Wednesday, April 9, 2014

බ්ලොග් පිස්සෝ!!

පරණ එකට අළුත් එකක්
එකක් නැතොත් බියුටි එකක්
එක මදිනං තවත් එකක්
එපාම නං වෙනම එකක්

කට වට කර සුදු පාටට
තරියා වගේ කිරි ගාගෙන
වෙනි ගත්ත පින්තුරෙක
හරි අගේට හිනා වෙන්න

බිච් එකේ නාවන්නං
නො ද කිං ට කෙලවන්නං
ඇපල්, සෝනි වැලි පුරවං
පාටි දැම්ම මතකයි දැං

චොගම් එකේ ලොගෝ එකෙන්
හොර කොප්පක් ගහල ඉතිං
සිහින වලට ලොගෝ එකක්
අනිවා හදයි ලීෂ් ඉතිං

කෝපි පැලේ මාරු වේවි
බෝ පැල හෙම වල් වදීවි
වද පීදුනු කෙහෙල් එහෙම
වට්ටි පිටින් එහි තියේවි

මාරු කරං කන්න බොන්න
බනිස් අරං වාඩි වෙන්න
බැරිම උනොත් කවාගන්න
මාරයා හෙම ඒවි ඔන්න

ඌරු මොටේ වගේ දිගට
කර වටේට පටි වට කොට
කළුවට කළු පෙනෙල බලෙන්
එකෙක් ඒවි පොටෝ ගන්න

සෙල්ලං කර දිනාගන්න
බැරි සෙල්ලං නොදා ඉන්න
සින්දු කියල උම්ම දෙන්න
ඉඩ දෙන්නට බෑ කියන්න

එකෙක් ඒවි බොන්න බොන්න
බීලා බීලා චූ දාන්න
පොලිස් ජිප්ම හොයා යාවි
නිකං අරන් කයි පරිප්පු

බුද්ධදාස අරහං උන
තොප්පි දාපු විරු-පුවරු
ඒවි ඒවි හරි අගේට
එපා පුතේ රැවටෙන්නට

නිකං තියෙන දවස් අනේ
විස්ස තමයි දිනේ අනේ
සීයේ දෙකයි අපි ගන්නේ
බඩ පිරෙන්න කෑම දෙතේ

හැක් හැක්..

cyberfestival.blogspot.com

To confirm your participation, just fill this stupid form....

91 comments:

  1. පට්ට පට පට මෙකට එන එවුන් පුරවන ෆෝම් එකේ ලිංකුවට ලින්ක් කරන්න මචෝ

    ReplyDelete
  2. නලින්...දැන් නම් හැම බ්ලොග්එකටම ගිහින්් මාකටින් කරනවා.
    20 න් පස්සේ,ඡන්දෙන් පස්සේ ඇමතිලා හෙව්වත් නලින්ව හොයනවා බොරු

    ReplyDelete
    Replies
    1. නලියා කොාහේ හිටියත් එක විදියයි. අන්න ඒකයි මල්මියෝ වටින්නේ...

      Delete
  3. උඹලගේ වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා! ජය පතමි!!

    ReplyDelete
  4. උඹලගේ වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා! ජය පතමි!!

    ReplyDelete
  5. එනවා එනවා.. හැක් හැක්..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. අපොයි මලවදේ උඹත් එනවද??

      Delete
  6. ඔක්කොම හොදයි,හැක තමයි අවුල...:D

    ReplyDelete
    Replies
    1. හැක් නැත්නං ඔක්කොම ඉවරයි..

      Delete
  7. ලස්සන කවි සෙට් එකක් ලියලා අන්තිමේ අජූත හිනාවක් දාලා...

    හැක හැක... #ක #ක !

    ReplyDelete
    Replies
    1. අනේ බොල ඔටුවෝ.. හැක්..

