Wednesday, February 12, 2014

කන්නෙලියේදි විය නන්නත්තාර!!

ඇති යාන්තං ගෙදර ආවා. මං හිතුවේ උන් මාව දාලා එයි කියලයි කන්නෙලියේ. 

අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඇනුවල් ට්‍රිප් එක මේපාර තිබුනා. ඒක වෙනස් විදියක එකක්. අනිත් පාරවල් වල කියලත් වෙනසක් නෑ තමා. බොන එක විතරයි නේ කරන්නේ. හැබැයි මේ වතාවේ අපි තීරණය කළා අපේ බොසාගේ අනුදැනුම මත උඩුගම, කන්නෙලිය වන සංරක්ෂිතය බලල හෙම ඒ පැත්තේ සෞම්‍ය කාලගුණයත් අත් විදගෙනම හීනියට ආතල් එකක් දාමු කියලා.

අපි ගමන ගියේ පහුගිය සෙනසුරාදා. අපේ කස්ටිය 42 ක් ගියා. තව 6 දෙනෙක් විතර ගියෙත් නෑ. ඒ නිසා ලොකු ලේලන්ඩ් බස් එකක් තමා හොයාගත්තේ. යන්තං කනිපින්දං කියල බස් එකේ ගාස්තුවත් සෑහෙන්න අඩු කරගත්තේ ඒක ස්කූල් බස් එකක් නිසා. 

කලින් ප්ලෑන් කරපු විදියට 42 න් 30 ක් බොනවා අරක්කු. 8 ක් බියර්. 4 ක් බයිට් කන කුම්භාණ්ඩයෝ. ඒ අනුව එකාට බාගේ ගානේ ගල් බෝතල් 15 යි. බියර් 8 යි. සැන්ඩි බෝතල් 7 කුයි ගත්තා. ඒ අතරෙම චිකන්, මාළු, කඩල අරගෙන තැනකට දීල ඒ ටිකත් හදාගෙන හට්ටි මුට්ටි පිටින්ම බස් එකේ දාගත්තා. බොන්න ප්ලාස්ටික් කප්, පේපර් ට්‍රේස්, සේවියට් පේපර් ඇතුල හැමදේම පිළීවෙලකට අරගෙන බස් එකට දාගත්තා. 

උදේ 6.30 ට පිටත් වෙනවයි කිව්ව මේ ගමන අන්තිමේදි සිංහල ක්‍රමයට උදේ 7 ට පටන් ගත්තා. බොසාගේ තීරණය අනුව කිසිම කෙනෙකුට බස් එකේ යන ගමන් බොන්නත් බෑ. සිගරට් බොන්නත් බෑ. ඔහේ බකන්නිලාගෙන යන්නැයැ.

“සෑර්.. අර යකාට චූ බරයි ලු.. පොඩ්ඩක් නවත්තමුද?“

“හා හා විනාඩි 5 යි හරිද?“

අධිවේගය පන්නල උඩුගම පාරට දාපු තැන ඉදලම චූ පාරවල් පහක් විතර.. හැක්.. චූ පාරට එක ගානේ සිගරට් එකක් යන්තං බෙදාගෙන ගහල ආයේ බස් එකට නැගලා උඩුගම බස් ස්ටැන්ඩ් එක ගාවට ගිහිල්ලා තමා උදේ කෑම කන්න ගත්තේ. සමහර අය ගෙදර උන්දැල දීපු බත් එක ඔතාගෙන ඇවිල්ලා. අපිට කොයෙන්ද ඒවා. අපි ඉතිං අරක්කු ටික බඩට දාගන්න පුළුවන් වෙන ගානට ඉදිආප්ප විස්සයි රොස්පාං දෙකකුයි හොදිත් එකක් තැන්පත් කරගෙන (අනිත් උන් මොනා කෑවද මන්ද) ආයි බස් එකට නැග්ගා. 

උඩුගම ඉදල කන්නෙලිය රක්ෂිතය ගාවට කිලෝමීටර් 3 කට වැඩි නෑ තවලම පාරේ. කන්නෙලියට කියල බෝඩ් එක තියෙන තැනින් හැරිල අපි බස් එක එතන එන්ට්‍රන්ස් එක ගාව නැවැත්තුවා. 

ඊට පස්සේ පොඩි ආරුක්කු පාලමකින් එගොඩ වෙලා එතැන ටිකට් දෙන තැනට ආවා.

යකඩෝ එතැන ගහල තිබ්බා නෙව විස්තරයක්..


කැලේ ඇතුලේ බලන්න තියෙන තැන් කීපයක් ගැන.

ගුහාව මං පෙත - කි.මී. 1.5 - ගත වන කාලය පැය 01 යි
අනගි මල ඇල්ල  - කි.මී. 2.3 - ගත වන කාලය පැය 03 යි
යෝධ පුස්වැල මං පෙත - කි.මී. 2.3 - ගත වන කාලය පැය 03 යි
කබ්බලේ කන්ද මං පෙත - කි.මී. 6  - ගත වන කාලය පැය 07 යි

ඔය වගේ තව පැය 07 ක මොකක් හරි ඇල්ලක් තිබුනා. හත්දෙයියනේ මේ ටික ඇවිද්දොත් අද රෑට ගෙදර බත් කන්න බැරි වෙනවා නෙව. ඒ විතරක්යැ. ගෙනාපු බඩු වලට මක්කැයි වෙන්නේ. ඔන්න ඕක අතෑරල දාලා අපි යමු අනේ ආයෙත්. 

හැම එකාම බර බරේ. ඇයි ඉතිං ගෙනාපු අරක්කු ටිකත් බොන්න නැති වෙන චෑන්ස් එකක් නේ මේක.

කාගෙත් විරෝධතා සලකලා බලලා ගුහාව මං පෙත දිගේ ගිහින් අනගි මල ඇල්ල බලල විතරක් එමු කියල ඒකට අපි ලැහැස්ති උනා. 

නිකං බෑ. ටිකට් ගන්න ඕන. එකාට රුපියල් 28 යි. එකෙක් ගියත් මාර්ගෝපදේශකයෙක් (ඒකත් දේශකයෙක් නෙව) යන්න ඕන. මිනිහට රුපියල් 400 යි. අපි 42 ක් නිසා ඩබල් දේශකයෝ ගන්න උනා. 

අපි නමෝ විත්තියෙන් රක්ෂිතයට යන්න තතමන කොට උදේ 10 පහු උනා විතරයි. දැං කට්ටිය පටන් ගත්ත තැන ඉදලම ටොප් එකේ කන්දට දුවනවා. මොන ටික වෙලාවයි දුවන්න උනේ. අනේ මුකුත් කියන්නත් බෑ අපේ මාර්ගෝපදේශිකාව (දේශිකා??) දීපිකා කියල මුවැත්තියක්. එයා ටිකක් දුර කැලේට ගියපු ගමන් මෙන්න පෙන්නනවා එක එක ගස් වර්ග. ඉතිං දුවපු ඈයෝ ආපහු ඇවිත් ඒ විස්තරේ අහගන්නවා ආයි දුවනවා. ආයි ගහක් ගාවදී දීපිදේශිකා තවත් වර්ණනාවක් පටන් ගන්නවා. ඔය වස්තරේ හරියන්නැති නිසා බොන එක පැත්තක තියල කස්ටියම දීපිත් එක්කම යන්න සැට් උනා. මොකද කියන්නේ කොච්චර බඩජාරි කම තිබුනත් ඒ විස්තරත් දැන ගන්න උනමනායි මුන්ට.

ඒ අතරේ පුංචිම පුංචි වල්ල පට්ට ගහකුත් පෙන්නුවම අපේ උන් ඒකට ලංසු තිබ්බා. වැඩක් නෑ විකුණන්නෙ නැතිය කිව්වේ.. 


