Friday, February 7, 2014

දාමය!!

මං හිතුවේ මගේ ජීවිතේ නවතියි කියලමයි. 

අවුරුදු හතක් තිස්සේ දිග ඇදිච්චි මගේ ආදරය එක පාරටම මහා ප්‍රපාතෙක වැටිලා කුඩු වෙලා නැතිබංගස්තාන වෙලා ගියාම ලෝකාන්තෙන් පැනල හරි ජීවිතේ නතර කරගන්න ඕන කියල මම කොයි තරං නං හිතුවද?

කොතෙක් මියුතෙපුල් දෙඩුවත්, කොතරම් හාදු දුන්නත් කොතරම් අත්වැල් පටලා පැය ගණන් වරු ගණන් රස්තියාදු උනත් අපේ හිත් එක් තැන් කරන්නටවත් අඩු ගානේ එක සිතක් අනෙක් සිතට සවන් දෙන්නවත් පුරුදු පුහුණු උනේ නැති එක අවුරුදු හතකට පස්සේ එක පාරටම එක හිතකට තේරුම් ගියා. ඒක හරියට කෝචිචියට තැලිච්ච දෙකේ කාසියක් වගේ ආදරේ ඝණකම හේදිලා ගියපු වෙලාවක්.

කවදා හෝ එක් වන දාක අපි අතර ඇති බැඳිම් ඒ විදියටම අපි අතර තියෙයි කියන පරම විශ්වාසයක් මා ළග තිබුනා. ඒ විශ්වාසය අන්ධ විශ්වාසයක් බවත්, ආදරය කියන පෝර උරෙන් වහල තිබ්බ නිකම්ම නිකං අයිස් කුට්ටියක් බවත් තේරුම් ගන්න කොට අයිස් දිය වෙන්න අරන්. මට ඒක තේරුනත් ගහපු බෙරේ කරෙන් ගලවන්න තිබ්බ නොකැමැත්ත හා ආශාවට වහල් වීම මේතාක් අවුරුදු හතක්ම ඇදගෙන යන්න අවැසි උනා. ඒ කිව්වේ මං එඩිතර නොවෙන වග නෙමෙයි.

ඒත් සරල රේඛාවක පිහිටුවන්න බැරි අපේ හදවත් දෙක ලම්බව ගැටුනු එකම එක වෙලාවෙදි එයා මාව දාලා ගියා. ඔයාව තේරුම් ගන්න බෑ.. අනික ඔයාගේ හිත මහ කළු ගලක්. එහෙමයි මාව හැදින්වුයේ. එච්චරද නෑ.. කවදාවත් ඔයාට වෙනස් වෙන්නත් බෑ මාව තේරුම් ගන්නත් බෑ. ඉතිං මං යනවා. එහෙමයි ඇය වෙන් උනේ.

මං තනි උනා. පරාජය උනා. ඇය දිහා බලාන හිටියට මගේ හිත එතරම් කෑමුර නොගාපු බව නම් දැනුනා. ඒ මට වඩා ඇය එඩිතර නිසාද? නැත්නං මට කියාගන්න බැරි දේ ඇය කියන ඒ ඇගේ ගතියමද අපි වෙන් කෙරුවේ. ඒකමද අපි තේරුම් නොගත්ත අවබෝධය. වෙන්න ඇති. ඒත් මං වැලපුනා. මට පිනවන්න දෙයක් නැති උනා. මං ඒකට හොදටම ඇබ්බැහි වෙලා. ඒකත් ඉවරයිද? මට බය හිතුනා. ලෝකේම මගේ ඔළුව වටේ කැරකුනා.

ඒක නිසා මං හිතුවේ මගේ ජීවිතේ නතර උනාමයි කියලයි.

තවත් ටික දවසකින් මට වෙන අතක් බලාගන්න උනා. මට නැවත ඇය හමු උනේ නැති උනත් මම ඇයක් සොයාගත්තා. අපි එකට පෑහුනා. අපි ආදරය කරා. හාදු දුන්නා. මහ පාළු තැන් වල ගුලි ගැහිලා හිටියා. ආදරේ දෝරේ ගලා ගියා. හිත් එකට බැදුනා. 

