Saturday, April 5, 2014

හොර අරක්කු මාට්ටු වීම!!

මතකයි නේ අර අරක්කු උස්සන සීන් එක.. මතක නැත්නං ඕං බලාගන්න. හොර අරක්කු.

ඒකේ හැටියට එක දවසක් ඔය වගේ අනුන්ගේ පානෙන් එළිය බලාගෙන වෙඩිමකට රිංගලා යසට බෝතලේ උස්සන් එන කොටම ගෙදර පොරට අපි මාට්ටු උනා. මිනිහා ඉතිං දන්නවනේ කාටද ආරාධනා කරේ නැත්තේ කියලා. අනික අපි කජුකිරි කොල්ලෝ එතකොට. හරියට දැළි රැවුලවත් ඇවිත් නැති. ඉතිං බෙල්ලෙන් අල්ලන් ගියා අපි දෙන්නව පස්ස පැත්තට.. අපිටත් චූ නොගියා විතරයි.

මිනිහා අපි දෙන්නව බිත්තියට හේත්තු කරල ඇහුවේ තොපි මේ කීවෙනි බෝතලේද උස්සන්න හැදුවේ කියලයි. අනේ ඉතිං නමෝ විත්තියෙන් පටන් ගත්ත ජොබ තමා මේ කෙලවිලා ගියේ කියල කිව්වම මිනිහා විස්වාස කරේ නෑ. ඒත් බැරිම තැන අපි අඩ අඩ විස්තරේ කිව්වා. ඒ පාර ඉතිං නාහෙන් අඩන කොල්ලෝ දෙන්නගේ කරදරේ හින්දත්, මගුල් ගෙදර වැඩ නිසත් පොර අපිට යන්න දුන්නා. ගෙවල් තියෙන තැන් එහෙම ඔක්කෝම අහගත්තට පස්සේ.

සතියක් විතර යනකං අපි ඉස්කෝලේ ගියෙත් හොරෙන් හොරෙන්. ඇයි වදේ මේ හාදයගේ ගේ ඉස්සරහින් එපැයි අපි යන්න. හැක්. ඒ මදිවට මොන වෙලාවට හෙනයක් ගෙට කඩා පාත් වෙයිද කියල නොදන්න නිසා ලේ වතුර වෙලා තමා මොන වෙලේත් ගෙට අඩිය තිබ්බේ. ඒත් ම්හු. කිසිම දොසක් නෑ. තවත් ඉවසන්න පුළුවනෑ.

“ඒයි දේශා.. අරූ වැඩේ ලීක් කරන්න් නෑ වගේ නේද බං“

“ඔව් බං බාග විට ඒ යකාට අමතක වෙන්න ඇති බං.“

“වැඩක් නෑ බං කියල. පපුවේ බිත්තර තම්බපු එකම තමා මේ ටිකේ කරේ“

“මාත් එහෙමයි බං.. අම්මා මොන වෙලේ මෝල් ගහ අතට ගනීද කියල මං බයේ උන්නේ“

ඔය විදියට අපි කස්ටිය එකතු වෙචිචි තැන කතා උනාට, ටික වෙලාවක් යදිදී අර යකා ගැන අපිට පුදුම කෝපයක් ඇති උනේ. අපි ඉතිං ලවක් දෙවක් නැතිව ඌට බැන බැන උන්න එකමයි කරේ. වැඩේ කියන්නේ තව දවස් දෙකක් විතර ගියාට පස්සේ ඒ අහල පහල මළගෙයක් උනා නේ. අපිත් ඉතිං මොන වැඩේ තිබ්බත් ආරංචි වෙචිචි ගමන් ඒවාට දුවන්නේ. රෑ වෙන කොට ඔන්න පරණ කෝන්තර මතක් උනා. සැන්ඩා, ඉබ්බා, ටොට්ටා, කුමාර, ගිලි පොලියා වගේ කස්ටිය තමා සෙට් වෙලා හිටියේ.

