Monday, January 6, 2014

තට්ට සිංදු!!

ළමායි මේක සින්දු කියන්න හොද වෙලාවක් නෙමෙයි. මොකද අපේ හිතවත් හැලපයියගේ මෑණියන් ටික දිනක සිට අසනීපයෙන් පසුවීමෙන් අනතුරුව ඊයේ දිනයේදි අභාවප්‍රාප්ත වෙලා තියෙන හින්දා. අපි එතුමියට සුභ ගමන් කියා පතමු.. ඒ වගේම හැලප ඇතුළු පවුලේ සැමටම අපගේ ශොකයත් මේ අවස්ථාවේදීම පල කරනවා.

හරි. දැං කතාව.. ලංකාවේ ගීතයක් පටිගත කරපු දවසේ ඉදල... නෑ  ඊටත් කලින් ඉදල ඒ කියන්නේ නුර්ති ගී වලටත් කලින් ජන ගායනා කාලේ ඉදලම කොයි තරං ගායක ගායිකාවෝ ලංකාවේ හිටියද? ඒ අතරින් අප කවදත් ආදරයෙන් මතක් කරන, ලබැදි කලාකරුවන් බොහොමයක් හිටිය උනාට, එළියට ආපු ගායකයන්ගෙන් වැඩිම පිරිසක් ගැන අපි ඇත්තටම දන්නේ නැහැ. අඩුගානේ මොකක් උනාද කියලවත්. ඒකට නමක් මතක තියෙන්නවත් එපායැ.

ඒ වගේම දයානන්ද රත්නායකයන්, ගීපැදුර වගේ තැන් වලදී අප නොදන්නා කලාකරුවන් රාශියක් ගැන තොරතුරු දැනගන්න ලැබිල තියෙනවා. ඒක ලොකු සේවයක්. ජයතිලක බණ්ඩාර නම් ගායන ශිල්පියා ගැන මට මතක හැටියට හොද අනාවරණයක් කලා යසනාත් ධම්මික බණ්ඩාරයන්.

මේ විදියට කතා කරාට ගායන ලෝකයට ඇවිත් පොප්කෝන් එකක් වගේ පිම්බිල එක පාරටම ආයේ පිපිරිල යන අය කොයි තරංද? එහෙම බැලුවොත් මේ කාලේ දි ලංකාවේ ජනගහනයෙන් තුනෙක් එකක් විතරම ගායකයෝ. ඇයි අනේ අපේ හොදම ගායකයෝ 226 ක් ම ඉන්නේ.. (225 ක් දියවන්නාවේ. එකෙක් අරලිය ගහේ) හැක්

කොහොම උනත් දක්ෂ ගායක/ගායිකාවන් ලංකාවේ බිහිවෙනවා. ඒ අය තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒ වගේම කොයි තරං දක්ෂ උනත් තමන්ගේ නිර්මාණ හරි හැටි මාර්කට් කර නොගත්ත පිරිසකුත් ඉන්නවා. තවත් කොට්ඨාශයක් ඉන්නවා තමන්ගේ දක්ෂතාවය නිසි පරිදි හදුනානොගෙන වල් බිහි වෙලා ඉන්න අය. ඒ අය කරන නිර්මාණ අටුකොස් ගානට වැටෙනවා. උණු වතුර වැටුනම හරියට ඇඹරිල යනවා වගේ. කොහොම උනත් තමන් දක්ෂයෙක් බව ඔවුන් දන්නවා ඇති. නමුත් ඒ දක්ෂකම කුමන ආකාරයෙන් එළියට අරගෙන නිර්මාණ කාර්යයේ යොදවනවද කියල නොදැන ඉන්න එක කොයි තරං මෝඩ කමක්ද? සමහර විට මම කියන දේ මෝඩ වෙන්නත් පුළුවන් සාපේක්ෂව.

ඒ විදියට තමන්ගේ දක්ෂතාවය නිකම්ම වේදිකා වල දියකොට හරින ගායකයන් දෙන්නෙක් මම දන්නවා. එක්කෙනෙක් මම කාලයක් තිස්සෙම ඇහැ ගහගෙන ඉන්න, ඇත්තටම මම ආසාවෙන් රස විදින ගීත කිහිපයකම හිමිකරුවෙක්. 

ඔහු සංගීත් විජේසුරිය. 

ලා පවුලකින් පැවත එන ඔහු හැබෑ දක්ෂයෙක්. ඕනැම ගීතයක් ඒ අයුරින්ම හෝ නවතාවයෙන් යුතුව හෝ ඒ ඒ සියුම් තැන අති ප්‍රභල ලෙස උකහාගෙන ඒ අයුරින්ම ඉදිරිපත් කළ හැකි කෙනෙක්. ඒ තරම්ම දක්ෂයෙක්. මට මතකයි එක් වරක් ඔහු වෙසක් බැති ගීයක් ගැයුවා. ඒ ගීතය ඇහුවම මට හිතුනේ සංගීත් මොන තරං දක්ෂද කියලයි. ඒත් මොනව උනත් සංගීත් තමන්ගේ දක්ෂතාවය හරියට තක්සේරු කරගෙන නැහැ. ඔහුගේ බොහොමයක් නිර්මාණ වල ගායනය ඉතා විශිෂ්ටයි. ගායනය මිහිරි කල හැකි විවිධ වූ සාධනීය ලක්ෂණ ඒ කියන්නේ ගීතයේ ස්වර නැවීම් (හුගක් අය ඒකට කියන්නේ ගීතයේ ස්පර්ශිත තැන් කියලයි) බොහොම සුමට විදියට හසුරුවන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේ හැකියාවන් මම දැක තියෙනවා විශිෂ්ට ගායකයන්ගේ.

මුලින්ම බ්ලුෂැඩෝස් එක්ක ඔහු එළියට ආවේ මට මතක හැටියට සිරියලතා එක්කයි. ඉන් පසුව අගේ ඇති නිර්මාණ එකතුවක් වූ සැවැන්දරි ඔහු එළිදැක්වුවා. මම තවමත් ඒක ගීත ගොන්න හැබෑටම රස විදිනවා. මල් පෙරහර, ලස්සන ලස්සන, අම්මා, මගේ සුසුමේ මං කැමතිම ගීත කිහිපයක්. ඒවගේම අර බඹරා වගේ විසේ කාරයා ඒකත් ලස්සන සුමට නැවීම් සහිත ගායනයක්. මල් පෙරහැර ඒ අතරින් මං කැමතිම එක.


මම සඳහන් කරපු අනිත් ගායකයා කවීෂ කවිරාජ්. 

