Sunday, February 2, 2014

වෑවර (හොරට කන)

අද මං විතරයි වැඩට ආවේ වෙනද එන පනහක් විතර උන්ට නිවාඩු උනත්. ඒත් ඔපීසියේ වැඩට එක්කෙනයි තව ෆුල්ටයිම් ඩියුටි දාපු බුවෙකුයි විතරයි පළාතපත්තුවටම ඉන්නේ. උදේ දහයට විතර මට තේ එක හදල දීල මිනිහා මාරු උනා. ටික වෙලාවක් යන කොට මම දැක්කා කාමරේ ජනේලෙන් එපිට අර හාදයෝ දෙන්නා එනවා එකෙක් ගෝනියක් කර තියාගෙන. මේ මොන වස්තරයක්ද කියල මම බලන් හිටියේ ඇයි යඩකෝ අදත් මුං මොනා හරි උස්සන්න හදනවද කියලයි. 

තව ටිකකින් ඔපීසියේ පොර ඇවිත් මගෙන් අහනවා. “සෑර්.. වෑවරයක් බොමුද??“

“කොහෙන්ද වෑවර?“ මම ඇහුවා.

“ගාමිණීයි මමයි කැඩුවා ගහෙන්“

“ඕවා කරල අහු උනොත් එහෙම බොලාට තමා ගෙදර යන්න වෙන්නේ“

“හැක් හැක් ඒකනේ සෑර් ඉන්න දවසෙම කරේ“ කියල මු කියාපි. 

ඒ පාර එළීයට ගිහිල්ල කපල දුන්න වෑවර ගෙඩිය මං රස කර කර බීලා ආයිත් ඇවිත් වාඩි උනා.

ඉස්සෙල්ලම හොරට කඩපු වෑවරයක් බිව්වෙත් ඉස්කෝලේ යන කාලේ කොහේ හරි මළගෙදරක නයිටක් ගහද්දි කියල මට මතක් උනා. අපේ ගමේ තමා පාර්ලිමේන්තු මන්තිරියගේ ගෙවල් තිබුනේ. ඊට ගෙවල් හත අටකට එහා තිබුනා හොද සාර පොල් ඉඩමක්. ඔය භීෂන කාලේ නිසා මන්තිරියගේ ගෙදර වටේටම ෆැලෑෂ් ලයිට් ගහල ආස්සාවට කීප දෙනෙක්ම රෑට හිටියා. අපේ සැට් එකේ හිටියා මන්තිරියගේ අයියගේ පුතා. ඒක නිසා ඌ අර හාදයෝ හොදට අදුනනවා. ඒකෙන් අපි අර පොල් වත්තට යන්න සැට් උනා. අනේ ද කියන්නේ වටේට තිබුන ආරක්ෂාව නිසා පොල් ඉඩම හොදට රැකිලයි තිබුනේ අයිතිකාරයා ගොරව ගොරව නිදාගත්තත්. නොමිලේ ආරක්ෂාව..

මම මුලින්ම හොර වැඩකට යන නිසා පපුව ගැහි ගැහි ගියාට, අනිත් උන්ට ඒක ගානක් නෑ. කට්ටියම ගිහිල්ල හොද ගහක් තෝරගෙන එකෙක් නැංගුවා ගහට. ඌ කරටියට ගියාම ඌට පස්සෙන් තව එකෙක් ගහේ. ඒ වගේ තුන් දෙනෙක් ගහේ. ගහෙන් බාගයක් විතර යන කං අතින් අතට එන කඩාපු ගෙඩි ටික ඊට පස්සේ පල්ලෙහාට දාන කොට අපි අතින් අල්ලගන්නවා. බැරි වෙලා හරි ඩිග් ගාලා බිමට වැටෙන සද්දේ ඇහුනොත් අනාතයි නේ. ඔය විදියට සෑහෙන තරමට ගෙඩි ටික කඩාගෙන මන්තිරියගේ ගේ ගාවට ගිහිල්ල එකේ ආරස්සාවට ඉන්න හාදයොන්ටත් ගෙඩි තුන හතරක් දීල මගට ඇවිත් තමා අපි ගෙඩි ටික කපාගෙන කෑවේ.

ඒ තමයි මුල්ම සිද්ධිය. ඊට පස්සේ ඔය වෑවර කඩන වැඩේ එච්චර හිතට ගතට අමාරු උන දෙයක් නෙමෙයි. මළගෙයක් නං වටේ පිටේ පොල් ගස් වල ආරක්ෂාව අනිවාර්යෙන්ම තර වෙනවා. කොච්චර සිකිරුටි තිබ්බත් අපි ගෙඩි ටික නං කඩාගෙන කනවා. හැබැයි එක දවසක් නං වෑවර එපා වෙන සිද්ධියක් උනා.