කන්නෙලිය රක්ෂිතය කියන්නේ අවුරුදු 25 ක් විතර රාජ්‍ය දැව සංස්ථාවට බදු දීල තිබුන තැනක්. ආයේ අහන්න දෙයක් තියෙනවැයි. උන් කැලේ තිබ්බ ඔක්කෝම අලි ගස් ටික කපල දාලා. ඒ විතරක් යැ විකුණලත් එක්ක. පස්සේ දැනට අවුරුදු විස්සකට විතර කලින් තමා රක්ෂිතය නැවත වන සංරක්ෂනේට අරන් තියෙන්නේ. ඒ ගන්න කොට අර රාජ්‍ය දැව මැරයො මුළු කැලේම සුද්ද කරලා. ඉතිං දැවේට බාර දෙන කොට තිබ්බ කන්නෙලිය ප්‍රාථමික වන රක්ෂිතය නැවත බාරගන්න කොට ද්විතියික වන රක්ෂිතයක් පමණයි. ඒ කිව්වේ තවමත් හැදෙන ගස් විතරයි කැලය තුල තියෙන්නේ. අක්කර විසිපන්දාහක පමණ භුමි භාගයක් තියෙන මේ රක්ෂිතයේ දිය පහරවල් වලින් ප්‍රධාන වශයෙන් ගිංගහ හා නිල්වලා ගග පෝෂණය වෙනවාලු. හැබැයි නිල්වලා ගග පටන් ගන්නේ දෙනියායේන්. ඒත් කන්නෙලියේ අතු ඇළක් මගින් එයටත් දිය සපයනවා.


ඒ අනුව බොහොම වටින තැනක්. හැබැයි අර ආක්‍රමණික ඇලස්ටෝනියා (ඇට්ටෝනියා) ව්‍යාප්තිය කැලය තුල බොහෝ සෙයින් වැඩි බව තමා අපි දැක්කේ. 

තවත් එකක් 88-89 භීෂණ කාලයේ මේ කැලය තුල ස්ථාන දෙකක (දන්නා තරමින්) ටයර් සෑයවල් තිබිල තියෙනවා. පසුව ටයර් කැබලි එහෙම අහු වෙලා තියෙනවා ඒ තැන් දෙකේදි. තාමත් ඒ වටපිටාවේ තණකොල ගහක් වත් වැවෙන්නැති බව තමා දීපිදේශිකා අපිට කිව්වේ.

කෝම හරි යන්තං අනිගිමල ඇල්ල පැත්තේ ගියා. මේ දවස් වල ඒක බිංදුවට හිදිල උනත් සාමාන්‍ය ජල පාරක් ගල් මතින් ගලා ගියා. ඒ වගේ සීතල ජල පහරක් කොයි තරං වටිනවද? අපි කෑලෑ කපල විනාශ කරන්නේ අපේම සම්පත් තමා. 

ඒකත් බලල කියල හැටට හැටේ පැන්නා එළීයට. පැය තුනක් යනවයි කිව්වේ මොන බොරුද. අපි 12.15 වෙත්දි එළියේ. අරක්කු බලේ. 

ඊට පස්සේ කන්නෙලිය වාහන පාර්ක් එක ගාවින්ම ගලන අනගිමල ඇල්ලේ දිහ පහරින්ම නාකියාගෙන වැඩේට බහින්න අපි ලැහැස්ති උනා. වතුර පාර අඩි තුනකට වඩා උස නැහැ. හරිම කූල් වතුර ටික නං. මුල්ම ටිකේ බහින්න තියා හිතන්නවත් බැරිව ටික වෙලාවක් මම බලාගෙන හිටියා.

ඉතිං දෙයියනේ කියල බෝතල් ටික කැඩුව නේද? ඒ කැඩුවා කැඩුවමයි තමා. බෝතල් දාහතරක් ඉවරයි. ඉතුරු එක බොසා ඉනේ ගහගත්තා තොපිට කෑවට පස්සේ දෙන්නං කියලා.

මාත් හොද එකෙන්ම ගහ ගහ නෑවා. කිසි අවුලක් නෑ. සීතල වතුරේ දගලල එනකොට තව හොදට බොන්න පුළුවන්. ගස් වැල් නිසා අව්ව ගතිය දැනුනෙත් නැහැ.

මම නෑවෙත් අර බොක්ස් කියන කූට්ටම වැහෙන පාංකඩයක් ඇදගෙන. ඇගට දාගෙන ගියපු කලිසමයි ටී එකයි බස් එකේ. බීල ඉවර වෙලා කට්ටිය කන්න යන්න ලැහැස්ති උනා. ආ කියන්න අමතක උනා අපි කන්ටැක්ට් කරල කෑම හදාගත්තේ Kanneliya Mount Resort කියල තැනකින්. සම්බ වෙජිටබල් රයිස් එකයි, හපන්න බැරි චිකන් ඩිවල් එකයි, කට්ට සම්බෝලෙයි (??) යෝගට් එකයි රුපියල් 390 යි. හෙන ගහන අපරාද අනේ. කොළඹින් කුරියර් කරල ගෙන්නුවත් එච්චර ගානක් යන්නෑ කෑම එකට. සත පහකට වැඩකුත් නෑ ඒ කෑම එක. 

කන්න යන නිසා නාපු අය ඔක්කෝම ආයි පරණ ඇදුමට මාරු උනාට මට බැරි උනා. මට බඩු. මම අර බොසා ඉනේ ගහගත්තු බෝතලේ ඉල්ල ඉල්ල අඩ අඩ නිරුවත් බොක්ස් කෑල්ල පිටින්ම හෝටලේට ගොඩ උනා. හෝටලේ වෙනම ශාලාවක් තිබුනා කෑම කන්න. එතැනට ගියාට පස්සේ ඔන්න ගනිං එහෙනං කියල බෝතලේ දික් කරා. 

අනේද කියන්නේ වතුර වීදුරුවක් අරන් හනිකට ෂොට් එකක් දාගෙන ටැප් එකට ම අල්ලල සැන්ඩි කරගෙන අපී කීප දෙනා ඒක ගැහුවා. ඒ අතරේ බොසාටත් සොට් එකක් ඕන වෙලා මං දුන්නම ඒකේ පෙන්ඩ්සිප් බාගේ මටම දීපියකෝ මේකා. 

ඒ බෝතලෙත් ඉවර වෙලා මං කන්න ගියා. බත් එක බෙදාගත්තා.

ටික වෙලාවකින් මම බස් එකේ සිංදු කියනවා.

හැබෑට... එතකොට තෝ අද හේදුවේ නැද්ද, අන්න පුරස්නේ

ඒකනෙව කියන්නේ. බත් කෑවද අරකද මේකද මං මුකුත් දන්නෑ. මට ඇත්තටම මතක නෑ. හැබැයි මේසේ තිබුන, කන්න බැරි ඩෙවල් එක ඉවර වෙලා තිබිලා මං බත් පිඟානත් අරන් හෝටලේ රිසෙප්ෂන් එක ගාවට ගිහින් එතැනින් කුස්සියටත් ගිහින් කුකාට කියල ටිකක් බෙදාගෙන ආවා මතකයි බොක්ස් එක පිටින්ම. ඊට පස්සේ මම අත හේදුවද වතුර බිව්වද කෝම බස් එකට ආවද, ඇදුං කෝම මාරු කරාද (ලැජ්ජාවේ බෑ) මොකක්වත් මතක නෑ. මට මතක ඊට පස්සේ මං බස් එකේ සිංදු කියන එක විතරයි. මධ්‍යසාරයෙන් ප්‍රාණවත් වූ තාවකාලික කොමා ස්වරූපයක් තමා මට තිබිල තියෙන්නේ. අනිවා ඇදුං නං මාරු කරන්න ඇත්තේ අර 41 ක් දෙනා ඉස්සරම අමු හෙළුවෙන් තමා. ඒකේ දෙකක් නෑ. කව්ද ඕවා ගනං ගන්නේ අනේ ඒ වෙලාවට. හැක් හැක්

