Sunday, February 23, 2014

පට්ටිපාලක (The Swineherd)

එක රටක දුප්පත් කුමාරයෙක් හිටියා. ඔහුට තිබුනේ කුඩා රාජධානියක්. ඔහුට උවමනා උනා කසාදයක් කරගන්න.. කුමාරියෙක් කැන්දන් එන්න. ඔහුට තිබුන දුප්පත් රාජධානියක් උනත් ඒක මේ වැඩේට හොදටම ප්‍රමාණවත්.

“ඔබ මාව කසාද බදිනවද“ කියල කෙලින්ම අහන්න දුප්පත් කුමාරයට හැකියාව තිබුන, තමන්ගේ අධිරාජයාගේ දුවගෙන්. ඒත් ඔහු ඒක කරේ නෑ, ඔහුගේ නම කොයිතරං රටේ ප්‍රසිද්ධව තිබුනත්. මේ අධිරාජ්‍යෙය් ඉන්න කුමාරියන්ගෙන් අඩුගානේ සීයක් වත් ඇති කිව්ව ගමන් මේ කුමාරයට උවමනාවෙන්ම “හා“ කියන. ඒත් ඇය හා කිව්වද කියල අපි බලමු.

කුමරයගේ පියාගේ සොහොන් බිමේ වැවුනා අලංකාර රෝස පඳුරක්. ඇත්තටම ලස්සන රෝස පඳුරක්. ඒකේ මල් පිපෙන්නේ අවුරුදු පහකට වතාවක්. ඒත් එකම එක ලස්සන මලක් විතරයි. ඒත් ඒක හරිම ලස්සන මලක් ඒ ගැන කිසිම කතාවක් නෑ. මේ මලේ සුවඳ විඳින ඕනම කෙනෙක්ට තමන්ගේ සියළු දුක් කරදර දෝමනස්ස සම්පුරුණයෙන්ම අමතක වෙලා යනවා. ඒ වගේම කුමාරයට හිටියා අරුම පුදුම නයිටින්ගේල් කුරුල්ලෙක්. පුදුම කුරුල්ලෙක් කිව්වේ මෙන්න මේකයි. මේ විශ්වයේ තියෙන ඕනම... ඕනම ස්වරයක් ඉමිහිරිව ගායනා කරන්න මෙයාට පුළුවන්. ඔහුට තිබුන මේ එකම වස්තුව ඔහු ලොකු රිදී බාජන දෙකක දාලා අර කුමාරියට යැව්වා.

මාළිගාවට ලැබෙන සියළුම තෑගි අධිරාජයා ඉන්න විශාල ශාලාවට ගේන්න තමා අණ කරල තිබුනේ. මොකද මේ ශාලාවේ තමා කුමාරිය තමන්ගේ පරිවාර කුමාරියන් සමඟ කෙළිදෙලෙන් පසු වෙන්නේ. අර ලොකු රිදී භාජන දෙක දැක්කම කුමාරිය හරිම සන්තෝසෙන් උඩ පැන පැන අත්පුඩි ගැහුවා.

“මේ පුංචි පුස් පැටියෙක්වත්ද? කුමාරිය කිව්වා. නමුත් එතකොට අර ලස්සන රෝස මල තිබුන රෝස පඳුර භාජනයෙක් එළීයට ආවා.


“හානේ.. මේකේ ලස්සන“ ශාලාවේ හිටිය ඔක්කෝම කුමාරියෝ කිව්වා.

“ඒක ලස්සනටත් එහා ගිය දෙයක්. ඒක බොහොම අලංකාරයි“ අධිරාජයා පැවසුවා.

ඒත් කුමාරියට ඒකේ ලොකු තේරුමක් නැහැ. ඇය අඩන්න වගේ ලෑස්ති උනා.

“අනේ!! පපා“ කුමාරිය නාහෙන් අඩන්න ගත්තා. 

“අයියෝ මේක බොරු මලක් නෙමෙයි ඇත්තම මලක්. බලන්න..මේ ඇත්තම මලක්“ ශාලාවේ උන්න බවලතුන් ඇයට පෙන්නල දුන්නා.

“හරි හරි. අපි තරහ වෙන්න කලින් අනිත් භාජනේ තියෙන්නේ මොනවද කියල බලමුකෝ“ අධිරාජයා කිව්වම ඒකත් ඇරියා. එතකොටම අර නයිටින්ගෙල් එළියට ඇවිත් ලස්සනට සින්දුවක් කිව්වා. මේ සින්දුවේ ලස්සන අහන් ඉදල කට්ටියටම මොකක් කියන්නද කියල හිතාගන්න බැරිව හිටියා.

“Superbe!! Charmant!" කුමාරියගේ පරිවාර කුමාරියන් එක් වරම තියෙන නරකම ප්‍රංස බාසාවෙන් එහෙම කිව්වා.

“මට මතක් වෙන්නේ අපේ හිටපු අධිරාජයාගේ සංගීත පෙට්ටිය මේ කුරුල්ලගේ සින්දු ඇහුවම“ වයසක රාජපුරුසයෙක් එහෙම කිව්වා.

“ඔව්. හැබෑමයි ඒ සංගීතයම තමා. ඒ හැගීමම තමා එන්නේ. ඔව් ඒක තමයි“ පොඩි දරුවෙක් වගේ කඳුළු පිහිමින් අධිරාජයා පැවසුවා.

“මං නං හිතන්නේ මේ ඇත්ත කුරුල්ලෙක් නෙමෙයි“ කියල කුමාරිය කිව්වම “නෑ මේ ඇත්ත කුරුල්ලෙක්“ අනිත් අය කිව්වා. 

“එහෙනං බලමු එයා පියාඹනවද කියලා, ඊට පස්සේ කුරුල්ලා පියාඹලා ගියා. මේ සිද්ධිය නිසා කුමාරිය දන්නෑ තමන් අර කුමාරයට ශාලාව ඇතුලට එන්න ඉඩ කඩ සැලැසුවා කියන එක.

