Friday, April 11, 2014

අතීතකාමය!!

මාගේ පාසැල් කාලයේදි මා ජීවත් වූ පෙදෙස පසු කරගෙන මා ගමන් කරමින් සිටිමි. ඉගෙනුම් කටයුතු අහවර කොට වසර කිහිපයක ඇවෑමෙන් මේ පෙදෙස හැරපියා මා හට යන්නට සිදු වූයේ රැකියාවක් ලැබුනු නිසාය. රැකියාව ලැබී වසරක් පමණ කාලයක් තුල විටින් විට මේ ප්‍රදේශයට පැමිණියද ඉන් පසුව කොළඹට නුදුරුව ස්ථිරවම පදිංචි වූ හෙයින් ගම් පෙදෙස වෙත යෑමට හැකියාවක් නොවීය.

කාලය වරෙක ඉබ්බෙකුගේ පිට මතින් ඇවිද යන අතර, තවත් විටෙක පියාපත් ලද විහඟකු සේ සැනින් ඉගිල යයි. කෙසේ සිතුවද, කාලය තුල මා අතරමං වී ඇති සේය. බොහෝ ඈතිත් දිළිසෙන තාරකාවන් දෙස මුහුදු වෙරළේ සිමෙන්ති බංකුවක් මත වාඩි වී සිගරට්ටුවක් උරමින්, එහි දුම් වළලු මැකි යන අයුරු දකිමින් සැන්දෑවරුව ගත කළ අයුරු මා පසු කොට ඇදෙන වෙරළ දුටු මතින් මට මතකයට නැගේ. මා නිතිපතා වාඩි වී සිටි සිමෙන්ති බංකුව මත, මේ වෙලාවේද කොළු ගැටයෙකු වාඩි වී සිටි අයුරු මා දුටිමි. සැනෙකින් මාද එවැනි කොළුවෙකු වී සිටි අයුරු මැවී පෙනෙන්නට විය.

දිනපතාම සැන්දෑ වරුවේ කළුවර අවට වෙලා ගනිද්දී, පා පැදිය ගෙන ගෙදරින් පිටත් වන මා, කඩයට ගොස් සිගරැට්ටු තුනක් මිලදී ගන්නෙමි. ඉන් පසුව හෙමින් සීරුවේ වෙරළ දිහාවට ඇදී මා කලින් සඳහන් කළ සිමෙන්ති බංකුව මත කිසිවෙකු හෝ වාඩි වී නොමැති නම්, එය මාගේ කර ගන්නා අතර, එසේ නොවන්නේ නම් වට කිහිපයක් කරක් ගැසීමට සිදු වේ. ඒ විටදීද, මටම ගැලපෙන බංකුවක් ලබා ගැනීම දුෂ්කර වන අවස්ථා එමට ඇත.

සිමෙන්ති බංකුවේ වාඩි වූ පසුව, බයිසිකලය මාගේ පිටුපසින් මට ආසන්නයේ හේත්තු කරගන්නේ, කළුවර වැටෙද්දී දුරක තිබුනහොත් එයට කුමක් වේදෝයි මා නොදන්නා නිසාය. බිම පුරාම තණකොළ වවා ඇත. පොළවට තරමක් පහළින් වෙරළ තීරය තිබෙන්නේ, දමා ඇති විශාල කළු ගල් මතින් වෙරළට බට හැකි අයුරිනි. එහෙත් කෙදිනකවත් මා එළෙස බැස ගොස් වෙරළ තීරයේ ඇවිද නොමැත. මා කළ එකම කාර්යය නම් බංකුව මත වාඩි වී අසීමිත වූ මනෝ ලොවක නිදහසේ නිරවුල්ව සැරි සැරීම පමණි. 

අතරින් පතර දිලෙමින්, නිවෙමින් දැල්වෙන කුඩා තරු එළි මා දිහා නෙත් දල්වන අයුරු දකින මා සිත කුල්මත් වේ. මා දකින සමහර තාරුකා තම දීප්තිමත් ඇසින් මා දෙස බලා සිටින ආකාරය දුටු විට, තවත් කෙනෙකුන් ඒ තාරුකාව දිහාවම කොහේ හෝ සිට බලා සිටිය හැකි නොවේ දැයි මට සිතේ. එවැනි විටෙක අප දෙදෙනාම සිතන්නේ එකම දෙයක් නම් එය කොතරම් පුදුමයක් දැයි සිතෙන විට සතුටක් දැනේ. 

