Monday, January 13, 2014

දඩ, දඩ සහ දඩ!!

(පෙරවදන - බ්ලොග් පිටුවට දැමීම සදහා නොවේ.. හැක්)

කලින්ම කියන්න වෙනවා. මුල් ටික දැක්ක ගමන් මඩ ගහන්න හදන්නේ නැතිව ඔක්කෝම ටික කියවපියව්.. මේක ඉන්ෆෝර්මේටිව් එකක්..


දඩ කනවයි කියල මෙහෙමත් කන්න ඇහැකිද කියල හිත හිත මං ඔපිසියෙන් එළියට බැස්සේ හැමදාම මට බොන්න අඩගහන මේ හාතහිබූරුවාට අද බොන්න ම ඕන කියපු හින්ද නෙව. හොදට බීලා ඉවර වෙලා යන්නං මචං ශෛලියෙන් වෙරි වෙන පොර අන්තිමේදි බෝතලෙන් සුට්ටක් තියෙද්දිම චූ පාර දාන්න ගිහිල්ල මං යනවා මචෝ ගාගෙන පස්ස දොරෙන්ම යනවා යන්න ඇරල දාලා.. ඉතිං සුර් වෙච්ච මං මගේ නොවන මගේම වොලට් එකෙන් ගාන ගෙවල ගෙදර යනවා වැනි වැනි.

එහෙම වැනි වැනි ගිහිල්ල ගෙදර දොරට තට්ටුවක් දැම්මම තමා ආතල් කිතල් වෙන්නේ. මහා රාක්ෂණියක් වගේ දත් විලිස්සගෙන, මාතලං කියන්නැහේ වගේ ගෑනුන්ට ලොරි ටෝක් දෙන සරත් ගොයියා නම දාපු හුචක්කුවත් දාගෙන තුවක්කුව මානගෙන එළියට එනවා. ඇයි අනේ ඉතිං වෙනද වෙලාවට වඩා මේ යකා පැය දෙකක් විතර පරක්කුයි නේ ගෙදර එන කොට. ඒ මොහොතේ දොර ඇරියම ගිනි පිට කරන මකරෙක් වගේ කටිනුයි ඇස් දෙකිනුයි දාන අග්නිය දැක්කාම මේ මේ... අර කාලේ ලව් කරපු එයාමද කියලත් සැක හිතෙන එක සාධාරණයි නේ. දේශිකා නෙමෙයි යක්ෂණිකා කියල උන්ගේ තාත්තා නම දැම්ම නං හොදයි කියල හිතෙනවා වෙලාවකට. හැක්.

ඒක නෙමෙයි නේ කාරණේ. ගොර ගොරොද්දේ ඇද ඇද දුං දාගෙන නිදාගත්ත මං උදේට නැගිටල ලැහැස්ති වෙලා වොලට් එක කෝකටත් කියල ඇරල බලන කොට තමා බිව්ව ගොං කම තේරෙන්නේ. සන්තකේටම රුපියල් එක්දාස් දෙසියක්වත් තියෙන්න ඇති. දැං රුපියල් දෙසීයයි. කෝ දාහ. අර යස්ස මනුස්සයා ඒක උස්සලා. ඉතිං බෙරිහන් දෙන්න වෙනවා කෝ මේකේ තිබ්බ සල්ලි කියල. ඔන්න එතකොට අරං එනවා පන්සීයක්. කෝ දාහ.. දාහක් මොකටද අදත් බොන්නද පන්සියක් මං ගත්තා. ඕනනං තියාගන්නවා නැතිනං ඕකත් මට දෙනවා සෙයියාවෙන් ඒක මට දික්කරාම මාත් පුස් පැටියා වගේ ඒක අරන් යනවා යන්න. එතකොට මගේ මුදලින් භාගයක දඩයක් ඒ දැරිවි ගහල. ඊයේ රෑ අර යකා මට ලොකුම දඩේ ගැහුවා. දැං දඩේ ඩබල් වෙලා. 