කුමාරයා වෙස් මාරු කරගෙන කිසිම බයක් නැතිව අධිරාජයා ගාවට ආවා. ඔහුගේ මූණ කළු කරල තිබුනේ. ඔහු පැළද සිටි තොප්පිය නිසා කොහොමත් අඳුරගන්න අමාරුයි.

ඔහු ශාලාවේ දොරට තට්ටු කරා. 

“සුභ දිනයක් අධිරාජයාණෙනි“ කුමාරයා ආසිරි පැතුවා.

“මට මේ බලකොටුවේ මොකක් හරි රස්සාවක් දෙන්න පුළුවන්ද රජතුමණි“

“පුළුවන්. මේකයි ප්‍රශ්නේ. හුගක් අය එනවා රස්සාවල් ඉල්ලගෙන. කමක් නෑ මං ඔබ ගැන සලකා බලන්නං පුළුවන් විදියට. ඒත් මට දැං මතක් උනා අපේ ඌරෝ බලාගන්න නං කව්රුවත් නෑ කියලා. මොකද කියන්නේ මහා විසාල ඌරු රංචුවක් නේ අපිට ඉන්නේ. ඔබ කැමති නැද්ද ඌරෝ බලාගන්න“ රජතුමා ඇහුවා.

ඉතිං කුමාරයා අධිරාජයාගේ ඌරුපට්ටි පාලක විදියට පත්වීමක් ලබා ගත්තා. ඌරු කොටුවට සමීපයෙන් ඔහුට ඉතා කුඩා කාමරයක් ලැබුනා නවතින්න. ඔහු ඒකේ ඉන්න අකමැති උනත් මුළු දවසම එතන වාඩි වෙලා වැඩ කරා. හවස් වෙද්දී ඔහු ලස්සන මුට්ටියක් හැදුවා. ඒ මුට්ටියේ වටේටම පුංචි සීනු සවි කරල තිබුනේ. ඉතිං මේ මුට්ටිය රත් කරන කොට හරි ලස්සන පරණ සින්දුවක ස්වර අර පුංචි සීනු වලින් ඇහෙනවා.

අයියෝ..අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!

මේ හැමදෙයකම ඉතා අරුම පුදුම සැකැස්මක් තිබුනා. කව්රු හරි මේ මුට්ටිය රත් වෙන කොට ඒකෙන් නගින දුමට ඇගිල්ල අල්ලන් හිටියොත් එයාට එක පාරටම කියන්න පුළුවන් මේ නගරයේ ඕනම ගෙයක මොන කෑම වර්ගයද උයන්නේ කියන එක. 

කුමාරිය ඇයගේ පරිවාරිකාවන් සමඟ එළීයට එනකොට අර මිහිරි නාදය ඇයට ඇහුනා. ඇය ගල් හැගිල වගේ නැවතිල ඒක අහගෙන හිටියේ මොකද ඇයටත් මේ ගීතය ලස්සනට පියානෝවේ වාදනය කරන්න පුළුවන් නිසා. හැබැයි ඉතිං ඇයට වාදනය කරන්න පුළුවන් එකම සින්දුවත් ඒකම තමා. ඉතිං ඇයට තනි ඇගිල්ලෙන් උනත් ඒක වාදනය කරන්න පුළුවන්. හරිම දක්ෂයි.

“ඇයි ඒ..මම වාදනය කරන සින්දුව නේ ඒක“ ඇයට කෑගෑවුනා.

“මේ පට්ටිපාලකයා ටික්ක ඉගෙන ගත්ත මිනිහෙක් වෙන්න ඇති. හාර්කි. පල්ලෙහාට ගිහින් අර පට්ටිපාලකයගෙන් අහන් එන්න ඔය සංගීත භාණ්ඩේ විකුණන ගාන“ ඇය තම පරිවාරිකාවකට එසේ අණ කළා.

ඉතිං මඩේ දාන සපත්තු දෙකක් දාගෙන අර පරිවාරිකාව ගියා පට්ටිපාලක හමුවෙන්න.

“තමුසෙට ඔය මුට්ටියට කීයක් ඕනද?“ ඇය ඇහුවා.

“මට කුමාරියගෙන් හාදු දහයක් ඕන මේකට“ පට්ටිපාලක උත්තර දුන්නා. මේකෙන් ඇස් උඩ ගියපු පාර “අනේ දෙයියනේ මොන නවනිංගිරාවක් ද මේ“ පරිවාරිකාවට කියවුනා. 

“හැබැයි ඊට අඩුවෙන් නං මං මේක දෙන්නෑ කොහොමත්“ ඔහු ස්ථිර කරලම කිව්වා. ඇය එතැනින් යන්න ගියා.

“මිනිහා මොකක්ද කිව්වේ??“ කුමාරිය ඇසුවම “මං ඒක ඔබතුමියට කියන්න කැමති නෑ කුමරියනි“ කියලා ඇය කිව්වා.

“ඉතිං මට කනට කරල හරි ඒක කියන්න“

“ඌ මහ නපුරෙක්“ කුමාරිය තරහෙන් කෑ ගහගෙනම යන්න ගියා. ඒත් ඇය ටිකක් දුර යද්දිම ආයිත් අර මිහිරි සංගීතය ඇහෙන්න ගත්තා තවත් මිහිරි විදියට.

අයියෝ...අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!

“හාර්කි. ගිහිල්ල උගෙන් අහනවා මගේ මේ පරිවාරිකාවක්ගෙන් හාදු දහයක් අරන් ඒක දෙන්න බැරිද කියලා“ කුමාරිය කිව්වම ඇය ආපසු ගියා පට්ටි පාලක ගාවට.

“පිස්සුද මට බෑ. කුමාරිගෙන් හාදු දහයක් නැත්නං මම මේ මුට්ටිය තියාගන්නවා“ පට්ටිපාලක නැවතත් ස්ථිරවම කිව්වා.

