Wednesday, August 28, 2013

කයිකතන්දර (පේටන්ට් එක කකා සතුයි)

දේශකයා ඒ කාලේ කවි කාරයෙක් නෙව. ඒක හොදටෝම පිස්සුවක් වගේ තිබ්බා. හැබැයි කවදාවත් ඕවා කව්රුවත් දැකල නෑ. ඔන්න ගෙදරට එක්කං ආවට පස්සේ දේශිකා නං ඒවා බැලුවා. නැත්නං අනිත් හැම දේම වගේ (??) ඒවත් හංගන් තමා හිටියේ. කාලෙකින් කවියක් දෙකක් ලියන්න බැරි උනා නේද කියල කල්පනා උනේ, ඇත්ත නේන්නං දේශක කවි කියල ටැග් එහෙකුත් තියෙන්නේ. 

ගියපාර මම දැම්ම නෙව අක්ක කසාද ගැන එකක්. කසාද කෙසේ වෙතත් ලව් හිලව්, පල හිලව් නං අනන්ත තිබුන අක්කලත් එක්ක. වැඩිපුරම මම පෙම් කරල තියෙන්නේ අක්කලටද කොහේද තමා. හැක්. 

අක්කා කෙනෙක් ගැන මගේ හිතේ, ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ තිබ්බ ආසාවක් හින්දා ලියපු කවියක් තිබිල හම්බ උනා නෙව අද. ඒක හරිම මිහිරි මතකයක් උනා. තවමත් බර්ත්ඩේ එකට මම ඒ නාකි අක්කට කෝල් එකක් දීල විෂ් කරනවා, අවංක පෙම් මල්ලෙක් විදියට. ඔන්න ඒ කවිය

ජීවිත ගමනේ පියගැට මත
ඉදිරියෙනි නුඹ මට වඩා
නවතන්නට නොහැකි නුඹ
එලෙසින් මටද බෑ හිදිනට
මාරුතයේ වෙලී ඉගිලෙන
නුඹේ කියඹු වැල‘ග සිසිල දැනේ මට

කොතරම් දුර වුවත්
අත් වැල් පටලා ගනිමු අපි
ළංවන්නට බැරි ජීවිත ගමනේ
යෞවනය මේ යැයි
හඩගා කියන්නට

ඉතින් සොදුරේ..
දිගුකරන් නුඹේ දෑත්
මා වෙත.....
සෙනෙහසින්


තවත් දවසක් මා පෙම් කළ යුවතියක් දුටු මතින් ඇති උන විරහ වේදනාව (සිරාවට කරාට මොකෝ මේකි බුට් එක තිබ්බා) විදගන්නම බැරි තැන ලිව්ව කවියකුත් තියෙනවා. මේ සිද්ධියෙදි නං කෙල්ල උදේ වරුවේ පාරේ කිසිම හැගිමක් නැතිව මං දිහා බලාගෙන ඉවතට ම යන කොට හිතේ ඇති වෙච්ච හැගීම විස්තර කරන්න බැරි තරං වේදනාවක් උනාම, ඒක කදුලක් වෙලා එළියට ආවා. ඔන්න ඒකට ලිව්ව කවිය

ගිලී ගිය දෑස මත
උණු කදුලක් තෙරපේ
අතීතය ආ නිසා
හාරා අවුස්සා
පීඩා හැගුම්...

නුඹ ආවා..
පෙර මෙන්ම තනියට
විදි අපමණ දුකට
කීරි ගැසි..
කනගාටුවෙන්
මහළු වූ දුබල හදට
අවසන පැන් කදුලක් මෙන්

ඕවා පුරාණ කවි.. ඒක නිසා කල් ඉකුත් වෙලාද මන්දා. 


අන්න අන්න
පිස්සු යකෙක්..