කොහොම හරි අධීවේගයට දාන්න කලින් තව බොන්න කට කහන්න අරගෙන ආයේ දෙවට ගාවට ගිහිල්ල ලකීද මොකක්ද එකකින් තව බෝතලයක් අරන් එතැනම මාළු වැල්ලේ තියාගෙන ගහල යන්තං දෙපයින් ගෙදර ආවා. හැබැයි පට්ට ආතල්. ලොක්කෝ බොක්කෝ සොක්කෝ කියල කිසිම බෙදීමක් නැතුව කක්කුස්සය හෝදන කොල්ලගේ ඉදල හැම එකා එක්කම බීල උන්ගේ සිගරට් බාගෙත් ගහල උන් එක්කම උන්ගේ කරේ නාලා කියල උන් එක්කම බස් එකේ සිංදු කියාගෙන ආව අපි මහත්තුරු ගැන මට හෙන හැපි. අවුරුද්දකට දවසක් උනත් උන්ට ඒ ආතල් එක අපි දෙන්න ඕන. ඒ වෙලාවට අපි උන්ට බනින කියන ඒවා ඔක්කෝම අමතක කරල තනි කර මචං ලෙවල් එකෙන්ම ඉදල ආපහු වැඩට යනකොට උන් අපිට සලකන්නේ තිබුනටත් වැඩිය හොදට. උන්ටත් ෆන්. අපිටත් ෆන්. මේ පාර නං මට ඩෝප් හොදටම.. හැක්..

ප.ලි - සැහ්. ගත්ත පින්තුර දාන්න විදියක් නෑ නෙව ඩේටා කේබල් එකක් නැතිව. (අනේද කියන්නේ)

229 comments:

  1. පොටෝ දාන්න බෑ කිව්වනම් ඉවරනෙ ඩේට කේබල් නෑ කියල බයිල ගහන් නැතුව. :P
    සික් එහෙනම් බොගෙ සුරුට්ටු කොටේ ගියපු 41ක්දෙනාටම පෙන්නුව ඈ , ලැජ්ජ නෑනෙ බොලාට :D

    ReplyDelete
    Replies
    1. සිරාවට බං කේබල් එක නෑ. තිබ්බ නං කැලේ පින්තුර ටික දානවා. හෙට අප්ඩේට් කරන්නං. මගුලේ කාඩ් රීඩර් එකත් කැඩිල නෙව..

      මගේ මහානුබාව දැක්කොත් මොනා වෙනවද බොල..

      Delete
    2. උබ නේද ගෙනිච්ච බෝතල් වලින් වැඩි හරියකට වග කිව්වෙ ඇත්ත කියපන් :D

      Delete
    3. අනේ මන්ද බං අතට ගන්නව කටට යනවා. කොච්චර බිව්වද කියල නං කිසිම නිච්චියක් නෑ. අනිවා කන පැලෙන්නම ගැහුවා කියන එකනං ඉස්තීරයි.. හැක්..

      Delete
    4. ශික් විතරක් අද එකටම කමෙන්ට් එකක් දාන්න අවා ....ශික් ..පබ්ලිශ් කොරන්න කලින් කමෙන්ට් වැටිලා .. :) :)

      Delete
    5. සිසිදුවා පැනල බං පබිලිස් වෙන්න කලින්ම. හැක්..

      Delete
    6. අනේ නවත්තගනින් උබේ බාවෙ වරුනාව :P

      උබ ඉතින් බස් එකට ආවම කලිසමෙන්ද අතපිහදගත්තෙ? :D

      Delete
    7. මොන පිස්සුද සසිඳුවො, මූ ඔය කිවුවට ඔය ඔක්කොම වෙලා තියෙන්නෙ බියර් බෝතලේකින් බාගයක් ගහල. අපිටනං කියන්නෙ මූ ඉස්කාගාර සංස්ථාවම බිව්ව වගේ ටෝක්. අපි අහුවෙයි ඕවට.

      Delete
    8. @ සසින්දුවා

      නෑ බොල ලස්සනට අත හෝදගෙන සීරුවට පහලට බැස්සලු.. පොඩ්ඩක් පැද්දල වැටෙන්න හෙම ගියාලු ඉතිං..

      Delete
    9. @ පුසා

      චී චී මං බියර් බොන්නෑ අනේ..

      Delete
    10. හුකැස්...සික් විතරක්, දේශකය කියන නමටත් ලැජ්ජයි බියර් බාගයක් ගහල නස්තාර් වෙන්න වැදුන කිව්වම :D

      Delete
    11. යකෝ බියර් බොන්නැත්තන් ස්පයිට් කෝක් බීලද වෙරි උනේ :D

      Delete
    12. මම කෝක් ස්පරයිට් අමුවෙන් බොන්නෑ බං කොයි තරං දුන්නත්.. හැක්..

      Delete
    13. යකෝ ඒවත් සැන්ඩි කරලද බොන්නෙ :D කුජීතයි බොල

      Delete
    14. බොට කියන්න දවසක් ගේ හදන බාස්ලට බීම ගෙන්න කොල්ලෙක් යැව්වම මුකුත් නැතිව කෝක් ගෙනාවේ. බාස්ලත් ඉතිං තියෙන ගවුරවේටම මට බොන්න කියල වද කරා. මං එපාය කියද්දි මුං දිගටම කරදර කරනවා. බැරිම තැන දේශිකා කිව්වා “වැඩක් නෑ බාස්සුන්නැහේ මෙයා ඕවා නිකං බොන්නෑ කියලා“

      Delete
    15. වතුර ටිකක් දාල බොන්න එපායෑ බන් අපරාදෙනෙ :D

      Delete
    16. බොලා කෝක් බොන්නේ වතුර දාලද බොලව්..

      Delete
    17. අපිනම් අමුවෙන් බොන්නෙ බන්, උබ අමුවෙන් බොන්නෑ කිව්ව හින්ද කිව්වෙ වතුරටිකක්වත් දාගන්න කියල :D

      Delete
    18. පේනව නේද සසිඳුවො, මූට ‍කෝක් අමුවෙන් බිවුවත් ඩෝප් වෙන එකා. ඉතිං බියර් බාගයක් ගැහුවම තත්වෙ හිතාගත්තැකිනෙ.

      Delete
    19. මං දැනං උන්නේ ප්‍රසා නීට් ගහනවා කියල නේ. බලං ගියාම උඹත් එහෙමද අන්න බොලා එකතු වෙලා නීට් බෝතලයක් ගහපල්ලා එහෙනං මං එන්නං අධික්ෂණයට (මටත් එකක් ගෙනැත් කියහල්ලා) හැක්..

      Delete
    20. අපරාදෙ අරක්කු ගේන්න මූ දුන්න සල්ලි , අරක්කු වලට සල්ලි දිල බියර් ගැහුවනෙ..

      Delete
    21. අපි ඔය මොනවත් දාල අරක්කු බොන්නෙ නෑ බොල. උඹට ගෙනත් තියන්න කියනව ඇත්තෙ සෝඩ බෝතලයක් වෙන්ටැ. නැතුව අරක්කු ගෙනත් තියන්න ඕන නෑ අපි ගහන බෝතලේ සුවඳ ආවහම බොට හරහ වැටෙන්නම වදී මේ තියෙන තත්වෙ හැටියට. බොට තියෙන්නෙ සුවඳ සැන්ඩි කරගන්න තමයි. හැක්.

      Delete
    22. මං පෝයට ගොඩකවෙල එන්න හිටියේ. ඒත් දැන්නං එන්න හිතෙන්නෙ නෑ සත්කාරයේ තරම කටින්ම වැක්කෙරුනම.. හැක්..

      Delete
    23. බොලාට එන්න කියන්න තමයි හිටියෙ, නමුත් මේ තියෙන තත්ත්වෙ හැටියට මෙහේ ඇවිල්ල බියර් ගහල පාරෙ හෙලිමෙං නැටුවොත් මටත් ගමේ ඉන්න නැතිවෙන වැඩක් වෙන්නෙ. :D

      Delete
    24. පෝයටවත් සිල්ගනින් බන් :P

      Delete
    25. ඈ බං ප්‍රසා පෝයට මක්ක හරි තියේද. අනේ සුදෝ කියාපංකෝ මං එනවා සුරුස් ගාලා. මං එදාට උඩවලවේ...