වසර මිලියන ගණනාවක් තිස්සේ විටින් විට රැළි මවමින් මුහුදු තෙර නොනිදා පහන් කරයි. මා එහි සිටියද නැතද, මා කුමන දෙයක් කළද මුුහුදේ රැළි මැවීම කිසි විට නතර නොවේ. වෙරළේ හැපෙන පෙන රැල්ලක් මතින් සෝදා හැරි සුදු වැලි තට්ටුව මත තෙත බරිත ගතිය දුක්මුසු ස්වාභවයක් මට ගෙන එන්නේ කිමදැයි මා නොදනිමි. 

පළමු සිගරට්ටුව දල්වන මා, ප්‍රකෝටි ගණනක් වූ සිතුවිලි අතුරින් එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තැත් කරමි. එවිට ඒ සබැදුනු තවත් සිද්ධි දාමයන්, සිතුවිලි දාමයන් එකිනෙක ඇමිණි විසිතුරු සිහින ලෝකයක් මා සිත තුල මැවේ. ඒ අරුමය මතින් මා ඒ ලෝකය දිගේ ඇවිද යන්නෙමි. වරෙක මුහුදු වෙරළේ රළ බිදි ශබ්දයක් හෝ වාහනයක් ගමන් කරන ශබ්දයක් හෝ නොඇසෙන ලෙසම මා චිත්ත ලෝකයේ සැරි සරමි. සිතින් මවා ගත් තවත් සිතුවිලි වලින් ඒ ලෝකය සරසා, ලොකු මහත් කර ගන්නට වෙර දරද්දීම නිවි යන සිගරට්ටුව මා නැවත පියවි ලොව වෙත කැදවයි.

එළෙස සිගරට් තුනක ආනුභාවයෛන් මා විවිධ සිහින ලෝක වල සැරි සරමි. එහිදි නොයෙකුත් වර්ණ, නොයෙකුත් ස්ථාන, මිනිසුන්, සතුන් ආදි විවිධ දේ මා දකිමි. පියව් ලොවේදි මා දකිනවාට වඩා සිහින ලෝකයේ චරිත හා ස්ථාන වල කිසියම් අමුත්තක් මා දකිමි. එනම් එවැනි චරිත හා ස්ථාන නොඒසේනම් කාල පරිච්ඡේදයන් මට අවැසි පරිදි වෙනස් කිරීමට, ශුන්‍ය කිරීමට හෝ ඉවත් කිරීමට මා හට හැකි වීමයි. එය මට ආශ්වාදයකි. සිහින ලෝකයෙන් ඔබ්බට තවත් ලෝකයක් ඇති බව මට පසක් වන්නේ සිගරට්ටුව නිවී යාමෙන් අනතුරුවයි.

තවමත් මා එළෙස සිහින ලෝකයේ සැරි සැරීමට කැමැත්තෙමි. එහෙත් තව දුරටත් කාලය හා ජීවිතය මට ඊට අනුබලයක් සපයන්නේ නැත. 

ප.ලි. - ආයිත් සයිබර් මිතු දම අරඹන්නේ අපිරියෙල් 21 හෝ 22 බැවින් කලින්ම බොලාට ඉතා සුභ සියළු වැඩකටයුතු සාර්ථක වන ඉස්තරම්ම නව වසරක් වේවායි පතමි...!!

133 comments:

  1. ඕං පෝස්ටුව විවුර්ත කොලා මං

    ReplyDelete
    Replies
    1. මරදානේ එව්වෝ ඔහොමමයි ඕපන් කරන්න තමා දස්ස.. හැක්..

      Delete
    2. මතකනේ චොප්පෙගෙ ස්තූති කතාව !!!

      Delete
    3. නෑ නේ.. මතක නෑ. අදවත් ඒක කියහං ඉතිං.. හැක්..

      Delete
    4. ඕ යේස් !!
      අපේ ප්‍රේමෙගෙන් අවසරයි.. ෂයිඩ් එකේ ඉන්න සංඝයගෙන අවසරයි..බජාර් එකේ කකුල් වලින් අවසරයි .. මෙකී නොකී මගේ බොක්කවල් වලින් අවසරයි !!!