මම කරන හැමදේම ඇය දැනගත්තා. මට යමක් සිතෙන කොට ඇයට ඒක තේරුනා. මං කෝප වන විට ඇය නිහඩ උනා. ඒත් ඇය කෝප උනාම මට නිහඩ වෙන්න බැරි උනා. ඒකටත් හරියන්න ඇය නිහඩ උනා. මම කියන හැමදේම ඇය නොකළට, ඇය කියන හැමදේම කරන්න ඕන මට්ටමකට මාව ගෙනාවා. ඒකට මං මුලදි කැමති උනත් අන්තිමේදි මටම සැක හිතුනා මං එයාගේ වහලෙක් උනාද කියලා. එයා මාව පාවිච්චි කරාද? එතකොට මේ තේරුම් ගැනීමම නොවෙයිද? ඇය මාව අතික්‍රමණය කරනවාද? ඒකට ඉඩ දෙන්න පුළුවන්ද?

දැන් මට ඉහිලුම් නැහැ. ඇය මාව යට කරගෙන මාව දක්කන් යනවා. අරයා ගියපු වෙලෙත් බැඳීම් කඩාගන්න බැරිව ගුලි හැහුන මං මගේ හිතෙන් එඩිතර කම ඉල්ලුවා. මට ඒක ලැබුනා. මං ඇයව අතෑරියා. එයා යන්න ගියා හොදටෝම අඩ අඩ. දවස් ගානක්ම මට කතා කරා. මං හැම වෙලේම ඇයට බැනුම් දුන්නා. අවසානයේ දුරකතන ඇමතුමත් නැතිව ගියා. 

සති ගානක් ගෙවිලා ගියා. මං වැරදි බව මට තේරුම් ගියා. මං ඇයට කතා කරා. තේරුම් ගන්න බැරි අයට ආදරය කරපු වන්දිය ඇය ගෙවන බව මට කිව්වා. තරහ වෙන්න එපා. මං ඔයාව අමතක කරා. ඔයා මට ගැලපෙන්නේ නැහැ. මං බැලුවා ඔයාව වෙනස් කරන්න. ඔයාගේ නරුම ගති වෙනස් කරන්න. ඒත් ඒක කවදාවත් කරන්න බෑ. මං ඒක දන්නවා. මට කරදර කරන්න එපා. 

ඉතිං ඒකත් ඉවරයි.

එයින් පස්සේ මං හිතුවේ ජීවිතේ නවතියි කියලමයි. 

127 comments:

  1. Replies
    1. තෙරුන් නැද්ද?
      දේශකය දැන් දිගටම ලියන්නේ මේවගේ ඒව තමයි.

      Delete
    2. තේරුණා මට. අද්දැකීමක්ද මන්දා....

      Delete
    3. @ ගාලු

      මුකක් කිව්වා

      @ දුලා
      මම ඒ වගේ ලියපුව බලහං තව ඇති.. හැක්..

      @ දිලි
      අත්දැකීමක් නෙමෙයි.. ප්‍රේමය ඕන නං ප්‍රේමය වෙන දෙයක් ඕන නං වෙන දෙයක් ආදේශ කරන් බලන්න. ජීවිතේ නැති කර නොගත්තොත් ජීවිතේ හැම මොහොතක්ම කරදරකාරියි..

      Delete
  2. පොඩ්ඩක් හිටින්...

    ReplyDelete
  3. බොගේ ඉන්න එකිලට හිතින් පෙම් කරන්න ගියාම ඕම වෙනවා බොක්ක..
    නුඹ නාඩන්...

    ReplyDelete
    Replies
    1. බොකුස්. මං ඕවට සැලෙන්නෑ බං.. හැක්..

      Delete
  4. බිලා ද ඉන්නෙ ,කාලක් ගහලාම කියවන්නම් ..මොන මගුලක් ද ???පුෂ්පය විකසිත වෙනවා ඕන් ,මොකද වෙලා තියෙන්නේ ,දේශකව හැක් කොරලා ද?දේශිකා ගහපු පාරක් ඔලුවට වැදුණා ද ??ඕන එකක්

    ReplyDelete
    Replies
    1. කතාව තෙරුනේ මෙහෙමයි ,එක කෙල්ලක් දලා ගියා කියලා ජිව්තෙ නවතින්නෙ නෑ .තව එවා ඉන්නවා වගේ ....
      උඩින් කෑ ගැහුවෙ මෙකත් අර මේ කාලේ යන්නෙ

      එයා ගියා කියලා අපි අඩන්නෙ නෑලු
      වෙන කෙල්ලක් සෙට් වුනාම තනිය නෑලූ //
      සිංදුව වගේ නිසා අර ලිව්ව කතා එක්ක බලන කොට බොලද වැඩි ද මන්දා ....