“අනේ මේ වගේ ඌරෙක්.. කමක් නෑ ඕගොල්ලෝ මගේ වටේට ඉන්න අඩුගානේ එතකොට වෙන කාටවත් දකින්නවත් බෑනේ“ කුමාරිය කිව්වම පරිවාරිකාවෝ තමන්ගේ ඇදුම් රැලි දිග ඇරගෙන කුමාරියව මුවා කරද්දි තමන්ගේ ගාස්තුව වෙච්චි හාදු දහයට අර මුට්ටිය කුමරියට විකුණන්න ඔහු සමත් උනා.

අන්න ඊට පස්සේ සතුට උතුරායන්න උනා. මුළු හවස් වරුවම.. නෑ.. මුළු දවසම මුට්ටිය රත් කරන එක තමා උනේ. ඉතිං නගරයේ මොන ගේකවත් උයපු කෑමක් හංගන්න කාටවත්ම බැරි උනා. ඒගොල්ල දැනගත්තා සපත්තු හදන මිනිහගේ ගෙදර ඉදල ඇමතිවරයගේ ගෙදරට යනකං ඉව්වේ මොනවද කියලා. කුමාරියෝ සේරම හිකි හිකි ගගා හිනා වෙවි නැටුවා මේ දිහා බලලා.

“බලන්නකෝ අපි දන්නවා රසම සුප් හදන තැන, ඒ විතරක්ද පෑන් කේක් කොහේද තියෙන්නේ කියලා. අම්මෝ මාරයි නේ.. ඒ විතරයැ පුඩින් තියන තැන, කට්ලට් හදන තැන්. මේක නං නියම භාණ්ඩයක්“

“ෂහ්.. මේක නං මාරයි“ මාලිගාවේ ප්‍රධාන පාලක වරිය පැවසුවාම,

“ඒකට කමක් නෑ මේක හොදට කල්පනාවට ගන්න. මං අධිරාජයාගේ දූ කුමරිය හරිද?“ කුමාරිය පැවුසුවා. අනිත් අය ඒක ඇත්ත තමා කියල ඒක පිළිගත්තා.

ඔව් පට්ටිපාලක. අපි කියන කුමාරයා බව මේ අය කව්රුවත් දැනං හිටියේ නෑ. ඒ අය හිතාන හිටියේ මේත් සාමාන්‍ය උෟරුපට්ටි බලාගන්න අයෙක් විදියට නේ. තව දවසක් ගත වෙන්න කලින් මේ පට්ටිපාලකයා හැදුවා තවත් අරුම පුදුම සංගීත භාන්ඩයක්. ඒක සෙලෙව්ව්වම මේ විශ්වයේ තියෙන ඕනම ජාතියේ නැටුමක් නටන්න පුළුවන්.

“ඒක නං නියමයි“ කුමරිය එය පසු කර යන විට කෑගහල කිව්වා. “එ් වගේ සංගීතයක් මං කවදාවත් අහල නෑ. හාර්කි. ගිහිල්ල අහන්න මේකට කීයක් ඕනද කියලා. හැබැයි ආයිත් නං මං හාදු දෙන්නෑ කියන්න“

“කුමරියනි, හාදු සීයක් ඕනලු ඒක දෙන්න“ පරිවාරිකාව පැමිණ කුමරියට පැවසුවා.

“මේ යකාට ඇත්තටම පිස්සුද?“ කුමරිය පුදුමයෙන් කියමින් යන්න ගියා. ඒත් ඇය ටික් දුරක් ගිහන් නතර උනා.

“අපි කලාව පෝෂණය කරන්න ඕන. මම අධිරාජයාගේ දියණිය. හාර්කි... ගිහින් කියන්න මං හාදු දහයක් දෙන්නං. ඉතිරි ඒවා මගේ පරිවාරිකාවන්ගෙන් ගන්න කියලා“

“අනේ ඒත් අපිනං ඒකට කැමති නෑ“ පරිවාරිකාවො දුකෙන් කිව්වා.

“හප්පා ඒකත් එහෙමද? මට ඒ මිනිහව ඉඹින්න පුළුවන් නං ඇය ඔය අයට බැරි. මතක තියාගන්නව මං තමා ඔහේලට කන්න බොන්න පඩි නඩි ගෙවන්නේ හරිද?“ කුමරිය තරහෙන් කිව්වා. ඉතිං හාර්කිට නැවත යන්න උනා.

“මං කිව්වේ කුමරියගෙන් හාදු සීයයි. නැත්නං මං මේක තියාගන්නං එයාට එයාගේ හාදු ටික තියාගන්න කියන්න. එච්චරයි“ පට්ටිපාලක කිව්වා.

“මගේ වටේට ඉන්න“. එකකොට පරිවාරිකාවෝ ටික කලින් දවසේ වගේම ඇයව වටකරගත්තා.

ඉතිං ඇය ගණූදෙනුව පටන් ගත්තා.

“මොකක්ද අර කට්ටිය ඌරුකොටුව ගාව කරන්නේ“ සඳළුතලයේ හිටිය අධිරාජයා ඇහුවා. ඇස් දෙක පිහිදල තමන්ගේ කණ්නාඩි කූට්ටම දාගෙන අධීරාජයා මේ දිහා හොදට බැලුවා.

“මේ අර පරිවාරක ස්ත්‍රීන් නේද? ඒ නං මොකක් හරි හොර වැඩක්. යන්න ඕන බලන්න“ කියල තමන්ගේ සෙරෙප්පු කූට්ටමත් දාගෙන අධිරාජයා පල්ලෙහාට බැස්සා. මොකද ඒක දැම්මම එයාට ඇගිලි වලින් ඉස්සිලා බලන්න පුළුවන් නේ.

අධිරාජයා නිකං විදුලි වේගෙන් වගේ එතැනට ගියා.

ඔහු මිදුලට බැස්සට පස්සේ හරියට පුසෙන් වගේ. පරිස්සමින් කිට්ටු කළා. ඒ වෙලාවේ පරිවාරිකාවන්ට හොදටම වැඩ. හාදු ගණං කරන්න එපායැ. ඊටත් වඩා මේක ෂෝක් සෙල්ලම නේ. අධිරාජයා ළගට ම ගිහින් තමන්ගේ ඇගිලි වලින් ඉස්සිලා බැලුවා.


