Thursday, February 27, 2014

ශිර්ෂපාඨ අසාත්මිකතාව (Title-Allergy)

ඒ දවස් වල ෆිල්ම් බලන්න ගියාම (වැල නෙමෙයි අනේ) අපි යන්නේ ඩීවීඩී ගන්න නේ.. මොන ඩීවිඩීද ඒ දවස් වල ඒවා නෑ. අපි ෆිල්ම් බලන්නේ වීඑච්එස් කැසට් ගෙනැල්ලා. ටවුමේ තිබ්බ ලොකු පරණ බිල්ඩිමක, උඩ තට්ටුවේ තිබුන කාමර කෑල්ලක තමා ඔය වීඩියෝ සෙන්ටර් එක කෙරුවේ. ඉතිං අපිත් ගිහිල්ල ඒකේ රාක්ක වල දාලා තියෙන පටි වල නං බලනවා. එහෙම නැත්නං මිනිහා ගාව තියෙනවා ඔක්කෝම ෆිල්ම් වල නං තියෙන ලිස්ට් එකක්. ඒ දවස් වල හැටියට රු. පහක්ද කොහේද දවසට රෙන්ට් එක පටියක, ඉතිං එකක් අරන් එනවා.

ඒ අරන් එන්නේ එක්කෝ පොර අපිට කියනවා “මල්ලි මේක මරු. නියම පයිට් තියෙන්නේ. පටන් ගත්ත තැන ඉදලම පයිට් විතරයි.“ ඉතිං මොන කතාද පයිට් බලන්න නේ අපිටත් ඕන. අරන් එනවා එක පයින්ම. එහෙම නැත්නං අපි බලනව ෆිල්ම් එකේ නම. එහෙම නැත්නං ඒ කාලේ හැටියට අපි ආසා නලුවන්ගේ නම් තියෙන ෆිල්ම්. ජැකි චෑන්, ආර්නෝල්ඩ්, ස්ටැලෝන්, වෑන් ඩෑම් වගේ.

සමහර වෙලාවට කඩේ එකා කොයි තරං හොදෙයි කියල පටිය අපට දුන්නත් ඒකේ නම දැක්කම මිනිහා කියන එක බොරුය කියලමයි හිතෙන්නේ. සමහර ෆිල්ම් වල නං තියෙනවා ඒකෙන් හිතෙන්නේ මහ විකාර එකක් කියල. එහෙම නැත්නං ලව් සීන් තියෙන එකක් කියලා. ඔය කාලේ අපේ ද්වීතියික පුරුෂ ලක්ෂණ පහල වෙලා තිබුනත්, ලව් සික් නෑ. තිබ්බේ පයිට් සික් එක විතරයි. බෘෘස්ලි අයියගේ අත උනත් අනිත් අයගෙන් වෙන් කරල අදුරගන්න පුළුවන් අපිට. හැක්.

ඉතිං එහෙම බැලුවම ඕන දෙයක් තෝරගන්න ඕනම කෙනෙකුට චොයිස් එකක් තියෙනවා. අපි මොන වැඩේ කරත් කරන්නේ අපේ චොයිස් එක අනුව. ඒකනේ මැට්රික්ස් ෆිල්ම් එකේදී මෝර්පෙස් කියන්නේ මේ ලෝකේ හැමදෙයක්ම තීරණය වන්නේ තේරීම අනුව එහෙම නැත්නං චොයිස් එක අනුවයි කියලා.

ඔය චොයිස් එක ගැන කියද්දි මට හිතෙන්නේ මාත් බ්ලොග් බලද්දි මටත් චොයිස් එකක් තියෙනවා කියලයි. හුගක් වෙලාවට තියෙන තරමක් බ්ලොග් කියේව්වත් සමහර බ්ලොග්කටු තියෙනවා, ඒ වගේම පෝස්ට්කටුත් තියෙනවා මං දැක්ක ගමන්ම හැරිල එන. වෙන් මොකක්වත් නෙමෙයි අපේ රවියා කියන ආකාරයට මට තියෙන “ශිර්ෂපාඨ අසාත්මිකතාවය“ නිසා. මිනිහ නං කියන්නේ මේක සුළු රෝග තත්වයක් නිසා ඉක්මනට ඇරිල යාවි කියලයි. 

ඒ උනත් දැං අවුරුදු දෙකකට කිට්ටු වෙන්නත් එනවා අනේ. මේ ලෙඩේ හොද කරගන්නම බෑනේ. මොන විදියෙන් වත් මගේ හිත නැමෙන්නෙ නෑ අතින් කොටන්න ඒ වගේ ඒවට. එහෙම කීපයක්ම තියෙනවා.

අංක 01

අමිල චතුරංගයාගේ අන්සතු දිනපොත

හැමෝම හොදයි හොදයි අරකයි මේකයි කිව්වත් මං ඕකේ පෝස්ට්කටු දෙකකට වඩා කියවල නැතිව ඇති. ඒත් සමහර බ්ලොග් වල මුල්ම ලිපියත් මං කියවනවා. කිසිම හේතුවක් නෑ මේ අර අසාත්මිකතාවය නිසා වෙච්චි සිද්ධීයක්. “අන්සතු දිනපොත“ කිව්ව ගමන්ම මගේ යටි හිත ඒක ප්‍රතික්ෂේප කරනවා. සොරි වෙන්න ඕන අමිලයා. බේත් අරන් වෙලාවක එන්නං හොදේ.


අංක 02

රවිගේ නිදහස් සිතුවිලි

අනිත් එක තමා රවියයි රන්දිලයි ලියන නිදහස් සිතුවිලි. ඒකත් කිසිම හේතුවක් නෑ අර රවි කියන මොටාගෙදර අයියා ලියන “ගුරුවරියක සමග මගේ ජීවිතය“ කියන ශිර්ෂ පාඨය දැක්ක ගමන් මං හැරෙනවා. ශිර්ෂපාඨ අසාත්මිකතාවය උපරිමේටම එනවා ඒක දැක්කම. මිනිහ නං කියන්නේ කරන්න දෙයක් නෑ ගුරුවරියකට අහු උනයි කියන්නේ අපායට ගියාට අන්තයි කියල තමා. ඔන්න ඔය කාරණය හින්දා ඒක බලන්නත් වෙන්නෑ.