      Delete
    2. සහෝ. මේක ලිව්වේ නං ඪට පස්සේ පැය ගානකින් හොද බීමත් බොන්න හිතාගෙන.. හැක්.. බොලා හැමෝටම පුස්පවිකසිත වෙන එකට බේතක් දෙන්න වෙනවා..

      ඔය තේරුං ගත්ත ප්‍රමාණයක් ඇති. මේ දේ තව තව දේ වල් වලට ආදේශ කරන්න පුළුවන්. ජෝබ් එකක්. ගෙයක් සල්ලි. නැති උනත් ඉවසුවොත් ආයෛ් ලැබේවි ආයේ යාවි. ඒක තමා ජීවන චක්‍රය බං

      Delete
  5. අහිංසක කෙල්ල බේරුනා යංතන් !!

    කෙල්ලේ .. රාහු ඉවර‍යි කියල හිතාගනින් !!

    ReplyDelete
    Replies
    1. පල පල යන්න.. මගේ තාම සිකුරා හැක්..

      Delete
  6. අපොයි හොඳ වෙලාවට 156 වෙනි කෙල්ලත් බේරුණා එහෙනං.

    ReplyDelete
    Replies
    1. 156?? අනේ අම්මේ ඒම උනානං මං... හරි පෝසත් දැං..

      Delete
  7. හෙහ් හෙහ් දේශක තුමාට මේ දවස් වල මොකක් හරි අවුලක් වගේ කියන්නේම මේ වගේ කතා...
    හැබැයි මේම එකක් තියේ සමහර කෙල්ලො කොල්ලන්ට බොක්කෙන්ම ලව්... කොල්ල ඒක තේරුං ගන්නෑ... එහෙමත් නැත්තං ඒකෙ අනික් පැත්ත අන්තිමේ මිනී තැනයි පෙට්ටි දෙකයි...

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ කිව්ව ඔය තේරුම් නොගැනීම තියෙනවා. මං ඒ ගැන නෙමෙයි බං කිව්වේ.. අපේ ජීවිතේ ඔය විදියට හැමදාම දාමයක් වගේ මොන ප්‍රශ්නේ ආවත් යනවා කියන එකයි කිව්වේ.. අපිට සල්ලි නැත්නං නට්ටං නං කලකිරෙනවා ජීවිතේ නැවතුනයි හිතෙනවා ඒත් ආයි සල්ලි ටිකක් ලැබුනම අපි යනවා. ඔය විදියට හැමදාම වෙනවා. ඒත් ජීවිතේ ඉවර වීමක් නැහැ..

      Delete
  8. ආදරේ කියන්නෙ බොරුවක්.
    මේ ලොකේ මිනිස්සු වැඩියෙන්ම ආදරේ තමන්ටම විතරයි.
    ආදරේ කියන්නෙ තමන්ට ඕනා දේවල් ලබ ගන්න මිනිස්සු පවිච්චි කරණ බොරු මායාවක් විතරයි.
    කොච්චර ආදරෙයි කිව්වත් දෙන්නා දෙන්නෙක්.
    එක තැනක් තියනවා තමන්ට අවාසි වෙනකොට වෙන් වෙන්න පුළුවන්
    ඒකට බොරු හේතු තොග පිටින් මිනිස්සු හදා ගන්නවා
    කවුරුවත් තමන්ට වැඩිය වෙන කෙනෙකුට ආදරේ නෑ..
    ඒක හින්දා ආදරේ නැති වුනා කියලා ජීවිතේ නව තින්නෑ..
    උඹ නාඩා ඉඳින්... මෝඩ දේශකයෝ....

    ReplyDelete
    Replies
    1. /ආදරේ කියන්නෙ බොරුවක්.//
      එහෙම කීවත් ඒ බොරුවට අකැමති කවුරුත් මේ ලෝකේ නැහැ නේද සෙන්නයියේ....?

