Wednesday, April 30, 2014

NO time!! I'm Busy

මං ගෙදරට කියන්නේ “අයියෝ මං හරි බිසී අනේ... මොන වෙලාවකවත් වැඩක් කරන්න විදියක් නෑ. එක්කෝ ඊටින් මීටින්. නැත්නං වැඩ. නැත්නං තව මොකක් හරි“

ඔන්න ඔහොම තමා. ඉතිං දේශිකාත් හිටි ගමන් මට මොකක් හරි ටොපියක් හරි ඇණයක් හරි සෙට් කරන්නම නේ බලන් ඉන්නේ. ඒකටත් එක්ක මගේ කල්පනාව කෝම හරි ඒ ටොපි පැත්තකට දාන්න තමා.

දැං ටික කාලෙක ඉදල මට මෙයා කියනවා.

“අනේ දේශා.. අර ස්ටෑන්ඩ් ෆෑන් එක කැඩිල නේ. ඒක හදමු. සිවිලින් ෆෑන් එකට කරන්ට් එක වැඩියෙන් යනවා“

“හරි හරි. ඕක ගලවල මං ගෙඩිය අරන් ගිහින් හදන් එන්නං. ගමේ එකා ගාව හැදුවොත් ඒ ගානෙන් ෆෑන් දෙකක් ගන්තැකි..“

කතාව පයින් ගමන් දෝළාවෙන්.. හැක්.. ඒ මගේ හැටි උනත්.. උපහැරණේ වැරදියි නේ.. අයියෝ මෙහෙමත් වැඩ. ඉතිං ස්ටෑන්ඩ් ෆැන් තුනකටම කෙළවෙනකං මම නෙමෙයි ඕවා හදන්න ගියේ. අන්තිමට හදන්න කියන වචනෙත් මට කියන එක දේශිකා නැවැත්තුවා. ඇයි ඉතිං හදන එකක් යැ.

මේ අවුරුද කාලෙදි ඉතිං සියළු නෑ සනුහරේ එක්ක අපේ ගෙදර එකතු වෙච්චි වෙලාවේ මේ ගෑනි ඒක ඇද්ද නේ. අපිත් අනුමත වෙමින් හිිටියේ.

“ඔන්න මම දැං හැමෝම ඉස්සරහ කියන්නේ. ඔයාලගේ අයියට කිසිම වැඩක් කරගන්න කිසිම උනන්දුවක් නෑ. දැං අවුරුදු දෙකක් තිස්සේ මං කියනවා ෆෑන් ටික හදන් එන්න කියලා. කෝ ෆෑන් තුනක්ම පිච්චුනත් ආයි හදපු එකක් නං නෑ. ලැජ්ජ උනත් කරන්න දෙයක් නෑ. ඔහොම තමා ඔයාලගේ අයියගේ වැඩ. මොන වෙලාවේ බැලුවත් බිසීලු. ඒත් කරන වැඩක් නං නෑ. ඔන්න කරන එකම දේ ඔෆිස් යන එකයි. ඕටී කරන එකයි. දරුවා පන්ති එක්ක යන එකයි. ඔය ටික තමා අනිත් හැම දේම මං කරන්න ඕන. කිසිම දෙයක් ගැන උවමනාවක් නෑ.“

දේශිකාගේ දේශනේ ඇහුනට පස්සේ මුළු සභා ශාලාවම නිහඬ උනා හරියට මෝල්ගහෙන් බැටකාපු වංගෙඩිය වගේ. මාත් ඉතිං ඉකේ ලැජ්ජාවේ බෑ කියල අහගෙන හිටියා.

ඔය විදියට කරන්න කියපු වැඩ කන්දරාවක් මට මතක් වෙනවා.

මට තිබුනා අක්කර දහයක ඉඩමක්.. සෙල්ලංද?? හැක්.. විකුණුවා අක්කර අටක්ම. ඉතුරු අක්කර දෙක කන්දෙ තියෙන්නේ. ඉතිං අර අක්කර අට විකුණුවම මගේ අක්කර දෙකට යන්න පාරක් නෑ. ප්ලැන් එක අනුව නං අඩි 20 පාරක් නියමෙට තියෙනවා. ඒත් කැලේ වැවිල මොන මගුලක් වත් බලාගන්න බෑ. ඒ මදිවට ඉඩම විකුණූවේ ඔය වනාන්තරද මොනවද සුරකින ආයතනේකට. ඉතිං උන් එක්ක අපිට ඕන මගුල් කරන්න බෑ. ඒකේ අයිතිකාරයා චරිත් සේනානායක කියල හෙන ගෙම්බර බුවෙක්.. අවුරැදු ගානක් ඉඩම අතෑරල තිබ්බා උනත් දැං ඒකේ මොනා හරි කරමු.. ඒ කිව්වේ වවමු අපි දිනමු කියල දේශිකා කිව්වම මමත් හා හා කියල කර ඇරියා. 

කර ඇරීම කොච්චරද කියනවනං තාම අවුරුදු තුනක් තිස්සේ මං අර කොමිපැනි අයිතිකාරයට ඊමේල් යවනවා. තර්ජනය කරනවා. පාර දියං කියල. කොම්පැනියත් හරි හොදයි. ඊමේල් එවනවා. කතා කරනවා. ඒත් මට එන්න කියලත් කියනවා. මං යයි ඕවට. තාම ඉඩමට පාරත් නෑ. කරපු වගාවකුත් නෑ. ඔය ඉඩමේ කුරුදු වවමු කියලා දේශිකා ගිහිල්ල ගොවිජන සේවා එකත් එක්ක කතා කරල, ඔක්කෝම ලෑස්ති කරල අන්තිමට කුරුදු පැළ ටික නිකං අතේ වගේ තිබුනේ. හැක්. 

ඔය සීන් එකට නං හොද එකෙන් මං බැනුං ඇහුවා. කොම්පැනියට යන්නත් අඩ ගැහුවා.

“පිස්සුද අනේ කොහොමද නිවාඩු ගන්නේ. අනික මං මේ ටිකේම බිසී හොදටෝම“

ඔය රැකෝඩ් එක දවස ගානේ අවුරුදු දෙකක් විතර තිස්සේ වාදනය වෙන නිසා දැං එයා මට කියන එක නවත්තල අපි වවමු දිනමු කියන එක.

තව පර්චෑස් දහයක ඉඩං කෑල්ලක් තියෙනවා මට අයිති. ඕකෙන් ණයක් අරගෙන පොඩි ගෙයක් හදල අපි ටවුම කිට්ටුවට යමු කියල දේශිකා නාහෙන් අඩනවා. ලෝන් එකට ඕන කරන ඔක්කෝම ෆෝම් ගෙනැල්ල අකවුන්ට් හදල මට භාරදුන්නා නගර සභාවෙන් විථිරේඛා සහතිකේයි නොපරවා ගැනීමේ සහතිකයයි අරගන්න කියල. අලියම ඉන්න එකේ හෙන්ඩුව ගන්න එක මොකක්ද කියල හිතල මාත් වැඩේ බාරගත්ත හිටගෙන. තාමත් හිටගෙන ඒ වැඩේ කෙරෙනවා. නගර සභාවටත් මං දැං මාස දෙක තුනක ඉදලම යනවා. කෝ වැඩේ තාම කරගන්න බැරි උනානේ. ඒකට ඉතිං භෞතිකව යන්න එපායැ, හිතින් ගියාට වැඩක් නෑනේ.

