Saturday, June 28, 2014

පුන්ප්‍රියා!!

පොඩි කාලේ ඉදලම ඉතිං මට එක එක ලව් සින්කෝන් කිහිපයක්ම තිබුනා නෙව. ඔය වයසට එහෙම නොකර ඇහැක.. 

එක වතාවක් අපේ ගෙවල් අහල පහලම හිටිය බෝම සුරූපි කෙල්ලෙක්.. මට වැඩිය අවුරුද්දක් බාල උනාට මේ දැරිවි මට වඩා උසට මහතට හිටියේ. අපේ ඉස්කෝලේට අල්ලපු ඉස්කෝලේ තමා එයා හිටියේ. කොහොම හරි මේකිගේ උස, මහත, පුෂ්ටිමත් (ඔව් අනේ ඔක්කෝම පුෂ්ටිමත්) සරීර කුඩුව හින්දම වෙන්ටැ අපරදිග සංගීත කණ්ඩායටම තෝරගෙන තිබුනේ. එක දවසක් බෑන්ඩ් එක ෆුල් කලර්ස් වලින් හිටිය වෙලාවක මම දැක්කා මේකි ඉස්සරහින්ම අර “කොම්බුව“ උස්සගෙන යනවා. ඇස් වහක් කටවහක් නෑ.. ලස්සනේ බැරුවා. ඇස්අග පාට කරල, කම්මුල් දෙකේ රෝසපාට ගොඩාක් තවරල, දිගට තිබුන කොණ්ඩේ උඩට බෝලයක් වගේ ගැට ගහගෙන තැල්ලකුත් දාලා, ඒ මදිවට කන්දෙකේ එල්ලෙන තෝඩු දාගෙන, ලස්සන ඇඳුමයි බුරිය පේන සුදු බඩයි දැක්කම මට ඉවසුම් නැති උනා. ඒ පාර ඉතිං ෆුල් ට්‍රයි කරා මේකිව අල්ලගන්න. කියන්න අමතක උනා ඔය බෑන්ඩ් එකේ කොම්බුව ගෙනියන නිසා ඒකි නිකම්ම කොම්බුව උනා.

කොයි තරං ට්‍රයි කරත්, බෑන්ඩ් එකේ හිටිය උණටද මන්දා මට සුහද ප්‍රතිචාරයක් ලැබුනෙම නැහැ. තවත් බෑ ඉවසන්න කියල මම පාරෙදි මේකි එනකොට අල්ලගෙන කතා කළා. ඒක ඉතිං එකම තැටියේ කතාව තමා.

“සුරේකා.. චුට්ටක් ඉන්න“

“ඇයි“

“මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන“

“හරි. කියන්න මොකක්ද ඉතිං“

“එහෙම බෑ සුරේකා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා“

“මොකද බැරි.. දැං කිව්වනං හරිනේ“

“එහෙම නෙමෙයි මට ඔයාව තනියම හම්බු වෙන්නයි ඕන“

“මොන වදයක්ද.. මම මේ තනියම තමා ඉන්නේ“

“අයියෝ.. ඔයාට තේරෙන්නෑ නේ“

“මේ අයියේ.. නිකං බබා නොවී කියනවා.. මට ලව් නේද?? සොරි තමා.. ඔයාට මං කැමති නෑ.. දැං හරිනේ“

“හෑ....“

ඔච්චර තමා.. මගේ කට බලිකට වගේ ඇරුනා මේකිගේ කටේ සද්දෙට. මොනා කරන්නද, මං හිතාන උන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා තමා මට මෙයැයිව හමු උනේ කියල. වැඩේ හරිගියානං බෝධි පුජාවක් තියන්නත් මං කල්පනා කරලයි තිබුනේ. දැං ඉතිං මොනවා කරන්නද?

ඒ දවස් වල අපිට තිබුනේ JVC කැසට් ප්ලේයර් එකක්. ඒකේ තනි ස්පීකර් එකයි තිබුනේ. මම රෙකෝඩ් බාර් එකෙන් රෙකෝඩ් කරගෙන ආපු පීස් කෑල්ලක් දාලා බෝම දුකින් සුසුම් හෙලමින් ඉන්න කොට... මෙන්න ඇහෙනවා සින්දුවක්.. පපුව පැලිල මං මැරෙන්නම ගියා එදානං..

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආසා දහසක් රස වින්දා


ඔය වගේම තවත් ලව් සිද්ධියකදී බූට් එක කාලා ගෙදර ඇවිත් දාපු කැසට් එකේ තිබුනේ..

අඳුර අඳුර මගේ..
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා 
තනිකර එළියේ

මට මේ සිංදු මතක් උනේ. ක්ලැරන්ස්, මිල්ටන් පරම්පරාවේ අපේ කාලයේ බෝම ලස්සන සරල ගීත ගායනා කරපු දෙන්නෙක් මතක් වෙව්ව නිසයි.

එක්කෙනෙක් ප්‍රියා සූරියසේන
අනෙකා පුන්සිරි සොයිසා

ඒකාකාරි ගීත රචනා, තනු හරහා හැමෝම මේ කාලේ පුදුම විදියට ඒකාකාරි වෙලා ඉද්දි, අහම්බෙන් හරි ඇහෙන මේ වගේ ගීත හරහා මම නං අතීතයටම යනවා. නිතර නිතර නොඇසුනත් කොතනදි පුන්සිරි හෝ ප්‍රියා ගයන ගීතයක් ඇහුනම මගේ ඇගේ මවිල් කෙලින් වෙනවා. අපි ඒ දවස් ඒ ගීත වල වචන රසයෙන් කොයි තරං මත් වෙලා හිටියද, ඒ ගීත කොයි තරං අපේ ජීවිත වලට සමීප උනාද කියල දැනෙන කොට. හුගක් වෙලාවට ඒ කාලේ මම නං මගේ ජීවිතේ එක එක සිද්ධි වලදි යම් යම් ගීත වලට කැමති උනා. ඒවා එක දිගට අහන්නේ. ඒක නිසා ජීවිත සංසිද්ධි මතක් කරගන්න දැන් උනත් ඔය ගීතයක් ඇහුනම ඇති.

කොහොම හරි පුන්සිරිලා, ප්‍රියාලා මහන්සි වෙලා කරපු ගීත දැං මාධ්‍යෙයන් වාරණය කරල නෙව තියෙන්නේ. සිංදුවක් දාන්න නං ඉතිං ඒ යක්කුන්ට දොළ පිදේනි දෙන්න එපායැ. වර්තමාන තරුණ පරපුරට තමා ලොකුම පාඩුව මේ වගේ දේවල් වලින් වෙන්නේ. අපිට සරල ගීතයේ හා නව සංගීත සංයෝජනයේ පුමුඛ අය විදියට ක්ලැරන්ස්, මිල්ටන්, ප්‍රියා වගේම පුන්සිරිත් සලකන්න පුළුවන්. පුන්සිරි නං මම හිතන්නේ 70 දශකයේ ඉදලම ගීත ගායනා කරනවා. 

නිකං ඉන්න එකේ පරණ සිංදු දෙක තුනක් අහලම බලමු නේද?

යු ටියුබ් සිංදු


112 comments:

  1. කැලැරන්ස් ගේ වගේම ප්‍රියා ගේ සිංදු වලට මමත් බොහොම මනාපයි ,දැන් හැදෙන සිංදු කොහොමවත් කියන්න බෑනේ ...

    ReplyDelete
    Replies
    1. දැං එකම තැටියේ සිංදු නේ බං තියේනේ..

      Delete
  2. අර බෝධි පූජා තියන්නෙ මොකටෙයි හැබැට ??
    :)

    ReplyDelete
    Replies
    1. වැඩේ හරිගියාට පඬුරු.. හැක්

      Delete
  3. Replies
    1. මාත් ආස නෑ.. හැක්.. ඔයාට..