එක පාරක් බීච් එකට කිට්ටු තැනක තිබුන මලගෙයක් වෙලාවේ රෑට කඩන්න කියල කිසිම ගහක් ඒ කිට්ටුවක තිබුනේ නෑ. ඒ පාර බීච් එකට ගිහිල්ල බැලුවම එතන ගස් ටික හැමදාම වගේ හෝදාපාළු වෙලා. ඒත් අංශක 45 ක් විතර මූද පැත්තට ඇල වෙචිචි එකම ගහක බඩු තියෙන විත්තිය දැක්කත් කව්රුවත් ඒකට නගින්න බයයි. මොකද හුළගට කෙලින් අතට පැද්දෙන එක අවුලක් නොවුනත් ගහ පැත්තට පැද්දෙන එක භයානකයි.

මොකෑ කරන්නේ කියල බැලුවම අහල පහල බස් හෝල්ට් එකේ හැමදාම නිදාගන්න “සම්පත් පිස්සා“ කියල හැමෝම හදුන්වන ගමේ කරක් ගහන පිස්සු ගෝතයා ඉන්නවා. අපේ එකෙක් කිව්වේ මෙන්න මේකා එක්ක ගියා නං වැඩේ කරගන්න පුළුවන් කියලායි .ඒ පාර හෝල්ට් එකට ගිහින් මේකාව නැගිට්ටුවා. පව් අසරණ මිනිහා. අපි පොලිසියෙන් වගේ ඇට් කරාම ඌ ඒකට අහු වෙලා අපිත් එක්ක ආවා.

ඊට පස්සේ ගහ ගාවදි පොලෝසියේ ලොකු මහත්තයට වෑවර ඕන උඹ කඩල දියන් කිව්වම මේකා ගස් නගින්න බෑම කියනවා. අපිත් අතෑරියේ නෑ මූව හොදටම බය කරල කොහොම හරි ගහෙන් බාගයක් නැංගුවා. ඉතිරි බාගේ නගින්න බෑම කියල මේකා කෑගහනවා. පස්සේ තොට වෙඩි තියල මරල මූදට දානවා කියල බය කරාම යන්තං ඒ ටිකත් නැගල අමාරුවෙන් ගෙඩි හත අටක් බිමට දැම්මා. ඒ අතරේ ගහ පැද්දෙන කොට අපි ටික දෙනෙකුට තේරුනා මේ හාදයා ගහට යවල අපි කරගත්ත ගොං කම. දැං ඇති කියල ගහෙන් බහින්න කිව්වාම මේ හාදයට පල්ලෙහාට එන්න තේරෙන්නෑ. වෙව්ල වෙව්ල ගහේ එල්ලිල ඉන්නව. දැන්නං හාට් කූල් වෙලා. මොන වෙලාවේ පොර වැටෙයිද කියලා. 

වැඩේ හරියන්නැති නිසා කට්ටියම එකතු වෙලා කෝකටත් කියල මිනිහට පල්ලෙහායින් අපි වලල්ලක් වගේ හැදිල හිටියේ. බැරි වෙලා වැටුනොත් හෙම නොමැරී බේරගන්න හරි කියලා. ඒ අතරේ අපි පොල් ගහෙන් බහින හැටි ගැන මිනිහට තෑපෑලෙන් උපදෙස් දුන්නා. බයේ වෙවුල වෙවුල මිනිහා ගහෙන් බාගයක් ඇවිත් ඉතිරි බාගේ බහින්නම බෑ කියල එක ලෙසටම අඩනවා. ආතල් කිතල් වෙලා අපි ටික නන්නත්තාරයි. මොකද කරන්නේ කියලා. කෝම හරි තග දාලා, අඩල, දොඩල මුව ගහෙන් බස්සගත්තා. ගහෙන් බැහැපු මේකා ගහ මුලම වාඩි වෙලා මැරෙන ගානට හති හලනවා. අපි කරපු වැඩෙන් තව ටිකෙන් මේකා මැරෙනවා නේද කියල කල්පනා වෙලා අපි හෙම්බත් වෙලා. මේ ගැන මුලින්ම කතා කරපු එකා තමා කුනු බැනුම් ඇහුවේ. 

මොනා උනත් අන්තිමේ කාගෙන්වත් උපකාරයක් නැතිව හිටිය සම්පත් පිස්සව අපි එක්කන් ගියා, ගිහිල්ල වෑවරයක් කපල බොන්න දීලා අහල පහල යාළුවෙක් වෙචිච හිච්චි පුතාගේ ගෙදර ලිදෙන් අර මහ රෑ මේ හාදයට නාවල හිච්චි පුතාගේ සරමකුයි කමීසෙකුයි අන්දල උණූ උණූවේ තේ එහෙකුත් දීල තමා යැව්වේ. එදායින් මෙදායින් ඒ යකා මැරෙනකංම ගමේ කිසිම කෙනෙකුට මිනිහට කරදරයක් කරන්න අපි ඉඩ තිබ්බේ නෑ. පව් අසරණයා.