ගෙදර ලැයිට් බිල වැඩි නිසා (සුදීක කිව්වද මන්දා) එල්ඊඩී බල්බ් පහක් ගේන්න කියලත් දැං මාස හයක් විතර වෙනවා. ඒ කාලේ ඇතුලත බල්බ් වල ගානත් වැඩි වෙලා. ඒත් තාම අපේ ලැයිට් බිල අඩු උනේ නං නෑ. කොහේ අඩු වෙන්නද මං බල්බ් ගෙනිච්ච එකක්යැ.

ඔය වගේ වැඩ කෝටියක් විතර තියෙනවා කරන්න. ඉදල හිටල හරි ගෙදර නැවතුනොත් නං සුං තමා. 

“ඔන්න අද නිවාඩු එකේ. ඔය අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න. අරහේ යන්න මෙහෙ යන්න. අරක පුරවන්න මේක ගේන්න. අරක හදන්න. “ හයියෝ වැඩ කෝටියයි. අන්තිමට එක වැඩක්වත් එදාටවත් කෙරෙන්නේ නෑ.

බලං ගියාම මං පුදුම කම්මැලියෙක් නේ අප්පා.. මෙහෙම ජීවත් වෙලා වැඩක් තියේද? දේශිකා මීට වඩා හොදයි පඹයෙක් ගත්තනං. අඩු ගානේ ඒකා ගෙදරට වෙලා එක තැනවත් ඉදිවී. බොන එකකුත් නෑ.

ඒ මදිවට මේ සමහර යාළුවෝ අහන දේවල් වලට මට නප්පියට තද වෙනවා.

“ඈ දේශෝ. බොට බ්ලොග් කොටන එකයි කියවන එකයි ඇරුනම වෙන වැඩක් කරන්නැද්ද යකෝ“

ඔව් යකෝ අනිත් ඒවා කරන්න කොහේද වෙලාවක් මේ මගුල් ටික කියවල ඉවර වෙන කොට. හැක්.

190 comments:

  1. ජය වේවා මම එක,

    හිටු පොස්ට් එක කියවලම එන්නම්.

    ReplyDelete
  2. හෙක් හෙක්....... මෙකනම් ඇත්ත... මට පොරොන්දුවක් උනා මතකේයි... දේශිකාගේ වැඩම මෙහෙම කල් යනවා නම් අපිට මොන කතාද.........

    ReplyDelete
    Replies
    1. බලමු බලමු. කෝම හරි කරල දෙන්නංකෝ.. හැක්..

      Delete
    2. හෙක් හෙක්..... කල් යයිද දන්නැ

      Delete
    3. ඉන්ටකෝ ඉන්ටකෝ. මේ ටිකේ මං ටිකක් බිසී හොදේ...

      Delete
    4. මෙනද අප්පා මේ අපි නොදන්න පොරොන්දු දේශකයො ....

      Delete
    5. නම වෙනස් කරාද???

      Delete
  3. අනේ මේ දේශා,
    බොලන් කම්මැලිය වගේ ඉදන් කිසි වැඩක් නොකර දොසාරෝපනේ අහිංසක බ්ලොග් වලට දාන්න එපා බන්.(ජෝක් හොදේ)
    බොට කිව්වට මොකෝ, මමත් ගෙදර ඉන්නකොට කරන්න වැඩ යමරෙට, එත් ඉතින් තව ටිකකින් බැරියැ කිය කිය දවස ඉවර වෙනකන්ම ඔහොම තමා.
    හරිම කම්මැලියි බොලන් ගෙදර ඉන්න දාට වැඩක් කරන්න, අපි වැඩකරන ජනතාව නෙව දේශා. ජය වේවා.....! හැක්......

    යන්තං මම එක උනා.

    ReplyDelete
    Replies
    1. හපොයි මට ළගින් යන එකෙක් මේ ඉන්නේ.. උඹ නේද මට සද්දේ දැම්මේ කොතනදි හරි... ඔව් උඹ තමා.. හැක්...

      Delete
  4. හෙහ් හෙහ් හෙහ් .... මටත් තියනව ඉඩමක්. ඒකෙ පොල් දාමු කියල නෝන කියන්නෙ අවුරුදු එකහමාරක් තිස්සෙ. සල්ලිත් එයා දෙන්නංලු. තාම ඒ පැත්තෙ යන්න බැරිවුනා. බයික්එක සර්විස් කරන්න හිතාගෙන ඉන්නෙ අවුරුද්දක් විතර ඉඳල ඒකත් නෑ. තව ඔයවගේ අටෝරාසියක් වැඩ-ප්ලෑන් තියනව මගේ ලඟත්. නමුත් අර විනෝද සමයේ කතාවක් තිබුන වගේ "කිව්වට කෙරෙන්නෙ නෑ"
    හැබැයි මේ කම්මැලිකම තියෙන්නෙ අලුතෙන් පටං ගන්න වැඩ වලට විතරයි. දැනට කරගෙන යන වැඩ නං කම්මැලි කමක් නැතුව කරනව

    ReplyDelete
    Replies
    1. බයිසිකලේ අවුරුද්දකින් සර්විස් කලේ නෑ,,,,,, මලා.... මම හොදයිනේ..

      Delete
    2. @ රාජ්

      අප්පට බොල මේ ඉන්නේ තව එකෙක්..

      අඩේ උඹ කිව්වත් වගේ මටත් ඔය සන්තෑසියම තමා. ස්ටාර්ට් එක තමා හොර. ස්ටාර්ට් උනාම හොදට දුවනවා. මේ ළගදි අපේ මලයගේ ගෙදර කිරි අම්මා දානයක් තිබුනා. මං ඒකට බර කරට අරන් වැඩ කරේ. තීන්ත ගෑවා. ෆ්ලෝ පේන්ට් ගෑවා. මිදුල උදළු ගෑවා. කැඩිච්ච ටොයිලට් දොරට අලුතෙන් ලෑලි ගෙනැත් දොරක් ගහල හයි කරා. ටෙන්ට් ගැහුවා. දර පැලුවා. ඒත් මචෝ අපේ ගෙදර මිදුල උදලු ගාලා නෑ මං හිතන්නේ ගිය දෙසැම්බර් වලින් පස්සෙම.. හැක්...

      Delete
    3. @ නිමෝ

      බොට කියන්න මම බයිසිකලේට පැට්‍රල් ගහන එක විතරයි දන්නේ.. හැක්..

      Delete
    4. මම බයිසිකලේ මාස හතරකින් හේදුවේ නෑ බන්, දැන් ඉතින් වැහි කාලේ පහුවෙලාම හෝදනවා, හික්ස්....

      Delete
    5. පස්සේ හෝදපං බං..