“ඒ බං රෑ වෙලා අරූට ගේමක් දෙමුද?“

“අඩේ නියමයි. මොකක් හරි කරමු එහෙනං.“

“ඔක්කෝටම කලින් පොඩි සයිට් විසිට් එකක් දාලා එමු තව ටිකක් රෑ වෙලා“

ඉතිං අපි රෑ දහයට විතර ස්ථානිය පරික්ෂාවක් සදහා පිටත් උනා.ප්‍රධාන පාරෙන් හැරී අතුරු පාරේ ටික දුරක් යන විට වම් පැත්තේ තියෙන ඒ යකාගේ ගෙදර ගේට්ටුවක් තිබුනට ඒකේ ලොක් එකක් නං දාන්නේ නැහැ. ගේට්ටුවත් එක්කම වාහන ගරාජ් එක. ඒක ඇතුලේ තැම්බිච්ච ඉබ්බෙක් ඉන්නවා. (මයිනර් කට්ටක්) වටේටම මල් පෝචිචි එහෙම ලස්සනට තියල පිළිවෙලකට වත්ත පිටිය ලකේට තියන් ඉන්න විත්තියක් තමා අපිට දර්ශනය උනේ. කියන්න අමතක උනා නේ.. අර ගේට්ටුවේ තියෙනවා රතු පාට ලියුං පෙට්ටිය.. ගෙයි සාලේ ලයිට් එකක් පත්තු උනා. අපේ නියමය පරිදි, සැන්ඩා ගිහින් හෙමින් ගේට්ටුවේ කොක්ක පන්නල, ඒක බාගෙට ඇරියා. ෂහ්. කිසි සද්දයක් නෑ. එහෙනං කරදරේකුත් නෑ. ආයි ගේට්ටුව වහල අපි එන්න ආවා.

ආයිත් රෑ 12 පහු වෙලා මළගෙදරින් එළීයට බැහැල වැල්ල පැත්තේ සයිමන් අංකල්ගේ පොල් ඉඩමෙන් කුරුම්බ ටිකකුත් හොරෙන්ම බාගෙන අපි තව ටිකක් දුර ගිහිල්ල පාරේ බෝක්කුව ගාව නතර උනා. ඊට පස්සේ ගල් වල ගහල කුරුම්බ ටික පලාගෙන කෑවා. ඒ අතරේ කස්ටියගේ ඒකමතික තීරණය පරිදි ඔක්කෝම ලෙලි, කටු අරව මේවා කෑලි ටික එකතු කරගෙන පාරේ වැටිල තිබුන ග්‍රොසරි බෑග් එකකට දාගත්තා. ඊට පස්සේ අපි හෙමින් සබ්ජෙක්ට් එකට ටාර්ගට් කරා.

පළාතම අදුරුයි. මුසල හඩින් කෑ ගහන කිසිම සතෙක් අහල පහල සින්දු කිව්වේ නෑ. විටින් විට ප්‍රධාන පාරේ යන වාහනයක එළිය විතරක් තත්පරේකට විතර අපට ආලෝකය සපයනවා. ඊට පස්සේ ආයි එකම අදුර. ඒත් සමහර ගෙවල් වල ජනේල් වල මල් ලෑලි අතරින් නයිට් ලෑම්ප් වල පුංචි එළි පේනවා. කිසි කරදරයක් නැතිව දැන් අපි අර යකාගේ ගේ ගාව. කරුමේ කියන්නේ ඒ පාරේ එක බල්ලෙක් වත් හිටියේ නෑ. සමහර විට උන් දුවන්න ඇති යක්ෂ බලු සෙට් එකක් තමා එන්නේ කියල හිතාගෙන. හැක්.

හෙමින් සීරුවේ ගේට්ටුවට කිට්ටු කරපු අපි, අර ලියුං පෙටිටියට සොපින් බෑග් එකේ තිබුන ඔක්කෝම අර පුංචි සිදුරෙන් පුල් ඩබ් එක දාලා ඇතුල් කරා. උගුර ගාවට කාපු ඌරෙක් වගේ තවත් ගිලින්න බැරිව දත් අස්සේ කෑම පුරවන් ඉන්නව වගේ පෙට්ටියේ සිදුර ගාවටම බඩු ආවට පස්සේ අපි වැඩේ නැවැත්තුවා. මේක කරද්දී වට වෙලා හිටිය අපේ උන්ගේ හිකි හිකිය දිගටම තිබුනා. ඒත් ඉතිං ඒ සද්දේ අපිට ඇහෙන ගානට විතරයි. 

ඊට පස්සේ කෙලින්ම ගරාජයට ගියා. කාර් එක තල්ලු කරන්න බැලුවා. බැහැ. එකෙක් ගිහින් ඉස්සරහ දොර බැලුවම අඩේ ඒක ලොක් වෙලා නෑ. හෙමින්ම ඒක ඇරල ජියර් එක නිව්ටල් කරා. හැන්ඩ් බ්රේක් නං තිබුනේ නැහැ. පස්සේ කාරෙක හෙමින්ම එළියට තල්ලු කරලා, ගේට්ටුවෙන් එළියට අරගෙන පාරේ නවත්තල ආයි ජියර් එක දාලා ගල් කරා. ඊට පස්සේ ආයිත් වත්තට ගිහිල්ල, අතට අහුවෙන තරමක් මල් පෝච්චි අරගෙන පාරට ගෙනැත් කාර් එක වටේ තිබ්බා. ඒත් මදි වෙචිචි නිසා තව ටිකක් ගෙනැල්ලා අහල පහල ගෙවල් දෙක තුනකත් ගිහින් තිබ්බා. ඒත් හිතට මදි. ඒ පාර ඒ ගෙවල් වලින් මල් පෝච්චි දෙක තුන ගෙනැල්ල අපි ඒවා අර යකාගේ ගෙදර තිබ්බා. වැඩේ සාර්ථකව නිම කරපු අපි ආයි මළ ගෙදර ගිහිල්ල, පුටු වල වාඩි වෙලා එළි වෙනකම්ම හිනා වෙවී හිටියා. 

