Tuesday, February 25, 2014

දිනමිණ ව.ක. ගෙන් ලිපියක් ලදිමි!!

හිතවත් මා මිත්‍රයා දේශකයා වෙතයි,

සාමාන්‍යයෙන් මා, ඔබ අමතන දේශා හෝ වෙරළුවා හෝ සූසැටක් පමණ වූ අනෙකුත් නම් වලින්, මේ කලබලකාරි හා සිත්වේදනා ගෙන දෙන අවස්ථාවේ ඔබව සුහද, මිත්‍ර ලීලාවෙන් ඇමතීමට නොහැකි වීම පිළිබඳව මුලින්ම කනගාටු වෙමි.

මා මෙතුවක් කලක් සිතා සිටියේ ඔබ මාගේ මිතුරෙකු එසේ නැතහොත් ගර්භාෂයක් (හෙළු වදන - බොක්ක) ලෙසය. නමුත් මා සිතනා දෙය නිවරැදි නොවන බව මා හට පසක් වෙදිදි මා අතැ‘ඳිය නිරායාසයෙන් දැවී රතු පැහැයෙන් මුවඟ අසලට ගොස් සුසුම් පිට කරන අයුරු වළක්වාගත නොහැකිය. එවැනි වූ විශාල ආතතියක් මා සිත තුල කඳු ගසා ඇත්තේ ඔබ බව ඉඳුරා (නොබියව) කීමට කැමැත්තෙමි.

මා සිංහල භාෂාවේ නව මාණයන් සොයා, අපගේ හිතවත් හැලපයියාගේ උදව්වද ඇතිව ආරම්භ කළ වියත් සිංහල බස් වහර පිළිබඳ ව්‍යාපාරය ද ඔබගේ අනිසි ක්‍රියාමාර්ග, කඩාකප්පල් කිරීම්, බිය ගැන්වීම්, උසි ගැන්වීම් හා නිවට උසුළු විසුළු මධ්‍යයේ කඩාකප්පල් වූයේ මාද නොදැනුවත්වමය. එයට අනුබල දෙන්නට ඇත්තේ ඔබ මෙහෙයවන ඇනෝ ජාලය වන්නට ඇතැයි මා හිත මිත්‍ර ලොව පරසිදු සියළු නැණ උගත් කම් ඇති මා මිතුරා පැවසා ඇති බැවින් එය සත්‍යයක් බව මා විශ්වාස කරමි.

සිංහල බ්ලොග් කලාවේ මේ වන විට මතුව ඇති නිවරැදි අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ සහිතව භාෂාව හැසිරවීමේ මුලික හරයන් සැහැසි ලෙස විනාශ කිරීමේ තර්ජනය හමුවේ, නොදරුවකු සේ බලා සිටීමට නොහැකි වූ තන්හි, මා එහි මූලිකත්වය ගෙන කටයුතු කිරීමට පියවර තැබුයේ කිසිවෙකුගේ හෝ උදව්වක් ඇතිව නොවේ. නමුත් එය මා ආරම්භ කළ මොහොතේ පටන් එයට විසුළු පාමින් එහි ගමන් මඟ ඇහිරීමට ඔබ ගත් උත්සාහය සාර්ථක වී ඇත. එයින් ඔබට යම් සතුටක් ලැබෙන බව මා උදක්ම විශ්වාස කරමි. 

එහෙත් ඔබගේ කටයුතු නිසා නැති වී යන්නේ අප ශතවර්ෂ ගණනාවක් තිස්සේ ආරක්ෂා කරගත්, අපගේ අසහාය ලේඛකයන්, උගතුන් හා වියතුන් විසින් පෝෂණය කරගෙන ආ නවමු සිංහල භාෂාව බව ඔබ අමතක නොකරනු ඇතැයි මා සිතමි. (තවදුරටත් මේ ගැන කතා නොකරන්නේ එසේ වුවහොත් සියැට්ල් ගේ දේශනය ඔබ හට ඉදිරිපත් කිරීමට සිදු වන නිසාය). ඔබ වැනි, භාෂාව අනාචාරයේ යොදවන දේශකයෙකු මා හට මෙතෙක් හමු වී නැත.

කෙසේ වෙතත් ඔබ මා සමග ඇති ආරෝව තවමත් නවතා නොමැති බව පසුගිය දිනයන් හිදි ඔබ විසින් ක්‍රියාවට නගන ලද දුෂ්ඨ සහගත ක්‍රියාකලාපය සාක්ෂි දරණ බව සිංහල බ්ලොග් ලෝකයටම පිළිගන්නවා ඇත. එමතුද නොව මේ හේතුවෙන්, ඔබව පිළිකෙව් කිරීමට ඔවුන් කටයුතු කරන්නේ නම් මා එහි කොටස් කාරයෙකු නොවීමට වග බලාගන්නා බවද කාරුණිකව සඳහන් කරමි.

