Tuesday, January 28, 2014

එපාකරපු දින පහ!!

මේ දවස් වල හොදටෝම බිසී නෙව.අටරාසියක් කරුණු අරවා මේවා හින්දා හරියකට කෑමක් බීමක් නැ එක එක වැඩ. එහෙමෙයි කියල මේ කඩමාල්ල හිතින් අහක් කරගන්න ඇහැකියැ. පිස්සුවක් ඇතෑ.

2014.01.24
උදේ පාන්දර කෑම උයන්න ලැහැස්ති වෙලා දේශිකා හාල් හෝදල කරල බත් මුට්ටිය ලිපේ තියල අනිත් වැඩ ටික කරන කං මම පොල් ගෑවා. පොල් ටික ගාන කොටම මම දැක්කා ගෑස් කුකර් එකේ දැල්ල නිවෙනවා. හබක් තමා ගෑස් ඉවරයි. පයි කේජි පයි කේජි කියාගෙන සින්දු කිව්ව හින්දා මාත් ගත්තා පයිකේජි එකක්. මදෑ කොළා. ඒක දවස් විසි තුනක් පත්තු කරන්න පුළුවන් ය කිව්වට මොන.. හරියටම දවස් 14 යි.

දැං මොකක්ද කරන්නේ කියල බැලුවේ. කෑම උයන එක නවත්නන්න. එහෙම බෑ මොකද කොල්ලට ඉස්කෝලේට අනිවා බත් ගෙනියන්න ඕන. ඒක නිසා උයන්න එපායැ. පාන්දර කියල බැලුවේ නෑ ගත්තා ටෝච් එක වටේ පිටේ ටිකක් රවුමක් ගහල පොල් පිති ටිකකුයි පොල් කොළ ටිකකුයි එකතු කරන් ඇවිල්ල ඉතිරි වෙලා තිබුන කළුගල් තුනකින් ලිපක් බැදල මදි පාඩුවට පොල්කටු දෙකකුත් දාලා ඉස්ම යන්නම ලිපක් හැදුවා පිටිපස්සේ. ඒකට පිං සිද්ධ වෙන්න පරිප්පුවයි මාළු එකයි හදාගෙන යන්තං ගොඩ ගියා.

දවල් කෑමට බත්පත ඇරල පළවෙනි කට කනකොටම තේරුනා අම්මා උයපු බත් එකේ රහ. ඒක මතක් වෙලා මාව අතීතෙට අරන් ගියා. අපේ අම්මල දුං කාගෙන ගිණි පිඹගෙන මුළු දවසෙම කොයි තරං කට්ටක් කන්න ඇත්ද අපිට කෑම ටික දෙන්න. අපි ඉතිං මේසෙට ආපු කෑම ටික දිහා බලනවා මිසක් වෙන මොනවත් හොයනවැයි. අපේ ජීවිතත් වෙලාවකට බත් කන පිඟාන වගේ. බත් ටික කනකං විතරයි ඒකේ වටිනාකම. ඊට පස්සේ ඇහැක් ඇරල බලන්නෑ ඒක තියේද කියලවත්. 

වැඩේ හරියන්නෑ පයි කේජී එක වගේම තර්ටීන් කේජී එකත් පුරවගන්න ඕන සල්ලි කීයක් හරි කෙටාබාගෙන.


2014.01.25
ඉස්ඉස්සෙල්ලම කොල්ලව දැම්මා ටියුෂන් ක්ලාස් එකකට. ඒකේ විෂයන් හතරක් උගන්නනවා. අවුරුදු දෙකක්ම ඉස්කෝලේ ගියාට මිනිහා දන්නෑ ටියුෂන් ක්ලාස් එකක් පාටක් වත්. ඒත් තුන වසරේ සිලබස් එක වැඩි නිසා වර්ක් ලෝඩ් එක ඉහටත් උඩින්. තියෙන වැඩත් එක්ක මටත් දේශිකාටවත් ඒකට හෙල්ප් එකක් දෙන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ හින්දමයි ටියුෂන් එක සැට්ල් කරේ. අඩු ගානේ ඒකෙන් වත් තව පාරක් මතක් කරගන්න ලැබේවි කියල හිතල. 

ක්ලාස් එක ගැන ඇහුවට මං හිතුවේ ක්ලාස් ෆීස් දෙවැනි දවසේ දුන්නම ඇතිය කියලා. ඒත් එහෙම බෑලු. දුන්නා පිටු දෙකක ජාතකයක් වගේ ඇප්ලිකේෂන් එකක්. ඒක පුරවල ඒ වෙලාවෙම දෙන්න කිව්වා රු. පන්සීයක් එක්ක ඇඩ්මිෂන් ෆී. ඊට පස්සේ ක්ලාස් ෆීස් දාහයි. පර්ස් එක ඇරලවත් බලන්න ඕන නෑ මං දන්නවා අතේ තියෙන්නේ රුපියල් දෙසීයක් හෝ අඩුවෙන් කියලා. ඒත් ඉතිං ඇඹරෙන්න ඇහැකියැ.. යන්තං බොක්කේ එහෙකුට කෝල් එකක් දීලා වැඩේ කරගත්තා. අනේ අනිච්චං ටීචර් ලත් හරියට ඒටීඑම් මැෂින් වගේනේ.


2014.01.26
රජයේ ආයතනයක වැඩ කරපු අසල්වැසි අයියා කෙනෙකු චකබලාස් වී ගොස්ය. වැඩි වයසක් නැති උනත් අරක්කු සිගරට් වලින්ම ජීවිතය ගෙවපු ඒ මිනිහගේ පවුලේ උන්න දරුවන් තුන් දෙනෙයි. තවම එකෙක්වත් බැදලවත් නෑ. ඒත් හදිස්සියේම හාට් ඇටෑක් එකක් ඇවිත් තමා වැඩේ සිද්ධවෙලා තියෙන්නේ. හොද කලාකිරිඤඤයක්. හිටිවන කවි එහෙම ඕසෙට පුළුවන්. මොනවා කරන්නද පන්සලේ පිංඅතේ වැඩ කරත් යන ගමන නතර කරන්න බෑනේ.

ඔයි කතන්දරේ හින්දා අද දවසම මට විසුමක් නෑ. “ඔන්න දැක්කා නේ.. තව බොනවා අරක්කුයි සිගරටුයි. පව් අර පොඩි ඈයෝ දැං ඉතිං ඔක්කෝම ඉවරයිනේ. ඔහෙලටත් ඕවා හොද පාඩං.“

පළුලු වෙච්චි සීඩී එකක් වගේ නිතරම ඕක වාදනය උනා අද දවසෙම. මොනා කරන්නද ඉතිං කාලක් ගෙනැත් හොරෙන්ම ඇරල දැම්මා. අනික නිවාඩු දවස නේ.