ඔව් ඔව් ඔව්
ඌට පිස්සු

ඇයි අනේ අර අතන එකා
ඌටත් හොද එකෙන් පිස්සු

කියන්නෙපා කාටවත්ම
අරයාටත් පට්ට පිස්සු

ඔව් ඔව් ඔව් මම දන්නවා

බොටත් පිස්සු...
(මටත් පිස්සු...)
මට විතරක් නෙමෙයි අනේ
මුටත් පිස්සු.
අරූ.. මූ.. අරූ.. වගේ තමා
මොන එකාටමත් පිස්සුයි..

කකාගේ සැප්තැම්බර් විප්ලවේ නිසා කයිකතන්දර මතක් වීමකි...

88 comments:

  1. හෑක් උබටත් එහෙනම් අක්ක කෙස් එක තදටම දෑනුන එකෙක්.කවි හොදයි.කියඹු වෑල කියන එකෙ තෙරුම දන්නෙ නෑ බන්.පිස්සු කතාවනම් ඈත්තම තමා

    ReplyDelete
    Replies
    1. කොණ්ඩේටනේ ඔය කියන්නේ... අමරදේව මාස්ටර් කියන්නේ "කියඹු වැල් ලිහී ඔබේ - මාරුතේ සැලී" කියලා කොණ්ඩේ හුළඟට නටන එකනේ....

      තව මධුමාධවත් කියනවා "කියඹු වැල් ඔබේ හරි අකීකරුයි - සරාගී සාගරේ තරංගා වගෙයි" කියලා.

      Delete
    2. මිල්ටන් මල්ලවආරච්චිගේ සිතුම්,පැතුම් පොදි ආදරේ සිංදුවේ
      //සුවදැල් මුහුලස සිපගන්නයි//කියන එකේ "මුහුලස"කියන්නේ කොණ්ඩේටයි කියනවා නේද...?

      Delete
    3. @ දමියා

      ඒක තදටම තිබ්බා බං සිරාවට. කියඹු වැල කියන්නේ කොණ්ඩේ තමා..

      Delete
    4. @ තිසර

      බලපං උඹේ උදාහරණ සහිත පැහැලිදි කිරීම කොච්චර අගේද කියලා.. තැන්කුයි තිසරේ...

      Delete
    5. @ මනෝ
      ඔව් ඒක එහෙම තමා. සුලං පාරට අකීකරු වෙච්චි හිස කේ රොදක්..

      Delete
  2. //වැල‘ග සිසිල දැනේ මට//

    ටිකක් ජුගුප්සාජනකද මන්දා?

    ඔහොම හිටියට මේ ඉන්නේ හොඳ කයි පද කාරයෙක් එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. වැල් අග කිව්වං කවි ගතිය නැති වෙනවා..

      Delete
  3. එතකොට හැමෝමටම පිස්සුද???

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. උඹට ඇරෙන්න...

      Delete
  4. එකෙක් මදිවට තව එකෙක්..... සාහිත්‍ය මාසෙ කනවා.....

    ReplyDelete
    Replies
    1. තොසින් වළදමු සහෝ ඇනෝ..

      Delete
  5. මොකක්ද මේ වැල කතාව.

    ReplyDelete
    Replies
    1. උත්තර උඩින් දාලා ඇති බලාගනු... අයියන්ඩිය

      Delete
  6. බලාගෙන යනකොට දේශකයා අර සත්‍ය ප්‍රේම කවුද එක්කෙනෙක්නේ. නියම පෙම් පොරක් හී හී...(මේකට හරි වචනයක් ඔලුවට ආවේ නෑ. )

    //ඉතින් සොදුරේ..
    දිගුකරන් නුඹේ දෑත්
    මා වෙත.....
    සෙනෙහසින්//

    කවි ටික නියමයි.:)

    ReplyDelete
    Replies
    1. පෙම් කිචා.. ඒ වචනේ හොදද...

      Delete
  7. කෝ බං මගෙ කොමන්ට් එක?????????????????

    ReplyDelete
    Replies
    1. ඒක නෑ බං අයියේ.. උඹ ෂුවර් එකටම දැම්මද..

      Delete
  8. මටත් අක්කෙක්ව දාගන්න තිබ්බ නම් මරු!