“මොකක්ද ඔය ඔතන වෙන්නේ“. ඔහු දැක්කා මොකක්ද එතන උනේ කියලා. තමන්ගේ සෙරෙප්පුවෙන් අධිරාජයා අර දෙන්නටම ඔළුවට ගැහුවා. ඒ වෙලාවේ කුමාරිය තමන්ගේ අසු හය වෙනි හාදුව තමා දෙමින් හිටියේ.

“පලයල්ල අහකට“ අධිරාජයා තරහෙන් කිව්වා. කුමාරියයි, පට්ටිපාලකයි දෙන්නම එළවල දැම්මා මාළිගයෙන්. ඉතිං කුමාරිය එළියට වෙලා අඩමින් උන්නා. වැස්සත් ආවා. ඒ මදිවට පට්ටිපාලකට බනින්නත් ගත්තා.

“අයියෝ මං වගේ අවාසනවාවන්න කුමාරියක්. .. අපරාදේ මං අර ලස්සන කුමාරයටවත් කැමති උනා නං.. දෙයියනේ මං මොන තරං අවාසනාවන්තද“ ඇය අඩන්න ගත්තා

ඊට පස්සේ පට්ටිපාලක ගහක් පිටුපසට ගිහිල්ල කළු ගැහිච්ච ඔහුගේ මූණ පිහිදගෙන රාජකීය ඇදුම් ආයිත්තං වලින් සැරසිලා බොහොම ලස්සනට කුමාරිය ඉදිරිපිටට ආවා. හරිම ලස්සනයි. තමන්ගේ ඉදිරිපිට ඉන්න කුමාරයා දැක්කම කුමාරිය ගෞරව කරන්න ගියාම කලන්තේ දාන්න වගේ උනා.

“මම හිතුවා මේක මෙහෙමයි කියලා. මං ඔබට වෛර කරනවා“ කුමාරයා පැවසුවා.

“ඔබට මොන විදියෙන්වත් අවංක කුමාරයෙක් ලැබෙන්නෑ. ඔබ රෝස මලකවත් නයිටින්ගේල් කුරුල්ලගෙවත් වටිනාකම දන්නේ නෑ. ඒත් කිසිම වැඩක් නැති බහුබූත සෙල්ලං බඩුවකට ඔබ අර ඌරු කොටුවේ එකාව සිපගත්තා. දැං හරිනේ ඔන්න ඔබගේ තෑග්ග ලැබුනා“

කුමාරියගේ මූණ ඉස්සරහ දඩාං ගාලා දොර වහගෙනම කුමාරයා යන්න ගියා ඔහුගේ රාජධානියට. 

ඉතිං සමහර විට ඇය තාමත් එළියට වෙලා සින්දු කියනවා ඇති.

අයියෝ.. අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!

The Swineherd - Hans Christian Andersen

120 comments:

  1. අයියෝ.. අනේ.. !! මගේ මිතුරු දේශකයෝ
    ඔක්කොම නියමයි.. ඔක්කෝම නියමයි!!

    ReplyDelete
    Replies
    1. පිස්සුවෙන් වගේ සසිඳුවා :)

      Delete
    2. පලයව් යන්න දෙන්නම ලාවට කනපලාගන් නැතුව :P

      Delete
    3. දේශකයගෙං හාදු ගත්තොත්නං සසිඳුව ඉවරයි.

      Delete
    4. අයියෝ අනේ මගේ සසිදුවො
      දැන්නං මං ඉවරයි.. හැක්..

      Delete
    5. “If you want your children to be intelligent, read them fairy tales. If you want them to be more intelligent, read them more fairy tales.”
      ― Albert Einstein_

      දුරචාර්ය කුවේණි ගෙන් නෙමේ අද ඔවදන ඇල්බට් අයින්ස්ටයින් මත්මයගෙන්..

      අපේ තාත්තා විද්‍යාඥයෙක් නොවුනට මට හැමදවසකම සුරංගනා කතා , ඉතිහාස කතා කියාදුන්නා. ඔයත් ඔයාගේ දරුවට ගොම්පීතරෙන් අකුරු කොටන්න උගන්නන්න කළින් එයාගේ මනස පුබුදු කරලා ඉන්න.. ගූගල් සර්ච් හරහා ලෝකය අදුනගන්න ඉඩදෙන්න එපා එයාට..

      -__________දුරාචාර්ය කුවේණි රාජපස්ස ____________
      මේක කියන්න අමතක වුනානේ

      Delete
    6. ඔය තියෙන්නේ ලෙසටම.. ඒ කතාව හරි.. නිර්මාණාත්මක චින්තනය පුබුදුවනවා මේ වගේ කතා.. සහතික ඇත්ත. තැන්කුයි දුරාචාර්ය නගාට..

      Delete
  2. පොඩ්ඩක් ඉදිං තව සැරයක් කියවන්න ඕන ...මේ දවස් වල මගෙ මනස අවුල් බං ...

    ReplyDelete
    Replies
    1. ඇක්සිඩන්ට් එකෙන් පිටිපස්ස පැත්තට හානි උනාට කෙන්ජයියේ? :D

      Delete
    2. @ කෙන්ජා
      මනසද මල්ලද අවුල්. හැක්..

      @ සසිදුවා
      ඔව් ඔව් ඒකෙන් පස්සේ තමා.. ඇන්ටි ඉමෙල්ඩා මතක් උනත් එහෙම තමා..

      @ දුලා
      පව් කියහං බං

      Delete
  3. අනේ ෂෝයි , මං ආසාවෙන් කියෙවුවා . මාසෙට එකක්වත් මේ විදියට දාන්න හොදේ ...

    ///“මොකක්ද ඔය ඔතන වෙන්නේ“. ඔහු දැක්කා මොකක්ද එතන උනේ කියලා. තමන්ගේ සෙරෙප්පුවෙන් අධිරාජයා අර දෙන්නටම ඔළුවට ගැහුවා. ඒ වෙලාවේ කුමාරිය තමන්ගේ අසු හය වෙනි හාදුව තමා දෙමින් හිටියේ./// හි හි

    ReplyDelete
    Replies
    1. කට්ටිය කැමති නෑ අනේ මේවට. අපේ හැලපේ වගේ අය ඉන්නේ ලොකු ටොක් දෙන ඒවා කියවන්න නේ.. ඒ උනාට මෙයින් කතාවක් කියෙව්වම හිතට සතුටක් එනවා මට නං..