      දොරේ සමහරු කියනවා මෙ චෛත්‍ය රෙපෙයාර් කරන්ඩ දීපු සල්ලි මං වංගු ගැහුවා කියලා.මං වංගු ගැහුවනං තොපෙන් මං අහන්නෙ මේක උඩ දිලිසි දිලිසි ඔය තියෙන්නෙ අම්&% #$තද කියලා ...
      තව තියනව බං.මතක නෑ

      Delete
    5. මතකයි මතකයි..

      වේසිගේ පුතාලා.. මට වංචාකාරයා කියල කෙළවන්න ආවොත් තොපි ඔක්කෝගෙම අම්මට ** වනවා අරී.. අසා සිටිය ඇමෝටම සුක්රියා.. මං කැපුනා..

      Delete
    6. //' මූලාශනේ ඉන්න අපේ ශුගතෙගෙන් අවසරයි, ෂයිඩ් එකෙන් ඉන්න ප්‍රේමෙගෙන් අවසරයි, අනිත් ෂයිඩ් එකෙන් ඉන්න සංඝයාගෙන් අවසරයි, බජාර් එකේ කකුල් වලින් අවසරයි.....මේ බජාර් එකේ සමහර වේ## පුතාල කතා වෙනව කියල ආරංචි වුනා.....චූඩා මානික්කෙට එක්කහු කොරපු ශල්ලි වලින්, චොප්පෙ කළු කෝට් මැහුව කියල. එහෙම කියපු හු##ගෙ පුතාලගෙන් මං අහන්න කැමතියි, උන්ගෙ අම්මලගෙ අහවල් එකද, අර වේර උඩ දිලිෂි දිලිෂි බැබලෙන්නෙ කියල'//
      ඔබා මාමගෙ බොගේ තිබ්බෙ ඔහොමයි :D

      Delete
    7. පට්ට කතාව යකුනේ... මං දැන්ං උන්නෙ නෑ මේක චොප්පෙගෙ කතාවක් කියලා...

      - අසා සිටිය ඇමෝටම සුක්රියා.. මං කැපුනා..

      Delete
    8. ඩ්‍රැකියා
      රැඳී සිටින්න අපත් සමඟ :D

      Delete
    9. ඩ්‍රැකියා අප සමග සිටියොත් බොට හොද හොද පත්තර කතා අහගන්න හැකියි..

      Delete
  2. අතීතෙට බැරිනං ඕනෑ දිහාක පලයන් හැබැයි ඔය දුම්කූර නැතුව,ඕක ගැහුවෙ නෑ කියල සිතුවිලි නවතින්නෙ නෑ නේද,වැඩිකල් නොගිහිං උඹට සිතුවිලිත් එක්ක අපායටම යන්න ඇහැක් වේවි.මම නලියටත් කියන්න ඉන්නෙ ඌ සිගරැට් බොනව නෙවෙයි කනවා.ඒ විදියට බලපුවම අටම හොඳයි.

    ReplyDelete
    Replies
    1. මදෑ ඉතිං අහගත්ත එක.. වැඩිහිටියෙක් නිසා මොකුත් කියන්නත් බෑ.. හැක්..

      Delete
    2. එහෙම්මමත් ඉතිං පව්නෙ නේද හැලප මාමෙ : D

      Delete
    3. @ හැලප

      එළ කිරි දේශකට දැනෙන්න දෙමු
      අපි නම් සබන් වගේ දෙයක් පාවිච්චි කරනගෙන ඉන්නෙ පාඩුවේ ,අවුලක් නෑනේ ;))))

      Delete
    4. මාත් හැලපේ එක්ක එකගයි.. නලියා සිගරට් කනව නෙමෙයි දන්සැල් දානවා.. හැබෑට මේ යකාව ඒකෙන් මුදවගන්න විදියක් නැද්ද??

      Delete
    5. නලියා සිකරට් කනවා. අටමා විට කනවා. සම හරක් බයිට් ටික කනවා. සම හරක් සින්දු කනවා. මම නම් ඔය එක දේකටවත් නෑ. බෝ ගහක් වගේ..