හැබැයි ඉතිං අවුල තියෙන්නේ, එකෙක්වත් අර පළාතෙවත් යන්න තරං ගටකින් හිිටියේ නැති එකයි. නිකං හරි උදේ ඒ පැත්තේ ගියා නං ඒ පැත්තේ සිද්ධ වෙච්චි සංහදිය ගෙඩි පිටින්ම බලාගන්න තිබුනා.

ඔය එන අතරේ පාරේ ගහල තිබ්බ බැනර් එකක් පොලු වලින් කැඩිලා බිමට වැටිලා තිබුනා. අපි ඒක අරගෙන කෝටු දෙකක් කුරුසේ හැඩේට හැට ගහල ඒ්කේ උඩ හිස් කුරුම්බ ගෙඩියක් ඔබල, කෝටු වටේම අර බැනර් එක එතුවා හරියට පඹයෙක් වගේ වෙන්නම. ඊට පස්සේ ප්‍රධාන පාර කිට්ටුව තිබුන මුස්ලිම් ගේක, ඉස්සරහ දොරට ඒක හේත්තු කරල යන්න ගියා.

දවස් දෙකකට විතර පස්සේ තමා ආරංචි උනේ අර මුස්ලිම් ගෙදර ගෑනු කෙනා පාන්දර දොර අරින කොට, පඹයා ගේ ඇතුලට වැටෙන හැටි දැකල මර විකාරෙන් කෑ ගහල කලන්තේ දාලා වැටුනයි කියලා. ඒ ගෑනු කෙනාගේ මනුස්සයනං පැයක් විතර සරම උස්සන් කෑ ගැහුවලු මේක කරපු උන් අහු උනොත් බෙල්ල කඩනවයි කියලා.. අපි අහු වෙයි ඕවට.. 

117 comments:

  1. අපෝ තොපි වගේ එවුන්.සෑහෙන පරිස්සමින් තමයි බෝලලාව ආශ්‍රය කොරන්න ඕනේ....:D
    හැබයි ඉතින් අර වගේ වැඩක් කලා යින් පස්සේ එකේ නියම ආතල් එක තියෙන්නේ අර පොර එකට දක්වන ප්‍රතිචාරය තුල තමයි.එත් ඉහතින් ඔක් බලන්න ගියොත් උඹලාට යහතින් එන්න වෙන්නෙත් නැහැ නොවැ...;D

    ReplyDelete
    Replies
    1. අපි බය උනා නැත්නං යනවා බලන්න.. ඇයි බං බෝතලේ උස්සපු ඇරියස් එක නිසා කෝමත් යන්න බයයි...

      Delete
  2. ෂිහ් අළුකුත්තේරු දේශා....
    මොනවා උනත් දේශා පට්ටම ආතල් එකක් තමයි ඒ කාලෙ අරන් තියෙන්නේ . අනේ කාර් හොරකමට යකඩ කූරු එහෙම ගනින්න උනානං හෙම හැක් හැක්..

    මල ගෙදරක ගිහින් එනකොට, පෝයට පංසල් ගිහිං එනකොට හෙම හොරාට කුරුම්බා කඩං බිව්වෙ නැත්තනම් එදාට නින්දයන් නෑ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි කුරුම්බ නැති මල ගෙවල් මක්කටෙයි බං... හැක්.. නිකං හරි මාට්ටු උනා නං කූරු ගනින්න තමා වෙන්නේ.. ඕවා ඒ වෙලාවට කල්පනා වෙන්නේ නැහැනේ බං..

      Delete
  3. බොලාගේ තරහකාරය මොනව කිව්ව කලාද කියල දන්නෙ නෑ නේද.

    ReplyDelete
    Replies
    1. නොදන්න බබලා වගේ ගිහින් ඒකත් බලාගත්තනම් අද අපි තව ටිකක් හිනාවෙනවනෙ, නැද්ද හැලප මාමෙ :D

      Delete
    2. සසිඳු
      තැන කිව්වනං අපිට හරි ගිහිං අහන්න තිබුනා නේද බං වැඩේ කලේ අහවලා ඊට පස්සෙ මොකෑ උනේ කියලා ..

      Delete
    3. අරක්කු (කෝක්) හොරා

      Delete
    4. @ හැලපේ..
      ඒකනේ දන්නේ නැහැ.. ඒ ගැන.. මම නං යන්න කෝමත් බය උනා. අනිත් උනුත් එහෙමයි නේ.. ඉතිං කව්ද යන්න ඉන්නේ...