103 comments:

  1. මොකක්ද මේ නිවාඩු දවස් වල වෑවර කඩන්න සෙට් වෙන් ජොබ් එක :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක තමා ඔය බලන් හිටිය වගේ කියල තියෙන්නේ.. හැක්..

      Delete
  2. යකෝ රුපියල් 20ක් වත් දීලා අරගෙන බිපන්කෝ හොරෙන් බොන්නේ! (ඒත් ඉතිං හොර වෑවර වල රස දන්නේ ඒවා බීපු එකෙක්ම තමා

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ දන්න උදවිය... :D

      Delete
    2. අනිවා බං ඒවා තමා රහම..

      පොඩ්ඩි

      බලන්නකෝ හොරු සැට් එකම ඉන්නවා මෙතන

      Delete
  3. හොඳ වැඩේ තොපිට,අහිංසකයෙක්ව ගස් නැග්ගුවට

    ReplyDelete
    Replies
    1. ආයි ඒ වගේ ගොං වැඩ කරේ නෑ... හැලපයියේ..

      Delete
  4. අදනං මේක හොරෙන් බෝතලයකට සෙට් වෙන්න වගේ හදන්නෙ.

    අම්මප ඕව හොරෙන් බොනව තරං එළිපිට බොනකොට රස නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මුල්ම අනාවැකිය කිව්වේ උඹ වෙන්නැති බං. බොට දිවැස් තියේද.. හැක්..

      Delete
  5. චැහ් !! හොරෙන් බොන වෑවරේක රහ වැඩක් නෑ කියලා බං !! ඉස්සර පන්සලේ කඨින පිංකමේ රෑට පිරිකර ගම වටේ ගෙනියන දවසට අපි යනවා ඕක පස්සෙන් මුලු රෑම.මාරි කන්නයි කෝපි බොන්නයි..!! ඕකට වෙනම එකෙක් ගෙනියනවා අන්දොස් කියලා.නම වගේම ඌට පොඩ්ඩක් අන්දොස් , හැබැයි ගස් නගින්නෙ නෑ ගස් දිගේ දුවනවා ..!!

    ReplyDelete
    Replies
    1. ඌ වැඩ අන්දොස් කරොත් ඉතිං බොලාත් ඉවරයි..

      Delete
  6. උඹලා සම්පත් පිස්සට කරපු වැඩේනම් කැතයි ගොයියෝ. පව් අසරණයා. මිනිහව ගහෙන් වැටිලා මැරෙන්නත් තිබුනා. ඊට පස්සේ ඌට සලකපු එකෙන් කරපු පව ටිකක් වැහුනා.
    ඉතිං මචං මටත් හොර වෑවර ගැන එක අත්දැකීමක් තියෙනවා. ඒ අපේ තාත්තගේ අම්මාගේ මළ ගෙදර දවසේ රෑ සෙට්වුන යාළුවොත් එක්ක ටිකක් ඈත වත්තකට පැනලා කුරැම්බා කඩපු එක. හොඳ අත්දැකීම් කාරයෝ හිටියා. එකෙක් දැන් පොලීසියේ ලොක්කෙක්. වැඩේ කරලා එනකොට මහ රෑ පොලීසියෙන් අපිව නැවැත්තුවා. මළ ගෙදර වැඩ කියලා තමයි බේරැනේ...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔහොම සීන් වෙනවා බං. සම්පත් පිස්සට කරපු දේ ගැන මගේ හිත අදටත් හොදනෑ. ඒ කාලේ ඕවයේ බරපතල තේරෙන්නෑ නෙව බං..

      Delete
  7. රං ගොජාට මොකක් හරි නෑකමක් තියනවද බන්? :D

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම උනානං මගේ අවාසනාව තමා බං

      Delete
  8. අරූ කුට්ටම ලෙලි ගහගත්තද කියලා බැලුවද?යකෝ පොල් ගස් නගින්න දන්නේ නැති එවුන් නග්ගුවාම උන් බහින්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. චික් ඉදගෙන මෙයා කියන කතා :D

      Delete
    2. පුසටද කොටියටදත් ඔය ගැටලුව තියනවා ඉවාන්

      Delete
    3. අනිවා ඉවාන් අයියෙ දන්නෙ නැති උන් නැග්ගාම පපුවේ ඉදලා තුවාළ කර ගන්නවා ,අනික ඔය උපකරණ වලට තමා ලොකුම හානි වෙන්නෙ.

      ඈ පුසා & කොටියාට ගහෙන් බහින්න බැරි ඔය හෙතුව නිසා ද ?හැබැයි සමහර පුසෝ ලස්සනට නැග්ග විදිහටම බහිනවා ..

      Delete
    4. ඊවාන්

      ඒක නං බැලුවේ නැහැ බං.. අපිට මොලයක් තියෙන්න එපැයි බං ඒක තේරුං ගන්න.. හැක්..

