදක් සිදු වූ කලෙක මෙන් ‍ශෝකබරිත දෙනෙතින් බිම බලා හුන් අසරණ ජනතාවාදී ගායන ශිල්පියාගේ රතු වූ මුහුණ සෙමින් එසවී මයික්‍රෙපා්නය වෙත සේන්දු විය.

“ප්‍රිය මිතුරනි, මට සමාව දෙන්න. අපගේ හිතවත් වයලීන් වාදන ශිල්පියා හදිසියේම රෝගාතුර වීම නිසයි මෙම තත්වය ඇති වූයේ. එයට මා ඔබගෙන් නැවත නැවතත් සමාව ඉල්ලනවා. ඔහුගේ රෝගී තත්වය නිසා මට කෙලෙසවත් නැවත වාදනය කරන ලෙස ඔහුට ආයාචනා කළ නොහැකියි. මා කෙදිනවත් මිනිස්කම් අභිබවා යන්නේ නැහැ. ඔහුගේ හදිසි රෝගී තත්වය මාද දැඩි ලෙස කම්පාවට පත් කලා. එහෙයින් අප ඔහුව හැකි ඉක්මනින් අදාළ පරික්ෂාවන් සදහා රෝහල් ගත කළා. මටද මේ අවස්ථාවේ ඔහු සමග යන්නට අවැසි උනා. ඒත් මා කෙසේද ඔබ තනිකර යන්නේ. ඔහුට ඉක්මන් සුවය පතා අප මේ ප්‍රසංගය දිගටම කරගෙන යමු. වයලීන් වාදනය සදහා මා අාධුනිකයෙකු වන ගීත් මහතාව යොදා ගන්නවාට ඔබ අකැමැති නොවේයැයි සිතනවා. කුමන බාධා ආවත් මාගේ ජනතාවාදී කාර්යභාරය මා නොපිරිහෙලා ඉටු කරන බවට ඔබට තවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතු නැතියි මා සිතනවා“

කිසිම දිනෙක ඇසී නොමැති මහා ඝෙෘ්ෂාකාරි තාලමය ශබ්දය රංගන ශාලාව පසු කොට පාරේ ගමන් ගත් සිය ගණනක් වූ මිනිසුන්ගේ පුදුමයට හේතු විය.

132 comments:

  1. මේක ඇත්ත කතාවක්ද??
    මොක වුනත් යකෝ මෙහෙමත් මාස්ටර්ලා ඉන්නවද...

    ReplyDelete
    Replies
    1. මොකද අනේ නැත්තේ.. ඉන්න තරමක් ඉන්නෙ ඔහොම අය තමා.. හැක්..

      Delete
  2. තිරය ඇරෙනවා තිරය වැහෙනවා
    ඔල්වරසන් හඬ පැතිරෙනවා
    සඳලුතලෙන් බැස මානවිකාවන්
    තාලෙට ඉඟ සුඟ නටවනවා

    කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති
    නලවතුරෙන් සැනහෙන දරුවෝ
    ගොයම් නැටුමකට දෑකැති ලෙලවති
    කුබුරක් ඇස නොහටුන දරුවෝ

    තිරය ඇරෙනවා ...............

    දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
    කරලිය හිමි නැති අපේ ළමයි
    හේනට කුබුරට ගත සවි දියකොට
    කරලිය අබියස බලාහිඳී.

    තිරය ඇරෙනවා ..........

    ගායනය සුනිල් එදිරිසිංහ
    පද බංඩාර ඇහැලියගොඩ
    සංගීතය රෝහණ වීරසිංහ

    ඇතියන්තම් සින්දු ඇනෝ එන්න කලින් සින්දුවක් දාගත්තා ..............

    ReplyDelete
  3. මට මතක් උනේ චන්ද්‍රිකාගෙ පුරහල බෝම්බ සීන් එක.


    ඉතාම සාර්ථකයි. මෙන්න මේ ටික ටිකක් අවුල් උනා ඒත් මුල් පාර කියවත්දි.

    // සියළු දෙනාම වේදිකාවට ගොඩ වෙද්දී වයලීනය අත රැදී ශිල්පියා තම ඇස්, ඉස්, මස්, ලේ නියමාකාරව අනුගත කරමින් වයලීනයට මුවා වී සිටියේය. ඔහු ළගට පැමිණි, මෙතෙක් වේලා වහසි බස් දෙඩු තෙමේ යමක් ඔහුගේ කනට කෙදීරීමත් සමගම විසල් වූ ඇස් ඇතිව වයලීනය දෙකට කඩන තරම් කෝපාග්නියකින් යුක්තව වයලීන් වාදන ශිල්පියා, ඔහු දෙස බලා සිටියේය.

    “හු*ගන්නෙ නැතිව ඕක අරන් වරෙන්“//


    ඔය කොයි සුදු පිරුවටේ අස්සෙත් ඉන්නෙත් කලු යක්කුම තමයි බං.

    ReplyDelete
    Replies
    1. සුදු කලු මිනිස් ලෝකයේ නෑ බොස් ඔක්කොම ශේඩ්ස් ඔෆ් අලු

      "Fifty Shades of Grey" ! :-D

      Delete
    2. අපේ මේ සමාජේ මුතු - මැණික් බඳීවී 
      සුදු ඇඳුම් අඳීවී - කළුයි සිත් ඔවුන්ගේ …

      Delete
    3. PJ, ඔන්න පරිවර්තනය කරනවා නම් හොඳ පොතක්....

      Delete
    4. ප්‍රා,

      ඔය පොතේ නම ඇහෙනකොට මතක් වෙන්නෙ "ටයනිව" :)
      ප.ම

      ලෝකයේ වෙනස් උනේ..මිනිහදෝ දෙවියදෝ...

      තිසර,

      බල්ලන්ට පොල්ලෙලි දානව වගේ!!

      Delete
    5. ඒ මොකෝ සිංහයෝ? මම මොන වැරැද්දක් කලාටද? :D

      Delete
    6. තැන්කුයි සිංහයා.. මාත් දෙපාරක් විතර කියෙව්වා අද.. ඔය ටික. (මොකද කෙටුවට පස්සේ මාත් අදමයි කියෙව්වේ) නරකක් දෙකක් නෙමෙයි කෝටියක් උනත් කියන එක තමා මට තියෙන එකම සැප..

