Thursday, April 24, 2014

මට තාම අවුරුදු, පැස්ටිවල්.. etc

ටික දවසකින් ලිව්වේ නැති නිසා අත නිකං ගල් වෙලා වගේ අනේ.. මිනිහා ලියන්න බෑම කියනවා. බුල ගහනවා.. කට්ටි පනිනවා. මොකක් හරි මලදානයක් කියනවා. පට්ට කම්මැලියෙක් වෙලා අප්පා.. කව්ද ඉතිං මගේ දුකට සැපට දෙකටම කොටපු අත් දෙක තමා.

එහෙමෙයි කියල නිකං ඉන්නයැ.. අපිරියෙල් 10 ද කොහේද තමා අන්තිමට මොකක් හරි ලිව්වේ. ඊට පස්සේ අවුරුදු නිවාඩු. 21 වැඩට ආවා. ඒ කාලය තුල මට නං ඉතිං නොනගතේම තමා. මොකෝ ඉතිං ඔය වෙනිලට වගේ ගැජට් බැජට් අපිට තියෙන එකක්යැ හිතුනු වෙලාවට ලොග් වෙන්න. හැක්.

බෝම සාර්ථක අවුරුදු නිවාඩුවක් ගත කරල ආවට පස්සේ, තාම බේරිල්ලක් නෑ.. අර නරි නලියා ඇතුලු උදවිය සංවිධානය කරපු විකාර පැස්ටිවල් එකේ පොටෝ බලන එකයි, ඒකදෙි උන්දැලි කරපු කියපු නවනිංගිරා වැඩ ගැන කියවන (??) එකයි නෙව මේ දවස් වල තියෙන්නේ. මාත් බලං හිටියා මුන්ට මේක ඇති වෙයි කියල. තාම හිතලවත් නෑ වගේ. කමක් නෑ කමක් නෑ සති දෙකක් වත් ඕක මතක තිබ්බොත් ඇති.

අවුරුද්දට කියල මුලින්ම බොන්න සැට් උනේ 13 රෑ. ඒ පටන් ගත්තා නේද, නොදෝමකින් බොන එක නැවැත්තුවේ 17 වෙනිදා. 18 ඉදල 21 වෙනකං දවස් තුන, මොනවත් නොබී ආතල් එකේ පොඩි උන් එක්ක ගෙදරටම වෙලා, ජාලගත නෑ කම් මුකුත් නැතිව ආතල් එකේම ඉන්නවා කියල හිතනං හිටියට එහෙම කරන්න පුළුවනෑ. ඔන්න 19 දවල් වෙන කොට එනවා ගෝතයෙක්.. ඌරු නාම්බෙක් අප්පා. එළු මස් කෑල්ලකුත් අරන් ඒකට හරියන්න බෝතල් දෙකකුත් කඳ ගහගෙන. ඉතිං බෑ කියන්නයැ.. අවුරුදු නිසා බේකරිත් නෑ ඉතිං කොහේද රෝස් පාං. එළු මස් ටික ප්‍රෙෂර් කුකර් එකේ තම්බල, ඊට පස්සේ හොදට ඉස්ටුවට හදාගත්තා. දෙන්නා එක්ක වාඩි උනා. එකක් ඉවර කරා. ඊට පස්සේ තවත් එකෙක් කෝල් කරල ගෙන්නගෙන ඉතිරි එකටත් වැඩේ දීලම තමා පස්ස බැලුවේ.

එළුමස් බයිට් එකට අරන් ගැහුවමත් ගතියක් තියේ ඈ. කියන්න අමතක උනා නේ නලියෝ.. මං නැවැත්තුවා.. උඹලට හොද උනාට මට ඒක නරකයි වගේ..මං ඉතිං නැවැත්තුවා ගල් පාවිච්චිය. ආයි මාව හම්බ වෙන්න බොලා එනවා නං මතක ඇතිව බ්‍රැන්ඩි හරි විෂ්කි හරි විතරක් ගෙනෙල්ලා හරිය..