    ReplyDelete
    Replies
    1. හා හා දාගන්න එපා යකෝ.. අල්ලගනිං..

      Delete
  9. කේස් එක හරිම සිම්පල්
    නංගිලාට වැඩියෙ 'ආදරේ'
    ගැන දන්නෙ
    අක්කල,
    ඒකට නම් මං එකඟයි

    මාතලන්, කෙන්ජි, කියන්නෙ නම් ඇන්ටිල
    තමයි ආදරේ ගැන හොඳට දන්නෙ කියල,
    ඇන්ටිල දන්න ආදරේ..

    අපි නොදන්න ඇන්ටිල විතරක් දන්න ආදරේ...?

    ReplyDelete
    Replies
    1. දයාල්;
      මම ඔබ කියන එක ගැන කියල කොමන්ට් එකක් දැම්ම.
      ඒක ගිලලද මන්ද?

      Delete
    2. මම කියන්නෙ ආන්ටිලාගේ ආදරය ගැන නොවේ.
      එයයිලගේ පහස විදින්න ලැබුන නිසා අද මට බිරිදට ආදරයත් සමග ඇයට අවශ්‍ය සියලුම දේ දෙන්න හැකිවීම ගැනයි.

      Delete
    3. ඉස්සෙල්ලම ලව් කරන්නේ ඇබට් වලට (අපහාසයට නොවේ, ඒක තමයි වච්නයා ඊට පස්සෙ ඇන්ටිලට.. ඊට පස්සෙ ගැටිස්සියන්ට, ඊට පස්සෙ ලමිස්සියන්ට, අන්තීමට නෝනට.. ආයේත්... එක්කෝ ඕන නෑ... අලේ මල්ලල්ලෑ කල්ලල් ලෑ බොල්ලල් ලෑ...

      Delete
    4. ඔය තියෙන්නෙ පෝලිමට.
      ඇබට් කියන වචනෙ තමයි භාවිතා කලේ.
      ආන්ටිලාට තිබුන ගැටළු මොනවද කියල ඇත්තටම පුදුම දුකක් හිතුන.එයාලගෙ ඉල්ලුමට නිසි සැපයුමක් ලැබිල නැහැ පුරුෂ රත්නයන්ගෙන්.

      Delete
    5. එහෙම එකක් නෙමෙයි බං.. ඒක මනුෂ්‍ය ආසාවක්.. බලෙන් නවත්තගෙන ඉන්න.. කොටින්ම අපේ තිරිසන් ගතියක්...

      Delete
    6. හ්ම්...ඒකත් එහෙමද?

      Delete
    7. කෙන්ජි රාල

      එහෙම එකක් මේ පත්තු පලාතක ඇවිත් නෑ බං...

      Delete
    8. @ දයල්..

      අපි නොදන්න ඇන්ටි පා..

      Delete
    9. @ කෙන්ජි

      ඒක ප්‍රායෝගිකව සාර්ථක උපක්‍රමයක්.. හැක්..

      Delete
    10. @ මාතලං

      උඹ හරි.. ඒ ආසාවල් අපි බලෙන් නවත්නං ඉන්නේ. නැතිව උවමනාවක් නැති කමට නෙමෙයි...

      Delete
  10. දේශිකා අක්කා කෙනෙක් ද දේශා මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. උඹට නං අක්ක කෙනෙක් වෙන්ටැති මයේ හිතේ.. හැක්...

      Delete
  11. කවියක රස විඳින් හැමෝටම බැරිබව දේශකයා දන්නවා නේද?

    මෙතන තියෙන දෙවන කවියේ එන කඳුළු සහ අවසන් පැන් පොද සමාන කිරීම් අදහස ඉතා අපූරු එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කකා. සමහර කවි අපිටත් රස වීදීම අපහසු වෙනවා.. කවි ගැන උවමනාව තිබිලත්.. බොහොම ස්තුතියි අගය කිරීමට.. කකා..

      Delete
  12. දේශකයො, මේ වගේ කෑලි තිබ්බෙ නැද්ද ඒ දවස්වල උබෙ කවි වල?

