Saturday, February 22, 2014

සහන් Got Talent !!

කව්ද හැබෑට මේ.. ?

කව්ද කියලනං මං හරියට දන්නෑ ඒත් මොකාද කියලා දැනගන්න නං ලොකු ආසාවක් තියෙනවා.

මේ සහන් අනෙකෙකු නෙමෙයි සහන් පද්මසංඛ පීරිස්.

ඔහු ඉතාම දක්ෂයෙක් සහ වෙනස් හා විවිධ අරමුණු ඔස්සේ තමන්ගේ බ්ලොග් එක කරන අති දක්ෂයෙක්. මං හිතන්නේ හැකි සැවොම ඔහුව කියවීම වටීවි කියලයි.

සහන්ගේ නිර්මාණ වලින් මා සිත වඩාත්ම පැහැර ගත්තේ මෙන්න මේ පින්තුරෙට.



වර්තමාන සංඝ පරපුර ගැන මනරම්ව කියවෙන මේ නිර්මාණයත් වෙනස් ආකාරයක නිර්මාණයක් බව ඉතා පැහැදිලිව පෙනුන හා දිනපතා දැකීමෙන් වඩ වඩාත් තේරුම්ගත හැකි නිර්මාණයක් බව මං දැං දන්නේ මොකද සහන් ඒක දාපු දවසේ ඉදලම මගේ ඩෙස්ක්ටොප් එක සැරසුවේ මේ පින්තුරේ නිසයි.


කවි නිර්මාණ වලටත් ඔහු හපනෙක්. 

කුණුහරපම ලියන
කෙනෙකුට ලැබෙන
නම්බු නාම කෑගසයි
"අසම්මත අපූර්ව කවියෙකි නුඹ..."

කලකට පසුව
ඔහුම ලියන
ඔහුට ද නොතේරෙන
වචන පෙලකට
පෙර දා නම්බු දුන්
උන් කෑගසයි
අපූර්ව යටිපෙල අරුතක් ගැන...


මේ මං ඔහුගේ කැමතිව කවියක්.. 

මං දැන් කිව්ව වගේ ඔහු අළුත් නිර්මාණ කරන්නෙක්. දැන් ඔහු සංගීත ඛන්ඩ නිර්මාණය කරනවා. ඒවා හරිම මිහිරියි. අහලම බලන්න.



ඒ වගේම කෙටි කතා ලියන්නත් ඔහු රුසියෙක්. හිතාගන්න බැරි අමුතු ලස්සන කෙටිකතාවකට මම ආස උනා ඔහුගේ. ඒකේ නම මිනිත්තුවකි ජීවිතය
සහන්ව කියවන්න. දකින්න. විඳින්න. ඔබට කුමක් හෝ දැනේවි කියල මට ස්ථිර විස්වාසයක් තියෙනවා. මේකා මහ පරණ ඇම්බැට්ටයෙක් බොල.. මෙන්න පාර.


85 comments:

  1. තෑන්ක්ස් ෆෝ දිස් ඉන්ට්‍රොඩක්ෂන්.

    ReplyDelete
    Replies
    1. යු ආ වෙල්කම් මයි බොස්...

      Delete
  2. යමි බලන්නට.. තුති ඔත්තුවට

    ReplyDelete
  3. ගොහින් බලන්නම් :)

    ReplyDelete
  4. ස්තුති දේශක තුමණි ,

    ReplyDelete
    Replies
    1. හොදට පෙරල පෙරල බලන්න..

      Delete
  5. බලමු. අර පිංතූරෙනං නියමයි.

    ReplyDelete
    Replies
    1. තව පින්තුරද ඇත... බලන්න.

      Delete
  6. ස්තුතියි බොක්ක හදුන්වා දීම ගැන...

    ReplyDelete
    Replies
    1. යකෝ මැටි නාකියෝ සහන පළවෙනි කවිය ලියල තියෙන්නේ බොට බව තේරෙන්නැද්ද

      Delete
    2. තැන්කුයි කෙන්ජි.

      @ ඇනෝ.

      කෙන්ජා ඕවා ගනං නොගන්න නිසා මම මේක මකන්නෑ.. ඒත් ඔය වගේ කතා කියකවට මං කැමති නෑ. හොදේ.. “මැටි නාකියෝ“ එක අතකට වැරැද්දකුත් නෑ.. හැක්..

      Delete
  7. පින්තූරේ දැක්කහම මට සිංදුවක් මතක් වුණා.

    "හිසේ ගිනි ඇවිලෙතේ"
    පසේ බුදුවරු නැතේ
    ඇසේ තෙත ඇත හිතේ
    පිසින්නේ කවුරුදෝ

    ....තැන්කුයි, විස්තරයට.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ බ්ලොග් එක උඹට හරියටම වදීවී.. ටිකක් අවුස්සලාම බලහං..