      Delete
  4. පරණ එව්වා රත්තරං කියනවාලුනේ...
    අපිත් තාම අහන්නේ පරණ එව්වා තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැං උනත් මං අහන්නේ රේඩියෝ නං ගෝල්ඩ් එෆ්එම්... දැං ඒවත් අහනවා ඒත් හිත නිමෙන්නෑ බං..

      Delete
  5. දේශකයා,

    අතීත සිද්ධිත් එක්ක එකට ගිය ගීත ගැන කතා කරද්දි. පුන්සිරි සොයිසයි, ප්‍රියයි, මල්ටනුයි ඉතා සමීපයි තමයි. ඒත් මට හිතෙන්නේ අංක එකේ ඉන්න ජෝති ව අමතක කරා කියලයි මටනම් හිතෙන්නේ..........

    ජෝතිගේ සින්දු ඔක්කොම ඔය කාලේ වෙන සිද්ධි වලට නියමෙට යනවා. ඒවා ඉතින් ඒ දවස් වල කටපාඩම්... මං හිතන්නේ අර ගෑණු ළමයා දේශකයාව ගණං ගෙන නැත්තේ බෑන්ඩ් එකේ හිටියට විතරක් නෙමෙයි. අනික් හේතුව දැන් වුණක් කණ්ණාඩියකින් මූණ බැලුවනම් හෙම තේරෙයි..............

    ReplyDelete
    Replies
    1. අනික ඒ ගෑල්ලමයගෙ ඇස් පෙනීමත් හොඳටම හොඳයිලු !! ඕ යේස්.

      Delete
    2. ඔය ඉන්නේ ඔය වගේ දේවල් වුණ කොල්ලෝ.... දේශකයාට තව ඒවා ඕනේ නම් මේ හාදයාගෙන් අහගන්න පුළුවන්.. පත්තරේ අර.. අර ගෑණු ළමයින් කනට ගහන්නේ ඇයි කියලත් දේශකයාට කියලා දුන්නොත් මොකද???

      Delete
    3. මේ පත්තරේ වැඩක් තියෙනවා කරමුද???

      මේ දේශකයා ලිපියක් ලියනකල් ඉඳලා අල්ලගෙන කොම්පියුටරේ ගැටගහලා දාමුද?? මේකා ලියනවා විතරයි පේන්නේ. අතුරුදහන් වෙනවානේ.. සුදුවෑන්වත්ද??

      Delete
    4. මූ රිප්ලයි දාන් නැත්‍තං මං තව දවසක් බලලා මේකෙ කට්ටියට රිප්ලයි දාන්න කියලා හැදුවෙ බං:D ඌ මොකෝ මං මොකෝ .. නැද්ද හා ?

      Delete
    5. ඈ බං මොකෝ කියන්නෙ.? ආයෙත් පාරක් මේක අල්ල ගමුද? මාත් ඉන්නවා බොගෙ සපෝට් එකට.

      Delete
    6. තව දවසක් දෙකක් බලල දෙමු වැඩේ ඔය දේශට :D

      Delete
    7. මට ඒ දවස් වල ජෝති ගැන වගක් තිබුනේ නැහැ බං.. ඇහුවා මිසක්කා බොක්කට වැදුනේ නං නෑ.. දැන් නං බෝම සන්තෝසෙන් ජෝති අහනවා..

      Delete
  6. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. චැහ් වැරදුනා බං..  මෙන්න මෙතන මං ගානේ ..පුන්සිරි සොයිසා එලිමහන් ප්‍රසංග වේදිකාවේ !!!!!!! :D ඕ යේස් ..

      Delete
    3. මොනාද බං මක මක යන්නේ.. උඹ හිරේ යාවි..මකලම

      Delete
  7. දැන් හැදෙන සින්දු කොහොමටවත් කියන්න බෑ නේ කියලා පළමුවැනි කමෙන්ට් එකේ සහෝදර කියලා තියනවා.

    මොකද දැන් හැදෙන සින්දු කියන්න බැරි? ඒවා සින්දු නෙවෙයිද? ඒ වගේම මොකද ඒවා ඉක්මනට අමතක වෙලා යන්නේ? ජනප්‍රියත්වයෙන් අඩු වෙන්නේ? මොකද තවමත් සංගීත සංදර්ශන වල පරණ ගායක ගායිකාවන්ගේ සින්දු කියන්නේ? මේ ඔක්කොටම හේතු ඇති නේද?

    මමනම් දකින්නේ මෙන්න මේ ටිකයි. තමන්ගේ හැකියාව හෝ නොහැකියාව තමයි ඒ පෙන්නන්නේ. නැමි පනාවයි කළු කෝට් එකයි ඇන්දේ අධිරාජ්‍ය ගැති කොම්ප්‍රදෝරු පරපුර නේ? සින්දු කියන්න මොකටද නැමි පනා? ඒ වහගන්නේ තමන්ගේ පුහු බව, නොහැකියාව, ඒ විදිහට උඩ පනිමින් ජවුසන් නටමින් තප්පුලෑම මොන රටේ කොයි ගායකයා කලත් එකම තමයි. අච්චාරු, පපඩම්, බොම්බමොටයි, සංගීතය ගයන්නේ වයන්නේ කකුල් දෙකට නේ. මනසට නෙවෙයි. ඒවා එදාවේල හම්බ කරගන්න කරන උප්පරවැට්ටි මිසක් සංගීත නිර්මාණ නෙවෙයිනේ. ඒ නිසානේ සල්ලි නැතිවෙනකොට කොත්තු විකුනන්න ට්‍රැක්ටර් විකුණන්න වෙළඳ දැන්වීම් වල ඉන්න වෙන්නේ.

    අද සල්ලි නැතුව ඉන්න පැරණි ගායක ගායිකාවන්ට බැරියැ තමන්ගේ දියමන්ති මුතු මැණික් වගේ ගීත ටිකක් වෙළඳ දැන්වීම් වලට විකුණාගන්න. ඇයි එහෙම නොකරන්නේ? නොකරන්නේ ඔවුන් බඩගින්නේ හිටියත් විලිලැජ්ජාව කියලා දෙයක් ඔවුන්ට තියන නිසයි.

    එතකොට ඒ ගොල්ලොතමන්ගේ නිර්මාණ වික්කේ නැද්ද? විකිණුව විකිණුවා, හැබැයි ගුවන්විදුලි නාලිකා වලට පාගා දීලා නෙවෙයි. අද වුනත් දෙන්නෙත් නෑ. මොකටද තමන්ගේ නිර්මාණ වලට පාගා දෙන්නේ? ප්‍රියා සූර්යසේනලාගේ, පුන්සිරි සොයිසලාගේ සින්දු මිනිස්සු ඇහුවේ/අහන්නේ ඒවා කකුල් වලට නොකියා මනසට කිව්වා නිසයි. ඒ ගීත තුළ සාමාන්‍ය මිනිස් ජීවිතය විග්‍රහ කල නිසයි. එයාලා 'ඉස්ටාර්' ලා නොවෙන නිසයි.