      කොටියට නේද නලියෝ කේස් එක තියෙන්නේ

      Delete
  9. හොර තැබිලි කඩලා මටත් හොඳ චාටර් වෙච්ච අත්දැකීමක් තියෙනවා මෙතනම ලියන්නම්කො....
    පන්සලේ කටිනෙ දාට ඉස්සරින්දා පිරිත් අහන ගමන් කට්ටිය සෙට් වෙලා රෑ ඔන්න තැබිලි කඩලා බිව්වේ පවුල පිටින්ම පිරිත් අහන්න ඇවිත් තිබුන උපාසක මහත්තයෙකුගේ ගෙදර ගහෙන් ....
    මේ හැර වැඩේට අපේ සැට් එකේ හිටිය එකෙක්ගේ මල්ලි කෙනෙක් ඉඳලා මහා රෑම මල්ලිකාරයව ගෙදර යවලා තමයි වැඩේට සෙට් උනේ
    කොමහරි රෑ කරපු වැඩේ පහුවදා මේ මලයා දැනගෙන උට මල පැනලා උව හලලා ගිය එකට .....
    පහුවදා ඉස්කොලේයන බසෙකේ මම බස් එක ඇතුලේ මු පුට්බෝර්ඩ් එකේ ඉඳන් මාව දැකලා මුළු බස් එකටම ඇහෙන්න කෑගහලා අහපි
    " අඩේ උබලා එදා මාව හලලා ගිහින් පිරිත් අහනවා කියලා සරත් මාම ලගේ ගෙදර තැබිලි හොරෙන් කඩන බිව්වා නේද බොලව්........ බොලා මහා කැත මිනිස්සු මව එක්කගෙන ගියේ නැනේ " හයිඌ මුළු බස් එකම මගේ දිහා බල බල හිනා වෙනවා දැනුත් මැවිලා පේනවා

    ReplyDelete
    Replies
    1. ඒක නං වහ කන වැඩක් බං රාලේ.. හැක්.. උඹ ඊට පස්සේ පයින් ගියාය කියන්නේ ඒක වෙන්ටැති..

      Delete
  10. අපටනම් එකපාරක් පොඩි ටිකට් එකක් ඇදුන. මහරෑක බඩගාපු ගහක තිබිල අහුඋනේ නැද්ද තෙලිජ්ජ මුට්ටයක් - ඔන්න ඔක බීල මුට්ටයෙ අඩියෙ ටිකක් අයිති කාරයට ඉතුරු කරල මුට්ටිය ආයිත් බැදල අපි මාරු වෙච්චි. පස්සෙන් පහුවෙනිදා උදේ ක්ලාස් යන්න බයිසිකලේ පදිද්දි ඔන්න ඉස්සරහට එනව මෑන් කුණුහරුප වපුර වපුර. භලහන් කොල්ලනේ කවුද අම්මට හු... එකෙක් මෙක බාගෙන බීලානෙ. ඉදා ඉතුරු ටික උඹල දෙන්න බීපිය කියල අපිට දීපි. අපිත් සිංහලෙන් තෑන්කූ කියල තෙලිජ්ජ ගසා ක්ලාස් ගියෙමු.

    ReplyDelete
    Replies
    1. පුල් ආතල්ය.. ඒවා නං බෝනස්ය..

      Delete
  11. කවුරු කොහොම කිව්වත් හොරෙන් කුරුම්බ කඩන් බොන එක මාරම ජොලි වැඩක්. පහුවදාට බැනුං අහන එක එයිටත් වඩා ජොලි වැඩක්. කුරුම්බා හොරෙන් කඩලා බිව්වෙ නැති පිරිමියගෙන් වැඩක් නෑ වගේ... අනේ ඒත් අද කාලේ....... ඔව්ව කොයින්ද දැන්..

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑව බං. ගෙදර බඩු තිබ්බත් ඇහැවත් අරන්නෑ. ඒත් හොරෙන් කනවා නං දුවල යන්නේ..

      Delete
  12. මේවා සහ ගහන වැඩ.. අපේ උන්ට නම් ඔය දේවල් කරන්න මම කවදාවත් ඉඩ දීලා නෑ.. පොඩි කාලේ ඉඳලම... හොර පොල් කඩලා තියෙනවා.. ඒත් අසරණ මිනිස්සුන්ට හිරි හැර කරලා නම් නෑ කවදාවත්.. මහ නස්කූනී වැඩ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත...මේවා සහ ගහන අපරාධ...දේශකයා මෙතන මේ සිල්ලරට කිව්වට ඒ අසරණ කොල්ලට අතින් පයින් සලකලා තමයි ගහ උඩට නග්ගලා තියෙන්නෙ....සිකේ හරිම කැත වැඩක් වෙලා තියෙන්නෙ...

      Delete
    2. මටත් අල්ලන්නෙම නැති නස්කුනි වැඩ තමා අහිංසකයන් පෙලන එක.

      Delete
    3. @ මාතලං
      ඔව් බං ඒක තේරුනේ පස්සේ. ආතල් එකක් ගන්න කරාට ආතල් කිතල් අන්තිමට.

      @ සිරා & කේන්ජා

      මොනා කරන්නද බං නොතේරුං කමනේ..