ඔව් ඉතිං ඒක අහවර කරා නේ.. උන් ගියා යන්න හවස 05 විතර වෙද්දි. මාත් හොද නින්දක් දැම්මා. වැඩේ කියන්නේ මම 20 කන්නේලියේ යන්න දාගෙන තිබුනා නේ පොඩි උන් එක්ක. ඕකට අපේ මලයගේ පවුල් වල අය එහෙම සම්බන්ධ කරගෙන යන්න තමා මං කල්පනා කරල තීන්දු තීරණ අරන් තිබුනේ.

එක මලයෙක් මේ දවස් වල ලංකාවේ නැති නිසා මිනිහගේ පවුලයි ළමයි දෙන්නයි එන්න බෑ කිව්වා. මටත් මොකෝ බත් ටිකට යන වියදම හරි අඩු යි නේ කියල ඉවසුවා. අනිත් මලයා නං කරගහගෙන එනවා කියල පොරොන්දු වෙලා තිබුනේ. ඒ මදිවට අපේ ළගම ඥාති වෙච්චි හැමදාම සැට් වෙන අයියකාරයෙකුත් එන්න පොරොන්දු උනා.

හැන්දෑවේ හතට විතර නිදි මරගාතේ මොකෙක් හරි කකුලක් හොලවන හින්දා මං නැගිට්ටා. අනේ අම්මෝ.. මෙන්න අර අයියකාරයා මගේ දිහාට ප්‍රෑන්ක්ලින් එකක් දික් කරන් ඉන්නවා. මේ යක්කු ටික 20 යන ගමනට උදේ පාන්දරම එන එක කරදර නිසා, මට අනුකම්පා කරල රෑම ඇවිල්ලා අපේ ගෙදර නවතින්න. ඉතිං තවත් දං වලදන්න ඉඩ තියේයැ. මලයා දුවල පැනල මස් ටිකක් පුච්චල අරගත්තම, මං දැක්කේ නෑ වගේ හිටියා. ඒ වෙන කොටත් හරියට කකුල් දෙක බිම තියල ඇවිදගන්න බැරි පොඩි දරුවෙක් මං. ඊට පස්සේ උන් දෙන්නා එළියට පුටු අරන් ගිිහින් ස්ටූල් එකක් තියල ඒක උඩ කලමනා තියල සකස් කරන හැටි මට හොදටම ඇහුනා. චියර්ස් කියලා උන් දෙන්නා ස්ලාං ගෑවට පස්සේ මට තේරුනා තවත් ඉවසන්න බෑ කියලා. ඒ පාර වැනි වැනි ගිහිල්ල වාඩි උනා. ඊට පස්සේ මොකක්ද ඉතිං තව එකකුත් ගෙනැල්ල තමා පස්ස බැලුවේ. රෑ දොළහ විතර ඇති නිදාගන්න කොට. 

උදේ වෙරි මරගාතෙම ගියා යන්න කන්නෙලි. ගියපාර බීල කරපු වැඩ ටික මතක නිසා මේ පාර නං කන්නෙලියේදි බොන්නෑ කියල මං පොරොන්දු වෙලා ගියේ මටම. ඒ පොරොන්දුව නං දෙයියනේ කියල ඉෂ්ට කරගත්තා. කොහේ බොන්නද අනේ ඔච්චර.. හැක්..

100 comments:

  1. අපි නම් තාම බොනවා ...මෙවා කම්මැලි කමට කොටපු එවා කියලා හොදට පෙනවා ...

    ReplyDelete
    Replies
    1. සහෝ එකනම් ඇත්ත වගේ කියලා මටත් හිතෙනවා.

      Delete
    2. මොකක්ද මනෝජ් ඇත්ත ;))) දේශකට සූර් කියන එකද ?නැත්නම් මං තවම බොනවා කියන එකද ??? හක් හක්

      Delete
    3. ඒ කිව්වේ කම්මැලි කමට කෙටුවා කියන එක නේ බං

      Delete
  2. හරිම වටින් පෝස්ට් එකක් මචං..මම මේ පෝස්ට් එකෙන් ගොඩාක් දේවල් ඉගනගත්තා..එලු මස් ඉස්ටු දාන හැටි.නිවාඩුවක් සාර්ථකව සැලසුම් කරන හැටි වගේ දේවල්.. ගල් නැතුව වෙන මොනව හරි අරං එන්නං..පොල් හොඳා නේ !!