      Delete
  4. කතාව එල බොක්ක..... මට පොඩ්ඩක් අප්ෂට් බං ...පාරේ බල්ලොනම් ඉතිං ....තොපි වගේ නසරානියෝ එන බව දැනිච්ච ගමන් ඉන්නෙ නැහැ....
    එත් අර ගෙදර නාටු බල්ලෙකුත් ඉදල.... ඌ ටත් පොරි ටිකක් දුන්න කියල ලිව්වනම් සුපිරි බං ...

    ReplyDelete
    Replies
    1. බලු නට්ටෙක් හරි හිටියනං කෝහේ යන්නද බං.. බඩුම තමා එහෙනං..

      Delete
  5. නසරානි වැඩ
    මම මේ වචනෙට
    එච්චර කැමැත්තක් නෑ
    ඒ උනත්
    මමත් මේ ක්ලබ් එකේ කෙනෙක් කීවොත් අමනාපයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හැක් .... මම ඔය නසරානි වැඩවලට නැති ව.......
      අනිත් හැම ...... වැඩකටම සම්මාදම්..... දයෝ...

      Delete
    2. @ දයල්..

      කරපු නසරානි වැඩ ඔක්කෝම ලියන්න මොකක්ද වගේ.. හැක්..

      @ කෙන්ජා
      නසරානි වැඩ නැතුව වෙන වැඩ තියේද බං බොට..

      Delete
  6. මට මතක් උනේ උ/පෙ කරන දවස් වල රැට දෙන ගේම්. රෑ 12ට 1ට මහයියාවේ ඉඳන් කටුගස්තොටට යනවා සිගරට් හොයන්න ඔක්කොම කොල්ලෝ 12ක් විතර යනකං මග දිගට තියන ගෙවල් වලට ඕවා තමයි දෙන ගේම්. අපි නම් ලියුම් පෙට්ටියට කෙලින්ම පුරවන්නේ හුජ්ජ. ගේට්ටු වල හයි කරලා තියන ලියුම් පෙට්ටි වලට ගේට්ටුවේ ග්‍රිල් වලට නැගලා හෙමිහිට දාලා යන්නේ. සමහර ගෙවල් වල හරියට දොර ඉස්සරහම මහ වැඩෙත් කරනවා. ඒ කරලා දොරට තට්ටු කරලා දුවනවා කොහොමද නිදිමතේ එලියට එද්දී බඩු පෑගුනාම.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ... මම නං උඹේ යාළුවෙක් නෙමෙයි හොදේ.. මං අහිංසකයා.. අයියෝ... අනේ මාව අල්ලගන්න එපා ඕවට.. හැක්..

      Delete
  7. පව් බං ඒ මිනිස්සු යහතිං ඉන්නවැයි..?

    ReplyDelete
    Replies
    1. මම දැං ඒ පැත්තේ නැති නිසා දන්නේ නැහැ. බලන්න ඕන අවුරුද්දට ගියාමවත් බං.. තැන්කුයි..

      Delete
  8. මෙව්ව එක නලලෙ තියං හිටපු කෙල්ලෙක්ට නියම වැඩක් කරා.. උන්ගෙ ගෙදර දොරයි ගේට්ටුවයි තියෙන්නෙ හරි කෙලින් .. ටී වී එක තියෙන්නෙ පාරට පේන්න ..හැක්
    කට්ටිය රෑ නාට්ටි බලනව සිය පවුලම .. අපි ගෙනාව අහස් කූරු දෙකක්.. ගල් දෙකක් උඩ තියල ඈංගල් කරල යැව්ව සාලෙට .. ටී වී බලපු උං හූ තියනවා..කට්ටිය දුවනවා එක විකාරයයි .. අහස් කූරු ෂූ ගාගෙන සාලෙ ඇතුලෙ බිම දිගේ එහෙමෙහෙ යනවා..
    අපි ඉස්සරහ පාරෙ සීන් එක නරඹනවා කළුවරේ..
    අන්තිමට ටීවී ස්ටෑන්ඩ් එක අස්සට ගිහිං ඩෝං ගාල පිපුරුවා.. !!!!!
    තාත්තා එලියට ඇවිත් ජාතිය අමතද්දි අපි ගෙවල් වල..
    වැරදි වැඩේ නං තමා ඒත් වෙලා ඉවරනේ :D

    ReplyDelete
    Replies
    1. අලි එකෙන් ඉන්න කෙල්ලන්ටනම් ඔහොම කලාට පව් නෑ බන් :D

      Delete
    2. අන්න ඒකනෙ බං .. වැරදුනොත් නං සොරි තමා : D

      Delete
    3. ඊට පස්සෙ වත් නලලෙ තිබ්බ එක නිසි තැන ස්ථාන ගත වෙන්න ඇති.... ;)