      Delete
    26. වැලන්ටයින් දවසෙ පවුලත් එක්ක පන්සලකට යමන් රෝන්දෙගහන් නැතුව...

      Delete
    27. මේ හද්ද නාකි දේශකයොත් වැල ඉන් ටයිම් සමරනවද බං??? :-o

      Delete
    28. අඩේ එහෙම කියන්න එපා බන් නාකි උනත් හැගීම් දැනීම් තියනවනේ :D

      Delete
    29. ඒකත් ඇත්ත හැට පැන්නත් ගතින්… වදුරො යයිද බිමින්… :-D :-D

      Delete
    30. ඒ වෙරලුවව වදුරට උපමා කරන්න එපා බන් :D

      Delete
    31. ඉඳහං උඹට කොක් බෝතල් දෙකක් විතර ලෑස්ති කරල තියන්න.

      Delete
    32. වතුර බෝතලයකුත් තියන්න අයියෙ :D

      Delete
    33. එක පොටෝවක් හෝ දැම්මොත් අපි පිළිගන්නවා මේක ඇත්ත කතාවක් කියලා. දැන් හයිවේ එකේ ගියේ කොහේ ඉදන් කොහේටද දේශකයෝ

      Delete
    34. දේශකය ඉන්න පොටොවක්ම දැම්මනම් තමා වටිනාකම වැඩි අයියෙ, ඒත් බස්නාහිරින් ඉර පෑයුවත් දේශකයනම් පොටෝවක් දාන්නෑ කියල මන් දන්නව :D

      Delete
    35. නලින් අයියෙ මූ හෙලුවෙං පිස්සු කෙලියයි කියන කතාව ඇත්ත. අපිට පිළිගන්න බැරි මූ අරක්කු බිව්වයි කියන එක. :D

      Delete
    36. අයියෝ ,මන් පරක්කුයි අප්පා

      Delete
    37. පෙරහැර ගිහින් ඉවරයි :D

      Delete
    38. @ නලියෝ

      ආස්තැරිය මාර්ගයේ තමා කොළඹ ඉදල ගාල්ලට විතරයි යන්න පුළුවන්.

      @ ඔමා

      වෙලාවට හිටියෙ නැත්තනං තොපි සැට් එක මාව ඊයෙම ජොබෙන් එලවනවා.. ඒක සුවර්..

      Delete
  2. මෙව්වා එලිපිට කියන කතා ද හැබෑට ,

    ReplyDelete
    Replies
    1. මූට ලැජ්ජාවක් කියල එකක් තියනවද සහෝදරයා :)

      Delete
    2. කියලා වැඩක් නෑ..
      පිංතුර දායි අර රෙදි නැති එවද දන්නෙ නෑ ,ඉදලා තියෙන්නෙ හොද සිහිහියෙන් නෙවෙයි ,මෙතන බොරු කියනවා ඩෙටා කෙබල් කතා ,කැමරාවේ ඇති ඇදුම් මාරු වුණ විදිහ බැලුවා නම් හරි ,දැන් බලන්න ක්‍රමයක් නැතුව විලිලැජ්ජා නැති බොරු ගොතනවා .. හැක් හැක් :)

      පින්තූර හැකි ඉක්මනින් දමත්වා !!!!!!

      Delete
    3. @ සහෝ

      කරන්න හොද නං කියන්න මොකද අනේ නාක... හැක්...

      Delete
    4. @ සසන්දුවා

      ලැජ්ජාව කන්නයැ බං.. මේ කාලේ..

      Delete
    5. @ සහෝ

      කැමරාව මං ගාව තිබුනේ. බොන්න කලින් ඒක මගේ ඇදුං ගොඩේ තිබ්බ නිසා හොදම සීන් ටික ගන්න බැරි උනා..

      Delete
    6. ඒ උනාට ඔපිස් එකේ අනිත් උන් ලස්සනට පොටෝ අරන් ඇති :D

      Delete
    7. තාම ඒ ගැන වස්තරයක් එළීයට ආවේ නෑ. මං හිතන්නේ උන්ටත් ඒවා අමතක වෙන්නැති..

      Delete
    8. මගියට උනෙ ඒකෙ අනික තමා උබට වෙන්න ඕන, ඒව ඔක්කම යූටියුබ් දැම්මනම් උබ ඉවරයි :D

      Delete
    9. අපොයි මඟියට වෙච්ච දේ වනේ වන හතරුකෙටවත් වෙන්න එපා කියල මං ඒ වෙලාවෙම පිං දුන්නා බං.. කෝ ඌ මේ ටිකේ දැක්කෙත් නෑ..

      Delete
    10. උබ ඊට දෙවෙනි නෑනෙ බන් :D
      ඊයෙ මගිය ඉන්නව දැක්ක බුකියෙනම්..

      Delete
    11. මං මේ ටිකේම දැක්කේ නෑ. මං හිතුවේ අර අළුත් බ්‍රෑන්ඩ් එක ගහල කව් ලියනවා ඇති කියලයි..

      Delete
    12. වැඩ ඇති බන් ඒ මනුස්සය බොලා වගේ බුකි ඇවිත් බ්ලොග් ලියල පඩි ගන්නෑනෙ..

      Delete
    13. හාකෝ හාකෝ අපි බ්ලොග් ලිව්වත් නොලිව්වත් පඩි ගෙවනවා හරිද??

      Delete
    14. හොද වෙලාවට ඉතින් බොසාට වැදල වැදල ජොබ බේරගත්තනෙ :D

      Delete
    15. මොන පිස්සුද බං, දේශිකා ගිහිල්ල බොසාට වැඳල තමයි රස්සාව ඉල්ලල දීල තියෙන්නෙ මූ ගෙයින් පිට යවන්නෙ නෑ කියල මීට පස්සෙ. :D

      Delete
    16. පිස්සුද බොල .බොසා තමා දේශිකාට ආන්සර් කරල තියෙන්නේ. “කොල්ලා එළට ඉන්නවා නංගි බය වෙන්න එපා කියලා“ හැක්

      Delete
    17. ඒක තමා දේශිකා හන්දියෙ කඩෙන් දෙහි අරන්ගියා කියන්නෙ :D

      Delete
    18. පිස්සුද බොල. බීල ගියපු දවසට ඇහැක් ඇරල බලන්නේ නැති ගෑනි..

      Delete
    19. ආරංචියෙ හැටියටනම් උබට හොදට දෙහි කැපුවලු :D

      Delete
    20. ඒ මුල් කාලේ. දැං මැරුනත් බලන්නෑ බං.. මොනා කරන්නද ඉතිං..

      Delete
    21. දේශිකාට උනත් ඉවසන්න පුලුවන් සීමාවක් තියනවනෙ..

      Delete
    22. ඒක තමා බං කියන්නේ. බොන එක නවත්තන්නෙත් නැත්නං මං මොකටද ඒවා ගැන වද වෙන්නේ. ඔය ඕන දෙයක් කරගත්ත දෙං. අන්න එදාට නං එන්න එපා අඩාගෙන කියලයි කියන්නේ..

      Delete
    23. උබ ඕවට බයවෙලා බියර් බොන එක නවත්තන්න එපා බන් :D

      Delete
    24. හා හා උඹ බය වෙන්න එපා මට ඒකට දහිරිය තියෙනවා..

      Delete
  3. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැ බොල,

    උඹ ඔය ඇඳුං මාරු ‍කළේ 41 දෙනා ඉස්සරහ විතරද, එතකොට හෝටලේ වැඩකරන එවුං, තව හෝටලෙන් කෑම ගන්න පවුල් පිටිං ඇවිල්ල හිටිය ගෑණු සහ පිරිමි හිටිය කියල බොට මතක නෑ නේද?