      Delete
  13. මල් මාමත් එසේ මෙසේ නෝටි වැඩ නෙමේ කරලා තියෙන්නේ , පව් ඉදගෙන අර සම්පත්

    ReplyDelete
    Replies
    1. ඔය මල් මාමගේ පොඩි වැඩ අනේ...
      හම්බ වෙච්ච වෙලාවක මම ඔයාට කියන්නම් කොරල තියෙන ලොකු වැඩ මෙයා.... :)

      Delete
    2. ඔමා. කරපු හැමදේම මේකේ ලියන්න ඇහැකියැ.. හැක්

      @ කෙන්ජා
      ඔව් උම මගේ බාප්පා නෙව..

      Delete
  14. මට එකක් කියහං. පිස්සොත් පොලීසියට බයද බං?

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නෙම ආව මචන්.

      Delete
    2. ඔය දෙන්නා එක කුස උපන් සහෝදරයෝ වෙන්න ඇති ගිය ආත්මේ ඒකයි... :D

      Delete
    3. @ හැනැරි

      ඒක නං මේකයි අපි හිතන්නේ අපි පොලිස් පාට් ගත්තම ඌ බය උනා කියලා. ඒ උනාට කව්ද දන්නේ මහ ගෝරනාඩුවද ඌ බය උනේ කියලා..

      @ ඊවාන්
      හැබෑම කෙන්ජා මං දැක්කා ඔය කතාව කොහේ හරි කියල තිබ්බා..

      Delete
  15. යකඩෝ දේශකයා හොරෙන් උස්සලා තියෙන්නෙ ගල් බාග විත‍රක් නෙමේනෙ එතකොට.

    කොහොම උනත් ඕවා නම් සල්ලි දීලා හරි ඉල්ලන් හරි බොනවා කියන්නෙ අපා ගතවෙන පවක්. හොරෙන්ම තමා බොන්න ඕන.

    සම්පතා ඊට පස්සෙ ගස් බඩගෑවෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං හොර වැඩ ගොං වැඩ මදාවි වැඩ සක්කිලි වැඩ හැම දෙයක්ම වගේ කරා. ඒ කාලේ.. හැක්.

      Delete
  16. වෑවර කියන්නේ කුරුම්බා වලට නේද?
    පොඩි කාලේ මටත් තිබුනා කුරුම්බා ලෙඩක්. අපි ජීවත් වුනේ ලොකු පොල් වත්තකනේ. ඉතින් අපිට කන්න බොන්න ඇති වෙන්න තැඹිලි හා කුන්ඩිරා හිටවලා තිබුනා. ඒ වුනාට ඒවා කොහෙද අපිට. අපේ වත්තේ පොල් කඩන්න කවුද එන්නේ අපිට ඕනේ පොල් ගස්වල කුරුම්බා. එක දවසක් අපේ වත්තේ සාමාන්‍යෙන් පොල් කඩන අප්පුහාමි බාප්ප නැතිව වෙන බිංදු කියලා මෝඩ පහේ ළමෙක්ට අයියයි මායි කුරුම්බා කඩන්න කීවා එක රෑනක්ම කපලා දැම්මා. සාමාන්‍යෙන් අපෙ අපේ ගෙදර වෙන දේවල් අපේ අප්පච්චි දැනගන්නේ නෑ අපි පොඩි කාලේ. එදා නම් අප්පච්චිත් දැනගත්තා. හොඳ වෙලාවට එයා අපිට ගහන්නේ නෑ. නැත්නම් බුරු බබාගෙයි එයාගේ අයියාගෙයි කෑලිවත් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. එදායින් එදාත් හරි අද වෙනකම් කුරුම්බා බීලා නෑ මම හිතන්නේ භය වෙච්ච පාරට. ඒකටත් එක්ක තැඹිළි. දවසට ගෙඩි පහක් නම් කොහොමත් බොනවා ලංකාවේ ඉන්නවා නම්...

    ReplyDelete
    Replies
    1. වෑවර කියන්නේ කුරුම්බා වලට නේද? ////
      වැවර කියන්නෙ කුරුම්බා වලට වඩා ටිකක් කලින් ,වැවර කුරුම්බා තරම් මොරලා නෑ

      Delete
    2. @ බුරු..

      ඕක මොකක්ද යාළුවෝ එක්ක ගිහිල්ල වත්තක්ම සුද්ද කරපු කෙනෙක් නෙව ඔයා.. හැක්

      @ ඇනෝ
      පැහැලිදි කිරීම හරි. ස්තුතියි ඒකට..මෙන්න යහපත් ඇනෝ මිත්තරයෝ

      Delete
  17. සම්පත්ට මොනාහරි වුනා නම් තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ තාම හිතට අප්සට් ඒ සිද්ධීයට.