ඔහු කෙලින්ම ප්‍රසංග වේදිකාවෙන් එළියට ආපු කෙනෙක්. විශේෂයෙන්ම සදහන් කරන්න ඕන ඔහු මට මතක විදියට ඒ කියන්නේ පර්පල් රේන්ජ් අය කියන විදියට ඒ කණ්ඩායමෙන් එළීයට ආපු ගායකයෙක්. පසුව ඔහු ඕල්රයිට් කණ්ඩායමෙත් හිටියා. හැබැයි දැං ආයිත් පර්පල් රේන්ජ් එකේම ඉන්න බව තමයි මට දැනගන්න ලැබුනේ. ඔහුත් හරියට සංගීත් වගේම තට්ට මදයෙක්. මේ තට්ට මදයත් ඕනම සින්දුවක් විශිෂ්ට ලෙසම ගායනා කල හැකි අයෙක්. තව දුරටත් සතත අභ්‍යාසයේ යෙදේ නම් ලංකාවට පෑයු හොදම ගායන තරුවක් වීමේ ගති ලක්ෂණ ඔහුට තියෙනවා. වැදගත්ම දේ ඕනම ගායකයෙකුගේ ගීතයක් ඔහුට ප්‍රසංග වේදිකාවේදි ඒ අයුරින්ම (මම කිව්වේ එ හඩම නොවේ. ඒ ගති ලක්ෂණ) ගායනා කල හැකි විස්මිත හැකියාවක් තියෙනවා. ඔය සංගීත්ගේ ගීත පවා අගේට ඔහු ගායනා කරනවා. ඒ වගේම ජෝති වගේ අයගේ ගීත පවා මනරම්ව ගායනා කරන ආකාරය මම දැක තියෙනවා. ඔහුත් මට හිතෙන විදියට තමන්ගේ දක්ෂතාවය නිසි පරිදි හදුනානොගත් හා තමන් යායුතු ඉදිරි ගමන ප්‍රසංග වේදිකාවම පමණයි කියා හිතා ඉන්න විදියේ කෙනෙක්. හොද මග පෙන්වීමක් ඇත්නම් කාලාන්තරයක් පුරාම තම නම පවත්වාගෙන යා හැකි මට්ටමේ හොද ගායකයෙක්.

අපට, මේ රටට වෙලා තියෙන එකම හෙනේ ඕක තමා. තමන් කරන්න ඕන දේ හරියට නොදැන තමන්ට නොගැලපෙන දෙයක් අල්ලන් ඒක තමා හරියන්නේ කියල හිතාගෙන වැඩ කරන එක. හරියට මං වගේ.. බ්ලොග් ලියනවා.. හැබැයි ඒක මම කරන්න නොදන්න දෙයක් කියල තේරුං නොගෙන.. හැක් හැක්.

අපි මේ ගායකයන් දෙදෙනාට හොද නිර්මාණ (සරල රස විදන්දය සදහා කඨෝර ශබ්ද වලින් තොර) කිහිපයක් හෝ රටට තිළිණ කරන්නට හැකි වේවායි පතමු. කවීෂත් ගීත ඇල්බම් එකක් කරල තිබුනා.. ඒක පෙම්බරි වගේ මට මතක. මම මිනිහගේ අහල තියෙන සිංදුව ඇස් ආදරෙන් පුරෝනා. අනිත් ඒවත් අහල ඇති. ඒත් ඉතිං ගායකයා මොකාද කියල ඔය චැනල් වල කියන එකක්යැ.



ප.ලි.. අර අපේ අහිංසක අසරණ නාකි විචාරක උන්දැ දැං අකුරු තදෙන් (වර්ඩ්ප්‍රෙස්) අයින් වෙලා නෙව. ඔන්න අපිට කරදර කරන්න බ්ලොගර් එකවුන්ට් එකක් හදාන ඇවිත්.. පොඩ්ඩක් ගිහිල්ල ෆලෝ කරල ආවානං හෙම නාකි විසේට සන්තෝස හිතේවි..

ප.ප.ලි - සංගීත්ගේ අගටන්නා ගීතයේ ගේය පද රචකයා අපේ දයානන්ද රත්නායකයන් කියල මම අදයි දැන ගත්තේ.. ඒත් තිසර කොතන හරි දාපු ප්‍රතිචාරයක් නිසා.. ස්තුතියි තිසර.. මෙන්න ලින්කටුව

136 comments:

  1. කෝ මේකේ ටයිටලේ ???

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය තියෙන්නේ අගේට. (හැක් හැක්) ඉස්සෙල්ලම ටයිටලේ කටේ තියන් තමා දැම්මේ නං. පස්සේ හැදුවා..

      Delete
  2. කවිෂගෙ වොයිස් එකට මාත් කැමතියි. කොහොම නමුත් සිංදුවක පදමාලාව ගැන මිසක් අනෙක් දේවල් ගැන දැනුමක් අපිට නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් සංගීතය තෝරාගැනීමේදි උනත් සැලකිලිමත් වෙනවා නං හොද ගේය පද රචනා හොයාගන්නවනං මේ වගේ ගීත නෙමෙයි කාලයක් අපිට මතක හිටින විදියේ හොද නිර්මාන ටිකක් කරන්න මේ දෙන්නටම පුළුවන්

      Delete
  3. සංගිත්නම් හරි කියමුකෝ අනික් ගායකයාව ඇහුවෙත් අදමයි නේ අනේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අන්න ඒකට ලංකාවේ ඉන්න ඕන බං. බලෙන් අස්සන්නෙ.. බලෙන්.. බස් එහෙකට නගින්න බෑ.. වීඩියෝ දාලා කට ඩබල් වෙන්න දෙන්නේ...

      Delete
    2. අම්මප! මාත් ඇහුවෙ බස්සෙකේ එද්දි යද්දි!

      Delete
    3. මාත් එහෙම තමා කවිෂව නං දන්නේ.. හැක් හැක්..

      Delete
    4. මාත් කාවීෂ කියලා ගායකයෙක් ගැන දැන ගත්තේ දැන්..

      Delete
  4. සංගීත් ගැනනං කියල වැඩක් නෑ මිනිහ නියම දක්ෂයෙක් තමයි.
    කවීෂගෙ ඔය සිංදුව වඩා මම අහල තියෙන්නෙ ඕකෙ හිංදි එක. (බාගද ඒ සිංදුව මේකෙන් කොපි කරල හැදුවද දන්නෑ.) කවුද යකෝ ඒ විදියට සිංහලෙන් කියන්නෙ කියල බලල තමයි මිනිහ කවුද කියල ඇඳින ගත්තෙ. (ඊට කලින් මිනිහගෙ ලයිව් ෂෝ වල සිංදුනං අහල තිබුණ.)

    ReplyDelete
    Replies
    1. උඹ කිව්ව හරි සංගීත් දක්ෂයා.. කවීෂගේ ඔය සින්දුව හින්දි එකේ කොපියක් තමා ඒත් බලහං ඒවා පැත්තකට දැම්මත් ඒක කියන අපුරුව..

      Delete
  5. අරලිය ගහේ ඉන්න ඩයල් එකට නම් සින්දු නෙවෙයි සකල කලාවම පුලුවන්.

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඔව්.. මිනිහා අති දක්ෂයෙක්..

      Delete
  6. දෙන්නවම දන්නවා. දෙන්නම හොදයි... එත් ලොකු විශේෂයක් නැ මට නම් ඒ දෙන්නගේම සිංදු වල දේශෝ :) 

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා මම මේ කියන්නේ.. ගීත වල අමුතු වෙනසක් නැහැ. නමුත් ගායනයේදි හොද සාධනීය ලක්ෂණ තියෙනවා ඒවා හොද ගීත වලට මුහු කිරීමයි කරන්න ඕන.. ස්තුතියි මදාරා.. අන්න අර යකාගේ මොලේ සුද්ද කරාට පස්සේ සර්ප හීන පේනවලු නේද?? හැක්

      Delete
    2. සර්ප හීන පේන්න මේ හොද කාලේ දේශෝ.. නැද්ද මම අහන්නේ.. ;)

      සිංදු ගැන කියනවනම් මම ඔය දෙන්නගෙම ඒවා නිවාඩු පාඩු වෙලාවට අහනවා..