අංක 03

මේක නං මං බලනවා. ඒත් මෙයාගේ ටැග් එකක් තියෙනවා “ලොල්ද මන්දා කතා අංක ??“ කියල ශිර්ෂ පාඨය දාගෙන එන කතා වගයක්. ආයිත් මොනවද අනිත් ඒවා දාපු සැනිං බලන මම, මේ හෙඩිම දැක්කට පස්සේ පළාතෙවත් යන්නෑ. දන්නවනේ මේ අපේ ඇවිද්ද පය අයියා සුදීක ගේ බ්ලොග් කටුව. වෙන පෝස්ටකටු බලන්න ගියාට ඔය ප්‍රවර්ගයේ ඒව නං මම බලන්න එන්නැ කියල සුදීකට කියල තියෙන්නේ මගේ පිස්සුව හොද එකෙන්ම තිබුන වෙලාවක. හැක්.


අංක 04

මිනිහා නං ගොඩ ගියා. ඒකගේ තියෙන වල් ගතියටම වෙන්ටෑ. “තහනං අඩවිය“ ඒකත් මට ඇලර්ජි.. කාලයක් යද්දි වල් රජා මුණූපොතෙන් සෙට් වෙච්චි නිසාද මන්දා (එක්කෝ මිනිහා නො. ද කිං) උනාට පස්සේ වෙන්ටෑ මට ඒ ඇලර්ජි එක හොද උනේ.

මේකට බේතක් හේතක් තියේනං කරුණාකරල දීලා දාන්ට අනේ. මං කැමති නෑ වෛරක්කාරයො තුන් දෙනෙක්ම හදාගන්න. අනික අර රෝගයට දාපු ඉංගිරිස් නමත් හරි යන්නෑ වගේ.

144 comments:

  1. ඇත්ත දේශකයො.ඔය ලෙඩේ ඕනම කෙනෙකුට තියෙනවා.ඒකනෙ කුතුහලය දනවන ශීර්ෂපාඨ තිබෙන ඒවට හිට්ස් වැඩි වෙන්නෙ.සමහර බ්ලොග් නම් නම දැක්කම බලන්න හිතෙන්නෙ නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. එය සැබෑවකි පින්වත. අපට කියාද චොයිසයක් තිබිය යුතුය..

      Delete
  2. මෙයා ආසා කරන්නේ මොන වගේ ඒවටද දන්නේ නෑනේ? :D

    ReplyDelete
    Replies
    1. ඔය ටික් ඇරෙන්න අනිත් ඔක්කෝටම. හැක්. විසේසයෙන් පොඩි ඒවට..

      Delete
    2. කෙන්ජිගෙ කොලම ලු

      Delete
    3. ඒ වගේ වල් හිතක් ඇති කයක් ලග මා නතර නොවේ කෙදිනකවත්.. හැක්..

      Delete
  3. පෝස්ට් එකට් නම් තබන එකත් එක්තරා නිර්මාණාත්මක වැඩක්.

    මං නං නිතිපතා පර්යේෂණ කරනවා ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. උදාහරණ ඕනෑනම් කියන්න.
      ;-)

      Delete
    2. කියන්න දෙයක් නැ අපිත් ඔබව අනුගමනය කරනවා බොහෝ විට. සිංහල හෙඩිම සහ ඉංගිලිසි හෙඩිම ඔබ යොදන්නේ විශාල අරුතක් ඇතිව නේ.

      Delete
    3. @ කකා
      ඇත්තටම ඒක ලොකු නිර්මාණාත්මක වැඩක්. සමහර විට මාතෘකාව එක වාක්‍යකට කෑල්ලක් වෙන්නත් පුළුවන්. ලියපු ටිකේ නැති වචනයක් දෙකක් වෙන්නත් පුළුවන්. ඇත්තටම නිර්මාණ කාර්යයක් තමා නමක් දානව කියන්නේ.

      උදාහරණ ටිකක් පැහැලිදි කිරීම් එක්ක දුන්න නං හරි වටිනවා..

      Delete
    4. @ නලියා
      මාත් දැකල තියෙන හොදම හෙඩින් දමන්නෙක් තමා කකා කියන්නේ. ඒකයි අපි කට්ටියට කියන්නේ කකා කියවල විතරක් නෙමෙයි කකාගෙන් ඉගෙන ගන්න කියලා

      Delete
    5. ලොකු දෙයක් නොවෙයි මට ඕනෑ වුනේ මං කරපු පොඩි අත්හදාබැලීම් කීපයක් ගැන උදාහරණ දෙන්නයි.

      මං එක පාරක් කියන්න තියෙන මුළු කතන්දරේම මාතෘකාවේ දැම්මා.

      1. W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ

      තව පාරක් ඇත්ත මාතෘකාවේ මුලකුරු විතරක් දැම්මා.

      2. සුඋදිවේකහා - HBD2UKH

      මෙන්න මේ කතන්දරයේ කියවෙන දේ, මං මාතෘකාවටත් කළා.

      3. යාද්වි තිදාද ම්යනවි - topsy turvy!

      මේ කතන්දරේ කියවෙන්නේ මං හතරේ පන්තියෙන පහට පාස් වුණු එක හැබැයි ඇත්තටම මට ඕනෑ වුනේ මගේ බ්ලොග් එකට අවුරුදු හතරක් පිරිලා පහට ලබපු එක සමරන්නයි.

      4. කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි - Grade five, here I come!