    ReplyDelete
    Replies
    1. එයාලා 'ඉස්ටාර්' ලා නොවෙන නිසයි./// මං හිතන්නෙ විචාරක තුමා දැන් ඉන්නෙ මල්වෙඩි කාරයෝ කරුමේ මේ අපේ පරපුර වීමයි

      Delete
    2. ඔතනදි මෙන්න මෙහෙම පැත්තකුත් තියනවා සර් .ඉස්සර තිබ්බෙ රජයේ නාලිකානේ.රජයේ ගුවන්විදුලිය නිසා ලොකු සේවයක් සංගීත කලාවට උනා වගේම යම් අසාධාරණයකුත් උණා විරුද්ධ දේශපාලනික මත දැරූ හෝ වෙනස් ශෛලීන් වල ගීත බිහිකල ශිල්පීන්ට..මොකද මුදලට නොවුනත් ගුවන්විදුලිය භාවිත කල ඇතැම් නිර්ණායකයන් විවාදාත්මකයි.. කුහකයි.. සමස්තයක් විදියට හොඳයි කියල ගමු ..මතක ඇතිනේ කපුගේගේ පවා ගීත වාරණයක් සිදු වුනා, ප්‍රේමකීර්ති වන් ශිල්පීන් දොට්ට දැම්මා.. (ජීවිතෙනුත් ) ,අපිට වඩා හොඳට ඔබතුමාල දන්නවනේ... ඔහොමයි මට හිතෙන්නේ..

      දැන් ගීතයක් සමාජගත කිරීමට විකල්ප මාධ්‍ය බහුල නිසා වගේම පුද්ගලික නාලිකාවල ප්‍රතිපත්ති ගැන තියන ගැටලුව නිසා ඇහෙන ගීත ගැනනං අවුලක් මටත් තියනවා.. ඉල්ලුමට සැපයුමද / සැපයුමට ඉල්ලුමද නං දන් නෑ :D මට නං සමහර අඳෝනා ඇලජික්.. අහන උන් ඉතින් අහන එකට වරදක් කියන්නත් බෑ අපිට නරකයි කියල කොහොමද එපා කියන්නේ.. ගොම රිටි උඩ පාවෙයි කළුගල් යට යයි ..

      මේ ඒ උනාට අර කලු කෝට් කාරයගෙ ළබැඳියේ / සුදු ගවුමෙ ඇයි සිංදු දෙකට එහෙම බයිනවා නෙමෙයි ඈ.. ඒව ලස්සනයි:D

      Delete
    3. දෙන්නේ නෑ නෙමෙයි විචාරක තුමෝ... ගන්නේ නෑ.. කොටින්ම පරණ උන්ගෙන වැඩි දෙනෙක් මාකටින් දන්නෙ නෑ.. දන්න එකා රජ ගෙදරට ගේත්තු වෙලා රජ සැප විඳිනවා. උන්ට ඇඩ් ඕන නෑ.. ආන්ඩුවෙන් ඔක්කෝම දෙනවා. කොටින්ම කියනවනම් ලෑම පවා. ඔය රණවිරු සුපිරිස්ටාර් ගැන දන්න එකෙක්ගෙන් අහපන්.

      Delete
    4. පත්තරේ උඹ ගැන මට තියෙන්නෙ තරහක් බන් .... :)

      මෙහෙමයි උඹ කියපු දෙයට ගැලපෙන වද මන්දා මේ කතාව මං පෞද්ගලිකව හිතන දෙයක් තමයි මොකා හොදයි කිව්වත් තමන්ට එක දැනෙන්නෙ නැත්නම් එක හරි උස්ස කියලා බාර ගන්න එකා මොකෙක්ද මන්දා ?දැන් පරපුරේ සිංදු අහන පිරිසක් ඉන්නවා ,හැබැයි උඹ පෙන්නලා තියෙන විදියටම එක ඉල්ලුම අනුව ද හැදුවේ නැත්නම් බලෙන් දෙන දේ ගන්න වෙලා ද කියන එක අවුලක් ,..අනික මට දැන් තියෙන සිංදු ඔක්කොම එකම වගේ


      Delete
    5. සහෝදර මචං.. අප්පට බොල මට තවත් හතුරෙක් ..ආරස්සාව තර කොරන්ඩ ඕනැ.මං අහිංසක පවුල් කාරයා බං :D

      උඹේ පෝස්ට් එක දාපු දවස් වලම බැලුවා මං.. කමෙන්ටුත් කලා,මට හිතෙන්නෙ මෙහෙමයි බං.. සංගීතය කියන එකට අපිට මායිම් ගහන්න බෑ..ඒක උත්තර භාරතීය වෙන්න පුලුවන් R&B වෙන්න පුලුවන් රෙගේ වෙන්නත් පුලුවන්..එක එක්කෙනා ගෙ රුචිකත්වය වෙනස්.මට හාඩ් රොක් අල්ලන්නෙ නෑ.. ඒත් ඉන්ද්‍රචාප කියන්නෙ දක්ෂයෙක්..එහෙම එකේ මම ඒක අහන් නැතුව ඉන්නවා මිසක් අහන උන්ට බැනල වැඩක් නෑ කියන එකයි මගේ අවංක අදහස.. ගීතයක වචන ටික සමහර විට තේරුමක් නැති වෙන්න පුළුවන්.. ඒත් පද පෙළ තේරුමක් තියෙන්නම ඕන කියල නීතියක් නෑනෙ. මං කැමතියි අදහසක් කියවෙන හිතට වදින පද පෙලකට..තව කෙනෙක් "රම්බරි" අහනවනම් ඒක උගේ කැමැත්ත..සමාජයට හානියක් වෙනවද නැද්ද කියන එකයි අවසාන මයිම.. බලෙන් අස්සවන එකට නං මම විරුද්ධයි කොටින්ම.. අලුතෙන් හැදෙන සිංදු ඔක්කොම නං එක වගේ තමා.අඳෝනා වැඩිහරිය. ඒත් කසුන්ලා නදීක ගුරුගේලා වගේම හිල්මිලා ජොලිසීයලා ශශිකා ලා සුජාතා ලා සුනිල් පෙරේරලා වගේ විවිධත්වයක් තිබිය යුතුයි..

      Delete
    6. උඹත් එක්ක තරහා උඹ මේ පට්ට කමෙන්ටු දැම්මට බොගියක් තිබුණට තවමත් නොලියපු එකට ..... :))))

      මං කියන්න හැදුවෙත් උඹ කියන එකමද මන්දා ලංකාවේ අමරදේව මාස්ටර් සංගිතයේ මහ ලොකු තැනක ඉන්නවා ,ජෝතිපාලත් ඉන්නවා හැබැයි අපි කියන්න හදනවා නම් මේ දෙකම අහපල්ලා කියලා මේවා හරි උසස් කියලා එතන ගැටලුවක් නැත්ද ?බොක්කට දැනෙන දේ තමයි සමාන්‍ය මනුස්සයා අහන්නෙ, .... දේශක මේ දිලා තියෙන්නෙ එකට හොදම උදාහරණ ටිකක් ..මට හිතෙන්නෙ

      Delete
    7. //මං කැමතියි අදහසක් කියවෙන හිතට වදින පද පෙලකට..තව කෙනෙක් "රම්බරි" අහනවනම් ඒක උගේ කැමැත්ත..//

      //කසුන්ලා නදීක ගුරුගේලා වගේම හිල්මිලා ජොලිසීයලා ශශිකා ලා සුජාතා ලා සුනිල් පෙරේරලා වගේ විවිධත්වයක් තිබිය යුතුයි//

      මෙතන මං කියන්න ගියෙත් ඊට සමාන අදහසක් තමයි මචං, සරළ රසවින්දනය කියන දේ අවශ්‍යයි..ගාමන්ට් යන කෙල්ලෙකුට අජිත් ගෙ සින්දු අහල සතුටු වෙන්න පුලුවන් නම් මොකද්ද වැරැද්ද.. ? හොරකං කරපං මිණී මරපං කියල නෑ.. තව කෙනෙක් අහස සේ ඔබ අනන්තයි සිංදුව භාවනාවක් වගේ අහගෙන විඳිනවනම් විඳපුවාවෙ.. ඔක්කොම සින්දු සම්භාව්‍ය හෝ ශාස්ත්‍රීය උනොත් පිස්සු හැදෙයි.විවිධත්වය අවශ්‍යය්‍යි.. විඳින එකා ඕන එක තෝරගෙන විඳියි. ඒක උගෙ කැමැත්ත. එක කොටසක් ප්‍රිය කරනවා ඔය ස්ටයිල් එක.. උන්ට ඒ නිදහස තිබිය යුතු නැද්ද ?? අපිඒකට නීති දාන එක හරිද ??