      Delete
    3. ඒකේ අනිත් පැත්ත. අපිට නපුරු කාලේ.. හැක්..

      Delete
  7. ඔය දෙන්නටම මම කැමතියි.සංගීත්ට ටිකක් වැඩියෙන් කැමතියි.
    ඇයි අර තව තට්ට්යෙක් ඉන්නේ මාධු මාධව කියලා.මම පොරටත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. අපොයි මෂු මාධව ඒ තරං දස්සයෙක් නෙමෙයි...

      Delete
  8. සංගීත්නම් සුපිරිම තමා මාත් හරි ආසයි, කවීෂත් ඉතින් අවුලක් නෑ හොදයි :)

    ReplyDelete
    Replies
    1. තව එකක්, සංගීත් වායෝ එක සෙට් කරගත්තට වඩා හොදයි සනිධප එක්ක හිටියනම්, වායෝ මෙලෝ රහක් නෑ...

      Delete
    2. වායෝ හොදා.. මම කියන්නේ ඔය කන්ඩායම් සංගීතයෙන් තොරව මේ යක්කු සිංදු ටිකක් කරන්න ඕන කියලයි බං..

      Delete
    3. දේශා
      වායෝ හොඳයි ඉන්ඩෝ ශෝව්ස් වලට. හරියට මෙරියන්ස්ල්ගෙ අන්ප්ලග් වගේ .ඒකට කැමති ක්‍රවුඩ් එකක් එතනට එනවා..න්මුත් එලිමහන් ප්‍රසංග වලදී වායෝ ලගේ එක්ස්පෙරිමන්ට් ටිකක් අවුල් යනව නේද එන ක්‍රවුඩ් එකට.
      මොකෝ ඉතිං බොරු කියන්න ඕන නෑනෙ මියුසිකල් එකකට යන්නෙ පොඩි ඈ ... දන්නවනේ බන් !!!

      Delete
    4. වෙල්කම් පත්තර මලයා.. ඇත්ත එකෝස්ටික් බෑන්ඩ් එකක් අවුට්ඩෝර් පර්ෆෝමන්ස් වලට ගැලපෙන්නෑ. මාත් ඒක දැක්ක වායෝ එකෙන්..

      හහ්.. සංගීතයකට යන්නේ ඒකට තමා නේද බං..

      Delete
  9. කවීශ ට නම් එච්චර නම් කැමති නෑ

    ඒත් සංගීත් නම් මං ආසම ගායකයෙක්.. පට්ට ටැලන්ටඩ්.. ඒක සංගීත්ගෙ සින්දු අධ්‍යනය කලොත් හොදට තේරෙනවා.. තට්ටෙත් අතගගා වේදිකාවේ ඇස්දෙක පියාගෙන සින්දු කියන්නෙ :D

    මං සංගීත්ගෙ ඉස්සෙල්ලම ඇහුව පින්වන්තියෙ මාගේ ප්‍රේමකතාවේ කියන එක.. හරිම ලස්සන තනුවක්.. ඊටත් කලින් රඟහල දැන් ඇත අඩ අඳුරෙ සින්දුව රීමේක් කරල කොහොම හරි නඩුත් කිව්වා.. ඒක නම් මම දකින විදියට වැරදි වැඩක් තමයි.. ඒ නඩුවට නම් මොනා උනාද දන්නෙ නෑ.. කොහොම හරි ඔය පින්වන්තියෙ මාගේ සින්දුවත් සංගීත්ම ලඟදි රීමික්ස් කරල තිබුනා.. මම නම් ඒකට මාරම ආසයි.. ඒත් ඒකෙ ලින්ක් එකක් හොයාගන්න බැරි උනා දේසා.. හැමතැනම හෙව්වා.. ම්හු.. මගෙ ෆෝන් එකේ නං තියෙනවා ඒක..

    ඇඟිලි තුඩු අඟින් පිරිමැද නළලෙ මුව තියා
    හැඟුම් හදවතට සිරකර හාදුවක් තියා
    පින් වන්තියෙ මාගේ.. ප්‍රේමකතාවේ..
    හෙට දින යලි හමුවෙන තුරු ඉවසමි කෙලෙසේ
    දෑස සලා හිත යට කෝල් කතා
    රූප ස්‍රියා මා සිත උමතු කලා
    බවෙන් බවය පැතු පිවිතුරු පැතුමක් විලසේ
    ඔබයි මමයි හමුවී ඇත පුද දී සෙනෙහේ
    මතු උපදින සංසාරෙත්
    ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවෙ සොයන්
    ආදරේට ආදරේ සුපෙම්...
    දෑත පාමි ආදරේ නමින්...

    ඔන්න ඔය විදියට ඔය සින්දුව වෙනස් කරල තියනවා.. මුල් එකටත් වඩා ගොඩක් ලස්සනයි.. කාලඟ හරි තියෙනවනම් ලින්ක් එකක් දෙන්න කියල ඉල්ලනවා :)

    ReplyDelete
    Replies
    1. අඩෝ මාත් සංගීත්ගෙ ඒවගෙන් පින්වන්තියෙ මාගේ එකට තමා ඒ කාලෙ වැඩියෙන්ම ආස, ඒකට ඒකාලෙ කොච්චර ආසද කියනවනම් වෙන සින්දු තියන කැසට් පීස් එකක් ඉරේස් කරල ඒක රෙකෝඩ් කලා, ඒ කාලෙ ඉතින් දැන්වගේ කම්පියුටර් තිබ්බෙ නෑනෙ :D

      Delete
    2. රීමේක් එකත් අනිව අහපන්.. ඒක පට්ට.. ඕ යේ :3

      Delete
    3. @ සමියා

      තැන්කුයි ලොකු විස්තරේට.. උඹ කිව්ව හරි සංගීත්ව බැලුවොත් පේනවා මිනිහා මේ සිංදු වලින් පවා කොයි තරං ගේමක් ගහනවද කියන එක. නිකං හිතහං එහෙනං සුනිල් කියන සදකඩපහන වගේ එකක් කොයි තරං ආට් එකට දේවිද කියලා.. නැද්ද. කවීෂත් ඒ වගේ බං.. ඌටත් ඕනම සිංදුවක් කියන්න පුළුවන් නියමෙට..