      Delete
  4. අපේ පැත්තේ අළුත් ගෲප් එකක් ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා මහා සංගිත ප්‍රසංගය කියලා ගම පුරාම පෝස්ටර් ගහලා, පොල් කොට ඉඅන් ස්ටේජ් එකක ටකරන් මඩුවක් ගහලා සෝ එකක් කලා.. මුල්ම ගායකයා සනත් නන්දසිරි..

    පළවෙනි සින්දුව නාගෙන උනත් අරුන් ඇදගෙන ගියා..

    ඊළඟ සින්දුව.. වාසනා වේවා.. ඕගන් එකා ගහන්නේ වෙන මියුසික් එකක්.. ඩ්‍රම් ගහන එකා පොරි හැලෙන්න කලින් බීට් එකම ගහනවා..

    හූ....................................

    සනත් අරුන්ට බැනලා බැහලා ගියා.. කොල්ලෝ අම්බ ගල් පෝරියල් එකක් එව්වා.. සෝ එක එතනින් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. බොට කියන්න මාතේ සනත් ලොක්කා ඒ දවස් වලත් එහෙමයි. අපේ ගමෙත් සැට් එක මේ... 2000 විතර. ගෘප් එකක් අටවගෙන ආරාධනා කරා. නාමල්ටයි සනත්ටයි. දෙන්නම මගින් බැහැල ගියා.. බං..

      Delete
  5. ගොඩක් ප්‍රබුද්ධ උන්ගේ මියුසික් මියුසිෂන්ස්ලට මතක නෑ.. මොකෝ ඒවා කවුරුත් අහන්නේ නෑ නේ.. ඉතින් මිමින්ද මොකක්ද තමයි කරන්නේ.. එහෙම නැත්නම් ඕගන් එකෙන් ඔක්කෝම දෙනවා යූ බී ඇස් පෝට් එකට මක්කද එකක් ගහලා.. ඉස්සර නම් බිස්කට් එකක් දානවා.. අපි නොදන්න ප්‍රබුද්ධලා..

    ReplyDelete
    Replies
    1. අනේ බං දැං ගහන්නේ බිබික්කං. අන්න අර බ්ලු සැඩෝස් නං මගදි ලයිව් කියල ප්රූ කරල පෙන්නනවා. ඒකත් බොරුද මන්දා..

      Delete
  6. විලිසොං මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාල
    මිනිහට යකා නැගල දැංං
    බැලෝ එකට අණ්ඩ දාල හුළං යනව හෝස් ගාල
    සරිගම අවුල් වෙලා බංං

    අර මාස්ටර් බුවා ඔය වයලින් එකට ඔච්චරම ආදරේනං ඒක කෑලි හැලෙන මට්ටමේ තියාගන්න ඕනැයි.

    ReplyDelete
    Replies
    1. කරුමෙට වෙන දේවල් නේ බං

      Delete
    2. ගමේ නාට්ටිය බලන්න සෙනග පිරෙනවා
      යකඩ කටින් හෙන පුපුරන සද්දේ ඇහෙනවා
      අමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවා
      මාස්ටර්ම පොල්තෙල් පහනත් දල්වනවා

      Delete
    3. දැං අර ඕල්රයිට් කොන්ඩයා ඒ සින්දුව අයිති කරගෙන..

      Delete
  7. මිහිරි අඳුර... භයානක නිශ්ශබ්ධතාවය....හරි ලස්සණයි ලියවිල්ල දේශකයෝ...:)

    ReplyDelete
    Replies
    1. හරිම භයානකයි එහෙනං..

      Delete
  8. දේශකගේ හැකියාව අපූරුවට පෙන්වන ලියවිල්ලක්.. අර වගෙ ජනතාවාදී මිනිස්සුන්ගෙ ඇතුල්පැත්ත ඔහොමයි..මගෙ මිතුරෙක් එක ජනතාවාදී ගායිකාවකගෙ පන්තියකට බැ‍ඳෙන්න ගිහින් ආපහු ඇවිත් කිව්වෙ මෙහෙම."මචං ඒ **** එලියට පෙන්නන එක්කෙනා නෙවෙයි බං... "
    ඕකට එක විචාරකයෙක් කිව්වෙ කුණුවල ඉහගෙන කෑම කියලා..

    ReplyDelete
    Replies
    1. මේකේ ඇති දෙයක් නෑ බං.. නිකං ලිව්වේ..

      Delete
  9. හිතන්න ගොඩක් දේවල් තියන සංවේදී ඇත්තක් මේ කතාවෙන් දැනෙනවා දේශකයා...අපි හිතුවට කලා ලෝකය හදවත් ඇත්තවුන්ගෙන් පොහොසත් කියලා සමහර විට නපුරුම, කුහකකම සහිත කිසිම සංවේදී බවක් නැත්තවුන් ඉන්නෙත් කලා ලෝකයෙම තමයි...ඒත් ඒ ඇත්ත අපිට හංගනවා හරි ලස්සනට ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය කියලා මවලා දෙන කැමරා ලෝකයෙන්...මිනිස්සු පිස්සු වැටනවා ඒ ලෝකයට...එහි සුන්දරත්වය විඳින්න මැරෙනවා.... ඒත් කැමරාවෙන් එපිට ගොඩක් වෙලාවට තියෙන්නේ මේ වගේ දුක්බර ඇත්තක්...

    ReplyDelete
    Replies
    1. හපොයි කලාලෝකය කියන්තේ අපේ ලෝකයටම සමපාත වේචිච එකක් නෙව බං.. හැමදේම ඉවසීමෙන් වදාරන එක තමා සුදුසුම

      Delete
  10. මේ ලඟදි මගුල් ගෙදරක ගෘප් එක දිහා බලාගෙන හිටිය. ඔක්ටෝ පෑඩ් ගහන එකා බොත්තම් ඔබ ඔබ ප්‍රෝග්‍රෑම් කරනවා. පට්ට ඩ්‍රම් ඉන්ට්‍රෝ එකකින් සින්දුව පටන් ගත්තා. පස්සේ බලනකොට ඌ ඔක්ටෝ පෑඩ් එකට ගහන්නේ අඩු ගානේ තාලයටවත් නෙවෙයි.

