Tuesday, April 1, 2014

සිත, කය දැකීම!!

රාත්තිරියේ ඇද හැලුනු මුරුගසං වරුසාවෙන් හෙම්බත් වූ වහලය තුලින් හා පරිසරයෙන් නැගෙන සුසුම්, සිහින් සීතලක් මෙන් මාධවීගේ ගත වෙලා ගනිද්දි, ඇය පොරවනය නැවත සොයා පොරවාගෙන අනිත් ඇලයට හැරී නිදන්නට විය. ඇඳ ඉහත්තාවේ ඇති වීදුරු ජනේලය තුලින් විටින් විට මතුවන ආලෝක කදම්බයන් සුදු පැහැති බිත්තියේ වැදෙන නිමේෂයේ මාධවී ගේ සිරුරේ උස් පහත් තැන් විමසමින් අයෙකු කාමරයේ දොරකඩ අසල නතරව සිටී.

සීතල සුළගට සෙමින් පැද්දෙන ජනෙල් රෙද්ද සීරුවට පාද තබන භට කන්ඩයක් සේ වරෙක එක් පසකටද, වරෙක් අනෙක් පසටද සෙමින් පැද්දෙන අයුරු ඔහු උවමනාවෙන් බලා සිටී. ජනේලය තුලින් පෙරී එන විදුලි ආලෝකය තත්පරයක් දෙකක් ඔහු නැවත මාධවීගේ හැඩරුව විමසීමට, පිරික්සීමට යොදා ගනී. 

ඇඳ වට කොට ඇති නිල් පැහැති මදුරු දැළද ආලෝකයෙන් සුදු පැහැයෙන් දිස් වන අතර, තවත් මොහොතකින් එය කළු පැහැයෙන් දිස් වේ. එමෙන්ම ඔහුගේ සිත තුලද වරින් වර සුදු, කළු වර්ණ ඇති වෙමින් නැති වෙමින් යද්දී කාමරය සිසිරා සීරුවේ කැරළි ගසන සිහිල් සුළං ධාරාව ඔහු මොහොතකට කුල්මත් කර ඇති සේය. ඉඳින් තව දුරටත් බලා නොසිටි ඔහු සෙමෙන් සෙමෙන් තම පය ඉදිරියට තබන්නට විය. ඇඳ වට කොට යට කර ඇති මදුරු දැළෙන් ස්වල්පයක් එළියට ගත් ඔහු ඒ තුලින් තම දකුණත සීතල ජලාශයක් ස්පර්ශ කරන්නට මෙන් සෙමින් සීරුවේ ඉදිරියට යොමු කරන්නට විය. 

තම පිටුපස ඔහු වෙත යොමු කොට බිත්තිය දිහාවට මුහුණ හරවා අත් දෙකෙම තම කලවා අතර සගවා ගෙන සිටින්නී හෙළන හුස්ම පොදෙහි උණූසුම ඔහුට නොදැනුනද, ආශ්වාස ප්‍රාශ්වාසයෙහි තරම මැනවින් පෙනේ. තවත් මොහොතකින් බිත්තියෙන් පෙරී මතු වූ විදුලි එළියෙන් මාධවීගේ නිරුවත් උරපත්ත ඔහුට පැහැදිලිව පෙනෙන්නට විය. ජලාශය තෙක් රැගෙන ගිය තම අතැගිලි මොහොතකින් සීතල පෘෂ්ඨයකට ස්පර්ශ වෙද්දී ඔහු සෙමෙන් එය පිරි මදින්නට විය. තම අතැගිලි මාධවීගේ උරපත්තේ සුසිනිදු බව සොයද්දී වුවද මාධවී සුව නින්දේ පසු වෙයි. 

නින්දට බාධාවක් නොවු තැන ඔහු තම අතැගිලි උරපත්තේ සිට ඉහලින් මාධවීගේ පපු ප්‍රෙද්ශය ආක්‍රමණය කරද්දී දැඩි ප්‍රාශ්වාසයක් නැගූ ඇය නිසොල්මන් වූවාය. සැනෙකින් තම අතැගිලි වල චලනය නැවැත්වූ ඔහු තවත් මොහොතකින් එය ආරම්භ කළේය. තත්පරෙන් පංගුවක් තුල ඇඳ මත කෙලින් වාඩි වූ මාධවී තිගැස්මෙන් යුතුව කට අයා සිටින අයුරුත් ඇයගේ හඩ පිට නොවෙන අයුරුත් ඔහු දුටුවේය. සෙමින් සෙමින් තම අත ඉවතට ගෙන එම අත නැවත මාධවීගේ උකුලත මත තබා සෙමින් තට්ටුවක් දැමු ඔහු තම හඩ අවදි කරන්නට විය.

“මාධවී.. මාධවී බය වෙන්න එපා.. මේ මම“ ඔහු මිමිණිමක් ලෙසින් පැවසු දෙයද තේරුම් ගත නොහැකිව දැඩිව රෝමෝද්ගමනය වූ තම කය ගැහෙනා අයුරින්ම ඇය බලා සිටියාය. කිසිවක් කර ගත නොහැකි ඇයට ඔහුගේ අත තම කලවා මත තැබීමෙන් ඇති වූ අමුතුම කායික පීඩාව තව දුරටත් විද දරා ගත නොහැකි විය. මේ මහා රාත්තිරියේ තමන්ට කුමක් වේදොයි නොදැන ඇය බලා සිටියාය. කිසිදා විද නොමැති හිරියක් ඇයගේ ශරීරය පුරා දෝංකාර දෙන්නට විය. රාත්‍රි ඇදුමේ ගුලි ගැසුනු පයෝධරයන් රෝමෝද්ගමනයෙන් උද්දීපනය වීමෙන් සිරුරට සමාන්තරව නැගී සිටියි. එහෙත් තමා මේ දකින්නේ සිහිනයක් නොවන බවට සැක හැර දැන ගැනීමට ඇය තම අත, උකුල කරා ගෙන ගිය විටදී, හැබැහින්ම ගොරෝසු අතක ස්පර්ශය ලැබීමෙන් ඇය සිහඑළවා ගත්තාය.

නිවසේ සිටින්නේ තමන්ගේ වැඩිමල් සහෝදරියත්, අම්මාත්, තාත්තාත්, සහෝදරියගේ ස්වාමි පුරුෂයාත් වන හෙයින්, ඉත්තේරුවට ඇයට වැටහී ගියේ තම නම කියා කතා කරන ඔහු තම මස්සිනා ම වන බවය.

***************************************************

මොහොතකින් ඇය දහවල් අහසේ සිරස්ව හිරු පායා ඇති මාවතක් අසල සිටියි. ඇය අසළ ගැවසෙන ඇයගේ සොහොයුරිය කිසියම් කරුණක් අරභයා තැති ගෙන සිටින අයුරු දුටුවෙන් ඇය එය විමසා සිටියාය.