අපි දන්න විදියට දඩ ගහන්න කප්පිත්තෝ ඉතිං පොලෝසිමය නෙව. මට මේ සිද්ධිය මතක් උනේ අද උදේ රුපියල් විස්සට ලැජ්ජ නැතිව ජරාවක් දීලා බේරිල ගියපු දිනේෂ් මලයගේ කතාව දැකලයි.

සාමාන්‍යයෙන් කව්රුත් වගේ හිතන්නේ පොලීසියේ අය දඩ ගහල බේරල යවන්න කැමතියි කියලද. එහෙම එකක් නෑ. ඒ ගොල්ලා වැඩි පුර කැමති ඔය හාල් කෑලි වලට නෙමෙයි ලොකූ සීන් අල්ලගෙන නඩු දාගන්නම තමා. රථවාහන වැරදි වලදි 90% ක් විතරම පොලිස් දඩේකින් ෂේප් වෙනවා. ඔව් ඉතිරි 10% රුපියල් විස්සක් දීලා ෂේප් වෙනවා. එහෙම නෙමෙයි නේ. මේ දවස් වල හැටියට නං පොලෝසියෙන් බේරෙන්න රුපියල් පන්සියක් වත් දෙන්න ඕන. හා එහෙම නෙමෙයිද? එහෙම තමයි පැටියෝ.

ඇයි උන් රුපියල් පන්සීයක් දීලා වැඩේ ෂේප් කරන්නේ. ඔය පොඩි පොඩි දඩ කෑලි ගැහුවත් උන්ට ඒ ආදායමෙන් කොටසක් තෑගි විදියට ලැබෙනවා. ඒකට කියන්නේ “රිවෝඩ“ කියලයි. ඔය රිවෝඩ් එකතු කරගන්න තෑගි වව්චරය එහෙම නැත්නං රිවෝඩ් වවුචර කියල ජාතියක් පොලෝසියේ තියෙනවා. හැබැයි අර පොලිස් දඩ එකතු කරන්න නෙමෙයි. ඉතිං රථ වාහන දඩේකින් එක් කෙනෙකුට කීයටවත් රිවෝඩ් විදියට රුපියල් පන්සීයක් ගන්න බෑ. එතකොට පන්සීයක් තලාගන්න එක ලේසියි ඉක්මන්..

මෙන්න මෙහෙමයි සාමාන්‍යෙයන් පොලීසිය වැරදි කරුවන් අල්ලල නඩු දාන අවස්ථා තියෙනවා නේ. ඒකෙදි වරද හා වරදකරුවාගේ ස්වභාවය විවිධයි.

විවෘත වරෙන්තු කරුවෙක් අත්අඩංගුවට ගැනීම
බීමතින් රිය පැදවීම
නීතිවිරෝදි මත්පැන් (කසියා, රා) ළග තබා ගැනීම
සීල් අරක්කු මුදලට විකීණිම
හෙරොයින් ළග තබා ගැනීම/විකිණිම
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය කිරීම
......
.......
රා/ගෝඩා/තෙලිජ්ජ ළග තබා ගැනීම

ඔය වගේ හුගක් වැරදි තියෙන නිසා ඔය මොකක් හරි වැරුද්දට කව්රු හරි අහු උනොත් ඒකෙදි සාජන් කෙනෙක් පීසිල දෙතුන් දෙනෙක් වගේම සිවිල් ආරක්ෂකයෙකුත් ඒ සදහා සහභාගි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම හුගක් වෙලාවට ඒ වැටලීම මෙහෙයවූවා කියල අයිපී කෙනෙක් එහෙම නැත්නං එස්අයි කෙනෙක් මුලින්ම ඉන්නවා. විශේෂයෙන්ම මේ වරදවල් වල අත්අඩංගුවට ගත් අය උසාවියට ඉදිරිපත් කරල අන්තිමේ උසාවිය විසින් වරද කරුවන් කරාට පසුව හෝ ඔවුන් වැරදිකරුවන් බවට පිළිගත් පසුව උසාවිය විසින් දඩ මුදලක් ගෙවිය යුතු යැයි නියම කරනවා.