    අපි දෙන්නව වෙන් කරන්න
    මේ ලෝකේ කාටවත්ම
    බෑ රත්තරනේ


    හික් හික්

    ReplyDelete
    Replies
    1. නැහැනේ ඒ කාලෙවත් ඔය වගේ ලාවට පොල් වචන පාවිච්චි කරේ නෑ.. (දැන්නං එහෙම වගේ)
      හැක්.. උඹලත් මතක තියන් ඉන්න ඒවා...

      Delete
  13. අක්කලට කරපු ලව්. බලන් ගියාම මේක ජාතික ප්‍රශ්නයක්නේ. ඔය කුලකෙට අහුවෙන හුඟක් එවුන් ඉන්නවනේ මේකෙ. :)

    බොහෝ කාලෙකට පස්සෙ හම්බවෙන අතීත සිහිවටනයකින්, ඒ සුන්දර අතීතය මතක් වීම හරිම අපූර්ව අත්දැකීමක් නේද. ඩබ්. ඒ. සිල්වා මහත්මයගෙ ලේන්සුව කෙටි කතාවෙ, දිනක් නිවසේ ලාච්චුවක් අස්පරස්කරමින් සිටිද්දි අහම්බෙන් හම්බවෙන ලේන්සුවක් නිසා කතානායකයට වසර කිහිපයකට කලින් තමන්ට අතහැරුනු අවිවාහකව සිටිනබව සපථකර වෙන්වුනු පෙම්වතියව සිහිවෙනවා. ඇගේ ගුණ සිහිකරන ඔහු තමන්ගෙන් උනු වැරැද්ද පසක් වෙලා ඔක්කොම වැඩ තියෙද්දි ඇයව මුනගැහෙන්න යන්න ලැහැස්තිවෙල තේ එක ගේනකම් සේවකයා ගෙනත් තියපු පත්තරේ පිටු පෙරලගෙන යනව. ඇගේ මරණ දැන්වීම මෙන්න ඒ පත්තරේ !

    ReplyDelete
    Replies
    1. උඹට කොහෙන්ද බන් තරම් පොත් කියවන්න උඹ පොත්ගුලකද ඉන්නේ මදුරු නශකයෝ.

      Delete
    2. මටත් ලේන්සුව මතක් උනා. DDT

      උම කිව්ව වගේ මේක ජාතික තලයේ පුරස්නයක් තමා බං.. හැක්..

      Delete
    3. @ මනෝජ්
      ඒක තමා බං මං උඹට කිව්වේ පුළුවන් තරං කියවපං කියලා. ඒක හරිම වින්දනීයයි

      Delete
  14. ඈ... අක්කෙක්... :D
    මටත් පහු ගිය කාලේ ඔය වගේ පෙම් බැලුම් තිබ්බා. පූරුවේ පිණකට ගැලවුනා මිසක්කා මේ වගේ අසහනකාරී යුගයක සැට් උණා නම් දෙයියන්ගේ පිහිට තමයි..
    කවි ටිකනම් පංකාදු පහයි. ආයේ මක්කැයි රස වැහෙනවා.

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. වෙලාව ආවම වෙන දේ හිතාගන්න බෑ බෙන්. ආදරේ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරල, අඩු කරල තනිකර මංඤඤං ගස්සන හැගිමක්. ආදරේ ලබාගන්න විදින මිහිර වේදනාවක්මයි..

      Delete
  15. KAKA KIYANNE ARA APE KATHANDARA KARA MAHA KAKKA THUMADA? ARA PUKA, JOKKU, CHOO, PADA, JEE WENI TOPICS NITHARAMA LIYANNE. KAI PADA WEL LIYALA HASTHO PAKKRAMAYEN ELIYATA DENAWAI KIYANNE. E UTHTHAMAYADA

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ සියළු විශේෂන පද වලින් තේරෙන්නේ ඒ එතුමාම බවයි...