      Delete
  4. නරක කුමාරයෙක්. පේනවනේ ඔච්චර උම්මා දීලත් වැඩක් උණේ නෑ...:)

    ReplyDelete
    Replies
    1. නෑ කුමාරයා හරි එක්කෙනෙක්. ඇත්තනේ ඌරු පාලකයටත් උම්ම දෙන කුමාරිියෙක් එක්ක මොන කසාදද??

      Delete
  5. මූ නම් අදහන්න වටිනා කුමාරයෙක්.
    උම්මා එකසිය දහයකුත් අරගෙන කෙල්ලත් අනාථ කරලා ගියා.
    මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න ඕන.
    තැන්කූ දේසකයා ...
    ____________________දුලා

    ReplyDelete
    Replies
    1. අන්න බලපං බොලාට තේරෙන විදිය. ඒක නෙමෙයි නේ උන‍ේ. කුමාරයා කුමාරිය මොන වගේ කෙනෙක්ද කියල බලන්න තමා වෙස් වලාගෙන ඇවිත් උ්රුපටිටිපාලකයා උනේ. ඉතිං තව මොන කතාද වැඩේ දැක්කෙන්..

      Delete
    2. නිවැරදි කිරීමක්, උම්මා අනූ හයයි ගත්තේ...

      Delete
    3. ඔව් 14 ක් ගන්න බැරි උනා..

      Delete
  6. මොනවා උනත් කුමාරයා එහෙම කුමාරිව දාල ගිය එක නම් හරි නෑ..

    ReplyDelete
    Replies
    1. ඉතිං කුමාරයා කුමාරිව ටෙස්ට් කරන්න නේ ඒක කරේ. කියහං බලන්න හැබෑට රාජධානියකට වැද්ද ගන්න ඇහැකිද ඔය වගේ කුමාරිකාවක්.. ඌරා බලාගන්න එකාට උම්ම දෙන ජාතියේ

      Delete
    2. ඒ උනාට බලන්නකො ඒක කොයි තරම් සද්භාවයකින් ගත්ත තීරණයක්ද කියලා. ;) :P
      //“අපි කලාව පෝෂණය කරන්න ඕන. මම අධිරාජයාගේ දියණිය.....//

      Delete
    3. හැක් හැක්.. ඒක නං මාර තියරිය නේද? අපිත් සමහර වෙලාවට අපිව රවට්ටන්න ඒවගේ වැඩ කරනවා.. ස්තුතියි චාම්ස්...

      Delete
  7. ////මලේ සුවඳ විඳින ඕනම කෙනෙක්ට තමන්ගේ සියළු දුක් කරදර දෝමනස්ස සම්පුරුණයෙන්ම අමතක වෙලා යනවා. ////
    හුරේ !! මේ තියෙන්නේ !!!!
    සහතික ඇත්ත බං සහතික ඇත්ත !!!!
    මල් සුවඳ විදපු ගමං ... හැක් ...ලොවෙත් නෑ !!

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ටිකමයි මතක් වුනේ පත්තරේ...එල...එල..

      Delete
    2. දේශො, ඒ ටිකට කොටු දාපිය. රජයෙන් බොගෙ බ්ලොගත් තහනම් කරයි. "මල"ට පුරසිද්ධිය ලබා දෙනවා කියලා. හි… ;-)

      Delete
    3. හැක්... මලක් ගිය දුරක්.

      Delete
    4. @ පත්තරේ

      බොටත් මල ඇහුනත් ඇති රොකට් හදන්න. කෝ මඋනත් මොන මලටත් ඒක හරි හැක්..

      @ ප්‍රියා
      ඔව් කියන්න බෑ වැඩේ කෙලවෙයිද මන්දා

      @ ප්‍රසා
      පත්තරේට මල කිව්වත් ඇති පනින්න.. හැක්

      Delete
  8. ලස්සන කතාව මේකේ ෆිල්ම් එකක් එහෙමත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒක නං දන්නෑ බං.. සමහර විට කාටුන් එහෙම නං ඇති. මං බැලුවේ නෑ ඒක..

      Delete
  9. ඉස්සර අපි රූපවාහිනියේ බලපු සුරඟන කතා කරලිය මතක් වුනා... නියමයි දේශක..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ෂෙහාන්.. දැං ඒවා ටීවි එකේ යන්නෑ නෙව

      Delete
    2. දැන් ටී වී වල යන්නේ "වෙන වෙන කතා කරලිය "වල් නේ.

      Delete
    3. හැක් හැක්. දියණියෝ හෙම වැහි වැහැල බං..

      Delete
  10. සාර්ථක පරිවර්තනයක් දේශකයෝ දැන් දේශකයා විතරක් නොවේ පරිවර්තකයා කියලත් කියන්න හැකියිනේ. ඔන්න සසිඳුවා ආවොත් මේකට තවත් විශේෂණ පද දාන්නත් බැරි නැ මෙතැන.

    ReplyDelete
    Replies
    1. Swineherd කියන්නේ ඌරු කොටු බලාගන්නා තැනැත්තාට නේද

      Delete
    2. ආ ඔව් ඔව් එව් කියන්නෙ අපේ ඉවානයට නේද !!

      Delete
    3. @ නලියා
      තැන්කුයි මම තාව මේ කලාව ඉගෙන ගන්නවා බං.. සසිදුවා නොඑන එකට මං වැඩිය කැමතියි.. ඕකා බ්ලොක්ක කරන්න විදියක් නැද්ද හැබෑටම.. හැක්

      ඔව් ඔව් එයාට තමා. ඒත් අනේ අධීරාජයා ගාව උෟරා බලාගන්න එකාටත් ලස්සන නමක් තියෙන්න එපායැ ඉතිං මිනිහා පට්ටිපාලක කරා..