      Delete
    4. @ සසිදු
      මං ගාව තිබුවා සැවැන්දරි සෙට් එකම ඒ දවස් වල මගේ එම්පී4 ප්ලේයර් එකේ. ඒක ගියත් හරි සිංදු ටික වැඩිය ඇහුන්නෑ. ඒ දවස් වල මාත් රෑට අහනවම තමා මිනිහගේ සිංදු දෙක තුනක් හරි

      Delete
  10. ශේහ් .. හිතුවේ උඹ මම ගැනත් මෙතන මොනවා හරි ලියයි කියලා. කුජීතයි හොඳේ . බලහන් මම වගේ වෙන කවුරුත් ශ්‍රීලාංකික සංගීතෙට සේවය කරලා තියනවද කියලා.
    ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹත් තට්ටයෙක්ද හැක්.. හා ඔව් උඹ කරපු සේවය අපි සෑහෙන්න කලින් ඇගයීමට ලක් කරා නෙව.. ලින්කටුව දැම්මට තැන්කුයි

      Delete
  11. හරිම කාලෝචිත ලිපියක් දේශකයෝ! මාත් ඔය දෙන්නා ගැන ඔය විදියටම හිතලා තියෙනවා. කථා කරලා තියෙනවා.
    දෙන්නම හැබෑ දක්ෂයෝ. අපේ රටේ ජාතික සම්පත්!! ඒත් එයාලා නිකං නාස්ති වෙන එක තමයි දුක. චිත්‍ර පට වලට එහෙම කියාපු කටහඬවල්.
    තවත් ඔයවගේ කෙනෙක් තමයි බාචි සුසාන්. එයත් සැබෑ දක්ෂයෙක්.
    මට මතකයි සංගීත් වරක් ජෝතිපාලයන්ගේ අණුස්මරණ උත්සවයකදී " කීවෙමි ඔබහට සියදහස්වර" ගීතය ඔහුටම ආවේනික තාලයකට ගායනා කලා. එය මගේ සිත්‍ සතන් වශී කලා. ලැබුනොත් අහලා බලපං...

    ReplyDelete
    Replies
    1. අනිවා මාත් ඒක ඇහුවා.. තව ඔය වගේ මොකක් හරි තැනකදි මිනිහා ආස සිංදුවක් කියන්න කිව්වම අමරදේවයන්ගේ තන්හා ආශා කිව්වා නියම එකට.. බාචිත් දක්ෂයි ඒක හැබැයි. මට මිනිහා අමතක උනා නැත්න‘ මේ තට්ට සැට් එකටම දාන්න තිබ්බා.

      උඹ කිව්වත් වගේ කනගාටුව හොද නිර්මාණයක නොයෙදෙන එකයි. ස්තුතියි.. ගුනේ

      Delete
  12. ඔය වගේ දස්සයො තව කොච්චර ඇත්ද බ්ලොග් පඩංගු වල හාල් ගායකයො ගැන ලිය ලිය.. පවු උන් අර අතේ තියන කෝටු කෑල්ලත් එක්කම ආකාලෙ මිය ඇදෙනවා.. ඇඬෙනව ඕයි..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... හැබෑට එහෙම හාල්පාරුවොත් ඉන්නවැයි බං..

      Delete
  13. තට්ටයෝ දක්‍ෂයෝ..!!

    හැබැයි සතියකට පාරක් තට්ටෙයි රැවුලයි බාලා මේන්ටේන් කරන එක නං ඵැය භාගයක් විතර කාලේ කන වැඩක්. මේ කවිරාජ්කාරයා නං රැවුල ඉතුරු කරනවා වගේ.

    ReplyDelete
    Replies
    1. දාන්නකෝ පහක් ++++++++++++++

      Delete
    2. @ කකා

      ඒක ඇත්ත.. කකා ගැන උනත් එහෙමයි අමාරුවෙන් තට්ටේ මේන්ටේන් කරාට කකා තට්ටයත් දස්සා.. හැක්. කවිෂ දැං රැවුල කපල මං හිතන්නේ.

      Delete
    3. @ නලියා

      තට්ටයෝ දස්සයෝ කියන එකටද?? හැක්

      Delete
    4. @ සසිදු
      ස්තුතියි වීඩියෝ එකට.. හැක්

      Delete
    5. මෙන්න මම තට්ටයෝ ගැන අහලා තියෙන දෙයක් ..
      ඉස්සර තට්ටයා මොට්ටයා ,පස්ස තට්ටයා කට්ටයා ..:) :)
      ඔක්කෝම තට්ටෙ තියෙන අය දක්ෂ කට්ටයෝ :) :)

      Delete
    6. මොඩනයිස් වෙච්චි තට්ටයොන්ට ඔය කතා ගැලපෙන්නෑ බං.. හැක්..

      Delete
  14. /* තමන් කරන්න ඕන දේ හරියට නොදැන තමන්ට නොගැලපෙන දෙයක් අල්ලන් ඒක තමා හරියන්නේ කියල හිතාගෙන වැඩ කරන එක. හරියට මං වගේ.. බ්ලොග් ලියනවා.. හැබැයි ඒක මම කරන්න නොදන්න දෙයක් කියල තේරුං නොගෙන.. හැක් හැක්. */

    ඒ වුනාට මා වගේම දේශකයාත් සින්දු අහනවා මිසක සින්දු කියන්න උත්සාහ නොකර සිංහල සංගීතයේ උන්නතියට කරන්නේ කොච්චර සේවාවවක් ද?

    http://kathandara.blogspot.com/2012/10/my-valuable-service-to-sinhala-music.html

    ?

    ReplyDelete
    Replies
    1. KK, ලියන එක? :-)

      Delete
    2. @ කකා

      ලින්කටුවට ස්තුතියි.. මම ඔය පෝස්ට්කටුව ඔල්මොරොන්දං වෙලා කියෙව්වා.. පස්සේ නේ මොකක්ද මේ සේවය කියල දැනගත්තේ.. මාත් ආඩම්බර වෙනවා සංගීත යට කරපු දේවල් වලට..

      Delete
    3. KAKKA MACHAN, OYA CHOO, PADA, JEE, JOKKU GENA LIYANNE NATHIWA MEWAGE KATHA LIYANNA IGENA GANNIN KO.

      Delete
    4. පව් කකා කැපිටල් ඇනෝ.. කොයි තරං සේවයක් කරපු තට්ටයෙක්ද ඒ...

      Delete
  15. මං නං ඔය දෙන්නගෙම සිංදු වලට ආසයි... කෝ ඒත් බාචි???

    ReplyDelete
    Replies
    1. ඔන්න දැක්කා හුග කාලෙකින්.. .තැන්කුයි.. බාචියා අමතක උනා නෙව..

      Delete
    2. අපොයි ඔවි හුග කියන්නෙ හුගම කාලෙකින්....
      ඒකනෙ මගෙ නමි ආසම ගායකයෙක් ...
      හැම සිංදුවක්ම එයාගෙ කටහඩට ගැලපෙන්නෙ නෑ ...
      ඒත් හුගාක් ඒවාට එයා සාධාරණය ඉටු කළා....

      Delete
    3. ඇත්ත. මාර පරාසයක හඩ හැකියාවක් ඇති අයෙක් තමා.. මොකක් හරි සම්මානයක් දිනුව නේද මේ ලගදී...

      Delete
  16. කවීශගෙ මම අහලා තියෙන්නෙ ඇස් ආදරෙන් පුරෝනා කියන සිංදුව විතරයි. ඒ දවස්වල දවසට දෙතුන් පාර ඒ සිංදුව ඇහුවා. සංගීත්ගෙ කටහඬත් ලස්සනයි. හොඳ පද රචනා එක්ක හොඳ සිංදු ටිකක් කළොත් දෙන්නටම තමන්ගෙ කට හඬින් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ සිංදුව විතරයි එයාගෙමයි කියල අහල තියෙන්නේ.. අන්න ඒක තමා චාම්ස් අපි මේ කට රිදෙන කං කියන්නේ. කොහේද මුංගේ කට සද්දෙට තිබ්බට කං ඇහෙන්නෙම නැහැ නෙව..