      Delete
  8. කාලාංශයට මම ගොහින් තියෙනවා.
    ඔහුව පුද්ගලිකව නොහදුනන නමුත් වරක් හෝ දෙවරක් ඔහුගේ නිර්මාණ කිහිපයක් සමගින් මා ඔහු සමගින් අදහස් දක්වා තිබෙනවා.නිර්මාණකරණයේ පැහැදලි අනාගතයක් ඇත්තෙක් නිසැකවම ඔහු.

    ReplyDelete
    Replies
    1. කාලාංශය ෙනවී කාලාකාශය

      Delete
    2. ඔව් වෙන්න ඇති මනෝජ්. මං මීට කලින් අවස්ථා දෙකකදීම අර මොඩන් සංඝ පින්තුරය ෂෙයා කරා. ඔහු මල්ටි බැරල් එකක් .ඒත ෂුවර්..

      Delete
    3. @ මහේෂ්
      ස්තුතියි මචෝ. මට වැරදිලා. සමාවෙයන්.. හැදුවා..

      Delete
  9. ඇති යන්තන් මේකා තේරුමක් ඇති ලිපියක් ලියලා. අන්න එහෙම කපුටා වගේ රස කෑමක් හම්බවුනාම බෙදා ගනින්.

    ReplyDelete
    Replies
    1. අපි කවදත් ඒමයි ඔයගොල්ලා වගේ තනියම වාර්ෂික චාරිකා යන්නෑ.. හැක්.. තැන්කුයි විචා..

      Delete
  10. තියන ටික කියව ගන්නවත් වෙලා නැ බන්ස්.. බලමු පස්සෙ...

    ReplyDelete
    Replies
    1. උඹට වෙලාවක් නැති එක අපේ අවාසනාව බං..

      Delete
  11. අෑ.... අෆ්ෆා... ෙමයාල කවදාවත් කාලාකාශය දැකලම නැද්ද....
    මං ෆ ෙලා් කරපු මුල්ම බ්ෙලාග් 10න් 1ක් තමයි කාලාකාශය
    අැත්තටම සහන්ෙග අපූරු සිතුවිලි තමා තිෙයන්ෙන කියල හිෙතනවා

    ReplyDelete
    Replies
    1. සහන්ව දැකපු අය අඩුයි කියල පේනවා නේද මහේෂ්..

      Delete
  12. දේශා......ඌ පට්ට බුවෙක්නේ බන්..මොඩර්න් සංඝ මගේ ඔළුවත් ගිනි තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මාව ගිනි තියල හුගක් දවස් බං ඒක තාම ඇවිලෙනවා.. තැන්කුයි අරූ..

      Delete
  13. ඌ පට්ට කයි පද බඳින්නෙක් නොවෑ.. ඌ ඇවිත් සකල කලා වල්ලභ කෙනෙක්..

    අනවසරයෙන්ම සින්ඩියේ එල්ලා ගත්තා.. මින් පසු එලවමි..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මාතා. මං උඹට අර සංඝ පින්තුරේ නං මේල් කළේ ඒක දැක්ක දාමයි.

      ඒක හොද දෙයක්.. මාතල්න් සින්ඩිය කියන්නේ අපේ ජීවනාලිය..

      Delete
  14. කියලා තියෙන විදියටම රසට ඇති...ගිහින් බලමු...පාර කීවට තැන්කූ...

    ReplyDelete
    Replies
    1. හොදයි කොල්ලා. ගිහ්ල්ලම බලන්න.. තැන්කුයි

      Delete
  15. ස්තූති‍යි කිවුවා පාර පෙන්නුවට. ගොහින්ම බලන්නම්.

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රියා ඔක්කෝම බලන්න. බ්ලොග් ගැන සහන් ලියපු හොද ලිවිල්ලක් පවා තිබුනා එතැන..

      Delete
  16. ස්තුති යි. මෙහෙම පාර කියන එක වටිනවා. හොඳ බ්ලොග් එකක් හම්බ වුණාම අපි හැමෝම මෙහෙම කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම කරමු, තමන්ලා වගේ හිට්ස් වලට මිනිස්සු මුලාකරන එවුවාටත් අපේ උන් කරන්නේ ඔය ටිකනේ ,,

      Delete
    2. දිලිනි

      අනිවා.. මං ඒම කරනවා. ස්තුතියි..

      ඇනෝ.
      හැමෝම ඒම තමා බං.. කව්ද තමන් ගැන නොහිතන්නේ..

      Delete
  17. හී....!!!
    අහම්බෙන් දැක්කේ! මං ගැන ලියලා කියලා! බොහෝම බොහෝම බොහෝම ස්තූතියි දේශකයෝ! ඒ වගේම අදහස් දක්වපු හැමෝටමත්, කාලාකාශයට ගොඩ වැදුණු සහෘද සෑම සියළු දෙනාටමත් ගොඩාක් ස්තූතියි!!!!
    :) :)

    ReplyDelete
  18. ස්තුතියි පාර පෙන්නුවාට.............

    ReplyDelete
  19. බොහොම තුති ඔත්තුවට - අදම යමි එලවන්ට

    ReplyDelete
    Replies
    1. ආයි මොනා එළවන්ට ඉතිං..හැක්

      Delete
  20. යමු බලන්න, ටැංකු දේශක තුමා.