      @ පත්තරේ

      මගේ අම්මෝ ඉවානයටත් ඒම කියනවද බොලා

      Delete
  11. කාලෙකට පස්සෙ Christian Andersenගෙ කතාවක්. නියමයි දේශො. වෙනදා වගේම ආයෙ කතා දෙකක් නැත.

    මමනම් මුලින් හිතුවෙ කුමාරයා කුමාරිකාවව ගෙනියයි කියලා. ඒත් හැබැයි බොලඳ කුමාරිට හොඳ වැඩේ. අපරාදෙ හාදු 96ක්!!!

    ශැක් අපි දන්නෑනෙ ඔය සංගීත භාණඩ හදන්න. නැත්නම් දනී අපිත්. හැක් හැක් ;-)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ප්‍රි්යා. උඹ රස වින්දා නං මට ඒ ඇති..

      Delete
  12. මම කියවල නැති කතාවක්. අය්යෝ සාමාන්‍යයෙන් වෙන්නේ දෙන්න බැඳලා සතුටින් සදහටම ජිවත් වෙන එකනේ ....මොලේ ඇති කුමාරයෙක්

    ReplyDelete
    Replies
    1. @ බින්දි

      සිරාවට කුමාරයා මොල කාරයෙක් නැත්නං මෙහෙම වෙස් වලාගෙන එයිද අම්මප..

      Delete
  13. මෙතන කුමාරවරු දෙන්නෙක් ඉන්නවද ? කථාව අතර මැද ටැපලිලාද මට....ඔය කියන ඉතා පුරාණයෙත් පියානෝව කියන එක හදලද තිබුනෙ දේශක සුදෝ ? මක්ක වුනත් සුරංගනා කථාවක් හරි අපි වෙනුවෙන් ලියලා ළමා කාලයට අපේ මල් වගේ හිත් අරගෙන යනවාට මගේ මෙව්වා එක දේශකයා වෙත පුදමි.

    ReplyDelete
    Replies
    1. නැහැ බං එම කුමාරයම තමා මුලින්ම වෙස්වලාගෙන ඇවිත් ජොබ් එක ඉල්ලුවේ..

      උමලගේ මල් වගේ හිත්.. අනේ මයේ කට.. හැක්..

      Delete

  14. මේ ඉස්ටයිල් එකට පරිවර්තනය වෙනකොට අපිටත් තාම සුරංගනා කතා අල්ලලා යනවනේ හැබෑට දේශෝ

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තිලකේ.. මට ඒක හයියක්..

      Delete
  15. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ කතාවක් නේද? නියමයි දේශ්. අපූරුවට සිංහලට හරවලා. මුල් කතාවට වඩා ලස්සනට දැනුනා මේක.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බස්සි. ඉංගිරිසියෙන් කරන විප්‍රකාර මනස්කාන්ත අදහස් සිංහලෙන් ඒ විදියටම මවන්න අමාරුයි.. ස්තුතියි.. බස්සි

      Delete
  16. අයියෝ සල්ලි.. නෑ නෑ කේ අයි ඩබල් එස්...

    ReplyDelete
    Replies
    1. හැක්.. කිත් එකක් දෙන්නෙයි..

      Delete
    2. උඹ ප්‍රසාට කියල තියෙන එකම මම උඹට ලියනවට කැමති නැද්ද මචං...

      Delete
    3. මං හොද ලත්තන කොල්ලෙක් කුඩු දුමින්ද අයිය වගේ. ඔයා කැමති නැද්ද හැක්...

      Delete
  17. මේ වගේ කතා නෙවෙයිනේ දැන් අපේ ළමයි කියවන්නේ/අහන්නේ/බලන්නේ/ ෆේස් බුක් නිසා බෙල්ලේ වැල දාගත්ත හැටි, 'ළඟ පිකප් කොට මොඩල් එක' පවුලක් කඩාගෙන මගුලක් කරගන්න හැටි වගේ දේවල්නේ.

    බොහොම ස්තුතියි මේ ලස්සන කතාව පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදාහදාගත්තට.

    ReplyDelete
    Replies
    1. විචා වගේ පොඩි ළමයි මුණුපොතට ඇබ්බැහි වෙන එක නවත්තන්න තමා අපි මේවා කරන්නේ. තැන්කුයි අනේ..

      Delete
  18. අහලම නැති කතාවක් රහට ලීවට උඹට මේන් මගෙන් උම්මා 100 ක්ම...

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ අහලත් නැද්ද.. උම්මා

      Delete
    2. ඌරු පට්ටියේ එකාට දාහක් දුන්නත් මොකෝ එහෙනං

      Delete
    3. කොහේද මචං ඒක තියෙන්නේ.. ලංකාවේ නං නෑ ඕං..

      Delete
  19. අනේ සීයේ තවත් කතාවක් කියන්නකෝ....

    ReplyDelete
    Replies
    1. අනිවා පුතේ ළගදිම තව එකක් දෙනවා..

      Delete
  20. ඒ කාලෙ රාජ කුමාරිලත් හරි හොඳයි නෙ. දීපිය ඕක මට, අපෙ තාත්ත මහ රජාය.. කියල බලෙන් එහෙම ගන්න යන්නෙ නෑ නේද..

    ReplyDelete
    Replies
    1. ඒකනේ, රාජ උෂ්නේ ගහපු නැති කුමාරියක්...

      Delete
    2. //ඒ කාලෙ රාජ කුමාරිලත් හරි හොඳයි නෙ. දීපිය ඕක මට, අපෙ තාත්ත මහ රජාය.. කියල බලෙන් එහෙම ගන්න යන්නෙ නෑ නේද..//
      ඒකනේ ඔව්වාට සුරංගනා කතා කියලා කියන්නේ :D

      Delete
    3. @ චන්දන
      අන්න ඒකට නේ බං ඔය ගයිජින් කිව්ව වගේ සුරංගනා කතා කියන්නේ.. හැක්..

      @ ඩ්‍රැෙකා..