      Delete
    2. @ සෙන්නා

      උඹ ඇයි ආදරේට ගරහන්නේ ඔය වගේ. ආදරේ අපි පාවිච්චි කරනවා අපේ දේ කරගන්න එච්චරයි. පව් අහිංසක ආදරේ එයාටමයි ඔක්කෝම ගැරහුම්.. තැන්කුයි උඹ තවත් නමක් දැම්ම හෙනං.. කෙයි බොල හිටියේ මේ ටිකේ..

      @ මනෝජ්
      උඹටත් පුතේ මගක් ඇතේ..

      Delete
  9. මේ කතාව කියවගන ගියා...ආපහු කල්පනා කළා.. මොකද්ද මේ දේශකය කියන්න යන්නේ කියලා... දැන්නං වැටහීමක් ආව වගේ.. මේ එක් එක් චරිතයට අපි අපිම එක එක නං ආදේශ කොළාම අමුතු කික් එකක් එනවා වගේ. දේශෝ උඹ නම් දවසකටත් මිනිහා තමා.

    ReplyDelete
    Replies
    1. නලියා එක්ක චැටක් වත් දාන්න බැරි උනා මේ ටිකේ ඉස්මිස් නැතිව බිසි බං..

      උඹ හරියට හරි.. මේක මගේ කෑල්ලක්. අර අදේශ කියන දේ කරා නං හරියට හරි තමා... හැක් හැක්

      Delete
  10. මින් පෙර කියවූ මතකයක් අවදිවුනා. ඔතනින් ජිවිතේ නවතින්නේ නැහැමයි......

    ReplyDelete
    Replies
    1. අනිවා ඔමා නවතිනව කියල හිතුවත් නවතින්නෙම නෑ තමා..

      Delete
  11. Replies
    1. ඇයි බොල මං ඔටුද එතකොට.. හැක්

      Delete
  12. හවසට වැඩක් දාගෙන නෑනෙ ???

    බාගෙකුයි කෝක් බඩියකුයි ගෙනල්ල තියපං !!

    සමරමු !!!! :D

    ReplyDelete
    Replies
    1. උඹ ගානෙත් වඩයක් වත් අරන් වරෙන් ... :D

      Delete
    2. මං ගානෙ මනෝ වෛද්‍ය උපදෙස්,ධනාත්මක චින්තනය ,පවුල් සැලසුම්,ෆෙං ශුයි,කුංග් ෆු ,පෞරුෂ වර්ධන උපදෙස් ,නිවාස සැලසුම් , මන්තර ගුරුකං සේරම දෙනව බං බාගෙ ගහපු ගමං ඕකව හැඳිගෑවිල යන්න ..තව වඩෙත් ඕනෙද හා ???

      ඉවා මතක ඇතුව ගෝල්ඩ්ලීෆ් පහක් ගෙනෙං : D !!

      Delete
    3. මටත් එක්ත පැකට් එකක්ම ගෙනේං... මාතත් එනවනං පැකට් දෙකක්ම වුණත් කමක් නෑ

      Delete
    4. මාතයට කෙසේ වෙතත් බොටනං එකක් ඕන තමා

      Delete
    5. ඔන්න එහෙනං කාටුන් එකක්ම ගෙනෙං බං !!

      මොකෝ ඉතුරු උනොත් විසිකොරනව කියලෑ .. !!!!

      Delete
    6. ඒ උනාට මම සිගරට් බොනවා විතරයි.. කන්නේ නෑ..

      Delete
    7. දුම්බීම ලිංගික අප්‍රානිකත්වයට හේතු වේ
      ලිංගික අප්‍රානිකත්වය දුම්බීමට හේතුවේ

      Delete
    8. අරූ කොහොමද ඒක ටක්කෙටම දන්නේ ..?

      Delete
    9. ඔක්කොම බොන්නෙපා ළමායි !!
      එක වැටියකින් අග කෑල්ල කඩල අයින් කරල තියන්ඩලා බොන්න කලින් !!!

      Delete
    10. කෝ දේශා,මේ දැන්වීමට කොටු දාපන්...

      Delete
    11. @ඉවාන් පවුලිස්........දැන් ඉතින් පහනේ තෙල් ඉවරවෙලා නිවීගෙන යනකොට හෝස් ගාලා එකපාරටම එලියක් දෙන කාලෙට ලංවෙමින් ඉන්නේ. :

      Delete
    12. මං නැති ටිකේ බොලා අරක්කු සිකැරැට් කෑවද බොලල්ලා.. අනේ හොදයි..