      Delete
  17. හැලපයාගේ මවට නිවන් සුව පතමි!

    සමාවෙන්න ඕන, මේ නව පරපුරේ අයව අපි අඳුනන්නේ නෑ නෙව????
    but කවීශගෙ වැඩ හොඳයි! honestly

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එන්න...මාත් ඉතිං බස් එකේ යනකොට අදුරගත්ත ඈයෝ තමා මේ...

      Delete
  18. සංගීත්ගේ සින්දු වලට මාත් ආසයි.. කවීශගේ සින්දුත් හොඳයි.. එයාගේ සින්දු වැඩිය අහල නෑ.

    සංගීත් එයාගේ කටහඩින් ප්‍රයෝජන ගන්නව මදි කියන එකට මමත් එකගයි...

    ReplyDelete
    Replies
    1. බොහොම හරි තුෂානි.. මම මතුකලේ ඒ අදහස තමා.. ස්තුතියි

      Delete
  19. කාලේකට පස්සේ හිත් ගත් පොස්ටුවක්.ස්තුතියි ගීත දෙකම රසවින්ඳා.මනස රස වින්දා.

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ මාතර කෙල්ලෙක් සන්තෝසෙට පත් කරා කිව්වම දැනෙන සන්තෝසේ කියල වැඩක් නැහැ. තැන්කුයි ගයානි.

      Delete
    2. Kavisha Kaviraj kiyanneth Matara kollek thamayi :D

      Delete
    3. හප්පේ ඇත්තද ඇනෝ මං හිතුවේ තංගල්ල පැත්තේ කියල නෙව.. තැන්කුයි දැනුවත් කිරීමට

      Delete
  20. දේශා.......මේ hangout එක බලපන් සංගීත්ගේ http://www.youtube.com/watch?v=mu0wjs_cI38 ... බොහෝ කාලයකට පෙර මම මේක බැලුවේ. උඹ කැමති වෙයි මේ සාකච්ඡාවට. සංගීත් අති දක්ෂ ගිටාර් වාදකයෙක්. ශාස්ත්‍රීය හැදෑරීමක් කෙරූ බුවෙක්. අමරනාත් රණතුංග කියන ගුරුවරයා යටතේ ඉතා ඉහලට ක්ලැසිකල් ගිටාර් ඉගෙනගත් කෙනෙක්. නිහතමානී මිනිහෙක්. දක්ෂ දේශකයෙක්. දක්ෂ මාශල් අර්ට් කරුවෙක්.

    මම මේ වගේම තවත් දක්ෂ සංගීත් කෙනෙක්ව දැක්කා. ඒ සංගීත් වික්‍රමසිංහ. ඔහුත් මේ වගේම තම දක්ෂතා හඳුනා නොගත් කෙනෙක් කියා මට හිතෙනවා. මතකද ආනන්ද පෙරේරාලා පටන් ගත්ත බෑන්ඩ් එක .මට නම මතකෙට එන්නේ නැහැ බං. ශක්ති...ඒ සෙට් එකේ හිටියේ.

    කවීෂ කියන්නේ ගිරිරාජ් කෞශල්‍යගේ දරුවෙක්ද?

    ReplyDelete
    Replies
    1. ගිරිරාජ්ගේ දරුවෙක් නෙමෙයි මේ මං හිතන්නේ දකුණු ලකේ කොනේම කව්රු හරි.. විස්තරේ හොයන්න තිබුනා මොකද පර්පල් රේන්ජ් එකේ මගේ මිත්තරෙයක් ඉන්න නිසා.. ඇත්ත සංගීත් හැදෑරිමක් කරපු බුවෙක් ඒකනේ අවුල.. මම වීඩියෝ එක බලන්නං. ස්තුතියි අරූ.. සංගීත් වික්‍රමසිංහ ඒ තරං දක්ෂ කෙනෙක් නෙමෙයි මං හිතන්නේ. මොකද එයා සීමිත පරාසයක ගී ගැයිය හැකි කෙනෙක් විතරයි..

      Delete
  21. ඔය ගායකයෝ දෙන්නා ගැන පොර ටෝක් දෙන්නට නොයන්නේ ඒ හැටි දැනුමක් ඔවුන් ගැන නැති බැවිනි. නමුත් උඹ ලියූ ලිපිය කියවා රසවින්දෙමි.

    හැලපගේ මෑණියන්ගේ අභාවය ගැන කෙන්ජිත් කියලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඔව් මට කිව්වේ අටමා... අද නලියල සැට් එකක් බ්ලොග් නියෝජනය කරමින් එහෙ යනවා කිව්වා.. හැලපේ ගෙදර.. හැලපයා ඇවිත්ලු.. ස්තුතියි මං කැමතියි උඹේ අදහසට..

      Delete
  22. සංගීත්නම් මාත් ප්‍රිය කරන ගායකයෙක්.
    කවිරාජ් කොල්ලටත් හොඳ අනාගතයක් තියෙන පාටයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කවීෂ නිකං නාස්ති උනොත් අපරාදේ.. අර චාමර වීරසිංහ පේනව නේද.. දැං අන්තිම සව්ත්තුයි මොකද සතත අභ්‍යාස නෑ.. ස්තුතියි බඩු කාරයා..

      Delete
  23. හැලප තුමාගෙ මෑණියන්ට නිවන් සුව අත්වේවා....!!!!! සංගීත්නම් මගෙත් ෆේවරිට් තමයි

    ReplyDelete
    Replies
    1. අපිත් ඇයට සුභ ගමන් පතමු.. ස්තුතියි මල් මල්.. සංගීත් මාත් ආස කෙනෙක්..

      Delete
  24. මටත් සැහෙන කලෙක ඉදන් හිතිච්ච දෙයක් තමයි මේ සංගීත් ගැන කියල තියෙන්නේ.සංගීතගේ සවාන්දරී එකතුවේ ගොඩක් සිංදු වලට මම කැමති. අර මාගේ සුසුමේ දැවටී ඉන්නි කියන එක තමයි ෆෙවරිට්. ඒ අතරේ 'අගටන්නා' 'සිරියලතලා' වගේ පැරණ සින්දුත් නියමයි.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් චමින්ද.. දැකීම සතුටක්.. මාගේ සුසුමේ යුටියුබ් මියුසික් එක හොයාගන්න බැරි උනා නැත්නං ඒකත් දානවා. මොකද ඒක මගේත් ෆේවරිට් එකක්. සිරියලතා එකේ උනත් හොද නැවීම් තියෙනවා ගායනේදි..තැන්කුයි චමින්ද..

      Delete
  25. සංගීත්ට වඩා කවිශ හොදයි මට නම් ඒ වුනාට මගේ ආසම ගායකයා රුවන් හෙට්ටිආරාච්චි මොනා උනත් මු ඉදලා ඉදලා හොදම ඇපල් ගෙඩියක් විද්දා

    ReplyDelete
    Replies
    1. රුවන්ගේ සිංදු වල මම කැමතියි. ඒත් මිනිහා හුගාක් දක්ෂයෙක් නෙමෙයි මට හිතෙන විදිය.. ඔව් උඹ කිව්ව වගේ වෙලාවකට හිතෙනවා කවීෂ අරූට වඩා දක්ෂද කියලත්.. ඇපල් විදිනවා බං බොගේ ඔළුව උඩ තියලා.. ජයවේවා

      Delete
  26. මට නම් ලංකාවෙ සංගීතය විතරක් නෙමේ උඹලවත් එපා වෙලා තියෙන්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි රත්තරං කෙන්ජි අයියේ.. අපි ඔහේට වැරැද්දක් කලායැ??