      මේ කතන්දරේ තියෙන්නේ ටෙලිකොම්/මොබිටෙල් ලා ගේ ෆෝන් සහ නෙට් පැකේජ් දෙකක් ගැන වගෙයි නේද? නමුත් මගේ අවශ්‍යතාවය වුනේ වෙන එකක්.

      5. "උපහාර" සහ "අභිමාන" (ඇඩ්වර්ටීස්මන්ට් එකක් නොවේ) - No advertisements here, yet!

      Delete
    6. ඒ වගේම හැම තැනම ලින්ක් දාන්නත් කාකා තරම් දක්ෂයෙක් නැහැ

      Delete
    7. ඒ උගේ දක්ෂ කම ඇනෝ. යමක් ඉගනගනිං ඉගන ගන්න තියන තැනකින්

      Delete
    8. බෝම ස්තුතියි කකා.. මට අවබෝධ නොවිච්ච් දෙයක් අවබෝධ උනා.. මේක ටික දැක්කම.. නැවතත් ස්තුතියි පොඩි මාර්ගයක් විවර කරා මගේ හද සන්තානය තුල..

      Delete
    9. @ ඇනෝ

      ඒකනං විසේසයෙන්ම පෝස්ට්කටුවක් දාලා කියන්න තරං වටින කතාව.

      මාත් ඕක ටිකක් කරන්න ගත්තා. ඒත් මොන.. අමතක වෙනවා නෙව ටික වෙලාවක් යන කොට. ඒත් අපේ කකා තමන්ගේ ඒවා විතරක් නෙමෙයි අනුන්ගේ ඒවා පවා පෝස්ට්කටුවට අදාළ වෙන විදියට ගෙනැත් දාන්න සමත් හොද ස්මරණ ශක්තියකින් හෙබි කෙනෙක්.

      Delete
  4. Title mania ?
    මෙය title-phobia හෝ වඩාත් නිවරැදිව title allergy විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. මම හු.ආ.පි. ඒක දැම්මේ. ඔබ කිව්වම ෆෝබියා කරා. මධු කිව්වම ඇලර්ජි කළා. ස්තුතියි.

      Delete
  5. අනේ මන්දා බං ඕවාට බෙහෙත් කොහේ තියේද කියලා.නාකද ගියොත් ආයුර්වේදයක් පැත්තේ.

    ReplyDelete
    Replies
    1. දැං වෙදා බ්ලොග් ලියන්නෑ බං ඒකනේ බේතක්වත් ගන්න බැරි..

      Delete
  6. මාර ලෙඩක් නේ මේක... ඉක්මනට බේත් ගනින් දේශකයෝ. මේක ගරිල්ලා මාකටින් පාරක් ද මන්දා?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සිරාවට ලෙඩක් මං රවිට කිව්ව පහුගිය වෙලාවක. මිනිහා තමා ඔය ලෙඩේ නමත් හොයල දුන්නේ ටීචර්ට බැන බැන

      Delete
  7. හි හි අලි සෝයි අනේ මෙහෙමත් දේවල් මිනිස්සුන්ගේ මුණ බලාගෙන කියනවද අනේ අම්මපා

    ReplyDelete
    Replies
    1. නැත්නං බං අර වෙනියා වගේ පස්ස බලං කියන්නයැ.. හැක්.. (මං කිව්වේ මිනිහා කැමරාවෙන් ගන්නේ පස්සවල්ම නේ)

      Delete
  8. ඔන්න ඔය ලිස්ට් එකට මගේ බ්ලොග් එකත් දාහන් උඹ කියවන්නේ නෑ කියලා ...එතකොට අනිත් එවුන් එයි.....

    හෑ මොකක් කිව්වා එහෙම එකක් තියෙනවා කියලවත් දන්නේ නෑ ....? :-O

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒම එකක් තිබ්බේ නෑනේ බං. අද උදේ වෙනකං.. හැක්..

      Delete
  9. Replies
    1. ඒකනේ මචං.. හැක් උම මොකද නිකං කලකිරිල වගේ බොකුස්

      Delete
  10. පෝස්ට් තුනක් තම්බා කමෙන්ට්ටුවක් සමග මිශ්‍ර කර උදේ හවස පානය කිරීමෙන් රෝගය නිට්ටාවටම සුව වේ.

    සැ. යූ. ~ අතුරු ආබාධ පිලිබඳ වග කියනු නොලැබේ.

    විශේෂ උපදේසය ~ රෝගය සුව වන තුරු වෙරළු මලෙන් ඈත් වන්න. හැක්හැක් :
    :D :D

    ReplyDelete
    Replies
    1. වැඩේ හරි යයිද,. සිාරාවට ඇහුවේ.. අරලු බිව්ව වගේ වෙයිද නැත්නං

      Delete
    2. ආයෙත් අහලා කිරි ගහට බණ්ඩි කියතෙන් කෙටුවා වගේ තමා. ;)

      Delete
    3. කිරි ගහ ඉතුරු වෙයිද බොල..

      Delete
  11. වෙලාවකටනම් පෝස්ට් එක ලියාගන්න වට වඩා මා‍ර ගේමක් දෙන්න වෙනවා හෙඩිමක් තෝර ගන්න.

    ReplyDelete
    Replies
    1. සිරාවටම බන්, හැබැයි මන් ලියන ගොඩක් ඒවටනම් හෙඩිම තෝරන්න අවුලක් නෑ :D

      Delete
    2. @ ප්‍රියා
      මට නං ඒක ඒ තරං ලොකු ගේමක් නෙමෙයි. හුගක් අය සමස්ථය දිහා බලල නෙමෙයි හෙඩිම දාන්නේ ඒ වගේම ඒක යුනික් එක්ක වෙන්නත් ඕන කියල හිතන්න ඕන

      Delete
    3. @ සසින්දු
      අෑ බොල අන්න ඒ කරමේ කියහං බලන්න..

      Delete
    4. ඇයි බන් මන් ලියන ටෙක් පෝස්ට් වලට ටයිටල් එකක් දාන එක ගේමක්ද :D

      Delete
    5. මාර මොලේ නේ බං..