    අනික තමයි උඹ ඇඳගෙන හිටපු බොක්ස් එක ගෙදර ගෙනාවෙ නෑ නේද? ඒක අර හෝටලේ මේසෙ උඩ තිබිල ඒකෙ කස්කුස්සි හෝදන කොල්ල ලබා අයින් කෙරුවයි කියල උඹ දන්නෙ නෑ නේද?

    ආපහු එන්න බස් එකේ නගිනකොට දීපිදේශිකාට තෑන්ක් කොරන්න යන්න ඕන කියල දඟලපු එක බොසා සහ අනික් කට්ටිය බොහොම අමාරුවෙන් නවත්තගත්තයි කියන එක බොලා දන්නෙ නෑ නේද?

    ගෙදර ආවට පස්සෙ දේශිකාගෙන අහගත්ත දේවල්නං ඉතිං අපි දන්නෙ නෑ ඕං.

    ReplyDelete
    Replies
    1. මේ එලියට එන්නෙ තව විස්තර :D අදත් මූට හෙලුවෙන් තමා ඉන්න වෙන්නෙ දැන් රෙදි ගැලවෙනවනෙ :D

      Delete
    2. තව තියෙනව බොල, මග දිගට මූ බස් එක ඇතුලෙ දාපු හෝටල් ටික හෝදන්න බස් කාරය බොසාගෙන් වෙනම ගානක් ගත්තයි කියන එකත් මූ දන්නෙ නෑ මං හිතන්නෙ.

      Delete
    3. දේශක මෙවට පිලිතුරු දෙනකොට ඇදුම් ඇදගෙන ඉන්න එපා වැඩක් නෑ... හැක් මෙහම ඉල්ල ගෙන කැමක් .... :)

      Delete
    4. මූ ඔපිස් එකේ කොහොම ඉන්නවද මන්ද ඇදුම් නැතුව :D

      Delete
    5. @ ප්‍රසා

      අනේ බොල තෝ කියන ඒවා අහල මටම ලැජ්ජයි බොලේ.. හැක් හැක්. නෑ බං බොක්ස ගහගෙන හෝටලේ ඇවිද්දට ඇදුම මාරු කරන තියෙන්නේ බස් එකේ ඩ්‍යිවින් සීට් එකේ වාඩි වෙලා. දේශිකා අනිත් උන්ට කෝල් කරල අහල තියෙනවා මං දන්නෑ ඒවා.. හැක්.. හෝටල් දැම්මේ නෑ බං. එහෙම දැම්මනං මං දොයි..

      Delete
    6. @ සසිදුවා, සහෝ

      ඔපිස්යේ උන්නං තාම නුහුරට කට කොනෙන් හිනා වෙනවා තමයි බොල. හැක් මොනා කරන්නද.. දර සෑයවල් වගේ මළ කදවල් තුනකුත් දාගෙන තමා අපි ආයෙ ගියේ.. හැක්..

      Delete
    7. ඔපිස් එකේ උන් හිනාවෙන්නෙ උබේ සූටි බාව දැකල වෙන්නැති :P

      Delete
    8. ලැජ්ජ වෙන්න දෙයක් නෑ බොල කාටත් පොදුයි නේහ්..

      Delete
    9. ඇත්ත එලිවෙයිනෙ ඔහොම යද්දි :D

      Delete
    10. පල යන්න සසින්දුවා. බොලා අහලක වත් නැති එක දාහෙන් සම්පතයි ඒ වගේ ට්‍රිප් වලදි. ඔන්න කිව්වා.. හැක්..

      Delete
    11. අපි අහලක ඉන්න ඕන නෑ බොල. ඒව ගානට ආරංචි වෙයි අදාල තැංවලින්.

      Delete
    12. සිරා බන් ඒකනම් මන් හිටියනම් බොලාගෙ ගම කනවා මාස ගානක් යනකන් :D

      Delete
    13. @ ප්‍රසා

      ඒවා කොහේ එන්නද බොල. දැං මං සැරයි හරිය.. අඩිය ගහපු එකා නෙමෙයි කියල උං දන්නවා. තිබුනත් මකන්න ඇති.. හැක්..

      @ සසියා
      අපොයි ඒක නං ඇත්ත අහිංසක විදියට ඔපිසියේ වෑවරයක් වත් බොන්න නෑ තොපි දැනගත්තම

      Delete
  4. ඔය අමතක වීමේ කේස් එක එන්නෙ නං සෑහෙන්න බිව්වම තමයි. මටත් කීප සැරයක් වෙලා තියනව. සිහිය ඇවිල්ල බලද්දි ගිගාබයිට් ගානක කෑල්ලක් ලොස්ට් වෙලා කියලයි මම කියන්නෙ.

    අර අන්තිමට කියපු කතාව නං සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. යෑස් මචෝ.. උඹ කිව්ව හරි ගිගාබයිට් එකක විතර ඩේටා ලොස් එකක් තමා ඒක.. අන්තිමට කිව්ව කතාව කිව්වේ අර එකාවගේ බොන එකටද බං..

      Delete
  5. මේක පෙන්නන්න ඕන අර "හිරු" කෙලීට.

    ReplyDelete
    Replies
    1. ඒ කෙලී ගෙට වෙලා ලු නෙව බං මේ ටිකේ..

      Delete
    2. හිරුගෙ නැන්දම්මා පැරාගෙ බ්ලොග් එකේදි හිරුට බැන්නයින් පස්සෙ හිරු බ්ලොග් බලන එක අත ඇරලද මන්දා?

      Delete
    3. ඒක මං දැක්කේ නෑ නේ බං ළගදි වෙචිචි සීන් එකක්ද?

      Delete
    4. http://www.w3lanka.com/2014/01/blog-post_11.html?showComment=1389414898870#c7820709924042723207

      Delete
  6. ඔන්න හෙටානිද්ද වෙද්දි අළුත් උපමාවක් ඇවිත් තියේවි...
    ..
    ..
    දේශකයා ට්‍රිපක් ගිහින් බීව වගේ කියල...
    ..
    හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ අමතක උනාම ඒක පාවිචිචි කරන්න පුළුවන් විදියේ උපමාවක් නේ.. හැක්..

      Delete
    2. ලැජ්ජානැතිකම දේශක කමටත් වඩා ලොකුයිලුනේ :D

      Delete
    3. දේශක කම පොඩියි තමා ලැජ්ජාවට වඩා. හැක්.. අනේ මගේ කට..

      Delete
    4. උඹලා ලැජ්ජාව ගැන වෙන්ටැ කතා උනේ?? මට "ල" යන්න හරියට ඇහුන්නෑ. :-D :-D

      Delete
    5. ලැජ්ජාවක් නැති උන් කියන කතා උඹ ගනං ගන්න එපා ප්‍රියේ...

      Delete
  7. මොකද ඔච්චර පෙරේතකම බොන්න . පෙරේතකම යන්න අරක්කු බැරල් එකක බස්සලා තියන්න ඔනේ දේශ්ව .

    ReplyDelete
    Replies
    1. අරක්කු නෙමේ බියර් :D

      Delete
    2. කියල වැඩක් නෑ අනේ බොන්න ගියාම අර ඔක්කෝම වීනීත සුපේක්ෂශිල ගති ඈත් වෙලා තනිකරම ගොත්‍රික විදියටකට එනවා. නියම ස්වරූපෙට. හංගන් ඉන්න හැක්.. අඩේ ගිම් එන බව දනීනං සැර අඩුවෙන් ලියන්න තිබුනා. විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ..

      Delete
    3. සැර අඩුවෙං කියන්නෙ කොකා කෝල බීල ඩෝප් උනා කියලද?

      Delete
    4. වැඩේ කියන්නේ බං මුං මාත් එක්ක තරහටම කෝක් ගෙනැල්ලත් නෑ මගේ ජාතික ආහාරය වන ජම්බෝ පීනට් ගෙනැල්ලත් නෑ බං..