      Delete
  18. හපොයි උබත් කරන කඩප්පුලු වැඩ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඒවා එහෙම තමා බං

      Delete
  19. බොලාට කියන්න මගේ හොරපොල්/තැඹිලි මතකයන් මේ කථාව අස්සෙ හෙමීට හෙමීට මෝදු වෙලා ආවා නොවැ...මේවා කියලා මගේ සත්ගුණවත් පට්ටමටත් කෙළ වෙයිද කියලා හිතන ගමන් තමයි අකුරු කොරාන යන්නෙ....

    අපි ඉස්සර අ.පො.ස සා/පෙ ලියන කාලෙ ගමේ එකලග වයස් වල එවුනුයි...වසර දෙක තුන බාල එවුනුයි...බොහොම සහජීවනයෙන් තමා කල් ගත කොලේ...ඒ කාලෙ අපේ ගමේ ගලායන ඇළකට මායිම් වෙලා තිබුන ඉඩමක් වෙන්දේසි කොලා....ඒකෙ සිකියුරිටි ලොක්කා නැති දවසට ඒකෙන් හොර කුරුම්බා කැඩුවට අපේ හිත් වලට මදි...මක්කද කියනවා නං බොල දේශකයො අල්ලපු වත්තෙ තියෙන ඇලිස් නැන්දලාගෙ රන් තැඹිලි ගහේ ගෙඩියක් හොරට කඩාගන්නකං අපේ මල් වගේ හිත් සතුටු වුනේම නෑ...

    ඇල දිගේ පීනගෙන ඇවිල්ලා තෙත පිටින්ම වලලු නැතිව ගහේ හිටගෙන ඇවිදිනවා වගේ ගස් නගින හාදයෙක් අපිට හිටියා මාකස් කියලා...මේ ගොයියා දවසක් ඇලිස්ගෙ ගහේ තැඹිලි කඩලා බිමට බැහැලා අතින් කටින් එල්ලගෙන දුවපියෝ කියලා කෑ ගහගෙන ආපු සද්දෙට පීනන්න දන්නෙ නැති උනුත් ඇළට පැන්නා...

    ඇලිස් උපාසිකාව ඇල අද්දර නතර උනේ මාකස්ට ගහන්න අරගෙන ආපු ඉදලත් අතේ තියාන...ආයෙ වරෙල්ලකො...පර බැල්ලිගෙ පුතාලා....ඉදලා කැඩෙනකං ගහන්නෙ...අන්න එහෙම කන්කළු වදන් ටිකක් තමයි ඇගෙන් පිටවුනේ...ඒ උනාට එදායින් පස්සෙ අපි රාත්තිරියටත් ඇලිස්ගෙ ගහ සුද්ධ කොලා....

    ReplyDelete
    Replies
    1. හෑ.. ලැජ්ජ නැති කමක හැටි. අනේ මන්ද බං ඔය කැඩෙට් බඩකඩිත්තුව නිසා තමා අපි වැඩිපුර හොරු උනේ...

      Delete
  20. චැහ් !!

    බ්ලොග් අවකාසෙ ඉන්නෙ සේරම හොර පොල් කඩපු උනු‍යි ගස් පාලුවොයි නෙ !!!.
    අපි වගේ වැදගත් මිනිස්සුන්ට හරියන තැනක් නෙවෙයි මේක...
    හොඳ වෙලාවට බ්ලොගක් නොලිව්වෙ ..නැත්තං මාත් ඒ ගානට වැටෙනවා.. ඉකේ ඉකේ..!!!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මේ වැට ගැහැව්වට මේකිත් ගස් නැගලා පොල් කඩපු එකියක් පත්තර මලයෝ.... එහෙව් දහිරිය ඇති ගැනි දැන් කියන කතා මුල අමතක විම ....................ලෙඩේ නම

      Delete
    3. අයියෝ කට කට

      Delete
    4. එකනේ මම මුලින්ම කිව්වේ ...උඹ වගේ වැදගත් එකෙක් දැක්කමයි.

      Delete
    5. කවුද මෙකෙ ඉන්න වැදගත් අය ..ඇනෝලා විතරයි ..

      Delete
    6. නලින් අයියා
      චැහ් ! එහෙව් දහිරිය ඇති ගෑනි නේද ..මං අහලා තිබුනෙ ගහ මුලට ගිහිං අපූර්වි හයියෙං කෑගැහුවම ගහේ ඇට්ටි ගොබලු කලටි සේරම සට පට ගාල වැටුනලු බිමට..
      ගහ හිතල තියෙන්නෙ හෙන ගැහුවා කියල !!!!!

      අපූර්වි.
      ආයෙ ඒ වගේ අපූරු විසිතුරු විශ්මිත දෙයක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕන හොඳේ : D

      ඉවා මචං
      ඕනෙ තැනක ගිහිං කියපං පත්තර මල්ලි මගෙ යාලුවෙක් කියල .. සලකයි ගමකට. !! :D

      Delete
    7. ඇනෝ මචං !!
      හරියට හරි.. කකාගෙ බ්ලොග් එකේ ඇනෝල නං මරේ මරු !!