      Delete
  5. වීථි රේඛා නං දවසෙන් දෙනවා බං..පවරා නොගැනීම නං අවු 20 ක්ද කොහෙද ආපස්සට ..පියන් මචං ගෙදරටම ගෙනත් දුන්නා ..:D
    ඉක්මං කරල ඔය ණය ගනිංකො බන්... හොඳ බ්‍රෑන්ඩ් එකක් ගහමු :D

    ReplyDelete
    Replies
    1. මොන බ්‍රෑන්ඩ්ද අපි උස්සමු එකක් අහිමි ලිපි තැපැල් කාරයාලයෙන්... හැක්

      Delete
  6. හැක්.. උඹත් ණය ගන්නද යන්නෙ. ඔන්න උඹටත් කෙලවෙන්න යන තැන. :D
    යකෝ ෆෑන් තුනක් පිච්චෙනකල්ම උඹල හුලං ගහගත්තද? උඹට ෆෑන් එකක් අලුතෙන් ගේන්න යනකොට ඔය කල් දැමිල්ලෙ ලෙඩේ එන්නෙ නැතුව ඇති. එක අතකට ඕව හදනවට වඩා අලුතෙන් ගන්න එක ලාබයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවට ගිහිල්ල අලුතෙන් එකක් ගේන එක ලේසියි බං. අන්තිමට හදන්න දීපු එකා වෙන එකක් නේ දෙන්නේ ආ මහත්තයාගේ එක කියලා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. හෙටවත් නිවාඩු නිසා දේශිකාට පොඩි හෙල්ප් එකක් දෙන්න මොං බිසී කිය කිය ඉන්න්නේ නැතුව.. හි.. හි...

    ReplyDelete
    Replies
    1. බෑ බෑ මං හෙටත් වැඩ. ඇයි ළමයා පන්ති ගෙනියන්න ඕන.. ඒවා කව්ද කරන්නේ.. හැක්...

      Delete
  8. //අපිත් අනුමත වෙමින් හිිටියේ//
    කෝක් නේද,හොඳට වැදුනද අපි දන්නෙ නැතුවයි බොගෙ බීම.
    චරිත් සේනානායක කියන්නෙ අර හැත්තෑ ගණන් වල ආනන්දෙ හිටපු ඕල් රවුන්ඩර් වත්ද බං.නැෂනල් ගහන්න ඔන්න මෙන්න හිටියට බැරිවුනා මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පොර තමා. නැෂනල් ටීම් එකේ මැනේජර් වෙලත් හිටියා මේ ළගදී... මට මුන ගැහිලා නෑ. මොකෝ එන්න කිව්වට මං ගියායැ. හැක්..

      කෝක්. ඔන්න හැලපයා උඹටත් ලංකාවට එන්න ඕන නෑ වගේ පේන්නේ..

      Delete
  9. උඹට මෙන්නෙ මෙහෙම ටෝකක් ඉෂූ වෙන් නැද්ද ??
    " මොනාද අනේ ඔයාට මං කීවම තමයි හා බලමු බලමු කියන්නේ..ඔන්න යාලුවෙක් කෝල් කරල කිව්වනං සේරම පැත්තකින් තියලා වටේ අයටත් කෝල් කරගෙන පැනගෙන ගිහිං කරලා දෙන හැටි බලන්න තිබුනා..අපිට දෙයක් කරගන්න කීවම හැමදාම පස්ස ගහනවා වැඩ වැඩ කියලා.. ඔයත් එක්කනං බෑ අනේ.. "
    වගේ ටෝකක්.. !!!! :D

    ReplyDelete
    Replies
    1. ඕකට හරියන පෝස්ට්කටුවක් තිබුනා මට හොයාගන්න බෑනේ බං ඒක. හැක්..

      Delete
    2. සිරාම කතාව පත්තර මල්ලි මං ඔය වාක්කිය අහල ඇති ඉසේ කෙස් ගාණට

      Delete
    3. වැඩක් නෑ බං කියලා.. ඔය විදියට ම කිව්වා මං ඒක කොතන හරි පෝස්ට්කටුවක කෙටුවා. ඒක හෙව්වට හොයාගන්න විදියක් නෑනේ බං.. හැක්

      Delete
    4. නලින් අයියේ .සාධාරණයිනේ බං ඉතිං .. එන්නෙ රෑ වෙලා.. නිවාඩු දවසෙ සමාජ සේවෙ.. ඇත්තනේ බං අක්කගෙ කතාව.
      දුක දන්නෙ වෙන කව්ද - ඇස් දෙක තරම් ???

      Delete
    5. ඕකට මෙන්න මගේ විසඳුම .. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි..
      "උදේ ඉඳං දවල් 3 විතර වෙනකං ඔයාගේ .. ආයෙ ඉතිං 3 න් පස්සෙ මං ගැන හොයන්ඩ එපා !! ඔයා කාල නිදාගන්ඩ .රෑ කීයට එයිද දන්නෙ නෑ මං.."

      මට මේක සාර්ථකයි බොලව්.. තොපිත් කරපල්ලා..හැබැයි රෑට ආවම අවම පහසුකම් යටතේ තමා.. සමහර සබ්ජෙට් වලට ඇක්සස් නැත !!!!

      Delete
    6. @ පත්තරේ

      අවම පහසුකම් යටතේ හරි ඉන්න හම්බවෙනවානම් ලොකු දෙයක් බන්.

      Delete
    7. අපේ සුරංග කියල එකෙක් වයිෆ් එලිවෙනකං එලියෙ තියලා පාන්දර ආවම.. මූ දොරට පිට දීල පඩිය උඩ නිදාගෙන..උදේ වයිෆ් දොර අරිද්දි දොහ් ගාල ඇතුලට වැටුනලු බං.. අම්මපා ඇත්ත..

      පස්සෙ දවසක ඌම ඇවිත් කියනවා "වෙනද වගේ නෙවෙයි බං..ඇනුං බැනුං මොකුත් නෑ එලිවෙනකං ටොප් එකට නින්ද ගියාලු.

      Delete
    8. උ සුපිරි බුවෙක් බන්.
      ඇයි ඉතින් ඇතුලට ගත්තානම් කියවිල්ලේ ඉවරයක් නෑ නෙව,

      අපේ ගෙදරින් නම් මාව හොයන්නේ නෑ. උදේට ඇදේ නැත්තන් අම්මා කෝල් කරලා බලනවා මු තාමත් ජිවත් වෙනවද කියලා.
      ගෙදර දොරේ යතුරක් මම හැමවෙලේම අතේ තියාගෙන ඉන්නේ, (අරක්සාවට)

      Delete
    9. පත්‍ර බ්‍රදර්.....ඔය උඹ උඩින්ම දාලා තියෙන රෙකෝඩ් එක මම අවුරුදු 26ක් තිස්සේ අහනවා.

      Delete
    10. @ අරූ,
      හපොයි.......දැන් නම් බදින්න තවත් ටිකක් බය උනා.

      Delete
    11. @ නිමෝ.......මොනවාට බය වෙන්නද බං. මේ මං ඉන්නේ කිසි කරදරයක් නැතිව රෙකෝඩ් එක අහගෙන.

      Delete
    12. හෙහෙ හෙහ් අරූ අයියේ.. මං 2යි බං.. "මොනාද අනේ ඔයා .…………… කියද්දි ඉතුරු ටික කටපාඩං නේ ???? මැරෙනවා බං හිනාවෙලා..

      Delete
    13. මට බොලන්ලා දෙන්නවම මැවිලා පේනවා,,,,, හපොයි.... !!!!

      Delete
    14. පත්තරෙ මගෙ නමත් දාගනින් ඔය ක්ලබ් එකට.දැන් අවුරුදු 6ක්

      Delete
    15. හරේ දමියා අයියා.. මෙම්බශිප් කාඩ් එක ගෙදරට එයි.. :D

      Delete
    16. පුහ්.. අරූ අවුරුදු 26 ක්ම මේ විදියයි එහෙනං.. ඈ...