මා විසින් ඉතාම සද්භාවයෙන් යුතුව ආරම්භ කළ දිනමිණ සිකුරාදා බ්ලොග් පිටුව පවත්වාගෙන යාම ඉතා අපහසු වී ඇත්තේද ඔබගේ නොමනා ක්‍ර්‍රියාකලාපයන් නිසාම බව මා දනිමි. එමෙන්ම මා හට අධික රාජකාරි තිබු අවස්ථාවන්හිදි එය පුවත්පතේ පල කිරීමට නොහැකි වූ අවස්ථා දෙකකදීම, ඔබ විසින් ඉතා නින්දිත, ද්වේශසහගත, අමනොඥ්ඥ ලෙස සිදු කරන ලද ක්‍රියාවන් ඔබ වැනි දේශකයෙකු (එයද සැක සහිතය!) හට කිසිසේත්ම නොගැලපෙන බව කීමට චින්තයෙන් පොහොසත් මා කිසි විටෙක පසුබට නොවෙමි.

මා ඔබ කල්‍යාණ මිතුරෙකු සේ පිළිගත් බැවින් ඔබගේ ලිපියක්ද බ්ලොග් පිටුවේ පල කිරීමට අදහස් කරගෙන සිටියෙමි. එතකුදු එය මෙතරම් ඉක්මනින් සිදු කිරීමට මාගේ කිසිදු පුරුව සුදානමක් හෝ හැකියාවක් නොතිබුණි. නමුත් මාගේ පිටුසැකසුම් ශිල්පියාගේ අත්වැරදීමක් නොහොත් මා තරමක් මත්පැන් ගෙන ඔහුට දුන් උපදෙසක් නිවරැදිව තේරුම් ගැනීමට අපොහොසත් වීම නිසා ඉතා අවසනාවන්ත ලෙස එම පිටුවට ඔබගේ විකාර ලිපි දෙකක්ම පල විය. එනම් මා ඔහුට ඔබගේ ලිපි දෙකක් තෝරා දී කිසිසේත් මෙම ලිපි, බ්ලොග් පිටුවට ඇතුලත් නොකරන ලෙස දන්වන ලදි. නමුත්, මා දන්වා සිටියේ ඒවා පිටුවට ඇතුලත් කරන ලෙස බව ශිල්පියා විසින් තේරුම් ගෙන තිබු අතර, මාගේ අනුදැනුමක් පවා නොමැතිව ඒවා පල කර ඇති බව අප දැනමුතුකම් ලැබුවේ ගිනි පුලිඟු පිටවීමෙන් පසුවය.

සිදු වූ දේ සිදු විය. එය වළක්වා ගත නොහැකි විය. අප සැවොම එනම් පත්තර මහගෙදරම එයින් අනේකවිධ ලැජ්ජාවන් ට පත් වූයෙමු. මේ පිළිබඳව මා හට කළ හැකි කිසිවක් නොවීය. එහෙත් වැරදීමකින් පල වූ ඔබගේ ලිපි දෙක ගැන ඔබ ප්‍රහර්ෂයෙන් යුතුව මා හටම බැන වදිමින් ඔල්වර නගනු මා නිහඩව බලා සිටියෙමි. එය මා හට හුරුපුරුදු දෙයක් නොවේ. ඔබගේ ලිපිය දුටු වනම මල් අයියණ්ඩිය මා කැඳවා දරුණු ලෙස අවවාද කළ අතර, පැය කිහිපයක් ඇතුලත ඔබගේ ලිපියේ ඉලක්ක ගත වූ මධු මාධව, නිල්මිණී තෙන්නකෝන්, සචින් තෙන්දුල්කාර්, මාර්ක් වෝ, ටීනා ටර්නර් ආච්චි යන ප්‍රකට පුද්ගලයන් තම පෞද්ගලික ජීවිතය ගැන හාරා අවුස්සා ලිපි පළ කිරීම ගැන අධ්‍යක්ෂ මණ්ඩලයට අප්‍රසාදය පළ කරැ තිබුනි.

ඒ අනුව මා විසින් සිදු කර ගත් එකම එක වැරුද්දක් නිසා සමස්ථ බ්ලොග් ලෝකයටම දැඩි පාඩුවක් සිදු වී, දිනමිණ බ්ලොග් පිටුව කරගෙන යාමටද නොහැකි වී ඇත. මෙම තත්වයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ඔබ බව මා කියා සිටිමි. මා කිසිවෙකුත් හට මේ පිළීබඳව දැන්වීමට අකමැත්තේ ඔබට යම් නපුරක් වේ දෝ හෝ යි සැකයක් මා සිත තුල රෝපනය වී ඇති නිසාය.

එබැවින් තව දුරටත් ඔබ මිතුරෙකු ලෙස මා නොසළකන බව හා ඔබගේ බ්ලොග් කෙරුවාවද වැඩි දිනක් යාමට මත්තෙන් අවසන් කරන බවද අවධාරණය කරමි. 