    ජනතා වාදී ගායකයෝ අතර විතරක් නෙවෙයි ජනතා වාදී ලේඛකයෝ අතරත් ඔය වගේ පිස්සු බල්ලෝ ඉන්නවා. උන් පත්තර වලට ලියන්නේ බොක්ක ගලවල අතට අරන්. පොඩි මිස්ටේක් එකක් උනොත් වයලින් කාරයට වෙච්චි දේම තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ජීවන් අයියා පෑඩ් පාට් එකට වශී වෙලා. ඒකයි ඒ :D

      Delete
    2. මිනිස්සුනේ බං..

      Delete
  11. මට නම් ඒ හැටි තේරුනේ නෑ වගේ බන්...

    "විනාඩියක් පමණ පවතින මිහිරි වයලීන් වාදනය ක්‍රමක්‍රමයෙන් මුහුදු රළ නැගී වෙරලේ හැපෙන්නාක් මෙන් දොංකාර දෙන්නට පටන් ගති. ටිකින් ටික වර්ධනය වී නැගෙන වයලීන් නාදය සටන් භූමියක තුර්යවාදනයක් සේ මිනිසුන්ගේ හිත් තුල දෝංකාර දෙන විට සමහරෙකුගේ රෝම කූප කෙලින් වන්නට විය. එය ඒ තරම්ම හැගීම් දනවන සුළු ජයග්‍රාහි වාදනයකි. එයින් ඇලලුනු බෝහෝ අයගේ භාවයන් සතුරු හමුදාවට මේ දැන් පහර දීමට තමන්ට අණ ලැබෙතැයි යන ඒකායන බලාපොරොත්තුවෙන් උන් නිර්භීත සෝල්දාදාවන් හා සමය. "

    ඔය ටික කියවද්දී හිතෙන්නේ මිනිහ පට්ට විදියට ප්ලේ කළා කියලනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත පැතුම්...ඒත් ඇත්තටම මිනිහා හොදට ප්ලේ කරල අන්තිම හරිය එද්දි චින් ගාඩ් එක නැති නිසා වයලීන් එක ලිස්සල ගියා නිකටෙන්..

      Delete
  12. Replies
    1. එහෙනං හමාරයි.. හැක්

      Delete
  13. මාස්ටර් සර්.. මට හිමිතැන මට දෙන්න...

    ReplyDelete
    Replies
    1. ඉදපං දෙන්න.. ගනිං අර පොල්ල

      Delete
  14. වාදකයාණෙනි ඔබේ සිතාරය
    තත්සර නංවන සුමිහිරි රාවය
    කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
    දෙතොලේ ගීයට මුසු කල මැනැවී …

    අඞ අඳුරේ මන්මත් කළ රාවය
    තොලගාමින් මෝහයේ සුරා විත
    ආලිංගන නැටුමකට සාදයට
    කුමට වයන්නෙද එවන් සිතාරය …

    වාදකයාණෙනි...

    නව ලොව එළි කල අරුණාලෝකය
    රන්කෙත කරනා සඳ ආලෝකය
    සව්සිරි අස්වනු නෙලනා ගීතය
    රසවත් කළ මැන වයා සිතාරය …

    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. මාත් ආසම ගීතයක් පට්ටරයෝ...

      Delete
    2. මේක මුලින්ම කිව්වේ අමරදේව මාස්ටර් නේද ?

      Delete
    3. මටත් මතක එහෙමයි..

      Delete
  15. සංගීතවේදියෝ... ...

    දෝතට ගත්තේ දොළකින් බිඳුවකි
    බර ඇති ගසකින් කැඩුවේ ගෙඩියකි
    ලැබෙන දෙයක් ඇඳ සතුටු වුණා ලොව
    සංගීතවේදියෝ... 

    සොබා දහම හා අවදිවුණා මිස
    කුරුළු ගීතයට කන් දුන්නා මිස
    අවිහිංසකකම රජ කෙරුවා මිස
    මානව භක්තිය ගැන සිතුවා මිස
    ලේ පවසින් කිසිදින මුර ගා නැත
    සංගීතවේදියෝ... 

    රාජ සභා මැද පුද ලැබුවා මිස
    දෙවියන්ගෙන් බුහුමන් ලැබුවා මිස
    පතුරාගන්නට සිය කිතු ගොස යස
    කවියට ගීයට කවමින් වස විස
    අවිගෙන කිසි දින සටන් වැදී නැත
    සංගීතවේදියෝ...


    ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - සෝමපාල රත්නායක
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. හුරේ !!!!!

      බඩු ඇවිල්ලා !!!!!!!!!!!!!

      Delete
    2. පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහලද්වීපේ..
      මා වාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ..
      මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා ‍එක්ක අනේ ඇය් කෝපේ..
      ඇන්නෑ ඊර්ෂ්‍යා...මුන්ගේ මෝඩකම් පේනා..

      සංගීතකාරයෝ බෝමයි පුප්පන්ට ඉතා සමතෝමැයි
      දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි
      නොදකින්... නරිවාදම්... පෙරෙන්නා දැන්... පුරා පල්ලෙන්
      ඉලගෙයිරංගේ මාගෙන් තේරේ..

      ගායනය -විජේරත්න වරකාගොඩ

      Delete
    3. @ සින්දු ඇනෝ: අපූරු ගීතයක්. මට මීට කලින් හම්බ වෙලා තිබුණෙ නෑ. අහන්න ඕනෙ.

      Delete
    4. අපුරුයි පුතාලා අපුර්වයි...

      Delete
  16. දේශක අයියා, කතාව්වේ මුල්ම වචන වලින් ඔයා අපිව වේදිකාවකට එක්කගෙන යනවා, ඊළඟට කළු සුදු චරිත දෙකක් එක්ක කතාව ගෙනියනවා මුලාරබක සිද්දියක් එක්ක "චීන ගාර්ඩ් එක" හොඳ පොයින්ට් එකක්, හරි ඊළඟට යියම කතාව ඇතුලේ මවපු කළු චරිතයට සුදු හුණු ගානවා නිවේදකයා විසින්, ඒ මදිවට ඌ ඇඳගෙන ඉන්නෙත් සුදු පාට ඇඳුමක්, සුදු හුණු ගෑව වැඩිද මන්දා, හරි ඒ අස්සේ වයලින් ගහන මනුස්සයා සටනක යෙදෙනවා චින් ගාර්ඩ් එක නැතිව ප්ලේ කරන්න, හරි ප්‍රසංගය පටන් ගන්නවා, අයියා අපහු වචාහන වලින් අපිව ප්‍රසංගයට අරන් ගිහින් සින්දු දෙකකුත් අස්සවනවා, ඊට පස්සේ උච්චාස්තානය, වයලින් කාරයාගේ වාදනය, හැබැයි යිඅම මතු කරන විදියට හෙමින් පටන්ගෙන උච්ච වෙන වාදනයක් මතු වෙයි කියලා හිතෙනවා කලින් හුජා ගන්න නැතිව වචනය අහලා මල පැනලා ඉන්න නිසා, ඒ නිසාම වැඩේ දෙල් වෙන්න දීගෙන එන කොටම වයලින් එක අතින් පනිනවා,

    හරි සිද්දි ඉවරයි , පොර ලෙඩෙක් වෙලා එක මොහොතකින්, අලුත් එකෙක් දම්මලා වාදනය කරනවා, නළුවා අයෙත් සුදු හුණු ටිකක් උලාගෙන වැඩේ ඇදගෙන යනවා.