      පත්තරෝ මාත් එක දවසක් යාළුවෙක් එක්ක බීල උන්ගේ ගෙදර ගියා නිදාගන්න. දෙන්නම දොර ඇරගෙන කාමරේට ගිහින් නිදාගත්ත මතකයි. ඒ උනාට උදේ බලද්දි ගෙයි දොරකඩ තමා දෙන්නම නිදාගෙන තිබුනේ.. හැක්..

      Delete
  10. හප්පට සිරි! මං හිතුව අපේ ගෙදර විතරයි කියල මෙහෙම. :

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි. මේක ලියන කොට නං මං හිතුවේ මට අහගන්න වෙයි උපාසක මහත්වරුන්ගෙන් හොදට කියලා. හැක්...

      Delete
  11. මගෙ ජාතියෙ තව අපතයෙක් ඉන්න එක ගැන මට මාරම ප්‍රීතියි... බොට කියන්න, මේ ළඟදි අපේ ටැප් බටයක් කවුද පාගල කඩලා දාලා ඒකෙන් වතුර ලීක් වෙනවා. මට සතියක් ගියා ඔතන පිළිවලක් කරන්න. ඒකත් එන්ඩ් කැප් එකක් ගහලා බාගෙට කළේ. ඒ ටැප් එක දැන් වැඩ නෑ.. ගෙදර වහලේ තෙමෙනවා වහිනකොට එකසිය ගානට. වහිනකොට හැමදාම උඩ බලාගෙන හිතනවා හදන්න ඕනා කියලා. පායපුවම මට ඒක අමතක වෙනවා.. දැන් එතන පරාලත් දිරලද මංදා.. තව තියනවා මම දැන් බිසි.. පස්සෙ ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. අයි අයියෝ... මේක පුදුම ලෝකයක් නේ...

      Delete
    2. අර වඳුරො කියනවලු වහිනකොට ඔහොම කතාවක්.. ඔන්න මං උඹට වඳුරා කිව්වෙ නෑ හරි :D

      Delete
    3. මොකකද්ද දන්නෑ වදුරා කිව්වේ නේද ඒ හැළි වදුරෝ.. ඒකට නං තද උනා හරිය.. හැක්...

      Delete
    4. කවුද මෙතන වදුරා, එතකොට කවුද හැළි වදුරා.??? මට තේරුන්නෑනෙ. ;)

      Delete
    5. ප්‍රියා .වඳුරො ගොඩයි. කොයිකා කොයිකාද කියලා හොයන්ඩ බෑ :D

      Delete
    6. බොලාගෙ ටැප් බටේට සතියයි. අපේ එක මාස ගානක් වෙනව තාම හදල නෑ. කාටද ආඩම්බර. :D

      Delete
    7. මට නම් සෑහෙන ආඩම්බරයි, අම්මපා....!

      Delete
    8. අම්මපා ප්‍රසා !!! මට මිසක් වෙන කාටද ? කවුද හිතුවේ මටත් වැඩිය අපතයෝ ඉන්නවා කියලා...

      Delete
    9. බලන් ගියාම අපතයන්ගෙත් අපතයෝ නේ බං ඉන්නේ...

      Delete
  12. සිරාවටම දේශකයෝ මේ බ්ලොග් හා බුකිය හන්දා අපට ගෙදර දොර වැඩනම් අතපසු වෙනවා තමා. ඒ බැව් මටත් දැන් දැන් වැටහීගෙන එන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්. අඩු ගානේ ගෙදරටවත් සෙතක් යහපතක් වේවා!!! හැක්.. (මටත් දැං ඒක හිතිල තියෙන්නේ බං.)

      Delete
    2. අපි වගේ බුකිය අත්හැරලා ඉන්න.

      Delete
    3. මෙන්න එක වල්ලෙ පොල් :D

      Delete
    4. ගස් ගානක් තිබුනත් ඔක්කෝම පොල් එක වගේ නේ බං..

      Delete
  13. අම්මප දේශිකා දන්නවනම් දේශකයාට මෙච්චර දේවල් ලියන්නයි, අනිත් බ්ලොග් කියවන්නයි වෙලාව තියෙනවා කියල, මෙලහකටත් එළවලා දේශයා ගෙදරින්.

    ReplyDelete
    Replies
    1. වෙලාවට මේ මලදාන මුකුත් දන්නෑ. දන්නවනං.. ඉවරයි. ආ බොල. අමතක උනා. ඔපිස් ඇරිල රෑ හතට අටට ගෙදර ගිහ්ලල නමය වෙන කොට පොත් කියවන්න ගන්නවා කියලත් මට නෝක්කාඩු කියනවා මේ මන්ස්සයා මට. කොයි තරං අසාධාරණද නේද?

      Delete
    2. "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියල කමරේ ඇඳ උඩින් ලොකුවට ගහ ගනින්.

      මටත් ඔය කේස් එක තියෙනව බන්. උඩපැනල ඉඩමක් ගත්තා ඒක ගත්තට පස්සෙ මම හිතන්නෙ තුන්පාරකට වඩා ඒකට ගිහිල්ල නෑ.දැන්නං ඉඩම තියෙනවද දන්නේ නෑ. වෙන එකෙක් ඔප්පුවක් හදල ඒක විකුනලාද දන්නෙත් නෑ.

      Delete
    3. (@දේශක)
      එක අතකට ඒ මනුස්සයට වැරැද්දක් කියන්නත් බෑ මේ කියන විදියට! හැක්..හැක්

      Delete
    4. ඉක්මනට ඉඩම බලල වරෙන්. ඇල පතෝ..

      Delete
  14. අපි ඔක්කොම එක බෝට්ටුවේ
    බ්ලොග් කාරයෝ වෙමූ.....
    වැඩ ඔක්කොම අතපසු කරලා
    ඉඳගෙන බ්ලොග් ලියමූ.....
    ලිය ලිය රට හදමූ.......
    අපි ඔක්කොම එක බෝට්ටුවේ.....//

    ReplyDelete
    Replies
    1. මම සීරුවෙන් හිටගෙන ගායනා කරා. ජාතික ගීය හා සම නිසා.. හැක්.. එළ

      Delete
    2. @ රාජ්

      අන්න තේමා ගීතය කරගමු.
      සිරාවටම මොනා නොකලත් බ්ලොගි ලියන්න හා කියවන්නනම් වෙලාව හම්බවෙන්නේ, හරියට නිකන් අන්දරේ කිරි කෑවා වගේ බොලන්.

      Delete
    3. අන්දරේ සීනි කෑවා වගේ බං...

      Delete
  15. ශැක් බලන් ගියාම දේශා ගෙයි මගෙයිත් වෙනසක් නෑනෙ. වයස විතරමද මන්දා වෙනස. තව ඉතිං මට ළමයි පංති ගෙනියන වැඩේ නම් දැන්ම නෑ. :)

    මට නම් පේන්නම බැරි වැඩේ දවස් පහමාරක් මැරිලා මැරිලා යාන්තමින් හම්බවෙන දවස් එකාමාරෙත් වැඩ පවරන එක. ඒ දවස් එකාමාරත් කොච්චර බීසීද බ්ලොග් නිසා. හැක් හැක්.

    (මට නිකමට හිතෙනවා බොලා ආයෙ දවස් ගානකට අතුරුදන් වෙන්නද යන්නෙ කියලා.) හැක්.