මීට හිතවත්

නලීන් දිල්රුක්ෂ (ව.ක. දිනමිණ)

ප.ලි- ඔබගේ සියළු නොපනත්කම් ඔබගේ සේවා ස්ථානයට ලිඛිතව දැනුම් දීමට පියවර ගනිමි.

169 comments:

  1. ඇරු නලියා ඇරු ! අපිත් සපෝට් :-D

    ReplyDelete
    Replies
    1. වෙනී.. මං උඹ ගැන කියන්නද එහෙනං.. හැක්

      Delete
    2. අපි බය වෙයි එහෙනම් ! කියහන්කො පුළුවන් නම් .. :-D
      මතක ඇතුව ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාහන් නැතිනම් කවුරුවත් විශ්වාස කරන එකක් නෑ බන්..

      Delete
    3. අපෝ ඒම නෑ උඹ ගැන කිව්වම ඇති හොදටම.. හැක්..

      Delete
  2. අරින්න එපා නලින් අයියා. මේක බ්ලොග් පිටුව නැතිකළා මදිවට කොකාකෝල බීල හෙලුවෙනුත් නටනව තව.

    ReplyDelete
    Replies
    1. මුට ලැජ්ජ නෑ අයියෙ :D

      Delete
    2. හි හි කන්නෙලියේ ගියත් හරි සේරම හබක් ඉදගෙන :)

      Delete
    3. එතනදි ලැජ්ජ නහරෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කපාගෙනනෙ ආවෙ :D

      Delete
    4. බුකියේ තිබුණා නේ ඔය කන්නෙලියේ ගිය පින්තුර ටිකක් >..හා හා කස්ටිය දේශක බලන්න දැන් බුකි ගත වෙන්න එපා ඒ පින්තුර වල දේශක නෑ ,මතකේ හැටියට

      Delete
    5. දේශාට රටට ලෝකෙට මුහුණ දෙන්න පුලුවන් තත්ව‍යක් තියෙනවද බන්?? ;)

      Delete
    6. එදා ඉදල එහෙම තත්වයක් තිබ්බෙ නෑනෙ බන් :D

      Delete
    7. හිතලා බලලා වැඩ කරපන් සසිඳුවො. මේ මනුස්පයා අපි දෙන්නගෙ නම් දෙක දාලා ලිවුමක් ලියලා දේශිකාගෙ සාරිය එල්ලුනොත් උඹේ කටෙත් පස්… මගේ කටෙත් පස්… හැක් හැක් ;))

      Delete
    8. දේශිකා අක්ක දැන් සාරි හංගල තියෙන්නෙ කියල මට පෙරේද කිව්ව :D

      Delete
    9. මේ බං බොලා අපේ ගෙදර කිස්ටුව ඉන්න අර රස්ත ගහන කොල්ලෝ සැට් එකද බොලල්ලා.. මාර පුදුමයි බොල. කිරිගහන ඇන්න වගේ කියන හැටි

      @ ප්‍රසා
      උඹ මං අයින් කරනවා කොන්ක්‍රීට් බාස් කමින් අරිද??...

      Delete
    10. අඩේ උබ අපිව අදුරගත්ත නේද, හිටපන්කො අපි ඉන්න වෙලාවක යද්දි හූ කියනව බොට :D

      Delete
    11. හැක්... එහෙම කළොත් බොට කොන්ක්‍රීට් දාල වහනව.

      Delete
    12. @ සසිදු
      ඒක තමා ඊයේ රෑ කව්ද හූ හඩ තැලුවේ.. හැක්

      @ ප්‍රසා
      දැං නලියත් මාව කොන්කිරිිට් කරන්න නෙව හදන්නේ. අවුලක් නෑ

      Delete
  3. නලින් අයියා මොකක්ද මේ "ව.ක"?

    ReplyDelete
    Replies
    1. වර්තමාන කතෘ මයෙ හිතේ :D

      Delete
    2. වල් කතෘ

      Delete
    3. සසිදුවා කිව්ව හරි. වර්තමාන කතෘ තමා. නලිය ඉන්නේ නං දිනමින සංස්කාරක. ඒත් ඒක අපේ අවශ්‍ය වචනේ ගානට හදාගන්න බෑනේ ඒක නිසා මේ නම හොදයි නේද

      @ ඇනෝ
      ඒකා මල් පත්තර වල ඉන්න කොට නං ඒමලු.. හැක්

      Delete
  4. මූට අතින් පයින් සංග්‍රහ කරනවනම් කියහං නලියෝ. මටත් තියනවා මූත් එක්ක ඇරියස් කීපයක් කවර් කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි එඩිතර කොල්ලෝ හරිය.. ඕන දේකට රෙඩි.. මම කැමති නෑ අනුර වගේ දේශමාමකයොන්ට.. හැක්..