      Delete
  13. මේක පළිගැනීමක් වගේ. ඒ වගේම චේන් එකක් වගේ. අර මුලින් දාල ගිය කෙනාගෙ අතීතයත් පස්සෙ බූට් එක කාපු කෙනාගෙ අනාගතයත් එක වගේද?

    ReplyDelete
    Replies
    1. නැහැ රාජ් ඒ දෙන්න ජීවිතේ නිකම්ම නිකං අවස්ථා දෙකක් විතරයි බං.. පළිගැනීමක් නම් ඒ තමන්ටමයි ඒක තේරුං ගන්න ඕන.. කව්රුවත් නිසා තමන් විදවන්නේ මොකටද? නැද්ද.. දාමය කියල නම දැම්මේ ඒකම තමා බං.

      Delete
  14. මට නම් පෙන්නෙ ඌ හතර කේන්දරේ පාළුයි කියලා පැත්තකට අතහැරපු එකෙක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. දැං උඹ කියන්නේ ප්‍රියෝ මගේ හතර පාළුයි කියලද?? හැක්..

      Delete
  15. කවුද බං අවුරුදු හතක තිස්සේ උඹට ආදරේ කරපු මැට්ටි

    ReplyDelete
    Replies
    1. අඩේ හැබෑට කවුරුත් ඒ ??????????//

      Delete
    2. ඉවාන්,

      ඒ මැට්ටි බේරුනා දේශිකා අහු උනා. පවු බං.

      Delete
    3. සිකේ බොලල්ලා ඕමත් අපහාස කරනවද අහිංසකයට?? පව්... හැක්..අවංකවම මං අවුරුදු හතක් උනත් එක දිගට ලව් කරේ තනි අන්ඩේ ලව් වලදි විතරයි බං..

      Delete
  16. මගේ හිතට ආපු පස්නේ ඉවාන් ඕන්න අහලා ..... දෙමුකෝ උත්තර

    ReplyDelete
    Replies
    1. රාලේ මේවා ගස් යන වැඩ ගෙදරට ආරංචි උනොත් හෙම..

      Delete
  17. මොනවද බං මේ නොන්සන්ස්,ලියපංකො හරිහමන් කතාවක්.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ හැලපයියෙකුට මේක තේරුනේ නෑ කිව්වම පුදුමත් එක්ක.. හැක්..

      Delete
  18. " දාමය!!" දෙකක් දමා ගත්තනම් ඕක හරියයි!

    ReplyDelete
    Replies
    1. අනේ යඩඩෝ ඕක කැත කතාවක් නේද?? හැක්.. මං කවදාවත් එකකට වැඩිය දාන්නේ නැහැ බං..

      Delete
  19. කවදාවත් ඔයාට වෙනස් වෙන්නත් බෑ මාව තේරුම් ගන්නත් බෑ. ඉතිං මං යනවා. එහෙමයි "මම" වෙන් උනේ :D

    ReplyDelete
    Replies
    1. ටිකක් දුක හිතිලා හදවත් උණු වෙන විදියට ලියහන්ක් ඒක මඟුල. :-P

      Delete
    2. හදවත ඒ වෙලාවෙ උණු උනෙ නෑ බන් :D

      Delete
    3. සසිදුවා මං ලියපු එක වැරදිද බං...

      Delete
  20. රචකයෙක් ලියන හැම දේම පෞද්ගලික ජීවිතයට ආදේශ නොකර ඉන්න මම හිතාගත්තා අනිත් උන්ගේ කමෙන්ට් කියවලා.

    උඹ අන්තිම ඡේද අයින් කලා නම් තමන් හරි කියලා හිතාගෙන ඉන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. උඹෙ මේ කමෙන්ට් එක නිසා මම ආයි උඩට ගිහින් කතාව කියෙව්ව. මොකද මුලින් බැලුවෙ කමෙන්ට් බලල යන්න නිසා.

      කතාව ගැන කියන්න තීන්නෙ "දේශ මේක එළට වැදුන" කියන ටික විතරයි.

