Monday, February 3, 2014

මඟුල් මුද්ද!!

කාර්යාලයේ සේවය නිමවා නිවසට ගොඩ වූ සමන්, දහදියෙන් තෙත් වූ නළල් තලය පිටි අත්ලෙන් පිසිමින් තම කාමරයේ ඇති මේසය කරා ගොස් ඒ මත තම කාර්යාල බෑගය තැබුවේය. සමන් ගෙට අඩිය තබද්දි ඒ හඬ ඇසෙන සමන්ගේ බිරින්දෑ දයානි කොතැනක සිටියද සාලයට පැමිණීම සුපුරුදු සිරිතකි. එහෙත් අද දින හාත්පස අඳුර පැතිරුණ සාලයේ ඒ රුව දක්නට නොමැත. ඇයගේ නොපැමිණීම සමන්ගේ සිත තුල රෝපනය වී තිබු කුකුස වැඩි කරන්නට විය. කිහිප දිනක සිට අඩ නින්දේ සිටින අයුරින් තම බිරිඳගේ වචන හා ක්‍රියාකලාපය ගැන සැළකිලිමත් වූ සමන්ට අද නම් නිහඬ බව අරුමයක්ම බැව් දැනෙන්නට විය. නිහඬ මුහුදු තෙර ඇති ගැඹුරත දන්නා ධීවරයෙකු මෙන් සමන් බෑගය මේසය මත තබා වහා සාලයට පැමිණීයේය.

*****
උදෑසන තැපැල්කරු ගෙන ආ ලියුම දුටු දයානි, සමන්ගේ නමට තිබු ලියාපදිංචි තැපෑල් ලිපිය කඩා බැලුවාය. ලිපියේ පිට කවරයේ සඳහන් වූ ප්‍රසිද්ධ ෆීනෑන්ස් සමාගමෙහි නමද, මේ තාක් තමා දන්නා තරමින් සමන් ඒ සමඟ ගණූදෙනු නොකර තිබීමත් හේතුවෙන් එය ඉක්මනින් කඩා බැලීමේ උවමනාවක් දයානි තුල විය. ලිපියේ ඇති විස්තරය කියවීමෙන් කිසිකලෙක තමන්ගේ සිතට නොදැනුනු විශාල භීතියක් ඇය වටා රොක් වන්නට විය. ඇත්තටම ඇයට කිසියම් හෝ කුඩා සැකයක් සමන් ගැන තිබුනද එය විශ්වාස කිරීමට තරම් ඇයගේ සිත බොළද නොවීය. කෙසේ වෙතත් ඇස් පනාපිට ඇති අමු සාක්ෂිය ඇය අවුලවන්නට විය. ඒ අතරේ ඇයගේ කල්පනාව අතීතයට ගමන් කරන්නට විය.

*****

මාස කිහිපයකට එපිටදී සමන් හා දයානි සහභාගී වූ මංගල උත්සවයකි.

තරමක බමණ මතින් පසු වූ සමන් කෙරෙන් දිස් වූයේ හොන්දු මාන්දු ස්වරූපයකි. මුහුණ පුරා දහදිය දමා තිබු ඔහුගේ සිරුරේ ඇති අස්වාභාවික ගතිය දිස් වූ සැනින් දයානි ඔහු වෙතට ගියාය.

“ඇයි මොකද සමන්.. ඔයාට මොකක් හරි අවුලක්ද??“

“නෑ නෑ.. එහෙම නෑ.. මට ප්‍රශ්නයක් නෑ.. “

“නැති වෙන්න බෑ. මොකද ඔච්චර දාඩිය දාලා. මොකක් හරි අමාරුවක් නං කියන්න“

“දැං මං කිව්ව නේ..මුකුත් අමාරුවක් නෑ. මට ටොයිලට් එකට යන්න ඕන“

“හා හා ගිහින් එන්න“

ඔහු එනතෙක් තමා බලා සිටි ආකාරයත්, තාලෙට පැද්දී පැද්දී තමන්ගේ දෘෂ්ඨි සීමාවෙන් එපිටට ඔහු යන ආකාරයත් දුටු දයානි “සමන්ට ටිකක් වැඩියි වගේ“ ලෙස සිතා තම හිත හදාගත්තාය. වේලාව ඒ තරම් නොයික්මූවද තව දුරටත් නොරැදී මෙතැනින් යාම සුදුසු බව සමන්ගේ කෙරුවාවල් දන්නා දයානි හට පසක් විය.

සමන් නැවත පැමිණෙන විටම කතා කරගෙන කෑම මේසයට යාමට ඇවිටිලි කළ ඈ බලෙන්ම මෙන් ඔහු සමග දිවා භෝජනය ගෙන ටික වෙලාවක් එහි සතුටු සාමිචියේ යෙදී ඉක්මනින්ම නික්ම ගියහ.

නිවසේදි සියළු දෙයින් සැහැල්ලු වූ සමන් වෙරි බහිනතෙක් තම ඇද ඉහත්තාවේ කොට්ටයක් තබා එය බිත්තියට හේත්තු කොටගෙන කල්පනා කරන්නේ කුමක් ගැන දැයි දයානි නොසැලකූවාය. වෙනදාටද රහමෙර පානයෙන් අනතුරුව ගෙදරට ගොඩ වන සමන්ගේ දිනචරියාවේ අදද වෙනසක් නොමැති බව ඇය දැන සිටියාය.