    එත් කතාවේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, ඒ මේ වගේ ප්‍රසංගයක ඔය වගේ පොඩි මිස්ටේක් එකක් වෙන්න අර කළු චරිතය ඉඩ තියයිද? මොකද ඒ ප්‍රසංගය පටන්ගන්න විනාඩි 10 කට කලින් මේ අවුල එන්නේ, ඉතින් අවසන වන රී ප්ලේස් කිරීම කලින් නොකළේ ඇයි? ප්‍රසංගයේ වාදනය යන අතර තුර උනානම් එය ගැටලුවක්, නමුත් අයියා කතාව ගොඩ නගලා යන විදියට සුදු චරිතය හුවා දක්වන්න කට්ට කාගෙන චින් ගාර්ඩ් එක නැතිව ප්ලේ කරන පොඉන්ට් එකට එන්න අර ප්‍රශ්න අමතක කරලා වගේ, හරි ඒ ප්‍රශ්නේ හරහා ඔහුට තව සුදු හුණු ගා ගන්නට ඔහු උත්සාහ කලාද යන වගක් කතාව තුලින් මතු නොවුනත් අවසානයේ ඔහු එසේ කර තිබෙනවා,

    ඊළඟට මේ වගේ ප්‍රසංග වල බැකප් ඉන්ස්ටුමෙන්ට් නැද්ද? එතකොට කරුවලේ මියුසික් ප්ලේ කළා කියලා හිතමු මොකද ගොඩක් ඒවගේ එහෙමනේ වෙන්නේ, එත් මීට වඩා මටනම් රහක් එනවා අර කට්ට කාගෙන ගහන එකාට එක ලයිට් පාරක් හරි වැදිලා උ කන කට්ට අනිත් මිනිස්සු අතරට ගියා නම්, ඒ සමග ඔය සිද්දිය උනා නම්, (කොහොමත් අපි පොදුවේ බලා පොරොත්තු වෙන්නේ කළු චරිත යට ගිහින් සුදුවා උද එනවා දකින්නනේ) , මොකද එහෙම හිතෙනවා අයියම මතු කරන ජාතියේ වාදනයන් යන කොට ප්‍රසංග වල ඒ මනුස්සයාට ලයිට් පාරක් ගහලා එයාව පෙන්නනවා,

    හරි ඊළඟට සවුන්ඩ් ගත්තම එක්කෝ ස්ටාන්ඩ් එකක හයි කරපු මයික් එකකින් හරි නැත්තන් වයලින් එකටම ගහපු මයික් එකකින් තමා සවුන්ඩ් අවුට් පුට් එක ගන්නේ, එත් අයියා කතාව මද මනුස්සයෙක්ගේ පුපුරා හැලීමක් විස්තර කරනවා, අනේ මන්දා මනුස්සයෝ පුපුරා හලොන කොට ඒවා වටාපිටාව ගැන තැකීමකින් තොරවම පුපුරනවා, පාලනයකින් තොරව පුපුරා හැලෙනවානම් කෝ එතන පුපුරා හැලීමක්, ඉතින්

    //“තෝ. පර බල්ලා. මාව කෑවා.. තොගේ අම්මට.. බැහැපං එළියට බල්ලා“//

    කනට කරලා කොන්දුරයිද, ඔය වෙන කොටම මයික්ඔෆ්ෆ් උනාද, ලයිට් වදින්නේ මිස්ටේක් එකේදිම විතරද? එතකොට අර මනුස්සයාගේ පුපුරා හැලීම අර අටවපු හරි ළඟ තියෙන මයික් එකකින් එලියට නොපනීද?

    හරි ඊළඟට ආයෙත් අර අවසාන් ඔප්ෂන් එක, රී ප්ලේස් කරන්න එකෙකුයි වයලින් එකකුයි තියෙනවානම්, වැරැද්ද කලින්ම වුනානම් ඔප්‍රසන්ගයට කලින් ඒ වැරැද්ද පිටම ප්‍රසංගය පටන්ගනීද?

    හරි වයලින් වාදකයෝ ගැන ගත්තම තමාගේ වයලීනයට ඔවුන් පන වගේ ආදරෙයි, ඒ බව අර රැවුල වවලා වයලින් ගහන මහත්තයාගේ වයලින් එක නැති වෙචච වෙලේ පහ්තරෙක් ගිය ආටිකල් එකක තිබුනා, ඒ නිසා ඒ අතින් ඔහු තමන්ගේ වයලින් එක විතරක් පාචිචි කරා කියලා හිතන්න පුළුවන්,

    එත් අයියම මතු කරනවා කු චරිතය කොතරම් බලවත්ද කියලා, සුදු චරිතයට වඩා,

    //මේ නොසරුප් බස් දොඩන්නා තමා මෙන් කිහිප ගුණයක් සැම අතින්ම විශාල බව දැනී ශිල්පීයාගේ ශරීරය වක ගැහෙන්නට විය//

    ඉතින් එහෙව් අධිකාරී බලයක් තියෙන එකා පොඩි හරි මිස්ටෙක් එකකට ඉඩ තියයිද? අනික කල් තියලම දන්නා මිස්ටෙක් එකක්, ඒ බව දන දැනම කරලා කෙල උනාම වෙනෙකෙක්ගෙන් ඒ වැරැද්ද රී ප්ලේස් කරන කාරණය හරහා කලින් ප්‍රශනය සාදාරනීකරණය කරන්න පුලුවන්ද?

    ඊළඟට රී ප්ලේස් ගැටලුව අයියා නුට්‍රල් කරලා ආධුනික ප්‍රවීන වෙනසින්.