    ReplyDelete
    Replies
    1. මට නං වෙලාවකට හිතෙනවා බං ඒ දවස් දෙකෙත් වැඩට යන්ඩ .අම්මපා !!5

      Delete
    2. @ පත්තරේ,

      උබට පිස්සු.

      Delete
    3. නිමෝ .. ඇයි බං වෙනසක් නෑනේ වැඩකරන එකනේ.. ඒ දවස් දෙකත් වැඩට ආවම කීයක් හරි හම්බෙයි..ගෑනිට වැඩ කරා කියල මොකෝ ජීවිතේට හොඳක් කියනවයි ???? හා නැද්ද ?? එකක් ඉවර වෙද්දි එකක් මැවෙනව බං.

      Delete
    4. අඩා පත්තරේ,
      ගෑනු ගැන නම් කියල වැඩක් නෑ. වැඩේ කොච්චර හොදින් කලත් වැඩක් නෑ. හොදක් ඇගයීමක් නම් කවදාවත් නෑ.
      කරන වැඩේ වැරදි නම් අම්බානක පෙන්නයි.
      නිකන් වැඩ මැවෙන එකා නම් ගෑනුන්ට තියෙන සහජ හැකියාවක්ද කොහෙද.
      උබත් එක්ක මම සීයට සීයක් එකගයි. උබ සම්පුර්ණ ඇත්ත කියන්නේ.

      අනේ කවුරුහරි ලියහන්කෝ ඔය ගැන පොස්ටුවක්.

      Delete
    5. බැන්දට පස්සේ දාර්ශනිකයෙක් වෙනවලුනේ මචං.. මං වේගෙන් එන්නේ.. :D

      Delete
    6. ඕ යේස්, අයි ඇම් හැපී ෆෝ යු.

      අම්මෝ, බදින්නත් බයයි මේවා අහලා.

      Delete
    7. ඒයි මචංලා.. මේක කරුමක් තරමටම ආපු රොගයක් නේ..

      Delete
  16. මාත් කථාව බලලා හරි සතුටු වුනා. කුෂ්ඨ රෝගියෙක් ගැන අහන්න තව කුෂ්ඨ රෝගියෙක් කැමතියිලු!!

    ReplyDelete
    Replies
    1. කුස්ට රෝගීන් පිරිනු තැනක් නෙව මේක. එනිවේ අද නේද ඉස්සෙල්ලම ආවේ.. වෙල්කම් වේවා

      Delete
  17. පාරක් නැතිව ඉඩං තියාගන්නේ මොන මෝඩයද?
    සොරි දේශක එ් දේ කරලනේ...

    අපි නං කම්මැලි ඔන්න..
    පැය 18 ක් විතර ඔං ලයිං..
    (මම කියල තියෙන්නෙත් දේශකය කියපු දේමද කොහෙද?)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පැය 18 ඔන් ලයින් ?? ගෙවල් පැත්තත් පොඩ්ඩක් බලපන් :D

      Delete
    2. ඔය ඉඩම් මැනගන්න ඕන නම් අපේ විදානේට කියන්න.

      Delete
    3. ඉතුරු පැය හය තියනවා පත්තරේ..

      හප් හප් මකසි

      Delete
    4. පාර තියෙනවා බං අඩි විස්සක... සුද්ද කරගන්න ඕන එච්චරයි..

      Delete
  18. යකෝ බලන් ගියාම උඹ මහා කම්මලියෙක්නේ .... ඔන්න එකට මං ,මටනම් ගෙදර මිනිස්සු ඔහොම කියන්නේ නෑ. තමුසෙට කියනවට වඩා හොඳයි අපිම කරගන්නවා කියලා එයාලම ඔක්කොම කරගන්නවා

    ReplyDelete
    Replies
    1. උඹලගෙ ගෙදරිං කෝල් කරල ඇහුවා පිං ගොනෙක් ඉන්නවා ගිහිං අතාරින්න පංසලක් නැද්ද කියලා …… . ඕ යේස්.

      Delete
    2. @ පත්තරේ,
      ඔන්න බලාපල්ලා අපේ ඉවානයා කම්මැලි නෑ. හික්.....

      Delete
    3. ඉවානයා කම්මැලි නැත්තෙ කන්න විතරයි බං … ඒකට නං කිසි කම්මැලි කමක් නෑ.

      Delete
    4. හයියෝ.... ඉවාන්.....!

      Delete
    5. බලපන් නිමෝ මේ කුපාඩි පත්තරයාගේ වලත්ත කට

      Delete
    6. පත්තරයගෙ කට වහන්න නං ඌට දාන්න ඕන බෝතලක්ම කටට..

      Delete
  19. මටනම් මාරම ප්‍රීතියි,

    මම හිතුවේ මේ කම්මැලිකමින් වේලිලා ඈලි මෑලි ගතියෙන් දිවි ගෙවන්නේ මම විතරයි කියලා. බ්ලොගි කියවන්න ඉදගත්තම ලෝකෙම අමතක වෙන්නේ මට විතරයි කියලා.
    අපේ අම්මා නම් කියන්නේ "බැන්ද දාකට ගෑනි උබව දාල යනවා කියලා." මොකද මගේ ගාව තියෙන විශිෂ්ට ගනයේ වැඩ මග ඇරීමේ පුරුද්ද නිසා.

    තව මගේ නංගි කියනවා "යාලුවෙක් කෝල් කලොත් රෑ කියට උනත් උඩ දාගෙන යයි, අපි වැඩක් කිව්වොත් තමා දාහක් හේතු"
    ඒකට ගොඩක්ම හේතුව වෙන්න ඇත්තේ අවුරුදු 5ක් තිස්සේ කොම්පුයුටර් හදන රස්සාව කරලත් ගෙදර තියෙන නංගිගේ කොම්පුයුටර් රාජයාට අත තියන්න නැකත් බලන හින්දා. (දැන් අවුරුද්දක් විතර ඉදන් නංගි ඕක කියන්නේ. වඩුවගේ ගෙදර පුටුව නෑලුනේ.)

    පිසාච ගුහාව වගේ තිබුන කාමරේ යන්තන් අවුරුද්දට කලින් අම්මා මාව ආදරෙන් මතක් කර කර අස් කරලා තිබුනා.
    (දැන් කාමරේ කිසිම දෙයක් තිබ්බ තැන නෑ, කලින් නම් ඕන දෙයක් මම පටස් ගලා හොයා ගත්තා)

    ඔය වගේ එකී, මෙකි, නොකී, සියලු වැඩ රාජකාරි මග ඇරීමේ පුරුදු මාගේ බ්ලොග් සහෝදරයන්ටත් තිබීම ගැන මා හදවතින්ම ආඩම්බර වෙමි. මහත් වූ ගෞරවයක් කොට සලකමි.

    මේ කොමෙන්ටුව සම්බන්ධව කොමෙන්ට් ඇත්නම් කිසිම පැකිලීමකින් තොරව, කිසිම කම්මැලිකමකින් තොරව, ඉදිරිපත් කරයි කියා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නේද දේශා.

    ReplyDelete
    Replies
    1. ////දැන් කාමරේ කිසිම දෙයක් තිබ්බ තැන නෑ, කලින් නම් ඕන දෙයක් මම පටස් ගලා හොයා ගත්තා/////
      සහතික ඇත්ත බං.. අපිලිවෙලට තියෙද්දි මටත් පටස් ගාල හොයාගත්තෑකි..අස් කරාම විකාරයි වගේ.