කාමරයේ සිවිලින් පංකාව සෙමින් කැරකුනද තම සිත ඊටත් වඩා වේගයෙන් කැරකෙන බව සමන්ට හැඟේ. කුමන හේතුවක් හෝ මත තම සිතම රවටාගන්නට වෙර දරන සමන්ගේ මුහුණ අඳුරු වී ඇත. එහි මලානික බව සමන්ගේ මුළු ගතම වෙලා ඇති මකුළු දැලක් මෙන් විටින් විට සිතෙහිද එතෙන්නට වන්නේ මහා අපරාදකාරයෙක් කුදලායන්න ට සුදානම් වන්නාක් මෙනි. සමන්ගේ සිත තුල බය, සැකය, හා උවමනාව යන ත්‍රිත්වය එක් වර සිත තුල රඟන්නට වීම ඔහුට මහත් හිරිහැරයක් විය. නමුදු ඒ හිරිහැරය තමා මේ වෙලාවේ විදින්නට අවශ්‍යම බව සමන් දැන සිටියේය. සමන්ගේ උඩුතොල දෙවරක් සැපී ගියද ඔහුට නිච්චියක් නැත. බියෙන් බියෙන් හෝ එඩිතර තීන්දුවක් ගත යුතු බව පමණක් සමන්ට වැටහිනි.

අවසානයේ තීන්දුවක් ගත් සමන්, දයානිට යම් සිද්ධියක් පවසන්නට විය. එය බොහෝ වෙලාවක් පැවති, ඇත්තටම මහ රෑ වෙනතුරු පැවති කතාවක් විය. කතාව අවසානයේ සතුටකින් තොරවම දෙදෙනා නිදන්නට විය.

*****

කාමරයෙන් එළියට පැමිණි සමන් වෙත සුදු පැහැති ලිපි කවරයක් රැගෙන පැමිණී දයානි එය දුර සිටම සමන් වෙත දිගු කළාය.

“මේ මොකක්ද එල් බී ෆිනෑන්ස් එකේ ලියුම?“

“මං.. මං දන්නෑ..මො. මොකක්ද ඔය“

“ඔය තියෙන්න බලාගන්න එකයි ඇත්තේ“

“වෙන්දේසි කරන්න යන... මොකක්.. මම දන්නෑ මේක“

“නිකං බොරු කියන්න එපා සමන් හරිද? මේක නේද මුද්ද“

“මගේ මුද්ද? මං දන්නෑ ඒක.. හා දැං මතක් උනේ. ඔපිසියේ යාළුවෙක්ගේ එකක් මං උකස් කරා නං තමයි. මේ ඒක වෙන්න ඇති. මං හෙව්වෙත් නෑ ඒ ගැන“

“ඇයි යාළුවට අයිඩන්ටියක් නැද්ද ඕවා තියන්න“

“නැහැ මිනිහට ටවුමට යන්න විදියක් නෑ කියල මට කිව්ව කරං එන්න කියලා“

“මං බැලුවා මුද්දේ බිල් එක. මේක ඔයාගේ නැති වෙච්ච මුද්දේ බර ම තියෙන එකක් නේ“

“ඒවා මං දන්නෑ. මගේ මුද්ද නැති උනා මං දන්නේ එච්චරයි. මේ මං උදව්වක් කරේ. අනික මිනිහා ඒකට ගෙවනවද නැත්ද කියලවත් මං දන්නෑ“

“මෙහෙම බැලුවම මං නොදන්න තව කොච්චර දේ ඇද්ද? කව්ද දන්නේ“

“අනේ මේ විකාර කියන්න එපා දයානි.. මගේ මුද්ද පව්මක එකක් නේද? මේක පවුමට අඩුයි නේ“

“ඒ බරම තමා. මෙන්න බිල.. බර ග්රුම් 7.27 යි“

“ඉතිං මේකේ බර 7.28 යි නේ“

“ඒවා එහෙම තමා කඩේ ස්කේල් එකට වැඩිය ඩිජිටල් එකෙන් හරියට මනිනවා. මේක හරිම පුදුමයක් නේ. එකම බර මුද්දක් නෙ යාළුවටත් තිබිල තියෙන්නේ“

“මං ඒවා දන්නෑ මං බර බලන එකක්යැ. කෝ දෙනවා ඔය ලියුම. මං ඕකාට ගිහින් දීල කියනවා නිකං මාව කරදර වලට පටලවන්න එපායැ කියලා“

“දැං ඕක ලබන සතියේ වෙන්දේසි කරනවලු නේ. මිනිහා බේරගන්නැත්නං අපි බේරගමු..“

“අපිට කොහෙන්ද එච්චර සල්ලියක්“

“කොහෙන් හරි හොයමු. ෂුවර් නේද මේක ඔයාගේ මුද්ද නෙමෙයි නේ“

“දැං මං කිව්වනේ ඔයාට. මගේ මලදානයක් නෙමෙය් මේක“

ලිපිය ගෙන කාමරයට ගිය සමන් එය මේසය මතට දමා තුවායද ගෙන නාන කාමරයට වැදුනේය. දයානි සෑදු තේ එක නිවෙන්නට පෙර වෙනදා ඇග පත සෝදා එළියට එන සමන් අද තේ එක බීමට ගන්නා විට එහි මදක් හෝ රස්නයක් නොතිබිණි.

******

පිටරටක සිටින සමන්ගේ සහෝදරයා අත තිබූ දුරකතනය බීප් බීප් නාදය නඟමින් කෙටි පණිවිඩයක් ලැබී ඇති බව දන්වන්නට විය. සුළු මොහොතකින් එය කුමක්දැයි ඔහු බැලුවේය.

“Bro, Im in a deep trouble. If there is any possibility please help me, otherwise my head will be off. My ring is going to be auctioned next week. I need 15k at least to overcome this problem. Pl reply"

131 comments:

  1. මොකක්ද මේ අග-මුල නැති කතාව

    ReplyDelete
    Replies
    1. ට්කක් මහන්සි වෙලා කියවන්නකෝ අයියේ.. හැක්.. ගෙඩිය පිටින් කටේ දාගන්න බලන් ඉන්නැතිව..