      Delete
    2. @ ඩුඩේ

      අන්න ඒම හොදා බං මං මේ අමරුවෙන් හරි ඔය කාරිය දැං කීපදෙනෙකුට පුරුදු කරා. ඒක එහෙම වෙන්න ඕන රචනාවකදි රචකයාගේ ජීවිතේට එබෙනවා කියන්නේ නිර්මාණයක් රස විදින්න බෑ කියන එකයි.. තැන්කුයි මචෝ..

      @ උපේ

      බෝම් ස්තුතියි බං ඒ වගේම බොට ජය වේවා..

      Delete
  21. Replies
    1. පැටලුණූ ලෝකෙක මේකත් පැටලිල්ලක්ද සිත්තරි..

      Delete
  22. ම් ... ආදරේ තේරුම් ගන්න ටිකක් අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ආදරේ විතරක් නෙමෙයි තුෂානි.. ජිවිතෙත් තේරුම් ගන්න අමරුයි. තැන්කුයි

      Delete
  23. දැන් මොකද හිතන්නෙ ඒ ගැන

    ReplyDelete
    Replies
    1. මොනව හිතෙන්නද බං තාම ජීවත් වෙනවා.. එච්චරයි..

      Delete
  24. කොහොම වුනත් අපි වැඩිය හිතන්නෙ අපි (තමන්) ගැන. ඉතින් කොහෙන් ගියත් කරකැවිල එන්නෙ එකම තැනට..

    ReplyDelete
    Replies
    1. යර්ස් යර්ස් චන්දන තමන් ගැන හෝ හිතල ජීවත් වෙන්න ඕන කියන මානසිකත්වයේ හැම එකාම ඉන්නවනං ඒ උනත් ඇති අමරුවෙන් මිට ගහගෙන හරි ජීවත් වෙන්න..

      Delete
  25. තව කී පාරක් ඔය අන්තිම වාක්‍යය කියයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක තමා එළම කතාව.. ඒක මැරෙන කම්ම නවත්තන්නැති වාක්කියක්.. බං.. වෙල්කම් ෂොහාන් මේ ආවමයි නේද?? තැන්කුයි

      Delete
  26. මේ දවස් වල ඔලුව හරියට වැඩ නෑ. මෙලෝ සංසාරේ දෙයක් තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. යකාගේ කම්මල වගේද බං..

      Delete
  27. මට නම් ඔච්චර කල් ලව් කරන්න බෑ බං.. මොල් කළන්තේ ඊට ඉස්සර වෙනවා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බන්....

      Delete
    2. අපොයි අපි නොදන්න චැස්... හැක්..

      Delete
  28. ඉතිං ඒකත් කියවලා ඉවරයි. ඔක්කොටම කලින් ආදරය කරන්නා තේරුම් ගන්න. දෙසරේම වැරදිලා.
    සුපිරි නිර්මාණයක්.

    දේශක ට ලැබෙන්න තිබුනේ මෙහෙම ගැනියෙක්.
    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ කණ ට ආතල් ලැබුන හැටි ඇවිත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. වැරදි වැරදි නැගිටින මිනිහා ජීවත් වෙයි බං. නැද්ද.. හිටපිය බලන්න තෝ කියන කෙබරේ.. හැක්.

      Delete
  29. අනේ මන්දා...අත්දැකීම් ද මේවා...?

    ReplyDelete
    Replies
    1. නැත නැත මේකේ ඒ හැටි දෙයක් නොමැත

      Delete
  30. හ්ම්ම්..... හ්ම්ම්ම්..... මොලේ මඤ්ඤං වෙලා ගියා වගේ... :D

    ReplyDelete
    Replies
    1. බෂ්ෂියෝ ඒම වෙන ඒවා තියෙනවා තමා.. ඒකට කමක් නෑ අනේ..

      Delete
  31. ඉතින් මොකේ දැයි දන් වලඳින්නේ......

    ReplyDelete
    Replies
    1. අහුලගෙන හරි වළදනවා බං..

      Delete
  32. කතාවෙන් කියන්න උත්සහ කරපුදේ නම් හිතා ගන්න පුලුවන්...ඒ කතාවට කියන්න දෙයක් තමයි හිතා ගන්න අමාරු.

    ReplyDelete
    Replies
    1. අවංකවම චාම්ස් කිව්ව කතාව ඇත්ත.හෘද සාක්ෂීය තමන්වම නිරික්ෂණය කරනවා එතකොට..