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ තියෙන ගල් ගහන්වට වඩා හොදයි සුදුවා ටිකක් ගහන එක ..ඒ තරම් ජරාව ..දේශකට බෑ කියන්නෙ අයේ අහන්න දෙයක් නෑනේ ..හැක් හැක් ;))

      Delete
    2. ඒකනං ඇත්ත සහෝදර .ටිකක් හරි විස්වාසෙ තියන්න පුලුවන් කාගිල්ස් එකෙන් ගන්නවනං..දේශකයට බොන්නත් බෑ කියන්නෙ ඉතිං ඒව අහන්න දෙයක් නං නෑ තමා :D

      Delete
    3. උඹල මේකෙන් මොකක් හරි දෙයක් ඉගෙනගත්ත නං ඒක අවාසනාව තොපේ.. හැක්..

      Delete
    4. උඹ හරි පත්තර මල්ලි. මේක අධ්‍යාපනාත්මක වටිනාකමට අමතරව, අධ්‍යාත්මික වටිනාකමකුත් වෑහෙනවා. තව සම්භාව්‍ය ගතියකුත් උඹට පේන්නැද්ද?

      දේශකයටත් බොන්න බැරිනං ඉතිං ඒ අරක්කු වලින් වැඩක්ම නෑ.

      Delete
  3. නරියම කාපිය. අපේ එකට නාවට....

    ReplyDelete
    Replies
    1. ඒවට ආවමත් බොන්න වෙනවා නේ ඒකයි අවුල..

      Delete
  4. ඔච්චර කෝක් බොන්න හොඳ නෑ බං ගිය සැරෙත් නැතිවෙන්නම කෝක් ගැහුව නේද.අනේ මන්ද උඹත් කරගන්න වැඩ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැං මං බිව්වත් බොලා කියන්නේ කෝක් බොනවයි කියල නෙව. අනේ අනිච්චේ..

      Delete
  5. මෙහෙමත් බීමක්. චියර්ස්

    ReplyDelete
  6. හෙලෝ . ගුඩ් මෝනිං.. මචං දේශකයා සුභ අලුත් අවුරුද්දක් වේවා

    ආ .. එසේම වේව උඹටත් මචං කව්ද

    ආ අපි ඔයාගෙ බ්ලොග් එක බලන අය..ඔයා අපිව අඳුරන් නෑ ..ඔයාගෙ බ්ලොග් එකෙන් අපි ගොඩක් දේවල් ඉගනගන්නවා..දැනුම සාගරයක්..

    අනේ මචං මං එහෙම දේවල් ලියන් නෑනෙ.මල විකාරනෙ මං ලියන්නේ

    උඹටම ඒක තේරෙනවනං මොන %$#ටද යකෝ ඕක ලියන්නේ..නිකං හිටපංකෝ පව් නොදී බලන අපිට..

    හෙලෝ හෙලෝ .. කව්ද මේ .හෙලෝ හෙලෝ

    බීප් බීප් බීප් ..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++
      පත්තරෙ දේශක ගේ හැක් හැක් කතා නැති වුණොත් මොනවා කියවන්න ද ඈ ..

      Delete
    2. ඒකනේ බං මං වස් දොස් ඇරියේ උදේ පාන්දරම :D

      Delete
    3. එල එල හොදලා ගනිමු ...පිච්ච් මල් කතා කියයි නේ එතකොටවත් ...

      “ඕන නෑ මං ඔයාව මරන්නං.. හැක්“//// මේ වගේ එවත් හොදයි ..අතේ මාට්ටු උනත්

      Delete
    4. අඩෝ පත්තරෙයෝ.. මුල ටික නං හරි අන්තිම ටික තමා ඇවිත් නැත්තේ..

      මේකා මට 15 උදේ පාන්දරම කෝලා කරා මං තැඹීලි ගෙඩියක් පානය කරද්දී..

      Delete
  7. බොනව කියල ඔහොමත් බොන්න පුලුවන්ද දේශා :O

    ReplyDelete
    Replies
    1. මං බිව්වේ නෑ අනේ.. මට පෙවුනා...

      Delete
  8. අනේ අම්මපල් මෙහෙමත් බීමක්!