      Delete
  2. සසිදුවගේ පෝස්ට් එක කියවල බොට පිස්සු හැදිලා.
    මොන මල විකාරයක්ද බන්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඊයෙ ගහපුවගෙ ප්‍රතිථල තමා කෙන්ජයියෙ ඔය තාමත් තියෙන්නෙ :D

      Delete
    2. බොකුස්. මං උඹව පෙති ගහනවා එච්චරයි.. හැක්

      Delete
  3. කලින්ම අයියට උවමනාව කියල සල්ලි ඉල්ලගත්තනම් ඉවරනෙ මුද්ද උගස් කරන් නැතුව...

    ReplyDelete
    Replies
    1. නිර්මාණ පෞද්ගලිකත්වයට දාල බලන්න එපා.. මේකා මේ කතාවෙන් කියන්න හදන දේ දිහා බලපන් මලයෝ................

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. බොල සසිදුවෝ, . . . උබත් අයියල මරාගෙන කන එකෙක් වගෙ පේන්නෙ හෙහ් හෙහ් හෙහෙ

      Delete
    4. විහිලුවට කිව්වෙ නලීන් අයියෙ :D

      අනේ මට අයියල නෑ මගියො :D

      Delete
    5. @ සසිඳු ~ ඇයි යකෝ මේ අපි ඉන්නේ.

      Delete
    6. ඇද්ද අහගත්තා නලියගෙන් කට වාචාල කමට කියවන එකට. අන්න ඒක හරියට ඔළුවට ගනිං මොකක් හරි කියවන කොට.. හරිද ඊට පස්සේ බොටත් ලියන්න පුළුවන් වෙනවා අනිවා.. හැක්..

      Delete
  4. රස වින්දා මචං .. මේක ඒතරං දුලබ නෑ සමාජයේ ඒ උනාට..
    මම හිතන්නෙ ඇත්ත කියල මුද්ද තියල සල්ලි ගත්තනං ඉවරයි..ඒ නැතත් එහෙම කියපු ගමං ගෑනු ලඟ නැති සල්ලි එලියට එනවා :D අත්දුටුව‍යි සත්තයි..!!
    පිට රටවල ජීවත්වෙන උන්ට නං ඔට කෝල් එක හරි මැසේජ් එක හරි ඒ තරං අමුතු දෙයක් නෙවේ.
    සහතික ඇත්ත මචං මට ගිය මාසෙත් ඔයින් එකක් කැරකුනා .. වයිෆ් රෙඩ් කාඩ් පෙන්නල තියෙන්නෙ !! : D

    ReplyDelete
    Replies
    1. මම උඹේ කමෙන්කටුව දැක්ක මුල් අවස්ථාවේම දැනගත්තා උඹට මේක අසාමාන්‍ය දෙයක් නොවෙන උඹ හොදටම දන්න දෙයක් කියලා. ඒ ගැන උඹ අර වෝරිනිං කතන්දරේ කිව්වම හිනා ගියත් එක්ක. හැක්.. ජය වේවා පත්තරේ..

      Delete
  5. මූ සහෝදරයගෙ වැඩකටද උකස් තියල තියෙන්නේ???

    ReplyDelete
    Replies
    1. නෑ බං අනිතිමට සහෝදරයා තමා වැඩේ ගොඩදාගන්න තියෙන එකම තුරුම්පුව..

      Delete
  6. යකෝ මූව මරන් කෑවත් මදිනෙ උගස් තිබ්බා මදිවට දෙන හයි ෆයි උත්තර බලපන්ලකො.

    ReplyDelete
    Replies
    1. බොරු කියන එකාට ලැජ්ජාවක් නෑ බං..

      Delete
  7. සමන් ගෑනිට ඔය තරම් බයද බං...?අනික රත්තරන් බඩුවක් උකස් තියන්න වෙනවා කියන එක අද කාලේ හැටියට ලැජ්ජා වෙන්න තරම් දෙයක්ද...?

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව නෙවෙයි බය ...මුද්ද උකස් කෙරුවට නෙවෙයි. උකස් කරලා ගත්ත සල්ලි වලින් කරේ මොනවද කියලා ගෑනි ඇහුවම කියන්න දෙයක් නෑනේ එකයි

      Delete
    2. @ මනෝජ්
      සිද්ධිය ගෑනිට හොරෙන් වේචිච දෙයක්. සමහර විට සද්ද නැතිව ගෙනැත් තියන්න හිතන්න ඇති. ඒත් මිනිහ අමාරුවේ වැටුනා..

      @ ඉවාන්
      උඹ හරියටම හරි බං.. උම්මා..

      Delete
  8. මට තියෙන සැකේ මිනිහා උකස් කරපු සල්ලි වලින් කරපු දේ ගැන. මරු කතාව.

    ReplyDelete
    Replies
    1. ඉවාන්
      උඹ අර සමන් ගෙන් එදා ඉල්ලගත්ත 15000 දීපං . පව් යකෝ මුද්දත් සින්න වෙන්න යන්නෙ.. ඒ මිනිහ හතර අතේ ඇවිදිනවා සල්ලි හොයන්න.. !!

      Delete
    2. මචං මල්ලි රට ඉඳල සල්ලි එවල දැං අවුලක් නෑ..!!

      උඹ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ කිව්වා.. දැං බය නැතුව ආන්සර් කරපං . :D

      Delete
    3. මං ඉල්ලා ගත්තේ උඹට දෙන්නනේ , උඹ තාම මට ඒක දුන්නේ නෑනේ... උඹ ගන්නකොටනම් කිව්වේ කොහොමද? පත්තර රස්සාවෙන් මාසෙකට ලක්සේ දෙක හොයන්න් පුළුවන්ය 15000 ට 30000 ක් දෙන්නංය කියලා. අනේ අම්මප අපිත් අස්සරේ කලානේ උඹලව.