      Delete
    2. හි හි... මාත් ඔන්න ඔය ජාතියෙ.. අපේ අම්මා හරි නංගි හරි මගේ පොත් මේසෙ අස් කරපු දාට, මට ඕනෙ කරන පොත් හොයා ගන්න පැය ගානක් යනව... වැඩිපුරම පොත් තිබ්බෙ ඇඳ උඩ තමයි.... හි හි

      ( තාමත් ඔය ගතිය නැත්තෙම නෑ... හි හි)

      Delete
    3. පොත් නං කොහෙ තිබ්බම මොකෝ හිරුවා තිබුනත් පාඩං කරනවෑ.. පොත් අස්සෙ තියන ලෙටර් & ලව් අයිටම් මිස්ප්ලේස් උනාම නේ බං උහුලන්න බැරි !! ඕ යේස්

      Delete
    4. @ හිරු,
      මගේ පරණ CD පැක් රාජයා අම්මා කාමරේ අස්කරපු දවසේ ඉදන් ආගිය අතක් නෑ.
      සුවර් අම්මා ඒක කොහේ හරි ඔබලා, හොයා ගන්නම බෑ.
      හිතා ගන්න පුළුවන්නේ..

      හැබැයි සමහර වෙලාවට මම දාපු අහු මුළු වලිනුත් සමහර දේවල් හම්බවෙනවා.
      එතකොට ඉතින් සනීපෙට අහගන්නවා.

      Delete
    5. @නිමෝ
      අම්මා CD ටික Play කරල බැලුවනං කාෙල්ලගේ කෙරුං ඉවරයි..

      @ හිරු & පත්තරේ,
      මේසෙ උඩ දාලතියන වීදුරුවෙ දූවිලි පිහිදාන්නැතුව අැගිල්ලෙන් පොඩි පොඩි සමීකරණ හෙම ලියං තමයි මං පාඩං කොරේ..

      Delete
    6. //දැන් කාමරේ කිසිම දෙයක් තිබ්බ තැන නෑ, කලින් නම් ඕන දෙයක් මම පටස් ගලා හොයා ගත්තා//
      බලන් ගියාම අපි ගොඩ දෙනෙක් එක අත්තෙ වහපු කුරුල්ලොනෙ බං. :D

      Delete
    7. ...//පිසාච ගුහාව වගේ තිබුන කාමරේ යන්තන් අවුරුද්දට කලින් අම්මා මාව ආදරෙන් මතක් කර කර අස් කරලා තිබුනා.//.... මගේ පිසාච ගුහාවටනම් කාටවත් කොස්සක්වත් කිට්ටු කරන්න එපා කියල වෝනින් මැසේජ් දීලා තියෙන නිසා එදත් එකයි අදත් එකයි.

      Delete
    8. ඔන්න මචං ඕක තමයි අවුල. අපිළීවෙලට තිබුනත් අපි දන්නවා අපිට ඕන දේ තියෙන තැන. අම්මල දන්න එකක්යැ ඒක. ඉතිං වෙනස් කරාම හොයනව බොරු.. හැක්.. ඒකට කමක් නෑ නංගිගේ කම්පීතරේ හදල දියං.. මාත් මේ අපේ මලයගේ ලැප් එක හදන්න කියල ගෙනැත් දැන් මාස දෙකක් තිස්සේ තියාගෙන ඉන්නවා..

      Delete
  20. දේශකයා බ්ලෝග් එකේ කන කාලේ දැක්ක නම් දේශිකා ගන්නේ කොස්ස අතට..

    ReplyDelete
    Replies
    1. කොස්ස අර ගෙන දුප් දුප් කියල දෙන්නේ එහෙනං.. හැක්..

      Delete
  21. දැන් ඔය පන්ති අරන් යන ලමය හදපු වැඩේ කල් දාන්නැතුව උඹම කරා කියල හොඳටම ශුවර්ද..?

    ReplyDelete
    Replies
    1. මගෙත් ඔලුවට ආපු පළවෙනිම ප්‍රශ්ණේ ඕකයි ඇනෝ.

      Delete
    2. අම්මප ඇනෝ බොටත් එන ප්‍රශ්න.. හැක්.. වැඩේ නං සුවර් ඒත් අවුරුදු පහක් පරක්කු උනා බං.. හැක්...

      Delete
  22. අන්තිමයි ලොක්කා. උඹලා පවුලට කරන්න තියෙන යුතුකම් ටිකවත් නොකරද මේ අනුන් කොරන්නේ නැති ඒවට පොර ටෝක් දෙන්නේ ඇත්තටම ලැජ්ජයි. මට නම් බීලා එනවට කවදාවත් ලෙඩක් වැටිලා නෑ. පොලීසියෙන් ලෙඩ දාන නිසා රෑ වෙන්න ඉස්සෙල්ලා එනවා නැත්නම් එන්නේ රෑ වෙලා. මොකෝ මම කරන්න ඕන වැඩ කොරලා තමයි මගේ වැඩ කර ගන්නේ.

    ReplyDelete
    Replies
    1. මට නං බොනවට ලෙඩක් නෑ,. බීල ගෙදර එන එකයි අවුල.. කාපු බීපු තැනකම රෑත් ලැගලා පහුවෙනිද ආවම ඇති කියලා හෙඩ් ඔෆිස් එකෙන් කියල තියෙන්නේ..

      Delete
    2. හෙඩ් ඔෆිස් = වයිෆ් ද????

      Delete
    3. මාතා උඹ මට බැන්නට බලහං මෙතැන ඉන්න සැට් එක දිහා. පන යනවා මේවා දැකල...

      Delete
  23. අතිශයින්ම පිරිමින්ට පමණයි....

    මෙන්න මං ඔය වගේ එක්ක ගැන කාලෙකට කලින් ලියපු පොඩි කෑල්ලක්... හි හි

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කරල උඹෙන් බැනුං අහනවට වඩා හොඳයි බං නම්බු පිට කට වහං ඉන්නවා :D

      Delete
    2. අපොයි පත්තෙර් කිව්ව වගේ ඕව කියවනවට වඩා හොදයි ගලක් ගැටගහගෙන මුදේ පනිනවා. ඔව්..

      Delete
  24. උඹ ඔය කොටල තියෙන්නෙ වෙන අයගෙ කතා මචෝ....
    මං ඒක ......දන්නව ....
    චරිතය රාජගිරියෙ මාදින්නාගොඩ.... ඔබේසේකර වලව්ව පෙනී පෙනී ගෙවල් තිබ්බෙ ....
    එයාගෙ පියා හෙන පඩිය......

    ReplyDelete
    Replies
    1. බොක්ක කියන්නේ ඒකට තමා බං... ඒ ඇතිනේ...

      Delete
  25. මිස්ටර් බොරු බිසී.

    ReplyDelete
  26. u look very similar to tamil Prasanna? u got his photo or are u guys twins??? i am confused....

    ReplyDelete
    Replies
    1. huh. did you try clicking on that photo. Its a link to the Tamil Prasa's blog. I m not like a pig like prasa.. Anyway thanks for your concern Hak

      Delete
  27. බ්ලොග් කියවන්න ලියන්න කමෙන්ට් කරන්න විතරක් බිසී නැහැ නේ. හැක් හැක්
    දැන් අර ඉඩමට යන්න හෙලිකොප්ටරයක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒත් මේ සමහර උන් කියනව නේ බං මම බ්ලොග් කියවන්නැතිය කියලා...