      කලාව කලාව සඳහා ද කලාව මිනිසා සඳහාද ??

      Delete
    8. මේ මදෑ ගියපු වාදේ.. විචා කිව්ව කතාවෙත් ඇත්තක් ඇත. මාතලං කිව්ව විදියට අපේ පරණ අය මාර්කටින් කරන්න දන්නෙම නැහැ. ඒක අවුලක්.. ඒත් ඔය මාර්කටින් මුකුත් නැතිව තමා අපි ඒ කාලේ ඔය සිංදු ගැන දැනගත්තේ..

      Delete
  8. උඹට ඇත්ත කියන්න පුන්සිරි සොයිසගේ සින්දු මට ඉස්සට පෙන්නන්න බෑ. මොකෝ මට ඌගේ ඩයල් එක දිරවන්නේ නෑ. ඒත් එක සැරයක් රට ඉඳලා එද්දි පුන්සිරි ආවේ මගේ සීට් එකට එහා සීට් එකේ. රත්තරන් අහිංසක මනුස්සයෙක් බං. ඒ පාර මම ආයෙම යන කොට පුන්සිරි සොයිසගේ සී ඩී ඔක්කෝම උස්සගෙන ගියේ. අද මගේ ප්‍රියතම ගායකයෙක්. මචං පුන්සිරිගේ සින්දු අහන්න ඕන මලක් ගහලා ඇස් වහගෙන කළුවරේ. අම්මපා නිවන් කියලා දෙයක් තියෙනවා කියලා තේරෙන්නේ එතකොට. පුදුම කටහඬක් බං. අනික් අය ගැන මම කලින් කියලා ඇති නේ.

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වත් වගේ පුන්සිරිට මං කැමති උනේ බිඳුනු කලක අමතක කළ නොහැකි නම් සිතින්“ සිංදුවෙන්.. දැන්නං කොලිටි ඒවා කියන්නෑ.. ඒත් ඉස්සර ටික නං මල් මසුරං තමා..

      Delete
  9. කොල්ලො ටිකක් කොහේ සිංදුවක් කිව්වත් "එකම මඟක පියවර " වගේ සින්දු වරදින් නෑ මාතයියේ..ලිස්ට් එකේ ඉස්සරහින්ම ඉන්න සිංදු සැහෙන්න තියනව පුන්සිරිගේ.

    ReplyDelete
    Replies
    1. "එකම මඟක පියවර " කියන්නේ අහනකොට ඇඟ සලිත වෙලා යන සිංදුවක් මට නම්.. කෙල්ලෝ කියක් නම් ඔළුවට එනවද ඕව ඇහෙනකොට.. :)

      Delete
    2. මම සැට් උනොත් ඉතිං බිඳුන බදුන් තමා ආරම්භය..

      Delete
  10. පරණ සින්දු වල තියෙන සරල බව අද හැදෙන ගොඩක් සින්දු වල නැහැ. මම හිතන්නේ එක තමයි හේතුව අලුතෙන් හැදෙන සින්දු ඉක්මනින් අමතක වෙන්න හේතුව.

    ReplyDelete
    Replies
    1. ඉස්සර සින්දු වල බං මොනා උනත් හිතට වදින ගතියක් තිබුනා.. දැං ඒවා නෑනේ ඒකයි අවුල..

      Delete
  11. හ්ම්ම්...ඒ ගායකයෝ දෙන්නට මාත් කැමතියි....

    පැණි පෙරලා තියන හැටි විතරක්....හැක් ...

    ReplyDelete
    Replies
    1. පැණි නං කොච්චර පෙරනවද බං.. හැක්..

      Delete
  12. මමත් වඩාත්ම ප්‍රිය කරන්නෙ 70,80 දශකයේ ගීත වලට. හැබැයි, පුද්ගලිකව මං ප්‍රියා සූරියසේන මහත්තයාගේ ගීත වලටනම් ආසම නෑ. ඔහුගේ හඬ මට කිසිම ප්‍රියතාවයක් නෑ. ඒ හඬේ කිසිම පෞර්ෂ්‍යක් නෑ කියලයි මට දැනෙන්නෙ. සියල්ලෝම සමාවෙන්නෝනි. මේ මගේ අවුලක් මිසක් එතුමගේ අවුලක් නෙවෙයි. මොකද මං එහෙම උනාට එතුමාගේ ගීත වලට අපරිමිතව ආදරය කරන රසිකයන් දාස් ගානක් එතුමා වටේ රොද බැඳගෙන ඉන්නවා.

    පුන්සිරි මහත්මයාගේ ගීත වලටනම් මං බොහොම මනාපයි. ජෝතිපාල මහත්තයා හින්දි තනු සේරම පතුරු ගැහුවා. ඒ තනු සේරම ආයෙත් පුන්සිරි මහත්තයත් පට්ට ගැහුවා. ඒත් ඒ තනුවලින් බැහැර වෙච්ච හරිම අපූරු ගීත ගොන්නක්ම එතුමා අපිට තිළිණ කරලා තියෙනවා. ඇත්තටම පුන්සිරිගේ ගීත වල මට අනිත් ගීත වලට වඩා අපූරු විශේෂත්වයක් තියෙනවා. ඒ හැම ගීතයක්ම වගේ අපේ කාගෙ හරි පුද්ගලික අත්දැකීමකට බොහොම සමාන වෙලා තියෙනවා. පුන්සිරිගේ මේ බස් නැවතුම ලඟ කී දෙනෙක්නම් තනි වෙලා ඇත්ද, එතකොට මේ කියවන කී දෙනෙක්නම් පාටියකදි බීල බිරිඳගෙන් බැනුම් අහල ඇත්ද, වෙන කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන නටල පදේ අහගෙන ඇත්ද.

    එහෙම වෙච්ච ගමන් ඔයාලට මතක් වෙනවා නේද පුන්සිරිගේ නොහඬන් ළඳුනේ ගීතය. තව තියෙනවා.ඔහුගේ විශිෂ්ඨතම ගීයක් තමයි මට හුරු නැති දුම්වැටියක් අලු බඳුනේ ගීය. මේ සමාජෙ කී දෙනෙක්ටනම් මේ වගේ අත්දැකීම ඇත්ද.

    ඒ නිසා පුන්සිරි සුවිශේෂී ගායකයෙක්. ඒ කියන්නෙ ඔහු මිනිස්සුන්ගෙ පපුවටම සිංදු කිව්ව මිනිහෙක්. අන්න ඒකයි අද පරම්පාරවට නැත්තෙ. ඒකයි විචාරක කියනවා වගේ හතු පිපෙන්නා වගේ ගීත (එහෙම හිතමු ) ඇතිවෙලා ඊට වඩා වේගෙන් නැතිවෙලා යන්නෙ. මිනිස්සුන්ගෙ පපුවට වදින්නෙ නැත්නම් ඒ ගීතවල පැවැත්මක් නෑ.

    එහෙම ගීත ආව අලුත ජනප්‍රිය වෙලා මියුසිකල් එකක ටීක කාලයක් මිනිස්සු නටවලා මැකිලා ගිලිලා නොපෙනී යනවා. ඒක කවුරුත් පිලිගන්නෝනි. 70,80 ගීත අවුරුදු 50කටත් කිට්ටුවෙලා තාම අපි අතර තියෙන්නත්, බාල මහලු තරුණ බේදයක් නැතිව රසවිඳින්නත්, 2013 ආව සිංදු අද හැමෝටම අමතකවෙලා යන එකත් තමා හොඳම සාක්ෂිය.