“අක්කේ මොකෝ අප්සට් එක.. “

“මොකුත් නෑ“

“එහෙනං මොකටද ඔය තක්බීර් වෙලා වගේ ඉන්නේ.. කියනවා කියනවා“

“බලනවා හෙමින්.. ඕයි එක පාරට නෙමෙයි. නොදැනෙන්න.. දකුණු අත පැත්තේ කඩේ ඉන්න පොර.. නිල් පාට ටී ෂර්ට් එක ඇදල ඉන්නේ.. අපි දිහා බලන් ඉන්නවා.. ඌ අපිව කන්න හදනවද මන්දා අච්චර ඇස් ලොකු කරන් ඉන්නෙ.. පොඩ්ඩක් හිටින්.. එක පාර බලන්න එපා“

“අප්පෝ.. ඔයා ඔය හාදයව අදද දැක්කේ.. මම නං හැමදාම දකිනවා පොර කඩේ ඉදන් අපි යනකොට හැමදාම රබර් ඇහැ දානවා.. ලයින් එකක් වගේ.. මං හිතන්නේ අක්කට.. හිහි“

“විකාර.. මට පේන්නේ මිනිහා තමුසෙට බැල්ම දානව වගේයි“

“අනේ මේ.. මිනිහා මට නෙමෙයි තමුසෙට බැල්ම දාන්නේ.. හිටුකෝ.. මං අහල එන්න කඩේට ගිහින්“

“පිස්සද නංගි.. විකාර නොකර ඉදින්“

අක්කාගේ පළමු ඇස ඔහු කෙරේ යොමු වන්නට පෙර ඒ ඇස් තමන් වෙත යොමු වී ඇති බව මාධවී දැන සිටියාය. එහෙත් ඒ ඇස් කොතැනක නතර වන්නේ දැයි නිනව්වක් ඇය තුල නොතිබූ හෙයින් නොකර කතා සිටි ඇයට, අක්කාගේ වදන් වලින් තව දුරටත් එය වහංගු කල නොහැක. මාධවීගේ සිත තුල කුකුසක් තිබුනේ ඔහු තමා දෙස එක එල්ලේ බලා සිටින බවයි. ඒ හැගීමෙන් කුල්මත් වූ ඇය සතියක් දෙකක් පමණ නින්දේදී ද කිසිදු විශේෂ හේතුවක් නොමැතිව ඔහුගේ හැඩහුරුකම් මනසින් රස වින්දාය. වසර විසි හතරක් වූ තරුණියකගේ සිත තුල, ආගන්තුක තරුණයෙකුගේ ආකර්ශනය යොමු වීම පිළිබද සිතුවිලි කෙසේ වේදැයි විස්තර කිරීම අපහසුය. එය සමහර විට ආගන්තුක සිතුවිලි හෝ කිරා මැන බලා ගත් යම් කිසි පුර්ව නිගමනයකට ආගමනයක් වීමට පුළුවන. මාධවී කඩයේ සිටි තරුණයා පිළිබදව මනසින් විමසා බැලුවාය. ඔහුගේ උස් වූ ශරීරය, එයටම ඔබින ලෙස වූ පෘෂ්ඨිමත් බව හා නෙත් සඟලින් දිස් වූ දීප්තිමත් බව ඇය මං මුලා කොට ඇත්තේය.

එහෙත් කාලය තව දුරටත් ඇය ඉදිරියේ සිය හැගීම් වර්ධනය වීමට ඉඩ නොතිබුනේය. අක්කා ගෙදර පැමිණි විටකදී කියු දෙයකින් ඇය තම සිහින ලෝකය හමස් පෙට්ටිය තුලම සගවා ගත්තාය.

“ඒයි.. මාර වැඩේ හලෝ උනේ.. අර හාදයා... “

“මොන හාදයද. අර කඩේ බතල කොටාද“

“සික්.. ඔව්.. මිනිහා තමා.. මාත් එක්ක අද කතා කරා නේ.. මාව හම්බ වෙන්නලු හිටියේ..“

“ඉතිං ඉතිං..“

“මම කිව්ව ඉතිං දැං හම්බ උනානේ ඉතිං මොකද කියලා“

“හි හි.. ඉතිං ඉතිං“ මාධවී තම අක්කාගේ අත දැඩිව අල්ලා ගත්තාය.

“හෙට උදේට සුපර් මාර්කට් එකට එන්න පුළුවන්ද ඇහුවා තනියම“

“ඉතිං තමුසේ කැමති උනා“

“නෑ.. නෑ. මං කිව්වා බෑ කියලා“

“අනේ යනවා හලෝ යන්න.. බොරු නොකිය“

“මං කීවේ ඇත්ත. ඒත් බේරෙන්න බැරි උනා... මං කිව්ව නං තමා එන්නං කියල ඉතිං“

“ආව් ආව්.. ඔන්න මුනේ සෙවල බේරෙනවා.. හරි හරි.. සුභ පැතුම් ආ.. කොල්ලෙක් සෙට් උනාට“

පළමු හමුවෙන් ඉක්බිති මාස කිහිපයක ඇවැමෙන් මාධවීගේ සහෝදරිය සහ ඔහු අතර වූ පෙම් පලහිලව්ව අතු ඉති ලා වැඩෙන්නට විය. දවස ගානේ ලැබෙන වාර්තා මාධවී අකුරක් නෑර දැන සිටියාය. හමස් පෙට්ටියේ වූ සිතුවිලි වලට බාධාවක් නොවන පරිදි ඇයද තම සොහොයුරියට උපරිම සහයෝගය ලබා දුන් අතර, අවස්ථා කිහිපයකදී මුහුදු වෙරලේදී ඔවුන් හා දොඩමළු වෙන්නටද මාධවීට හැකි විය.

“මාධවී නංගි.. අක්කා ටිකක් සැරයි නේ.“

“එයා කෝමත් එහෙම තමා අයියේ. සෙනසුරු නැකතේ නේ“

“හයියෝ.. ඕවා කියන්න එපා.. මං සෙනසුරා මට්ටු කරල ආපු කෙනෙක් මෙහෙම හිටියට. හැක් හැක්“

“අයියේ.. ඔයා කඩේ හරියට කරන් යනවද?“

“ඇයි නංගි එහෙම අහන්නේ“

“නෑ ඉතිං ඔයාගේ වැඩේ පාරට රබර් ඇහැ දාන එකම නේ“

“හැක්.. රබර් ඇහැ නැත්නං කෝමද මේ වගේ මාර දූතියෙක් අල්ල ගන්නේ.. තව බලනවා මීට වඩා හොද තැනක ඇහැ නතර උනොත් එහෙම මොනව වෙයිද“ දීප්තිමත් දෑස තමා වෙත එල්ල කරමින් ඔහු පැවසූ දෙය මාධවී ගනනකටවත් නොගත්තාය. එහෙත් අක්කා ඔහුගේ උරපත්තට සෙමින් කළ පහර දීමට, විරෝධයක් ලෙස ඔහු අක්කාගේ පපු ප්‍රෙද්ශයට කරන ලද තට්ටුව මාධවී නොදැක්කා සේ සිටි අතර, එම විරෝධය දිගින් දිගටම යද්දී, ඇය ඔවුන්ගෙන් ඉවතට ගියාය. කිසිදා නින්දක් නොලැබ රැළි මවමින් ආපසු ඇදෙන මුහුද දිහා බලා සිටිය ඇයට, “මේකා නං මහ පිස්සු පොරක්“ කියා සිතෙන විට කට කොනකට සිනහවක් නැගී ආ හෙයින්, මාධවී නැවත විරෝධයේ යෙදී සිටින දෙදෙනා දිහා ඇස් කොනින් බැලුවාය. විරෝධය අවසන් වී යම් සමථයකට පත් අයුරින් ඔහුගේ උර මත අක්කාගේ මුහුණ ඔබා සිටින අයුරු ඇය දුටුවාය. තමා බලනු දුටු ඔහු තම අත් දෙකම විදහා පැවසුයේ, “ඔන්න දැක්ක නේ.. හෙනහුරා මට්ටු කරා. කෙහොමද වැඩේ“ ලෙසින් වන්නට ඇතැයි මාධවීද තම සිනහව පිට කරමින් සිතුවාය. ඔහු “මහ පිස්සු කොල්ලෙක්“ ලෙස මාධවීගේ සිත තුල ප්‍රතිරූපයක් ගොඩ නගා ගත්තේය.