      Delete
    4. හැක් හැක් !!!

      මට එහෙම දෙයක් මතක නෑනෙ..

      සොරි .. ‍රෝංග් නම්බර් : D


      Delete
    5. ඇයි උඹ කොලොන්නාවේද? නැත්තං වාසගම සිල්වාද?

      Delete
    6. මට බැනපං ඕන දෙයක් කියල ..15 ට 30 ක් දෙන්නං..
      ඒ කැලෑසියට දාන්න එපා බං මාව.
      අපි දුප්පත් උනත් නම්බුකාර මිනිස්සු.

      . !!!!

      Delete
    7. @පත්තර මල්ලි
      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. හාහ් ඉතින් උඹ ගත්ත සල්ලි ටික දුන්නනම් මේක වෙන්නේ නෑනේ ..බලපන් දැන් මේ කුපාඩි දේශකයා මේක පත්තරෙත් දාලා

      Delete
    9. කරපුදේ කියන්න පුළුවන් දෙයක් නම් ඌ ගෑනිට කියලනේ බන් කරන්නේ.

      Delete
    10. ඉවාන් උඹ හරි.. ඒ සල්ලි වලට කරපු දේ අඩුගානේ මං වත් දන්නෑ. ඒ තරං රහසිගතයි. කතාවෙදි බොට ඒ රහසිගත බාවය දැනෙන්න ඇති ඒකයි මෙහෙම ජෝං ගාලා පුරස්න අහන්නේ..


      අනික් වලි වලට අහිංසක මගේ සම්බන්ධයක් නැත. ඔය පත්තර මල්ලී උල තියන්නයි වටින්නේ.. පව් අහිංසක මිනිහා.. හැක්..

      Delete
  9. ඉතින් ඇයි බොරු කියන්නෙ..ඇත්තම කිව්වනම් ඉවරයිනේ. සමහරවිට මගුල් මුද්ද උකස් කලා කියල බැනුම් අහගන්න වෙන නිසාද දන්නෙ නෑ.
    දේශකයා ටිකක් වෙනස් ශෛලියකින් කතාව ලියල වගේ.....

    ReplyDelete
    Replies
    1. පොඩි අභියෝගයක් තිබ්බා ඒක නිසා මේකේ ශෛලිය වෙනස් කරා. ස්තුතියි චාම්ස්. බොරුව කියන්න ඕන මොකද සල්ලි වලට කරපු දේ ගැන අහන නිසා. මුද්ද උගස් කරා නං ගත්ත සල්ලි වලට වෙචිචි දේ ගැන කියන්නත් එපායැ..

      Delete
  10. තමන්ගේ නොවන කිසිම ලියුමක් කඩන්න හොද නැහැ . දයානි ලියුම කඩපු නිසයි කතාව මෙතරම් දික් වුණේ.

    ඊලග එක ,, එදා වෙඩින් එකේදී මුද්ද නැති වුණා .

    ඊළගට යාලුවෙක්ගෙ මුද්දක් සමන් උගස් තියලා ඔහුට සල්ලි අරන් දුන්නා.

    ඒ වගේම ඔහු නොදන්නවට ඒ මුද්ද ඔහුගේම මුද්ද විය හැකියි..එදා රෑ අසාමාන්‍ය විදියට බය වෙච්ච එක සහ අන්තිමට ලියුම ආපු දවසේ බාත්රුම් එකේ සෑහෙන කාලයක් ගත කිරීමත් එක්ක බලද්දී හිතෙනවා .. වෙඩින් එක දවසේ මුද්ද නැති වුනාද නැත්නම් කවුරුහරි ගැහැණු/පිරිමි කෙනෙක් බ්ලැක්මේල් පාරක් දැම්මා වෙන්නත් පුළුවන් (පෙර වැරද්දක් ගැන ) අන්තිමට මල්ලිට යවපු msg එක දකිද්දී හිතෙන්නේ ඒ මුද්ද එයාගෙමයි කියලා. ..

    ReplyDelete
    Replies
    1. //තමන්ගේ නොවන කිසිම ලියුමක් කඩන්න හොද නැහැ . දයානි ලියුම කඩපු නිසයි කතාව මෙතරම් දික් වුණේ.//


      බැන්ද දාට තේරෙයි.

      වෙන්න ඕන ඒක නෙමෙයි, වයිෆ්ට පෙන්නන්න බැරි ලියුම් ගෙවල් වලට එන්න දෙන්න නරකයි. මොන ස්ද්බාවයකින් කරපු දේක උනත් කොස්සක් ඇවිත් ලොකු අවුල් වෙන්න පුලුවන්.

      Delete
    2. ඒක හරි ඉන්දික.මාත් ඕවා නොකරම ඉදී දැන් මෙහෙම කීවට හි හි ...

      Delete
    3. ඔමා ඔයා හරියට හිතන් ඇවිල්ල පොඩ්ඩක් අවුල් කරගෙන. මුද්දේ එක සමාන බර නිසා හිතන්න හැකියි ඒකමයි කියලා. අනික මිනිහා වෙඩිම දවසේ සහභාගි උනා විතර නිසා යාළුවට උදව් කරා කියන්න තරං සාධක කතාවේ නෑ. මිනිහා මයි උකස් කරේ. ඒක නැති උනා කියල බොරුව ගෙතුවේ මගුල් ගෙදරදි බිව්වට පස්සේ..

      Delete
    4. @ උපේ

      මේකිට ඒවා තේරෙයි එතකොට.. අන්න එදාට වරෙන් බලන්න බයිල ගහන්න.. හැක්..