2014.01.27
ආපෝ වැඩට ආවට වඩා හොදයි නාවනං. මගේ ජීවිතේට එච්චර වැඩ කරේ අද තමා. අම්මප මේකේ තියෙන වැඩ නං විශ්‍රාම යනකම්ම ඉවර කරන්න ලැබෙන එකක් නෑ. කොච්චර කරත් ඉවර කරන්න ඇහැකියැ. මං ගියාම ඒ වැඩ කරන්න තව එකෙක් ගන්න වෙනවා සිකුරුයි. ඌ ගියාම තව එකෙක්. හැබෑට මේ ඔපීසි වල තියෙන් වැඩ ඔක්කෝම ඉවර කරල නිවි හැනහිල්ලේ බ්ලොග් එකක් කොටාගෙන ඉන්න විදියක් ඇත්තෙම නැද්ද?

මේකයි ඉතිං ගිය අවුරුද්දේ ඉවර කරල තියෙන්න ඕන වැඩ ටිකකුත් මං හංගන් හිටිය නං තමා. තවත් කොහේ හංගන් ඉන්නද?


2014.01.28
අදත් එහෙම තමා. ඒත් අනේ මෙච්චර දුක් විදින්න පුළුවනෑ. විසි කරා ඔක්කෝම මොලෙත් ගලවල හෝදල ආයි හයි කරගත්තා. දැං ටිකක් ෂේප්. පොඩි බර ගතියක් තිබ්බා ඔළුවේ. ඒවාත් විසි කරල දැම්ම. ඉන්න ටිකේ ඉම්මු සුදෝ ආතල් එකේ කියල හිතාගෙන යන්තං වචන දෙක තුනක් කොටා බෑවා. උත්තර දෙන්නත් ඕන පහුගිය පෝස්ට්කටුවට. ඒත් ඒකට යන්න එපා වෙනවා අප්පා රාජ් කිව්වා වගේ රිප්ලයි එක කෙටුවම කර්සර් එක නලලෙම ගිහිල්ල නතර වෙනවා නෙව. ඉතිං ආයි රෝල් කරං එනකොට හොද පන ගිහිල්ල ඒ මදිවට අයිඩියාර් එකත් ඔතෑනි වෙනවා. ඊට හොදා ඒවට පස්සේ උත්තර දෙන එක. තරහබෝයි අවසර. 

මං යන්නෙයි එහෙනං..

164 comments:

  1. අනේ අනිච්චං බොල . . උබෙන් කොප්පේ ගහල මමත් දයරියක් ලියන්නම් කමක් නැහැනේ නේද , ,, වැඩ නම් මොනවද බන් ,, , බලකො ලිවම මගේ වැඩ හෙහෙ හෙහෙහැ හෙහ්

    මේ

    ReplyDelete
    Replies
    1. ලියහං බං මොන කොප්පද???

      Delete
  2. අර දර ලිපේ ඉවුවට පස්සෙ දැලි වළං ටික හෝදන්න උන හින්ද නේද බොට ගිය පෝස්ට් එකට උත්තර බඳින්න බැරි උනේ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++ ආන්න හරි ප්‍රසා මට මතක් උන්නේ නැහැනේ බොල ඕක

      Delete
    2. @ ප්‍රසා
      පව්කාර කතා කියන්න එපා ඩෝ...

      @ මගියා
      බොට ඉතිං මොළයක් තියෙන්න එපායැ..

      Delete
  3. 24.01.2014
    කොහොමත් ගෑස් ලිපේ ඉදෙන කෑමට වඩා දර ළිපේ හැදෙන කෑම වල හරි රසක් තියෙනවා තමයි.පොල් ගාන එක අමාරු නම් වැඩේ සිම්පල් පිටි කල පොල් කිරි ගන්න.:D
    25.01.2014
    ඇත්ත,අපිත් ටියුශන් ගියා.හැබැයි ඒ කාලේ දැන් වගේ දෙමාපියන්ගෙන් ගරා ගත්තේ නැහැ.දැන් ටියුශන් කියන්නේ ව්‍යපාරයක් නිසා එකේ ඒ හැටි අරුමයක් ඇත්තෙත් නැහැ.
    26.01.2014
    දැන්වත් පාඩමක් ඉගෙන ගනින්.දෙශිකාම නිසා හොදයි බෝට.:(
    27.01.2014
    ඉදලා ,හිටලා හරි ගන්න පඩියට වැඩක් කරන එක යුතුකමක් තමයි.එත් ඉතින් සමහරක් දවස් තියෙනවා කිවත් වගේ සතියකම වැඩ එක දවසේ යෙදෙන.එක එහෙමයි කියලා ඉතින් රස්සාව නොකරත් බැහැ නේ.
    28.01.2014
    ඔය මොළේම නම් හෝදලා ගත්තා කියලා වැඩක් වෙන එකක් නැහැ.මැරිච්ච මිනිහෙක්ගේ මොළයක් වත් ඒ වෙනුවට හොයලා හයි කර ගත්තොත් නරකද...?;D

    ReplyDelete
    Replies
    1. 1 අපේ හාමිනේ කැමති නෑ කුඩු පාවිච්චි කරන්ට
      2 දැං ටියුෂන් නොගියොත් ළමයා අමාරුවේ. ඒ තරං වැඩ වැඩියි බං
      3 හොදා හොදා තැන්කුයි
      4 ඔව් ඔව් හිට හිට වැඩ කරන්න ඕන
      5 මගේ මොලේ මට හොදයි බොල.. හැක්

      Delete
  4. Replies
    1. දිනපොත් කෙරෙමෙත් මරු.. ඇත්තටම දේශා, දර ලිපේ උයන ඒවගෙයි කරන්ට් එකෙන් නැත්නම් ගෑස් වලින් උයන ඒවගෙයි වෙනසක් තියනව තමයි.. ඒත් අර කිව්වත් වගෙ කනව තරම් ලේසි නෑ..
      //රාජ් කිව්වා වගේ රිප්ලයි එක කෙටුවම කර්සර් එක නලලෙම ගිහිල්ල නතර වෙනවා නෙව.// මට නෑනෙ එහෙම එකක්. ගිනි නරියා පිහිටෙන් යසට කොටනව. වර්ඩ් ප්‍රෙස් වල නම් පොඩි අවුලක් එනව ඉඳ හිට.. මටත් දෙන්නම් බැටේ කියල තව මග එනවද දන්නෙත් නෑ.. :)

      Delete
    2. අපේ අවුල නං අඩුවක් නැතිව තියෙනවා බං තාම නලලේම තමා..