*************************************************

අක්කාගේ කසාදයේදී වැඩි බරක් ඇදීමට සිදු වූයේ මාධවීට හෙයින්, ඇයට විටින් විට ඔහු සමග ත්‍රී රෝද රථයෙන් නොයෙක් ගමන් බිමන් වල යෙදීමට සිදු විය. ඒ සියළු අවස්ථාවන් හිදි ඇය තුල වූ ඔහුගේ ප්‍රතිරූපය තව දුරටත් ප්‍රත්‍යක්ෂ විය. වාහනයේ සිට විටෙක ගීත ඛණ්ඩයක් ගායනා කරන ඔහු, තවත් විටෙක කිසිදු හේතුවක් නොමැතිව බුම්මා ගෙන යයි. තවත් විටෙක යම් කිසි පදයක් කියා එහි අරුත ද්විත්ව තේරුම් සහිතව තේරුම් කර දෙයි. විටෙක යක්ෂයෙකු මෙන් කෝප වන ඔහු, ඒ සැනෙකින් යක්ෂයා පලවා හරියි. මේ සියළු මුහුණත් වලින් යුත් ඔහු කෙරේ මාධවී තුල තිබූ නොපහන් වූ ආකර්ශනය වැඩෙන්නට විය. එහෙත් කිසිදු අයුරකින් එය එළි නොකිරීමට ඇය සමත් කම් දැක්වූවාය. දීප්තිමත් ඇස් එකිනෙක ගැටීමේදි එහි දීප්තිය යම් යම් අදහස් හුවමාරු කරන බව දෙදෙනාම දැන නොසිටින්ට ඇත.

මාධවී ගේ ඇස් මායිමෙන් හා ඇය අසළ ගැවසීමෙන් ඔහු සිත තුල යම් චලනයක් සිදු වේ. අවස්ථා කිිහිපයකදී තම අත ඇයගේ ශරිරයේ හෝ අතෙහි ස්පර්ශ වෙද්දී ඔහුගේ සිත තුල අමුතු චුම්බක බලයක් ක්‍රියාත්මක වන බව ඔහුට දැනුනේය. එහෙත් එය කුමක් දැයි පවසන්නට ඔහු අපොහොසත් විය. මාධවී හා දොඩමළු වන විට හෝ ඇය අසල සිටින විට තම සිත පෘෂ්ඨිමත් වන බව ඔහු දැන ගත්තේය. එය හැගීමක් පමණක් විනා අන් කිසිවක් නොවන බවත්, නොයිදුල් තරුණියක ඇසුරේ සිටිද්දී එවැනි හැගීම් ඔහුට පහළ වී ඇති වාර ගණන අනුව බලද්දීද මෙය අමුත්තක් නොවන බව ඔහු දැන සිටියේය. 

************************************************

කාලය ගෙවී යද්දී මාධවීගේ සහෝදරිය විවාහ කර ගත් ඔහු, තම බිරිදගේ බලවත් ඉල්ලීම මත බිරිදගේ නිසහෙිම රැදෙන්නට පක්ෂ විය. කුමන අයුරින් බැලුවත් එය තරමක් පහසුවක් වන්නේ පැය දෙකක පමණ දුරින් වූ තම නිවසේ සිට ව්‍යාපාරික ස්ථානය කරා ගමන් කිරීමට සිදු වීම ඉන් හරි අඩකටත් වඩා කාලයකින් අඩු වීමය. නිවසේ රැදෙද්දී, මාධවීගේ කාමරය වෙත ඔහු කෙදිනවත් පා තබා නොතිබුනේය. එහෙත් විසිත්ත කාමරයේ හෝ වෙනත් ස්ථානයකදී මාධවී හමු වීම සුලභ සිද්ධියක් විය. උදෑසන කෑම පිසන විට මාධවී හා තම බිරිය එකතු වී එම කටයුතු කරන අයුරු ඔහු අනන්ත දැක ඇත්තේය. රාත්‍රි ඇදුමට උඩින් හව්ස් කෝට් එක ගවසා සිටියද, මාධවීගේ සිරුරෙන් නික්මෙන් ආකර්ශනය බැහැර කරන්නට ඔහුට හැකි වූයේ නැත. 

කාලයක් තිස්සේ සිත තුල පිළිසිද ගත් කලල වර්ධනය වන්නට විය. මාධවී දැක්මෙන් උද්දීපනය වූ එම හැගීම්, නිසි පෝෂණය ලද කලලයන් මෙන් වැඩෙන්නට විය. තව දුරටත් ඔහු සිත තුල හොර රහසේ පැන නැගී මාධවී ඔහුගේ සිත කොනිත්තන්නට විය. වේලෙන්ට දමා ඇති ඇදුම් අතර මාධවීගේ ඇදුම් සොයා ඔහුගේ ඇස් දිව යන්නට විය. නිවස තුලදී වන මාධවීගේ ක්‍රියාකාරකම් දෙස උවමනාවෙන් බලා සිටින ඔහු සිත මාධවී පිළිබද රාගයෙන් උත්සන්න විය. හේතුවක් රහිතව වුවද මාධවී පිළිබද සිතුවිලි, එළෙසින්ම තමා පිළිබදව මාධවී තුලද පවත්වා බවට ඔහු සිතා සිටියේය.

***************************************************

හිරිගඩු පිපෙන සීතල ගැවසෙන මුරුගසං වරුසාවේ, අැද මත සිටි ඔහුගේ සිත තුලද එළියේ මෙන් විදිලියක් කොටන්නය විය. එය එන්න එන්නම දැඩි ලෙස සිත තුල ඝට්ඨනය වද්දී, තව දුරටත් පාලනයක් නොමැති ඔහු තම ඇද හැරපියා සෙමින් සීරුවේ මාධවීගේ කාමරය වෙත ගමන් කරන්නට විය.

තම ස්පර්ශයෙන් කැළඹුන මාධවී ඇද මත වාඩි වී සිටියදී, ඔහු සෙමින් ඇද පාමුල පහත් වී “මාධවී මාධවී බය වෙන්න එපා..මේ මම“ පැවසුවේය. ඇස් පිය ගැසු ඇය කිසිත් පවසාගත නොහැකිව සිටියදී ඔහු තව දුරටත් තම අතින් ඇයගේ කලවා මිරිකන්නට විය.

“අනේ එපා අයියේ.. ඔයා යන්න“

“බෑ බෑ.. මට ඔයත් එක්ක ටිකක් ඉන්න ඕන“

“මං කෑ ගහනවා.. අක්කා ඒවි එතකොට“

“පිස්සුද මාධවී.. මං යන්නං එහෙනං“

එහෙත් ඔහු තව දුරටත් තම අත මෙහෙයවමින් මාධවීගේ කලවා මිරිකන්නට විය. දුහුල් රාත්‍රි ඇදුමෙහි සෞම්‍ය ගතිය ඒ අයුරින්ම මාධවීගේ කලවා මත වන බව ඔහු අත් වින්දේය. එයට පිටුපා යෑමෙහි හැකියාවක් ඔහුට නොවීය.

“අනේ අයියේ. දැං යන්නකෝ..අක්කා ආවොත් එහෙම“

“අක්කා එන්නෑ. එයා නිදි හොද එකෙන්ම“

“මට මොකක්ද මේ උනේ.. අයියා යන්න අයියේ... අනේ“

“මට බෑ. මට ඔයත් එක්ක ටිකක් ඉන්න ඕන“

“අක්කා මේක දැනගත්තොත් මටයි මැරෙන්න වෙන්නේ“

“නෑ නෑ එහෙම නැහැ.. මං ඒක බලාගන්නං.. පොඩ්ඩක් ඉන්නකෝ මාධවී“ ඔහු තම දෙඅත් ඇයගේ දැඩි වූ පියොවුරු මතට ගෙන එද්දී එය වළකන්නට තම අත් දෙකින්ම ඔහුගේ අත් දෙක තද කර ගත්තාය. පසුව එම අත් ඉවතට තල්ලු කළ ඇය, තම අත් නිදහස් කරගන්නට උත්සාහ කළද එසේ කළ නොහැකි විය. ඔහු මාධවීගේ අත් දැඩිව අල්ලා ගෙන සිටියේය. නැවත සෙමින් සීරුවේ ඇයගේ අත් එකතු කොට තමා වෙතට කිට්ටු කරගත් ඔහු ඒවා සිඹින්නට විය. එයින් කුල්මත් වූ මාධවී ඇඳ මත විලියෙන් ඇඹරෙන්නට විය.