      Delete
    6. හැක්.. ඔව් ඔව්. උඹ අවුලකට තියෙන්නේ නටන්න ගියාම හුලං ගහන එක තමා.. හැක්..

      Delete
    7. ඔව් .. උඹ ගම කනවා : D

      කව්ද ඩෝ සිංදු කෑවේ .. ආයෙ සෘතියට පණ පිහිටෝල ගහල ඇති ඔ‍රිජිනල් එකයි මේකයි හොයන්ඩ බැරි වෙන්ඩ !! ඕ.යේස්

      Delete
    8. අපොයි අපොයි ඒවා බොලා බලාගනිල්ලා. මං දන්නේ මාතා හුලං ගහන එක විතරයි.. හැබැයි අවුලකට තියෙන්නේ අනුන්ගේ කන්නාඩි වලින් බලන එක තමා.. හැක්..

      Delete
    9. පරිවේශනීය සාධක හස්තය මත තබාගෙනයි මා මුවින් නොබැන ඉවසා සිටින්නේ.. !!
      තේරුණා නේ ,?? මට නං නෑ

      Delete
    10. මට පේන්නේ උඹ සාහිත්‍යය ඇත්තටම ඉගෙන ගත්ත එකෙක් වගේ.. අම්මේ මෙන්න වැන්දා පස් පාගන්න එපා මේ පැති වල.. අපි ප්‍රඟුලෝ හරිය...

      Delete
    11. පුඟුලන්ට තමා බං වැඩ පෙන්නන්ඩ ලේසි !!
      හරි හමං එකෙක් සෙට් උනොත් පුක නෑ !!

      Delete
    12. පුක නෑ කියල හිතහං එතකොට අවුලක් නෑ.. හැක්

      Delete
    13. ගම ගාල්ල.... පුක ලෑල්ල...

      Delete
    14. දෑන් බ්ලොග්වල සාහිත්යමය ස්ටෑන්ඩර්ඩ් එක අපිට ඔරොත්තුනොදෙන අති උත්කෘශ්ට තත්වයකට පෑමිණ ඈති නිසා රූපමය අවවාදයක් බලාපොරොත්තුවෙන් සිටිමි

      Delete
    15. අවලං පත්තරයා වාදකයා නෙවෙයි වදකයා ...

      Delete
    16. ඕ යේස් .. ඊට ලේසියි ගොලු බාසාවෙං කතා කොරමුද ?

      Delete
    17. දේශකයත් සිගරට් කනවා......

      Delete
    18. අනේ ඉවානයෝ !!! මං කියනවා උඹ සිංදු කියද්දි හරකා තප්පු ලනව කියල හිතල එහා ගෙදර ඇන්ටි පුන්නකු බාල්දිය අරං ආපු සීන් එක ඈ !!!

      Delete
    19. මේක බ්ලොග් එකක්ද ? චැට් රූම් එකක්ද ඈ ?

      Delete
    20. කට්ටියගේ කියුම් කෙරුම් ලෙසටම හෙලිවී ඇත :D
      දේශයි නලින් අයියයි කොහෙමහරි සිගරට් බොන එක නවත්තගන්න බලන්න.. :)
      කිව්වත් වගේ මාතලන් අයියගෙ හුලං ගැහිලලනම් මතක් වෙද්දිත් හිනා යනවා :D

      Delete
    21. මාතලංගේ හුලං ගැහිල්ල එක පාරට බෝම්බයක් ගැහුව වගේ පටන් ගත්ත එකක් නේද?? බොලා දැක්කේ නැද්ද මාතා, නලියගේ කන්නාඩිය දාගනෙ ලැපා එක්ක දගලන හැටි.. හැක්..

      Delete
  3. සිකරට්ටු හරි නසබන් කැල්ලක් මරු දේශක

    සුභ අලුත් අවුරුද්දක් වේවා දේශක ගේ පවුලේ සැමට ඕන් ...වැඩි වැඩියෙන් හැක් හැක් කියත්වා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ.. සහෝදර ඇතුලු හත්මුතු පරම්පරාවටම සුභ අළුත් අවුරුද්දක්ම වේවා..

      Delete
  4. අඩෝ... බොක්ක...හමු වෙයං ...හරිය...

    ReplyDelete
    Replies
    1. කෙන්ජී මාමා එනවද මේ අවුරුදුට ඈ ....