      දර ලිපේ ඉව්වම අම්මා කන්න දීපු බත් පත තමා මට නං මතක් වෙන්නේ බං..

      Delete
  5. අපිටත් දවසක් ඔහොම වැඩක් උනා උය උය ඉන්නකොට ගෑස් ඉවර උනා බාගෙට උයපු මාලුව අර කිරි උතුරන්න ගෙනාපු සූටි ලිපක් තිබිලා අන්න ඒකේ තියල ඉව්වා දැලි නාගෙන හොටු පෙරාගෙන අපෝ මටනම් එපා උනා

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කාව්‍යා.. අපෝ දුං පිබින්න ගියාම නේ චාටර් එක නැද්ද.. දුං කන්නයි වෙන්නේ

      Delete
  6. සිරාවට අයියේ මේ දවස්වල වැඩ වැඩ වැඩ.... එපා වෙනව...

    ReplyDelete
    Replies
    1. හා හා ඒකෙන් කාරි නෑ දැං බොට සනිපද බයිසිකටුව මොකෝ උනේ

      Delete
  7. එපා කරපු දවස් 5 කිව්වම මන් හිතුව දේශකයට මාසික ශුද්ධිය ඇතිවෙලා කියල, හුකැස් :D

    බෝම මහන්සි පාටයි නේද අයිය, බොමුද පරණ ගල් අරක්කු බාගයක් :D

    ReplyDelete
    Replies
    1. අඩේ මූටත ් ර්ක හැදෙනවාද? මම හිතුවේ දේශිකාට විතරයි කියලා

      Delete
    2. යකූ අහිංසක දේශිකාට ඉන්න දිපල්ලා හරි ...හැක් හැක්
      කොම උනත් එල කතාව

      Delete
    3. ඉහත කමෙන්ටුව දේශකයාගෙනි

      Delete
    4. @මදුරංග / / / මේක ඇවිත් අනෝ දාල දෙශිකා බේරා ගැන්ඩ . . හෙහෙ හ්හේ හෙහ්

      Delete
    5. මුටත් හැදෙනවලු බන් :D

      Delete
    6. චීයා බන් උඹලත් හිතන දේවල්. හි… හි…… :-D

      සිරාවටම කියන්න මාත් හිතුවෙ ඔහොම දෙයක්ම තමා. කැත හිත කැත හිත. :-D

      Delete
    7. මොනාද බන් මේ, fb එකෙත් මේ මනුස්සයව කන්න හදනවා ,දැන් මෙතනත්, මේ දවස් පහ ඇතුළේ කසාද බැදපු පිරිමියෙක්ගේ යශෝගීතය අපුරුවට ලියවිලා තියෙනවා. දේශක තුමණි ෆේස්බුක් එකේ කොල්ලෝ කුරුට්ටෝයි අර යක්ෂ කෙල්ලයි එක්ක නට නටා ඉන්න එක නවත්තලා ලස්සන කතාවක් ලියන්න, මං ඔයාගේ රසිකාවියක් :)

      Delete
    8. අපේ හිත් මල් වගේ ප්‍රියා ;)

      තුමා තුමා ගාන්න එපා බන් අපූරුයි අක්කෙ :D

      Delete
    9. ඇත්තනෙ ඔමා මේ සසිඳුයි මඟියයි අච්චර ලක්ෂණ නමක් දාලා තියෙත්දි ඔයා මේ තාමත් "ටුමා ටුමා" ගානවා. :-(

      Delete
    10. ඒකනෙ මාත් කියන්නෙ :D

      Delete
    11. ඉහත කමෙන්ටුව දේශකයාගෙනි////
      යකූ බඩ රිදුණා හිනා වෙලා ...

      Delete
    12. ඔමාට තුමා තුමා කියන්නම ඕන නම් "වෙරළු තුමා" කියන්න...නේද දේශා

      Delete
    13. @ සසිදු
      මාසික නෙමෙයි බං මාස්ශුද්ධිය. ඒවා නං අරහං බං. සමහර අය කියනවා විවිධ ප්‍රසංගය කියලත්..

      @ ඇනෝ
      එක බුවෙක් මාව කද්දි එක බුවෙක් දේශිකා බේරගන්න හදනවා.. හැක් තැන්කුයි ඈ..

      @ මධු
      රටක් වටින් නමක් තියෙද්දි (?? හැක්) මං කවදාවත් ඇනෝ යන්නෑ බං මොකද කට කෑවත් මට ඕන දෙයක් කියන්න පුළුවන්..

      @ ඔමා, ප්‍රියා
      බොලාමයි තුමා අයින් කරේ බොලාමයි ඒක කියන්නේත්.. බොලාට කියන්න කටක් නෑ මට මේවට.. හැක්..

      @ අරූ
      ඔන්න ඔහේ ඕන දෙයක් කියපුවාවේ බං සුකිරි කොල්ලේ නෙව...

      Delete
    14. මට මේ පෝස්ටුව කියවා ඔබ අද විදින මේ දුක් දැකලා පපුව හෝස් ගාලා පත්තු වෙලා ගියා රත්තරනේ...ඒ ගින්න නිවන්න...මහවැලි ගගම ඉස්සත් මදි වෙයි....දුක වැඩි කමට මමත් කාල වෙනුවට භාගයක් මම ඇද යටින් තිබ්බා....හවස් වෙලා ගන්න...

      Delete
    15. බයිට් මක්කවත් නැතෙයි කොල්ලෝ.. හැක්..

      Delete
    16. දේශකයො යන ගමන් බාගයක් ගෙනිහින් ගහපන් දුක නැතිවෙන්න :D

      Delete
    17. ඒකනේ බං අර ප්‍රියා ගෙන් හාරදාහක් ඉල්ලුවේ කෝ ඒකා දුන්නෑ නෙව...

      Delete
    18. අන්න එහෙම ශුද්ධ හින්ගලෙන් ඉල්ලන්න එපෑයෑ. හි හි :-D

      Delete
    19. වැඩක් නෑ ඒත් උඹ දෙන්නෑ නෙව.. හැක්..

      Delete
  8. බොනවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන වෙලාවෙත් බොන එක අහු වුනා නම් කොහොමට හිටීද...
    විභාග රේස් එකෙන් දිනන්නේ ලමයි නෙමේ ටියුෂන් ගුරුවරු...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ උඹෞ බොගේ ෆලෝවර් ගැජට් එක තාම එල්ලල නෑ නේද? හොද හිතිං කියන්නේ ඒක එල්ලහං.. ටියුෂන් ගුරු වරු අනුන්ගේ දිනුම තමන්ගේ කරගන්න ජාතියක්..