    ReplyDelete
  9. දේශක මේ වගේ තැන් වලින් අරක්කු හොරකන් කරන්නෙ නෑනේ .....:)))අපේ පැත්තෙ පොරක් හිටියා ජන්ද කාලේට මනුස්සයා බෙදන්න දෙන අරක්කු හොරකං කරන එක තමා කරන්නෙ ,තව ඔය මගුල් ගෙවල් වගේ තැන් වලිනුත් ...යළුවෝ එකට සෙට් වුණ තැනකින් උස්සන්න ගිහින් හොදට සබ්බුව දිලා තිබුනා මිනිහට ...

    ReplyDelete
    Replies
    1. හපොයි හොරකං කරන්න තියා හොර ට බොන්නවත් බෑ බං..

      Delete
  10. ඊයා අපි නම් ඔහොම බොන්නෙ නෑ. ඔය ඉඳලා හිටලා අවාරෙට වගේ මිලි ලීටර් 50 ක් නිකන් බේතකට වගේ ගත්තොත් මිසක්ක. ඕන නම් ඔය මෙතන ඉන්න උන්ගෙන්ම අහපන් ආයේ නැත්නම් උඹ හිතයි මේ බොරුවක් මුසාවක් කියනවය කියලා. ඔහොම බොන්න එපා බං. අපි වගේ හැදියන්.

    ReplyDelete
    Replies
    1. හා මචං.. හැක්.. අපි බොලා වගේ බීලා පොර වෙලා වාහන එළවන්නෑ හරි...

      Delete
  11. අපි නම් ඔය වගේ අවුරුදු කෑවෙත් නෑ. බීවත් නෑ...

    ඒත් මටත් අර ලියන්ට බැරි ලෙඩේ නම් තදටම තියෙනවා...ටයිප් කරන්ට හදනකොට කකුල් වැඩ කරන්නෙත් නෑ ඔන්න...:D

    ReplyDelete
    Replies
    1. ඇ බොල පොඩ්ඩියේ උඹ කොටන්නේ කකුලෙන්ද???

      Delete
  12. පවු කාරයා. මස් කනවා, රහ මෙර බොනවා, බොරු ලියනවා . උඹට ලබන ආත්මෙත් වෙන්නේ බ්ලොග් කාරයෙක් වෙලා ඉපදෙන්ට තමයි . චියර්ස්!!

    ReplyDelete
    Replies
    1. අනේ මේ වගේ ප්‍රාර්ථනාවක් සතුරෙක්ටවත් ලැබෙන්න එපා.. ඉදගෙන..

      Delete
  13. හපොයි... ඔහොමත් බොන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. දේශකට විතරයි හැමතැනදිම කන පාත් වෙන්න බොන්න පුළුවන්

      Delete
    2. පෙවෙනවා අනේ මං බොන්නෑ...

      Delete
  14. බ්‍රැන්ඩි විස්කි ගේන්නෙ බල බල ඉන්න වෙන්න ඇති නේද?
    ඌරු මස් එක්ක කෝක් බොන්න එපා බොල. විස වෙන්න පුලුවං.

    එහෙනං කෝක් එක්ක සමරමු. චියර්ස්.......

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ ඌරු මස් එක්ක කෝක් බිව්වේ.. අපි එළුමස් ඉස්ටුවක් දැම්මේ.. හැක්...

      Delete
    2. මේ ක්‍රියාවට මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි ..

      Delete
    3. මම හිතුවෙ උඹ බිව්වට පස්සෙ අර ඌර මරාගෙන කන්න ඇති කියල. :D

      ඔවුව එක ප්‍රකාශ කරල වැඩක් නෑ සහෝ, ඕකගෙ හැටි ඔහොම තමයි.

      Delete
    4. ඔව් .....මං වෙලාවක් අල්ලලා අතින් පයින් විරෝධය ප්‍රකාශ කරන්නෙ ... ;)))
      හැක් හැක්

      Delete
    5. ආ ප්‍රසන්න අයියා .. මෙදා පාර බර වියදං ඈ !!!! :D

      Delete
    6. // කෝක් එක්ක සමරමු.//
      තාම කෝක් වගේ පෑණි රස දේවල් ශෑන්ඩි කරනවද? පොඩි කලෙ තිබුන ටේස්ට් නේ ඒවා
      ඩාක් රම් එකකට නම් කෝක් කමක් නෑ

      Delete
    7. ඒකනේ ප්‍රා ඒ ටේස්ට් අයින් කරගන්න අමරුයි.. චාක් රම් එකක් එවහන්කෝ නිකං ඉන්න එකේ..