      Delete
  11. එතකොට යාලුවගෙ මගුලට උදව් කරල මූ ඉල්ලන් කාලද?

    ( යාළුවත් අභිය වගේ එකෙද කොහෙද! )

    ReplyDelete
    Replies
    1. නෑ බං මිනිහ මිනිහටමයි උදව් කරගෙන කෙලවං ඉන්නේ.. ඔය අභිය නම ගෑවුවොත් කරදරේ බං එනවා ඇනෝ ඇනෝ... මං මැකුවා...

      Delete
    2. ඔව් මං දැක්ක. තැන්කූ ඒ දේට සහ ආයි ඕක නොලිය ඉන්න හිතාගත්ත අනෙක් උන්ට වෙන කරදරය ගැන හිතල.

      Delete
    3. කිසි කරදරයක් නෑ බං. අපහාස නොකරපු ඒවා මං කලින් ඒවයේ තිබ්බා උඹ දකින්න ඇති. මොකාට උනත් මෙතන අපහාස කරන්න දෙන්න බෑ. මාව ඕනනං පෙති ගහල කාපල්ලා කියලයි මං කියන්නේ.. හැක්..

      Delete
  12. ඔබගේ රචනාවන් කීපයක් ම කියෙව්වා. හරිම ලස්සනයි. ඔබට ම සුවිශේෂී විලාසයක් ඒවායේ තියෙන්නේ. සුභ පතනවා. දිගට ම කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා. ඒ වගේම ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  13. සමන් මුද්ද උගස් තියලා. මුද්ද නැතිවුනා කිව්වේ බොරැවට. ඒ බොරැව කිව්වේ එදා වෙඩිමට ගිහිං ඇවිත්. හරි නේද? මොලේ කචල් වෙනවා බං..

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ගුනේ.. මගුල් ගෙදර දි නැති උනා කියල තමා එදා රෑ බොරුව කිව්වේ..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙරළු මල්,
      මේකෙ පසු විමසුමක් අපිට ඕන.ස්වයං විචාරයක්!

      Delete
    2. හිහි ,,,

      Delete
    3. උඹ මාත් එක්ක ඇරගත්තා නේද අග මුල නැති කතා අන්ඩර දෙමල කියලා. ඒ බොලා ඒවා අර ගං දිය ගලනව වගේ කියවන්න හුරු වෙලා තියෙන නිසා වෙචිච දෙයක්. බොට ඕන නං මං ඒ වගේ කතා කීපයක නං දෙන්නං.. හැබැයි ඒවයේ සිංහල ඒවා තියේද මං දන්නෑ..

      ඕනම කෙනෙක් එකම රාමුවක කතා කියවන්න හුරු උනාම මේ පුරස්නේ එනවා වෙනත් ආකෘතියක් අන්ඩර දෙමළයක් වෙනවා.. අන්ඩර දෙමළත් කියවන එකාට අනිත් කතා සිම්පල් තේරුම් තියෙන ඇදුං ගලවපු ගෑනියෙක් වගේ. ඕන දෙයක් පේනවා..

      පොඩ්ඩක් කතාව ඇතුලේ රාමුව හිතින් අමුණපං. ඇහින් නෙමෙයි. උඹට අහු වේවි..

      Delete
  15. අද නම් කතාව ලියල තියෙන්නෙ හිතන්න ටිකක් වැඩිපුර ඉතුරු කරලා.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. මං ඉතිං ඒම උදව් තමා ඔයාට කරන්නේ..

      Delete
  16. සල්ලි වලට කරපු දෙ ගැනිට කියන්න බැරි දෙයක් වෙන්න ඔන.යාලුවෙකුට දෙන එකන කියන්න බැරිවෙන්නෙ නැ නෙ

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං. මිනිහා මුද්ද උගස් තියල කරපු දේ කියන්න බැරි දෙයක්.. අනිවා..

      Delete
  17. මේ කතාවේ තේරුම මොකක්ද දේශකයෝ.. අගක් මුලක් නැනේ :o

    ReplyDelete
    Replies
    1. ඔබ කල්පනා කාරි උනා නං අමුණගන්න තිබුනා.. තැන්කුයි මං පස්සේ කියන්නං

      Delete
  18. හිතන්න ඉතුරු කරල ගොඩා......රියක්. එක එක එවුවා හිතෙනො. යාලුවට උදව් කරන්න උගස් කලාද මන්ද.

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම එකක් නෑ බස්... යාළුවට උදව් කරන්න කරපු වැඩක් නෙමෙයි.. හැක්..

      Delete
  19. දැන් මුද්ද උකස් තියලා ගත්ත සල්ලි වලට වෙච්ච දේ මුල තියෙන්නේ(මුල නෙමේයි නම් මැද හරි අග හරි) මඟුල් ගෙදර සීන් ඒකේද?

    ReplyDelete
    Replies
    1. ගත්ත සල්ලි වලට කරපු දෙයක් නෑ ඒක සමන් විතරක් දන්න මටත් නොකිව්ව දෙයක්..

      Delete
  20. කියලා වැඩක් නෑ අනේ. උගස් කරන්න හරි ඔය මොක මොකවත් රත්තරන් බඩු නැත්නම් තේරෙයි රඟේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවලු වැඩියෙන්ම උගස් තියන රට.. (අපොයි ඔව්.. හැමෝම කරන්නේ උගස් තියන එකනේ.. මහරජාගේ ඉදලම)

      Delete
  21. හුඟක් බොන්ඩ වෙන ප්‍රශ්නයක් නේ...

    ReplyDelete
  22. නාඬියා කිවුවා වගේ අපිට බොන්න වෙන ප්‍රශ්ණයක්නේ මේක.. යාළුවට උදවු කරන්න කියලා මඟුල් මුද්ද උගස් කරලද බුවා.. කෝම වුනත් සිරා කතාව..