      Delete
    2. @කෙන්ජා

      අනිවා අනිවා... මං එනවා එඩිතරව උඹ හමු වෙන්න..

      Delete
    3. @ සහෝ

      ඔන්න අවුරුදු උස්සවේට එනවලු.. අල්ලගනිං සුදු වෑන් එකක් ගෙන‍ෙං

      Delete
    4. නෑ කෙන්ජී මාමා එනවා නම් මොන වැඩේ තිබ්බත් එන්න හිතෙනවා ඕන් ,එත් වෙනස් කරන්න බැරි වැඩක් තියෙනවා ,අවංකවම එන්න හිතෙනවා ..විහිළු නෙවෙයි බොලන් ,තව අරූ ත් එනවා නම් එලකිරි තමා ...

      Delete
    5. අරූ එන්නෑ.. කෙන්ජා නං එනවා... කෝම හරි වරෙන්.. ඉතිං.

      Delete
    6. එනවා කියලා බොරු කියන්න බෑ දේශක ,එන්ඩ බලන්නම් ටිකක් දවල් වෙයි ඒ අවත් ,

      Delete
    7. ඇයි බං හවස් වෙනකම්ම තියෙනවා නේ.. වර වර..

      Delete
    8. සහෝදර එන්න එන්න දවල් වුණාට කම් නැත

      Delete
    9. ඉතිං සහෝදර ගියැයි ඔහේ...

      Delete
  5. රජයේ අවවාදය ~ දුම්බීම පිළිකා ඇති කරයි. :)

    ReplyDelete
    Replies
    1. උං ඒවා ඇති කරනවද බං.. ඒක තමා එහෙනං මේ බෝවෙන්නේ හිටු කියලා. හැක්

      Delete
    2. අඩේ දේශාටත් පවුලේ සැමටත් ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා…!!

      Delete
    3. හැක් හැක්… ඒක ටමා ඇතිකරයි කිය කිය විකුණන්නෙත්.

      මේ ඒක නෙමේ සිරාවටම 20 එනවා නේද?

      Delete
    4. බොටත් බොගේ අප්‍රියනේටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!

      Delete
    5. ඉර හද තියෙන තුරු පෘථිවිය තම අක්ෂය වටේ භ්‍රමනය වන තුරු 20 දින පැමිණෙනු ඇතැයි සිතිය හැකිය..

      Delete
    6. හැක් හැක්.. තව විනාඩි පහකට පමණී..

      Delete
    7. නෑ නෑ බොල මෙහෙම අහන්නම්. "අපේ ඩේශක ටුමා 20වන දින අවුරුදු උත්සවේට පැමිණෙන්නේද?" :)

      Delete
    8. සසිනුවා හෝ යක්සනිය සිටියේ වී නම් තා අසන කුණු බැනුම් සිහිවි මට හීන්දාඩිය දමන්නට විය.. හැක්.. ටුමා ටුමා...

      ඇයි බං මම කලින්ම කිව්වේ මම එදාට කන්නේලියේ යනවා කියලා..

      Delete
    9. යක්සනී ගෙට වෙලාලු බං.. 20 ට කලිං කනාවල ගෙට ගත්තොත් බඩු එයි හූ කියාගෙන.. ඕ යේස් !!

      Delete
    10. මේ දිනවල පැණි හදේ යනවා....යස්සනී.

      Delete
    11. එහෙනං අහිංසකයා මරාගෙන කාල ඇති !!! යස්සනී නොවැ .

      Delete
    12. දේශත් එක්ක මන් තරහයි, මෙච්චර කියලත් කන්නෙලි ගමනක් දාගත්ත අපිව මගෑරල, අහුවෙයන්කො උබ පාරක තොටකදි :/

      Delete
    13. කරන්න දෙයක් නෑ බං.. ගිය පාර කන්නෙලි ගියපු වතාවේ නේ වැඩේ සෙට් කරගත්තේ.. සොරිම තමා...

      Delete
  6. දුං කූරු වලටම මං විරුද්ධයි... ඒ හිං0ද මේකට මං ඔකුත් කීන් නෑ අලේ

    ReplyDelete
  7. අතීතය මතක් කරන්නත් කූරක් ඕන වෙන එක කරුමයක් නේහ්... ? සමහරුන්ට රෙන්ඩත් බෑ ඕක නැතුව...