      Delete
  9. අඩේ අෆ්ෆා දේශකට බෙල්ල ලගටම වැඩ හිර වෙලා වගේ ,ඔය කිව්වෙ ඇත්ත කතා නේ ,වෙන වැඩක් එහෙම නෙවෙයි නේ ... :)

    ReplyDelete
  10. තුනේ පන්තියේදී ටියුෂන්?
    පව්, අසරණ දරුවා

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ නෙවෙයි කකා, අපි තුනේ පන්තියෙ හිටපු කාලෙත් ඉංගිරිසි පන්තියකටයි, ගණිතය සිංහල දෙකම උගන්නපු පන්තියකටයි ගියා මතකයි. දැන් කාලෙ නම් ළමයි මොන්ටිසෝරි යද්දිත් ටියුෂන් යනවා. අම්මල උදේට හවසට ළමයි ඇදන් දුවනව මම දැකල තියෙනව. හුඟක් තැන්වල මොන්ටිසෝරි ටීචර්ම අමතර ගානක් අරගෙන හවසටත් පන්ති කරනවා.

      Delete
    2. මටත් පුදුම හිතුන අප්පා..

      Delete
    3. @ කකා
      ඇත්ත මාත් මේ ගැන සෑහෙන්න හිතුවා අවුරුදු දෙකක්ම. ඒත් තියෙන විදියත් එක්ක හරි අමාරුයි දරුවට අමතර දැනුමක් හා රිවිෂන් එකක් ලබා නොදෙන එක..

      ඉංගිරිසි වලටම ටෙක්ස්ට් බුක් හතරයි. පරිසරය කියල එකක් කරනවා අපිවත් අහල නැති කොර වෙන ඒවා තියෙන. දැං කාලේ ළමයි මොන්ටසොරි ඉදලම ටියුෂන්. තුන වසරේ ඇත්තටම ලෝඩ් එක වැඩියි. මේ අවුරුද්දේ තමා ළමයගේ අකුරු ප්‍රමාණය දැනට ලියන ප්‍රමාණයෙන් බාගයක් දක්වා අඩු කරන්නේ. ඒ වගේම පිල්ලන් භාවිතය අකුරුටම බලන්න ගන්නවා. අනික දෙමළ. ඒකෙත් සෑහෙන්න ප්‍රමාණයක් වචන තියෙනවා. ගණං පවා අපි ඒ කාලේ කරපු ඒවට වඩා ඇඩ්වාන්ස්. ළමයෙක්ට මේ තියෙන වාතාවරණය මත පාසැලේ උගන්වන එක මදි. මොකද දැං ටීචර් ල කියල දෙන්නේ ටියුෂන් ගිහින් ඉගෙන ගත්ත ළමයින්ට. ඒකෙන් මුකුත් නොදන්න එකාට වෙන්නේ පාඩුවක් ඌට අල්ලන්න බැරි තරමට ස්පීඩ් පාඩම කරනවා. අපේ කොල්ලගේ පන්තියේ 45 න් 44 ක්ම 1 ඉදලම ටියුෂන් ගියපු උන්. අපේ එකා මේ අවුරුද්දෙවත් ටියුෂන් නොදැම්මොත් ඌට ඒවා අල්ලගන්න අමරුයි. ඒත් පන්ති දෙක තුන දාන්නෑ. එකම පන්තියයි එච්චරයි එක දවසයි පැය තුනයි.. සතියට. ඒ මදෑ අනේ..

      @ ඩීඩීටී
      උඹ කියන එක හරියට හරි බං

      @ කෙන්ජා
      දැං ලංකාවේ තත්වේ ඕක තමා බං..

      Delete
  11. මම හිතුවේ බඩ හේදිලා යන දවස් 5ක් කියලා.. :(

    ඔය ක්ලාස් ගැන කිව්වහම මතක් උනේ. මම දන්න ගණන් සර් කෙනෙකුත් ඉන්නවා ඌ ගාවට කොල්ලව යවමු. :)

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ ඒ අස්සෙ ඇඩ් එකකුත් දාලා. :)

      ඌ ගාවට ගිහින් වැඩක් නෑ බං, ඌ කන්න යන්නෙත් පන්ති වෙලාවෙදි. තව ඒ වෙලාවෙදි වෙන මොනව කරනවද කවුද බං දන්නෙ, ළමයිට උගන්නන්න වෙලාවක් නැතිව ඇති මිනිහට. :)

      Delete
    2. පවු ඒ සර්ව කාලා... :(

      Delete
    3. අනේ සර්... කොල්ල ඔය ඉගෙන ගත්ත ටික ඇති.. බොලා ලගට එව්වොත් අවේලාවේ කන්න පුරුදු කරයි..:))

      Delete
    4. ඒ විතරක් නම් මදෑ පොඩි එකා වැඩක් නොකලත් පොත් දිහා පැය ගණන් නිකං බලං ඉදීවි පාඩං කරන්න පුරුදු වෙන්න කියල. තව පොඩි එකාව නිවාඩු දවසට ගෙදර තියාගන්නත් බැරි වේවි ඔය සෑර්ගෙ ගණං පන්තියට ගියොත් නං. අපි මේ සෑර් ගැන නරකක් කියනව නෙවෙයි, පොඩි එකාගෙ අනාගතේ ගැන වැඩිපුර හිතනව :) :)

      Delete
    5. මේ යන විදිහට නං ඒ සර් ආයේ පංති කරන එකක් නැතුව ඉදී..

      Delete
    6. ඒ ගණනං සැර්ට බඩු නේද?? පව් අප්පා කට වරද්දගෙන ක්ලාස් එක වහන්න වෙයිද මන්දා...

      Delete
  12. කොමෙන්ට් කේස් එක මම හිතුවා මට විතරයි තියෙන්නේ කියලා.. එහෙනම් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. මමත් ඕකම හිතාගෙන තමයි හිටියේ

      Delete
    2. මාත් නොකීවට සෑහෙන්න කල්පනා කළා සෙටින්ග්ස් චෙක් කළා මහා හිසරදයක් ආයෙම උඩට යන එකනම්.. දවසට දබරගිල්ල කිලෝමීටර් කීයක් යනවා ඇත්ද

      Delete
    3. ඒකනේ බං කියන්නේ මෙච්චර කේස් එකක් තියෙද්දි කට වහං ඉන්න ඇහැකියැ. පිස්සුවක් ඇතෑ..

      Delete
    4. මමත් හිතුවෙ මට විතරයි කියලා...බලාන ගියාම හැමෝටම තියෙනවා නොවැ....හැමෝටම තියෙනවා නම් මටත් තිබුනම මොකෝ...නැද්ද බොලව්...

      Delete
    5. යේකනේ කියන්නේ බොලා කට වහං ඉදල හරියනවැයි එතකොට...