අන්න එතනදී තමා මේ රිවෝඩ් සීන් එක එන්ටර් වෙන්නේ. අපි හිතමු කව්රු හරි බීලා වාහන එළවල වැරදි කාරයා උනා කියල. එතැනදී උසාවියෙන් රු. 5000 ක දඩයක් ගැහුවා කියමුකෝ. ඊට පස්සේ මිනිහා දඩේ ගෙවනවා. එතකොට උසාවිය එයින් හරියටම 50% ක ප්‍රමාණයක් පොලිස් දෙපාර්තිමේන්තුවට බැර කරන්න කියල නියෝගයක් දෙනවා. ඊට පස්සේ ඒ මුදල කච්චේරිය හරහා පොලිස් දෙපාර්තමේන්තුවට බැර කරනවා. ඊට පස්සේ මේ නඩුව උසාවියට ගේන්න වැඩ සිද්ධ කළ පොලිස් මාමලාට අර කලින් කිව්ව තෑගි වවුචරය පුරවල තමන්ගේ අයිපී මගින්, සහකාර පොලිස් අධිකාරි මගින්, පොලිස් අධිකාරි කාර්යාලයට යොමු කරනවා. 

එතැනදී මේකයි වෙන්නේ. ඒ වවුචරයේ සදහන් වෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට අහවල් නඩුවේ දඩයෙන් කොච්චර ගානක් වෙන් කරාද කියන එක. අපි දැං කලින් කිව්ව විදියට මුළු දඩයෙන් 50% ක් රජයේ ආදායමට. ඉතුරු 50% පොලිස් දෙපාර්තමේන්තුවට. (රුපියල් දෙදාස් පන්සීයයි උදාහරනේ හැටියට)

පොලිස් දෙපාර්තමේන්තුවට ඒ ලැබුන මුදලෙන් 60% ක් (දෙදාස් පන්සීයෙන්) ඔන්න වෙන් කරනවා අර නිලධාරීන්ට රිවෝඩ් ගෙවන්න. ඉතුරු 40% කොහේට යනවාද මොනව කරනවද කියල නං මම දන්නෙ නෑ. හුගක් වෙලාවට ඒක පොලිස් සුභසාධක ගිණුමට බැර වෙනවා වෙන්න ඇති.

ඉතිං අර 60% ප්‍රමාණය අදාළ නඩුව ගෙනාපු නිලධාරීන් අතර බෙදෙනවා. ඒකෙදිත් ලොකු කුට්ටිය අයිපීට හරි එස්අයිට හරි. ඊට පස්සේ සාජන්ට. ඊට පස්සේ පීසීට. එහෙම බැලුවොත් 2500 න් 60% කියන්නේ 1500 යි නේ. මෙන්න මේ වගේ තමා රිවෝඩ් එක බෙදෙන්නේ.

අයිපී/එස්අයි - රු. 800
සාජන් - රු. 400
පීසි - රු. 300

ඔය වගේ නඩු ගේන තරමට දඩ ගහන තරමට පොලිස් නිලධාරීන්ගේ කල්ල මරේ. ලොකු කේස් වලදි අපි දන්නව නේ ගහන දඩ වල තරම. ඒ අනුව සමහර පොලිස් නිලධාරීන්ට රිවෝඩ් විදියට රුපියල් ලක්ෂය දෙක පවා තෑගි ලැබෙන වෙලා තියෙනවා. 

ඒත් දුකම කතන්දරේ තමා මේ රිවෝඩ්, ඒ කියන්නේ තමන් කට්ට කාලා නඩු ගෙනැල්ලා වාර්තා ඉදරිපත් කරල හොයපු මුදල ලබා ගන්න තියෙන අපහසුතාවය. සමහර තෑගි වවුචර් අවුරුදු ගණන් නොගෙවා ඉන්න බව ආරංචියි. ඒ වගේම එතන්දි පොලිසියත් ජරාව දෙනවා පොලිසියටම. ඔපීසියේ වැඩ කරන හාදයට කීයක් හරි හෝ බෝතලයක් හරි දුන්නම අර වවුචර ගොඩෙන් ඒ හාදයගේ වවුචර් එක උඩට ඇවිල්ල සුටුස් ගාලා ගෙවනවා. ඉතිං පේනවානේ අපි විතරක් නෙමෙයි පොලෝසියත් තමන්ගේ වැඩේ කරගන්න ජරාව දෙනවා.