      Delete
    8. අඩු ගණනෙ සෞඛ්යය ගෑනවත් හිතල සෝඩ පාවිච්චි කරන්න පුරුදුවෙන්න.
      ටික ටික නීට් හෝ ඔන් ද රොක්ස් වලට ගෑජුවේට් වෙන්න පුලුවන්

      Delete
    9. ඉතා වැදගත් බේබදු උපදේශයක්.. මට කීප දෙනෙක්ම පුරුදු කරන්න හැදුවා. කොහේද අර බල්ලගේ වලිගේ වගේ ඇදෙන්නෙම ඒ පැත්තට. කාලයක් මම වතුර වලින් සැන්ඩි කරා, බියර් වලින් සැන්ඩි කරා.. හැබැයි ස්ප්‍රයිට් නං බෑ. බිව්ව ගමන් හෝටල්.. තැන්කුයි ප්‍රා..

      Delete
    10. ගරු කල යුතු දේට ගරු කරන්න කියල නේද අපිට උගන්නල තියෙන්නෙ?
      හොද විස්කි, බ්‍රෑන්ඩි එකකට, ලෝකල් නම් මෙන්ඩිස් පරණ එකකට,වෙන එකක් තියා ඕල්ඩ් රිසර්ව් එකකට වුනත් කෝක් දානකොට බලන් ඉන්න මටත් ඈඩෙනවා

      Delete
    11. මම කිවුවෙ ප්‍රා මූ ඔය කියන එකක්වත් බොන්නෙ නෑ. බොන්නෙ කෝක් විතරයි. ඒකත් ඇල්වතුරෙන් සැන්ඩි කරල. :D

      අපිනං සෝඩ නැත්තං අමුවෙන්ම තමයි.

      Delete
    12. @ ප්‍රා

      එහෙම උගන්නල තිබ්බට බං බොන්න ගියාම ඔය උපදේස මතක නැති වෙනවා.. හැක්.. ඒ බං බ්‍රැන්ඩි උනත් මං නං කෝක් තමා. බකාඩි වලට නං දානවා ජුස් ටිකක්. අර වොඩ්කා වලට දානවා වගේ.. එතකොට උඹ මොනවද බං ඕවට දාන්නේ සෝඩාද??

      Delete
    13. @ ප්‍රසා

      ඇත්ත ඇත්ත මං බොන්නේ කෝක් විතරයි.. හැක්...

      Delete
    14. විස්කි සහ අරක්කු-සෝඩා, වතුර හෝ අයිස් විතරක් (හොද ඒවට )
      හොද බ්‍රෑන්ඩි-අමුවෙන්
      ස්පයිස්ඩ් රම්-අමුවෙන්, සුදු බකාඩි-ජූස් හෝ කෝක්,
      රතු/ඩාක් රම් - කෝක්
      ජින් - ටොනික්
      දෑන් මේක ඈතිනේද?බොන්නෙ වෙරිවෙන්නම නෙමේ සමහර ඩ්‍රින්ක්ස් බොන එකත් එන්ජෝයි කලහෑකි
      චියර්ස් !! Enjoy ur weekend !

      Delete
    15. චියර්ස් ප්‍රා.. අවුල තමා අපි බාර් ඉවර වෙන්නම බොන්න ට්‍රයි කරන එක...

      Delete
    16. ප්‍රා....හරියටම හරි....කොක්ටේල් රෙසිපි ටිකක් ඕනද....කණ පාත් වෙන වෙලාවට නම් අනුන්ගේ ග්ලාස්වලිනුත් ගහනවා!!

      Delete
    17. මාත් ඕවා ගැන පේපර් වර්ක්ස් නං දන්නවා. ඒත් බොලේ ප්‍රැක්ටිකලි... බොන්න ගියාම ඒවා කැලේ...

      Delete
  15. දැන් අවුරුද්දට බිවනම්,වෙසක් එකට සිල් ගනින්....:D

    ReplyDelete
    Replies
    1. ඔව් වෙසක් වලට සිල් ගන්නවා. පොසොන් වලට ගොඩකවෙලදී බොනවා.. හැක්..