      Delete
  13. ඈ බන් මේ ඔක්කොම රාජකාරි මැද්දෙ බ්ලොග් ලියන්නත් එපායැ.

    ReplyDelete
    Replies
    1. තත්ත්වාකාරයෙන් ඒක තමා බං ප්‍රමුඛ කාරිය හැක්..

      Delete
  14. මෙව්වට මොනවා ලියන්නද අප්පා.ඔය කරුමෙනෙ හැම එකාම විදින්නේ.......

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මේකේ ඇති අමුත්තක් තියේද නැද්ද බං..

      Delete
  15. දැලි කුණු පෙරාගෙන මොකට උයනවද, කන්න අයියා කඩෙන්. :)

    උඹට පොඩි එකාගෙ ක්ලාස් එකට දෙන්න ගියාම පර්ස් එක හිඳිල, ඊට පස්සෙන්දා කාලවල්ගේන්න තියෙනව. ෂික් ... මේක දේශිකා දැක්කනම්.

    ReplyDelete
    Replies
    1. මූ ගානට දවසට කාල ගානෙ ගන්න මාසෙ වියදම බැලන්ස් කරගෙන ඉන්නෙ.

      Delete
    2. @ ඩීඩීටී
      කව්ද බං ඔක්කේම සල්ලි ටික පර්ස් එකේ දාං යන්නේ දැං..

      කඩෙන් කෑවට හරියන්නෑ බං කොල්ලට. මං කඩෙන් කෑවත් ඌට බත් ගෙදරින් දෙන්න ඕන.. දේශිකා ලොවෙත් දකින්නෑ මේක.. ගෙදර අන්තර්ජාල තහනං කලාපයක්..

      @ ප්‍රසා
      එහෙම ලයින් එකක් නැතිව කෝමද අනේ ජීවත් වෙන්නේ..

      Delete
  16. දේශත් දැන් දිනපොත ලියන්න අරං මේවායේ ඇත්ත නැත්ත දවසක දේශිකාගෙන්ම තමා අහගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හමු වෙචිච වෙලාවක අහගනිං. හැබැයි ඊට පස්සේ මං බ්ලොග් කටු ලියයිද දන්නෑ හොදේ..

      Delete
  17. කලින් පෝස්ටුවේ කමෙන්ට්ස් වලට උත්තර දීලා හිටකො මඟුල.

    එතෙක් අපි අදහස් වර්ජනේ.

    ReplyDelete
    Replies
    1. බොට 27 වෙනදනම් පල දීලා තියෙන්නෙ පරණ පවු. ඔය වැඩ කොරන ගමන් බ්ලොගේ හැඩවැඩ කරන එකට දවසක ඔය ඔක්කොම අල්ලලා වැඩ කරන්න වෙනවා කියලා මම දැනන් හිටියා.

      ඕක මට වෙන්නෙ කවද්ද කියලා තමා දැන් මම බලන් ඉන්නෙ.

      මේ පොස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් උනේ පරක්කු වෙලා නේද?

      Delete
    2. වෙරලුවට මෙහෙම වෙලා මදි :D
      හැබැයි මේක ඕවට මට්ටුවෙන එකෙකුත් නෙමේ :v

      Delete
    3. ඒක ඇත්ත බන් කතා කොරලා වැඩක් නෑ.

      Delete
    4. @ ප්‍රියා
      පහුවෙලා හරි ක්‍රෑමක් දීලා උත්තර දුන්නා බං.. අහා බොටත් ඒ සෙතේම උදා වේවි වගේත. හැක්..

      @ සසින්දුවා
      මහ උන් කතා කරන තැන පොඩි උන් හොට නොදා හිටු...

      Delete
    5. එහෙමයි වෙරලූස් :P

      Delete
    6. දැං කාලේ පොඩි උන් හොදයි නෙව හරිම කීකරුයි

      Delete
    7. කවුද බොල මහ එකා?? මාත් පොඩි එකෙක් තමා. :-(

      Delete
    8. අපෝ උඹත් ඉතිං ඌටම කැපෙන එකා නෙව. මාවම කාහං.. හැක්..

      Delete
  18. බොනවට බනිනනවා නම් ඩිවෝස් වෙයන් බං මම වාගේ...රෙද්ද..

    ReplyDelete
    Replies
    1. දැන් මෙයාගේ සද්දේ මෙයා මැලේසියාවේ හාමිනේ ජපානේ නේ එක වෙන්න ඇති , ගෙදරදී එහෙම කිව්වනම් ආයෙත් ඇක්සිඩන්ට් වෝඩ් තමයි

      Delete
    2. @ කෙන්ජා
      අම්මප බොක්කෝ.. දැන්නං ඕන මලදානයක් කියල ඩිවෝස් කරන්න හිතෙනවා හැක්.. රෙද්ද..

      @ ඉවාන්

      කේන්ජා ඇට් මැලේ.. ඇනෝ කිව්වා හරි නේද මලේ.. හැක්..

      Delete
  19. යකෝ පයිකේජී වලින් හැටවේලම උයලා දවස් විසි එකක් පාවිච්චි කරන්න බෑ බොල .

    උඹ අර මියගිය මනුස්සයට කලාකිරිඤඤයක් කිව්වේ මිනිහා කළා කාරයෙක් නිසාද නැත්තම් මිනිහා වලි කාරයෙක්ද ? කලාකිරිඤඤය කියන්නේ ආයුධයක් අතේ knukles වලට පළඳින .. දෙන්න පුළුවන් ඕන එකෙක්ගේ මූණ සම්බල් වෙන්න .

    ReplyDelete
    Replies
    1. //දෙන්න පුළුවන් ඕන එකෙක්ගේ මූණ සම්බල් වෙන්න . // ඒ විතරක් නෙවෙයි පොලු පාරක් උනත් කවර් කරන්න පුලුවන්....ලු හැබැයි ඕව කරන්න නුපුරුදු එකෙකුට බෑ...ලු

      Delete
    2. ඕකට සුද්දෑ බාසාවෙං කියන්නේ knuckle duster කියලා මම හිතන්නේ.

      Delete
    3. ඩූඩ් අයියගෙ වචනෙ ගුගල් ට දීල බැලුව. මේං බලන්න එන ඒව..

      knuckle duster

      ආසාවෙ බැරුවා...

      Delete
    4. බුදු අම්මෝ! :-O

      Delete
    5. හරියට වැදුනොත් පැලෙනවා බං වැදුන තැන.. මියුසිකල් ෂෝ වල අනිවාර්‍ය අංගයක් !!!!!