    ReplyDelete
    Replies
    1. ඒක නං ලෙඩක් බං.. ඔය කූර නැතිව යස අගේට රෙනවා මං දැකල තියෙනවා.. හැක්

      Delete
  8. උඹට ආපහු ඔෆිස් අරින්නේ 21 නේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඔන්න ආවා..

      Delete
  9. ඔව්වා තේරෙයි අපායේදී. එහෙදි පොවන්නේ කාල පන්දමක් විතර ලොකු සිගරට් ලු

    ReplyDelete
    Replies
    1. ඒ ඉන්ටවල් එකේනේ සෑර් !!!

      Delete
    2. //එහෙදි පොවන්නේ කාල පන්දමක් විතර ලොකු සිගරට් ලු//

      අපේ රජතුමාට වඩා යමරජතුමා සාධාරණ ඇති විචාරක මහත්තය.

      Delete
    3. @ පත්තර මල්ලි (උඹ කවුද බං හැබෑට?)
      ++++++++++++

      Delete
    4. මං ඇවිල්ලා හි හී :D අහිංසකයි බං ..

      Delete
    5. පත්තරයා කියන්නේ නියම ආතල් බුවෙක්. අරක්කු බිව්වම මිනිහා ඕන දේකට දස්සයා.. හැක්..

      Delete
  10. අම්මටසිරි.. මෙච්චර ඉක්මනට මෙච්චර කමෙන්ට් ගොඩක් වැටිලා.. එලස්... !!

    ReplyDelete
    Replies
    1. මං හිටියේ නෑනේ ඒකයි ඒ..

      Delete
  11. එකේ ආතල් එක දන්නේ විදපු උන්ම විතරයි

    ReplyDelete
    Replies
    1. ආචා වීරේ අන්න සහතික ඇත්ත..

      Delete
  12. අපරාදෙ සිකරට් තුනට වියදං කරන සල්ලි වලින් මලක් ඇද්දනං බංකුවෙ ඉඳං හඳටම ගිහිං එන්න තිබුණ.

    දේශකයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙනං අර සදරුවා වගේ ලැයිසොම හදේ යවන්න තිබුනා.. හැක්..

      Delete
  13. එහෙනං කලින්ම පතලා දාන්නම්,

    දේශකට ත් පවුලේ සැමට ත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔන්න පස්සේ බාරගත්තා..

      Delete
  14. කතාව බලන්න පස්සේ එන්නම් දේශා,
    එතකන් පාලකයින්ට අපේ දුක දැනෙනා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.........!

    ReplyDelete
    Replies
    1. කතාව බැලුවේ දැන් බං.උඹට අතීතයට යන්න සිගරට් නැතුවම බැරිද...?
      අප්‍රේල් 1 වැනිදා උපන්දිනේ සමරන සෙට් එකේ එකෙක්ද බොලත්...:D

      Delete
    2. අපි ඒම තමා බොල මනෝජය...

      Delete
  15. දුම් කූරක බල මහිමය..

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඒක තමා බලවත්ම බං..

      Delete
  16. දැන්නම් මටත් ඒ හැටි විවේකයක් නැතුවට, මීට අවුරුදු දෙක තුනකට කලින් නම් මමත් ඔහොම පුටාර් එක පැදගෙන ගිහින් මුහුදු වෙරළෙ හවසට ඇවිදල මූද දිහා බලන් ටිකක් කල්පනා කරල, හවසට සෙල්ලම් කරන සරුංගල් අරින ළමයි, සතුටින් ඉන්න මිනිස්සු දිහා බලන් ඉඳල මමත් සතුටින් ගෙදර එනව. ඒත් මම ඒ සතුට ලැබුවෙ නොමිලෙ, මට සිගරට්වලට වියදම් උනේ නෑ. ඒත් මම උඹට මොකුත් කියන්නෙ නෑ දේශා, උඹ පුරුදු උන හැටිනේ. මම දන්නව, අනිත් එවුන් කොච්චර කිව්වත් බොන එකා ඒක නවත්වන්නෙ නෑ, ඌටම එපාවෙනකම්.