      Delete
  12. උඹ පෝස්ට් වල ටයිටලේ කියවන්න ඉස්සෙල්ල කෝක් එකක් එහෙම බීල පොඩ්ඩක් පාවෙන මට්ටමට වරෙන්. එතකොට ඕක හරියනව.

    බලහංකො අපි දාන ටයිටල්. බොලාටම හරියන ඒව නේද. ඒකනේ හත් අටපාර ඇවිල්ල කියවල යන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද ලොවෙත් නෑ :D

      Delete
    2. @ ප්‍රසා

      අනේද කියන්නේ ගියා මතක නෑ ආයේ එනවා.. ඒ ටයිටල් දැක්කම.

      @ චන්දන

      නිකං කොන්කිරිට් කෑල්ලක් ගිල්ල වගේ තමා.. නිතරම දැනේනවා

      Delete
    3. ටයිටල් ඔබටත් ගැටළුවක්ද එසේනම් ප්‍රසාගෙන් අහන්න..

      Delete
    4. ප්‍රසාට සිරාවට ගැටලුවක් නෑ මොකද මිනිහට ඒක හිතන්න අවුරුද්දකට තත්පර කීපයක් විතරක් අඩු කාලවේලාවක් තියෙනවා නේ.. හැක්..

      Delete
  13. අඩේ මන් හිතුව මගෙ එකත් ඔය ගොඩේ ඇති කියල නැති එක පුදුමයි බන් :D

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ සසිදුගේ වල් අඩවිය මං බලනවා..

      Delete
    2. ඈ ඒකෙ වල් එව්ව තියනවද? :D

      Delete
    3. මං දන්නෑ එක පාරක් නං ජැක් සීන් එකක් තිබ්බා.. හැක්..

      Delete
    4. තොපිට එව්වත් මතකයිනෙ, මන් ඒක එදාම ඩිලීට් කලා යකෝ :D

      Delete
  14. Replies
    1. හෙහ් හෙහ්...

      Delete
    2. ඕ අයි සී ද ගඩොල්. යූ මීන් ටිට්ෆක්ටල්!

      Delete
    3. යෑස් යෑස්. හැව් යු ගොට් ගෆක්ඩොල්??

      Delete
  15. //ඒ දවස් වල හැටියට රු. පහක්ද කොහේද දවසට රෙන්ට් එක පටියක, ඉතිං එකක් අරන් එනවා// 1900 බර ගනන් වල වෙන්නැති..අපිනම් ඉපදිලත් නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ බං. සමහර විට 10 ක් 15 ක් වෙන්ත් ඇති..

      Delete
  16. දේශකයටත් හැදෙන්නෙ පුදුම ලෙඩනේ....කොහොම උනත් title එකෙන් ලේසියෙන්ම බ්ලොග් එකට කෙනෙක්ව ආකර්ශනය කරගන්න පුලුවන්. මං නම් සාමාන්‍යයෙන් කරන්නෙ පෝස්ට් එක ලියල ඉවර වෙලා හිතට එන පලවෙනිම නම දානවා :)

    ReplyDelete
    Replies
    1. //මං නම් සාමාන්‍යයෙන් කරන්නෙ පෝස්ට් එක ලියල ඉවර වෙලා හිතට එන පලවෙනිම නම දානවා // මෙන්න මගේ වර්ගයෙ කෙනෙක්.. ආයෙ හිත හිත ඉඳිල්ලක් නෑ මාත්.

      Delete
    2. @ චාම්ස්

      ඔව් අප්පා එක එක ලෙඩ.. අනිවා ටයිටල් එක නියමෙට තියෙන්න ඕන ඒකෙන් කියන දේ ගැන චකිතයක් ඇති වෙන්නයි ඕන. ස්තුතියි චාම්ස්

      Delete
    3. @ චන්දන

      මාත් හිතිල්ලක් නෑ සමහර විට ඉස්සෙල්ලම හිතට ආපු නම වෙන්නැති මාත් දාන්නේ

      Delete
  17. අර තුන් දෙනාට කියල දේශට දෙක තුනක් ඇන ගත්තොත් ඔය ලෙඩේ සුව වෙයි.. :D

    ReplyDelete
    Replies
    1. අපොයි එපා. අර රවියා ගහල නෙමෙයි හිනා ගස්සල මරාවි මාව.. හැක්..

      Delete
  18. අම්මපා දේශෝ ඔය ඇලර්ජික් එක අඩු වෙමින් යනවද වැඩි වෙමින් යනවද ?එහෙම නැත්නම් අර ගානටම තියෙනවද . සමහර විට title-phobia වගේ ලෙඩක් වෙන්ටැති

    ReplyDelete
    Replies
    1. ටයිටග් ඇලර්ජි බං. නම හැදුවා.. හැක්.

      මට බං මේ අවුරුදු දෙකට කිට්ටු කාලෙම ඔච්චර තමා තිබුනේ..

      Delete
  19. ආසාත්මිකතාවයක්නම් ඒක allergy වෙන්න ඕනා මම හිතන්නේ. මේනියා කියන්නේ අසහනය වගේ එකක් නේද ?

    උඹට කුරුඳු වලට ආසාත්මිකතාවයක් දක්වන්නේ නෑ නේද ? හෙහ් හෙහ්... :D

    ReplyDelete
    Replies
    1. කුරුදු මගේ ෆේවරිට්.. ඇලරිජි තමා අන්න හැදුවා බං..

      Delete
  20. කතාව ඇත්ත...ඔය TITLE එකක් හදන එක හිතන තරම් ලේසි පාසු වැඩක් නෙවේ...

    ReplyDelete
    Replies
    1. සිරාවට. ටිකක් අමාරු නිර්මාණාත්මක් වැඩක් ඒක ෂෙහාන්..