එහෙම බැලුවම මේක සිස්ටම් එකේ වරදක් විතරයි.

අර උඩ වැරදි ලිස්ට් එකේ මම යටින්ම දාලා තියෙන වගේ ඒවට නං සල්ලි ලැබෙන්නෑ. ඔහෝ. මෙහෙමයි ඔය වගේ ඒවයේදි හුගක් වෙලාවට රා, කරිංඤඤං වලදි වැරදිකාරයට අවවාද කරල ඔය මොකක් හරි පොදු වැඩක් දඩුවමක් විදියට දෙනවා මිසක් දඩ ගහන්නෑ. ඒ විදියට දඩ නොගහන වෙලාවටත් පොලෝසියේ උන්දැල තෑගි වවුචර දානවා. සල්ලි ගන්න නෙමෙයි අනේ තමන්ගේ පෞද්ගලික ලිපිගොනුවට ප්‍රසංසා ලිපියක් දාගන්න. ඒ දඩ නොගෙවූ වැරදිකාරයා උන නඩු තීන්දුව පරිදි ඊට සහභාගී වූ අයට “ප්‍රසංසා“ කියල තෑගි දෙන්නේ ලියුමකින්.

ඔන්න ඔහොමයි දඩ කතන්දරේ. ඔය විදියට ඉතිං මාසෙකට එක පොලෝසියක් ගන්න නඩු ගාන අපි දන්න එකක්යැ. කොහොම උනත් මාසෙකට අර පොලිස් කාර්යාල වලට ලැබෙන තෑගි වවුචර් වල අඩුවක් නං ඇත්තේ නැහැ. එවනවා, හෙඩි ඔපීසියෙන් සල්ලි ගන්නවා. ගෙවනවා. ආයි අපිවම කනවා.

අන්තිමට කියන්න වෙන්නේ ඉතිං බැදපු ගෑනු උන්දැල හුගක් අය පොලෝසියේ වැඩ කරන උන්දැල වෙන්ටැති. ඇයි දෙයියනේ ඒ දැරිවියෝ අපිටත් මොන විදියෙන් හරි දඩ පිට දඩ ගහන්නම නේ බලන්නේ.

74 comments:

  1. සංසාරේ හැටි ඔහොම තමා ගොයියෝ.......බීලා විදවපන්..... මේ ලිපිය දේශිකා දැක්කොත් නිකන් ලැබෙන 500යත් නැති වෙයි.... හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බොල.. හැක් හැක්..

      Delete
  2. දේශිකා දඩම ගහපිය දේශකයට :P

    ReplyDelete
    Replies
    1. උම කියයි මං නේ ඒ දුක දන්නේ..

      Delete
  3. අනේ ඉතින් ඔය දඩ නොකා ඉන්ට පුලුවනිනේ, නොබී හිටියානම්.
    දැන් දුම් බොනවටත් දඩ ගහනවද? :)

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය තහනං පොඩිඩියේ

      Delete
  4. දේශකයා කලින් පොලිසීයේද වැඩ කලේ?

    ReplyDelete
    Replies
    1. පොලිසියට අයත් නැති සිවිල් නිලධාරීනුත් පොලිසිවල එස් පී ඔෆිස්වල එහෙම වැඩ කරනව නේද. ඔය ලිපිකරු පත්වීමක් ලැබුනු මගේ යාළුවෙකුත් ඉන්නව එස් පී ඔෆිස් එකක වැඩකරන එකෙක්. ඌත් දැන් අවුරුදු හත අටක් වෙලත් පොලිසිය දාලා වෙන තැනකට යන පාටක් නෑ, මොකද මන්ද. :)

      Delete
    2. @ ගයිජින්
      මං ජීවිතේට පොලීසියේ වැඩ කරන්න හිතන එකෙක් නෙමෙයි බං..