    එහෙම ගීත ආව අලුත ජනප්‍රිය වෙලා මියුසිකල් එකක ටීක කාලයක් මිනිස්සු නටවලා මැකිලා ගිලිලා නොපෙනී යනවා. ඒක කවුරුත් පිලිගන්නෝනි. 70,80 ගීත අවුරුදු 50කටත් කිට්ටුවෙලා තාම අපි අතර තියෙන්නත්, බාල මහලු තරුණ බේදයක් නැතිව රසවිඳින්නත්, 2013 ආව සිංදු අද හැමෝටම අමතකවෙලා යන එකත් තමා හොඳම සාක්ෂිය.

    අභියෝගයක් කරන්නම්. තරුණ පරම්පරාව අතින් බිහිවුන අවුරුදු 10ක්වත් එකවගේ ජනතාව අතර පැවතුන, හැමදාම ජනප්‍රිය එකම එක ගීතයක් පුලුවන්නම් මතක්කරල දෙන්න..

    ReplyDelete
    Replies
    1. මචං. උඹ කියන්නෙ කසුන් කල්හාර / නිරෝෂා විරාජිනීලා අයිති වෙන්නේ කොයි පරම්පරාවටද ?? කසුන්ගේ කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ වගේ ගීත අදටත් ජනප්‍රියයි.. අපි තාම අහනවා. රේඩියෝ වල ටීවී යන ගීත තමයි ජනප්‍රිය කියල හිතනවනං අන්න වැරදිලා.. උඹ පුන්සඳ රැට සින්දුවෙ විචාරෙට අරතරම් ප්‍රතිචාරයක් ලැබුනෙ ඇයි ?

      තවත් හේතුවක් තියනවා.. කොයි තරං හොඳ සිංදුවක් උනත් FM චැනල් වලින් ටොප් චාට් හරහ උඩ දාලා දවසට විසි තිස් පාරක් ගහල එයා ටයිම් කවර් කරල චැනල් එක හිට් කරගෙන හපයක් වගේ අහක දානවා.. ඒකත් එක හේතුවක් කියල මං හිතනවා. මට වරදින්න පුලුවන්. එව්ත් මං කිව්වෙ මට හිතෙන දේ.

      Delete
    2. වාකරේ කවුද ඉන්නේ ජර මරේ
      අම්පාරේ මල්ලි නිදිද කාමරේ

      Delete
    3. මනෝ මං නම් හිතන්නෙ සංගීතයත් පමණ ඉක්මවා වානිජකරණයට ලක් වෙලා,ඒ අතර ඉන්නවා හොද නිර්මාණ කරන වුන් ටිකකුත් අනික ජනප්‍රියතාවය කියන්නෙ fm,tv ශෝ වල නිතරම යන එකම නෙවෙයි නේ අපේ මිනිහා අහන සිංදු නේ ??? බලහන් අජිත්ව ඔය සුදු අරලියා මල අර මල මේ මල කිව්වට තවම ත්‍රිවීල් වල ලොතරැයි කුඩු වල ඔය සිංදු හොදට යනවා,අනික් එවායේ යනවද වැඩිය .වැඩේ ඔය සිංදු අහන මිනිස්සු එවා රසවිදිනවා බොක්කෙන්ම අයේ එව මේ අපි වගේ කොලවල හරි වෙන කොතන හරි ලියන්න දගලන්නෙ නෑ ,හැබැයි බොක්කෙන්ම රස විදිනවා දැනෙන විදියට

      Delete
    4. මචං පත්තරේ..

      අන්න ඒ උඹ කිව්ව දෙන්නගෙන් කතන්දරේ ඉවරයි. තව ඔතනට දාන පුලුවන් සශිකාව. ඔය අපේ ගීත සාහිත්‍යයේ ගැට්ට. ඔතනින් එපිටට මුකුත් නෑ. මේ
      ඛේදවාචකයේ පටන්ගැන්ම තියෙන්නෙ මේ දෙතුන්දෙනාගෙන් පස්සෙ. ඒ නිසා මේ දෙදෙනා අපිට ඒ සුභාවිත යුගයටම එකතුකරන්න පුලුවන්.

      අටම් අයියා....

      ඒ ගීතය මට මතක් කරවන්නෙ නාවල අන්නාසි, කෝට්ටෙ දොඩම් රස ගීතයයි. ඉතාම හොඳ පද රචනයක් තියෙනවා මේ ගීතය තුලත්. ඒත් මේකත් දැන් මිනිස්සු අතරින් ඈතට යනවා. තමන්ගෙ වටිනාකම තමන් විසින්ම නැතිකරගන්නවා.

      සහෝ...

      මටනම් හිතන්නෙ අජිත් මුතුකුමාරණගේ මල් යුගය දැන් ඉවරවෙලා හුඟක් කල්. දැන් නම් ලොතරැයි කූරුවකවත් මේ ගීතය ඇහෙන්නෙ නෑ.

      මේ අතරෙ චාමර වීරසිංහ හොඳ ගමනක් ආවා. ඔහුගේ සිතින් විතරක් වගේ ගීත ස්‍රව කාලීන වෙලා. සරල ගීය කොහොමත් රැඳෙනවා. ඒත් දම්සාරිලාට, ඇහිදාර වලට. ලොකු ගමනක් නෑ. ඒනිසා නව ඔඅරපුර උනත් මෙගා ටෙලි වගේ ගීත හදන්නැතිව් අ සරල ගීයට යොමු උනානම් සමාජයේ පවතින්න පුලුවන්.

      Delete
    5. අටම් ...
      අම්පාරේ මල්ලි දැන්නම් නිදි වගේ තමයි මචන් ,
      ඉස්සර ඌ ඉබ්බෙක් මැරුවත් ,මලක් ගැහුවත් , හිගුරාන ගලක් කැඩුවත් ලියනවානේ ..
      එකා නිසා තමයි මම බ්ලොග් කියවන්න පටන් ගත්තේ .දැන් ඌ නිදි

      Delete
    6. ඇයි බං නව පරපුරට අයිති රූකාන්ත, පහලින් කියපු ශාලිත, ඒ වගේම චන්ද්‍රෙස්න..

      මටත් මේ ළගදි ඇහුනා බං කාලෙකින් අහපු නැති සිංදුවක්. දැං ඒ ගැන හාංකවිසියක්වත් මතක නැහැනේ..

      චන්ද්‍රසේනගේ සයනේ සිහිනෙන් මං තාමත් ආස ගීතයක්..

      Delete
  13. ප්‍රශ්නෙට කලින් ම උත්තරේ ලැබිල නොවැ!

    ReplyDelete
    Replies
    1. සුරේකාගේ උත්තරදීම වෙන්ටැති ඔය කියන්නේ.. ඒකි එක්ක යාළු වෙච්චි එකාටත් අපි නම දැම්මේ කොම්බුවා කියලා. හැබැයි ඌ අපේ බෑන්ඩ් එකේ ට්‍රම්පට් කාරයා.. හැක්..