      Delete
    2. @ සමී
      ඇයි පුතේ බොටත් කැපිටල් ගැහිල්ලක් ඕන වෙලා වගේ.. හැක්..

      Delete
  16. හොඳ කවියක් වටිනා චිත්‍රයක් වගේ. පද ටිකයි තේරුම් බොහෝමැයි.. අන්තිම කවිය වගේ ඒවට මම කවදත් මනාපයි..

    ReplyDelete
    Replies
    1. ආ.. අන්තිම කවිය උඹ මේ දවස් වල කරන සේවය ගැන හිතලම ලියපු එකක්.. හැක්.. හැක්..

      Delete
  17. Replies
    1. අක්කලට සක්ක ගහන මල්ලිලත් සෝයි.

      Delete
  18. දේශකයා කිව්වම මම හිතුවේ ඔහේ චර චර ගාලා කං පුරවන, අවකැපෙන කතා කියන එකෙක් කියලා. දැන් බලාගෙන ගියාම මූට කයිය පද බැඳගෙන කයි පද කරට අරගෙන ඉන්න පොරක්නේ.

    ReplyDelete
    Replies
    1. @ ඩුඩේ..

      අපි ඉතිං පාරෙ ගියත් බොරිහන් දෙන උන් තමා. ආයේ මක්කැයි.. හිටි ගමන් තමා සද්දේ වහල ඉන්නේ.. ඕන එකටයි එපා එකටයි දන්න එකටයි නොදන්න එක්ටයි හැබ එකටම ගද එන්නම කට අරිනවා.. හැක්..

      Delete
    2. @ කරූ
      උමත් එනව නේද කින්ඩි දාන්න මට.. හැක්..

      Delete
  19. මරු ගීත දේශනයක්නේ ඈ.. අක්කලට ලව් කරන අය කොච්චර නම් ඉන්නවද.

    ReplyDelete
    Replies
    1. හා කාලෙකින්... අනිවා සෑහෙන්න ඉන්නවා සුපුනය..

      Delete
  20. මං හිතුවා ඒ පැත්තෙන්වත් හොද මනුස්සයෙක් කියලා බලාගන ගියහම උඹේ ගන්ඩ හසරක් නැනේ බං ,

    ReplyDelete
    Replies
    1. අටමො;හිනා වෙලා පන ගියා.
      බොලාට ඕක අහන්න වෙන වචන තිබුනෙම නැද්ද?

      Delete
    2. @ අටමා
      ඇයි බං උඹ මාව කන්නම හදන්නේ.. මං ජීවත් වෙනවට උඹ අකමැතිද// හැක්..

      Delete
    3. @ කෙන්ජි
      ඒක නේ කියන්නේ.. අර හාදයෝ දෙන්නත් එනවා (මාතලං, තිසර) වැට ගහන්න ඒ අස්සේ. මට ඇඩෙනවා බං උඹල මේ කියන කතා වලට. එක්කෝ මේ බ්ලොග් කටුව වහල දාන්න ඕන තව තව ඒවා අහගන්න කලින්..

      Delete
  21. //කොතරම් දුර වුවත්
    අත් වැල් පටලා ගනිමු අපි//

    //බොටත් පිස්සු...
    (මටත් පිස්සු...)//

    සිරාවටම මම නං නංගිලට ආසම නැහැ... අක්කල තමා හොඳ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ.. තිසර මල්ලි... හැක්..

      Delete
  22. අක්කෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ නේ, අෆ්ෆා!

    ReplyDelete
    Replies
    1. අක්ක කෙනෙක්ගේ ප්‍රෙමය විදලම බලන්න ඕන ධාරා.. ඒක ටිකක් වෙනස්..

      Delete
  23. දේශක කයි....:)

    ReplyDelete
    Replies
    1. දේශිකා ආවොත්... කයි කයි ඩබල් කයි..

      Delete
  24. උඹට කියන්ඩ ඒ දවස්වල බොහොම අමාරුවෙන් තමයි අක්කෙකුගෙන් ගැලවුනේ.