      Delete
  8. කියන්න තියෙන ඔක්කොම කියලා අන්තිමට අර දහදුරා හිනාව දාන එක තමා සෙද්ද වැඩේ. හැක හැක. මට ඔය හිනාව දැක්කම හිතේ මැවෙන්නෙ දත් නැති මනුස්සයෙක් හැක හැක ගගා හිනා වෙන හැටි.

    හරි දැන් අපි එනවා. ඔබටුමා එනවද එදාට?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං බොලාටම අමතකයි “ඔබතුමා“ ඒ කව්ද ඩෝ.??

      Delete
  9. Wish you all the best...

    ජය වේවා...

    ReplyDelete
  10. සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... :D

    ReplyDelete
  11. තොපිට ඔය මගුල ගිය මාසෙ දාගත්තනං හෙන ගහනවද !!!
    කොටියම කාපිය ..

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ උඹ ලංකාවට එනකොට අවුරුද්ද වෙනස් කරන්න උඹ කව්ද?? හැක්..

      Delete
    2. ඉරිද පත්තරේ සෙනසුරාදට එන්නෙ එහෙනං..අහපං නලියගෙන් බොරුනං

      ඕක තමයි නැකතටම තියන්න ඕන උනේ තොපිට.

      අවලං හැත්ත !!!

      Delete
    3. මේකගේ කට වැඩියි හොදටෝම.. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ... මෙහෙමත් උන්.. ඕකුන් ලංකාවට වද්දගෙන පොවන උන්ටයි ගහන්න ඕන.. හැක්...

      Delete
    4. සිරා පත්තරේ, සෙනසුරාදා පත්ත‍රයක් මම හැමදාම බ්‍රහස්පතින්දට ගන්නෙ. හැක්.

      මම උඹේ පැත්තෙ. උඹ කතා කරපන් … මේවා මහ අධිරාජ්‍යවාදී කුමණ්තොන. හැක් ;)

      Delete
    5. ආන්න උංගෙ තමයි වැරැද්ද ..
      අර ඉවානයයි අටමයි නං හොඳට අතට අහුවෙනවා..නෙලුවහැකි පැණි බේරෙන්ඩ.
      එදාට උං දෙන්නට ගහපං !! අන්න වැඩේ .
      දැං තන්තෝසයි මට !!!

      Delete
    6. සිරා පත්තරේ.. මොකක්ද හැබෑට සිරා??

      එහෙනං යකෝ මං පහුගිය අවුරුද්දේ පත්තර දැං ගන්නේ... අපි ලංකාවේ.. හරිය.. ඔය රට රට වල ඉන්න කොන්ඩයෝ ඕව දන්න එකක්යැ..

      Delete
    7. මේව කුමන්ත්‍රන.. අපි වගේ ලස්සන කොල්ලො ඇවිල්ල ශිල්ප දක්වනවට නාකි මැන්ටල් ගහන ප්ලෑන්.. මං නොදන්නවද..

      බොට ඔල්මාදෙ කියල මං පලිද පරණ පත්තර ගන්න..බෝතල් පත්තර කාරයො නං ගන්නවා..
      දේශා ඇත්ත කියපං ..
      රස්සාව මොකද්ද උඹේ ???

      Delete
    8. ආන්න බලපං ප්‍රියා මල්ලි..මේක ජාතික ප්‍රශ්නයක්..දෙවෙනි පෙල ට තැන දෙන් නෑ !!
      පරම්පරා ගැටුමක් ..සෙල්ලං නෑ. ඕ යේස්

      Delete
    9. පත්තරේ 'තරුණයා' බොල. ඒක සෙනසුරාදා කියලා දිනේ තිබ්බට බ්‍රහස්පතින්දම පිට වෙනවා. :p

      සිරාවට කරමුද පත්තරේ හෙන උපවාසයක්…!!

      මම ලෙමන් පෆ් නම් කන්නෑ ඕන්. මම දැන්ම කිවුවා. :) :)

      Delete
    10. කැවුතු කනවා පත්ත්රයාගේ ,දැන්නම් මට හොඳටම මල පැනලා ඉන්නේ ,ඔහෙට එන ප්ලේන් එකක් කියපන් ,,අර මැලේසියාවේ ඒවා නැතුව.