      Delete
    6. මියුසිකල් ෂෝ වල අනිවාර්ය අංගයක් තමයි. ඒ විතරක් නෙවෙයි මියුසිකල් ෂෝ ඉවර වෙලා සතියක් දෙකක් රෑ පානේ එහෙ මෙහෙ යනවනම් අනිවා තියෙන්න ඕන , නැත්තම් නොගිහින් ඉන්න ඕන .

      Delete
    7. බුදු අම්මෝ ඩූඩ් ජීවිතේට දැකපු නැති ඒවත් තියෙන්නේ

      Delete
    8. ආසාවෙ බෑ කියන්නේ උඹ චන්ඩියෙක්ද බං චන්දන අ...යි යේ.................

      Delete
    9. ඉවා !!
      අත්දැකීම් තියන පාටයි.. ඉල ඇටයකට එහෙම වැදුනොත් සෙල්ලං නෑ පුතේ : D
      ඕකෙ මීහරක් අං වලින් හදපු එකක් මං දැකලා තියනව ඇඬෙනව බං..
      දැලි පිහි බසිකල් චේන් කලාකිරිංඤ සංගීතයක් "" රස විඳින්න "" ඕනෙමයි නේ !!

      Delete
    10. @Manoj Fernando...

      බලාපං මල්ලෙ..මුං එකෙක් වත් තේරුං ගත්තෙ නෑ මං වියංගයෙං කියාපු එක.. උඹට විතරයි තේරුනේ.. :D :D

      Delete
    11. අන්න බලන්න සහෝදරවරුනි. සියළු දෙනා එකතු වී කලාකිරිඤඤ වලට බැට දුන් හැටි. හරිම අගෙයි..

      බොලා දන්නවද පිටකොටුවේ නාට්ටාමිල ගාව තියෙනවා ඕවා. වාහන කාරයෙක් සද්දේ දැම්මොත් එහෙම ඇගට ආවා කියල වාහනේ නවත්තන දිහා බලං ඉදල හෙමීට පස්සේ ඒක අදිනවා බොඩිය දිගේ. අසරණයි නේද? පරිස්සමින් පුතෝ..

      ගමේ සංගීතෙකදි ඕකෙන් අපේ එකෙක් කෑවා හක්ක ගෙවෙන්නම. මාරාන්තික සංගීත බාන්ඩයක් බං ඕක්.. (හැක් හැක්)

      Delete
    12. චන්දනය බඩු පෙන්නල බය කරන්න වගේ හදන්නෙ.

      Delete
    13. ගමේ චන්ඩි එහෙම නේ.. අඩෝ මං නොද්න්න අඩියක් ආයුදයක් නැතෙයි කියල තමා පාරං බාන්නේ.. හැක්

      Delete
    14. @Praසන්ன

      යා යා.. ඒම තමයි පලමු පියවර.. බය නොවුනොත් ඉතින්........ මං..

      දෙපා සරනං ගච්චාමි.. :D

      Delete
    15. නියම චන්ඩි එහෙම තමා බං. කටින් පුළුවන් නං බය කරනවා අතින් පයින් නං මොන එහෙකට ගුටි ඇනගන්නවද බං සරීර කුඩුව ලෙඩ කරගන්න. මාත් එහෙම තමා ආයේ දෙකක් නෑ දුවනවා තමා..

      Delete
  20. කමොන් දේශකයා කමොන්....

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හැබෑට උඹ මොකටෙයි මේ උරුහන් බාන්නේ..

      Delete
  21. නෙද්දකිං විතරක්. ඇයි යකෝ ඔය පොඩි සිලින්ඩරේ ගැහුව ගමන් මතක තියෙන්න ඕනේ අලුත් ලොකු සිලින්ඩරයක් ගන්න. ඔය මගුල කරන්න බැරි හින්දා මම ඒ කාලෙම ලොකු සිලින්ඩර් දෙකක් ගත්ත. එකක් ඉවර වෙලා මාසයක් යනකොට අනිකත් අරං එනවා.

    දැන් තියනවා රේගියුලේටර් එකක් රු දෙදාස් ගානකට. එකේ මීටර් කටුවක් තියනවා. තව කොච්චර ගෑස් තියනවද කියලා පෙන්නනවා. දර ලිපේ උයන බත් කාපු කාලයක් මතක නැහැ. මමනම් ඒ රසයට ආසයි. යුද්ද කාලේ මහ කැලේ ඉන්නකොට දර ලිප්වල ඉව්වත් කල්දේරම් බතේ මොන රහක්ද ආය. ගිලලා දානවා මිසක්.

    අර ඒ ටී. එම් එක වගේ ටීචර් කොහෙද ඉන්නේ? මටත් ආසයි 'කාඩ් එක දාලා බලන්න'

    තුනේ හතරේ පහේ ළමයි ටියුෂන් මගුල නිසා විඳින මානසික පීඩනය කොයිතරම් ද කියලා අපි තේරුම් නොගත්තොත් උන් යක්කු වෙනවා. කාට කියන්නද මෙව්වා.

    හෙහ් හෙහ් ගෑනු ඔහොම තමයි. කොහෙද මේ බීලා මැරෙන එවුන් ප්‍රචාරයක් යවනවනේ බීලා මැරුනේ කියලා. ඉතින් අපේ උන්දැත් ගහන්න පටන්ගන්නවා හේවිසිය සෑහෙන වෙලාවක් ඔව්වා ආරංචිවුනාම.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ විචා.. ලොකු එකට දෙදාස් ගානක් සැටල් කරන්න අමාරු නිසා පොඩි එක තමා පාවිච්චි කරන්නේ. දැං ඉතිං කීයක් හරි හොයාගෙන ලොකු එකක් ගේන්නම ඕන.. අන්න ඒ රෙගුලේටර් එක ගැන මං දැං දැනගත්තේ. ඔන්න බ්ලොග් ලියන එකේ වටිනාකම. ඔහේට බෑ කාඩ් එකක් වෙන්න ඒ ටීචර ්තරුණයි හරිය.. හැක්..

      කරන්න දෙයක් නෑ මං කොල්ලව එක දවසක් ක්ලාස් යවනවා සතියකට. දැනට විකල්පයක් නෑ. එක්කෝ බොග දාන එක නවත්තන්න වෙනවා.. ගෑනු හිතන්නේ බිව්වම මැරෙනවා කියල නෙව.. සහතික ඇත්ත කතාව..

      Delete
  22. පයි කෙජි කිව්වම නිකන් කුනුහරුපයක් වගේනේ බන්

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං කුනුහරුපයක් හෙවනැල්ල වැටුනත් රාළයා එතන ....

      Delete
    2. මැලේ ඉදං චිං චිං ගාන උන් දන්වයැයි ඉතිං පයි කේජී ගැන. ලාෆ්ස් එකේ තියෙනවා බං පොඩ සිලින්ඩරේ කිලෝ 5. ඒක මාර්කට් කරේ පයිකේජි කියලා. දැං අනිත් අයත් ඒකම ගහනවා..