      Delete
  27. සංගීත්ගෙ මම කැමති සිංදු කීපයක්ම තියනවා... මල්පෙරහැරට මාත් ආසයි... ඒ වගේම අම්මා (ගායෙන් මං මුදවලා), ආයෙත් මොනවත් ලියන්නේ නෑ. කවීෂ නම් මුලින්ම දැක්කේ අර 'නෙත ලඟ දඟ කරනා' කියන කොපියෙදි.. උගේ වෙන සින්දු නම් දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං අම්මා සිංදුව මුල්න්ම අහනවා නං කවදාවත් හිතෙන්නෑ ඒක මව් ගුන ගීතයක් කියලා. ආයෙත් මොනවත් එකත් ගති.. කවීෂගේ සිංදුවක් තමා බං අර යටම තියෙන වීඩියෝ එක..

      Delete
  28. මුන් දෙන්නටම මාත් මනාපයි..

    ඇයි සංගීත්ලගේ අළුත්ම අළුත් මේ සින්දුව අහලා නැතෙයි.. පට්ටෙත් උපරිම..

    http://www.youtube.com/watch?v=xyWs1b_6Eg4

    ඇත්තටම අපි කවුරුද....???

    ReplyDelete
    Replies
    1. අහා. මම ඔය සිංදුව අහල තියෙනවා මොකෝ නැත්තේ. වායෝ තේමා ගීතය වගේ නේ ඕක..ගති සිංදුව..

      Delete
  29. සංගීත් හේ මල් පෙරහැර නම් මමත් ආසම සින්දුවක්..

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි බං ඒකට.. .තැන්කුයි නාඩියා..

      Delete
  30. සංගීත ආසයි ආයේ දෙකක් නෑ.මාත් හිතන්නේ මිනිහා විශිෂ්ටයෙක්....හැබැයි සංගීත් වික්‍රමසිංහ නම් අජපල් මිනිහා සින්දු නොකියාම හිටියනං එකක්. දේශයාත් තට්ට්යෙක් නේද..?

    ReplyDelete
    Replies
    1. සංගීත් වික්‍රමසිංහ ගැන මම අරූ අහපු වෙලාවෙත් කිව්වා මිනිහා ඒ තරං දස්සයෙක් නෙමෙයි කියලා.. හැක්. අඩේ තරුණ අපිට අගෞරව වන විදියේ ප්‍රකාශ නිකුත් කරන්න එපා. හෙලා දකිනවා ඉදගෙන...

      Delete
  31. සිංදු ටික ලස්සණයි. අර පහල ෆොටෝ එකේ ඉන්න එක්කෙනාගේ තට්ටෙත් ලස්සණයි...:)

    ReplyDelete
    Replies
    1. කාගේ තට්ටෙද පොඩිඩියේ.. කවීෂගේද කකාගෙද නලියගෙද.. හැක්..

      Delete
  32. සංගීත්ට මම හරි කැමති .. ඌ ටිකක් හරි වෙනසක් කරන්න හදපු කෙනෙක් කණ්ඩායම් සංගීතය ඇතුලෙ ඉඳගෙනම.. මේ පෙන්වපු මල් පෙරහැර වගේම... “ අම්මාගේ ගුණ ගායනා කරන- ගායෙන් මම මුදවලා සීලෙන් අගතැන් පත් කලා.. කියන ගීතයත් කතා බහට ලක් විය යුතුයි කියල මම හිතනව..
    -කුරුළු-

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කුරුළු.. ඔව් අපි මේ ගීත ගැන කතා කරා. නමුත් මුඛ්‍ය අරමුණ මේ දෙන්නා සරල ගී සදහා ඇදගෙන යාමයි. ඒකයි මේ කරන්න හැදුවේ.. ස්තුතියි අදහසට.

      Delete
  33. දියවන්නාවෙ, අරලියගහේ විතරක් නෙමේ දැන් පඳුරක් පඳුරක් ගානෙ ගායකයෝ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. හැම තැනම ගායකයෝ. ලබන මාසේ තව වැඩි වෙනවා.. (ඡන්දේ නිසා) හැක්..

      Delete
  34. හපොයි දැන් ලංකාවේ ඉන්න ගායකයෝ දැක්කම පිස්සු හැදෙනවා 50% වගේ ගායකයෝ හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. දෙයියනේ මේ කෝරලයා දැක්ක කල්.. ඉන්දියාවෙන් එලෙව්වද බොල. දැං කෙට්ටුත් වෙලා..

      Delete
  35. දෙන්නාටම විශේෂ කැමැත්තක් නැතත් සිoදු අහනවා ,කපු ගේ නම් ඉතා කැමති හික් හික් (ඉන්න උන් ඔක්කොම පිස්සු කෙලින්නෙ ඉදලා හිටලා හොද සිoදු ඇහෙනවා හැබැයි එවා ඔය ටි.වි රැඩියෝ වල යන්නෙ නෑ නොවෑ )

    ReplyDelete
    Replies
    1. සහෝ.. ඇයි සිං කියන එක බිංදුව ගහන්නේ. ඒක ඉංගිරිසි එක්ස් අකුර ගැහුවනං හරිනේද?? කපුගේලා ගැන නං කතා කරල ඉවර කරන්න බෑ ඒ වගේම අමතක වෙන්නෙත් නෑ. අන්න ඒ වගේ කරගන්නයි අපිට ඕන මුං දෙන්නව.. ස්තුතියි අදහසට

      Delete
    2. දේශක මට මම කැමති තව පොරක් මතක් වුණා ,ඉන්දික ප්‍රසාද් කියලා ,පොඩ්ඩක් බලන්න ,පොරත් වෙනම ආරක සිංදු කියනවා ,මේ කාලේ ඉන්න අය අතර මට නම් ටිකක් හොදයි .\
      කවීශ නිකන් මේ කාලේ ජොති වගේ මොකද කියන ගොඩක් එවා හින්දි කොපි ..

      Delete
    3. කවීෂ ජෝතිගේ ඒවා විතරක් නෙමෙයි සංගීත් මිල්ටන්, ආදි හුගක් අයගේ ඒවා කියනවා. නමුත් ජෝතිගේ සිංදු කාබාසිනිය කරන වට තමා මං හිතන්නේ ඕඩියන්ස් එක කැමති.. ඉන්දික ප්‍රසාද් ගැන මම දන්නෑ. ස්තුතියි..