“ඔයා හරිම නරකයි. අක්කට දෝහි කං කරනවා නේද?“

“ඉතිං මොකෝ..?“

“මට තමා මැරෙන්න වෙන්නේ.. මේ වේදනාවෙන්“

“ඕන නෑ මං ඔයාව මරන්නං.. හැක්“

“ඔව් ඒකනං කරාවි තමා“

“මොකකද් කිව්වේ“ බොරු තරහක් මවමින් ඔහු තම දෙඅත් ඇයගේ බෙල්ල හරහා තබා මිරිකන්නට මෙන් තද කරද්දී, බියෙන් සලිත වූ මාධවී තම අත් ඔහුගේ අත් මත තබා ගැලවෙන්නට උත්සාහ කළාය. එහෙත් පලක් නොවීය. සිරුරේ නොගෑවු ඔහුගේ බාහු සෙමින් මාධවීගේ පියොවුරු පෙදෙස තෙරපන්නට වූයෙන් ඇය තැති ගත්තාය. සෙමින් ඇරඹුන ඒ තෙරපුම බාහු දෙක දෙපැත්තට ගෙන යමින් ඔහු සිදු කළ කාර්යය මාධවී වෙනත් ලෝකයකට ගෙන යාමට සමත් විය. කෙදිනක හෝ නොවිදි සුවයකින් මුසපත් වූ ඇය සියළු විරෝධයන් ඉවත් කොට නිසොල්මනේ සිටියාය. සිත තුලද, ගත තුලද විටින් විට විදිලිය දුවද්දී එය නොනවත්වා සිදු වන්නේ නම් මැනවැයි ඇයට සිතුණි.

රාත්‍රි කාලය පුරාම තිබූ විදිලි කෙටීම් වල අඩුවක් නොමැති විය. මාධවීගේ සහෝදරිය සිටින කාමරයේ ජනේල අතරින් පෙරී බිත්ති මත පතිත වූ විදිලියම, මාධවී හා ඔහු සිටි කාමරයේ ජනේල් අතරින්ද රිංගා බිත්ති මත පතිත විය.

144 comments:

  1. භයානකයි කනගාටුදායකයි

    ReplyDelete
    Replies
    1. මොකක්ද හැබෑට භයානක.. හැක්

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හම්මේ...මේ මොකද වෙන්න යන්නේ...

    ReplyDelete
    Replies
    1. වෙන්න තියෙන දේ වෙනවා බං..

      Delete
  4. ලස්සන කෙටි කතාවක්, වෙලාවකට හිතෙනවා, මේ මාධවී ගේ සිතුවිලිමද කියලා, ඒ වගේම මස්සිනාගේ සිතුවිලිමද කියලා.. මේ වගේ සිද්දි සමාජයේ හැමදාමත් තියේවී,

    මස්සිනාගේ වචන අතර "හැක් හැක් " දකිද්දී ඒ මස්සිනාගේ චරිතෙට පණ පෙවුනේ දේශක තුමාගේ රූපේ ,,, :)

    ReplyDelete
    Replies
    1. දේශගෙ හොර වැඩ තමා බන් මේ :D

      Delete
    2. "හැක් හැක් " දැක්කාම මටත් හිතුනේ ඕකම තමයි.;D

      Delete
    3. පිරිමින්ගේ හැටි තේරුම්ගන්න හොඳයි.

      Delete
    4. වනිතා මචං..එහෙමනං එතකොට ගෑනු ගැන අපි තේරුම්ගන්න ඕන පොඩ්ඩක් ටියුන් කරාම ඕන ගෑනියෙකුට #@$% පුලුවං ජාතියක් කියලද ???

      ආත්ම ශක්‍තියක් නැති හැඟීම් වලට වහල් වෙන ජාතියක් හැටියටද ???

      අඩේ මරුනේ !!!!!

      Delete
    5. වනිතා@ මෝඩ කතා කියන්න එපා ඕනේ එකටයි එපා එකටයි හැම එකටම. මේ කතාව හොදට කියවලා බලන්න මෙතන ගැහැණු පිරිමි බේදයක් නැහැ,,, මේ වගේ සිද්දියකදී වැරදි පිරිමියා විතරක් නෙමේ,, ගැහැණියත් වැරදි,, ඒ වගේම මේවා පිටින් දකින අපිට වැරදි වුණාට ඒ අවස්තාව අත්විදපු කෙනෙක්ට ඒක වරදක් නෙමේ... ඔයා අනවශ්‍ය විදියට පිරිමියාව සතුරෙක් විදියට දකින්න උත්සහ කරනවා.. බුද්ධිමත්ව හිතන්න,, නිතර විහිලුවට ලක්වෙන්න එපා.

      Delete
    6. @ අපූර්වී

      මෙන්න පහක්....!!

      Delete
    7. එයා කාගෙන් හරි නානකං හිටියෙ... ඇත්තටම එයා හැමදාම චා වෙන්නෙ ඕන්නැති කතා කියලම තමි

      Delete
    8. @ ඔමා

      ස්තුතියි.. හැක් හැක් දාලා මං බලාපොරොත්තු උනේ බොලා මාව කාවි කියලම තමා.. හැක්..

      @ වනිතා

      ඔයාට ඕනම අදහසක් කියන්න මෙතැන ඉඩ තියෙනවා. කාටවත් අපහාස නොකර ඕනම දෙයක් කියන්න.. (මේ ළමයි ටික වනිතාවට අනං මනං කියල තිබුන උනත් ඒ අය අනවශය දේවල් කියා නොමැති නිසා ඒවා තිබෙන්නට හරිමි..)

      Delete
  5. ඇත්තටම මේ වගේ සිදුවීම් අනන්තවත් මේ ලෝකෙ වෙනවා ඇති දේශෝ,

    හ්ම්ම් මම මේ කල්පනා කරන්නෙ ආදරයෙන් තොරව රාගයක්???

    නිර්මාණය ගැන කියනවා නම් අනර්ඝයි කියලා විතරක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ විතරක් නෙමේනෙ බන්, මේකෙ අනිත්පැත්තත් ඕන තරම් සිද්දවෙනවනෙ.විවාහ ජීවිතේ අවදානම් වලින් එකක් මේ :D

      Delete
    2. @ ප්‍රියා
      //හ්ම්ම් මම මේ කල්පනා කරන්නෙ ආදරයෙන් තොරව රාගයක්???//
      එහෙම එකක් ඔන වෙලාද කොහෙද - පොඩ්ඩක් කෙන්ජිට කියල බලමු කවුරුහරි හොයල දෙයි..

      Delete
    3. ප්‍රියා පිච්ච මල් මතක් වෙලා මොකෑ ???රාගය හොද නැතැයි ,පවුල් කාරයෝ නිසා මොකුත් කියන්න හිතෙන්නෙ නෑ ,කෙටියෙන් කිව්වොත් එහෙම

      මෙවා දේශක කරාට ප්‍රියා අදර්ශ ගන්න එහෙම හිතන්නවත් එපා ඕන් ..හැක් හැක් .. ;))
      (විහ ිළුවක් හොදේ අවුල් නම් කියන්ඩෝ )

      Delete
    4. මොකක්ද මේකේ තියෙන අනර්ඝත්වය? පිරිමියාගේ ව්ලත්ත කුපාඩිකමද?