      Delete
    8. පත්තර මල්ලා බොට දැං පේනවා ඇති නේද අපි කොච්චර වැදගත් අයද කියලා. .හැක්.. කස්ටියටම ස්තුති

      Delete
  21. අරූ ගහ උඩ හිටිය මදෑ පත බෑවෙන්නෙ නැතුව. ඌ මලා නම් දානෙට තමයි කුරුම්බ ටික ගන්න වෙන්නෙ.. ගස් උඩ ඉන්න් අමාරුයි පුරුදු නැත්නම් කකුල් වෙව්ලනව..

    අපිට නං කුරුම්බ බොන්න අපේ නොවන අපේම හත් හවුල් පොල් වත්තක් තිබුන. සමහර දාට කුරුම්බ බීල නැගිට ගන්න බැරුව ගස් යට බුදියනව. සමහර දාට ආසාවට එක්ක් නෑ. දේශකය දැක්ක නේද මං මෑතක් වෙනකල් කුරුම්බ බීපු එල් ටයිප් පොල් ගහ.. (ආවර්ජනා)

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා.. හැක්.. අපිටත් බං තිබුනා අපේම නොවෙන අපේම ඉඩම්

      Delete
  22. කොහොමත් තමන්ගේ වත්තේ ඒවට වඩා අල්ලපු වත්තේ ඒවා රසින් වැඩියිළුනේ....

    ReplyDelete
    Replies
    1. ඒක නං නිකං කුප්ප කතාවක් වගේ...හැක්

      Delete
  23. දේශකත් නරක නෑ. කරල තියෙන්නෙම ගස් යන වැඩ. ඇත්තටම මේ දේශකගේම අතීතයද? ප්‍රබන්ධ ද?

    ReplyDelete
  24. අපි නම් හොරාට කන්නේ වැල.හැක් හැක්
    මෙන්න කියවන්න -මහඇමති වෙන්න දඟලන සීනිබෝල කෑලි

    ReplyDelete
    Replies
    1. ඒක දැනුත් කරන බව කවුරුත් දන්නවා බං හැක්....හැක්...

      Delete
    2. වැල හොරාට කන්න පිස්සුවක් ඇතෑ.. හැක්.

      Delete
  25. සල්ලි දීලාවත් වෑවරයක් බිවුව කාලයක් මතක නෑ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. මම ඊයෙ පෙරේද තව කෙනෙක් එක්ක මෙහෙ පාර අයිනෙ ෆ්ලැට් එකක ගාඩ්න් එකේ ලස්සනට වවල තිබුන කෙහෙල් ගහකින් කෙහෙල් කොල ටිකක් නං හොරෙන් කපාගෙන ආව බං .. :D

      Delete
    2. හීනෙං වත් එකක් බීපං බං.

      @ පත්තර මල්යා
      කෙසෙල්කොළ මොකටද බං

      Delete
    3. දේශා
      කෙසෙල් කොලේ ඔතපු බත් කන්න හිතක් ආව බං.. හැබැයි ඒක පහල උනේ අර කෙහෙල් ගහ දැක්කම.

      Delete
    4. අහා. ඒකටද?? කෙහෙල් කොලේ ටිකක් රත් කරල අරගෙන බත් එක බැන්දම එන රහ කියල වැඩක් නෑ තමා බං..

      Delete
    5. පත්තර මල්ලී, කෙහෙල් ගස් නම් මමත් ඕන තරම් දැකලා තියෙනවා බං මෙහෙ.. කැන් තමයි නැත්තේ..

      Delete
    6. ඇයි බං කැන් නැත්තේ..

      සඳ කැන් වැටිලා අදුරේ වෙලිලාද??

      Delete
  26. තුක් විතරක් මේකගේ වැඩ-...,..,.,. පිස්සොත් පිස්සන්ව ගස් නග්ගනවා මන් මේ ඇහැව්වමයි හලි චෝයි......ඒ පිස්සට මේ පිස්සා කරපු දෙයින් අනතුරක් උනා නම් තමා වැඩේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. පස්සේ තමා ඒකේ බරපතල කම තේරුනේ..

      Delete
  27. ඔය පොඩි නසරානි වැඩ විතරයි නේද බොලාගේ.....
    ශික්....මම බොක්ක කිය කියා ආශ්‍රය කරන්නෙ මෙහෙම නස්කුනියෙකුට ද අෆ්පා..?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මාමෙ.. අපි නං වැදගත් මිනිස්සු ඕං !!

      Delete
    2. අපෝ බං මීට වඩා වැඩ කරල තියෙනවා හැක්..

      පත්තර මල්ලි කෙහෙල් කොළ එහෙම කපන්නෑ නේද??