      Delete
    5. කඩල කකා ස්පයිට් ගැහුව නේද බන් :D

      Delete
    6. කොටයක් උඩ ලැග්ගෙමි. වටේ හත අටක් සිටිනු දුටිමි. බෝතලයක් මුඩිය ගැලවී ආවේය. වටේ යන විට එයින් .තුන්කාලක්ම ඉවරය. ඔය වගේ එක දිගට බෝතල් තුනක් කැඩුවේය. ඊට පස්සේ නෑවේය. ආයේ එන විට ගහපු උන් නැත. බෝතලය ඇත. කොටය උඩම ලැග එය ඉවර කළෙමි. ඒ බෝතලේ කාලකට වැඩිය තිබුනා මතකය. ඉන්පසුව නා විත් නැවත ගස ගස...

      Delete
    7. බියර් බෝතලයක් කරපු හරියක්..

      Delete
    8. වතුර කූල් නිසා බියර් බෝතල් ටික වතුරේ දාලා තිබ්බේ.. ටික වෙලාවක් යන කොට මරුවට කූල් වෙලා තිබුනා මං පොඩ්ඩක් බිලා බැලුවා. එළට කූල්..

      Delete
    9. ඔය අහුවෙන්නෙ, ඒ ගහපු ෂොට් එක වැඩිවෙලා තමයි මෙච්චර හදියක් වෙලා තියෙන්නෙ.

      Delete
    10. පුරුදු නැති දේවල් බොන්න එපා බන්..

      Delete
    11. ඒක ආතල් එකට ගැහුවේ උගුරක්.. එළ කූල් බං පිරිජ්ජේ දාලා ගත්ත වගේ. ඇගට කොච්චර කූල් ද වතුර ටික. දවසක යමල්ලා..

      Delete
    12. යන් යන් උබත් එක්කම යන් :D

      Delete
    13. බියර් උගුරක් බීල රෙදි නැතුව නටන එවුවො එක්ක අපිටනං යන්න බෑ බොල. :D

      Delete
    14. බොසා නං කිව්වේ..

      “දේශා. තමුසේ පිස්සෙක් වගේ නේ ඕයි බොන්න ගියාම. අම්මප බඩට නෙමෙයිද අරක්කු යන්නේ“ කියලා..

      Delete
    15. එහෙම කියන්න එපා ප්‍රසායියෙ ඉදලහිටල මඩක් නාගන්න චෑන්ස් එකක් මේ මනුස්සයටත් දෙන්න එපායෑ :D

      Delete
    16. @දේශො ඕව කියල අපිව රවට්ටන්න බෑ බන්

      Delete
    17. හරි එහෙනං යං සසිඳුවො, හැබැයි දේශකයට ගල් බෝතලේක දාපු කහට එකක් අරං වර. මොකද නැත්තං අපිටයි නෝන්ඩිය. අනික මිනිහටත් පොර වගේ බොන්න පුලුවංනෙ.

      Delete
    18. දැන්නං ඉතිං මේ සසින්දුව බ්ලොක් කරන්න කාලේ වගේ.. හැක් හැක්.. යකෝ මගේ ජොබ නැති වෙන්නේ අද තමයි ඔන්න බලහං.. මෙහෙම පැය ගාණක් බොලාට ආතල් දෙන කොට..

      Delete
    19. මාත් ඕකමයි හිතුවෙ ප්‍රසායියෙ, හැබැයි බෝතලේ හොදට හෝදල තේ දාන්න වෙනව ලාවට හරි අරක්කු බිදක් තිබ්බොත් මූව අපිට කරේ තියන් එන්න වෙන්නෙ :D

      @දේශා ඉතින් කව්ද බන් අපිට ආතල් දෙන්න කිව්වෙ :D

      Delete
    20. හැක්.. හැක්...
      දේශකය පහළින්ම දමා ඇති කොමෙන්ටුව අනුව ඔප්පු වෙනව ඊට කොමෙන්ට් තුනකට කලින් දමා ඇති එක බොරුවක් බව.

      බොසා කියන්න ඇත්තෙ "දේශා, තමුසෙ පිස්සෙක්නෙ ඕයි බිව්වම. අපේ කාඩ් එකත් නැති කළානෙ එදා" ලෙස විය යුතුයි.

      Delete
    21. අනේ බං ප්‍රසා. උඹ මේ දාන ඒවා කියන ඒවා ඇහුවම මට හිනා වෙලා බඩ යනවා බං.. හැක් හැක්..

      Delete
    22. තව මොනාහරි කියන්න ප්‍රසායියෙ මූට බඩ යවල ගෙදරයවමු :D

      Delete
    23. තව‍ මොනාහරි කිවුවෙත් එහෙම මූ අද ගෙදර යන එකක් නෑ සසිඳු මලේ.

      Delete
    24. කෙලින්ම හොස්පිතාලෙ බඩ යන උන්ගෙ වාට්ටුවෙ තමා එහෙනම් දේශකයා :D

      Delete
  8. වැඩියි වැඩිය රු 390 වක් හොඳටෝම වැඩියි. කස්ටියට දෙන්න තිබුණෙ කලින් දවසේ ඉතුරුවෙලා පිලුණු වෙච්ච, පණුවො ගහපු කෑම. “ෂා... මරු කෑම බං. එල පට්ට... “ කිය කියා කයි. සූර්පිට රසක් සුවඳක් දැනෙන්නෙ නෑනෙ. දැනෙන්නේ බෝතලේ සුවඳයි රසයි විතරයිනේ...

    ReplyDelete
    Replies
    1. අපොයි තරු බිව්වට පස්සේ තමා හොදටම කෑම ඕන. මස් නං ලොකුවට මිරිසට හොදට තියෙන්න ඕන. ෆ්රයිඩ් රයිස් නං බාස්මතී වෙන්නම ඕන. කොළඹදි හොද රයිස් එකක් ගන්න පුළුවන් නේ 250 ක් දුන්නම.. (තරු පහේ නෙමෙයි.)

      අරක්කු කියන්නේ බොන්න බොන්න සතා එළියට ඇදල දාන ජාතියක්..

      Delete
  9. මත පෝතෝ බලන්න ඕන. පත්තෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. නෝ පොතෝ තමා පුතෝ. තෝ මොතෝ ආවත් නැතෝ ඒ පොතෝ... චං..

      Delete
  10. අනේ කට්ටිය එකතුවෙලා, බොන ට්‍රිප් එකක් විතරක් යන්ටලාකෝ. බෝතල් ගත්තා, කෑම පාර්සල් කරගත්තා, කැලේකට ගියා, බීවා, බීවා, වමනේ දැම්මා, නිදාගත්තා. පහුවෙනිදා ආවා. කොච්චර ෂෝයිද බලන්ටකෝ... :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩියේ මෙච්චර කල් ඒම ඒවා තමා ගියේ... මේ පාර විතරයි පොඩි ජන්ගල් විසිට් එකක් දැම්මේ. හැක් හැක්.. පහු වෙනිදා අවොත් නං ඉතිං මගේ නෙමෙයි බොසාගෙත් බත් කාඩ් එක අනිවා කට්...

      Delete
  11. හ්ම්ම්..කාටුන්වල ගජමෑන් මතක් උනා මචන්.....

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මං දැං හෙන විහිළු කාරයෙක්.. සන්තෝසේ බෑ.. කෙන්ජා බොකුස්..

      Delete
    2. දේශකයා නොහොත් පචමෑන් ගැනයි මේ කතාව :D

      Delete
    3. දැං හරියට කියපන් කව්ද පචමෑන් කව්ද ගජමෑන්...

      Delete
    4. පචමෑන් උබ බන්, ඒක අවුලනම් කියහන් වෙරලුමෑන් කියල වෙනස් කරල දෙන්නම්...ගජමෑන්නම් කැමිලස්ගෙ ගජමෑන් :D

      Delete
    5. හා හා බොට ඕන එකක් කියාපං බං ගජමෑන්ට අපහාස නොකර.. හරිද

      Delete
    6. ගජමෑන් සමග සමයන්…
      වෙරළුමෑන් සමග මලසමයන්…… :-D :-D

      Delete
    7. බියර් චුට්ටක් දුන්නම තමා මල සමයම උපරිම වෙන්නෙ :D

      Delete
  12. මේක කමෙන්ට් බොක්ස් එකක්ද නැත්තං චැට් බොක්ස් එකක්ද? දැනට කමෙන්ට් 100යි!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ.. අද මාව සැක් කරනවලු ජොබ් එකෙන් තව ටිකක් මෙහෙම ඇදගෙන ගියොත්.. කෝකටත් ආරස්සා වෙන්න ඕන..