      Delete
  21. කොයිතරං හොදට පෝස්ටු කටුව ලීවත් නම කෝම තිබ්බත් ටයිටලේ නෙව දාන්නම අමාරු....
    මගෙ 1ත් වෙනස් කරන්න කාලෙ හරිද මංද

    ReplyDelete
    Replies
    1. උඹේ මොන එකද දැං වෙනස් කරන්නේ.. ??

      Delete
  22. ටයිටලේ වැදගත් තමයි...හැබැයි හොඳට රසවත් බව දන්නා බ්ලොග් එකක් නම් කොහොමත් ගිහින් බලනවා ටයිටලේ මොක වුනත් . මටත් සමහර වෙලාවට ටිකක් කල්පනා කරන්න ඕන මාතෘකාව දන්නා කලින්. සමහර වෙලාවට මුලින් මාතෘකාව හිතිලා ඒ ගැනම ලියන වෙලාවලුත් එනවා .

    ReplyDelete
    Replies
    1. අනිවා.. දැං බින්දි බලන්නකෝ රවියා බඩ පැලෙන්න ලියනවා ඒත් කොච්චර ආසා උනත් හෙඩිම දැක්කම මං මාරු වෙනවා. ඒක ලෙඩක් නේද?

      Delete
  23. මෙන්න හේතුව
    //ඔය කාලේ අපේ ද්වීතියික පුරුෂ ලක්ෂණ පහල වෙලා තිබුනත්, ලව් සික් නෑ.// ඒ කාලෙ ලව් සික් නැති උනාට මේ කාලෙ එව්වා මතුවෙන්න පටං අරං, ඉතිං ඒ අංශෙන් යන මාතෘකාවක් දැම්මනං වැඩේ ගොඩ.. හැක් හැක්..
    රුපියල් පහට වී.ඇච්.ඇස්. එක ගන්නකොට ජාතික හැදුනුම්පත එහෙම ඇපේට තිබ්බෙ නැතෙයි..


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තිබ්බා තිබ්බා බං. අයිඩී එක අපිට නැති දවස් වල කව්රු හරි සීනියර් බුවෙක් ගේ එකක් තමා තිබ්බේ. පටිය දෙනකං දෙන්නෑ සමහර ඒවා මාස දෙක තුන එතැන. ඕන උනාම වෙන එකක් දාලා ඒක ගන්නේ. හැක්..

      ඒ හේතුව හරිද බං විදානේ..

      Delete
  24. ටයිටලේ අනිව වැදගත්. මටත් තියනව ඔයව‍ගේ බ්‍‍‍ලොග් කිහිපයක්. මම හිතු‍වෙ ‍මේක මට ආ‍වේනික ‍රෝගයක් කියල.
    පළ‍වෙනි එක අ‍පේ දි‍නේෂ් මලය‍ගෙ වර්ණ. වර්ණ කියන නම මට ‍පේන්න බෑ. උ‍ගේ ලිපි ‍හොඳයි නමුත් න‍මේ අවුල නිසා කියවන්‍‍නෙ ටිකක් පරක්කු ‍වෙලා.

    ReplyDelete
    Replies
    1. මටත් තියනවනේ වර්ණ කේස් එක. මොන උලව්වක්ද මංදා මට ඒක කියවන්න හිතෙන්නේම නෑ. හැමදාම උගෙ ලිපියක් කියෙව්වම හිතෙන්නේ අපරාදෙ නොකියෙව්වනම් කියලා. වර්ණ කියන නමේ මොකක් හරි ලොකු අවුලක් තියනවා වගේ.

      Delete
    2. හෑ බොලේ සෑහෙන්ට බොන්න ඕන ප්‍රශ්ණයක්නේ මේක..

      දෙශකයට දාන්න ආව කමෙන්ට් එකත් අමතක වුනා.. උන්දැට අද ඕන නෑ මගෙන් කමෙන්ට්..

      Delete
    3. මේක කිව්වම මලයා තරහ වෙයිද මන්දා ..මටත් වර්ණ කිව්වම දිනේෂ්ගේ බ්ලොග් එක කියල මතක් වෙන්නෙම නැහැනේ . දිනේෂ් ගේ ලියවිලියි වර්ණ කියන නමෙයි මොකක්දෝ නොගැලපෙන ගතියක් තියෙනව. ඒ නමට වඩා ලියවිලි අපුරුයි.

      Delete
    4. මදෑ වර්ණකරු අහගත්ත දේවල්.

      හැබෑටම බං මටත් මුලින්ම වර්ණ කියන නමේ අබිලික් ගතියක් තිබ්බම තමා. මම ගියෙත් හුගක් පරක්කු වෙලා බ්ලොග් එකට.

      මේකට අපේ දිනේෂ් මලයා උත්තරයක් දුන්නොත් නං හොදා.

      බලාගෙන ගියාම මාර සින්කෝන් තියෙනවා නේ මේ අසාත්මිකතාවය ගැන..

      Delete
  25. මාත් ඔහේ එකපාරටම හිතට එන ටයිටල් එක දානවා..මගේ පොස්ටුවක් නම් දේශකයානෝ කියවලා තිබුන නේ..ඒ කියන්නේ ඒ ටයිටල් එකේ අවුලක් නෑ!
    මම හතන්නෙ ඔය ලෙඩේ කාටත් ඇති තමා.මමනම් ඒ ලෙඩේට කැමති.මොකද මම මේ අවකාසෙ හැම බ්ලොග් එකටම ආස උනොත් මට ඩේටා ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි නේ..

    ReplyDelete
    Replies
    1. තැපෑලෙන් ඩේටා එවන්නෙයි. මේක මේ කලාතුරකින් දකින්න තියෙන ලෙඩක් නේ සාශා..

      Delete
  26. ටයිටලේට තමයි පෝස්ට් එකටත් වඩා වෙලාවක් යොදවන්නේ.. ඒක හරි නැත්නම් ඔක්කෝම ඉවරයි.. උඹට තියෙන්නේ "ටයිටල් ෆෝබියා" කියන රෝගය.. බෙහෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් රෑ 10 ඉදන් 1 .1.30 වෙනකල් පෝස්ට් එක ලියලා 3. 3.30 වෙනකල් ටයිටල් එකක් කල්පනා කරනවා .. හැමදාම වෙන්නේ ඔය වැඩේ ..