    ReplyDelete
    Replies
    1. බොට කියන්න හැලපයියේ මාත් එහෙමයි.. හිර කරන්නමයි මං හැදුවේ..

      Delete
  25. මම නම් දැන් ආස නංගිලට බං.

    ReplyDelete
    Replies
    1. පොඩි බබාලා එහෙම තමා..

      Delete
  26. හ්ම්ම්.. පහුගිය ටිකේ පෝස්ට් වලදි තේරුනේ මල්ලිලා ඇයි මේ අක්කලට මෙච්චර ආදරේ කරන්නෙ කියල... හැබැයි ඒ එක වයසකදි නෙවෙයිද... 16-20 වගේ කාලෙදි....? ඊට පස්සේ ආදරේ කරන්න හොයන්නෙ නංගිලව...

    මාත් කවි ලිව්වා අප්පා කාලයක්.. දැන් නං කොහෙත්ම බැරි වැඩක්... ඒකත් ලව් කරන, බූට් කන කාලෙට විතරක් එන දක්ෂතාවයක්ද කොහෙද... හි හි..

    ReplyDelete
    Replies
    1. ඔයා බූට් කාල නෑනෙ

      Delete
    2. @ හිරු

      35 න් පස්සේ අක්කලද නංගිලද කියල පිරිමි බලන්නේ නෑ බං. අරක තියෙනං කව්රු උනත් කමක් නෑ.. (ලව් වලට නෙමෙයි බං)

      කවි ලියන්න දස්සකම ඕන.. අර කදු ලියන්නේ එහෙනං.. ඒකි දවසට හත් අට සැරයක්වත් බුට් කන්න ඕන.. ඔය කවි ලියන හැටියට...

      Delete
    3. @ හැලපයියා
      මේකිගේ බුට් පාරවල් විසිවෙලා වැදිච්ච උන් නං ඇති අනන්ත..

      Delete
  27. It is a very heart felt poem. I really enjoyed it. That's called 'True Love'.So, it seems that you are a truly sensitive fellow!

    ReplyDelete
    Replies
    1. I'm glad with your comment. hm.. sometimes back my every account name was created using "Sensitive". It is sufficient, I think. Thanks නිල් මානෙල්

      Delete
  28. රුචිරාණනී අහන්න....එක පාර මා මරන්න කියලානේ බං ලියන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං එකපාර මා මැරුවා උන්...

      Delete
  29. මට අන්තිම කයිය තේරුන්නෑ බං :(

    මේ උබ දැං බුකියෙ පේන්නවත් නෑනෙ බං :O

    ReplyDelete
    Replies
    1. බුකියේ උඹ හිතුවද මම රේස් පත්තර් බලනවයි කියලා. අන්න මුණුපොතේ නං ඉන්නවා.. අන්තිම කවිය එහෙම එකක් තිබ්බද..

      Delete
  30. උඔ බැන්නත් කමක් නැහැ කවි ටික මම ලියා ගත්තා (හිතුනොත් දෙනවා කියවන්න) උඔ දන්නනවනේ?

    ReplyDelete
    Replies
    1. මං මොකටද බං බනින්නේ. ඇඩ්‍රස් එක කියහං කවි පොතක්ම එවන්න උඹට කොටල බැරිනං ලියල හරි කන්න..

      Delete
  31. මම හිතුවා අක්ක කසාද ගැන ලියලා තියෙන්නේ අත්දෑකීමෙන්ම තමා කියලා.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් නැත්තේ නෑ පුරේ. ඒකපාර්ශ්විකවත්, ද්විමයවත් ඒක අත්දැකල තියෙනවා... ස්තුතියි..

      Delete
  32. කිවුව නාහන ගුරු ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කිවුවළු.. තාමත් හිතේ තියෙන්නෙ ඕකමනෙ..( දේශිකා)

    ReplyDelete
    Replies
    1. හැබෑට සරෝ බොට කවද්ද ඒකි මුලිච්චි උනේ.. ඔය කතාවම කියවි ඔව් ඕකම කියාවි මට..

      Delete