    එහෙනම් උඹටත් පවුලෙ අයටත් බලාපොරොත්තු ඉටුවී සියළු වැඩ කටයුතු සාර්ථක වෙන, යසඉසුරින් පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මචෝ...

      මාත් ඔය සිගරට් නැතුවත් බීච් එකට වෙලා ආතල් ගත්ත පොරක් බං.. උඹයි මායි එක තැන හිටියද කියල තමා ෂුවර් නැත්තේ..

      Delete
  17. මේ ළඟ දි ඉස්කෝලෙ පැත්තෙ ගියාම පුදුම දුකක් දැනුණෙ....

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ.. ඉස්කෝලේ ළමයි හිටියේ නැද්ද..

      Delete
  18. වයස
    අල්ල ගනින්
    පුලුවන්නම්
    හිර කරල.

    ශුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා!!

      Delete
  19. කළකම් පස්සෙන් එලවනව දේශෝ පරිස්සමින් හිටපන්...හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... කළ හොද පස්සෙන් එනවා කියන්නේ ඒකට නේ බං..

      Delete
  20. ශෙහ් මන් එද්දි සෑහෙන වෙලා ගිහින්නෙ, මොනා උනත් කියන්න තියෙන්නෙ, දුම් වැටියයි මත් වතුරයි හරි අවදානම් කියලා, අරක්කු බිව්වත් කොහොමහරි සිගරට් බොන එකනම් නවත්තගන්න අයියේ :)

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete
    2. තැන්කුයි සසියෝ.. ස්තුතියි උපදේසේට... බොක්කෙන්ම

      Delete
  21. දුම් කුරකට කරන්න පුළුවන් හරිය තමයි ඉතින් මේ..

    ReplyDelete
    Replies
    1. ඊට වඩා දේවල් කරන්න පුළුවන් බං...

      Delete
  22. ඔය ඒ කාලේ දුම් බීව නිසා තමාලු අර හිනාව 'හැක හැක' සද්දෙන් එන්නේ...:D

    දේශක පවුලට සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් එසේම වේවා...

      Delete
  23. දේශකට සුභම සුබ හැක් හැක් එකක් වේවා!!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි විදානේ.. තැනුකුයි..

      Delete
  24. දුම් කූරට තිත තියන්න පුළුවන්නම් තමයි වටින්නේ ...

    දේශකතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  25. ඔබත් කදිම සොඳුරු මනුෂ්‍යයෙක්.

    \\අතරින් පතර දිලෙමින්, නිවෙමින් දැල්වෙන කුඩා තරු එළි මා දිහා නෙත් දල්වන අයුරු දකින මා සිත කුල්මත් වේ. මා දකින සමහර තාරුකා තම දීප්තිමත් ඇසින් මා දෙස බලා සිටින ආකාරය දුටු විට, තවත් කෙනෙකුන් ඒ තාරුකාව දිහාවම කොහේ හෝ සිට බලා සිටිය හැකි නොවේ දැයි මට සිතේ. එවැනි විටෙක අප දෙදෙනාම සිතන්නේ එකම දෙයක් නම් එය කොතරම් පුදුමයක් දැයි සිතෙන විට සතුටක් දැනේ. //

    අහස දිහා බලන හැම මොහොතෙම ඔය හැඟීම මටත් තදින්ම දැනෙනවා.

    ඔබටත් සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (කැහි කූරෙන් අත්මිදීමට ශක්තිය දහිරිය ලැබෙන අලුත් අවුරුද්දක් වේවා!)

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. ඒ වගේම ස්තුතියි උපදෙස් වලටත්..

      Delete
  26. දේශකයා ඇතුලු පවුලේ සැමටම වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. චාම්ස්ටත් එසේම වේවා!!

      Delete
  27. සිගරට් එකකට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද බොලං...එහෙනං කුපාඩි කොල්ලො බොරුවටනෙ // පව් ජෝන් තවම සිගරට් බොනවා // කියලා බස් වල ඉස්ටිකර් කෑලි අලවලා තියෙන්නෙ...

    පරණ අවුරුද්දෙ මේ පැත්තෙ ආව නිසා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා.. බොටත් වාසනාව මේ වසරේ ගෙන ඒවා කියා පතන්නෙමි..