      @ ඉවාන්
      රාළ මහ වල්.. ඒකයි බං..

      Delete
    3. පේනවනෙ...රාළයගෙ හිත කැතයි...නැතුව වචනෙ කැත නෑ..

      Delete
    4. කැත හිත කැත හිත මැලේ උන්ගේ.. හැක්..

      Delete
  23. දැන් එතකොට මේක ඩයරි එකද උඹේ?

    ReplyDelete
    Replies
    1. පහුගිය දොහේ දවස් පහක ඒවා තමා. මේක මගේ ඩයරියක් නෙමෙයි බොල නාඩියෝ.. හැක්. මේක මගේ බ්ලොග් කටුව..

      Delete
  24. අපෝ.... ඔය වගේ කාලකන්නි දවස් කියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒවා වළක්වන්න බෑ තරු. ඒක තමා ජීවිතේ..

      Delete
  25. ඔහොම තමා අප්ප ජීවිතේ!

    ReplyDelete
    Replies
    1. අනිවා දිලිනි. ඒකට ලැහැස්ති වෙන්නම ඕන.. තැන්කුයි..

      Delete
  26. ගෑස් ලිපේ කොච්චර ඉව්වත් කොහෙද දර ලිපේ ඉව්වා වලේ රහක්....

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත.. මැටි හටිටිය තමා කෑම උයන්න හොදම...

      Delete
  27. උබේ සීඩී එක තැනින් තැන හීරිලා කිව්ව නේ..උඹට පොඩි ඉන්ටවල් එකක් ඇති..
    අනේ අපේ සීඩී එක නං කිසිම හීරිල්ලක් නැතුවා සතියක් හරි එකම සිංදුව ප්ලේ වෙනවා බං තල් අත්තට බොරලු වැටෙනව වගේ .. අහන්න අහන්න ආසයි .. !!

    ReplyDelete
    Replies
    1. අනේ බොල එහෙනං මගේ ටකරං සීඩී එක හොදයි නේහ්.. හැක්

      Delete
  28. මට උඹේ ලිපිය කියවනකොට මම ඉස්සර අකුරක් නෑර ආසාවෙන් කියවපු සත්‍යවාදියෙකුගේ දින පොත මතක් උනා. උඹේ දින පොතත් ඒ වගේම ආසාවෙන් කියෙව්වා. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. උඹට තැන්කුයි. මට පව් බං උඹ සුනිල් අයිය කිට්ටුවට මාව දැම්මම. ඒ දවස් වල මාත් හරිම ආසාවෙන් ඒක කියෙව්වේ..

      Delete
  29. ඔය කිවුවට මේකේ නොලිවුව දේවල් තියෙනවා කියලමයි අපිටනම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොලා කරන විලිලැජ්ජ නැති වැඩ මං කරන්නේ නෑ. හැක්..

      අන්න අර මදාරා කියල ලමයෙක් මට තග දානවා බං හැම තැනම. මාව බේරගනිං පුතේ..

      Delete
  30. ඔහෙම කාලකන්නි දවස් තියෙනව බං. ඉදිරිය සුන්දරයි.. ආතල් එකේ හිටු..

    ReplyDelete
    Replies
    1. අනිවා සැමෝ.. මං වහ කෑවත් ආතල් එකේ කන බුවෙක්. තැන්කුයි වචන ටිකට.. ඒක බොක්කේ හුඹසටම වැදුනා..

      Delete
  31. පොඩ්ඩක් හෙමින් දුවපන් නැත්නම් ඔව හීට්වෙලා මල මගුලක් වෙයි ඔව් බං මේ මගුල නලලටත් උඩින් ගොහින් නවතින්නේ

    ReplyDelete
    Replies
    1. නළලට උඩින් ගියෝත් බිම තමා බං.. රාජ් වැඩිය දකින්න නැති එකනං ලොකු අඩුවක්...

      Delete
  32. ජීවිතේ ඔහොම තමා සැප දුක නිති ෙපරැෙල් රිය සක ෙලස ෙලා්ෙක්

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ මොනා උනත් ආතල් එකේම ඉන්න ඕන

      Delete
  33. /////// ඒත් තුන වසරේ සිලබස් එක වැඩි නිසා වර්ක් ලෝඩ් එක ඉහටත් උඩින්. ////////
    දේශා....උඹ මේ ඇත්තටමද බන් කියන්නේ? යකෝ තුනේ පන්තිය කියන්නේ කිරි සප්පයෝනෙ බන් ඒ කාලේ. මගේ කාලේ අමතක කරහන්. අපේ දුවලාගේ කාලේ බැලුවත්.

    ReplyDelete
    Replies
    1. මචෝ අරූ තරහ නැතිව මං කකාට දීපු උත්තරේ බලහං. මාත් සැහෙනන් ඒ ගැන කල්පනා කරල තමා මේකව ක්ලාස් එකකට දැම්මේ. ඇත්තටම වැඩියි බං මේ සිස්සත්ව මලදානයක් හින්දා තමා ඒක වෙලා තියෙන්නේ...

      Delete
  34. //හැබෑට මේ ඔපීසි වල තියෙන් වැඩ ඔක්කෝම ඉවර කරල නිවි හැනහිල්ලේ බ්ලොග් එකක් කොටාගෙන ඉන්න විදියක් ඇත්තෙම නැද්ද?// පහුගිය දවස්වල මටත් ඕක හිතුනා. අන්තිමට දාපු පෝස්ට් එක කෙටුවෙ රෑ 12ට විතර..නැත්තන් ආයෙ සෑහෙන කාලෙකට ලියන්න වෙන්නෙ නැති නිසා..

    දුක තමයි දේශකයෝ :(

    ReplyDelete
    Replies
    1. ඉවසපං පපුව චාම්ස්. හැමදාම ජනවාරි නෙමෙයි නේ..

      Delete
  35. ඇතියන්තම් දැන්වත් රස්සව කරපන් පින් පඩි ගන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් ඒක හිතුවා.. අපරාදේ නේ බං අනික පව්.. මං වෙලාවට වැඩ නොකරට උන් වෙලාවට පඩි නඩි නං බේරනවා...

      Delete
  36. 3 වසරේ පොඩි උන්ට මොන ටියුෂන්ද හෑ ...........

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ යසියෝ. සමහර විට මගදි නවත්තන්නත් ඉඩ තියෙනවා. යන විදිය අනුව.. 3 වසරේ පොඩි එකෙක් සාමාන්‍යායන් ක්ලාස් කීයකට යනවද දන්නවද අඩු ගානේ පහක්...