      Delete
    5. ඒ දෙකට එකතු වෙච්ච ගැහැනියගේ කුපාඩිකමයි, වලත්තකමයි, වනචරකමයි නිරූපණය කරල තියෙන අපූරුව තමා අනර්ගත්වය.

      Delete
    6. වනිතා !!

      ඕ යෑස් !! පි‍රිමී හරී නරක‍යි !! ගෑනු චෝයි !!

      Delete
    7. ව.හ. වහා පැමින ඇත.

      Delete
    8. යකෝ ඔය වනිතා හඬ කියන්නෙ මීවනපලානෙ ජයා වගේ පැරඩි කාරයෙක්. තොපිට ඒක තේරෙන්නෙ නැද්ද?



      Delete
    9. @ සසියා ~ සිරාවටම බං එහෙම ඒවත් නැතුව නෙමේනෙ. :)

      @විදානෙ ~ හි… සිරාවට කාව හරි හම්බ උනොත් මට සෙට් කරපන්.

      @ සහෝ ~ බොට පිස්සුද? අපිත් හොද විහිළු දන්න කොල්ලො තමා.

      Delete
    10. @ වනිතා ඇන්ටි ~ ඔයාට හම්බවෙන්න ඕන උත්තරෙ හම්බවෙලා නිසා මගෙන් උත්තර එපා නේද වස්තුවෙ. මගෙ පැටියා දැන් ඉතිං පොඩ්ඩක් රෙස්ට් කරන්නකො ගිහින්. දැන් මහන්සිත් ඇතිනෙ. :p

      Delete
    11. වනිතා කියන දේ පිළිබදවත් අදහසක් තියෙනවා. පිරිමියාගේ වලත්තකමත් මේකට බලපානවා. නමුත් ඒකම විතරක් නෙමෙය් ආරම්භයේ මුල.. මාධවීගේ යටපත් වූ ආසාව..

      Delete
  6. සිරාවටම මේ වගේ සීන් වෙලා කඩාඉහිරුණු පවුල් කොච්චර තියනවද, අන්තිමට අක්ක නගෝත් තරහවෙනව.මොනා උනත් මේ කතාවෙ හැටියට මාධවීට එයාගෙ හැගීම් පාලනය කරගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අනිවා

      Delete
    2. ඒකට මොළේ තියෙන්න ඕනේ කාන්තා අයිතීන් ගැන දැනගන්න ඕනේ පිරිමින් එක්ක හැප්පෙන්න හයියක් තියෙන්න ඕනේ. මේ චරිතෙට ඔය මුකුත් නෑ. 21 වන සියවසේ පිරිමියාට යටත් නැති කාන්තාවන් මේ වගේ වලත්තයන්ට අතින් පයින් ගුටි පූජාවක් දීලා සංග්‍රහ කරන්නත් දන්නවා.

      Delete
    3. අප්පට බොල ..
      දේශකය මේ ලියල තියෙන්නෙ පුර්තුගීසි ලංකාවට ආව කාලෙ කතාවක් .. 21 වෙනි සියවසේ ගෑනියෙක් නං කොල්ල ICU ඇඩ්මිට් කලා කියල වෙනස් කරපං දේශක !!!!

      Delete
    4. ව.හ. වහ වහා මට වහ බෝතලයක් දෙන්න. බීලා මැරෙන්න.

      Delete
    5. හේ හේ හේ ,, මේ ඇන්ටි මිනිස්සු හිනස්සන්නේ නැතුව ඉන්න අනේ,

      Delete
    6. වනිතා ඇන්ටිට සසිඳුව ව පෙන්නන්න බෑනෙ .. හැක් !!!
      කොල්ලෝ පරිස්සං වෙයං ,
      සමස්ත පිරිමි ජාතියෙම ඇරියස් උඹේ පිටිං යන්ඩ බැරි නෑ !!!!!
      අඬගැහුවට යන්නෙපා.. බෙල්ල මිරිකල දායි ඕං ඈ !!!!

      Delete
    7. මේ වනිතාව මොකටද එන්න හදන්නෙ බන්? :D

      Delete
    8. අනේ මංදන් නෑ බං උඹේ පස්සෙන්මයි .. හැක් හැක් !!
      දන්න කියන පොඩි එකා හින්ද දැක දැක අහක බලන්නත් බෑ බං .. පරිස්සං වෙයං මල්ලී ටොපි චොකලට් දෙන්නං කියල අඬගැහුවට යනව එහෙම නෙවෙයි ඕං !!!

      Delete
    9. @ සසිදු

      බොලා තනිකඩ කියාගෙන කෑ ගහන නිසා වෙන්ඩ ඇති ,වෙකන්සියක් තියෙනවා නේ ,නිකන් දෙන එකනේ...ඔන්න ඔහේ ...

      @ වනිතා

      ඔය මොන වැඩෙත් පටන් ගන්නෙ අතින් පයින් තමා ,හැක් බොරු නම් කෙන්ජි මාමාගෙන් අහන්න බලන්න ,ඔයාට ගැලපෙන්නෙ ඒ වගේ පොරක් තමා ,මේ පොඩි වුණ්ට බෑ ඔයත් එක්ක ...

      Delete
    10. නෙවෙන්නම් බොලව්.. කොයි තරම් කුප්ප කතා ඇහුවත් වනිතා ලතා හැදෙන්නේ නැත. හැක් හැක්..

      Delete
    11. බලාන් සසියා මේ ඇන්ටි පරණ ඇරියස් උඹෙන් අල්ලයි. ;)

      Delete
    12. @ අරූ 

      බොට මොටද වහ..?? හැක්..

      Delete
  7. එකගෙයි කෑම..
    කථාව කියවන් යද්දී නිකං අප්සට් වගේ දැනුනා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේකත් එකගයෙි කෑමක් වගේ තමා.. විදානේ.. කතාව අප්සැට් උනත් ඒ වගේ අප්සැට් සිද්ධී වෙනවා බං..

      Delete
  8. නොදන්න නිසයි අහන්නේ ...දේශකතුමා කොයි පලාතෙද.?

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද උඹ නොදැන ඉන්න විදියක් නෑ.. මං අපේ ගම් පලාතේ බං.. හැක්..

      Delete
  9. නිර්මාණය හොඳයි දේශෝ,සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. නිර්මානේ හොදයි අයියේ හැබැයි වැඩේ කැතයි

      Delete
    2. දේශා කලින් ලිව කතාවක් හැලපයියා කෘතිමයි කිවේ මේකා ඒ පරිසරේ ගැන දන්නේ නැතිව ලියලා කියලානේ.දැන් මේක හොදයි කියන්නේ මේකා මේ සිදුවීම අත්දැකලා තියෙන නිසාමද කියන්න කිවාත් වගේ කවුද දන්නේ.:D

      Delete
    3. මනෝජ් ගේ කොමෙන්ට් එකට like :)

      Delete
    4. මනෝජ්,
      පැහැදිලිවම ඉතාම සුපුරුදු අත්දැකීමක් ඇසුරින් ලියා ඇති බවත් අදාළ කාර්යයේ මනා නිපුනත්වයක් ඇති බවත් කතාවෙ ගලායෑම කියවන්නාට කිසිම වෙහෙසක් නොදැනෙන ආකාරයට සිදුවන්නේ උක්ත ව්‍යායාමයේ අනවරත නියැලීම නිසාම බවත් හොඳින් වටහාගත හැකිය.

      Delete
    5. අර හැක් හැක් කෑල්ල තමා මට නං සැක !!!

      Delete
    6. පත්තරයෝ අන්න ඒක නං මටත් හිතුනා... හි හි

      Delete
    7. අනේ මන්දා උඹලා. දේශා නොදන්න විෂයක් ගැන ලිවුවම ඒක කෘතිමයි කියනවා. දන්න දෙයක් ගැන ලිව්වොත් පෞද්ගලික අත් දැකීම්ලු. මට දුකයි බොලව් මූ ගැන. මොනා කලත් හොඳක් නෑ නෙව. හිකිස්...