      Delete
  28. දැන් මිනිස්සුන්ට අතීතය මකත් කරන්නවත් වෙලාවක් නැහැ. ඒ තරමට මිනිස්සු යන්තර සූත්තරවගේ වෙලා. පතනවා දේශකටත් සුභ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු.. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..

      Delete
  29. අවුරුදු නිවාඩුවත් ලැබූ අවුරුද්දත් සතුටින් ගතවේවා කියා ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
    Replies
    1. අවුරුදු නිවාඩුවනං එළටම ගියා බං... හැක්..

      Delete
  30. දේශකයා මනෝ ලෝකයේ සැරිසරන්න යනවා වගේ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තමා මනෝ ලෝකයේ ගියේ. දැං කෝමත් ඉන්නේ මනෝ ලෝකයේ නේ සරෝ. සරාට සුභ අළුත් අවුරුද්දක් වේවා..

      Delete
  31. මටත් ඔහොම සිගරට් ගහලා අතීතයට අනාගතයට ගිය කාලයක් තිබ්බා, දැන් ඒක ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මට මතකයි පොඩි එකා ඇස් ලොකු කරන් කඩේ ගාවදි ඒක අහපු විදිය..

      Delete
  32. me post ekata harinam kotu kotu daanna onaa...

    suba aluth awuruddak wewaa deshaka thumo

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔබටත් ස්තුතියි සයිරි..

      Delete
  33. සිරාවටම, මාත් අත්දැකීමෙන් දන්නවා නිකොටින් වලින් මානසික තටයුතු වල ඒකාග්‍රතාවය වගේම, තීව්‍ර කිරීම සිදු වෙනවා කියලා. මං අර පහුගිය ටිකේ බ්ගොගේ දාපු කතාව ලියද්දිත් මාර විදිහට සිගරැට් වල සහාය ලැබුවා.

    හැබැයි දේශකයො... අරක්කු වලට වඩා සිගරැට් භයානකයි බං... පරිස්සම් වෙයං.

    ReplyDelete
    Replies
    1. ඔව් බං... මම නං ලියද්දි කියද්දි පාවිච්චියක් නෑ... උවමනා උනොත් එළියට ගිහිල්ල එකක් ඇදල එනවා.. ජය වේවා ඩ්‍රැකියෝ..

      Delete
  34. සිගරට් වලින් අත් මිදී යහපත් පුරවැසියෙකු වන්නට හැකි සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබේ පැතුම එලෙසම ඉටු වේවා...

      Delete
  35. අනේ මන්දා දේශා.....මමනම් දැන් කූරු ප්‍රමාණය 10න් පල්ලෙහා දවසකට. ඉස්සර 15-20 අතරේ තිබුනේ. බොනකොට නම් එකක් නිවෙන්න එකක් ඕන. හිටපු ගමන් සතියක් විතර නොබීම ඉන්නවා ජාති දෙකම. උඹ දන්නවාද මුන් සල්ලි ගිලිනවා බන්. බෙන්සන් වීස්සක් දැන් පවුම් නවයක් විතර. ඒක ලොකු වියදමක් මචෝ.

    ReplyDelete
    Replies
    1. සල්ලි කන යන්තරයක් තමා බං සිගරට් එක.. ඒකේ දෙකක් නෑ...

      Delete
  36. සුභ අලුත් අවුරුද්දක් වේවා....! සිගරට් බීම නැවතේවා...!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සිසි... ඔබට ස්තුතියි.. පැතුමට..

      Delete
  37. හප්පේ හැමදාම වගේ ෆුට්බෝඩ් එකට මං ආව ඇහ්...
    පරක්කු වෙලා හරි මුලින්ම දේශකයට සුබම සුබ අලුත් අවුරුද්දක් කිවුවා... අනේ වාසනාවන් සිගරට් බීම නැවතේවා කියා මාත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. පුඩ්බෝඩ් ආවත් ඉතිං මට නං සන්තෝසයි.. ජය වේවා.. තැන්කුයි.. උපදෙස ගැනත් හිතා බලන්නං... හැක්..

      Delete
  38. අතීතකාමය රසවත් නමුත් අතීතය මෙනෙහි කරන්න දුම් කුරක් කුමටද?

    ReplyDelete
    Replies
    1. ඇයි හැබෑට බොලා දුං කූරු වලට ඔච්චර වෛර කරන්නේ...

      Delete