      Delete
    4. හැක් හැක් ... ඒක නං මරු කතාව බං.. එහෙම වෙන්නැති නලලෙ නං තිබ්බෙ නෑ :D

      Delete
    5. එහෙනම් ඉතිං මැරිච්ච හූනෙක්ට තරම්වත් බය වෙන්න එපා බං. මොකද උඹලා ජාති ජාතිත් සහලෝලා පඩිසන් දෙන පිං අතේ වැඩක්නෙ කරගෙන තියෙන්නෙ. :) ;))

      Delete
    6. අපිත් නලල‍ෙ තියාන ඉන්න අයට නං හොද ගේම් දුන්නා.. ඒත් ඉතිං පස්සේ උන් හොද යාළුවෝ උනාම කරපු දේ ගැන පසු තැවෙන්න උනා බං.. පත්තරේ..

      Delete
  9. පරණ වෙරලුව ආයෙත් ඇවිත් ඔන්න :D
    හැබැයි පොඩි නයෙක්නම් ඇරල තියනව, ගරාජ් එකක නවත්තල තියන කාර් එකක් කොහොමද සද්දයක් නැති වෙන්න පාරට තල්ලු කරන්නෙ, මයිනර් කටු පොඩ්ඩ ඇතත් සද්ද දානවනෙ :D
    මොනා උනත් උබලගෙ සෙට් එකනම් මරු :D

    ReplyDelete
    Replies
    1. oka mehemane sasinduwo, kathaawata daapu icing tika thamaa minor katta thallu karana eka. api nodanna deshaa.... hak

      Delete
    2. ඒක තමා මාත් හිතුවෙ :D

      Delete
    3. @ සසිදුවා

      මයිනරේ එකේ කොහෙන්ද බං සද්ද එන්නේ.. කිරි කිරියක් වත් නැහැ.. ආතල් එකේ තල්ලු වෙනවා. අවුල තියෙන්නේ ස්ටියරින් එක කපන එක තමා. දෙන්නෙක් ඩම් එක දාලා කැපුවේ පාරට..

      Delete
  10. ශික් බොලා මහ නරක විදියටනෙ හැදිල තියෙන්නෙ.අපිවගෙ පොඩිකාලෙ හොදට ඉන්න එපැයි

    ReplyDelete
    Replies
    1. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංගහරි තියෙන්න ඕන කියලයි මටනම් හිතෙන්නෙ ;)

      Delete
    2. @ දමියා

      බොට කියන්න බං අපේ ගෙවල් පාරට හැරුනට පස්සේ අපි බිම බලාගෙනමයි යන්නේ.ඉතිං අහල පහල හැම කෙනාම කියන්නේ “අනේ හරි අහිංසක ලමයි. කාටවත් කරදරයක් නෑ“ කියලයි.. හැක්..

      @ සසිදුවා

      හුණූ බිජිජක් වත් නැති මිනිස්සු කොහේද බං ඉන්නේ.. ඒවා රගපැම්..

      Delete
  11. හි… මරු ගේම දේශො මට මැවිලා පේනවා අරූ (අපේ අරූ අයියා නොවේය.) සරම කරට අරන් නටන නැටිල්ල.

    නහයවල් වත් දැවිල්ල ඇල්ලුවෙ නැත්ද? පහුවදා. :)

    ReplyDelete
    Replies
    1. චි...චී...චී..සරොම කරට අරන් නටන්නේ ලැජ්ජ නැද්ද බන්....මම නටන්නේ සරම් නැතුව.

      Delete
    2. ඒක තමා. ඒකනෙ මම මුලින්ම කිවුවෙ අරූ අයියා නෙමේ කියලා. :)

      Delete
    3. අරූ අයිය සරම නැතුව කලිසම ඇදන්නෙ නටන්නෙ :D

      Delete
    4. එහෙමම නැහැ සසිඳු....ඔය හිටපු ගමන් මුකුත් නැතුවම නටලා බලනවා, එල්ලෙන ඒවා තාම පරණ විදිහටම හෙල්ලෙනවද කියලා බලන්න.

      Delete
    5. අරූ අයියේ.. කජු පුහුලං කන්න වවුල්ලු එනවා.කරන දෙයක් දවාලක ඈ !!!

      Delete
    6. උඹ නම් මරු පොරක් පත්‍ර බ්‍රදර්...

      Delete
    7. කජ්ජ ගහේ පුහුලම බිමට වැටෙයිද...

      Delete
    8. ඕ යේස් විදානේ..
      ඕක පාලි ග්‍රන්ථයක විග්‍රහ කරනවා මෙන්න මෙහෙම..මූලාශ්‍ර සපයන්ට විදිහක් නෑ :D

      " විපරීත කාලේ - කජ්ජේන පුහුලං "

      ඕ යේස් !!