      Delete
    3. @ ඩීඩීටී

      අම්මේ උඹ දැක්ක කල්.. කොහේද යකඩෝ හිටියේ... පොලෝසියේ රසයක් වගේම ලොකු සිවිල් බලයකුත් ලැබෙනවා නේද ඒක වෙන්ටැති..

      Delete
  5. හොඳම වැඩේ තමයි දේශිකා කරලා තියෙන්නේ. නො බී හිටියා නම් ඔය මොන දඩයක් වත් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. අඩේ බට්ටා ඇවිත්.. නොබී හිටියට කෝ දඩ...

      Delete
  6. පෙර වදන් දැම්මට වැඩක් නෑ බොල. මේක නම් සිරාවටම 16පිටුවට වටිනවා.

    අදමයි ඇහුවෙ පොලෝසිය පොලෝසියටම පගා දෙන කතාව (ඌ‍රගෙ මාළු ඌරගෙ ඇඟේම තබා කැපීම.)

    ‍රා මදින එකත් වැරද්දක්ද?? (දඩුවම් ලැබිය හැකි).

    ReplyDelete
    Replies
    1. ඕව්වා අර ගරිල්ලා මාකටිංනේ බන්!

      Delete
    2. @ ප්‍රියා

      රා මදින එක වැරුද්දක් තමා බං...

      Delete
    3. @ බඩු කාරයා
      මෙන මාර්කිටිනිද බං

      Delete
  7. ඔන්න දඩ බඩ ගාලා මේක කියවලා කොමෙන්ටුවකුත් දැන්මා අපිට දඩ දාන්න කලින් ....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒක හොදා නැත්නං මං දඩෙන් කෑල්ලක් ගන්නවා නෙව

      Delete
  8. අනේ අම්මපා දඩ චක්කරේත් නිකන් හරියට සංසාර චක්කරේ වාගේනේ අයියණ්ඩි.

    ReplyDelete
  9. දඩ කෑවට කමක් නෑ... ඒත් උදේ පාන්දර නැගිටගෙන බත් ඔතාගෙන, කොඳු කඩාගෙන, ගිරිය පුප්පගෙන, ලේ ටික පුච්චගෙන වාහන එලෝලා, ගෙදර ඇවිත් අද දඩයක් ( අපේ මහත්තයා කියන්නෙ වෙඩින් ඉන්විටේෂන් එකක් කියල) කෑවා කියල කියනකොට කොහොමද දැනෙන්නෙ... ගර්ර්ර්ර්... සමහර විට දවසම වැඩ කළාට හම්බුවෙන්නෙත් රැපියල් පන්සීයයි... දඩේ 550යි... අන්තිමට අතින් ණය වෙලා තමයි ගෙදර එන්නෙ... ( හා... ඔව් ඔව්.. දේශිකා කිව්වත් කියන්නෙ මේ ටිකම තමයි... හි හි)

    ReplyDelete
    Replies
    1. හරිනේ ... ගෑනු ඔක්කොටම තියෙන්නෙ එකම ගෑනු ජාන. පොත්ත වෙනස් උනාට මදේ එකයි. හෙහ් හෙහ් හෙහ් ....

      Delete
    2. @ හිරු
      අන්න එහෙම නොකා ඉන්න තරමට ඇගට ගුණයි. අපොයි බොලා වගේ අපුරු බාර්යාවෝ..

      Delete
    3. @ ඩීඩීටී

      මේ හාදයොන්ගේ පොත්ත නං ගන්න දෙයක් නැ බං..

      Delete
  10. Replies
    1. අග ටික කියවන කොට බඩුද???

      Delete
  11. දේශිකා දඩ ගැහුවම මොකෑ වෙන්නේ.. ආන්ඩුව ජීවත් වෙන්නෙත් බදු වලිනුයි, දඩ වලිනුයි කොට..