      Delete
  5. අම්මට හුඩු එහෙනම් මේ ඒකයි ස්සින් කෝන් එක.. උඹත් අම්බ පිස්සු නේ බන් කෙලින්නේ.. මගේ දුප්පත් සුපියල් හතලිහකටම කෙළ උනා බන්,,,,

    ReplyDelete
    Replies
    1. බොට කියන්නේ මාතේ.. මගේත් අහිංසක හතලිහම ඉවර කරා නෙව මේ නලියා..

      Delete
  6. හික් හික් හිහික් හික්...
    මල් හතයි ආ......
    ඇර සොයිස ඇර.... හූ......
    දේශකයා බංග වේවා...
    (මට නං පේන්නෙ මේත නලි අය්ය ලීව කීවට හුදු ප්‍රසිද්ධිය උදෙසා දේශකයා විසින්ම ලියන ලද්දක් බවයි.....හික් හික් හිහික් හික්...)

    ReplyDelete
    Replies
    1. ඕහොම කියන්න එපා බන් පව් අසරණය මහන්හිවෙලා ලියපු එක :D

      Delete
    2. ඒකත් හරි නේ සසිදුව....
      ඒ දේශක තුමෝ සොලි ඈ....
      මං විහිලුවක්නෙ කොලේ......
      තරහද ඈ......
      (හැබැයි විහිළුවට උනත් මං කීවෙ ඇත්ත ඈ... :v )

      Delete
    3. //(මට නං පේන්නෙ මේත නලි අය්ය ලීව කීවට හුදු ප්‍රසිද්ධිය උදෙසා දේශකයා විසින්ම ලියන ලද්දක් බවයි.....හික් හික් හිහික් හික්...)//

      ඕවා තනිකර මඩ. අපි සැලෙයි.. හැක්..

      Delete
  7. අයියෝ.... නලිය පවූඌ......
    එල දේශා.....

    ReplyDelete
    Replies
    1. දේශ කවද්ද අයියෙ පින් අතේ වැඩක් කලේ, කලොත් කරන්නෙ කුපාඩි වැඩක්මයි :D

      Delete
    2. ආ මේ ඉන්නේ ව.ක. ලා දෙන්නම

      Delete
    3. අඩෝ ...ඉවානා මටයි මගේ බොක්කටයි අනං මනං කීම වානා...

      Delete
    4. සුදු වෑන් එකක් යවමුද කෙන්ජයියෙ මූව උස්සන්න කියල :D

      Delete
    5. අනිවා..විකසිත වුනොත් ඒක වෙනව ...

      Delete
    6. දැන්ම විකසිත කරගන්න එපා තව චෑන්ස් එකක් දෙමුකො :D

      Delete
    7. උඹලා දෙන්නම ව. ක. කිව්වේ වලත්ත කඩප්පුලියෝ කියලා හැක් හැක් ..හූ ...

      Delete
    8. එතකොට අපි ලියන ඒවාට කමෙන්ට් කරන තොපි කවුරුන්ද යකුණි ....????

      Delete
    9. අපි ව.ක. ඒකියන්නේ " වසන්තයේ කප්රුක " හැක හැක හැක හැක හූ

      Delete
    10. ඒම කියන්ඩ එපෑ ......
      මොකද පොඩි කාලෙ නරි හූ ව නැවත මතක් වුනාද.... :) ?

      Delete
    11. හිතාදර විකසිත කෙන්ජි.. වෙරළු මල් ඩිරින්ක් එකක් බී මැලවියන්.. හැක්

      @ ඉවාන්
      ව.ක. = වල්ල කසනවා ඒමත් ඇහැකි නෙවද?? පනේ.

      Delete
  8. මේකනම් තව ලිපියක් පළකරව ගන්න ගහපු ගැටයක්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පිටුව අහවරයි බං. හැක්..

      Delete
    2. ඒ මොකෝ බන් ඒ ? පටන් ගන්ඩත් කලින්ම ඉවර වෙලා?

      Delete
    3. ඔව්.. පඬුරු වෙලාවට ලැබෙන්නෑලු

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අනේ මන්ද ලගදිම ව.ක අයින් වෙලා හි.ක වෙයිද කියල :D

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ව.ක. ළඟදීම හි.ක. වෙයි කියලා

      Delete
    2. දේශකයව තව දුරටත් ආශ්‍රය කලොත් අනිව හි.ක වෙනව ඒක ඉතින් ඉර හද වගේ විස්වාසයි :D

      Delete
    3. දැනටමත් වෙලාද මංද.

      Delete
    4. තාම නෑ නේද, හි.ක උනානම් මේ ලියුම මීට වඩා සැර වෙනවා :D

      Delete
    5. හා හා කුනුහාරප කියන්නැ

      Delete
    6. කව්ද කුණුහරප කිව්වෙ අපි මේ වචන 2ක් කෙටි කරල කිව්වෙ :D

      Delete
    7. ප්‍රමෝෂන් එකක් ලැබිල පු.ක වෙන්න තිබ්බ එකට කෙල වෙලා හි.ක උනා කියයි අන්තිමට. අනේ පව් නලිය.