      Delete
    8. අනේ අම්මපා මේ දක්වා මම හිතන් හිටියේ අපේ දේශා බේබද්දෙක් කියලා විතරයි.දැන් බලනා ගියාම මු සල්ලාලයෙක්,වනචරයෙක්...:(
      කොහොමද යකෝ අපි කටක් ඇරලා කියන්නේ අපිට අත දීපු දේශා වලෙක් කියලා.හපෝ දෙයියනේ...:D

      Delete
    9. @ හැලපේ
      //උක්ත ව්‍යායාමයේ අනවරත නියැලීම නිසාම බවත් හොඳින් වටහාගත හැකිය.//

      මේ කියන්න ඇත්තේ මං කතාව ගොඩ නගන්න වෙච්චි මහන්සිය ගැන වෙන්නැති නේද බං.. හැක්

      @ සරා
      ඒක ඇත්ත.. සමහර අය (ඔය හැලපේ වගේ අය) හදන්නේ කෝම හරි මාව වට්ටන්නම තමා.. හැක්..

      Delete
  10. කොහෙද යන එළදෙනක්.. බෙරිහන් දීලා කෑ ගහන්න තිබුනේ.. එහෙම වුනා නම් අක්කවත් ඔය මගුලෙන් ගලෝ ගන්න තිබුණා..

    ReplyDelete
    Replies
    1. මාධවීගේ තමා මං දකින විදියට ලොකුම වැරුද්ද තියෙන්නේ.. මාධවී ශක්තිමත් උනා නං හැගීම්බර නොවුනා නං මේ විදියට ප්‍රශ්න ඇති නොවෙන්න තිබුනා..

      Delete
  11. හැගීම් වලට වහල් වෙනවා කියන්නේ මේක වෙන්න ඇති.

    ReplyDelete
  12. නිර්මාණය ලස්සණ යි... ජීවිතවල තවත් එක් පැතිකඩක්. මේ චරිත අනන්ත වත් අපට මුණගැහිල ඇති. අනාගතයෙත් මුණගැහේවි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි

      Delete
    2. ඔව් දිලිනි.. මේ සමාජයේ අතහැර යා නොහැකි අතුරු කතා රාශියයි..

      Delete
  13. හැගීම් වලට වහල් වෙනවායි කියන්නේ මේක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකට මෝඩකමත අයිතියි.

      Delete
    2. @ වනිතා
      ඒකටත් පිරිමියා ද පලි

      Delete
    3. මෙතැන මෝඩ මාධවී තමා...

      Delete
  14. මිනිස්සු තමන්ගේ හැඟීම් එක්ක පොරබදිනවා කියනවනේ.. මට මේක කියවද්දී හිතුනේ අන්න එහෙම.. කොම වුනත් කතාවනම් එල..

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම තම තමන්ගේ හැගීම් එක්ක පොර බදිනවා. සමහර ආශාවන් යටපත් කරගන්නවා සමහර ආශාවල් ඉස්මතු වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. වැරදි අඩුවෙන්ම කරන මිනිහා තමා යහපත්..

      Delete
  15. මම නම් හිතුවෙම හොල්මනක් ඇවිත් කියලා... :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මොකටෙයි හොල්මන් වලට බය වෙන්නේ.. නැද්ද??

      Delete
  16. මරු... මම රෑට බලන ජපන් බ්ලූ ෆිල්ම් වල මේ වගේ දේ බහුලයි. තනිකර මස් කඩ බලනවට වඩා. ඒවල තියෙන කතාවලට හා රංගනයන්ට මම බොහෝම මනාපයි. සුද්දන්ගේ බ්ලූ ෆිල්ම් වල ඒ රහ නෑ..

    ReplyDelete
    Replies
    1. හි හි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාතාලන් දාන්ඩ 5 ක්!

      Delete
    4. @ මාතා

      උඹට හිතෙන්නේ මේක ජපන් බ්ලු ෆිල්ම් එකක් කියලද?? හැක්..

      Delete
  17. ගුප්ත මිනිස් ගති, හැඟීම් වලට වහල්වීම්, විශ්වාසය කඩකිරීම් නිසා හට ගන්තු තවත් ප්‍රතිඵලයක්... ඔහොම කතා විරල නෑ මේ ගුප්ත මිනිස් සමාජයේ.. උඹ ලස්සනට ලියලා තියනවා... උඹට කතාව ඉවර කරන්න තිබුනේ මිනී වලවල් තුනක් කපන සොහොන් පල්ලෙකුගේ දර්ශණයකින්...

    ReplyDelete
    Replies
    1. මාතෘකවත් එක්ක බැලුවම මේක නංගිට හිතෙන දෙයක්ද කියලත් මට හිතෙනවා..

      Delete
    2. //මාතෘකවත් එක්ක බැලුවම මේක නංගිට හිතෙන දෙයක්ද කියලත් මට හිතෙනවා..// මටත්..

      Delete
    3. මිනි වලවල් තුනක් මම දාන්න ඕනද?? නැහැනේ.. ස්තුතියි සෙන්නා. මෙවැනි දේ ඇත්තටම විරල නෑ අපේ සමාජය තුල...

      සෙන්නා, උඹ දැක්කද මේ කතාවේ තියෙන චරිත තුනෙන් එකම එක චරිතයකට විතරයි මම නමක් දුන්නේ. ඒ මාධවී.. උඹට ඒ ගැන මොකුත් හිතෙනවද??

      Delete
  18. හැක්.. හැක්.. කොල්ල එහෙනං දෙන්නවම අල්ලගත්ත.

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක්ද එතකොට.. හැක්

      Delete
  19. සමාජය තුල තියෙන සාමාන‍ය සිදුවිමක්.... ලස්සනට ලියලා තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දර්ශි... අප්පෝ මේ ප්‍රතිචාරයක් දුන්න ප්‍රථම අවස්ථාව නේද? වෙල්කම් වේවා.

      Delete
  20. කතාවනම් අතිවිශිෂ්ඨයි. හැබැයි වැඩේනම් හරිම කැතයි. රාගය පාලනය කරගන්න බැරිවුනාම මිනිස්සු මොනතරම් නම් වල්මත් වෙනවද. මේ කතාවෙ එන නංගි තමන්ගෙ අක්කට මොනතරම් ද්‍රෝහිකමක්ද කරන්නෙ.

    //මාධවීගේ සහෝදරිය සිටින කාමරයේ ජනේල අතරින් පෙරී බිත්ති මත පතිත වූ විදිලියම, මාධවී හා ඔහු සිටි කාමරයේ ජනේල් අතරින්ද රිංගා බිත්ති මත පතිත විය.\\

    ඉතාම අනර්ඝයි මෙවැනි යෙදුම්. කතාවෙ ගොඩක් තැන්වල දැක්ක. ඡේද ගානකින් කියන්නෝනි ලොකු විස්තරයක් මේ වචන කිහිපය තුල තියෙනවා. ඕනි කෙනෙකුට කතන්දර ලියන්න පුලුවන්. හැබැයි නිර්මාණ හැකියාව කියන්නෙ මෙන්න මේකට තමා.

    සුබපැතුම්! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ්. ඔබ රස වින්දා නං මට ඒක ලොකු සතුටක්.. ජය

      Delete
  21. සතුටුයි කියන්නෙ පස්ට සතුටුයි ලග හිටියා නම් උස්සන් යනවා වට දෙකක්, අම්මපා පස්ට රසයි දේශක පොඩි වැල ගතියක් තිබ්බට මේ වගේ කතා වලට මං නම් ලයික් ඕං ..