      Delete
    2. @ මාතලං

      උඹත් හොද ටයිටල් එක්ක පට්ට පින්තුර දාන බුවෙක් නේ..ඒකට එච්චර වෙලාව ගන්නවද බං. මට නං ඒම කේස් එකක් නෑ. බේත් ඕනමයි.. හැක්..

      Delete
    3. @ ඔමා

      ඈ බං මට ඒ වෙලාව තිබ්බ නං තව එකක් කොටල සේව් කරල තියාගන්නවා.. හැක්..

      Delete
  27. ශීර්ෂපාඨය කුතුහලය ඇතිවන විදිහට දමනවනම් කවුරුත් කියවනවා. නැත්නම් අර පත්තරේ පුවත්වගේ... ශීර්ෂය කියව්වහම ලිපිය කියවන්න ඕන නැහැ. අන්තර්ගතය තේරෙනවා. කොහොම උනත් දේශකට මේ තුන්කට්ටුවත් එක්කලා පුද්ගලික කෝන්තරයක් තියෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඒම එකක් නෑ. සුදීක හොද යාළුවා දැං මිනිහට මං අද හොදවයින් දෙකක් කියල ආවේ කාලෙකින් අවුස්සගන්න බැරි වෙච්චි නිසා...

      ඇත්ත ඇතුලේ තියෙන්නේ මොකෙක්ද කියන ගානට කුතුහලේ වැඩෙන්න ඕන ටයිටලෙන්.. තැන්කුයි තරු..

      Delete
  28. "++", "+ ද මන්දා", "පොඩි ලමයි මේව බලන්න එපා"
    වගේ ටයිට්ල් වලට ආකර්ශණය වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ මම නං ඒ ලකුණු දාන්නෙම නෑ...

      Delete
  29. කෝ දේශකයා ඔහේ ආවේ නැනේ .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. "Titlefobia" is better .
      Because ,the wrd "Title Mania" reflects that someone is yearning for Titles.

      Delete
    3. Changed it to "title allergy" Thanks Dula..

      Delete
  30. හැ ලිස්ට් එකේ මමත් ඉන්නොද කියලා බැලුවේ -_-
    ඒ අසනිපේ ටිකක් හොද කරන්න අමාරුයි -_- මටත් තියෙනවා ඔය අසනිපේ හික් :)

    ReplyDelete
    Replies
    1. අපොයි කජුකිරි කෙල්ලෝ අපි ගාවගන්නෑ ඒවට. අන්න අර වර්ණ ලියන එකාට නං හෝ ගාලා දෝස්මුර.. හැක්..

      කාටත් අඩු වැඩි නැතිව තියෙනවා වගේ මේ ලෙඩේ..

      Delete
  31. නම බලලයි ගන්න ඕනෙ. නමුත් නම නෙවෙයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. නම බලල තමා ඇතුලට යන්නේ නැද්ද මං අහන්නේ..

      Delete
  32. ඇත්ත දේශකයෝ ටයිටලේට තමයි මුලින්ම හිත ඇදෙන්නේ. සමහර වෙලාවට කෙනෙකුගේ පිට ඔපයට ඇතුලාන්තය නොදැන අපි ලොබ බඳිනවා වගේ. ඒත් උඹ කිව්ව බ්ලෝග් තුනෙන් මම දැනට ගිහින් තියෙන රවියාගේ ගුරැවරියක් සමඟ කථා මාලාව නම ගැන නොතකා ඇතුලට ගියාම තියෙන සුන්දර කම වචනයෙන් විස්තර කරන්න බෑ. ඉතිං ගොයියෝ නම දැක්ක ගමන් වීසි නොකර ටිකක් ඇතුලට බැහැල බලපං... උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං වෙලා තියෙන්නේ. යන්න හිතෙන්නැති ලෙඩේ..

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියන ලෙඩේ මං හිතන්නේ ඕනෙම මනුස්සයෙක්ට තියෙනවා ,,මට සමහර බ්ලොග් වල පාට දැක්කම ,අකුරු දැක්කම කියවන්න හිතෙන්නේ නැහැ , මං අර ගස් කොළන් ගැන ලියලා සමර් එකේ අඩනිරුවත කියලා නම දාපු එකට තමයි වැඩිම හිට්ස් තියෙන්නේ හි හි ..ඔය දාපු බ්ලොග් තුනේ ලින්ක් එක්ක දැම්මානම් හොදයි නේද..

      Delete
    2. ලින්කටු දාන්නං ඔමා. දැක්කද අර වල් රජාගේ වැල වරක එකට 10000+ හිටිස් තියෙනවයි කියල ස්ටේටස් එකක් දාලා තිබුනා. හැක්..

      Delete
    3. හ්ම්ම් හ්ම්ම් ... මට නම් දැන් බ්ලොග් ලියවිල්ල සහ කියවිල්ල ඇති වේගෙන එන්නේ ,පුදුම කම්මැලි කමක් අයියේ ,, ආයේ සමහර විට කාලෙකට එන්නේ නැතිවෙයි

      Delete
    4. එපා උනොත් නවත්තන්න.. ටික දවසක් යනකොට තේරෙයි ඒක අතාරින එක කොයි තරං අමරුද කියලා ඔමා..

      Delete
  34. තොට මගේ ඒවත් ඇලර්ජි ද?

    ReplyDelete
    Replies
    1. මං ඒම කිව්වේ නෑ නේ මගේ පනේ.. මං බලනවා නේද ඒවා..