      Delete
  16. පරණ අවුරුද්ද ඔහොම අවුරුද්දක් .. . පරණ අවුරුද්දේ විඳි නව නිංගිරාවන් නිසා සහ ඒ වෙරි මත දින කීපයක් තිබූ නිසා අලුත් අවුරුද්ද ඔහොම අවුරුද්දක් නොවීය.. දුක තමයිය..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් නොසා... හපොයි ඒ වගේ අවුරුදු පජාත් උනා මට අවුරුදු දෙකක්ම බං...

      Delete
  17. දේශකයාට ඉතිං හැමදාම අවුරුදුයි! නත්තලුයි ! නත්තලුයි තමයි.....වැඩ කරනවා කියලා එක්කො බුකීයේ නැත්තම් බ්ලොග් වල.....

    ReplyDelete
    Replies
    1. වැඩ.. අතැරල දාන්න මෙයා. ඒවා කවද කරන්න බැරිද? මං නැති උනොත් කව්රු හරි කරාවි නේ..

      Delete
  18. උඩ හරිය කියෝගෙන එද්දී හිතුවේ දේශිකා ලියපු පෝස්ට් එකක් කියලා. හි හි .. අනේ මගේ යාළුවො ඔක්කොම බේබද්දෝ බලාගෙන යද්දී ,, අර සිගරැට් කන නලින් විතරයි හොද කෙනෙක්ට ඉන්නේ. :)

    ReplyDelete
    Replies
    1. අඩම්භර නැතෙයි බෙබදු යාළුවෝ සෙට් එකක් ඉන්න එක ගැන .. ;)))

      Delete
    2. මොනාකියනවද මල්ලි මේ,, හි හි

      Delete
    3. අක්කට එහෙනම් සුභ අනාගතයක් ....!!!!

      Delete
    4. සැහ්
      අලුකුත්තේතරු කතා කියන්න එපා අපූර්වි
      අපි හොද නිවුනු උදවිය
      (දී කිරි සහ බලල්ලු)

      Delete
    5. එතකොට අපි බේබද්දෝ !! එක කොල්ලෙක් ඉන්නව අනේ කටේ තියන් නැති .

      Delete
    6. විදානේගේ වරුණාව හාවා ගල පල්ලේ :) අපි දැක්කා .....

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. සිකේද කියන්නේ අපුවෝ.. මාර යාළුවෝ.. අර ඉවානය කන මදය වගේ බීලා සද්ද නැතිව ඉන්නවා. සසිදුවා බීල පෝන් එක පොලෙවේ ගහනවා. අපි හොදයි බලං ගියාම..

      Delete
  19. කොහෙ බොන්නද අනේ ඔච්චර. හැක්.

    ඔය බීලා පෙන්නලා තියෙන්නෙ ලෙසටම. :p

    ඔච්චරම කෝක් බොන්න හොද නෑ බොල. :)

    ReplyDelete
    Replies
    1. මට මේ අවුරුදුදේ ඒක හිතුනා තමා බං...

      Delete
  20. චී, චී..............බොන්ට එපා ළමයා, බොන්ට එපා. පාන්වල පොඟවා වළඳන්ට.

    ReplyDelete
    Replies
    1. පාන් කාලා බොනවා එහෙනං... හැක්..

      Delete
  21. මේක මේ අතේ හිරි යන්නත් එක්ක කම්මැලි කමට ලිවුව එකක්ද මන්දා.. ඔය බීලාම වෙන්න ඇති පහු ගිය ටිකේ හීන වෙලා කියලා බුකියේ කෑ ගැහුවේ ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. හැක්.. සිරාවට කම්මැලි කම ආයි ඇවිත් බං...

      Delete
  22. අපිනං අවුරුදු කියලා කිසි දෙයක් වෙනස් කලේ නෑ, අඩුම ගානේ බොන එකවත්. 13 වෙනිදා රෑත් සුපුරුදු පරිදි අසිහියෙන් තමයි දොයියගත්තේ අනේ මන්දා දේශකයා උපාසකයෙක් වෙයිද මන්දා හැක්..