      Delete
    2. @ රාජ්, අහුවෙච්ච වෙලාවට අත අරින්න හොඳ නෑන‍ෙ. :D

      Delete
    3. ඔය අහුවුනේ කතන්දර අංකල්ගෙ සංගණන ඇනෝ

      Delete
    4. ඒයි බං දේශ්, අහිංසක රාජ් කොල්ලට මඩ නොගහ හිටින්..

      Delete
  13. කරුනාකර මේක drafts වලට මාරු කරන්න :P තව ටික දොහකින් සසිදුව දායි බස් එකේ චූ කරපු ෆොටෝ එකක්, කෝමත් බොගෙ ඩේට කේබලෙන් වැඩක් නෑ, ෆොටෝ අල්ලන්න සිහියක් නෑනෙ. අනිත් උන්ගෙ කැමරා වල ෆොටෝ තමයි ඕන.

    ReplyDelete
    Replies
    1. සසිඳුවෝ මෙන්න අයිඩියාස්ස්ස්. හැමදාම නෑ හැම තැනම නෑ. ;-)

      Delete
    2. ආයෙ ඒ වගේ පෝස්ටුවක් දාන්න බෑ බන් වෑවර කතාව දාලත් තාම ටික දවසනෙ :D

      Delete
    3. ඔන්න මන් දැම්ම බන්
      http://madayaa.blogspot.com/2014/02/blog-post.html

      Delete
    4. පෙබරවාරි මට අගුණයි.

      ඉස්සෙල්ලම සසින්දුවා ඊට පස්සේ දුලා. දැං මඩයා. ඔහොම යමල්ලා. තොපිටත් හති වැටේවි දවසක.. හැක්..

      Delete
  14. අන්න අඩ ලියල තියෙනව ටොප් එකට,හැබෑටම බියර් බෝතලයක් ගහල ඔච්චර වෙරි එනවද බං.

    ReplyDelete
    Replies
    1. මේකනෙ හැලප මාමේ කෝක් ගහල පුරුදු එකා එකපාරට බියර් ගැහුවම වදිනවනෙ (එහෙම වෙන්නෙ දේශකයට විතරයි ඈ) :D

      Delete
    2. කව්ද බං බියර් ගැහුවයි කිව්වේ. මේ මුන් ගහන මඩ නේ බං..

      Delete
  15. අදනම් විස්තරය එළ කිරි ඕං! ආයේ ඇස්වහක් කට වහක් නෑ අපිත් ගියා වගේ. හොරට නොබී ඇත්තට බොන උන් ඔහොම තමයි ! ඒකට බොන මිනිහෙක් කවදාවත් අපහාස කරන්නේ නෑ. මම කැමතිම ටික තමයි බීමෙන් පසු අපි හැමෝම සමාජවාදීන් වීම. හැමෝම එකයි. උඹට ජය!

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ බං මට ලියන වෙලාවේ ඒක ඔළුවට ආවේ නෑනේ.. සමාජවාදීන්..

      ජය වේවා.. බොටත් ගුණේ..

      Delete
  16. යකඩෝ මට නම් දුකම අර වල්ල පට්ට ගහ අත හැරලා දාලා ආපු එකයි. රෙද්ද. චැක්…

    යකඩෝ මෙච්චර දහස් ගානකට දේශන පවත්වන දේශකයෙක් ඉන්න සෙට් එකකට පිටින් දේශකයො ගත්තෙ අහවල් එහෙකටද. මාර්ගෝපදේශකයා මොකද දේශකයා මොකද?

    ReplyDelete
    Replies
    1. උබ මේ වල්ලපට්ට ගහක් කියෝනව දේශකය වල්ල බේරන් තියෙන්නෙ මාර ගේමක් දීල :D

      Delete
    2. මේ වල්ලට හෙන ගැහුවත් මොකද බං??
      මේ වල්ල වගේද ඒ වල්ල?? අපරාදෙ බන්. මේක දීලා හරි ඒක අරන් එන්නයි තිබ්බෙ. :-( :-(

      Delete
    3. මුගෙ වල්ල දීල හාල් හුන්ඩුවක්වත් ගන්න පුලුවන්ද බන් :D

      Delete
    4. අන්න උඹම පිලි ගත්තා ඒක සත පහකට වටින්නෑ කියලා.

      මේවා දැකලා මේ මනුස්සයා අපිව ආයෙ බ්ලොග පැත්තට වද්ද ගනීද දන්නෑ බන් හි… හි… :-D :-D

      Delete
    5. දේශ හොද එකාබන් අපිට එහෙම කරන්නෑ :D

      Delete
    6. වල්ල පට්ට කෙසේ වෙතත් මූ අර දීපිදේශිකාව උස්සන්න හැදුවයි කියල තමයි ආරංචි උනේ.

      Delete
    7. මුගෙ වල්ල කපන්න එපායෑ..

      Delete
    8. ඒක පොඩි වල්ල පට්ට ගහක්.

      දිපිදේශිකා පරණ මලකාපු නැවක් බාං.. හැක්.

      Delete
  17. අඩේ කිලෝමීටර් 6ක්ම යන්ඩ තිබ්බා නං මරු. මම නම් ගල් බාගේ බෑග් එකේ දාගෙන කිලෝමීටර් 6 යනවා. මොන එක කොහේ ඉදන් බිව්වහම මොකෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඒම බෑ බං. බෝතල් සිකැරැට් ගෙනියන්න බෑ හරියට අර හෝර්ටන් ප්ලේන්ස් යනවා වගේ චෙක් කරනවා බෑග්.. එච්චර සැරටම නෑ ඒත් ගයිඩ් යන නිසා කෝමත් මුකුත් කරන්න බෑ බං

      Delete
  18. ඊරිසියාවේ බෑ ඕයි...කන බොන වෙලාවට උස් පහත් කෙට්ටු මහත ඕවා හරියන්නේ නැහැ. උඹ හරි දේශා..මාව මතක් වුනා.

    දැව සංස්ථාවේ සභාපති වෙලා හිටියා ජෝ අබේවික්‍රම මහත්තයා එක කාලෙක. හෙඩ් ඔෆිස් එක තිබුනේ බම්බලපිටිය හන්දියේ. ඒ දවස්වලත් නොයෙකුත් චෝදනා තිබුනා. මෑන් වැඩි කාලයක් හිටියේ නැහැ මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. උඹත් ඒම තමා කියල මං නං දැනං තමා හිටියේ.. හැක්.

      ජෝ සභාපති වෙචිචි සිද්ධීය මං දැං තමා දන්නේ. බොට තැන්කුයි..

      Delete
  19. කන්නෙලියෙ පාරෙ එක තනකින් බෑහෑල තව තෑනකින් මතුවෙන ගුහාවෙන් ගියෙ නෑද්ද?

    ReplyDelete
    Replies
    1. හිතා මතා ඇලපිල්ල හැලුවද අත් වැරැද්දක්ද ප්‍රා

      Delete
    2. ගියා ගියා ප්‍රා. ගුහාව මං පෙතින් බැහැල අනගි මල ඇල්ලට අපි ගියා..

      @ නලියා

      කුප්ප ප්‍රා. අමුතු රසයක් මැව්වා එතනදී නේද??