      ඒවගේ තමා නේද??

      @ ගයිජින්
      හැක්.. ඒකනං නියම කතාව..

      Delete
  21. මොනා වුනත් ඒ කුමාරයා වාසනාවන්තයි..

    කෝ කෝ අපිට තව කතාවක් කියටකෝ..

    ReplyDelete
    Replies
    1. කුමාරයා දිනුං.. අනිවා..

      දෙන්නං ඉතිං හිටහංකෝ අඩන්නැතිව..

      Delete
  22. නියම කතාවක්නෙ.
    දැං බොට හාදු කීයක් ඕනද මේක අපි වෙනුවෙං ලිවුවට.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. මම කොස් ගෙඩි වලින් හාදු ගන්න කැමති නෑ.

      Delete
    2. හොඳ වැඩේ ප්‍රසාට .. දේශා කල් යල් බලලා දුන්නා නේද... හැක් හැක්...

      Delete
    3. අපිට විරුද්ධව නැගී සිටින බත් බැලයන්ට එරෙහිව අභිතව සටන් කරන්න ලෙමන්පෆ් මලයා අපට උගන්වා ඇත.. හැක්...

      Delete
    4. උඹට කොස් ගෙඩි වලිං නැතුව අඹ ගෙඩි වලින් හාදු හම්බෙන්නෙ නෑ බොල.
      අඹ

      Delete
    5. ඒ අඹ නං රෝස පාටයි නේද බං.. ආසාවේ බෑ. අපේ මාතලං නං ආස වෙයි

      Delete
  23. මෙවවු සේවු කරල තියාගන්න ඕන ළමයි ඉන්න කාලෙක කියල දෙන්න

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සාශා (නම හරිද ප්‍රියා එක්ක වගේ මාත් එක්ක රන්ඩු වෙන්නෑ හරිය.. හැක්)

      එතකොට මං පොතක්ම ගහල දෙන්නංකෝ බොට. තැන්කුයි..

      Delete
    2. අන්න කතාව තව නූලෙන් මම shasa කියලා නමත් වෙනස් කර ගන්නවා. මාත් දැන් හිංගලෙන් සාශා කියනවා. :D

      Delete
    3. ප්‍රියා උඹ කියන්නේ වෙලාවට මං ඒක දැක්කේ. නැත්නං මහ අවනඩුවක් නෙව වෙන්නේ.. හැක්

      Delete
    4. නැතුව අමාරඅවෙන් දාගත්ත නම එහෙම වෙනස් කරන්න දෙන්න පුළුවන්ද.නාකි වෙද්දි ඇහැ පේනවා පොඩ්ඩක් අඩු හන්දා මම වැඩිය මුකුත් නොකීවෙ.හොඳ මාමලා වගේ සාශා කියල හිංගලෙන් කොටන්ට

      Delete
    5. හොදයි හොදයි පුතේ.. සාශා. අපි ඒමම කොටන්නං..

      Delete
    6. අලේ පුතේ නෙමේ දුවේ..කියන්ට.අර අරූ අන්කලුත් පටලවාගෙනනෙ කොල්ලෙක් කියලා :(

      Delete
    7. අනේ දුවේ දැන්නේ දන්නේ ඒක. අරූ අංකල් වගේ එහෙනං දේශා අංකල්ටත් වැරිදුනා..

      Delete
    8. අන්කල් කිවුවට කමක් නැද්ද මන්දා :p

      Delete
    9. අනේ මොකෙක් වෙනවද ළමයෝ. කට පුරා කියන්න..

      Delete
  24. අඩෝ උඹ කුමාරියට අනම් මනම් කියලා කොමෙන්ට් බර ගාණක... ඒකි ඌරුපාලකයට උම්මා දුන්න කියලා. යකෝ කුමාරයෙක් වගේ ඉන්නේ නැතුව ඌරුපාලකයෙක් වෙච්ච කුමාරයට තමයි මගෙ විරෝධය...

    ReplyDelete
    Replies
    1. අන්න බලහං කුමාරයා උෟරුපාලකයෙන් නොවන නං කොහොමෙයි දැනගන්නේ කුමාරිය දකින දකින එකාට උම්ම දෙන චංචල කෙල්ලෙක් කියලා..

      Delete
  25. දැන් කවුද පව්...කුමාරයාද කුමාරිද ....හොඳ වෙලාවට ඌ උම්මා විතරක් ගත්තේ ..දැන් ඔකේ වරද ෆේස් බුක් එකේද?

    ReplyDelete
    Replies
    1. හැක් පව් කාටද කියන එක හිතන එක තමන් සතුයි ඉවාන්.. පේස්බුක් එකට වරද පටවන්නමයි තොපිලා බලාන ඉන්නේ..

      Delete
  26. අඩෝ දේශ් මාත් මේ වගේ එකක් ලියන්නෙයි? මං ඔහේගේ නැට්ට වගේනේ....

    ReplyDelete
    Replies
    1. අපොයි ලියහං මං එනවා කියවන්න..

      Delete
  27. මේ කතාව මාත් අහළ නෑ බං,දැන් ලිවිල්ල අත ඇරල පරිවර්තනය පූර්ණකාලීනව පටන් ගත්තද.

    ReplyDelete
    Replies
    1. අහල නැත්නං හොදට දාරනය කර ගනිං. එක එකාට උම්ම නොදී.. හැක්..

      නැහැනේ බං මාස දෙකක්ම ලිව්වා උඹල කියන දේවල් අහල පරිවර්තන නොකර. ඔන්න ඉතිං ආයේ පටන් ගත්තා. මාසෙකට එකක් දෙන්න කියල ඉල්ලීමක් තියෙනවා.. සලකලා බලන්නෙයි ඒක..

      Delete
    2. යකෝ මේ ඇවිත් ඉන්නේ හැලාපයියා උඹ කිවේ එයා එන්නේ ලොකු ඒවා කියවන්න විතරයි කියලා.