      Delete
    9. @ ප්‍රියා

      කන්න උනා නං මුස්ලිම් පොරගෙන් වටෙන්ම කන්න වෙනවා.. එක දවසක් මං ඔය මුස්ලිම් පැත්තේ පාරේ ගිහින් ගෑනු මනුස්සයෙක් හප්පලා මාර කෙලියක් උනා.. උං වට උනා. පස්සේ පළාත් සබා මන්තිරියා (මුස්ලිම්) ඇවිත්තමා මාව බේරගත්තේ.. හැක්..

      Delete
    10. @ අරූ

      උඹ කෝමත් සරම් නැතිව වරම් ගන්න එකා නේ..හැක්

      Delete
    11. @ පත්තරේ

      උඹ අනාගතයේ දවසක හොද බ්ලොග්කරුවෙක් වීමේ ලක්ෂණ පේනවා. විෂස් ඉන් ඇඩ්වාන්ස්..

      Delete
  12. Replies
    1. ඔව් බං මම අහිංසකයා.. හැක්..

      Delete
  13. පටිට ආතල් ඵකක් අරන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ආතල් කොච්චර ගන්නවද බං. ඒ කාලේ අනිවා හැමදාම ගෙවල් වල මල්පෝචිච මාරු කරන ඒවා, ගේට්ටු හායි ගාලා ඇරල දුවන ඒවා අනන්ත කරනවා.. කාලෙකින් දැක්කේ මේ පලාතෙදී.. තැන්කුයි..

      Delete
  14. ....//ඒත් බැරිම තැන අපි අඩ අඩ විස්තරේ කිව්වා. //...... hak hak hak...
    me ape deshakayage allapu gedara ekaage baappage puthekuge yaaluwekuta wechcha seen ekak newa liyala thiyenne.
    (ada no sinhala)

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං මං අහන් හිටිය නිසානේ ලියන්නේ.. හැක්..

      Delete
  15. දේශකයා කොරොත් කරන්නේ ඔහොම අලුගේතුතරු වැඩක් නේ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒ වගේ වැඩ ඉතිං ඉස්කෝලේ යන කාලේ නිකම්ම කෙරෙනවා.

      Delete
  16. උඹලව තියන්න වටින්නේ නෑනේ බොලව්!!

    ReplyDelete
    Replies
    1. කව්ද බං අපිව නැති කරන්නේ...

      Delete
  17. අහු වුනා නම් අරුන්දැ දේශලගෙ කටේ මොනව ඔබයි ද කියල මං කල්පනා කලේ :D

    ReplyDelete
    Replies
    1. අහු උනා නං.. අම්මේ... මුළු ලේන් එකම එකතු උනාම.. හිතන්න දෙයක් නැහැ බං.. හැක්..

      Delete
  18. නෙද්දකිං, දේව ගතියක් හන්දා සමාව දීල අර යකා කරගත්ත දෙයක්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. සත්තු එක්ක කතා කරන්න ඕන වෙනම බාෂාවකින් බව මිනිහා අමතක කරා..

      Delete
  19. මූන් නැති පලාතක ජීවත්වෙච්ච එක පූරුවේ කරපු ලොකුම පින

    ReplyDelete
    Replies
    1. "මූන්" කිවේ "බෑන් කී මූන්" ද?

      Delete
    2. යකෝ මුන්ට පේන ඒවා...

      Delete
    3. @ අරූ..
      ඔය කියන්නේ හඳේ පලුවක්වත් පේන් නැති ගල් ගුගාවක වෙන්න ඕන

      Delete
    4. ඔව් ලැක්චරයාගෙන් බේරිලා ඉන්න නම් හඳ එලියවත් වැටෙන්නේ නැති තැනක තමයි ඉන්න ඕන.

      Delete
    5. සඳ මිදුලට ආවොත් ?? ගෙට දාල දොර වහගන්ඩද අරූ අයියෙ .. කීයකට හරි වික්කහැකිනේ ..

      Delete
    6. ඔව් බන් කිඹුල් හූනොත් විකුණන එකේ සඳ කීයකට විකුණගන්න බැරිද? කල්ලමරේ තමා. :)

      Delete
    7. @ අරූ
      කරුමෙට උඹත් අපේ පැත්තේ ඉදල තියෙනවා බං.. හැක්...

      Delete
    8. දේශා.....අඩෝ කියපන් ඇත්තටම කොයි පැත්තෙද කියලා. මම ඔය සමහරක් පැතිවල ටික දොහක් හරි හිටියා.

      Delete
    9. උඹ හිටපු නැති පලාතක් තියේය බං

      Delete
  20. මුන්ට අහුවෙච්ච වෙලාවෙම කෙලින්න තිබ්බෙ....

    මේකෙ ආතල්ම හරිය තියෙන්නෙ පාන්දර ගිහින් කවුරු හරි බලන් හිටිය නම් තමයි බං.