    ReplyDelete
    Replies
    1. හා හා නොබොන උනුත් බොනව නං කොයි තරං එකක්ද හැක්.. නෑ බං සමන් තමා උගස් තිබ්බේ යාළුවට උදව් කරා නෙමෙයි...

      Delete
  23. සමන්ට තියෙන්නේ දයානිත් එක්ක එකතු වෙලා, අයියා සල්ලි එව්වා නම් ඒවත් දාලා මුද්ද බේරගන්න. ඒක සමන්ගෙම මුද්ද නම් කියන්න පුළුවන් වෙඩිං එක දවසේ, සමන්ගෙ නැතිවූ මුද්ද ඒ යාලුවා තමයි අහුලගෙන තියෙන්නේ කියලා. යාලුවා වෙනුවෙන් මුද්ද උකස් කරන්න යද්දි, මුද්ද ලියුම් කවරෙක දාලා නිසා ඇරලා බැලුවේ නෑ කියලාත් කියන්න පුළුවන්. යාලුවාට විතරයි පොඩි හරි වැරැද්දක් එන්නේ.. අහුලපු මුද්දේ අයිතිකාරයා හොයාගන්න උත්සාහ කලේ නෑ කියලා. සමනුත් ගොඩ, මුද්දත් ගොඩ... ඊට පස්සේ සියල්ලෝම සතුටින් ජීවත්වෙන එකයි තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක සමන්ගෙම මුද්ද තමා බං නැත්නං කෝමද මුදු දෙකක් එකම සමාන වෙන්නේ ඒක ටිකක් සැකය උපරිමයකට ගේනවා. යාළුකේගේ කියල මිනිහා ගොත ගහ ගහ කිව්වේ බොරුවට.. සමනාම තමා මුද්ද උගක් කරේ උගේ නොසන්න්ඩාල උවමනාවකට..

      Delete
  24. මුල හරිය නම් තේරුනා ඒත් අග හරිය මීටර් උනේ නෑනෙ 3න් පාරක් විතර කියෙව්වා

    ReplyDelete
    Replies
    1. කතාව අගට ගිහින් මැදට ඇවිත් ආයි අනිත්මට යනවා.. කතවේ මුල කියන්නේ හරියට බැලුවොත් කතාවේ මැද

      Delete
    2. සොරි ඈ. වෙල්කම් කිව්වා. මේ ආවමයි නේද?

      Delete
  25. මට නම් මතක් උනේ මුක්කං කොල්ලගේ අක්කගේ මුද්ද ළිදේ වැටිච්ච කතාව.. අනේ මන්දා ඇයි කියලා...

    ReplyDelete
    Replies
    1. අහල නෑනෙ ඒ කතාව.

      Delete
    2. මං හිඤුවා... ඉන්දික

      Delete
    3. @ මාතලං

      උඹ හින්දා යන්තං නොකියපු ශාන්තයක් කියවන්න ලැබුනා. තැන්කුයි කස්ටියටම...

      Delete
  26. ඇඳේ චූ දාලා ඉවර වෙලා ඩෝප් පිටම ලියුව ලියමනක් වගේ. මොකටද යකෝ මුද්ද තිබ්බේ කියලවත් නැහැනේ. රසවත් කතාව අගක් මුලක් නැති ඉලව්වක් බවට පත් කරලා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එහාට මෙහාට ඇදල කියවන්න පුරුදු වෙන්නත් ඕන බං... හැක්..

      Delete
  27. වෙඩින් එකට ගියෙ මුද්ද උගස් කරල කියලයි මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ බං. වෙඩින් එකේදි තමා මිනිහා ප්ලෑන් කරේ බීපු මරගාතෙම මුද්ද නැති උනා කියල කියන්න. ඒකනේ දාඩිය පොල්ල දාලා අමරුවෙන් හිටියේ.. ඇත්තම සිද්ධිය (කතාවේ හැටියට) අඩිය ගහල ගෙදර ගියපු සමන් මුද්ද නැති වෙලායි කියල කිව්වා..

      Delete
  28. Replies
    1. කාලයන් හැමිනේන්නේ පිළීවෙලට නොවන බව සදහන් කරන්න හදලත් නොකර හිටියා.. හැක්..

      Delete
    2. කාලයන් හැමිනෙන්නේ කියන්නේ මොකක්ද බං

      Delete
    3. හැමිනෙනවා කියන එක දැං කුනුහරුපයක් උනාට මට මතකයි අපේ ආච්චි මොනවා හරි අමුණන කොට හමුණනවා කියනවා ඒ වගේම අමුණපු එකට කියනවා හැමිනිච්ච එක කියලා.. ඒකයි ඒ..පිළිවෙලට නෑ කියලයි කොටින්ම කිව්වේ..

      Delete
    4. //හැමිනෙන්නේ// සම්බන්ධ වන්නේ කියලත් ගන්න පුලුවන් එතකොට.

      Delete
    5. ඔය දැල් අමුණන කොට කියන්නෙත් හැමිනනවා කියලයි. ඔය වචනේ මං හිතන්නේ ධීවරයන්ගෙන් ආපු වචනයක්. ඒ අය නිතරම හැමිණෙන වචනේ භාවිතා කරනවා. මං අහලත් තියෙනවා ඒ හාදයෝ කියනවා “තොගේ අම්මට හැමිණියන්“ කියලා..

      Delete
  29. ගෑනුත් එක්ක වෙඩිමකට යන්න ඇඳුං වලට වියදං කරන්නනං මුද්දක් තියල මදිවෙයි බොල.
    කොහොමහරි ගෙදර පිරිමියට ආපු ලියුම ගෑනු මනුස්සය කඩන එකනං කැතයි හොඳේ.