    ReplyDelete
    Replies
    1. අනිවා.. සියළු සත්වයෝ දඩ හා බදු වලට යටත් ඇත්තෝය..

      Delete
    2. වැරදුනා බං.. බදු නෙයෙමි “බඩු“.. හැක්

      Delete
  12. හොයලා තියෙන දුරක්.
    දඩ නොකා ඉන්න වැඩ පිලිවලක් සකස් කරගත්තම ඉවරනේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. හුගක් අය මේවා දන්නවාඅඩුයි.. මදාරා..

      Delete
  13. මරැ ලිපිය දේශකයෝ! දන්න දඩ ගැන මතකය අළුත් වුනා. නොදන්න
    දඩ ගැන විස්තර දැනගත්තා. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ගුණේ.. බොටත් ඩබල් ජය..

      Delete
  14. මටත් අහන්න තියෙන්නේ, මෙච්චර විස්තර දැනගන්න උඹ වැඩ කරන්නේ පොලිසියෙද කියලයි.
    යකෝ දේශිකා නඩත්තු කරන එක උඹේ රාජකාරියනේ. අර බාබෙද්දන්ව නඩත්තු කරන එකේ ඒ උන්දැ කීයක් හරි ගත්තම මොකෝ?

    ReplyDelete
    Replies
    1. ඒකනං කමක් නෑ කියමුකෝ..

      අඩේ ඩුඩේ උඹ හිතනවද මං පොලෝසියේ වැඩ කරානං කීයටවත් මේක දායි කියල.. මේ මං.. හැක්

      Delete
  15. ඔය දේශිකා ගහලා තියෙන්නේ සුන්දර දඩයක් නේ. නොබීපු දවසට ඔබට සලකන සැලකුම් අමතකද?

    පොලීසියට නම් ජරාව දෙනවට වඩා හොඳ ගැලවිජ්ජාවක් තියෙනවා. ඕවා මම කියන්නේ නැහැ. කවුරුත් කරොත් මටත් කරගන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒවා කියහල්ලකෝ බං. මකසියෝ..

      Delete
  16. උඹ රිමාන්ඩ් ඒකේ හිටිය සතිය දෙකට සැහෙන්න විස්තර ටිකක් හොයාගෙනෙ බන්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අන්න නියම මඩ...

      Delete
  17. රුපියල් 20 දිලා ශේප් වෙන්න බැරි උනෙයි? අපරාදේ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. උඹ විස්සෙන් සේප් වෙච්චි නිසා හොදයි..

      Delete
  18. උඹ නිකමට දවසක කලින් ගෙදර වරෙන්, දේශිකාට පොඩි තැග්ගකුත් අරං. ඇවිත් ගෙදර වැඩ වලටත් පොඩ්ඩක් උදව් කරලා එහෙම බලපං. රිවෝඩ් එකක් ලැබෙන්න බැරි නෑ...

    ReplyDelete
    Replies
    1. අර අපේ සරත් විජේසුරිය ලොක්කා කියන ඒවා කරන්න මට ලැජ්ජයි බං...

      Delete
  19. පොලීසියෙ පොඩි එවුවො පගාව දෙනවට අමතරව ලොක්කංගෙ රෙදි හෝදන ඒවයි, බූට් පොලිෂ් කරන ඒවයිත් කරල තමයි රිවෝඩ් ගන්නෙ. ඔය දඩ ගෙවන්න හැකියාවක් නෑ කියල ඔප්පු කරන්න පුලුවංනං අර ප්‍රජා විශෝධන කියන කැලෑවල් සුද්ද කිරිලි වගේ වැඩ වලට යන්න උසාවියෙම එහෙම නියම කරන නිලධාරියෙක් ඉන්නව නේද?

    දැං ඔය විදියට ඔය තිසර කියල තියෙනව වගේ දේශිකාට බටර් පාරක් ගෑවනං දේශිකා ගන්න රුපියල් 500 යෙන් බොට රිවෝඩ් ලැබෙන්නත් පුළුවං. හැබැයි ඒක හම්බවෙන්න කොච්චර කාලයක් යයිද කියලනං කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. පෙරවදං දැම්මට වැඩක් වෙන්නෙ නෑ බොල. 16 පිටුවෙ දාගන්න ඕනනං ගල් බෝතලයක්වත් කුරියර් කරල ඇරහං.