      Delete
  35. උඹේ බ්ලොග් එකේ නමත් අන්තිම අවුල්. ඒත් අර ක්යුට් ප්‍රොෆයිල් පික්චරේ එකා නිසා බලන්න එන්න හිතෙනව :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක හරිම් කියුට්. මුගෙ වරත්තු "හැක්" එකට ඒක නියමෙට ගැලපෙනවා...

      Delete
    2. @ ඉන්දික
      මට හිතුනා. මීට කලින් කීප දෙනෙක් කිව්වා ඔය පින්තුරේ වෙනස් කරහං කියලා. මට මතක නෑ බොලා දෙන්නගේ නං ඒවයෙි තිබ්බද කියලා.. හැක්. කෝම උනත් තැන්කුයි ඈ.. ඈක්කා කිය කිය හරි එනවට. (අපොයි එනවට වඩා බැනගෙන නෙව මුන්දැ එන්නේ) හැක්

      @ සෙන්නා
      උඹත් මට ඇලජික් වෙන්න වගේ හදන්නේ. හැක්.. තැන්කුයි ඈ..

      Delete
  36. තාම මේකට බෙහෙත් හොයාගෙනත් නැද්ද එතකොට...:D
    අලුත් අපිට හිතන්න දෙයක්..

    ReplyDelete
    Replies
    1. තාම නං බේත් නෑ ලෙඩේ අඩුවකුත් නෑ බං..

      Delete
  37. දේශකට හිතෙන හෙඩිමක් හිතෙන් මවාගෙන කියවන්න ...ඔය ලේඩෙ තියෙන තව කී දෙනෙක් ඇත්ද ??/දේශක ගේ එවාට ආස නැති ;) මොනවා කරන්න ද??? උන් තරහා වෙන එකක් නෑ ...දේශක වෙනුවට දැන් කස්ටිය යයි ඔසේට ...ලින්කු ටික හැකි නම් දාන්න

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. සාපේක්ෂව ඒවා ඒම තමා බං. මං ලින්කටු ටික දාන්නං බං. ඊයේ වෙලාවක් තිබ්බේ නෑ.. තැන්කුයි

      Delete
  38. අසාත්මිකතාව - ඇලජි
    ෆෝබියා කියන්නේ භීතිකාවය... හෙහෙහෙහ් :)

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹ කිව්වට පස්සේ අන්න වෙනස් කරා ඒක. තැන්කුයි..

      Delete
  39. ඕකට හෝමියෝපති බේත් ටිකක් ගත්තොත් නරකද? හික්ස්

    ReplyDelete
    Replies
    1. සිරාවට අහන්නේ.. නැද්ද ඒම කෙනෙක් හොයාගන්න..නාටිටිකාරයෝ.. හැක්.

      Delete
  40. අනේ මංදා සමහරු නම් නම බලලයි ගන්නේ ( මෙතනට ගැලපෙනවද මංදා ) හි හි අපේ තාත්තත් ඔය ඉස්සර ෆිල්ම් සීඩි ගේනවා දැන් මොන සීඩි ඩීවිඩී ද ඔක්කොම අන්තර්ජාලෙන් නොවෑ :)

    ReplyDelete
    Replies
    1. මේතනදි නං ගැලපෙන්නෑ තමා.. මොකද අපි මේ සමාජය තුල කව්රු මොනා ලිව්වත් බලන්න යනවා නේ. ඒත් ඔන්න ඔය කිව්ව තුන මට ඇලජික්ම තමා. ස්තුතියි පසන්..

      Delete
  41. ඉක්මනටම බෙහතක් ගන්න වෙනව දේශකතුමා .. බල බල ඉන්න එපා ..

    ReplyDelete
    Replies
    1. බේත් නෑලු තුෂානියෝ. ඉතිං මොකේද දං ගිලින්නේ..

      Delete
  42. ඔක ටිකක් මටත් තියෙනවබන් .බෙහෙතක් ලැබුනොත් මටත් කියහන්

    ReplyDelete
    Replies
    1. හැබෑට අපි යමුද උඹේ “සදාකල් ඔබමගේ“ එකෙන් බේත් ගන්න..

      Delete
  43. මට නම් ඇලජික් කවි තමයි. එව්වා තමයි ගොඩක් දුරට උඩින් පල්ලෙන් බලන්නේ හැබැයි ඉඳල හිටලා ආසාවෙන් කියවන නිර්මාණත් නැතිවම නෙවෙයි. සමහර බ්ලොග් තියෙනවා දෙතුන් පාර කියවනවා කොමෙන්ට් කරන්න කලින් ආසාවෙන් ඉවාන්ගේ,සෙන්නගේ වගේ නම් සඳහන් කරන්න ගියොත් දේශාගේ බ්ලොගේත් සමහර එව්වා (බීල ලියන එව්වා ඇර :P).

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ. තව ඇලජික්කෙක් ඉන්නවා.. හැක්..

      Delete
  44. ඔන්න බලාපං ඒකෙත් හැටි..මට දේශකයා කියන නම දැක්කම ගිය මාසෙ කාපුවත් වමනෙට එනව. අම්මාපල්ල...දේසකයො කියන ජාතියම මට අරහං..දේසකය කියපු ගමං මගෙ හිතට එන්නෙ සටහන් කොල ගොඩක් අරගෙන ඇවිල්ල ඒ දිහා බලාගෙන ඒ ටික කියවල බැහැල යන පොරක්. මිනිහ කියන එක ප්‍රශ්ණ කිරීමකින් තොරව පිළිගන්න ඕනය කියල අදහස් කරන අධිපතිවාදී මතවාදයක ගැලිල ඉන්න මනුස්සයෙක්. එහෙම එවුං මට පෙනෙන්ට බෑ...හෙහ්, හෙහ්,මම මේ කිව්වෙ ඔහේ එහමයි කියල එහෙම නෙවෙයි..හොඳද?

    ReplyDelete
    Replies
    1. @රවී...දේශකයා අප්සට් හින්දාද උඹ මූට ලැක්චරයා කියලා කතාකරන්නේ. ඇත්තටම ලැක්චරයා ටොප්.