    ඇතැම් සිද්දි ගැන අත්දැකීම් ඇත්තෙ මං පොරට නම් අල්පවය එවා මතක් කර බලන විට කතාවෙ තත්වික බව නම් කියලා වැඩක් නෑ ,හැබැට සැබැ ජිවිතේ අත්දකින දෙවල් නෙද ඔය තාත්වික විදියට ලියවෙන්නෙ බලපාන්නෙ,විශේෂයෙන්ම වස්තු විස්තර කරන විට (විහිළුවක් නම් නෙවෙයි)මං පොරට නම් ලියලා ඉවර වුණාම මං අතින් ලියවිලා තියෙන්නෙ අර සිද්ධියනේ කියලා හිතෙනවා,පස්සෙ අවුල් අවුල් ,,ලගදි වුණේ අන්න ඒ වගේ සින් එකක්

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මං කරපු දේවල් උනත් ලියනවා මං දැකපු දේ උනත් ලියනවා. එතැනදි මගේ අත්දැකීම් ද නැද්ද කියන එක මට වැඩක් නැහැ. කතාවට අනුරූපව ගලායාම නිසි පරිදි කරන්න පුළුවන් නං මොන එහෙකට ද ලියපු එකාගේ ජාතකේ බං.. ඔන්න ඕන දෙයක් ලියහං..

      සහෝ.. වැල ගතිය කියන්නේ ලිංගිකත්වය තරමක් හුවා දැක්වීමද?? නැහැ. ලිංගිකත්වය ගෙඩි පිටින් අතෑරියත් කතාවට අවශ්‍ය නම් ඒක කරන්න ඕන...

      Delete
  22. නියමයි බං.
    කතාව නෙවේ උඹේ ලිවිල්ල. අපි ඕන තරම් අහල තියන මාතෘකාවක් ඇතුලට කිඳා බැහැල මේ ලියපු ලිවිල්ල සුපිරි. අර මුල, දොර ලඟ ඉඳල කාමරයට ඇතුලුවෙලා පොල් පැලේ ලඟට එන ටික ඉතාම සූක්ෂමව ලියල තියනව. එතන තියෙන්නෙ අර එඩ්ගා ඇලන් පෝගෙ ගතු කියූ හදවත කතාවෙ මිනී මරුව ටාගට් එකට යන ආකාරයේ විස්තරයක්

    ReplyDelete
    Replies
    1. ඔව් දේශා ගෙ සිග්නේචර් ටැලන්ට් එක තියෙන්නෙ කොමන් සිද්දියක අනික් උන්ට නොපෙනෙනෙ ඩාක් අහු මුළු අල්ලන එක. ඒක ටික කාලෙකට පස්සෙ එලට කෙරිල තියෙනව.

      Delete
    2. @ රාජ්..

      ස්තුතියි රාජ්. මේ වගේ දේවල් ඇහෙන කොට ඇත්තටම සන්තෝසයි..

      @ පොරපයිල් ඇනෝ

      ඒකනේ.. මට උඹ පහුගිය කතාවේදි කිව්ව දේවල් තාම හිතේ දෝංකාර දෙනවා.. ඒ නිසාම මගේ කතාවක් අසාර්ථක වෙනවට මං බයයි. ස්තුතියි..

      Delete
  23. අනර්ඝයි දේශා.... හැංගීම පාලනය කරගන්නට සමත් මිනිසෙකු හෝ ගැහැනියක මිහිපිට සිටීද කියන ප්‍රශ්නේ තමයි ආවේ කියෙව්වම

    ReplyDelete
    Replies
    1. ඉවාන්.. හැගීම් පාලනය කරන නිසා තමා මිනිස් වර්ගයා මේ තරම් කල් දියුණු වෙමින් පැවතුනේ.. අපිත් තත්පරයෙන් තත්පරේ නොයෙක් හැගීම් පාලනය කරගන්නවා.. එහෙම නේද?

      Delete
  24. කෙටි කථාවක් හැටියට ගත්තම නම් සාර්ථකම නිර්මාණයක් දේශා උබ ලියලා තියෙනවා හොදටම අවස්ථාවේ හැටියට මනෝ රූප මැවෙනවා , ඒත් මේ වෙන වැඩේ තමයි නරක .. ඇත්ත කියපන් උබ නේද මේ කොටු පනින මස්සිනා හැක්..හැක්..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි චමි.. හැක්.. කොටු පනින්න හොදනං ලියන්න නාක ඇයි..? 

      Delete
  25. මදන ඇතුම් නෙලුම් හුයෙන් නවතන්ඩද අයිබොවන්ඩ ඇයි අප්පේ ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා කිව්වලු කතාව මරු..!!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඊට එහා දෙයක් මේකේ තියෙනවා බං..

      Delete
  26. දේශා බැක් ටු ෆෝම්. වෙල් ඩන් මචෝ!

    හැක් හැක් එකෙන් නම් මටත් උඹව මතක් උනා :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.. හැක් එක උවමනාවෙන් දැම්මේ...

      Delete
  27. මමනම් මේ වගේ කිසි තේරුමක් නැති කතා වැඩිය කියවන්න යන්නේ නෑ. මේවා රස විඳින්නේ පිරිමින්ගේ කාම ආශාවට අවනත වෙනබොළ්ඳ මෝඩ කෙල්ලේ.

    ReplyDelete
    Replies
    1. පුහුල් හොරා - කරෙන් දැනේ !!!!!!!

      හුකෑස් !!!

      Delete
    2. ඔයාගේ වාක්‍ය අවසානයේ තියෙන්නේ කෙල්ලෝ කියලද ඇන්ටි ?

      Delete
    3. @ වනිතා හඩ
      ඇත්ත කියහන් ඇන්ටි ඔයාගෙත් කාම ආශාව වැඩි උනානේ ,කොමද ඉස්සර සීන් එහෙම සට සට ගලා මතක් වෙන්න ඇති නේ,ලියමු නේ ඒ කතාවක් දේශකට ගෙදර යන්න කියලා ...

      Delete
    4. දේශො, ඔය මාධවීගෙ නම වනිතා මාධවී හපුටු ඩක්කුව ද? (හ. ඩ. = හපුටු ඩක්කුව)

      එහෙම නෙමේ නම් නිර්මාණෙකට මේ තරම් උරණ වෙන්න දෙයක් නෑනෙ. :))

      Delete
    5. //මමනම් මේ වගේ කිසි තේරුමක් නැති කතා වැඩිය කියවන්න යන්නේ නෑ//
      හැක් හැක්..

      Delete
    6. වනිතා

      ඇයි අවනත වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයිද??

      Delete
  28. සුභ අනාගතයක්...

    ReplyDelete
  29. කටුක යතාර්ථයක් දේශා !!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං පත්තරේ... ස්තුතියි..

      Delete
  30. උඹ දක්ෂ කතාකරුවෙක් බන්. මුල සිට අග දක්වාම රිදම් එක බිඳෙන්නේ නැතුව ලියලා. ඒ චරිත තුනම එක සමාන්තර ලයින් එකකට ගෙනත් කතාව අපට කියවන්න දීලා. මෙවැනි සිදුවීම් ගැන අසා ඇති බැවින් මේ කිසිම තැනක කතාවට කෘතිම එබ්බවීම් නැතිබව නම් ශුවර්. විස්කි වගේ නිර්මානයක්.

    ReplyDelete
    Replies
    1. >>එබ්බවීම් නැතිබව නම් ශුවර්<<
      Are you sure Aru? I thought the story IS about that. :D

      Delete
    2. උඹ හරි ඩූඩ්.....එබ්බවීමක් තමයි...අනික දේශානේ ලියලා තියෙන්නේ.

      Delete
    3. @ අරූ
      ස්තුතියි අරූ.. එබ්බවීම්.. අර හැන්රියා කියන විදියට මේක ඔබන කතාවක් නෙමෙයි කියල බොට ෂුවර් නේද?? හැක්..