      Delete
  20. මේ කතාවල තාර බර ඇරල ගත්තත් දේශකයෝ උඹ ලියල තියන විදියනං පංකාදුයි බං. කනේලියේ යන්නම හිතෙනවා. අර දේශිකාවට උම්ම එහෙම දුන්නේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ එච්චර හරියක් බෑ බං. දේශකයෝ 20 ක් ඉන්නවා එතන. ඒ ඔක්කෝම අහල පහල ගම් වල අය ඒ වගේම කැලෙන් ජීවත් වෙච්චි අය. ඉතිං කැලේට වෙන හානිය නවත්තගන්නයි ගමෙන් කැලයට පැනල ගස් කපන පොරවල් නවත්තන්නයි තමා ඒ අයට දේශක තනතුරු දීල තියෙන්නේ. ඒක සාර්ථකයි ඒ නිසා කැලේට ගමෙන් සිදු වන හානිය අවම වෙලා තියෙන්නේ..

      Delete
  21. නොදකින් ඊරිසියාවේ බැ. මෙහෙත් අපි ඔහොම ට්‍රිප් නම් යනවා හැබැයි ඇල්කොහොල් නැතුව. මෙලෝ රහක් නැ නිකන් ජිල්බෝල හොද්දක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඇල්කොහොල් නැති ට්‍රිප්.. හරිම භයානකයි බං...

      Delete
  22. යකෝ බොනවා කියලා එහෙමත් බොනවද!!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට නොබොන පුතුන් කුමටද නාඩිය..හැක්..

      Delete
  23. මදි..මදි..හොඳටම මදි..42 ට බෝතල් 15 මදි...කොහොම වුනත් ආතල් එක කන් දෙකෙන් බේරෙන්න අරන් තියෙන බව නම් පේනවා...හොඳ වෙලාවට බොක්සර් එකක් ගහලා හිටියේ පටි ජොකා නැතුව..

    ReplyDelete
    Replies
    1. 42 න් 30යි බං බිව්වේ. සමහර උන් සොට් දෙක වැටෙද්දි ඩවුන්.. මම අදින්නෙම බොක්සර් නිසා කිසි කරදරයක් නෑ. හැක්..

      Delete
  24. මේ හෙඩිම මරු කයි පදේ බං මේං බ ලහං බොරුනං

    කන්නෙලියේදි විය නන්නත්තාර
    කන්නෙලියේදි විය නන්නත්තාර
    කන්නෙලියේදි විය නන්නත්තාර
    කන්නෙලියේදි විය නන්නත්තාර

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඒම තමා බං. ගණ පිහිටුවලා තමා හෙඩිම දාන්නේ අපි..

      Delete
  25. දේශකගේ දේශානාටකය කියවන්න පෙර දුලාගේ පෝස්ටුව බැලුව එකද මන්දා වරද. මට පෙනෙන්නෙම දේශක ට තවමත් වෙරි වගේ.
    ඇයි දුලාට පිළිතුරක් දෙන්නේ නැත්තේ?
    මඩක් නොවේ හොදේ!

    ReplyDelete
    Replies
    1. දීපන්කෝ උත්තර දේශකයෝ හූ......හූ.....

      Delete
    2. අපොයි මං කෝමත් පුල්ටයිම් වෙරි වගේ තමා ඉන්නේ..

      දුලාට උත්තර දෙන්න මොකක්ද මිනිහා දාලා තියෙන්නේ. මොකක්වත් නෑ. කතාවක් තේරුම් ගන්න බැරි අය එක්ක මොන කතාද? ඒක තේරුමක් නැති දෙයක්. මං ඔතන එක ප්‍රතිචාරයක් හරි දැම්ම නං ගොනා බැන්ද වගේ තමා දුවන්නයි වෙන්නේ. ඊට හොදා මගේ පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්න එක. අනිතිමට මිනිහම තේරුම් ගත්තා සංවාදයක් කරන මුවාවෙන් මොකක්ද කරන්න ගියේ මොකක්ද උනේ කියලා.. එච්චරයි..

      Delete
  26. යකඩෝ මේක නිකන් සින්දුත් නැති ෆයිටුත් නැති ටිකක් සෙක්ස් තියෙන සිංහල සම්භාව්‍ය පිචර් එකක් බැලුවා වගේ

    ReplyDelete
    Replies
    1. අනේ යකඩෝ උඹ කියන්නේ සිංහල සම්බාවය ඒවයේ තියෙන්නේ කැලේදි රෙදි උස්සන් ඉන්න ඒවා විතරයි කියලද?? හැක්..

      Delete
  27. ආතල්ම වැඩේ තමයි උස් මිටි කම් මොකුත් නැතුව මචං ටයිප් එකට වැටෙන එක.. ඉතින් අර දීපදේශිකාටත් පෙව්වද :D

    ReplyDelete
    Replies
    1. ගේට්ටුවෙන් එළියට ඒ අය එන්නෑ බං..

      Delete
  28. අඩේ බලන් ගියාම කොයි ඔෆිසියේ වුනුත් ට්‍රිප් යන්නේ බොන්නනේ බං...?

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව. නමස්කාර කියන්න නෙමෙයි නේ බං..

      Delete
  29. ඉදපන් අද දවල් කියපු ට්‍රිප් එකේ ඇත්ත කතාව මඩවලේ දාන්නම්. :D

    ReplyDelete
    Replies
    1. http://madayaa.blogspot.com/2014/02/blog-post.html

      Delete
    2. හරි හරි බොට ඕන මගුලක්..

      Delete
  30. හපෝ ගත්ත පින්තූර දාන්නත් එපා දේශාගේ සැට් එක එළියේ දාගෙන ඉන්න එව්වා අඩුම ගානේ 25ක්වථ් ඇති හික් හික් හික් ට්‍රිප් ගැන මතක් වෙනකොටත් ඇඬේනවා.

    ReplyDelete
  31. ඔය හෙළු සමයම නැටුවෙ අර අහිංසක දීපශිකාවත් අහළ පහළින් තියාගෙනද දේශකයො....

    ReplyDelete
  32. කන්නේලියේදී නන්නත්තාර වෙලා එක පොටෝ එකක්වත් ගහන්න නැතුව ඇති. ඩෝප් වෙලා නකතන් වුනාම මොන පොටෝද? දැන් බයිලා ගහනවා. එක්කෝ අර දෙශිකාගේ කට දිහා බලා ඉන්න ඇති ගහෙන් වැටිච්ච කලාමදිරියෝ වගේ හෙහ් හෙහ්

    ReplyDelete
  33. මේ පොඩ්ඩක් පරක්කු උනා බං ඈ !!

    මොකෙද්ද බං තොපේ හිඟන බොසා .. චැහ්. බස් එකේ බොන්න බෑ .. ඕකව අස් කරල දාපං ..
    දාල මාව ගනිං
    බොන්න දෙන්නං තොපිට ඉෂ්ම යන්ඩ !!!!!!!

    ReplyDelete
  34. ඇයි මචං උඹ ඔහොම බොන්නේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද...?

    ReplyDelete
  35. මගෙ නම තියෙන මාර්ගෝපදේශිකාවක්නෙ ඉදල තියෙන්නෙ. :-)

    ReplyDelete
  36. හප්පේ.. අරක්කුත් එක්ක තරහට වගේ බිලා තියෙන්නේ

    ReplyDelete
  37. දුර්වල පිරිමි මත්පැන් බී විදවති
    ශක්තිමත් ගැහැණු කදුළු බී හිනැහෙති


    මහාචාර්ය කුවේණි __________

    ReplyDelete
  38. යකඩෝ මෙහෙමත් බීමක්.. එහෙනම් පහුගිය ටිකේ අතුරුදන් වුනේ ඒක තමයි.. අපිට ෆොටෝ නැතුව මේවා විශ්වාස කරන්න ඹෑ හැබැයි..

    ReplyDelete
  39. හොදම හරිය බැලුවෙ මඩයගෙ පෝස්ට් එකෙන් :))

    ReplyDelete
  40. අපිට උඹ ගැන හරිම ආඩම්බරයි මචං...

    ReplyDelete
  41. වල්ල පට්ට තියෙනවනම් පොඩි ගතියක් තියෙනව..

    ReplyDelete
  42. ළිඳ හාරාගෙන වගේ නාලා තියෙන්නේ මේ පාර

    ReplyDelete