    ReplyDelete
    Replies
    1. හරි හරි යන්න. මාත් එනවා බං. තැන්කුයි

      Delete
  21. ඔන්න එහෙනම් අපිත් එලවනවෝ.,.....

    ReplyDelete
    Replies
    1. ලියන්නැති එකේ හොද එකක් බලහං.. හැක්..

      Delete
  22. ඔබ කියනව නම් හොඳ ඇතිනේ. ගිහින් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න පුළුවන් නං වටිනවා.. ස්තුතියි ටීචර්..

      Delete
  23. ස්තූතියි දේශක තුමා තොරතුරට. ඔහු හැබෑ දක්ෂයෙකු තමා. මම දැන් ඔහුව ෆලෝ කරනවා. ජය!!

    ReplyDelete
    Replies
    1. මං දන්නවා බොටත් තකට තක කියල මේක..

      Delete
  24. ගොහින් බලන්නම්

    ReplyDelete
    Replies
    1. ගේ ඇතුලෙ ම නේද,.,., :)

      Delete
    2. තැන්කුයි දමියා.. යන්න.

      @ කෙන්ජා
      ඔව් ඇයි අවුල්ද බොට.. බොකුස්.. හැක්

      Delete
  25. අර සංඝ රූපෙ මරු..

    ReplyDelete
    Replies
    1. ඒවා විනිලගේ ප්‍රකාශන අභිබවා යන කලා ප්‍රකාශනයක්. සෑම්

      Delete
  26. පරණ බ්ලොග් එකක් මම කලින් ඒක කියවලා තියනවා

    ReplyDelete
    Replies
    1. ඇයි දිගටම කියෙව්වේ නැත්තේ. බොලා තමා මේවට වැරදි. දැනගෙනත් නොදන්වා සිටීම..

      Delete
  27. ඉඩක් ඇති වෙලාවක ගෙහුං එඤ්ඤං කොහොම උනත් අපූරුයි යාළුවා මේ හඳුන්වාදීම්.

    ReplyDelete
    Replies
    1. දැම්ම යන්න පුළුවන් නං වඩා හොදයි..

      Delete
  28. Replies
    1. මං හිතනවා සහන්ගේ නාද පොඩ්ඩිට හොදටම අල්ලාවි කියලා..

      Delete
  29. Replies
    1. වෙල්කම් කැටිපේ.. ස්තුතියි ඔබට..

      Delete
  30. ටයිටලේ දැක්කම මං හිතුවේ ආයෙ කෑමක් තමා කියලා : D
    වෙනස් නිර්මාණ ටිකක් සහන් .. මට නං අර හාමුදුරු පින්තූරේ තමා හොඳම.. වචන දාහකින් කියන දේ ඒකෙන් කියවෙනවා!!!

    ReplyDelete
    Replies
    1. මං හිතුවා උඩ පැනගෙන කස්ටිය එයි කියලා.. හැක්

      මටත් ඒක තමා හොදටම ඇල්ලෙුවේ. තැන්කුයි ප.මල්ලා

      Delete
    2. උඩ පැනගෙන කෙසේ වෙතත් රිවස් එකට ආවෙ : D

      Delete
    3. උපේ කිව්ව වගේ උඹ වගේ යාළුවෝ ලබන්න පින් කරන්න ඕන බං. මං ඒකට ගරු කරනවා උපරිමෙන්ම

      Delete
    4. ජීවිතේ සමහර තැන් තියනවා මචං උත්තරේ විදියට කලකිරීම ලැබෙන.. ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවෙන තැනදී ලැබෙන දේ දැනෙනවා වැඩියි .. මොනා කරන්නද බං.. අවංකවම ඇත්ත කියනවානං මං මගේ ඩියුටිය කලා..ලැබුන දේ බාරගත්තා !!!

      Delete
    5. සන්තෝසයි උඹ ගැන... ඇත්තටම..

      Delete
    6. හෘද සාක්ෂියට හරි වැරැද්ද සමපාත වෙන් නෑනෙ බං හැම වෙලාවෙම..අවුලක් නෑ !!

      Delete
  31. ඔන්න මමත් ගොහින් ෆලෝ පාරක් දැම්ම

    ReplyDelete
  32. ස්තුතියි දේශකයා...

    ReplyDelete
    Replies
    1. හොදයි ඉතිං ගිහිල්ලම බලන්ටකෝ මියුරු..

      Delete
  33. මාත් මේ ඒ පැත්තට යන ගමන්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ පැත්තට යන්න

      Delete
  34. මම මේක දැනටමත් කියවනවා.. සිරා බ්ලොග් එකක්..

    ReplyDelete
  35. කියවලා බලමු එහෙනං

    ReplyDelete
  36. නැවතත් ස්තූතියි
    දේශකයා ඇතුළු
    මිතුරන් සියළු දෙනාට!
    :)

    ReplyDelete