    වයලින් කාරයා තමන්ගේ කැඩුණු මගුලෙන් ගහන්න හදාදී අර //කුණුහරුප// කියන එකාට "හුත්තෝ දැන් ඉතින් මේකෙන් වත් ගහපිය ඔය මගුල විසික් කරලා " කියලා නොකියවෙයිද අන්තිම මොහොතේත් චින් ගාර්ඩ් එක හදා ගන්න බැරිව වෙන ප්ලේ කරන්න එද්දී? ප්‍රසංගයක් අන්තිම තප්පරේටම චෙක් කරන නිසා අනේ මන්දා?

    ඊළඟට මාස්ටර් වෙච්ච කෙනා වයලින් කාරයට වඩා ප්‍රවීන නොවේද වයලින් කාරයා මේක තමා හරියටම හරියන එක සී නොට් ටියුන් කලේ මේකේ කියලා බයිලා ගහන කොට හරියන එක මොකක්ද හරි නැති එක මොකක්ද කියලා තේරුම් ගන්න, එතකොට එහෙම පොරක් මාස්ටර් වචනෙන් හයිලයිට් වෙන්නේ කොහොමද?

    ප්‍රශ්න ගොඩයි අයියා, :D එත් සිදියත් එක්ක කතාව රහයි, එත් අර ප්‍රශ්න නිසා රසය බහිනවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි ඒ ප්‍රශ්නේ හරහා ඔහුට තව සුදු හුණු ගා ගන්නට ඔහු උත්සාහ කලාද යන වගක් කතාව තුලින් මතු නොවුනත් අවසානයේ ඔහු එසේ කර තිබෙනවා,

      ඒ කිව්වේ කළු චරිතේ ගැන :D

      Delete
    2. මටත් මෙන්න මේ වගේ අවුල් ටිකක් දැනුනා. හැබැයි මෙච්චර ලියල පැහැදිලි කරන්න කම්මැලි හිතුනා සොමියා මට ආපු ප්‍රශ්න ටිකත් එක්කම ලියල හෙහ් හෙහ් :D

      Delete
    3. අපූරූ විචාරේ..

      ඒ උනාට එකම දුර්වලතාවය.. සීයා කෙනෙකුට අයියා කියා ආමන්ත්‍රණය කිරීම..

      Delete
    4. //එකම දුර්වලතාවය.. සීයා කෙනෙකුට අයියා කියා ආමන්ත්‍රණය කිරීම..//
      හැක්... නියම කතාව.

      ඒ උනාට මාතෙ මාත් ඔහොම එකෙකුට රැවටිලා හිටිය උෟ හෙන වයසක පොරක් කියල හිතාගෙන. අන්තිමට කොහොම හරි උගේ රියල් ප්‍රෝපයිල් එක අහුඋනාට පස්සෙ තමයි බුවා කොයි වගේ පොරක්ද කියල තේරුනේ.
      සැ.යු. මේ කියන්නෙ දේශකයා ගැන නොවන වග සලකන්න. :D

      Delete
    5. සොමියා.

      උඹට අවංකව කියන්නං. උඹ මේ කරන විචාර බෝම බලවත් මට නං.. මම මේවා දිහා බලල ඇත්තටම සතුටු වෙනවා මං ලියපු දෙයක් කව්රුන් හෝ කෑලි වලට ගලව ගලව විචාරය කරා නේද කියල හිතලා. උඹ මේ විචාර නොයෙක් තැන් වලට කරන ආකාරය මම දැක්කා.

      ඒක නිසා මම බොට උපදෙසක් දෙන්නං. උඹ අපි ලියන ඒවා ගැන කරන විචාර වෙනම පෝස්ට්කටු විදියට උඹේම බ්ලොග් එකේ දාහං. ඒක හරිම වැදගත්. එතකොට අපි ඇවිත් ඒ ගැන උඹ මොනවද කියන්නේ කියල බලන්න කුතුහලයෙන්ම ඉදීයි. ඉවාන් හෙමත් සතුටු වෙයි උඹ එහෙම කරොත්.. උඹට ස්තුතියි කියන්නේ උපරිමයි. උඹ වගේ එකෙක් විචාර පැත්තෙන් ඉදිරියට යන්න හොද හැකියාවක් තියෙනවා. ඒකට සුදානං වෙයං..

      Delete
    6. ස්තුතියි දේශක අයියා, මම මට හිතෙන දේ කියන්නේ, මම ඒ තරම් ප්‍රවීනයෙක් නෙවෙයි, මට වඩා දන උගත්තු මේ සයිබර් ලෝකේ ඕනා තරම් ඉන්නවා, මම නිකන් හෝ හපිට්ටෙක් විතරයි.

      Delete
    7. එතකොට අපි ප්‍රවීණද බං???

      Delete
  17. ගායකයාගේ අති දක්ෂ රංගනය !

    ReplyDelete
  18. ගාර්ඩ් එක නැති උනොත් කේස් ගොඩයි!! නැත්ද මම අහන්නෙ? හැක්. :D :D

    අපේ සමාජෙ ගොඩක් ඉන්නෙ මුව හමක් පොරව ගත්තු වෘකයො.!!

    කතාව පට්ට දේශො.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම එහෙමයි නේ බං... උවමනා වෙලාවට පොරෝනය වෙනස් කරනවා..

      Delete
  19. මිනිස් සිත තුළ සංවේදී හැඟීම් ජනිත කරවන සමහර අය මෙලෙස හැසිරීම සංවේදී බව නැතිකොට සංවේගය පමණක් ඉස්මතු කරවන සුළුයි.

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම තමයි විචා.. උඹ ඕවා හිතල වැඩිපුර බොන්න ගන්න එපා..

      Delete
  20. ලස්සන කථාවක් දේශක...ලංකාවෙ සමහර මාස්ටර්ලා ලග පිටතට නොපෙනෙන ඔවැනි ගති ගුණ අතීතයේ වගේම වර්තමානයේත් තිබෙනවා...

    සංගීත මඩලේ ප්‍රතිරාව නැංවූ නිර්මාණ ගී ශිල්පියානෝ
    සීගිරි ලෙනේහී රූ අප්සරාවන් ඇන්දාවු ඒ සිත්තරානෝ
    කව්ගී ලියූවෝ ... පිලිරූ නෙලූවෝ ....
    වෙන්වී ගියත් ලෝ නියාවෙන්
    ආකාස තලයේ ඔවුහූ සරන්නෝ .... දෙවි දේවතාවුන් විලාසෙන් ....