    අපි නම් මෙහෙම දගලන්නෙ නැහැ. මදුරු කොයිල් එකකට රතිඤ්ඤාවක් ගහල ටයිම් තියල වත්තට හෝ බැල්කනියට විසික් කරල එනවා. ගැස්සිලා ඇහැරෙන්න.

    ReplyDelete
    Replies
    1. යකෝ උබලගෙ ටයිමර් මරුනෙ ඈ :D

      Delete
    2. හදුන්කූරකුත් වැඩේට මරු..

      Delete
    3. @ සෑම්

      ඔය හදුන්කුරු සීන් එක 88-89 කාලේ අපේ ජනප්‍රිය සංකල්පයක්.. නිකං හරි හිතුනොත් අද ඉස්කෝලේ කලින් අරින්න ඕන කියලා, ජිම් එකේ මෙට්ට යට රතිඤඤ සෙට් කරනවා. ඊට පස්සේ බබාල වගේ ඉන්නවා. ඩෝං පටොන් ගෑව ගමන් පිනිසිපල් මාමා දුවන් එනවා.. කව්ද කියල හොයනවා.. ඉතිං හොයන්නැයැ.. ඉස්කෝලේ වහනවා.. හැක්..

      Delete
    4. @ විදානේ

      මට පේන්නේ උඹ හදුන්කුරු සෙල්ලම හරියටම දන්නවා කියලයි..

      Delete
  21. ආදර්ශමත් කතාවක් නොවැ .... දැන් කාලේ හැදෙන තරුණයන්ට බොහෝ දේවල් තියෙනවා ඉගෙන ගන්න.....

    ReplyDelete
    Replies
    1. උඹල වගේ උන්ට නං මේවා වැඩක් නැහැ. බෝ පැල නේ.. හැක්.. මොකද නිකං පැත්ත ගහල මැලේ මේ දවස් වල..

      Delete
  22. සරම උස්සගෙන කෑගැහුවේ බෙල්ල කඩනවා කියලද නැත්තම් __ල්ල කඩනවා කියලද :)

    ReplyDelete
    Replies
    1. කව්ද බං දන්නේ.. කාපුවා කඩනවා කියලද කව්ද දන්නේ.. (කාපුවා = ඇට)

      Delete
  23. දැං අපි මේකෙ තාර බර කොච්චර අයින් කරන්න ඕනද බං.

    ReplyDelete
    Replies
    1. හි ... මගෙහිතේ තාර බර අයින් කළාම මේකෙ ආයෙ ගන්න ඒ හැටි දෙයක් ඉතුරුවෙනකක් නෑ ප්‍රසන්න අයියා.

      Delete
    2. @ ප්‍රසා

      අයින් කරන්න තරං දෙයක් නැහැ. එකතු කරනවා මිසක්කා.. හැක්..

      @ මදුරුනාශක

      හැබෑට බොට මොකද බං වෙන්නෙ. කාලෙකට අන්තරස්දාන වෙන්න..

      Delete
  24. ංආ.... අපේ ගෙදරට ඔය අලුකුත්තේරු වැඩේ කරල තිබුනෙ එහෙනම් උඹ, හිටුකො අහුවෙනකම් ආයෙ. :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ බොලාට එලියට බහිනකොට දොරකඩ තිබ්බ එක පෑගුනා ද? :D

      Delete
    2. ඕන් ප්‍රසන්න අයියා අනුමත වෙච්චි වෙලාවට කමෙන්ට් දාන එකේ වැරැද්ද. කොහේද දැන් එහෙම එකක් දේශා කියල තියෙන්නෙ. ඒ ෂීන් එක තියෙන්නෙ කමෙන්ට් එකකනේ.

      Delete
    3. බොලේ හැබැවනෙ. :P

      Delete
    4. @ ඩීඩීටී

      අඩේ උඹ සුදු කෙට්ටු කොන්ඩේ බොකුටු බුවෙක්ද බං.. හැක්..

      Delete
    5. @ ප්‍රසා

      ඕං බොට මාරු උනා. ඒක තමා කියන්නේ.. දවස් දෙක තුනක් නාවත් ෆෝම් එක බහිනවා.. හැක්..

      Delete
  25. හපොයි... කරලා තියෙන වැඩ ...

    ReplyDelete
  26. අනේ හැබෑටම මේ මනුස්සයා දැන් ලියන්නෙම කරපු නසරානි වැඩක් ගැනමනේ..

    ReplyDelete
    Replies
    1. හැක්.. හිටි ගමන් මතක් වෙනවා පෝර ගෝනියේ යටම තියෙන ඒවා. මේක ලිව්වම තව කීපයක්ම මතක් උනා. අපරාදේ ඉතිං එක දිගට ඕවා දාන්නැයි බං..