      Delete
    2. මං හිතන්නේ එහෙම වෙන්ටැති. මං ඒ ගැන දැනුවත් නෑ ප්‍රසා...

      මගේ පන්සීය ගැන මං බලාගන්නං. බොට මොකටද ඒක.. හැක්..

      කුරියර් කරල යැව්වත් මගේ ඒවා නං දාන්නෑ කියල පොරොන්දු උනා පොර.. හැක්

      Delete
  20. දඩ ගැන නම් මතක් කරන්න එපා.මම ගෙවල තියෙන්නේ උබල ජීවිතේට ගෙවපු ගණන් ඔක්කොගෙම එකතුව.
    මම නම් මගේ වියදමට පඩියෙන් 1000 ක් වෙන්කොරගෙන ඉන්නේ.ජොබ මාරු කරත්ත්දී ඇපොයින්ට්මට් ලෙටර් එක ආපුවාම මම කතා කරලා වැඩි කරගත්ත 1000 ගෙදට්ට කිවේ නැහැ.හෙහෙ හෙහෙ එක අන් අකවුන්ටඩ් .හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. වයිෆ්ගේ නම මොකක්ද බං... ආ.. ඇන්ඩයියා හමුවෙන්න ඕන...

      Delete
  21. අයියෝ දේශිකා 500ක දඩයක්ද ගැහුවේ. වැරැද්දෙ හැටියට නම් ඒ ගාන හොඳටම මදිනෙ ;)

    ReplyDelete
    Replies
    1. මදි.. හොදටම වැඩියි ඒ දඩේ.. අහිංසක අපිව හූරන් කනවා හැක්..

      Delete
  22. ඒ කියන්නෙ ගෙදර ආණ්ඩුවත් දඩ ගහනවා. ඕව ඉතිං දන්නෙ හිරේ ගියපු එවුන් නේ, අලේ අපිලල්ලෑ ඕවා .........

    ReplyDelete
    Replies
    1. ඒක තමා සහස.. උඹ දැනගෙන පලයං යන කතරගමක්.

      Delete
  23. //දාහක් මොකටද අදත් බොන්නද පන්සියක් මං ගත්තා. ඕනනං තියාගන්නවා නැතිනං ඕකත් මට දෙනවා සෙයියාවෙන්//
    ආ එහෙත් එහෙමද ?
    මෙහෙත් එහෙමයි..

    ජය වේවා!!1

    ReplyDelete
    Replies
    1. අපි අයියයි මල්ලියි වගේ නේද බං.. හැක්

      Delete
  24. ඉර නාවත් කමක් නැතේ
    සඳු නාවත් කමක් නැතේ
    උඹ නාවත් පුතේ එවපන්
    අරක්කු කාලක් කා හරි අතේ

    ReplyDelete
    Replies
    1. සිහ්.. කාලක් මදි.. බොහොම මදි..

      Delete
  25. හනේ හනේ.....ගෙදර උන්දැ දඩයක් ගැහුවම තමයි දුක...!!! අඩි පුඩි ගහද්දි ගැලවෙන දත් ගැන කිසි දුකක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැලවෙන දත ඩබල් කරල පස්සේ ගලවනවා බං.. අනිවා..