      Delete
  28. ඔන්න මටනම් ඒ කාලේ එක ගෙඩියක් කටින් එල්ලගෙන තව ගෙඩියක් එක අතකින් එල්ලගෙන ගහෙන් බහින්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. සුලු දෙයක් විචාරක තුමා..
      එක ගෙඩියක් කටින් එල්ලගෙන අනික අතින් අල්ලගෙන නියුට්‍රල් එකට දාන්ඩ !!
      ගහ මුලට කිට්ටු වෙද්දි බර ගියර් එකකට දාගන්ඩ !!

      Delete
    2. එහෙම එකෙක් තමයි වළල්ල ගහ මුල කියලා....අහවල් එක පැකට් කරගත්තා කියන්නෙ...ගහේ ඇතිල්ලිලා....

      Delete
    3. මට මේ අවස්තාවේදි මතක් වෙනවා ඇම්ඩා පොල් ගස් නැගපු කතාව පින්වතුනි :D .

      Delete
    4. විචා.. අත් දෙකේම අරන්න එන්න බැරිද හැක්.. අනේ අනේ වයසටද කතාව

      @ සිරා.
      හොක් හොක්..

      @ පත්තරේ
      අන්න ඒක කියන්න හාන්දුන්නේ..

      Delete
  29. අඩේ මාර රසයි ඔහොම බොන එවා ,මාත් ඇති වෙන්නෙ කුරුම්බා,තැඹිලි බාපු පොරක් හරිය ,වැඩෙ කොට උඩ ගියේ ,අඹ කඩන්න ගිහින් බිමට වැටිලා දවස් තුනක් ඉස්පිරිතාලෙ ඉන්න උනාම තමා අයේ ගස් නගින්න ගියේ නෑ ,තාමත් අනිත් උන් නගිනවා මාත් බොනවා

    .ගෙවල් වල වහලවල් උඩට නැගලා එක සැරයක් තැඹිලි බැවා ,ඊට පස්සෙ යනකොට ඒ ගෙදර මිනිස්සු බනිනවා අම්මා මතක් කරලා ,අපේ අම්මත් එතනම ,පොලිසියට යනවා කිව්වා ගියේ නම් නෑ ගියා නම් ...හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඒක නං නැති වෙන වැඩක්.. හැක්.. අම්මප මං නං තාම ගහෙන් වැටුන්නෑ..

      Delete
  30. // එදායින් මෙදායින් ඒ යකා මැරෙනකංම ගමේ කිසිම කෙනෙකුට මිනිහට කරදරයක් කරන්න අපි ඉඩ තිබ්බේ නෑ. // ඒ කියන්නේ දේශක තුමා එසේ මෙසේ පොරක් නෙවේ වගේ

    ReplyDelete
    Replies
    1. තනියම ගත්තම පෙන්දෙක් උනාට කස්ටියත් එක්ක බැලුවම යකෙක් නෙව.. හැක් වෙල්කම් කිව්වා පසන්..

      Delete
  31. මරු ජොබ් එකනේ... වෑවරත් බිව්වෑකි :)
    අද නං අපේ ඔපිස් එක පැත්ත පලාතම සද්දයක් නෑ.. මීයට පිම්බ ගානයි :)

    ReplyDelete
    Replies
    1. දැං ඔය කාලේ ඔපීසියෙද මීයෝ කෑ ගාන්නේ නැත්නේ.. හැක්

      Delete
  32. ඔහොම දේවල් කොර කියල කරපු හොර වැඩ වල පව් යන්නෙ නැහැ...හි හි ..අපිත් කරලා තියෙනව බං වෙසක් කාලෙ දන්සල් වලට පොල් අතු කපන්න යනකොට.

    ReplyDelete
    Replies
    1. පිනට නේ දඩි දඩි ගාලා ගෙඩි බිමට වැටෙන්නේ..

      Delete
  33. මේ වැඩ වලට උඹලාව ගස් යවන්න ඕනේ.හොර කුරුම්බා කඩාගෙන බිපල්ලා.අහිංසක මිනිස්සු පෙලන්න එපා බෝල.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත බං. නොතේරුම් කමට කරන වැඩ නේ..

      Delete
  34. හොරෙන් කෑවම ඉතින් පොඩි විනෝදෙකුත් තියනව නේ ...)))

    ReplyDelete
    Replies
    1. ටිකක් ආසත් එක්ක.. හැක්..

      Delete
  35. චී චී. පොලෝසියට බැන බැන .. කොසු පවර් අරං අහිංසකයෙක් මරන්න හදලා.. බොහොම නාකයි..

    ReplyDelete
    Replies
    1. ඒකනං හැබෑය අයියන්ඩිය...

      Delete
  36. වර වර කියලා ගහ යට ඉඳන් තුන් පාරක් කිව්වාම වෑවර ගහ යටට වැටෙන මන්තරයක් තියෙනවා. උඹට ඕනද දේශා....පිස්සෝ ගස් නග්ගන්න ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. එදායින් පස්සේ එහෙම කරේ නෑ බං.. ඒ සාස්තරේ වැඩක් නෑ බං දැං.. හැක්... වෑවර නෙමෙයි පොල් වැටෙන එකක් තියේනං දියං..

      Delete