    ජය වේවා!!!
    ඔය නරක පුරුදු අත් අැරලා මාසෙකට පෝස්ට් 20ක් විතර දාලා සැනසිල්ලේ ඉන්න..
    බුදු සරණයි

    ReplyDelete
    Replies
    1. ජය වේවා විදානේ...ලබන අවුරුද්ද තරමක් වෙනස් කරන්න දැන්ම තීරණය කරා. එකම එක දවසයි බොන්නේ එදාට දවසම බොනවා ඔක්කෝම උන්ට එනවනං වරෙල්ලැ නැත්නං නෑවිත්ම ඉදහල්ල කියල තමා කියන්න හිතන් ඉන්නේ..

      Delete
  23. ලැක්චරයෝ.......උඹට කියන්න ඔයට දෙවෙනි නැහැ මට වෙච්ච දේවල්. සමහර දවස් දෙකක් හරියට එකක් වගේ. මේ ඊයේ පෙරේදා තමයි ආපහු මිනිහෙක් වුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මං කවදා මිනිහෙක් වෙයිද මේ යන විදියට.. හැක්..

      Delete
  24. උඹට ලිපියක් කොටන්න තමා ඇගිලි කොර...... බුකියෙ වරු ගනං කරක් ගහන්න අහැකියි ....

    ReplyDelete
    Replies
    1. බුකියේ ඉන්නේ මල් කඩන්න හා මල් නෙලන්න නේ බං.. හැක්...

      Delete
  25. බොන බෝතල් ගානින් වීරකම මනින සමාජයක්නෙ අපිට තියෙන්නෙ. දේශකයා සෑහෙන වීරයෙක්, එහෙම බලන් ගියාම...

    ReplyDelete
    Replies
    1. සෙන්නා...බෙල්ල කපා ගන්න හිතුනා මේ කමෙන්ට් එක දැක්කාම. එහෙම කරගත්තොත් වීදුරුව තියා ගන්නේ පුකේද බන් :D

      Delete
    2. ඔව් බං මටත් ඒක හිතිල තියෙනවා ඒත් මෝඩ කමට මං තාම වීරයෙක්...

      Delete
    3. අරූ, ඇයි බන්ස් බෙල්ල කපා ගත්තම වීදුරුව තියාගන්න ලේසියිනෙ, බෙල්ලෙ උඩ කොටස කොටේ වගේ ඉතුරු වෙනවනෙ. මෙහෙම අතින් උස්සලා අරන් බෙල්ල උඩින් තියා ගන්න තියෙන්නෙ.. ආයෙ මොකටද පුකක් ! :D

      Delete
    4. පුක නැතිව කතා කරහල්ල. පුක පාඩුවේ තියලා.. හැක්..

      Delete
  26. අලුත් අවුරුද්දේ ඔය හොඳට වැඩ අල්ලලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. රාහු කාලය බලල තමා අපි වැඩ අල්ලන්නේ.. හැක්... කොහොමෙයි ඉතිං අවුරුදු...

      Delete
  27. මංතුමා නං අඩුවෙන්ම බිව්වෙ මේ අවුරුද්දෙ. විස්කි බොන්න එපා බං ගල් ටිකක් බොන එක කොච්චර ගුනයිද. මම නං සෝඩ ටිකක් එක්කයි බොන්නෙ. කෝක් වානා

    ReplyDelete
  28. අම්මෝ අමද්‍යප දේශනයක් නේද මේක ????????????????????
    ඈක්කා..................

    ReplyDelete
  29. ඇත්තද දෙශකයා මත්පැන් බිවුවම මිනිස්සු ඇත්ත කියනවය කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අපි නං හැම වෙලේම බොරු කියන නිසා ඒ ගැන මම දන්නෑ අනේ...

      Delete
    2. අහ්....... එ කියන්නේ මේ දැන් කිවුවේත් බොරුවක්... හැක් .... හැක්....

      Delete
    3. අනේ මන්ද මට බොරුව ඇත්ත පැටලිලා දැං...

      Delete
  30. මන් උබත් එක්ක තරහයි බොල අවුරුදු උත්සවේට නාව එක ගැන ගැන :/

    ReplyDelete
    Replies
    1. ඉතිං මට අවුල්ද? හැක්...

      Delete