    සමන්ගෙ සහෝදරය ලන්ඩන් වල ඇල්බට් අංකල්ද, මිනිහනං කෝල් කරපු සැනිං ඔහොම මුදු බේරගන්න වෙස්ටන් යුනියන් වලින් සල්ලි එවනව.

    ReplyDelete
    Replies
    1. අපොයි අර පත්තර මල්ලි කිව්ව වගේ එහෙම අය ඉන්නවා බං.. ඒකනේ රට ගිය උන්ට කරදරේ. ටැලිපෝන් නම්බර් එක ඉල්ලන්න කී දෙනෙක් ගෙදරට එනවාද??

      Delete
  30. මටනම් කතාව හෝන්ඳට තේරුනා..... අනික් අයට වගේ නෙවි දැන් කවද්ද මුද්ද නැති උනේ

    ReplyDelete
    Replies
    1. අර දෙන්න එක්ක ගියපු මගුල් ගෙදරදි නැති උනාය කියල තමා රෑ දෙන්න එක්ක කතා වෙලා තියෙන්නේ..

      Delete
  31. මගෙ මුද්ද නං මූදේ ගියා ඒ නිසා කරදරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට හරියන්න ඔයා අරයගේ රත්තරං පෑන් ගත්තනේ..

      Delete
  32. අනූ නවයෙන් සමනයා ඉතිහාස ගත වෙන එක නැවතුණා... රත්තරං බඩු ගෙදර තියාගෙන පවුල් කන්ට අමාරුයි නොවැ..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පොඩි මහත්තයා. දැන්නං ඒවා ආරස්සාවට කොහේ හරි තියන්නම තමා බං වෙන්නේ

      Delete
  33. මුදල් ණයට දීමෙන් මුදලත්,මිතුරුකමත් දෙකම නැතිවේ..?(උකස්කර ගත් මුදලද වලංගුය.)

    ReplyDelete
    Replies
    1. ඒක තමා වෙලා තියේන්නේ හැක්.. උකස් කළ මුදලද නැති වී ඇත..

      Delete
  34. එකම මුද්ද කී දෙනෙක් අතේ පැටලිලාද... :-D

    ReplyDelete
    Replies
    1. ඒකම මුද්ද කීදෙනෙක්ගේ ජීවිත වලට ගෑවුනාද.. වෙල්කම් දිනිති. මේ දැක්කමයි මං හිතන්නේ මෙහෙදි

      Delete
  35. බාගෙට කියෙව්වා

    ReplyDelete
    Replies
    1. උඹත් ලෝක කම්මැලියෙක් තමා බං..

      Delete
  36. අඩේ අෆ්ෆා මොනවද මේ ...එල ලියාගෙන අවා අද කතාව නම් එච්චර වැඩක් නෑ ඔං ....මුද්දක් උගස් කරපු එකක් නේ ...සමහර වෙලාවට මට තෙරුණා මදි ඇති .......දේශක ලකුණ නෑ මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන් බං.. මොකද අපි කෙටි කතා කියල හුරු වෙලා තියෙන්නේ ලණුව අල්ලන් කොනට එන්න නේ ඒකයි ඒ. බලමු ඊළග එක ටිකක් වෙනස් විදියට දෙන්නංකෝ..

      Delete
  37. දේශක තුමාගෙ හැම කතාවම ආසාවෙං කියෙව්ව අද නං මට ටිකක් මංඤං උනා සොරි ඈ ටිකක් මාත් ටියුබ් ලයිට් නෙව

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කනගාටුයි මහේෂ්.. අපි හුරුවෙලා ඉන්නේ එකම ආරක කතා වලට ඒකයි අපිට එතැනින් එහාට හිතෙන්නේ නැත්තේ.. සතතව ගලා නොගියත් කතාවක් රස විදින්න පුළුවන්. මං කියන්නේ මං ලියපු එක හොදයි කියලා. ඒත් එහෙමයි වෙන්න පුළුවන්. ඒක පොදු ආකෘ.යෙන් බැහැරයි..

      Delete
  38. දෙපාරක්ම කියවලා තේරුම් ගත්තේ...
    මොකද්ද දේශකයෝ තේරෙන විදිහට ලියහන්කෝ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ ටිකක් ඇහැ ඇරල බලහං පොඩ්ඩක් මොලෙක් හොල්ලල. හැමදාම රෙදි ගලවපු කතා එන්නේ නැහැ.. කමක් නෑ හුගක් අයට ඒක ටිකක් අමරු දෙයක්... සමහර විට මටත් බං...

      Delete
  39. තව ටිකක් විස්තර කරලා ලියුවනම් මීටත් වඩා පැහැදිලි වෙන්න තිබුණ..අපිනම් මුදු දාන්නෙ නැති නිසා හොදයි..

    ReplyDelete
    Replies
    1. බොලාත් දවසක මුද්දක් දාවි. කතාව තනිකර සමන්ගේ බොරුවෙන්ම වහන්නයි මං උත්සාහ කරේ. ඒ වගේම මිනිහගේ කැළඹුන මානසිකත්වය පෙන්නන්න ඕන උනා ඒකෙන් කතාව නීරස වෙන්න ඇති බං..

      Delete
  40. අපුරු කතාවක්, ඔබගේ අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. නිර්මාණයකදි පොඩි හෝ අත්දැකීමක් හෝ දැකීමක් මුහු නොවෙන්න විදියක් නෑ මකසි.. උඹ තාම අර ජනකයා දීපු කොළ කෑල්ල හොයනවද??

      Delete
    2. හැක් හැක්. එක විදානේ දෙනවා කියුවා තවම නැහැ. මේ සතියේ තුවක්කු ගැන ලියන්න ඉන්නේ.