      Delete
  36. සංගීත්ගෙ සිංදු වලට නම් මමත් කෑමතියි, "අපි කවුරුද " සිංදුවත් ලස්සනයි.... කවීශගෙ සිංදු නම් විශේශයෙන් අහල නෑ....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කුමුදු... කවීෂගෙත් ඇල්බම් එකක් තියෙනවා මාත් අහල නැහැ.. ඉන්නකෝ බලන්න ඒක මං අහල හොද සිංදු දෙක තුනක් දෙන්න. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  37. හොද සිංදුවක් නම් අහනවා බන්....සිංදු කියන අයගේ විශේෂයක් නෑ ;B

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අපිත් එහෙමයි. ඒත් අපරාදේ මේ වගේ තරුණයෝ වේදිකාවට දියවෙලා යන එක. ඒකයි මේක දැම්මේ... ස්තුතියි ශානු

      Delete
  38. සංගීත් ගැන නම් ඉතින් තව මොන කතාද?ඉස්සර තට්ටෙට කළු රෙද්දක් බැදගෙන සිරියලතා කියනකොට පට්ට.මම පොඩි දවස් වල ඉදලම ආස කරන ගායකයෙක්.සනිධප සංගීත කණ්ඩායමෙන් අයින් වුනු එක ගැනනම් දුකයි..
    අපි දැනගෙන හිටියේ නැහැනෙ කවීශ ඕල් රයිට් එකේ හිටිය කියල..බොට ෂුවර්ද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඕල්රයිට් එකේ හිටියා.. පස්සේ ඒකෙන් අයින් වෙලා තව මොකක් හරි ෆෝම් කරල ඊටත් පස්සේ ආයි පර්පල් රේන්ජ් එකට ආවේ මං හිතන්නේ..

      Delete
    2. පොඩි නිවැරදි ඉරීමක් මචං.
      ඕල්‍රයිට් හිටියේ තුශාර සුභ්හසිංහ කියන මං පහල කියපු පොර මචං.. ඊට පස්සෙ ඒකෙන් පර්පල් රේන්ජ් ගිහින් ෆීඩ් බැක් ගිහින් මං හිතන්නේ ආයෙ පපල් රේන්ජ් එක්ක ඉන්නවා !!
      කවීශ අවුරුදු 5 ක ඉඳන් ප‍ර්පල් එකේමයි,

      Delete
    3. උන් දෙන්නම එක වගේද බං.. ස්තුතියි දැනුවත් කිරීමට.. මං ඒක එහෙනං වැරදියට දැකල තියෙන්නේ.. හොයල බලන්නං..

      Delete
  39. කවීෂ ඕල් රයිට් හිටියද කියලා මතකයක් නෑ අයියේ..
    තවත් ගායකයෝ ටිකක් ඉන්නවා අයියේ නොයෙල් රාජ්,රෝස් අලගියවන්න, තුෂාර සුභසිංහ මෙයාලත් ඔය ගොන්නටම දාන්න පුළුවන් කියලා හිතෙනවාලංකාවේ වගේම වෙන භාෂා වල ඒවත් ගින්දර වගේ මෙයාලාට පුළුවන් කියලා මම හිතනවා..?
    මගේ අදහස විතරයි බනින්නනම් එපෝ.........

    ReplyDelete
    Replies
    1. මොන එහෙකට බනිනවද?? තවත් අරමුණක් තමා ඒ වගේ දක්ෂයන් හදුනාගන්න එක. ඔබ ඔය හොද ලැයිස්තුවක් දීලා තියෙන්නේ.. ස්තුතියි.. නොයෙල් රාජ් මම අහල තියෙනවා.

      Delete
  40. සින්දුවක ලස්සන විදින්න පුළුවන් වුනාට හොඳනරක දකින්න මටනම් හැකියාවක් නොමැත. සංගීත් ගේ මා කැමති සිංදු කිහිපයක් වේ. රඟහල ගීතය ඔහු නැත්නම් ජනප්‍රිය නොවේ. නමුත් ඔහු එතන කලේ මා අසා ඇති විදියට වැරදි වැඩකි. එහෙත් ඔහු දක්ෂ ගායකයකි. අනෙක් කෙනා ගැන නොදනී.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සංගීත් දක්ෂයෙක්. අපි කියන්නේ එයා එයාගේ කටහඩින් මීට වඩා ප්‍රෙයාජනයක් ගන්න ඕන කියලායි.. ස්තුතියි මකසියා..

      Delete
  41. මොනවා කිව්වත් සංගීත් දක්ෂයෙක්...සිංහල ගීතයේ ශ්රුන්ගාරාත්මක කලාපය හොදින්ම ග්‍රහණය කරේ සංගීත්... අහන්න 'මාගේ සුසුමේ දැවටී ඉන්නි ඔබනේ මාගේ ප්‍රේමි"

    ReplyDelete
    Replies
    1. කවීෂ මාතර..මුලින්ම ආවේ නෙත ළඟ දඟ කරනා සිංදුවෙන්..කිව්වත් වගේ ඕල් රයිට් එකේ හිටියා වගේ මතක..

      Delete
    2. ආන්න හරි.. උඹ හරියටම කියල තියෙනවා. සංගීත් සෘංගාරය ටච් කරනවා කට හඩින්.. ස්තුතියි මේ පැත්තේ ආවට.. යන්තං ඇති එකෙක් හරි ඉන්නවා කවීෂ ඕල්රයිට් හිටියා කියන්න..

      Delete
  42. සිරාවටම සංගිත්ගේ සින්දු නම් පට්ට.

    ReplyDelete
    Replies
    1. සිරාවටම යක්ෂයෝ ඒවා හරිම රහයි... ස්තුතියි..

      Delete
  43. කවීෂ කෙසේ වෙතත් සංගීත් මම ආසම ගායකයෙක්. මල් පෙරහැර තියෙන සැවැන්දරී ඇල්බම් එකම නැගල ගියේ ඒ ගීතවල තියෙන සංගීතය හා වචන නිසා කියලයි මට හිතෙන්නෙ ::))

    ReplyDelete
    Replies
    1. ඔව් සැමෝ.. අර මානවක උඩින් කිව්ව වගේ ශෘංගාරය ඒවයින් වෑහෙන නිසයි එහෙම වෙන්නේ. මොකද ඒ විදියට හඩ හසුරුවන්න හුගක් අයට බැහැ.. ස්තුතියි සැමා..

      Delete
  44. මාත් සිංදු කියන්න ගන්නවා බොලවු. නිකම් නෙමේ තට්ටෙ ගාලා. හි හි…

    හැලප අයියගෙ මෑණියන්ට නිවන් සැප ලැබේවා!

    ReplyDelete
    Replies
    1. තට්ටේ ගාපං. හැබැයි මේන්ටේන් කරන එකයි අමාරු. අර කකා කියල තියෙන්නේ.. හැක්

      Delete
  45. මචං මේ උඹේ බ්ලොග් එකේ මගේ පලවෙනි කමෙන්ටුව..
    ඔය දෙදෙනාම මම ඉතා ප්‍රිය කරන ගායකයින්..සංගීත් එක්ක පුංචි දැනහැඳුනුම්කමක් තියනවා ඒ නිසා කියන්නම්
    සංගීත් කියන්නෙ බොහොම නම්‍යශීලී ප්‍රියමනාප මනුස්සයෙක්..හැබැයි කන බොන මනුස්සයා :D
    ඔහුගෙ ගායන හැකියාව මං හිතන්නෙ ප්‍රසංග වේදිකාවටම දියවෙලා ගියා මචං.ඒකෙ උපරිම ඵලය ඔහු ගත්තෙ නෑ කියන එකයි මට හිතෙන්නෙ..ඒ වගෙම කවීශ ගෙ ගායන හැකියාවත් ඉහලයි ඔහු ඇස් ආදරෙන් පුරෝනා ගීතයට උපරිම සාධාරනයක් කරනවා..ප්‍ර්පල් රේන්ජ් එකේ බොහෝ දෙනෙකුට ගායන හැකියාව හිමියි .ඒක ඒ සංගීත කන්ඩායමේ වාසනාවක්..!!
    තව තට්ටයෙක් ඉන්නව මචං තුශා‍ර සුභසිංහ කියලා..කලින් ඕල්‍රයිට් ඉඳලා දැන් පර්පල් රේන්ජ් ඉන්න.උගෙ සිංදුවක් කියද්දි වේරියේශන්ස් පොඩ්ඩක් බලපං ..වෙනසක් දැනෙයි. හැබැයි උගෙ පිටින් පෙනුම හා ප්‍රසාංගික හැසිරීම එක්ක නැතුව වෙන්ම ඇහුවොත් දක්ශ් කොල්ලෙක් !!!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් සාදරයෙන් පිළිගන්නවා.. පත්තර මල්ලි..