      Delete
    11. //ඉරිද පත්තරේ සෙනසුරාදට එන්නෙ එහෙනං..අහපං නලියගෙන් බොරුනං

      නලින්ගෙන් නෙමෙයි අහන්ඩ ඕනේ.. ඕක අහන්ඩ ඕනේ කකාගෙන්... !!!

      මෙන්න ලින්ක් එක...

      ඉරිදා බඩු සෙනසුරාදාම

      http://kathandara.blogspot.com/2012/07/sunday-come-early.html

      Delete
    12. ඕ යේස් ..මං කියන්නේ බොරුද මධුවා ?? ඔය දීල තියෙන්නේ ලිඛිතවම ..
      නත්තල් කාඩ් සිංහල අවුරුද්දට බෙදන රටක,
      ජනාධිපතිවරනේ අවුරුදු 4 ට කලිං තියන රටක
      පෙළ පොත් දෙවෙනි වාරෙ බෙදන රටක.
      කජ්ජ ගහේ තියෙද්දි පුහුලම වැටෙන රටක
      ඡන්දෙට කලි ප්‍රථිපලේ දන්න රටක

      බොලා මේ අවුරුදු කටේ අවුරුදු උත්සව තියන්ඩ එපා.මිනිස්සු හිනාවෙයි..
      ඔය ඉවානයලා දෙන ලණු කන්ඩ එපා..!!
      මං රට රාජ්ජවල ඇවිදලා දැන උගත් මනුස්සයා.
      අහපල්ලා ..ඔය ඉංජෝ ලෝක හොරු !!

      Delete
    13. අරි මම පොඩ්ඩක් පරක්කුයි වගේ. ඇරු..ඇරු පත්තර මල්ලි. මමත් ඉන්නවා පස්සෙන්. මුං මේ ඔක්කොම මඟුල් සෙට් කරන්නේ අපිට එන්න බැරි දවස්වලමයි.

      Delete
    14. මෙන්න !!! තරුණ අසහනය ඉවුරු තලා බැස යනවා.
      නිශාන්ත මචං..මේව හිතලම කරන දේවල්.ඕ යේස්

      Delete
    15. උඹලගේ අසහනේ අපිට නැති කරන්න තිබුනා. කෝ තොපි එකෙක්වත් අහලක නැහැනේ.. අනික පත්තරයට නං ලොකු ඇරියස් එකක් තියෙනවා කවර් කරන්න බැරි තරං. වෙලාවක අහු වෙයන්කෝ. තොගේ තඹ කොන්ඩෙ කපල දානවා මං...

      Delete
  12. ප්‍රචාරයට දාපූ හොඳම පෝස්ට් එක මේක..

    ReplyDelete
  13. 19 අපේ ගමේ අවුරුදු උත්සවේ දේශ්. පහුවදා උදේම නැගිට්ටොත් එන්න බලන්නම්.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ගැලරි දෙක අපරාදේ...

      Delete
  14. ඬෙග ඬෙග පරි රඹුට කැකිරි
    අපිට කොහෙද ඔය මීකිරි.....

    ReplyDelete
    Replies
    1. අරූ.. උඹත් දවසක සැට් විය යුතුමයි..

      Delete
  15. හි හි... මාර ආරාධනාවක්!

    ReplyDelete
  16. ඔය ඉන්නෙ පුරෝගාමියො සේරම හරි අපූරුවට!

    ReplyDelete
  17. කොයි එකටත් හැක් ගාන
    එකෙකුත් එනවා කියන්නෙ..
    අරක්කු හෙම ගේන එවුන්
    ඉන්නව නම් හංගපල්ල :D:D

    ReplyDelete
    Replies
    1. මූ අරක්කු බිව්වෝතින්
      රෙදි නැතුවයි ඉන්නෙ මචං
      ඒ හින්දා තියෙන එකෙක්
      කෝක් එකක් මූට ගෙනෙං

      Delete
    2. @ චන්දන
      අරක්කු හංගල අපිව නැති කරන්න බෑ ඩෝ...