    ප්‍රාකාර හෝ රාජ සිහසුන් පවා ලෝ වෑනසේවි නටබුන් සොභාවී ....
    ගංගා තලා සාගරේ වාලුකා වී වැලපෙවී ලෝකාන්තයේ දී ...
    ඔබගේ කලාවයි යුගයෙන් යුගේහී මේ කල්පයේ ඡේත වන්නේ
    අප හෘද කැටපත් පවුරේ සදා කල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ....

    නාමෙන් ඔබේ මා ලයේ වේදනාවෝ කම්පාව හඩනාවූ යාමේ ..
    විස්කම් කලාකාමී මිතුරෝ ඔබේ වී ඇසේවා .........
    මිහිතලා ..... ඇති තුරා ....නාමයෙන් ඔබේ ඕලු මල් පිපේ...
    මිනිසා පිපාසෙන් හඩනා දිළින්දන් .. කදුළේ ඔබගේ කලාවයි ...
    ගිනියම් දවාලේ දිලිදුන් හෙලුවෝ දා බින්දු ඔබගේ කලාවයි ...
    ලිය පඳුරු අතරේ නිල් පලිඟු මතු වේ .. රේඛාව ඔබගේ කලාවයි ......
    මේ සක්වලේදී ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි .....


    ගායනය - එච් ආර් ජෝතිපාල
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - සරත් ද අල්විස්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සිරා.. මම හොය හොය හිටිය සින්දුවක්...

      Delete
    2. සින්දුවට පින්. ඔව් බං සිරා. හුගක් අය ළග ටීවි එකේ කතාවට එහා ලෝකය වෙනස්..

      Delete
  21. ඔහොම තමයි බං,ප්‍රබුද්ධ කියන සුප්‍රබුද්ධ කියන උන් තමන්ගෙ ගෙදර වැඩකරන අයට සලකන විදිය දැක්කොත් බල්ලොත් බත් කන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං.. ඔය නරකයි කියන උන් ඊට වඩා සලකනවා පොඩි එකාට..

      Delete
  22. නොතේරෙන දේශපාලනයුත් ලිවිල්ලෙ තියෙනවාදමන්දා..?

    ReplyDelete
    Replies
    1. මට නං එහෙම හාන්කවිසියක් වත් දැනුන්නෑ වීයෝ..

      Delete
  23. Replies
    1. පට්ට ගහමු.. නැද්ද

      Delete
  24. අර යක්ෂයා පලවා හැරපු කතාව වගේම සාර්ථක තවත් කෙටි කතාවක්. .එතකොට අන්තිමට උනේ වයලින් ශිල්පියාගේ අතට වයලින් එක ආපහු දීලා තල්ලු කරලා දැම්ම එකද?

    ReplyDelete
    Replies
    1. නෑ. වෙන එකෙක් දැම්මා..

      Delete
  25. කතාව ටිකක් අමාරුවෙන් කියෙව්වෙ වෙනදා තියෙන රසය ටිකක් මට නම් අඩුයි .කොම උනත් කතාව ඇතුලේ හිතන්න බොහෝ දේ තියෙනවා

    සහෝදර

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ. හිතා බලන්න ම වෙනවා. ඕන්න ඕක නිසා තමා මං නිර්මාණයට බය.. මට බයයි උඹල අසන්තෝස වෙයි කියලා..

      Delete
  26. //විනාඩියක් පමණ පවතින මිහිරි වයලීන් වාදනය ක්‍රමක්‍රමයෙන් මුහුදු රළ නැගී වෙරලේ හැපෙන්නාක් මෙන් දොංකාර දෙන්නට පටන් ගති. ටිකින් ටික වර්ධනය වී නැගෙන වයලීන් නාදය සටන් භූමියක තුර්යවාදනයක් සේ මිනිසුන්ගේ හිත් තුල දෝංකාර දෙන විට සමහරෙකුගේ රෝම කූප කෙලින් වන්නට විය. එය ඒ තරම්ම හැගීම් දනවන සුළු ජයග්‍රාහි වාදනයකි. එයින් ඇලලුනු බෝහෝ අයගේ භාවයන් සතුරු හමුදාවට මේ දැන් පහර දීමට තමන්ට අණ ලැබෙතැයි යන ඒකායන බලාපොරොත්තුවෙන් උන් නිර්භීත සෝල්දාදාවන් හා සමය. //

    මේ ටික එළය.....

    මට නම් මතක් වුණේ, කේමදාස මාස්ටර්... ඔහුත් තරමක් මීට සමාන ගති තිබ්බ කෙනෙක් බව අහලා තියනවා. රෝහණ වීරසිංහ ලියපු "ගමන් මගක්" කියන පොතේ තියනවා, එහෙම බැනපු වෙලාවක රෝහණ ඔහුගේ සංගීත භාණ්ඩයත් අරගෙන නැගිටලා ගිය හැටි ගැන සිද්ධියක්....

    මේ දේවල් ප්‍රායෝගිකව සිද්ධවෙන ක්‍රමය මේකෙ තියනවට වඩා සාමාන්‍යයෙන් ටිකක් වෙනස්. ප්‍රසංගයකට පෙර ගායකයා ඇවිත් මෙහෙම සංගීත කණ්ඩායම ලෑස්තියිද, අඩුපාඩු තියනවද කියලා හොයලා බලන්නේ නෑ. ඒ වගකීම තියෙන්නේ සංගීත කණ්ඩායමේ ප්‍රධානියාට / සංගීත අධ්‍යක්ෂකවරයාට...

    ReplyDelete
    Replies
    1. කේමදාස මාස්ටර් එක්ක වළියක් දාගෙන සරත් දසනායක මහතාත් වෙන් ගිය බවක් මම අසා තිබෙනවා...එයින් පසු ඔහු තනිවම තමන්ගෙ ගමන ගියා.

      Delete
    2. නාලක අංජන කුමාරත් කේමදාස මාස්ටර් එක්ක වළියක් දාගෙන ගියා අහලා තියනවා ..