      Delete
  31. කාලෙකට පස්සෙ දේශෝ.. පහුගිය ටිකේ කතා ටික මට හරිගියෙ නැති හින්ද අමාරුවෙන්වත් කමෙන්ට් නොදා ගියා.. මේකට නං කමෙන්ට් එකක් දාන්න වටිනව...

    කොල්ලගෙ පැත්ත ගැන නං ඉතිං.... මාධවීගේ පැත්ත බොහෝ දුරට අල්ලගෙන තියෙනව... අඩුපාඩුවකට තියෙන්නෙ අර “අක්ක‌ෙග සැමියා” එක්ක ඉඳලා ලැබෙන “guilty pleasure“ එක වචන වලින් පැහැදිලි වෙන එක ටිකක් මඟෑරිලා තියෙන එක විතරයි මට හිතෙන විදියට...

    මටත් කියන්න පුළුවන් මාධවී කියන්නෙ එළහරකියක් කියල.. ඒකි එළහරකියක් තමයි... ඒත් ඒකි එළහරකියක් වෙච්ච එකම විතරද මේ කතාවේ වැරැද්දකට තියෙන්නෙ.... ???

    ReplyDelete
    Replies
    1. හා හා හිහි නංගි කාලෙකින් තමා දැක්කේ..

      අක්කගේ සැමියා සමග සිටීමෙන් මාධවී, ලබන සතුට ගැන නිර්වචනයක් දෙන්න අමරුයි.. මාධවී ගැන ඔහුගේ හිතේ පැහැදීමක් හා ඔහුගේ වැඩ, කතාබහ, හැසීරීම ගැන අමුතු හැගීමක් තියෙනවා. අනික අක්කට කලින් එයා ඔවුන් දිහා බලන බව මාධවී දැනගෙන හිටියා. ඒ කාල පරාසය තුල (අක්කා කියන කං) මාධවීගේ හිත තුල වෙච්ච ඝට්ඨන ප්‍රමාණය කොච්චරද කියල හිතාගන්න බැහැ නේද??

      කෝම උනත් මාධවී මෝඩ උනා. හැගීම් වලට, තම ආසාවන් වලට ඉඩ දුන්නා.. ඒකයි උනේ..

      Delete
  32. ටොපේ ටොප් නෙ. අන්තිම ඡේදය ඊටත් එහා..

    ReplyDelete
  33. අනේ මන්දා... කාගේද වැරැද්ද?? මිනිහාගේ විතරද?

    ReplyDelete
    Replies
    1. නාඩි වැටෙන ගෑණු මිනිස්සු ඉන්න තැන්වල ඕවා වෙනවා නාඩියෝ :D

      Delete
    2. නාඩියා

      හැමෝම වැරදියි..

      Delete
  34. පුහුල් හොරා කරෙන් දැනේ. 'හැක්' ගෑමෙන් බඩු මාට්‍ටු.

    ReplyDelete
    Replies
    1. හැන්රියෝ ඒක මං එබ්බවීමක් විදියට දැම්මේ. හැක් හැක්..

      Delete
  35. දේශකයාගේ කොටු පැනීම

    ReplyDelete
    Replies
    1. කොහොමද නියමයිනේ..හැක්

      Delete
  36. එක දිගට කියවා‍ගෙන ගියා..ලස්සන ‍‍කෙටි කතාවක්.ඔබ‍ගේ රචනා ‍ශෛලිය නම් විශිෂ්ඨයි.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. (අවුල කියන්නේ කව්ද කියල දන්නෑ නේ.. මේ ආවේ)

      Delete
  37. මස්සිනා ඩබලි ගේම් කාරයෙක්නෙ. ඔය වගේ සෙවලයොත් ඉතිං මේ සමාජෙ ඉන්නවා තමා.

    ReplyDelete
    Replies
    1. අපොයි මොකද නැත්තේ තරු.. කොච්චර ඉන්නවද? අපි දන්නේ කොච්චරද??

      Delete
  38. අඩේ දේශෝ උඹ ලෙසටම ලියලා නම් තියෙනවා. අවුලකට උනේ හැක්.. හැක් ගාපු එක තමයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තැන්කුයි සරා..

      Delete
  39. පේමය නං රාගයෙං තොර සද එළිය සේ අචිංත්‍යයි කියල කීව බුවා හොවාගන්න ඕන අම්මප... ඇයි යකෝ...


    පට්ටයෝ... ලකුණු 98% 2ක් කැපුව වියරණ වැරදි හා පද වැරදි වලට

    ReplyDelete
    Replies
    1. තාම එ හද එළියේලු ඉන්නෙ ....තනියම
      එහෙම වුණ හෙතුවක් ද මන්දා මුතුකුඩ ඉහලන මල් වරුසා සිංදුව ,මට මතක නෑ හරියටම

      Delete
    2. ප්‍රේමය අහිංසකයි. එයින් මතු වෙන හැගීම් භයානකයි ත්‍රාසජනකයි..

      Delete
  40. මේ වගේ නවකතාවක් කියෙව්ව. ඒත් ඒකෙ යන්තන් නන්ගි මහ වැඩේ නොකර බේරෙනව අක්කට මාට්ටු වෙන නිසා. ඒත් ඒ වෙනකොට ගල් කියුබ් කීපයක් කාමරේ තියෙනව.

    මොනා උනත් උඹෙ ලියවිල්ල බෝම රහයි.

    ReplyDelete
  41. හප්පා අන්තිමට මස්සිනා ඒක ගෙයි කෑමට මුල් ගල් තියල.. අපූරු ලියවිල්ලක් දේශක යා...

    ReplyDelete
  42. හොඳා ලියවිල්ල... මැද හරියෙන් විස්තර ටිකක් අඩු උණත් අවුලක් නැහැ කියලා හිතුණා... සිරාවටම යකෝ 'හැක හැක' එකෙන් උඹ මාට්ටු... ඕවට කියන්නේ සිග්නේචර් ක්‍රයිම් කියලා... ඕනේම කිරිමෙල් කේස් එකකදි ඒ වගේ උන්, තමන්ගේ සලකුණක් තියලා යනවා, හැක හැක.....

    ReplyDelete
    Replies
    1. හැක් කෑල්ල මං හිතලම දැම්මෙ. එහෙනං බලහංකෝ මාධවීගේ හිනාව හිහි.. හැක්

      Delete
    2. මේක මේ හිරුගෙයි ලැක්චරයාගෙයි කතාවද...හි.හි..හැක් හැක්

      Delete
    3. අන්න ඒකයි බං කියන්නේ.. ලියපු එකාගේ වරිගේ හොයල වැඩක් නෑ මේ කතා වල.. හැක්...

      Delete
  43. සිතකයදැකිම වචනචිත්‍රයකට පෙරලන්න නම් බස හැසිරවිම මනාව කළ යුතුයි. මේකතාවේදී ඒ බස චිත්‍රයකට නගා ඇත. කතාව තුළ දිවෙන සියලු මානව හැඟීම් පුද්ගල චරිවගට එබී බලන ආකාරයත් රසිකයන්ගේ මනස කතාව තුළ සිතුවම් පෙලක් මවන ආකාරයත් කදිමයි. කතාව හරියටම කෙටි චිත්‍රපටයක තිර රචනයක් වගේ. මේක තමයි නිර්මාණකරුවකුගෙන් පාඨකයෙක් බලාපොරොත්තු වන දේ නිර්මාණය තියෙන්නේ මෙතැනයි

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි දයා ඇගයීමට. සතුටට කාරණයක් ඔබ වැනි අයෙකුගෙන් විවරණයක් ලැබීම..

      Delete
  44. නියමයි..........! කතාව නියමෙටම ලියල තියෙනවා.

    ReplyDelete