      Delete
  28. මට වැඩ කියන එක නවත්තලා තියෙන්නේ. දුව ගෙදර ආපුවාම එයා කියනවා "තාත්තේ...ඔයා අර බාබි කෙනෙක් අරන් සෙල්ලම් කර කර ඉන්න. අපි මේ වැඩ කරගන්නම් " කියලා. අන්න බලපන් දරුවෝ.

    ReplyDelete
    Replies
    1. හුකෑස් .. පට්ට කතාව ඒක බොල.. අරූ අයියා අමුවෙං දෙකක් ඇනගෙන බාබි ඩෝල් ල එක්ක ඉරිදට සෙල්ලං කරනවා මට මැවිල පේනවා, හිහ් හිහ්

      Delete
    2. ඔව් බං....අපේ සමහර එව්වෝ හිනාවෙනවා ඔය කතාව කියලා.

      Delete
    3. ඕවා ගණන් ගන්න එපා අරූ අයියා.

      Delete
    4. මොන පිස්සුද බං....ඔහොම ලොතරැයි ඇදෙනකොට කවුද එපා කියන්නේ.

      Delete
    5. මචං ඇත්තටම බොට ලොතරැයියක්.. අපිට කොහේද ඒ වගේ චෑන්ස්...

      Delete
  29. දෙශිකාගේ ඉවසිමටත් සීමාවක් ඇති. දේශිකා ඔයා වෙනුවට පඹයෙක් ගෙන්න කලින් අවදිවෙන්න...:D :D

    ReplyDelete
    Replies
    1. මෙහෙම දේකුත් තියෙනවා රිසා, ඔය කොච්චර කියෙව්වත් ඔය කට්ටියට (ව්යිෆ්ලට) අපි නැතුව බෑ, බොරුද මම කියන්නේ? අහන්න අපේ අත්දැකීම් තියෙන උදවියගෙන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔව් ඔව් ඔයාල (හස්බන්ඩ්ලා) හිතන් ඉන්නෙ එහෙම තමා, නිමො.!

      Delete
    4. හා... හා.... කේන්ති ගන්න බෑ.... ඒවා ඔට්ටු නෑ.

      Delete
    5. ඔව් ඔව් රිස්. මුන් ඔක්කෝටම නැගිටින්න වෙලාව හොදයි වගේ..

      Delete
  30. හැබැයි දේශෝ උඹ බ්ලොගුයි,බුකීයයි අතහැරියයි කියලා "අර" වැඩ එකෙක් වත් කෙරෙන් නෑ මචෝ.මං මේ අත්දෑකීමේන්මයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. ඒක නං සුවර්..

      Delete
  31. මම නම් ඔය කියන වැඩ ඔක්කෝම කරන්න කැමතියි.. වෙන කාටවත් කියවලා කරවගන්නත් එපා කියනවා. මම ම කරලා දෙන්නම් කියනවා. සමහර ඒවට ඕන කරන බඩුත් ගේනවා. හැබැ‍යි මට අවංකවම අමතක වෙනවා... නැත්නම් කරන්න ගියාම තව මොකක් හරි කෑල්ලක් මදි.. ඉතින් කල් දාන්න වෙනවා... කම්මැලියි වගේ පෙනුණට මේවා මාර සාධාරණ හේතු නැද්ද මං අහන්නේ....

    ReplyDelete
    Replies
    1. හරිම සාදාරණයි බං.. බැක් ඉන් ෆෝම් නව්?

      Delete
  32. ඔය කතාව අපි කාටත් පොදුයි බං.
    හොඳ වෙලාවට ගෙදර ෆෑනුත් නෑ.. ඉඩමුත් නෑ... තියෙන සොච්චම් ඉඩමෙත් තණකොළ කපන්ට හාමිනේ රිමයින්ඩර්ස් තුන හතරක් දුන්නට පස්සේ තමා වැඩේට බහින්නෙ!

    ReplyDelete
    Replies
    1. රිමයින්ඩර් දෙන විදිය වෙනස් කරන්න වෙයි වගේ.. හැක්..

      Delete
  33. //ඊටින් මීටින්...

    කතාව දෝලාවෙන්, ගමන පයින්...

    දේශිකා මීට වඩා හොඳයි පඹයෙක් ගත්තානම්...//

    මේවා කියලා තියෙන්නේ ඉතින් අපි එහෙම නෙමේ ඔන්න...කවුරු කීවත් ඇත්ත කතා...:D :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. විස්වාස කරන්න බැරි එකෙක් නේ ඔය කියන්නේ.. හැක්..

      Delete
  34. “ඈ දේශෝ. බොට බ්ලොග් කොටන එකයි කියවන එකයි ඇරුනම වෙන වැඩක් කරන්නැද්ද යකෝ“

    ඔව් යකෝ අනිත් ඒවා කරන්න කොහේද වෙලාවක් මේ මගුල් ටික කියවල ඉවර වෙන කොට. හැක්.

    වරෙන් අයියේ කටේ මසුරන් ගෝනියක් හලන්න මේ කතාවට

    ReplyDelete
    Replies
    1. අනේ බං ඒ ගෝනිය බැංකුවට දාහං..

      Delete
  35. නෙදකින් උබවගේ ගස්ගෙම්බෙක්, මොකට දේශිකා උබ එක්ක ආවද මන්ද :D

    ReplyDelete
    Replies
    1. ඒකි රැවටුනා බං.. ඒකයි

      Delete
  36. යුතුකම් පැහැර හැරල දේශිකා යන්න ගියදාට දේශකයගෙ බිසි වෙන්න පටන් ගන්නෙ අන්න එදාට.. ඉවසල ඉවසල පිපිරුවම තේරෙයි ඇහ්... :-p

    ReplyDelete
    Replies
    1. හැක්.. මං හිතන්නේ දේශිකා යන එකක් නෑ.. පොඩි උන් දෙන්නට තාත්තා කියල පඹයෙක් හරි ඕන නේ...

      Delete
  37. මං හිතන්ෙන් හැෙමා්ටම ඔෙහාම තමයි ද ෙකාහෙද ??????????????????????

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මටත් ලැජ්ජයි දැං.

      Delete
  38. අපිත් ඉතින් දැනටමත් ඔහොම තමා.. මෙතන වාඩි වුනාට පස්සේ මොන වැඩද අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අන්න මදාරා වෙව්ලනවා..

      Delete
  39. දවස් හයක් කඹුරලා ගෙදර ඉන්න දවස තමයි වැඩ වැඩිම දවස. නිවාඩු දවසේ උදේ පාන්දරට වදින්න රිමයින්ඩර්නම් දාගන්නවා ඕසෙට. හැබැයි ඉතිං පාන්දර පින්න අඩුවෙනකම් කම්පීතරේ දාගන්නවා, ඊට පස්සේ අව්ව අඩු වෙනකම්..... දැන්නම් අම්ම මුකුත්ම කියන්නෙත් නෑ.

    මගේ ඇඳේ මට පැත්තට හැරිලා නිදාගන්නවත් ඉඩ අඩු උනාම තමයි අස් කරන්න මතක් වෙන්නෙ. කාමරේනම් යන්තම් උඩින් පැන පැන යන්න පුළුවන්නේ. මටනම් මගෙ ගෑණි ඉස්සරහ වාදී උණාම කන්න බොන්න තියා චූ කරන්නත් නැගිටින්න කම්මැලියි ඕයි. හැක් හැක් හැක්.. මගෙ අනිත් ගෑණි කවුද දන්නවද? පිට උඩ නැගල පොල්ල අල්ල ගත්තම රට වටේම එක්කන් යනවා ඕයි ඒකි.