      Delete
    8. අඩෝව් සසිඳු කුණුහබ්බ කියන්න එපා බන් මට ඇඬෙනවා. :'(

      Delete
    9. ඉහෙම නං අවුලක් නෑ ඉවා ප.ක ව හි.ක නොවී !!!

      Delete
    10. ශික් මුන් කුණුහබ්බ කියවන්නෙ මේවයෙ අපි වගේ පොඩි උනුත් ඉන්න බව අමතක කරලානෙ.

      Delete
    11. චී චී හරිම කැතයි මෙතැන සේරමලා කුනුහබ්බ කියනවානේ

      Delete
    12. ඔය පේනවනෙ. මිනිස්සුන්ගෙ හිත කැත උනාම ප්‍රධාන්කතෘ, හිටපු කතෘ, පුවත්පත් කතෘ වගේ ඒවත් කුණුහරුප වගේ පේන හැටි.

      Delete
    13. යකෝව් ප්‍රියෝ, නලීන් අයියේ අපි මේ කෙටි කරල මේව කිව්වෙ :D
      ඉන්දික අයියට විතරයි ඒක තේරුනේ :D

      Delete
    14. ඉන්දික අයියා වැඩේ කාලා කියල තමා කියන්න වෙන්නේ. එක්කෝ ඉන්දික අයියට පු.ක. දෙන්න ඕන ඔය පත්තරේ නලින්ට හි.ක. වුනත්.. හැක්..

      Delete
  11. කෝ මේ දේශක ????ඔය දේ වෙන්න කලින් අපි කිව්වා ඇහුවේ නැනේ ... :D

    ReplyDelete
    Replies
    1. මං ඉන්නවා ඒත් බයෙන් බං ඉන්නේ මොන වෙලාවේ මේ නලියා මාව ජොබෙන් පන්නයිද දන්නෑ නේ බං

      Delete
  12. ව.ක කියන්නේ මොකක් කෙටි කරලද

    ReplyDelete
    Replies
    1. වාර්තා කරු නේද,,,?

      Delete
    2. ආ ඔව් නේන්නම්

      Delete
    3. නැහැ බංලා. වර්තමාන කතෘ

      Delete
  13. ඔන්න බලමුකෝ ඒකෙත් හැටි නේද? මේ කියන කල්ම අපි දන්නේ නෑනේ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි දැනුවත් කරන්නේ.

      Delete
  14. දිණමින ව.ක. වෙත,
    මගේ නොපනත් කම් ගියන දවසට මට සාරියක් ගන්න කීයක්හරි එවහංකො.

    මීට දයා බර දේශකයා

    ReplyDelete
    Replies
    1. ඌ ඒක නොමිලේ එවනවලු.. සාශා

      Delete
    2. හඃ මඃ සාශා කියලම ටයිප් කරල තියෙන්නෙ

      Delete
  15. නලින් අයි යේ මේ වගේ බැනලා හරි කමක් නෑ මටත් ලියුමක් දාන්නකෝ ... පොස්ට් එකක් ලියන්න වෙලාවක් නැතුව ඉන්නේ එතකොට මටත් දේශා වගේ එකා දාලා රටක් වටිනා හිට්ස් ටිකක් කඩා ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. චිකේ බොල... ඇත්ත ඇති සැටියෙන් කිව්වම මක් වෙනවද? හිට හිට මං බොට ලියුමක් එවන්න

      Delete
  16. 'බොක්ක' යනු මුත්‍රා බොක්ක නොවේ ද සබඳ ? :D

    ReplyDelete
    Replies
    1. නැත පබඳ එයනම් අප දන්නා ගර්බාසයම තමා සබඳ

      Delete
  17. අප්පට සිරි පත්තර සීන් එක නතර වෙලාද? පුදන කොටම කාපි යකා කියලා...

    ReplyDelete
  18. අපි නම් දැනන් හිටියා ඔය ටික වෙන බව. වෙරළු කයි ලගදිම ගුටි. :D

    ReplyDelete
    Replies
    1. නලින් අයිය හි.ක උනොත් තමා වෙරලුවට කන්ඩ වෙන්නෙ :D

      Delete
    2. දැනට ව.ක. ඉදලා පස්සෙ හි.ක. උනොත් වෙරළුට කෙ.ල. වේ. නැත්ද? බන්. ;)

      Delete
    3. අන්න ඒක තමා මාත් කිව්වෙ :D

      Delete
    4. ඒ බං උඹල කිව්වේ පත්තරේ නවත්තන එක ගැනද??

      Delete
  19. හෙහ්.. ඔය තියෙන්නේ... ලඟදිම වෙරලු මලාට ගේමක් සැට් වෙන්ඩයි යන්නේ..

    ReplyDelete
    Replies
    1. අම්මප උඹල සේරම මාව කනත්තට දක්කන කං බලං ඉන්න පාප මිත්තරයෝ..