      Delete
  14. ඕක ඉතින් දැන් හැදෙන උන්ගෙ වරදක් නෙමේ බන් පුන්සිරිලගෙම වැරද්ද.. උන් නව පරපුරට අවශ්‍ය දේ දෙන්නෙ නෑ නෙ. ඉතින් උන්ට ඉල්ලුමක් නෑ..උදාහරනයක් විදිහට දැන් හැදෙන උන්ට "මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි, ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි" කිව්වට උන්ට තෙරෙන්නෑ.. උන් ඇවිල්ලා උදෙ නැගිට්ට වෙලේ ඉඳලා කෙල්ලගෙ/කොල්ලගෙ ෆොටෝ එක බලාගෙන චැට් කරලා රෑට නිදියන්න යද්දිත් ෆෝන් එක බදාගෙන නිදියන උන්.. ඉතින් උන්ට ඕවා වැඩක් නෑනෙ.. ඒකයි දැන් ඒවට ඉල්ලුමක් නැත්තෙ.. ඕවට දුක් වෙලා පෝස්ට් ලියලා වැඩක් නෑ.. ලෝකෙ ඔහොම තමා.. බැරිවෙලා හරි කොම්බුව උඹට කැමති වුනානම් ඕක නිකන්ම තෙරෙනවා...

    ReplyDelete
    Replies
    1. රැල්ලේ ගිහින් දිනන්න බැහැ බං ටෙස්ට් මැච් එකක්.. මම නං හිතන්නේ ඔය ඉන්න විදියා හොදායි ඒ අය. ඒත් ඉතිං සිංදුවක් දෙකක් අහන්න පුරුදු උනා නං හොදා දැං කාලේ කොල්ලෝ.. (මේ අපි වගේ)

      Delete
  15. මාත් ඒ දෙන්නගේ සින්දු වලට කැමතියි... ඒත් ඉතින් ඒ අයගේ සින්දු අද වැඩිය ඇහන්න ලැබෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං තියෙන අවුල... ටික කාලෙකට කලින් ගියා රූපවාහිනියේ සුරම්‍ය රාත්‍රිය ඒක ලස්සනට කරා ප්‍රියාගේ වැඩසටහනක්..

      Delete
  16. ප්‍රියා සූරියසේන මහත්තයගෙ ගීත වලටනං ගොඩක් කැමතියි.. ඔය රණවිරු රියල් ස්ටාර් කියල ගිය රියැලිටි ප්‍රෝග්‍රෑම් එකෙත් ප්‍රියා සූරියසේනගෙ කට හඬට ගොඩක් සමාන කටහඬක් තියෙන එක්කෙනෙක් එයාගෙ සින්දු කිව්වා..

    ReplyDelete
    Replies
    1. බොට කියන්න මං ඒ දවස් වල ප්‍රියාගේ පිස්සා. ඔක්කෝම සීඩී තිබුනා. කොටින්ම කියනවනං ලොකු කොල්ලා පොඩි කාලේ නිදි කරවන්න නං ප්‍රියාගේ සිංදු දාලා තියෙන්නම ඕන..හැක්..

      Delete
  17. මමත් කැමති ගායක යුඟලක්. බොරැ සෝබන නෑ. මතකය අළුත් කළාට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ආයි මක්ක කියනවද බං මාත් කැමතිම දෙන්නෙක්..

      Delete
  18. පුන්ප්‍රියා? දේශ්ගේ අලුත් ගෑනු ලමයගේ නමද? :D:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔයැයිට ඉරිසියි නේ.. හැක් හැක්..

      Delete
  19. ඔය පුන් ප්‍රියා ගේ සින්දු අහලා කෙලින් වෙච්ච මයිල් ආපහු පාත් කර ගන්නේ මොන සින්දු අහලාද?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං ටික වෙලාවක් යද්දි මැරිලා වැටෙනවා.. හැක්..

      Delete
  20. මට ඉස්සර ප්‍රියා සූරියසේනගෙ සින්ද ඇහෙනකොට අප්පිරියයි... මළ අඩෝවැඩියා කටහඬක්නෙ... දැං නං ගානක් නෑ... දැං තියෙන සමහර සින්දුත් නරකම නෑ.. අවුරුදු 4-5 කට කලින් විතර ආවා එකක් පිපුනු මලක හැඩ දෑස සලා කියල එකක්.. එතකොට අර කල්ප කාලයක් පුරා වගේ සින්දු එහෙම... තාමත් ඇහෙනකොට ආසයි... හැබැයි රේඩියෝ චැනල් වලින් ඒක උදේ ඉඳන් හවස් වෙනකං 20-30 පාරක් දාලා කෑව කාලෙ නං අහන්න එපා වෙලා හිටියෙ...

    ReplyDelete
    Replies
    1. පිපුනු මලක හැඩ දෑස////...
      Shalika Abeywickrama

      Delete
    2. අරූ.. ශාලිත අබේවික්‍රම.. අර එගොඩහ ගං ඉවුරේ, සුළගේ ලෙලෙනා වගේ මතක හිටින සිංදු කිව්වා..

      @ හිරු
      මාත් මුලින් හිතුවේ හරිම ගෑනියෙක් නේ මේ කියලා.. හැබැයි ටික දවසක් ගියාම එක සිංදුවක කෑල්ලකින් මට මාර ආස උනා ප්‍රියාට.. අඳුර අඳුර මගේ ගීතය..

      Delete
  21. අප්ප පට්ට බුවා ල දෙක්කනෙ..
    හැබැයි මේ දවස් වල නං මට නැගලම යන්නෙ මක්කය දන්නවද..

    සොකලට් කෑල්ල මගෙ
    සූක්ර් පට්ටිය මගෙ...

    හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ දවස් වල ඉරාජ්ගේ කෑල්ල තමා සුපිිරි.. හක්

      Delete
  22. පුන් සිරිගේ සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස වින්දා කියන සින්දුව සමන් චන්ද්‍රනාත් වීරසිිංහ ලියලා තියෙන්නේ පාසල් යන කාලේදි කියල එයාම දවසක් ප්‍රෙස් ක්ලබ් ඒකේදි අපි එක්ක කිව්වා. දැන් එයාගේ වයස 70 පැනලා

    ReplyDelete
    Replies
    1. නලින් අයියා ඔය සමන් චන්ද්‍රනාත් වීරසිිංහ කියන්නේ විපක්ෂ නායකගේ ලේකම් කෙනෙක් නේද..?

      Delete
    2. නෑ අපිත් එක්ක වැඩ කළ පැරණි පුවත් පත් කලාවේදියෙක්. විපක්ෂනායකගේ ලේඛම් ලෙස කටයුතු කරන්නේ සමන් අතාවුද හෙට්ටි. එයත් බොහොම රසවතෙක් දක්ෂ ගීත රචකයෙක්

      Delete
    3. මතක නැද්ද බං සමන් අතා අයියා මං අරන් ආවා දවසක් බොලාගේ ගෙදර නලියෝ.. හැක්..
      http://deshakaya.blogspot.com/2014/02/blog-post_25.html

      Delete
  23. මාත් වැඩියම ආස ඒ කාලේ සින්දු අහන්න.
    ඒත් මේ කියන ගායකයෝ මගේ ලිස්ට් එකට ආවේ නෑ. මට හිතුනේ අඬන්නව වගේ සින්දු කියන හින්දා කියලා. ඒකෙන් කියන්නේ ඒ අය දක්ශ නෑ කියන එක නෙමෙයි. මගේ රශාස්වාදය වෙන පැත්තක තිබ්බේ.
    ඒත් දැන් මේ කලාකරුවන්ට වෙන අසාධාරණය දැක්කම මට ලොකු තරහක් දැනෙන්නේ. ඒ කාලේ ගුවන් විදුලිය අපිට අහන්න සලස්වපු මේ වගේ ගායකයෝ නැති කරපු අද මීඩියා වලට මම නම් කැමතිම නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැං සිංදු යන්නේ සල්ලි ගෙව්වොත් හරි එ් අයට කඩේ ගියොත් හරි තමා..

      එක එක අයගේ රසාස්වාදය වෙනස්නේ ඒකයි අවුල බුරූ..