      Delete
  37. කළු සුදු දිනපොත නවත්තලා කතා ලියනකොට මෙන්න දේශක මල්ලි දිනපොත් ලියනවා. හැබැයි ඔව්වයෙ තියෙන ඒවට වඩා දේ සිද්දවෙන්න ඇති.. දේශිකා කියව්න හින්දා බාල කරලා ලියලා.

    ReplyDelete
    Replies
    1. කළු සුදු නංගි ලියන දින පොත් අනේ මයේ කට..

      දේශිකා කියවන්නැ බොල...මේවා...

      Delete
  38. හොදම වැඩේ... බුකියට වෙලා ඒක එකාට නම් හද හද ඉන්නවට. හැක්

    ReplyDelete
    Replies
    1. කාටද දන්නෑ නං හැදුවේ... මං දැක්කා එහෙකුට නං නමක් දාලා තිබ්බා කුප්ප සීනිකොට කියලා.. හැක්..

      Delete
  39. දේශක පව් පොඩි උං උංට වත් නිදහසේ හිතල හුස්මක් කටක් ගන්න දෙන්න... දැංමම උන්නෙ හිත කුරුවල් කොරල අනාථ නොකර. වෙලාව නෑ කියන්නෙ ඒක නිදහසට කාරණාවක්ද

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.. ඒත් ප්‍රායෝගිකව අපහසුයි. මං රෑ වෙලා ගෙදර යන කොට ඒකා නිදාගන්න ලෑහැස්තියි. එතකොට වෙලාව මදි. කව්ද ඉතිං ඒකට පාඩං කරන්න කියන්නවත් ඉන්නේ.. ඒකයි අවුල...

      Delete
  40. ලියන්න කම්මැලි හිතුනම කරන්න තියෙන හොඳම දේ තමයි දිනපොතක් ලියන එක. හරි හරි උඹව අදුරුසේට ගන්නම්කො එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඒක වෙනසකටත් එක්ක හොදා තිලකේ...

      Delete
  41. අයියා කිව්වට ටහ්රහ වෙන් එපා මම දනන් ගෙවල් දෙකතුනක් තියෙනවා ගෑස් සිලින්දරේ මාස 6 අවුරුද්ද පාවිච්චි කරනවා

    ReplyDelete
    Replies
    1. ඒ ගෙදර කෑම උයන්නේ ගෑණිගේ ගෑස්වලින් වෙන්න ඇති බන්.

      Delete
    2. @ කෝරලේ

      ඒකා ගෑස් එකෙන් උයන එකෙක් නෙමෙයි ගෑස් එක දිහා බලාගෙන දර වලින් උයන එකෙක්ද කොහේද.. හැක්.. නැත්නං කොහේද බං ඔච්චර කල් උයන්නේ..

      @ අරූ
      ඒකත් වෙන්න පුළුවන් බං.. හැක්..

      Delete
  42. හැබෑටම දේශකතුමාට එපාම කරපු දවස් 5 නේන්නම් ....

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න අවංකව දුක හිතිච්ච එකම කෙනා ඔයා විතරයි නේ අනේ.. උම්මා..

      Delete
  43. අප්පටසිලි ටියුසන් ක්ලාස් වලට ගිය කල. මම මුලිනම ටියුෂන් එකකට ගියේ 5 වසරේදී. සිස්සන්ත පන්තියක්...

    ReplyDelete
    Replies
    1. මම නං ඉස්සෙල්ලම ගියේ 9 වසරේදි සයුරි ක්ලාස් එකකට...

      Delete
  44. කොයි වෙලේ බැලුවත් බුකියෙ ඉන්න විදියට මම හිතුවෙ දේශකයා දේශනා පවත්වන්නෙ බුකියෙ කියලා...බලාන ගියාම කොල්ලා ඉදලා හිටලා වැඩත් කරනවා...අනේ වාසනාවන්...තව වැඩිපුර වැඩකරන්න හිතීයන්...පයි කේජී වෙනුවට වැඩි කේජී එකක් ලැබීයන්....අරක්කු කටේ තියන්නෙ නෑ කියලා මට කියද්දිම මම හිතුවා කටේ තියන්නෙ නැතුව කෙලින්ම උගුරට හලාගන්නවා ඇති කියලා....ඔය අහුවෙන්නෙ හොර....

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි සිරා... බොක්කටම වැදුනා.. හැක්..

      Delete
  45. Oya dinapothak liyanawa kiyala mama danne ada ne.sarathayya kivvama.ehenam oyama liyanawada dinapotha.aye dennek dinapoth liyanna onaya.
    Hikis....habay rahay dinapotha, ara kiuwa wage ammala dali kunu nagena uyapu bathay maaluway wage rahay

    ReplyDelete
    Replies
    1. ලියන්නැති කට්ටියට දින පොත් බාර දුන්නම ඕක වෙනවා.. බිස්නස් පිට යනවා.. හැක්..

      Delete
  46. කාන්තා පාර්ශව ඔය පත්තරේක. ටෙලියක එහෙමත් නැත්නම් අහලපහල තැනක අහපු දැකපු දෙයක් තේමාව කරගෙන කියවන එක නම් මටත් දිරවන්නෙ නෑ. අනික ඔය අඩියක් ගහන හැම එකාම බේබද්දො යැ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ දයෝ.. අරක්කු බිංදුවක් බිව්වම කෝමෙයි බේබද්දෙක් වෙන්නේ.. නැද්ද..

      Delete
  47. එපාම කරපු දින 365ක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සිංහයා. ඒම පතන එක නරකයි නේද මං වගේ අහිංසකයෙකුට.. හැක්..

      Delete
  48. මට නම් පේන්නේ, අර පලවෙනි දවස ජීවිතේ හොඳම දවස වගේ. :)

    ReplyDelete
  49. ඒක නං වෙන්න විදියක් ඇත්තෙම නෑ. කොයි බොල රවුං ගහන්නේ...

    ReplyDelete
  50. "ඔන්න දැක්කා නේ.. තව බොනවා අරක්කුයි සිගරටුයි. පව් අර පොඩි ඈයෝ දැං ඉතිං ඔක්කෝම ඉවරයිනේ. ඔහෙලටත් ඕවා හොද පාඩං" :P මේවත් අහන්න උණානේ...

    ReplyDelete
    Replies
    1. අනේ අනිච්චං කිව්වා.. හැක්

      Delete
  51. අවුර්ද්දේ අනිත් දවස් 360 මීට වඩා වෙනස් ද ....

    ReplyDelete
    Replies
    1. ඒත් වෙනසක් නෑ බං. හැක්..

      වෙල්කම් ඇන්ඩ් තැන්කුයි සුභාෂෟ මේ පැත්තේ ආවට..

      Delete