Friday, September 20, 2013

බුදු ගුණ සත්‍ය ක්‍රියාව!!

මාගේ ශාන්ති නායක වූ සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේ විසින් දේශිත සද්ධර්මයේ ආනුභාවයේ බලයෙන් හා ලොව තුන්කල්හිම පවත්නා වූ බුද්ධ ශක්තියේ ආනුභාවයේ බලයෙන් හා මා සුරකිනු ලබන්නා වූ ශීල බලයෙන් (පංචශීල ආනුභාවයෙන්!!!!) අනන්ත සංසාරේ පටන් මේ දක්වා මා හට බලපෑවා වූ සියළු අකුසල ධර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා!!! අහෝසි වේවා!!! නැති වේවා!!! අනන්ත සංසාරයේ පටන් මේ දක්වා මා රැස් කළා වූ සියළු කුසල ධර්මයන් මේ මොහොතේ පටන් ඉස්මතු වේවා!!! ක්‍රියාත්මක වේවා!!! ඉස්මතු වී ඒ ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මගේ ශරීරයේ සෛලයක් සෛලයක් පාසා ගමන් කොට මාගේ ඇස්, ඉස්, මස්, ලේ, ඇට, මිදුළු ආදී වූ සකල සර්වාංගයේ ලේ ධාතුව පිරිසිදු වේවා!!! සුවපත් වේවා!!! මේ සුවපත් වීමෙන් මා හට මෙතෙක් උරුම නොවූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ පටන් ලැබෙත්වා ඒකාන්තයි!!! සත්‍යයයි!!! මේ සත්‍යක්‍රියාව ක්‍රියාත්මක වී සුවපත් වේවා!!! සුවපත් වේවා!!! මා සුවපත් වෙනවා සත්‍යයයි!!! ඒකාන්තයි!!! මට ශාන්තියක්ම වේවා!!!

සාදු!!! සාදු!!! සාදු!!!

(කරණීය මෙත්ත සුත්‍රය සහ ඉතිපීසෝ ගාථාව කියා ඉහත පාඨය 21 සැරයක් කියවන්න)

(ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙනු ලැබේ... බඩුම තමා.. කට කහනවද???)

44 comments:

  1. සාදු සාදු සාදු...............!

    ReplyDelete
  2. Replies
    1. උඹ හිතන්නේ මොකක් කියලද??

      Delete
  3. අර උඩ තියෙන එකේ වරහං ඇතුලෙ තියෙන එක කියවන්නෙ කොහොමද බං.

    ReplyDelete
    Replies
    1. ඒක නං ප්‍රශ්නයක් තමා බං...

      Delete
  4. හා ඈ මේක කියවන්නං මචං...

    ReplyDelete
    Replies
    1. 21 ක් පාරක් ගාථාව කියන්නත් ඕන

      Delete
  5. ම්හ් ,,,..බඩ හොදට සුද්ද වෙච්ච අයට ඔහොම කියැවෙනවා,,,...
    සා....සා..............

    ReplyDelete
  6. හ්ම්ම් හ්ම්ම් දැන් බන ධර්ම මතක් වෙන කාලෙ හරි .යන තැනට මොනව හරි කර ගනින්

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නේ පිං කරනවයි කියල කියන්නේ පිං ලෝඩ් කරනවා අන්තිම ටිකේ

      Delete
  7. තෝත් පටන් ගත්තද බුද්ධාගමට අපහාස කොරන්න...

    ReplyDelete
    Replies
    1. මේ වගේ වචන විකාර වලට අපහාස කරාම මක්ක වෙන්නද බං

      Delete
  8. මාගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිමි.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ. මේක බුද්ධාගම නෙමෙයි කියලයි මම කියන්නේ.. ආත්මාර්ථකාමීත්වය, මම හා මමම විතරයි කියල කියන විකාර වචන ගොඩක්

      Delete
  9. ඔබට ශාන්තියක්ම වේවා!!! :)

    ReplyDelete
    Replies
    1. මේවා කියෙව්වට ශාන්ති එන්නෑ

      Delete
  10. ඇත්ත කියපං දේශකයා...බොට ඊයෙ රෑ හීනෙන් ගොක් කොළ පෙනුනා නේද ?

    ReplyDelete
    Replies
    1. ගොක් කොළ.. මොනවද ඒ.. පව් කතා

      Delete
  11. උබට අර කඩේ අක්කාගෙන් තේ බීපු වාර ගාන හරියටම හදා ගන්න පුළුවන් උනා එහෙනම් ඈ \

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි. ඒ වගේ ගානක් තමා බං

      Delete
  12. මම කියන්න ආපු එකම සිරා කියල

    ReplyDelete
    Replies
    1. එහෙනං තෝ සිරාට දීපු උත්තරේ බාරගනිං.. හැක්

      Delete
  13. "ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙනු ලැබේ... "

    මේකේ නිව් වර්ෂන් එක

    "ධර්මය නොරකින්නා කිසිවෙකුටත් බිය නැත "

    ReplyDelete
    Replies
    1. මේවා ධර්මය නෙමෙයි නේ බං...

      Delete
  14. දේශා සිල් අරන්වත්ද??????????? :O

    ReplyDelete
    Replies
    1. ඔය විකාර වචන කිය කිය නං සිල් ගන්න අදහසක් නැහැ

      Delete
  15. දේශකයෝ උඹ මොකාටද එන්න හදන්නේ? ඕක එක එක අය අලුත් වර්ශන් දායි. මතක ඇතුව වචණ තුන හතරක් අස්සේ"එහෙම නේද හාමුදුරුවනේ....නේද මගේ දුවා දරුවනේ......වගේ බොක්ක කටින් අරන් ස්ටේජ් එක උඩ බෙල්ලට වඩම්මවන මල් මාලයක් වගේ ලියපන්. එතකොට තමයි ඕන භාවනාවක්, ඕන ගාථාවක් ,ඕන මෝට හැමනෙන එකක් අද රෑට බැලට් බොක්ස් එකට වැටෙන්නේ.

    ReplyDelete
  16. උබ හැගීමෙන් මේක දාපු බව මම දන්නවා.. ඒ හැගීමට මගේ ආචාරය...

    ReplyDelete
    Replies
    1. ඔව් බං හැගීමෙන් දැම්මේ මේ සෙද්ද...

      Delete
  17. මට ඕක කියන්න පුලුවන්. වැඩක් වෙයිද? මම අන්යාගමික නේ.

    ReplyDelete
    Replies
    1. මේ විකාර කියවනවට වැඩිය අන්‍යාගමික වෙන එක හොදයි මයේ හිතේ

      Delete
  18. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...හැබැයි පිරිසිදු සිතකින් නියමිත පරිදි පේවී කළ යුතුයි වරදින්නේ නෑ..

    ReplyDelete
  19. මොකෑ බං වුණේ?

    ReplyDelete
  20. ලිව්වෙ මොන අදහසින්ද කියල මට නම් හිතාගන්න අමාරුයි.. අන්තිම වගන්තියෙන් මුලින් ගිය සියල්ලම කපාහැරිලා

    ReplyDelete