      Delete
  20. විශේෂ නිවේදනයයි !!
    පත්තරයා තව සුලු මොහොතකින් ගුවන් ගත වෙනවා !!
    ඔය චන්ඩි ටික ලෑස්ති වෙලා හිටපියව් !!


    පිස්සොත් එක්ක සෙල්ලං නෑ !!!! හැක් ..

    ලංකාවෙදි මගේ සුන්දර ප්‍රනීත ඉමිහිරි කමෙන්ට් වලට විරාමයක් දීමට සිදුවීම සම්බන්දව පත්තරමල්ලී ගේ සාතිශය සංවේගය දැනුම් දෙමි !!!

    ඒ වගත් මෙසේම

    පත්තර මල්ලි ..

    ReplyDelete
    Replies
    1. මල්ලි මට විස්කි අරික්කාලක් අරන් පරිස්සමින් මත්තලින් බැහැපං පනේ. සුභ ගමන්

      Delete
    2. පත්තරේ මත්තලින් බහින්නෙ උගේම ගුවන් යානයකෙන දාට බන්. කොහෙද මේ අනුන්ගෙ ගුවන් නියමුවො කියන රෙද්දක් අහන්නෑලුනෙ.

      Delete
    3. සුබ ගමන් ෆිට් එක,,, එහෙදි සෙට් වෙමු ඉදගෙන ඈ :D

      Delete
    4. පරිස්සමින් වරෙන් මගදී මුකුත් වුනොත් එහෙම මට කරන්න දෙයක් නැතිව යනවා ...
      සුබ කමින් පත්තරේ

      Delete
    5. සාදරයෙන් පිළිගන්නවා පත්තර මල්ලිව

      Delete
    6. මට චොකෝ එකක් ඕනා :D

      Delete
    7. කරවල කෑල්ලක් හොදයි නේද උබට :D

      Delete
    8. එහෙනම් කොංගි ජටයක් :D

      Delete
    9. එපා ඳගකාරයට කූඩූවක් ගෙනෙන්. :p

      Delete
    10. හැක් හැක්. ප්ලේන් එකේ කිලෝ 35 යි ගේන්න පුළුවන් බං..

      Delete
  21. මඩ වලට සහය නොදක්වමි.. හිකිස්...

    ReplyDelete
    Replies
    1. මෙව්වා සුන්දර මඩනේ....

      Delete
    2. කෙන්ජිය විකසිත වෙලා ලියන ඒවාට විතරක් සහය දෙන්න එපා නේද නලිය.....

      Delete
    3. පිෂ්ෂුද කෙන්ජි කවුද ඕව කරේ තියන් යන්නේ. අපිත් බලන්නේ කෙන්ජි විකසිත කරගන්න තමා. එතකොටනේ ජොලිය.

      Delete
    4. නලියෝ කෙන්ජා විකසිත උනාම තමා නියම ආතල් එක.. හුග දවසකින් මේකා විකසිත උනේ නැත්තේ විකසිත පානය නොමැති නිසා නොවෙද??

      @ සරා ගොයියා
      මේක මඩක්ද බං.. අනේ හැබෑට බොලා දන්න මගුල්...

      මේ පෝස්කටුවේ අරමුණු 3 යි.

      1. බ්ලොග් පිටුව දිගටම පවත්වාගෙන යාමට නලින්ට බලපෑම් කිරීම (තග දැමීම)
      2. මාද ඇතුලු බොහෝ පිරිසක් නිවරැදි අක්ෂර වින්‍යාසය නොදැන ලේඛණය කිරීම අනාගතයේ සිංහල භාවිතයේ දෝෂ සහගත තත්වයක් නිර්මාණය කිරීමට හේතුවක් වනු ඇතැයි මට සිතී ඇත. ඒ අනුව ඒ පිළිබද යම් දැනුවත් කිරීමක් කිරීම
      3. නලියා අතරමග නවතා ඇති එම සිංහල බස් වහර පිළිබද සද්ද කෝසය (??) නැවත ආරම්භ කිරීම සදහා ආරාධනා කිරීම. (දැනට මං හිතන්නේ වචන 100 සීමාවෙන් නැවතිලයි තියෙන්නේ.)

      මඩක් දිහා උනත් අකුරු දිහා බලල තීරණ ගන්න එපා. ඒකෙන් ඇමිණෙන්නේ මොකක්ද කියල කල්පනාවෙන් බලන්න ඕන.. තැනුක්යි සරා. උඹ නැත්නං මං මේ ටික කියන්නෙත් නෑ..

      නලියා දිනේවා..

      Delete
  22. වකා කියන්නේ මොකාද දේශ්? :D

    ReplyDelete
    Replies
    1. වකා.. = WACA = Western Australian Cricket Assoiation

      හැක්

      Delete
  23. Replies
    1. මේ වචන දෙක හරියට අර නරී බෑනා එකේ ඩයලොල් එකක් වගේ තාලයක් .තිබුනේ..

      Delete
  24. හපොයි දෙයියනේ...මේ මොකද මේ...