      Delete
  27. පාන්දර ඔය වගේ වැඩක් උනහම බය නොවී තියේ යෑ.. :)

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ පඹයා ගැන වෙන්නැති. අනිවා බං... තනිකර මලමිනියක් හේත්තු කරපු ගානටයි කල්පනා වෙන්නේ..

      Delete
  28. දැන් ඔය අංකල්ගෙ ප්‍රතිචාර කොහොමද වෙලා තිබුනෙ පහුවදා උදේ?

    ReplyDelete
  29. හයියෝ සල්ලි කිව්වලු. ඔක්කොටොම වඩා හිනා ගියේ පඹයාගේ වැඩේට. ගෑනිට එලොව යක්කු පේන්න ඇති දැක්කම.

    ReplyDelete
    Replies
    1. අපි තව දවසක් පඹ සීන් එකක් කරා. යාළුවෙකුටම.. ඌ බය වෙච්ච පාර දීපු විලාපේ මට තාම මතකයි බං...

      Delete
  30. මෙවා කොරලා නැති වුන් ඉන්නවා නම් වැඩක් නෑ,අපිත් තැඹිලි එහෙම බලා එක සැරයක් ඔය වගේ කෑ ගැහුවා,ඔය සොහොන් වල තියෙන මල් වඩම් එහෙම ගෙවල් ඉස්සරහා තියන්නෙන් ඇතෙයි,අපි නම් යනවා ඊළග දවසේ වැඩේ බලන්න නැත්නම් කිසි ගතියක් නෑ ,,

    අපිටත් චූ නොගියා විතරයි.// ලැජ්ජා වෙන්නෙ මොකටද ගියා නේ පොඩ්ඩක් හරි


    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ආයි මොකක්ද බං ගියා නං කියනවා.. මල් වඩම් දෙකක් දවසක් අපේ ගෙදර පඩි පෙල උඩ දාලා ගිහින් තිබුනා අපේම හාදයෝ ටික.. හැක්..

      Delete
  31. ඇත්තටම මේ දේශකගේ වැඩද? නැත්නම් නිර්මාණයක්ද? කොහොම උනත් චිත්තර පටියක් වගේ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැඩ නං තමා අපි ඒ කාලේ කරේ..

      Delete
  32. චී චී. මේ වගෙ අළුගුත්තේරු වැඩ කරන කෙනෙක් එක්කද අපි මෙච්චර කලක් ආස්සරේ කලේ චික්...

    ReplyDelete
    Replies
    1. ඉන්ටකෝ. තව හොද ඒවා තියෙනවා. .හැක්..

      Delete
  33. හම්මෝ කරලා තියෙන ජාති. දැන් නම් ඉන්නවා දහයට ගනින්ට බැරුව වගේ...:D

    ReplyDelete
    Replies
    1. හැමෝම වගේ එහෙමයි පොඩ්ඩි.. මුකුත් නොදන්න ගානට නේ දැං ජීවත් වෙන්නේ.. පව් අහිංසකයෝ..

      Delete
  34. පුදුම වැඩනේ දේශකයෝ උඹලත් කරළා තියෙන්නේ. ගුටි නොකා බේරැනා ඇති....

    ReplyDelete
    Replies
    1. ගුටි කාලත් තියෙනවා ඉතිං.. හැක්..

      Delete
  35. මදැයි ඔහොම වත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හැක්.. අනේද කියන්නේ.. කාලෙකින් එස්එන් දැක්කේ..

      Delete
  36. දේශකයාගේ ගමේ උන් තවමත් යහතින් සිටීදැයි විමසා බැලිය යුතුය....

    ReplyDelete
    Replies
    1. මටත් මේ බොලා කිව්වම තමා හිතුනේ උන් ටික බලන්න ඕන කියලා. මං කිව්වේ අපේ අපරාද ලැස්තුවට අහු උන අය ගැන..

      Delete
  37. වෙන උන් කොරපු දෙයක් නේද මේ තමාගෙ කොරගෙන කිව්වෙ...ඔය කාර් එකේ අයිතිකාරයා මගේ මාමා...හිටිංකො මම දෙන්න ඔත්තුව...

    ReplyDelete
    Replies
    1. උඹලයි මාමා උඹේ අහලකින් වත් තියන්න බැරි කෙට්ටු බුවෙක් බං..

      Delete
  38. හික්ස්...මොකටද අප්පා අර මෙලෝ වැරද්දක් කරලා නැති මුස්ලිම් ගෙදරට පඹයෙක් ගිහින් තිව්වේ?

    ReplyDelete
    Replies
    1. තියෙන කුප්ප කමට නේ බං.. හැක්

      Delete
  39. නියමයි................. අර මනුසපෙයාගෙ ප්‍රතිචාරෙත් බලාගන්න තිබ්බනං මරු

    ReplyDelete
    Replies
    1. ඒක බලාගන්න විදියක් නැති උනා

      Delete