      ඔව් පර්පල් රේන්ජ් එකෙන් නේද ඔය දමිත් අසංක හෙමත් ආවේ. චාමර වීරසිංහ නං මුල්න්ම ගෘප් එකේ සිංදු කියද්දි දික්වැල්ලේ තිබ්බ වෙඩිමකදි සෙට් වෙලා මම මිනිහට සුභ පැතුවා ලොකු ගමනක් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඊට අවුරුද්දකට විතර පස්සේ චාමර ජනප්‍රිය උනා.

      උඹ කිව්වා හරි සංගීත් තම හැකියාව වේදිකාවට දියකරනවා. ඒක අපරාදයක්.. මං හිතන්නේ මට ඔය සුභසිංහත් පේන්නේ කවීෂ වගේද මන්දා..

      Delete
  46. සංගීත්ගෙයි මගෙයි වසර විස්සක විතර ඉඳල හොඳ සම්බන්ධයක් තියෙනවා. සැබැවින්ම ඔහු මිත්‍රශීලි මිත්‍රයෙක් අපි දෙන්නම පදිංචි වෙලා ඉන්නෙ එකම කිට්ටුව.

    ඊටත්වඩා සංගීතය සහ එහි භාවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම ඔහුට ලියූ අගටන්නා වගේම ඊට හාත්පස වෙනස් ක්ලැසිකල් ගීයකුත් තියෙනවා. ඔහුට පෙර අපර දෙදිගම සංගීතයේ ගායන හැකියාව තියෙනවා.

    මම ගැනත් මතක් කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සංගීත්ගේ මුල් ගමේද

      Delete
    2. ස්තුතියි දායා අයියා පැහැදිලි කිරීමට.. සංගීතය ගැන තියෙන අවබෝධය ඔහු නිසි පරිදි ක්‍රියාවේ නොයෙදීම අඩුවක් නොවේද?? ඒක සංගීත ලෝලින්ට ඔහු කරන පාඩුවක්.. ක්ලැසිකල් සින්දුව දෙන්න බැරිද සංගීත්ගේ..

      Delete
  47. අගටන්නා ගැන මම කියන්න හදද්දිම දයානන්ද අයියා ඒ ගැන කියලා....මමත් වල් වැදිලා ඉන්න හොද ගායකයෙක් බන්...දේශකයා අත දීහන්කො....

    ReplyDelete
    Replies
    1. @ සිරා..

      උඹ ට්‍රම්පට් එකක් හොයාගනිං මං අත දෙන්නං.. හැක්..

      Delete
    2. @ අටමා

      උම සැමාට අත දීපු ටිකම ඇති උඹේ අත දීම ගැන දැනගන්න.. හැක්..

      Delete
  48. mamath sangeethge asama sinduwa "mal perahera". amuthuma lassanak eke thiyenne

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සයුරි.. ශාංගාරාත්මක බව නොඅඩුව තියෙනවා ඒකේ.. ස්තුතියි

      Delete
  49. අපි සිකුරාදා දවස්වල සෙට් වෙලා ගායකයින් මරා දානවා. මේ සිකුරාදා මුන් දෙන්නාව ඉවරයක් කරතහැකි . මමත් සන්ගීත්ගේ රසිකයෙක්. කවීෂගේ සින්දුනම් කලින් අහලා තිබ්බේ නෑ . හොඳ ලිපියක් බන් . ජය.!

    ReplyDelete
    Replies
    1. හා හා ඉවරයක් කරහං නෑ මරල දාපං.. හැක්. කවීෂගේ ඇල්බම් එකක් තිබ්බා.. ඩවුන්ලෝඩ් ලින්කටුවක් තිබ්බොත් දාන්නං. ස්තුතියි තිලකේ...

      Delete
    2. ආ මෙන්න ගිහිං බා ගනිං...
      http://www.videomart95.net/search/label/KAVEESHA%20KAVIRAJ%20-%20PEMBAREE

      මේකෙ ලාකාවෙ හුගක් ගායකයන්ගෙ සිංදු තියේ.. කලිං මේ සයිට් එක කලේ කොරියාවෙ ඉන්න හාදයෙක් ඒත් එයා මේක විකුණල දැම්ම. ඊට පස්සෙ මෙකෙ අරමුණු වෙනස් වෙලා මේ වෙනකොට හැම තැනම තියෙන සංගීත ප්‍රසංග විතරයි මේකෙ තියෙන්නෙ... හැපැයි අළුත් ඒව දානව මෙයාල

      Delete
    3. සංගීත සංදර්ශන නං බලල වැඩක් නැහැ බං.. තැන්කුයි දැනුවත් කිරීමට

      Delete
  50. අඩේ දේසක තුමා අපේ බාත් රූම් ගායකයො මේකට ඇතුලත් කරල නෑනෙ.. ඒක නං පට්ට අවුලක්.
    සංගීත් ගැන මට අවුලක් නෑ ලොවෙත් නෑ.. එයා තමා හොදම...
    කවීෂ අවුල් වගේ කවී ගෙ කටහඩ හොදයි. ඒත් ලයිව් ෂෝ වල සිංදු කියනකොට තාල නෑ..හැමදාම එහෙම්මමයි...
    අනික තට්ටෙ නැති වුණත් චාමර හොදයි කියල මට හිතෙනව... චාමර වීරසිංහ හොදේ...
    මං කවිය ගැන අරහෙම කිව්වෙ අපි මියුසිකල් හොය හොයා පට්ට ගහන නිසා... මං කියන එක අන්ෂුවර් නං මෙතනිං ගිහිං මේ ළගදිම ගහපු හිරු මෙගා බ්ලාස්ට් එකේ කවිය සිංදු කියනෙක අහන්නකො

    http://www.videomart95.net/search/label/HIRU%20MEGA%20BLAST%20LIVE%20AT%20KEGALLE%20WITH%20SANIDAPA%202013

    ReplyDelete
    Replies
    1. ලයිව් ෂෝ වල මොකද තාල නැත්තේ මිනිහා ස්ටේජ් වලටම කියාපු බඩුව.. කවීෂ.. චාමර වීරසිංහ ගැන මං කලින් කිව්වා දක්ෂතාවය මොට කරගත් අයෙක් ඔහු..

      Delete