      Delete
    2. අරූ,

      ඒකනෙ බං මට දේශකයා කිව්වම අල්ලන්නෙම නෑ...:) :)

      Delete
    3. @ රවියා.

      ආයි දෙකක් නෑ ඔහේ ඒක කිව්වේ මටම තමා. .හැක්.. ලැච්චරයා කිව්වම මට නිකං ලැජ්ජයි වගේ. ඒක්කෝ කනේ කුයිලයක් වගේ.. හැක්.. තැන්කුයි ඈ..

      @ අරූ.

      අවුලක් නෑ එහේනං බොලා ඒම වත් කියාපල්ලා. මං බැලුවේ හැබෑ ලැච්චරයොන්ට ඒක අවනම්බුවක් වෙයි වගේ කියලා..

      @ රවියා
      බොට ඒනං තියෙන්නේ දේශකෝන්මාදය වෙන්ටැති.. හැක්

      Delete
  45. මේවා මේ අත යටින් ගානක් ඇන්න කොරන පොරචාරක වැඩ ආයිබොවං..

    ReplyDelete
    Replies
    1. නැත නැත සබඳ අවංක අද්‍හස්ය..

      Delete
  46. දේශා......මම හරිම කැමතියි ඉතාම කෙටි ටයිට්ල් දාන්න.

    උඹේ අසනීපයට බෙහෙත් තියෙන්නේ වෙඩි නොකා වෙඩි කාපු ඒලියන්ත වයිට් ගාව විතරයි. එයා බෙහෙත් කරන්නේ ලොක්කා කියන අයට විතරයි කියලා ඊයේ පෙරේදා කිව්වා. ඒ නිසා උඹට බෙහෙත් නැත.

    ReplyDelete
    Replies
    1. මාත් හුගක් වෙලාවට එහෙමයි අරූ.. ටයිටල් එක දාලා !! මෙන්න මේ ලකුණ දාන්නත් ට්‍රයි එකක් දෙනවා මම.. බේත් නැද්ද. ගොඩේ ගොඩ. මුං තුන්දෙනාවම අයින් කරල දානන් ඇහැකි හෙනං.. හැක්..

      Delete
  47. ලැච්චස් තුමා,

    / අර රවි කියන මොටාගෙදර අයියා…/

    කවුද බං මොටාගෙදර අයිය කියන්නෙ?..මොටාගෙදර වනිගරත්න කියල චිත්‍රශිල්පියෙක් ගැන නම් දන්නව.

    / මං කැමති නෑ වෛරක්කාරයො තුන් දෙනෙක්ම හදාගන්න. /

    ආය අගවල් වයිරමක්ද බං..ඇගේ වයිරම වගෙ උගේ වයිරම...හෙහ්, හෙහ්,

    මේකෙ ටයිටලෙත් පොඩ්ඩක් අවුලක් තියනව...:)....ඉංගිරිසි සිංහල දෙකම...ආසාත්මිකතාව නෙවෙයි අසාත්මිකතාව ...අනික Title වෙන්න ඕන. Not Tittle.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම රවියට වෙල්කම් කියන්න ඕන.. හැක්

      මොටාගෙදර කියන්නේ බං කලාකාරයෝ ඉන්න දකුණු පළාතේ පැත්තක්. එහේ කවි, කතා, චිත්‍ර කාරයේ වැහි වැහැල. මං එක ගමනක් ගියා. මොටා ගෙදර කියල ප්‍රසිද්ධ අයත් කීප දෙනෙක් හිටියා. ඉතිං බොට ඒ ගමේ නම දැම්මම මක්ක වෙන්නද??

      අර කියපු වැරදි දෙකම කලබලයට වෙච්ච සීන් එකක්. ඇස් පේනවත් හොරයි නේ.. වෛරං එන්න කලින් ඒවා වෙනස් කරා. .තැන්කුයි රවියෝ..

      Delete
  48. පර්යේෂණාත්මක ලිපියකට පිවිසුනා වගේ.!

    ReplyDelete
    Replies
    1. හපොයි ඒම දෙයක් නෑනේ මේකේ...

      Delete
  49. මට නම් ටයිටලේ වැදගත් වෙන්නේ අලුත් බොගක් සම්බන්ධව තමයි... ටයිටලේ සින්ඩියක දැක්කහම ගිහින් බලන්න හිතිලා අඳුනගත්ත බ්ලොග් තියනවා. සාමාන්‍යයෙන් දන්න බ්ලොග් වල නම් ටයිටලේ මොක උණත් ලොකූ අවුලක් නෑ... හැබැයි ටයිටලෙන් පොඩි කික් එකක් දෙන්න පුළුවන්... දැන් රවියාට පින් සිද්ධවෙන්න මේ ටයිටලේ දැක්කහම මොකද්ද මේ කියලා බලන්න එන්න පොඩි කික් එකක් එනවා... උඹ දැම්ම නම්, "මට කියවන්න හිතෙන්නැති බ්ලොග්" වගේ එකක්, අපිත් ඉතිං පුරුද්දට වගේ එනවා මිසක් කිසි ආසාවකින් එනවා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ටයිටල් එක ඇත්තටම වැදගත්. ඒක කකා කිව්ව වගේ නිර්මාණාත්මක කාරණයක් තිසර. හැබෑට අර රවියා නොකිව්වනං මටත් මේකට ටයිටලයක් දාන්න කල්පනා කරන්න වෙනවා නේන්නං..

      Delete
  50. තොගෙ ලිස්ට් එකේ මගේ බ්ලෝග නැත්තෙ මොකද කියල මම මේ බැලුවේ.

    ReplyDelete
    Replies
    1. මගේ ඔය ඇලර්ජි ලිස්ට් එකේ උඹ හිටියනං කෝමද ගොනෝ තාම බොගේ “පයිය“ උඹේම බ්ලොගේ උඩම තියෙන්නේ.. හැක්..

      Delete