      Delete
    3. ගෘෘප් එක එයාගේ නං එයාටම තමා ඕවා බලන්න වෙන්නේ.. තිසර. තැන්කුයි

      Delete
  27. ෂර්ලෝක් හෝම්ස්ගේ වාදකයා කියන කථාවේ වයලින් වාදකයා තමන්ගේ මාස්ටර්ව මරනවා තාඩන පිඩන ඉවසන්න බැරිම තැන..
    වෙනදා වගේම ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බ්‍රා නැත්තං කොහෙි්ද මේච්චර ලස්සනක් නැද්ද බං

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. දහසක් හොඳ කලත් එක වරදින් ඒ සියල්ල මැකී යයි. මිනිස් ස්වභාවය.
    //An old man walks into a pub in Scottland, his feet shuffling, his back bent. He drags himself onto a stool and orders a beer. Placing the full glass in front of him, the bartender inquires upon his sad face.
    The man answers with a smoky and trembling voice and a Scottish accent:
    Ah, tell ya man! This pub, this very pub we're just sitting in. I built it, with me own hands! But do they call me the Pubmaker? Naa! See the wall over there, that protects our town? I built it, with me own hands! But do they call me the Wallmaker? And the bridge, you know, that crosses our river, I built it, with me own hands! But do they call me the Bridgemaker?
    But I tell ya, man! YOU F&@% ONE GOAT!//

    ReplyDelete
    Replies
    1. තැන්කුයි විසිටා...

      Delete
  30. ගායකයා ගැන විතරක් කතා කරන අපේ කාලේ සංගීතකාරයෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මිනිහා මිනිහමයි මොන ගායකයා උනත්...

      Delete
  31. සොමිය කියපු ප්‍රශ්ණ වලින් කිහිපයක්ම මගේ හිතටත් ආවා. ඒත් කතාවේ උද්වේගකර අවස්ථාවන් නිසා රසයක් වින්දා. ඒ මොහොතේ ඒ ප්‍රේක්ෂකාගාරයේ උන්නා වගේ හැගුන. කතාව රසවත් දේශා..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි. මාත් මේ දණගානවා විතරයි නේ බං තාම..

      Delete
  32. මේවගේ කතාවක් ලියන්න උත්තේජනය සපයපු වස්තු බීජය මොකක්ද ?

    “තෝ. පර බල්ලා. මාව කෑවා.. තොගේ අම්මට.. බැහැපං එළියට බල්ලා“ - මේ ටික ප්‍රේක්ෂකයන්ට ඇහෙන්නෙ නැද්ද ?

    දවසක් ජයලාල් රෝහණ දොරමඩලාව වැඩසටහනකදි කිව්වා චීනයේ සුදු වලින් සංඛේතවත් වෙන්නෙ දුෂ්ටත්වය / නපුරුකම වගේ දේවල්ලු...

    මගෙ යාළුවෙක් ලියපු ගීතයක්, එක්තර ජනප්‍රිය ප්‍රබුද්ධ ගායකයෙකුට දුන්නම බොහොම පහත් කරලා කතා කරලා සමච්චල් කරලා ආපහු දුන්නලු. අද ඒ ගීයම අමරසිරි පීරිස්ගෙ හඬින් අපූරුවට ගැයෙනවා..

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකක්ද බං සෙන්නයියේ ඒ සිංදුව ??

      Delete
    2. ඒ දෙපාරක්ම ඇහුවා බං.එත් තාම මට හරියට එක වැටහුනේ නැහැ...:(
      තව දෙපාරක්වත් අහන්ට ඕනේ.

      Delete
    3. හෙහ් හෙහ්.. එහෙනම් අරයටත් ඕකම් තමා වෙන්න ඇත්තෙ... පව් වැඩේ පොරට දොස් කීවෙ.. :D

      Delete
    4. ලිරික්ස් ටික දීපංකෝ සෙන්නෝ.. සිංදුවේ මැදින් බේස් පාරක් යනවා අනවස්ස ඒකෙන් පැහැදිලි නැහැ

      Delete
    5. විජ්ජුලතාවිය - ලොව සැරසූ ලිය
      මාලති මාලිය - හදවත් ධාරිය
      මිහිකත ධරණිය - කුණ්ඩලකේශිය
      යසෝධරා වූ උත්තම මෑණිය
      ඔබ කුළවමියයි - රංජනියයි ලෝකේ

      ඉන්දීවරියේ අප්සරාවියේ
      පිරිවැඩුනා ලද මල්වරියේ
      ලලිත ප්‍රභාවයි ශශ ලේඛාවයි
      සැම දන හද සොමි රුවන් ගැබේ
      චිත්තග සජ්ජිත - සමන්ත භද්‍රය
      ඔබයි සදා ලෝකේ

      තිසර ධේනුවේ හද විල් තෙරෙහි
      සදා සරණ ලද පින්බරියේ
      ඉන්ද්‍ර දිශාවයි - දිවි සූර්යාවයි
      ගලිත සිතෙක නිති ජයක් ඇඹේ
      චිත්තග සජ්ජිත - සමන්ත භද්‍රය
      ඔබයි සදා ලෝකේ..

      පද : සුනිමල් විතාණගේ
      තනුව : රංග දසනායක
      හඬ : අමරසිරි පීරිස්

      Delete
    6. සෙන්නා උඹ දීපු සිංදුවට ස්තුතියි බොක්කෙන්ම..

      //මේවගේ කතාවක් ලියන්න උත්තේජනය සපයපු වස්තු බීජය මොකක්ද ?//

      මේක උඹ හිතාමතා කිරල මැනල කරපු ප්‍රකාශයක් ගානට මං ගන්නවා ඕ යෑස්

      Delete
  33. වාදකයාගේත් වරදක් තියෙනවානේ.ප්‍රසංගයට එනකොට හොඳ සුදානමින් එන්න එපැයි.හැබැයි ඉතින් ජනතාවාදී ගායකයාගේ ක්‍රියා කලාපේ නම් අන්තිමයි.හරියට අපේ සංවේදී,ජනතාවාදී නායකයෝ වගේ.

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ.. ලෝකේ වෙනස් වෙනවා නොහිතන වෙලාවට

      Delete
  34. ම්ම්...උඹේ කතාවක් කියවන්න තිබහෙන් ඉටියෙ .....
    කියවල එන්නම්....දැන් දැක්කේ......බොරු නම් බලපං ...%$#@ තෝ......

    Kenji @ මැලේSeptember 30, 2014 at 6:39 AM
    අඩෝ....දේශ.......සිංහල බොලොක් වල "පට්ට" කතා ලියන්නෙ තෝයි ...ඉවානය යි.....අර තව කුඩලු විදානෙයි......ආ......තව ඉතාලි දිනේෂා ....වගේ.....සෙට් එකක්....
    කතාවක් දාපිය.....තිබහයි .....යකූ......