      Delete
  33. මට හොඳටම වෙරි....

    ReplyDelete
    Replies
    1. ඉල්ලගන්න රෙඩ්බුල් එකක් සුදීකගෙන්..

      Delete
  34. අනේ මන්දා, ඉන්න බැරිනම් ඉතින් යන එකම තමයි හොද.. දැන් ඉතින් පස්සෙ දුක් වෙලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ් දුක් වී පලක් නැත..

      Delete
  35. ආදරේ ඔහොම තමයි..දාමය නැවතත් මුල සිට..පහුගිය අත්දැකීම් එක්කම ඔප වැටෙයි. ඒත් ගහෙන් ගහට පනින කුරුල්ලා තෙමිලා නහීද ???

    ReplyDelete
    Replies
    1. හැක් හැක් නහින්නැතිව ඕන දෙයක් බං.

      Delete
  36. කොයින්ද බං මේ අදහස් එන්නේ.මේ කතාව පට්ට විදියට දැනුණා.

    ReplyDelete
    Replies
    1. වෙන කොහේටද බං පස්සට තැලිච්ච මගේ මොලේටම තමා..

      Delete
  37. ඔය යකාට කියන්න ආයෙ බදින්න එපා කියලා...ආයෙ බැන්දොත් ඊළග ගෑණිගෙන් මැරුම් කනවා...

    ReplyDelete
    Replies
    1. දෛවය එහෙම නං අපි එන දේකට මුණ දෙමු සුදෝ...

      Delete
  38. දේශක තුමා මටනම් මේ කථාව නියමෙටම ඔලුවට වැදුනා. හොඳින්ම තේරැනා. ඒත් මට හිතා ගන්න බැරි ගොඩක් අයට ඇයි මේක අවුල්කියලා. මම අද උඹ ගැන පෝස්ටුවකුත් දැක්කා. මම මොකුත් ලිව්වේ නෑ ඒකට මොකද උඹේ මේ කථාව ඒ වෙලාවේ කියවලා හිටියේ නැති නිසා. උඹට ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. මාත් දේශකයට ජය පතමි!
      ඔහුගේ හිට්ස් වැඩි කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් පෝස්ටුව දැම්මෙමි.

      මීට දුලා

      Delete
    2. දේශගෙ හිට්ස් වැඩිකරන්න ලිව්වද ඔබෙ හිට්ස් වැඩිකරගන්න ලිව්වද කියන එක අපැහිදිලියි. කොහොම උනත් නිකන් කියවන්න දෙන මාධ්‍යක ස්වතන්ත්‍ර නිර්මාණයක් රීති අස්සෙ දාන්න හදන එක විහිළුවක්. මම මේ පෝස්ට් එකට කැමතියි, ඔබේ එකට අකමැතියි!

      Delete
    3. @ ගුනේ
      ඒක හරි උඹ හොදට හිතනවා වචන වලට එහා ගිය තේරුම ගැන. ඒකයි වටින්නේ.. මුද්දේ මගුලෙදිත් උඹ කතාව හරියටම ගොතාගත්තා නෙව. ඒ වගේ වචන වලට පිටින් නිර්මාණයක් රස විදින අය වැඩි ප්‍රමාණයක් ඉන්න රටක කලාව දියුණු වේවි. ස්තුතියි බොට ඒක මට ලොකු ගැම්මක්..

      @ දුලා

      හිට්ස්... මං තොට හිට් කරනවා ඔය පාර.. හැක්..

      @ උපේ
      මං ඒ ගැන හිතන්නෑ බං.. ටිකක් තෙම්පරාදු වෙනකං කව්රුත් ඕම තමා බං.. කාලය විසදාවි හැමදේම.. ඒක දුලාගේ විතරක් තියෙන අවුලක් නෙමෙයි මගේත් තිබුනා..

      Delete
    4. ඒයි දේශා ,
      මං උබලට වඩා අලුත් බව ඇත්ත.ඒත් මගේ බ්ලොග කියවන්නේ සාමාන්‍ය බ්ලොග් අවකාශෙ ඉන්න පිරිසට වඩා බාහිර පිරිසයි.