      Delete
  24. පුන් ප්‍රියා කියන්නෙ මගෙත් ආසම ඩබලක් තමයි. හැබැයි සමහර සින්දු තියෙනව දිරවන්නෙ නැති ඒව.
    උඹ සිංදු අහල මයිල් කෙලින් කරගත්තට වෙන මොකවත් කෙලින් කරගන්නෙ නෑ නේද?
    මම හිතුවෙ බොට අර කෙල්ල කොම්බුවෙංම කෙලල අැරල ඇතියි කියල.

    ReplyDelete
    Replies
    1. කොම්බුවෙක් කෙලියනං සැපයි කියල ඒ වෙලාවේ නං හිතුනා.. හැක්..

      Delete
  25. පුන්-ප්‍රියා හොඳ යාළුවෝ. මරු ඩබල. ප්‍රියා හිටියේ දෙල්කඳ. ඩබලම නිතර දෙල්කඳ ගෝල්ඩන් ඇරෝස් එකේදි ඉස්සර දකිනවා. ඇට්ටි හැලෙන්න භුක්ති විඳිනවා. මම ආස ඩබලක්. ඔය සින්දු ඉස්සර රස වින්දේ නැහැ...ඊට වඩා රසවත් ගීත තිබුන නිසා. දැන් හොඳට රසවිඳිනවා, දැන් තියෙන ඒකාකාරි රෙද්දවල් නිසා.
    නොහඬන් ළඳුනේ සින්දුව කියාගෙන කකුල් හතරෙන් ගෙදර එන යාළුවෙක් හිටියා. මරු බන්. මොනවා වුණත් මේ සින්දු තාමත් අහන්න එපා. පුන්සිරිගේ සින්දු ගොඩාක් පොරම ලියා ගත්තා.
    ප්‍රියා සංගීතවලට ඇන්දේ සෆාරි සූට් වගේ ඇඳුමක්. අළු පාට, දුඹුරු පාට ,ගොම පාට සූට්ස් කිහිපයක් තිබුණා. මොනවා වුණත් ඔය මිනිස්සු නැති වුණාම ඒ අඩුව පුරවන්න කෙනෙක් නැහැ.

    මම නම් ඕනම සින්දුවක් අහනවා. හැබැයි අර්ථවත් සින්දුවක් නම් එක පාරකට වඩා අහනවා. සංගීතය ගැනනම් දේශා දිගින් දිගටම ලියන්න පුළුවන්. මේ දවස්වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් රස විඳිනවා.

    ReplyDelete
    Replies
    1. වෙන්නේ නැහැ කියලයි ලිව්වේ.

      Delete
    2. ප්‍රියා ඇවිල්ල අරූ අයියේ ගම නාත්තන්ඩිය..දැන් නං ඉන්නේ දෙල්කඳ තමා..හැත්තෑ ගණං වල රැකියාව කරේ නාත්‍තන්ඩිය සමුපකාරෙ..අපේ මාම කාරෙය තමා පොරගෙ බෙස්ට්මන් . ඌ දෙකක් දාගත්තම ප්‍රියාගෙ සිංදු කනවා :D

      Delete
    3. උඹ කිව්ව වගේ මාත් ඕක මගුලක් අහනවා හැබැයි ඔළුවට යන්නේ මගේ ස්කෝප් එකට වැටුනොත් විතරයි..

      @ පත්තරේ

      අෑ බං පත්තරේ.. මාමට ඩිංගක් හරි පිහිටල ඇති ඔය කිව්වට ප්‍රියාගේ උරුව..

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. දෙන්නාගෙම ගීත වලට ආසයි. සමහර ඒවා හරිම ලස්සනයි. අපේ කාලෙ වාගෙ ගීත දැන් ඇහෙන්නෙ නෑ. ඒක අපේ අවාසනාව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැං සිංදුවක් අහන්න නම් හොයාගෙනම අහන්න ඕන..

      Delete
  28. මී කැකුන කැලෙ කියල සින්දුවක් තියෙනව නේද අපෙ ප්‍රියා ගෙ.අම්මප එක මාව කෑව.එව ඔන නැ.ඩමලම මරු.පුන්සිරි පිස්සු සින්දු කියන්න කලින් කියපු සින්දු මරු.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.. මාත් අහනවා ඒ සිංදුව නං.. පුන්සිරියා ඒ කාලේ කියපු සිංදු මාර රහයි බං..

      Delete
  29. මටනම් මේ සින්දුත් ඒ සින්දුත් එකවගේ රසවත්, නමුත් ඒවා උනත් එකදිගට අහද්දි ඒකාකාරියි, කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. ෆුල් ටයිම් ඇහුවත් එපා වෙනවා. හැබැයි පරණ මියුසික් තිබුන නං ටිකක් වැඩියෙන් අහන්න පුළුවන් බස්සියෝ

      Delete
  30. Replies
    1. මොකෝ යකෝ ඵල ඵල කියන්නේ.. හැක්

      Delete
  31. ප්‍රියා- පුන්සිරි දෙන්නාටම පට්ට ආසයි මාත්.

    ව්ශේෂෙන් පුන්සිරිට. ඒ වගේම තමා ක්ලැරන්ස්. නවත්තන්නැතුව එක දිගට අහන්න පුළුවන් සිංදු ටිකක් තියෙනවා.

    ඒක නෙමේ ඔය ඉස්කෝල වල බෑන්ඩ් ගහන කෙල්ලො (විශේෂෙන්ම ඉස්සරහම අය) ඔය ත‍රමට ගණකම් ඇයි. අපෙ ඉස්කෝලෙත් ඔහොම තමා ඇවිදින්නෙත් අඩි ගාණක් උඩින්. චැක් මට නම් පේන්න බෑ. පැත්ත බලන් නැහැනෙ අපි නම්. ;)

    ReplyDelete
    Replies
    1. අපි නං ඉතිං පොළව හොදට අඩිය ගහල තමා ගියේ.. පුරුද්දට... ඒකටත් එක්ක ඔය බෑන්ඩ් වල ඉන්න ගැල්ලලමයි තමයි පියාඹන්නේ..

      Delete
  32. මට නම් එච්චරම ඔය පුන්ප්‍රියා දෙන්නා අල්ලන්නේ නැහැ බං.එක මගේ රස වින්දනේ අඩුවක් වෙන්නත් ඇති.

    කොහොම වෙතත් අයියේ මටනම් හිතෙන්නේ සුරේකා බොලගේ දේශිකාට වඩා මොළේ තියෙන එකියක් වෙන්න ඇති කියලායි...:D

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න ඇහැකියි බං. මොකද රසය වෙනස් නේ අහුවෙන විදිය.. සුරේකා වාසනාවන්තයි නේද?? හැක්..

      Delete
  33. ප්‍රියා ගැන නං වචන දෙකක් නෑ. පුන්සිරිය නං මට අහන්න බෑ. අඬනව වගේ බං, එක්කොම සිංදු එක වගේ.
    මං සමාන කතාවක් කියන්නං:

    දවසක් පොරක් හෙණ අප්සට් එකේ පල්ලියකට ගිහිං, දණගහගෙන අඬනවලු. සුවාමි ඌව දැකලා ළඟට ගිහිං මොකද උනේ කියලා ඇහුවලු. අරූ කිව්වලු, "මං ගෑණු කෙනෙක්ගෙන් ඇහුවා. එයා මට කැමති නෑ කිව්වා." කියලා. එතකොට සුවාමි කිව්වලු, "ගණං ගන්න එපා පුතා, ඔය ගෑණු ළමයි නෑ බෑ කියන්නෙ ඔව් පුළුවං කියන එකටම තමා" කියලා.

    අර පොර කිව්වලු, "එහෙම එකක් නෙ‍වෙයි නෙ කිව්වෙ."

    "එහෙනං?"

    "මළ විකාර... යනව ඕයි යන්ඩ" කිව්වා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මරු කතාව..