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නේ. ඔය අපි මිත්තරායෝ කියල හිතන් ඉන්න අයනේ. හැක්..

      Delete
  25. යකෝව් සාරියක්වත් නෑනේ එල්ලිලා මැරෙන්නවත්. මේ කබල් සරමෙන් එල්ලුනොත් ඒක කඩං බිම වැටෙනවා අම්මපා....

    ReplyDelete
    Replies
    1. ඇයි නලීන් අයියෙ අක්ක සාරි ටික හංගලද? :D

      Delete
    2. නලින්ගෙම සරමක එල්ලිල මලොත් වෙනම පරීක්ෂනයක් තියයි මොකද මැරිච්ච ගමන් කුණු උනාද කියල බලන්න.

      Delete
    3. හප්පොච්චියේ එහෙම උනොත් හරි අපරාදයක් වෙන්නෙ :D

      Delete
    4. මූට තියෙන්නෙත් එකම කබල් සරමක් විතරයි මචංලා... ඒකත් නැතිව ගියොත් ඉතිං... අනේ මංදා සෑට තමයි පුරස්නේ..

      Delete
    5. නලියා කවදාවත් සරමෙන් එල්ලිලා නම් මැරෙන්නෙ නෑ..මොකද බෙල්ලට පොඩ්ඩක් උඩින්නෙ නහය තියෙන්නෙ !

      Delete
    6. හැක් හැක්. බොට හොද වැඩේ නලියා. ඔන්න උත්තර දීපං. අර වෙනී කිව්ව එකට විසේසෙන්ම...

      Delete
  26. මම නලීන් ට ෆුල් සපෝට්.මටත් ඔය දේශකයා පේන්න බෑ

    ReplyDelete
    Replies
    1. හරි දැං නලියට ඉන්නවා ඇන්ටි කෙනකේ.. එකායි.. හැක්..

      Delete
  27. මම නලීන් ට ෆුල් සපෝට්.මටත් ඔය දේශකයා පේන්න බෑ

    ReplyDelete
    Replies
    1. තරහට දෙපාරක්ම දාලා ..

      Delete
    2. හික්.. හික්..හික්...

      Delete
    3. මාර තරහං නේද බං ඒක.. මරං කන්නම බලං ඉදල තියේන්නේ. අපේ බැලැක් ඇනඩ් වයිට්..

      Delete
  28. දේශකයාට එරෙහි පෙරමුණක් ගොඩනගන්න යන්නේ කවුද එන්නේ එතැනට...

    ReplyDelete
    Replies
    1. මම දේශා ගෙ පැත්තෙ ....
      පෙරමුණු හදන් වරෙව් බලන්න....

      Delete
    2. අඩේ කෙන්ජා හිටියම මට හොදටෝම ඇති. අර 300 එකේ වගේ මායි කෙන්ජයි, මුළු ලෝකයටම එරෙහිව..

      Delete
  29. දේශා උඹ කද බැඳගෙන ගිහින් නලියාට දීපු ජරාවට මොකද වෙන්නේ දැන්? ඌ ආපහු උඹට දෙනවා කිව්වාද? බලන් හිටහන්....මේක තොපි දෙන්නාගේ සහෝදර ගේමක්.

    ReplyDelete
    Replies
    1. අපි සහෝදර සමාගම් ඇසුරේ වැඩෙන අයනේ අරූ.. ඔයාට තේරුනා එහෙනං.. හැක්..

      Delete
  30. Replies
    1. දොරෙද බං.. සුදා මේ ආවම නේද?? වෙල්කම් කිව්වා.. හුද්ද මාත්තියට..

      Delete
  31. අනේ මන්දා මෙව්වට මොනව කියන්නද කියල.
    මම නම් නිර්පාක්ශිකයි .......

    ReplyDelete
    Replies
    1. ඒක තමා බොට රැවුලක් කැදයි දෙකම බේරගන්න වෙනවා...

      Delete
  32. වියත් සිංහල බස් වහර පිළිබඳ ව්‍යාපාරයට යන්න කලියෙන් සමස්ත කියලා හරියට ලියන්න හුරු වෙයං මයෙ අම්මා...සමස්ථ...මෙහෙම වැරදියි සමස්ත...මෙහෙමයි නිවැරදි...

    බොට දැන් හුජ්ජ කරන්නත් යන්න භය හිතෙන තරමට රට්ටු කයි කථා කියනවා නම් ඩියුඩ් සිරා හුජ්ජ බෑග් දෙකක් නොමිලේම නිවෙසට හෝ කාර්යාලයට එවන්නම්...කොතනට එව්වොත්ද ඇද ගන්න පහසු...

    ReplyDelete
    Replies
    1. ගෙදරට යවන්න සිරායියෙ වෙරලුවට ඇදේ චූ යනව වැඩීලුනෙ :D

      Delete
    2. එපා බං.. ඌ කැමති තැනකටම යවපං. මොනවා උනත් අපිත් එක්ක ලැගපු එකානේ මෙච්චරකල්..