      කොටින්ම කියනව නම් චන්දන ආවෙත් මගේ එක කියෙව්වයින් පස්සෙ හරිය.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  39. හිතේ හංගාගෙන හිටපු කතාවක් එක හුස්මට කියල දැම්ම වගේ කතාවක්. ඇත්තටම එහෙම වුණාද? ඒමොකක් වුණත් ලෝකාන්තයෙන් පනින එකනම් හෙන කරදර කාරි වැඩක් මොකද ‍බොඩ් එක හොයන්නම සෑහෙන ගානක් ගෙවන්න ඕනෙලු. අපරාදෙ සල්ලි..

    ReplyDelete
    Replies
    1. ලෝකාන්තෙන් නෙමි දයා කොහෙන් පැන්නත් ඒක දුකක්.. හ්ම්.. හිතේ හංගන් හිටිය කතාවක් නං නෙමෙයි.. සමහර දේ වලින් දැක්ක දෙයක්..

      Delete
  40. ජීවිත නතර වෙන්නෙ නෑ හැැබයි ආයෙ මුලටම එනව ඒත් සර්පිලව හිටියට වඩා ටිකක් ඉහලට මදුරු කොයිල් එක්ක වගේ

    ReplyDelete
    Replies
    1. කොයිල් එක පත්තු කරල නැත්නං හරි.. උඹ කිව්වේ කොයිලේ බිමට නැඹුරු වෙලා වැඩියි කියලද???

      Delete
  41. ජීවිතය නතර කර නොගන්න තරමට හිත එඩිතර වුනා නම් අනිත් දේවල් සේරම හරියයි..කාලයත් එක්ක තමන්ට තමන්වම තේරුම් යනවා..

    ReplyDelete
    Replies
    1. අන්න හරි මලේ.. ඒක තමා සැගවුන යථාර්ථය..

      Delete
  42. ට්‍රැක් එකෙන් පැනලා මොකෝ ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඕෆ් රෝඩ් ගතියක් තියෙනවා තමා අවංකවම.. ස්තුතියි මඩාර්ර්රා..

      Delete
  43. වෙලාවකට පිස්සු වගේ

    ReplyDelete
  44. අවුරුදු හතක් ?? දෙයියනේ එච්චර කාලයක් මේ වගේ සැන්ටිමැන්ටල්, ෆන්ඩමැන්ටල්, ෆුල් මැන්ටල් කොල්ලෙකුට ආදරේ කොලාම ඒ දැරිවිට වුනත් ඇති හිතෙන එකමොනතරම් සාදාරණයිද ?.

    ReplyDelete
    Replies
    1. මට හිනාව නවත්තගන්න බැරිව හෙන වෙලාවක් හිටියා මේක කියවලා. අනේ බොල තිලකේ තාමත් හිනා යනවා.. හැක්..හරිම සුන්දර ප්‍රතිචාරයක්.. තැන්කුයි

      Delete
  45. ඈ...! අවුරුදු හතක් හිකිස් නිකංයෑ අර කථාවක් තියෙන්නේ " ආදරේට බ්‍රේක් නෑලු "

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. පසන් මේ ආවමද මට මතක මීට කලින් ආවා කියලයි.. තැන්කුයි පසන්..

      Delete
    2. ආවා ආවා කලිනුත් ආවා :)

      Delete
  46. කියවීමි
    කොමෙන්ට් ලිවීමට නැවත එමි

    ReplyDelete
  47. පුදුම ආදර කතාවක්නේ!!! :)

    ReplyDelete
    Replies
    1. මේවා ඩ්‍රැකියුලාගේ ආදර කතා වගේ නෙමි අරිය...පොඩිඩි

      Delete
  48. //මම කියන හැමදේම ඇය නොකළට, ඇය කියන හැමදේම කරන්න ඕන මට්ටමකට මාව ගෙනාවා.//

    මෙන්න මේ කෑල්ල තමයි හොඳ.

    අන්න අස්වැන්න බ්ලොග් එකේ උඹේ ෆොටෝ එක දාලා. වැරදිලා උඹේ කොංක්‍රීට් වැඩපලේ බාසාව දාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කෑල්ල හොදයිද අනේ හොදයි..

      මම දැක්කා බං.. ඒක අවුලක් නෑ දැක්ක නේ ප්‍රසගේ සිරික්කි මුණ.. චික් කැත..

      Delete