      Delete
  34. පරණ සිංදු වෙල තියෙන්නේ හිතට දැනෙන සරළ බවක්.. විශේෂයෙන්ම වැඩි කලබලයක් නැති සංගීත රටාවල් හන්දා..

    බූට් කෑවම ඉතින් මිල්ටන් මහත්තයගේ සිංදු අහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ඉතින්.. හැබැයි මම නම් ඒ කාලේ ඇහුවේ කසුන් කල්හාරගේ තෝරගත්ත සිංදු ටිකක්.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. අපි ලව් කරල ඉවර වෙලා ඔක්කෝම චප්ප උනාම තමා කසුන්ල සිංදු කිව්වේ.. ඒකනේ අවුල බං..

      Delete
  35. මටනම් සුපිරිම ප්‍රියා තමයි.....අම්මෝ පට්ට කටහඩ...ලව් කරන කාලෙ කටේ තිබ්බෙ ප්‍රියාගෙ සින්දුමයි.කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. අන්න උඹත් හෙනං මං වගේ.. මට ප්‍රියා තමා අංක 1

      Delete
  36. ආදරේ ඇගිලි තුඩු වලට ඇවිත් එස්එම්එස් වෙච්චි යුගයක ප්‍රියාලා සහ පුන්සිරිල අමතක වෙන එක නවතින තැනක් තමයි සුපර්ස්ටාර්.ඒ අතින් ඒකත් මරු ඒත් වැදගත් ප්‍රේමය ෂොට් හෑන්ඩ් වෙලා තියෙන ලෝකයක මේ ගීතවල තියෙන සොදුරු දුර සහ බර අලුත් පරපුරට පේන සහ දැනෙන එක පිළිබද ගැටළුවක් තිබීමයි

    ReplyDelete
    Replies
    1. සිංදුවත් රින්ග්ටෝන් එකක් විතරයි නිශී..

      Delete
  37. අපි නං තාම ලවු කරලා නෑ දේශක තුමෝ :D ඔය බෑන්ඩ් එහෙක කොම්බුව වගේ ගෙනියන්නේ tuba කියන සංගීත භාණ්ඩේ ඕක වෙන්නෝනි ඔය කියන්නේ . :D වැඩි විස්තර ඔන්න http://en.wikipedia.org/wiki/Tuba :D ප්‍රියාට නම් ආසයි පුන්සිරිගෙ මේ බස් නැවතුමට තමා ආස ඔය පුන්සිරි සොයියා ඉන්නෙ පිළියන්දල පැත්තේ එයා බඩු දාලා ඉන්නේ කාණුපල්ලේලු මං දන්නේ නෑ ඔව්වගෙ ඇත්ත නැත්ත ඒ පැත්තේ මිනිස්සු තමා ඕවා කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං.. හොරණැව කියන එක... මට පොඩ්ඩක් පැටලුනා.. මම කියන්න ගියේ ඊස්ටර්න් බෑන්ඩ් එක කියලා. අන්තිමට සිංහල මාරු වෙලා වෙස්ටර්න් මියුසික් කියන එක ඇවිත්..

      අනේ මචං ලව් කරහං දෙතුන් පාරක්වත්..

      Delete
  38. අහෝ අයියෝ සුරේකා !! ඔය පුන් ප්‍රියා දෙන්නම අපි ලව් කරන්නත් ගොඩක් කාලෙකට කලින් ඉඳලා බන් සින්දු කිව්වේ . තාම ඉඳ හිටලා අහනවා . පරණ ආදර කතා මතක් වෙන සින්දු කීපයකුත් තියෙනවා හැබැයි ටී ඇම්ගේ , සනත්ගේ එහෙම

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒම කතාවක් අපි අහමුකෝ කහ පාට නොවුනත් රතු පාටින් හරි..

      Delete
  39. මං ඉතින් කොයි පරණ ගීතයටත් ආසයි. අද වගේ දඩි බිඩි කොත්තු නෙමේ නිසා. කණට කරදරයක් නැතුව අහගෙන ඉන්න පුලුවන් ඒ කාලෙ සිංදු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මාත් ආසයි නිවි හැනහිල්ලේ අහන් ඉන්න. මට අර පොත දෙන්ඩෝ...

      Delete
  40. ඈ දේශෝ අපරදිග බෑන්ඩ් වලත් කොම්බු උස්සගෙන යනවද?
    මම හිතුවේ ඒ කෙල්ලගේ නම තමයි පුන්ප්රියා කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ සයිරි ටීචර්.. මට වැරදුනා කියල තේරුනේ ටීචර් ඒක කිව්වම තමා..

      මේක ඉස්ටර්න් බෑන්ඩ් එක.. අයියෝ මං වරද්දගෙන.. හොරණැ අරං යන්නේ ඒකෙනේ.

      තැන්කුයි ටීචර්..

      Delete
  41. කියල වැඩක් නෑ දේශ් ප්‍රියාගෙ ඉස්සර සිංදු නම් මල් හතයි මෑත කාලේ කැසට් කිපයක් ඛලා මහ අජූත සිංදු. ඒවනම් රේඩියෝවලින් නොයන එකමයි හොඳ.

    අනික පුන්සිරි එළ වැඩකාරයා මිනිහගේ ඔර්ජිනල් ඒව ලස්සනයි. ඒත් මිනිහ ජෝතිගෙ සිංදුවලට පිළිතුරු ගී කියලා නැති බංගස්තාන වුණා. හැබැයි අදටත් ජනප්‍රියයි.

    ආර්.ඒ චන්ද්‍රෙස්න මාස්ටර් ගෙතනුවලින් ආපු පිරිස මගේ මතකේ හැටියට හැටේ අගවිතර ආවේ.

    පුන්සිරිගෙ එක්කම එකට මුල්ම ගීතය කියපු මම දන්න ශිල්පියෙක් හිටියා ඔහු පුන්සිරි එක්කම එකට සරලගී කියල පාස්වුන එකෙක්. එයා ජනප්‍රිය නෑ පුන්සිරි ජනප්‍රියයි.

    අපි ඉස්කෝලෙ යන කාලෙ එළිමහන් සංගීත ප්‍රසංගවල මුලින්ම ගයන ගීය තමයි පුන්සිරිගෙ

    ගංගා දියවැල් ගලා - එන ලෙස ඉදිරිය බලා - බාධක හැම බිඳ හෙළා- යමු යමු පෙරමුණ බලා-

    මෙතන පෙරමුණ කිව්වෙ ජවිපෙ වත් පොදු ජන එක්සත් පෙරමුණවත් නෙවෙයි.......:D

    ReplyDelete
    Replies
    1. දයාලගේ නිහැඬිතාවය මට නම් ප්‍රහේලිකාවක්. මෙහෙමවත් ඇවිත් බුරලා යන එක ලොකු දෙයක්!!!!! දයාලගේ කෙඳිරිල්ල බ්ලොග් ලියන එවුන්ට ලොකු ශක්තියක්. මා අත හරින්න. අනිත් වුන් ගැන සිතන්න!! දයා ඒ අස්වනු ගැන හිතන්න...ඔබේ අවිවේකය නිසාම චූටි දරුවන් නො අත හරින්න.

      Delete
    2. දයාට ඉතිං උත්තර දෙන්නම වෙනවා.. ඔව් ඉදගෙන

      Delete
  42. දැන් යන ඩිස්කි බිබිං සින්දු එක්ක ඒවා තියන්න බෑ බොල.. මමත් ඔයවගේ ම සින්දු ගණනාවක කොටස් අමුණපු එකෙක් නෙව.. කොහෙද ඉතිං දැන් ඒවා අමුණන්න ගියොත් අමුණන එක කෙසේ වුනත් ඇමිණිලා නතර වෙන්න වෙන්නේ.

    ReplyDelete