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්.. උඹත් හරිම යකෙක් නෙව..

      Delete
  40. දේශක තුමා උඹේ කතාව අප සැමගේම කතාවයි. හැමෝටම තියෙන්නේ එකම ප්‍රශන. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ. මේවා හංගං ඉන්නවා කතා කරන්නෑ..

      Delete
  41. අම්මප දෙශෝ මමත් ඔය බෝට්ටුවෙම තමා..ඔය බෝට්ටුවට වැටුන එකෙක් ලේසියෙන් ඕක දාල යන්නේ නැහැ..හි හි

    ReplyDelete
    Replies
    1. දැන්නං බං බෝට්ටුවක් නෙමෙයි ලොකු නැවක් ඕන මේ යක්කු ටිකේ තරමට..

      Delete
  42. හප්පා මේක කියවද්දිත් නිකන් කම්මැලි ගතියක් වගේ මොකක්ද එකක් ඉබේම ඇඟට දැනුනා...

    //බලං ගියාම මං පුදුම කම්මැලියෙක් නේ අප්පා.. මෙහෙම ජීවත් වෙලා වැඩක් තියේද? දේශිකා මීට වඩා හොදයි පඹයෙක් ගත්තනං. අඩු ගානේ ඒකා ගෙදරට වෙලා එක තැනවත් ඉදිවී. බොන එකකුත් නෑ.//

    ඔය තේරිලා තියෙන්නේ...අපි අමුතුවෙන් කියන්න ඕන නා නේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනිත් අයත් තේරුං ගත්ත නං හොදයි වගේ සයිරි...

      Delete
  43. යකෝ මේක අපේ බෙටර් හාෆ් එකට පෙන්නන්න ඕනෙ.. එතකොට මට තව ලකුණු වැටෙයි..

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ තවත් උපාසකයෙක්..හැක්

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. I'm busy doing nothing
    am, I correct Deshaka

    ReplyDelete
  46. යකෝ දේශිකා දනී නම් උඹ මේ බ්ලොග් අස්සෙයි,බුකියේ දාන සෙල්ලම් බොට රජෝ අයේ ගෙදරින් නම් නැහැ කෑම එක සුවර්.

    ඇත්තට අයියේ උඹ ඔටි කරන්නෙත් බ්ලොග් වෙනුවෙන්ද...?

    ReplyDelete
    Replies
    1. අනිත් හාදයොන්ගෙන් අහල බලහං.. හැක්..

      Delete
  47. //දේශිකා මීට වඩා හොදයි පඹයෙක් ගත්තනං. අඩු ගානේ ඒකා ගෙදරට වෙලා එක තැනවත් ඉදිවී. බොන එකකුත් නෑ.//
    ඔය සමහර ගෙදර වෑඩ- අස් පස් කරන එක, වාහන හෝදන එක වගේ දේවල් දෙකක් දාගත්තහම කරන්න ලේසියි



    ReplyDelete
    Replies
    1. ඒවත් මහ කම්මැලි වැඩ ප්‍රා... නිකම්ම ඉන්න එක කොයි තරං ලේසිද

      Delete
  48. වැඩ ටික නොකර බ්ලොග් ලියවිල්ලයි කියවිල්ලයි අල්ලන්න හදන්නේ... !

    ReplyDelete
  49. කවුරු කවුරුත් ඔහොම තමයි ;)

    ReplyDelete
    Replies
    1. බලං ගියාම වැඩිම පිරිසක් ඉන්නේ මේ ගොඩේ නේ ෂැගියෝ..

      Delete
  50. මේක ලියපු එකාටයි ... මෙතනට දුවගෙන ඇවිත් ඒකට හුරේ දාන උන්ටයි දෙන්න හිතෙනවා උඩ යන්න!!! %$^^%&

    ReplyDelete
    Replies
    1. අනිවා නුවර කුමාරි. දෙන්නයි තියෙන්නේ පස්ස පැලෙන්න..

      Delete
  51. පොදු පිරිමියා බන් ඔය

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි පිරිමි කියල පෙන්නන්න හොඳ සාධකයක් !!! ඕ යේස් දමියා බොස්

      Delete
    2. ඒක ඇත්ත දමියෝ...

      Delete
  52. දේශකයො...බැදපු හුරුල්ලො බයිට් එකත් එක්ක ගල් බෝතලයක් තියෙනවා කිව්වොත් නම් කොල්ලා බිසි කියන්නෙ නෑ...වැඩ පැත්තක දාලා බල්ටි පාර දිගේ ගහගෙන දුවගෙන එන්නෙ...මම නම් දන්නෙ නෑ මේ රට්ටු කියන කථා මේවා...

    ඔච්චර දේශිකා කියන එකේ...අපි වවලා රට නගහංකො ලොකු මාමෙ...නෑදෑ සනුහරේ ඉස්සරහා දේශිකා කොලුවගෙ බොක්සර් කොටෙත් ගලවලාද මන්දා..දුක් සීන් එකක් නොවැ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ බං ඔය රට්ටු කියන කතා සතේකට ගනං ගන්න එපා.. මටත් ඇහිල තියෙනවා ඔය වගේ පඩත්තර කතා.. හැක්...

      Delete
  53. ආයෙ කියන්න දෙයක් නෑ අපි කවුරුත් බ්ලොග් වලටත් බුකියටත් පුරුදු වුනාම ගෙදර වැඩ හැම එකක්ම කල් දා නවා. අනික විවේක දවස්වල ඕවට කොටු වුනාම කෝ වෙන විවවේකයක් ඒ නිසා කල්දැමිම සිරිතක්

    පහුගිය මාසයක් විතර බ්ලොග් කමෙන්ට් ලියන්න බැරිවුණා. වම් අතේ හටගත් අබාධයක් නිසා දැන් අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් දැක්කේ නං නෑ. ඉතිං දැන් හොදයි ද අත..

      Delete
  54. මේ..... ඔබතුමන්ලා වගේ අය තව කොච්චර ඉන්නවද.... මං අහන්නේ....? බොහෝ පිරිමි ඔහොම තමයි......කරන වැඩකුත් නැ..... හිමින් ගමනකුත් නැ....ඔක්කොම වැඩ කරන්නේ ගැනුම තමයි.....

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්තම කතාව නිහිංසා නගේ... හැබැයි පිරිමි හිතන් ඉන්නේ ඔක්කෝම වැඩ ට්ක ඒ අය කරනව කියල නං තමා..

      Delete
  55. අප්පේ පුදුම සතුටක් දැනෙන්නේ. මං හිතන හිටියේ 1 and only me කියලා.

    ReplyDelete
    Replies
    1. හපොයි තව් එකෙක් ඔළුව දාලා.. හැක්...

      Delete
  56. https://www.youtube.com/watch?v=tdLXd0oizBA

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බැලුවා. වීඩියො ්එක කොලිටි නෑනේ මචෝ..

      Delete
  57. දෑන් මේක PM ගෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. උගේ තමා... උඩ දකින්න ඇති නේ ප්‍රා.. හැක්

      Delete