      Delete
    3. ඉතින් උබ කියන්නෙ මෙක ලොකු නැද්ද

      Delete
    4. අපොයි මනෝජ් මං එහෙම කිව්වේ නෑ. මං කිව්වේ හැලපයියා මේවට වැඩිය කැමති නෑ කියල නෙව. අපි මොනව කිව්වත් හැලපයා ඒවා කියවනවා.. දෙකක් නෑ..

      @ දමියා
      මොකද අනේ මෙච්චර ලොකු එකක් පොඩියි කියන්නේ

      Delete
  28. කුමාරි නම් මහ මැට්ටියෙක්...... & කුමාරයා නපුරෙක්. ඔච්චර හාදු ගත්ත එකේ, එයාව අරන් යන්න තිබ්බා නේ?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බඩී.. තැන්කුයි මේ පැත්තේ ආවට. කුමාරි මැට්ටියෙක්. කුමාරයා හොද කුමාරියෙක් හොයන එකෙක්. ඒකනේ අවුල.. උම්මා දුන්නේ උෟරුපාලකයට නිසා නේ කුමාරයට ඌරු ජුවල් නැග්ගේ.. එහෙමත් කරනවද අනේ කුමාරිල.. හැක්..

      Delete
  29. ශා ලස්සන කතාවක්.. මම නම් මේ වාගේ කතා අහන්ඩ මාර කැමතියි..
    මාසෙකට වතාවක්කත් මෙහෙම කතාවක් ලියන්ඩ පුලුවං වේද ?

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මධු.. එහෙම මොකක් හරි කරන්න තමා බලාපොරොත්තුව. තවත් හොද පොත් ටිකක් හොයාගන්න ඕන විවිධ ලේඛකයන්ගේ..

      Delete
  30. "ඕනම ස්වරයක් ඉමිහිරිව ගායනා කරන්න මෙයාට පුළුවන්."

    කුරුල්ලගෙ නම දයාසිරිද?

    ReplyDelete
    Replies
    1. පික්ෂුද බං නයිටින්ගේල්.. දැක්කේ නැද්ද.. හිකිස්..

      අර අපේ එකෙක් පට්ට සයිස් ගෙයක් දැකලා මෙහෙම කිව්වා.

      “ඒ මචෝ මේ ගේ ගොඩදාන්න ලස්ස 5 ක් වත් යන්න ඇති නේද බං“

      අනිත් එකා මෙහෙම කිව්වා..

      “තෝ ඔච්චර මෝඩද යකෝ. කෝටි 5 ක් වත් යන්න ඇති“ කියලා. හැක්

      Delete
  31. නයිටින්ගේල් කින්නේ අර නර්ස් නෝනානේ බං.
    මේක නම් පට්ටෙන් පට්ටයි.අපි වගේ පොඩි එවුන්ට මරේ මරු මාමේ..
    ඔන්න මගෙන් ඔයාට උ....ම්මා එකක්.

    ReplyDelete
    Replies
    1. නැහැ බං නයිටින්ගේල් කියල පොඩි කුරුල්ලෙක් ඉන්නවා..
      http://en.wikipedia.org/wiki/Common_Nightingale

      Delete
  32. සුරංගනා කතාවක් දේශක තුමා. ඉදලා හිටලා ඕවත් හොඳයි! ජය !!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ගුනේ.. මාසෙකට එකක් විතර දෙන්නංකෝ..

      Delete
  33. කුමාරයා ඊට පස්සේ ගොඩාක් කල් සතුටෙන් හිටියලු ද :P

    ReplyDelete
    Replies
    1. අනිවා වෙන්ටැති.. කුමාරයා කෝමත් මොල කාරයෙක් නේ. මොකද ආයි කුමාරයෙක් හොයන්න උනත් ඌරුපට්ටි පාලකයෙක් වෙලාම බලන්න ඇති.

      Delete
  34. අඩෙ මොලෙ ඇති කුමාරයෙක් දැක්කමයි

    ReplyDelete
    Replies
    1. උඹලට නැති ඒවා කුමාරයට තියෙනවා මේ අපිට වගේ. හැක්.. තැන්කුයි

      Delete
  35. නියමයි දේශා. ඇත්තටම මේ උඹමද කියලා හිතෙනවා මේ සුරංගනා කතා කියවන ගානේ.
    Just kidding.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. තැන්කුයි ෆෝ "Just kidding"

      මොකද බං වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ රේස් එකට සගභාගී වෙන්න උවමනාවක් නැද්ද?

      Delete
  36. මේ වැඩේට උඹ හරි දක්ෂයෙක් දේශා....උඹ දන්නවානේ කොයි වැඩේටද කියලා..

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ උම්මා දෙන එක නෙමෙයි නේ. .හැක්..

      Delete
  37. මඟඇරුනේ කොහොමද මන්දා හොච වේලාවට ලින්ක් එක දලා කිවුවේ. උම්මා :පී

    ReplyDelete
    Replies
    1. තැන්කුස්.. මදාරා කැමති නිසා මං මතක් කරේ.. උම්මා

      Delete
  38. අයියෝ..අනේ...මොකෝ ඒ උනේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ අනේ ඔගස්ටයින්
      ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි සයුරි.. හැක්..

      Delete
  39. විභාගේ නිසා පෝස්ට් එක කියවන්න එන්න ඉඩක් හොයාගත්තේ අද... දේශකතුමාගේ පෝස්ට් එකක් මිස් කරගන්න බෑ නේ...

    කොහොම වුනත් කුමාරි ගැන නම් මට දුකයි.. මොකද එය එහෙම කලේ ඒ සංගීතෙට තියෙන ආසාවටනේ ...

    ReplyDelete
    Replies
    1. විභාගේ වෙලාවට මේවා කියවන්න මහන්සි වෙන්න එපා මං කිව්වේ ඇරියස් කවර් කරන ඒවා ගැන. හොදේ.

      මට නං දෙන්න ගැනම දුකයි ඇත්තටම.. තැන්කුයි තුෂානි..

      Delete
  40. කරුණාකර මේ කතන්දර ටික ලස්සන පින්තූර ඇති සුරංගනා කතා පොතක් විදිහට මට දෙන්න.

    ReplyDelete