      Delete
  41. සමනයා පිස්සු සමනළයෙක් නේ බන්. මොන රෙද්දකටද උගස් තිබ්බේ කෙලින්ම විකුනලා දාන්නේ නැතිව.

    අපේ මාමා ඔහොම උගස් තියනවා ගිහින් .ඇඩ්‍රස් එකට දෙන්නේ අපේ ගෙදර. අම්මාට කියලා යනවා යන ගමන්, ලියුම් ආවොත් අරන් තියන්න නැන්දා ආවොත් දෙන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක.. මිනිහා ඒක හිතුවේ නැති දෙයක් වෙන්න ඕන. සමහර විට බේරගන්න හිතාන ඉන්න ඇති. අන්තිමට ඔක්කෝම හබක්..

      Delete
  42. මුද්දකට ලක්ෂ 15.....ඒ මක්කෙයි බං...

    ReplyDelete
  43. ඉස්සෙල්ලා දැන ගන්න ඕන ඇයි මෙයා මුද්ද උකස් කළේ කියලා. මොකද්ද අර පැය ගානක් තිස්සෙ කරපු පාපොච්චාරණය? කොහොම උනත් මගුල රැකගන්න නම් මගුල් මුද්ද වෙන්දේසි කරන්න කලින් බේරගන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මුද්ද උගස් කරපු හේතුව සමන්ටම පෞද්ගලික හේතුවක් නිසා කතාවෙදිත් ඒක ආටෝප වලින් වැහුවා හිතාගන්නම බැරි වෙන්න.. පැය ගාණක් තිස්සේ කියෙව්වේ මුද්ද නැති උන එකේ බොරුව.. මුද්ද බේරගත්තත් සමන් ඒක දෙන එකක් නෑ..

      Delete
    2. ඇයි මුද්ද බේරගත්තත් නොදෙන්නේ. නෝනගෙන් ආපසු මුද්ද නොලැබෙන නිසාද? මුද්ද තියලා සමන් රෝල දානවද කොහෙද. අර සමන්ටම තියෙන පුද්ගලික කාරණාව පාඨකයන්ගෙන් සගවා තැබුවහම කතාවේ පොඩි හිඩැසක් තියෙනව වගේ. පුද්ගලික කාරණාව මොකද්ද කියලා හිතාගන්නවත් ඉඟියක් නැහැනෙ.

      Delete
    3. නෝනට කියල තියෙන්නේ මුද්ද නැති උනා කියල නේ. ඉතිං දැං බේරඅරන් දුන්නොත් මාට්ටු. ඒක නිසා කෝමත් දෙන එකක් නෑ.. ඔව් ඒ හිඩස ගැන තමා හිතන්න ඕන.. එක්කෝ මිනිහා සල්ලි විනාස කරා., නැත්නං තව ගෑනියෙකුට දුන්නා. එහෙමත් නැත්තං යාළුවෝ එක්ක බිව්වා. ඒ වගේ හේතු... එක් කාරාණයක් කියල මේක අර්ථ දක්වන්න මං කැමති නෑ..ස්තුතියි ඔබට

      Delete
  44. Replies
    1. ඉතිං මොකේයි බං දං වලදන්නේ.. හැක් කමක් නෑ..

      Delete
  45. බොරු කියන එකේ ඇති ලාබයක් නැත්තේ, එක බොරුව වහන්න තව අනන්ත අප්‍රමාණ බොරු කියලා ඒවත් ‍රැකගන්න මාර කට්ටක් කන්න වෙන නිසයි. ඇත්ත කියන එක ලාබයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඇත්ත. අන්තිමට බොරු බොරු පැටලිලා ඇත්ත එළියට එනවා. බොරුව බොරුවෙන් රකින්න බෑ ඒක හරියට සමීකරණයක් වගේ.. ධන + ධන = ධන
      ඍණ + ඍණ = ධන වගේ.. හැක්

      Delete
  46. සමන් සල්ලි වලින් මොකක් හරි මගෝඩි වැඩක් කරලා ඒක වහගන්න ප්ලෑන් කරලා බොරු කලාට අන්තිමට කෙලවෙන්නයි යන්නේ....සල්ලි හොයාගෙන බේරගත්තාම අදුරගන්න පුලුවන්නේ මුද්ද..

    ReplyDelete
    Replies
    1. ඔව් බං එහෙම බේරගත්තත් මිනිහා ඒක දෙන එකක් නෑ...

      Delete
  47. තවම ඉතිං ඔය පවුල් ආරවුල් ගැන හිතන්න තරම් ලොකු නැනේ අපි. දැන්මම මේවා ගැන දැනගෙන ඉන්න එක නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. හැක්. ඔව් ඔව් ඉගෙන ගන්න දෙයක් වරදින්නෑ..

      Delete
  48. මං මේ අාවේ දුලාගේ අඩවියේ තිබුන පෝස්ට් එකක් දැකලා. දුලාගේ අඩවිය වගේම ඔබේ බ්ලොග් එකත් වැඩිය බ්ලොග් කියවන්නෙක් නොවන මං මීට කලින් කියවලා තිබුනෙම නෑ. කතාව ගොඩනැගිලා තියෙන්නේ Different points of view රටාවට නේද? Vantage point කියන ඉංග්‍රීසි චිත්‍රපටිය මතක් වුනා. හොදයි කතාව.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ප්‍රගීත්ව මගේ බ්ලොගේට.. ඔබ කියන රීතිය මේ කතාව තුල ගොඩ නැගී ඇති අයුරක් මා දැන් දුටුවා. නමුත් මම එය හිතා මතා ගොඩ නගන්න උත්සාහ ගත්තේ නැහැ.. පැමිණ කියෙව්වාට ස්තුතියි.. ජය

      Delete