      Delete
  26. මමත් නිල ඇඳුමක් ඇන්ද මිනිහෙක්. නමුත් මම මෙතෙක් කිසි දවසක නොකිව්ව දෙයක් කියන්නං. ඇත්තටම එක අතක ලැජ්ජයි මේවා කියන්න. මේ රටේ මෙහෙම දේවල් වුනාද කියලා අහයි මගෙන්. ඉස්සර එයාලයි අපියි එකට යුද්ද කළා. අපි ගහලා එල්.ටී.ටී.ඊ. කාරයෝ මැරුනම, උන්ගේ අවි ආයුධ, බෝම්බ අල්ලගත්තම, මේ මිනීකාක්කෝ එනවා. මචං දැන් උඹලා මෙව්වා නිකම්ම උඹලගේ ඉහල අයට බාර දෙනවනේ. එහෙම නෙවෙයි මචං. මේක අපියි උඹලයි කම්බයින් කලේ කියලා අපි අපේ ඉහලට රිපෝට් කරන්නම්. එතකොට එක මිනියකට මෙච්චරක්, උන්ගෙන් අල්ලගත්ත T 56 එකකට මෙච්චරක්, බෝම්බයකට මෙච්චරක් හම්බවෙනවා. අපි එක බෙදාගම්මු. ඔන්න අයියලාගේ වැඩ. මට එහෙම කියන්න ආව එකෙකුට මම කිව්වා දවසක් තොගේ අම්මව විකුණගෙන කාපිය ගෙ පුතෝ කියලා.

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම විස්තරයක්.. විචාරකට පුළුවන් හොද විස්තරයක් ලියන්න තමන්ගේ පලාතේ.. ස්තුතියි..

      Delete
    2. අඩේ විචාරකතුමා එහෙම ඒවත් උනාද?දීපු පිළිතුරනම් යසයි

      Delete
    3. සහතික ඇත්ත මමල්.. ඒ කතාව ඇත්ත... මටත් හමුඋනා නැගෙනහිර පැත්තේ හිටිය එස්ටීඑෆ් බුවෙක්.. ඒ කාලේ මහ සොහොන් බලකාය වගේ උන් හිටියේ. තනිකරම බඩු අල්ලන් එන එකයි කොල්ලෝ අරන් එන එකයි තමා කරේ. ඔය ඔක්කෝම කරේ දහයක් විතර සෙට් වෙලා යන පුට් බයිසිකිල් ගැන්සියක් කිව්වම විශ්වාස කරන්නත් අමරු උනා. ආමි එකටවත් එච්චර හරියක් කරන්න බැරි වෙලා තිබුනා. මට ඒරියා එක හරියටම මතක නෑ අහල තමා කියන්න වෙනනේ..

      Delete
  27. ගෑනු ගහන දඩ දිහා බලපුවම පොලිස් කාරයෝ හොඳයි කියල හිතනවා මස්සිනා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. ඔව් මස්සිනා අම්මප ඇත්ත..

      Delete
  28. බීල එහෙම මාට්ටු උනාම උසාවියටත් දඩයක් ගෙවල.."වැරදිකරු ස්වාමිනී" කියල කියන්න උසවියෙ වටේ ඉන්න කපුටු අන්කල් කෙනෙක්ටත් දාහක් හමාරක් දඩයක් ගෙවන්න වෙනවනේ..(අත්දැකීමෙන් කියන්නෙ ඕං..)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් රාගමයා.. අන්න ඒවා ලියහල්ලා ඒවා තමා වටින්නේ අපිට.

      Delete
  29. අයියා කලින් පොලීසියෙවත් ඉඳලා තියෙනවද කොහෙද.?

    ReplyDelete
    Replies
    1. මං පොලෝසියේ හිටියනං උඹ හිතනවද මේක දාවි කියලා.. හැක්..

      Delete
  30. ඔය සමහර අය වගේ මතට තිත තිබ්බ නම් හරිනේ...

    ReplyDelete
    Replies
    1. මතට තිත කොයි වෙලේ තියන්න බැරිද තුෂානි.. හැක්..

      Delete
  31. මේ සිස්ටම් එක ගැන ඇහුවමයි. මේ දඩ ගහන ඒවා ඔක්කොම ට්‍රාන්ස්පේරන්ට් කරන්නේ නැත්තේ ඕක තමයි.

    වයිෆ්ලා දඩ ගහන්නේ නෑ. ඒවා දඩ නෙමෙයි අනේ ඉන්වෙස්ට්මන්ට්. :P

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් වයිෆ්ලා ගහන්නේ දඩ දඩ.. හැක්.. වෙල්කම් නිරෝෂීනි..

      Delete