    ReplyDelete
    Replies
    1. ගිඩි ගිඩි ගාලා බීපං මිලි 30 ක් ඉතුරු කරහං උදේට ගන්න

      Delete
  35. ඔය කොයි ජනතාවදියගෙත් ඇතුල තමයි මෙ

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මිනිස්සු බං. කිසිම වැරැද්දක් නෑ

      Delete
  36. වයලීන වාදකයාගේ වාදනය හදිසියේ නතර කීරීම අතරතුර ශාලාවේ හිටිය එක අයෙක් මෙහෙම කියනවා ඇහුන
    " අද වාදනයෙ වෙනද නොදැනුන මොකක්දෝ දුක්බර බවක් තිබ්බ. හරිම අමුතු හැඟීමක් දැනුනෙ .... හ්ම්ම් ..මං හිතන්නෙ ඔය දැන් කිව්ව අසනීප ගතිය නිසා වෙන්නැති.... " හිත තුල කුකුසක්... ඔහු නළල රැලිගන්වා වේදිකාව තුල ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලාසිටී ....

    ReplyDelete
    Replies
    1. හුගක් අය එහෙමයි නෙව...

      Delete
  37. Standard chartered Bank එකේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මට call එකක් දෙන්න උපදෙසක් අවශ්‍යයි.
    0779751111

    ReplyDelete
    Replies
    1. සුදීක කතා කරා නේද? මං දන්න නංගිල ටික්ක නං චැතැම් ස්ට්‍ර්ට් යනවා. ඒත් ඉතිං කකුල් දිහා බලනවා ඇර වෙන ඇගෑලුම් කමක් මගේ නැහැ..

      Delete
  38. මෙහෙම දේවලුත් වෙනව එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනේ.. කෝමද ඉතිං.. කාලෙකින්. ආයිනිදිද

      Delete
  39. දේශකයා...................

    මචං කතාව ගැන කෙසේ වෙතත් ඒ වචන කොහොන්ද ඉගෙන ගත්තේ. ඒ වගේ ම මට දැනගන්න ඕන තවත් දෙයක් තියෙනවා ඒ තමයි කොහොම ද මේ විදිහට සංයමයකින් ලියන්න පුරුදු වුණේ. ටිකක් පුරුදු නැහැ වගේ මචං ඒකයි අහන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹ කියන මලදානේ මට තේරෙන්නෑ.. මට මේක කොටන්න ගියේ හරියටම පැයයි විනාඩි තුනයි

      Delete
  40. මෙහෙම මාස්ටර්ලා නං අනන්තවත් ඇති..
    හැබැයි දක්ෂ වයලීන් වාදකයෙක් නම් වින් ගාඩ් එකක් ඕනම නෑ නේද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. වයලීන් එකක් ඕනත් නෑ බොල. :D

      Delete
    2. කරුමෙට ෆීලින් එකේ ප්ලේ කරන කොට ඌට අමතක වෙනවා චින් ගාඩ් එක නැති බව...

      Delete
  41. සුදු පිරුවටයෙන් වුනත් වැහිලා තියෙන්නේ නිරුවත. කාලෙකින් බ්ලොග් කියවන්න් ආවම මෙහෙම කතාවක් කියෙව්වම ආපහු කාලෙකට කියවන්න ඕනේ නෑ. මේ රසය වෙන එකකින් මැකිලා යන්න දෙන්න හොඳ නෑ.
    ආධුනික වාදක ගීත් කියන්නේ ඔය ඇමට හුරතලේට කියන නම , ප්‍රගීත් කියනකොට දිග වැඩි නිසා .:P

    ReplyDelete
    Replies
    1. නිරුවත තමා බං හැමෝටම අයිති..

      ප්‍රගීත් කියල නසරානි බේබද්දෙක් හිටියා කියලනං දන්නවා. හැබැයි ගීත් නං අහිංසකයා.. හැක්

      Delete
  42. කතාව කියවන්න එන්න සෑහෙන ප්‍රමාද වුනා.. මෙහෙම මාස්ටර්ලත් ඉන්නව එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒකට මොකද තුෂානි.. කියෙව්ව එකම මදෑ..

      Delete
  43. නියමයි දේශකයෝ...
    ----------------------------------------
    නියම ලාංකික ජනතාවාදී කලාකරුවෙක්...

    අනේ මගේ කට...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අපි අපිම තමා බං...

      Delete
  44. මම නම් ඔබේ කතාවල බලන්නෙ වචන භාවිතය. හොඳ vocabulary එකක් ඔබට තිබෙනවා. ඒ වගේම උපමා, උපමේය ලස්සනයි.

    අපි රූපවාහිනියෙන් බලල, අපේ දරුවන්ටත් ඒ වගේ වෙන්න කියල උපදෙස් දෙන ගොඩක් අය මේ වගේ වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ටීචර්.. මට නං මම ලියන ඒවා ගැන තාම ඒ තරං සන්තෝසයක් නෑ..

      Delete
  45. බලාගෙන ගියාම ඇත්ත කතාවක් නොවෙන්නත් බැරි කමක් නේ .. කොහෙත් එහමයි හොමම රගපානවා

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ නොපවතින කිසිම දෙයක් නෑනෙ මිත්‍රයා..

      Delete
  46. මට හිතුණේ මනෝකාය සීන් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. මට පැහැදිලි නෑ බං...

      Delete
  47. දේශනාවක් නෙමෙයි මේක ගීතයක්නෙ බං

    දෙබිඩ්ඩො හැම තැනම ඉන්නවා බං.කොහොමත් තොටිලි වැට කෙළින එව්වෝ සහ තොටිලි වැට ගැන මතක නැති එව්වො මේකෙ වැඩියි

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ඉංගිරිසි වලින්ම දීල තියෙන්නේ.. ජය වේවා නිශී..

      Delete
  48. අදත් ෆුට් බෝඩ් එකේ එල්ලෙන්න ආව දේශක යො.. හරිම ලස්සනට වචන භාවිත කරල ලියල තියෙනව ඈහ්.. කියවන්න ආස හිතුණ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි අනේ පුට්බෝඩ් දරුවෝ.. හැක්

      Delete
  49. අම්මපා ඇත්තෙයි මේ කතාව දේශකයා අයියේ....?

    ReplyDelete