      Delete
    3. @ ප්‍රසා
      බොක්සර් එකක් වැඩි පුර ගෙනෙං.. හැක්

      Delete
  18. දේශකයා ලියපු කවියක් මේ කියෙවුවමද මන්දා අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. දේශක කවි කියල ටැග් එකක් තියෙනවා පුළුවන් නං බලහං..

      Delete
  19. මරු කයි ටික... :D

    ReplyDelete
  20. සිම්පල්...... රසයි.....එල දැනුම් දීමක්.....

    ReplyDelete
  21. හැකි උනොතින් එන්න ඉතිං
    නෑවිත් ඉන්නෑ මමනං

    ReplyDelete
    Replies
    1. ප්‍රසා එනවනං කෝමත් හොදා...

      Delete
  22. මේ කවිය ලියපු එකා එදාට අල්ල ගන්න ඇත්තම් ..ආයේ වෙන මොකවත් ඕනේ නෑ

    ReplyDelete
  23. කට්ටිය එකතු වෙලා මුගේ ෆොටෝ ටිකක් ගනිල්ලා...

    ReplyDelete
  24. අපූරු ආරාධනාව... හි.. හි..

    ReplyDelete
  25. හී..පට්ට පට පට ඩීන්ට ලියුමක් දාන්න ඕන මේ කවි ටිකත් අමුණලා එතකොටවත් වැකේෂනන් එක දික් කරයිද බලන්න

    ReplyDelete
    Replies
    1. ඩීන් කිව්වේ මුස්ලිම් කෙනෙක්ද?? 

      Delete
    2. හෑ...? මම කිවුවෙ කැම්පස් එකේ ඩීන්

      Delete
    3. ඩීන්ට කියන්ට මං කිව්වා කියලා.. වැකේෂන් එක දික් කරලම දෙයි.. සුවර්..

      Delete
  26. බොලාත් වරකො මාව දෙසැරයක්ම මෙන්ශන් කරලා තියෙන එකේ..අල්ල ගන්නම් !

    ReplyDelete
    Replies
    1. අනේ මේ උඹ වගේ ලැජ්ජකාරයෙක් එක්ක මොනව බලාගන්නද??

      Delete
  27. සින්දු කියල උම්ම දෙන්න???

    කාටද බොල් මේ කියන්නේ???????????

    අපුරු කවි සැට් එක මචං.

    ReplyDelete
    Replies
    1. උම්ම දෙන එකෙක් ඉන්නවා... හොයල බලන්න ඕන...

      Delete
  28. සියල්ල සාර්ථක වේවා...හැක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයිරි.. මගේත් ප්‍රාර්ථනාව ඒක තමා..

      Delete
  29. තැන්කුයි සන්ජීව.. එනවා නේ...

    ReplyDelete
  30. එදාට ඒ පිට්ටනියට
    මාත් එනව උඹ බලන්න..
    ඕං ඉතින් දැම්ම කිවුව
    මගේ නමත් දැන් ගණින්න
    -කුරුළු-

    ReplyDelete
    Replies
    1. ඕන එකක් ප්‍රීති වෙසක්
      පෝම් එකත් පුරවාපන්
      හන්දි ගානේ වාත නොවී
      ග්‍රවුන් එකට කලින් වරෙන්..

      Delete
  31. සියල්ල ඉහලින්ම සාර්ථක වේවා..

    ReplyDelete
  32. කවිය කියෝල ගියා

    ReplyDelete
  33. කට්ටියම 20 වෙනිදට එන්න ලෑස්තිවෙනවා වගේ නේද...සුභ පතනවා සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියල!!!!

    ReplyDelete
  34. හැක්,,,,, හැක්,,,, හැක් ,,සියල්ල සාර්ථක වේවා........!

    ReplyDelete