      Delete
    3. @ සිරා
      මචං මට ඕක අන්දල පලයං මං ඔය ගැජට් ගැන දන්නෑ වැඩිය.. හැක්..

      ආ ඔව්.. බං මට ඒක ගැනත් සැකයි කෝ කව්රුවත් සමස්ථද සමස්ත ද කියල නිවරැදි කරල නෑනේ. ඒකනේ මං කිව්වේ සිංහල බස් වහර ගැන දැනුම මදි කියලා..

      @ සරා
      උඹ හොද එකා බං. මං එකක් බොටත් දෙනවා උම්මා. නෙමෙයි චූ බෑග් එකක්..හැක්

      Delete
  33. ව.ක. කියන්නේ??? අනිත් එක මේ මොකද්ද මේ?

    ReplyDelete
    Replies
    1. ව.ක. -= වර්තමාන කතෘ

      මේ මොක්ක්ද ඉතිං නලියා එව්ව ලියුමක් නේ බං දිලිනියෝ

      Delete
  34. දේශකතුමාටත් හම්බවෙන්නේ හරිම ලියුම් තමයි... කොහොමවුනත් අපූරු අදහසක් ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපිට ඉන්න යාළුවොන්ගේ හැට් නේ.. තැන්කුයි.. තුෂානි

      Delete
  35. මොකක්ද අර ව ක?

    ReplyDelete
    Replies
    1. වාර්තා කරු....
      ඔය උඩ කමෙන්ට් වලත් කියල තියෙන්න...

      Delete
    2. නෑ බං දැං කී පාරක් කිව්වද වර්තමාන කතෘ

      Delete
  36. මාත් ෆුල් සපොට් නලීන් අයියට..

    ReplyDelete
    Replies
    1. මට හිතුනා උඹ වගේ ගාල්ලේ එකෙක් කරන්න ඕන ඒ දේම තමා කියලා. හැක්.. අර මොකක්ද බං ස්ටේටස් එක. ඒක මට උහුලන්න අමාරු බර එකක් බං.. කෝම උනත් බොට හුගක් තැනුක්යි ඒකට.. ඒ වගේම එතන උත්තර දීපු අයටත්. මට සතුටක් බොලාගේ මිත්‍රත්වය. උම්මා

      Delete
  37. නියමයි නලින්,ඕකට ඔහොම දීල මදි,ගහපං නැතිවෙන්නම තව පෝස්ට් දෙකක් පත්තරේ දාපං.

    ReplyDelete
    Replies
    1. ආයි කොහේ දාන්නද මිනිහ හි.ක. වෙලා.. ඉදිදි..

      Delete
  38. දැන් කාටද සාරියක් ඕන? ;)

    ReplyDelete
  39. //ප.ලි- ඔබගේ සියළු නොපනත්කම් ඔබගේ සේවා ස්ථානයට ලිඛිතව දැනුම් දීමට පියවර ගනිමි.//
    බ්ලොග් එක වගේම රස්සාවත් නැති වෙන්න වගේ යන්නෙ :P

    ReplyDelete
    Replies
    1. මං කවදාවත් හිතුවේ නෑ නලියා මට මේ වගේ වැඩක් කරාවි කියල චාම්ස්..

      Delete
  40. අඩො දෙශා නයට වැඩෙ කොර ගත්තනම් පොරොන්දුවුන දෙවල් දිපිය.බලහන් නලියට යක්කු වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිනිහට අපේ ඒවා දුන්නා. තාම ඩොලර් පෙට්ටගම ලැබිල නැති එකලු අවුල්...

      Delete
  41. පත්තරයක් ඉවර කරපු කොල්ලෙක් නේ! එලම තමා!

    ReplyDelete
    Replies
    1. කෝම සන්තෝසයක්ද නාඩියෝ එ්ක.. නැද්ද.. අනික පච පත්තරේ..

      Delete
  42. කෝ බං නලීන් මම හිතුවේ උඹ වකේ දිගෑරෙන්නම දෙයි කියලා මූට. ඒ වැඩෙත් හරියන්නේ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. උන පුරුකෙ දැම්මත් ඔය වකේ දිගාරින්න බෑ :D

      Delete
    2. අනේ මන්දත් මේ ඩුඩේ මක්කා කියනවද. ව.ක. කෝහේ අරින්නද බං හි.ක. වෙලා ඉන්න බුවෙක්.. හැක්

      Delete
  43. අනේ අපොයි වෙච්ච දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි මචෝ මොකක්ද උනේ.. හැක්.. නලියා හි.ක. වෙලාද??

      Delete
  44. ව.ක කිව්වෙ වල කජ්ජ ද ;) මේක ඇත්තටම උන දෙයක් නෙවේනෙ

    ReplyDelete
    Replies
    1. මේ මොනා අහනවද පසන් ලමයෝ. ඇත්තටම වෙචිචි සිද්ධීයක්.. හැක්

      Delete