Saturday, June 8, 2013

අවුරුදු දෙකයි.. අපේ රජාට (අඩවි රජ හෝ මහරජා ගැන නෙමෙයි)

සිරිපා වන්දනාවට පොඩි විරාමයක් තියන්න වෙනවා. ඔව්.. ඔව් ජාතියේ මහා අනගීභවනීය දිනය ලං වෙනවා. ඒක නිසා..
******************************************************

මේවා කියන්න ගියාම කස්ටිය තරහ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ රජා කියන නම ඔය කිහිප දෙනෙකුටම තියෙනවා නෙව. එකෙක් තමන් මහරජාය කියල හිතාගෙන තියෙන ඔක්කෝම දහදුරා වැඩයි, හොද වැඩයි ඔක්කෝම පටලගෙන කරගෙන යනවා. හැමෝම බැන්නට, ඡන්දෙන් මහ රජා උඩින්ම දිනනවා. ඊට පස්සේ ටික දවසක් යන කොට ඡන්දේ දීපු එකෙකුත් නෑ. ඔක්කෝම මහ රජාට විරුද්ධව කතා කරනවා. ඒකේ අවුලක් නෑ කියල කියමු අපේ මෝඩ කම නෙවද කියලා. 

ඒත් තව රජෙක් ඉන්නවා ඒකා එළිපිටම මිනිහා රජෙක්ය කියල කියනවා. ඒ මදිවට මිනිහගේ ස්ථානය තහනං අඩවියක්ය කියල කියාගෙන ඕනම බයියෙකුට එන්නත් දෙනවා. ආරක්ෂාව ගැන නං තඹ සතේක දෙයක් නොදන්න රජෙක් මේකා. ඒ මදිවට නොසෑහෙන්න අය එක එක නං කියනවා. චූ රජා, මඩ රජා, වල් රජා, පොටෝ රජා වගේ එක එක දහදුරා නං.. මොනා උනත් ඉතිං ඌත් එක රජෙක් තමා.

ඔය ඔක්කෝම රජවරුන්ව වඩා වටින තව රජෙක් ඉන්නවා බුරු කුට්ටමේ. ඒ රජානං ආයේ හොල්ලන්නවත් බැරි තරං වටින රජෙක් නෙව. දන්නෝ දනිති. තව ඉතිං ඔය ගෙදර ඉන්න පොඩි එකාටත් කියන්නේ “අනේ මගේ රජෝ“ කියලා. එහෙම බැලුවම අපේ වල් රජා තමන් රජෙක් කියල කියන එක වරදක් නෙමෙයි, මොකද පොඩි කාලෙ මමත් රජෙක් නෙව.

ඔය කතන්දර කියන්න ඕන උනේ ගූගල් එකේ, ඒ කියන්නේ මුළු බ්ලොගර් එකම බොහොම ගෞරවයෙන් වැදුම් පිදුම් කරන, සළකන, රජෙකුට වගේ සප්පායම් කරන, බොහොම වටින පුද්ගලයෙක් ඉන්නවා. මිනිහා ගේ තියෙන එකම දේ මිනිහා රජෙක්ය කියල තමන්ම නොකියන එකයි. (වල් රජාට නං ඇහැට කටු අනිනව වගේ ඇති මේවා ඇහුවම .. අපිට පාංයැ) ඉතිං සිංහල බ්ලොග් ලෝකේ ඉන්නේ එකම එක රජයි. හැමෝම මිනිහට රජාය කියල කියන්නේ ඇත්තටම මිනිහ රජෙක් හින්දයි. ඔය මාරය හෙම තමන්ගේ ලැයිස්තුවේ දාං ඉන්නේ “බ්ලොග් ලොව මහරජු“ කියල නේ. මමත් මුලදි සැක කරා මේකා කොහොමද රජෙක් වෙන්නේ කියලා. ඒත් කියන්න කනගාටුයි පස්සේ මට සිද්ධ උනා පිළිගන්න විතරක් නෙමෙයි නමස්කාර කරන්නත්... මේ තමයි රියල් රජ කියලා.

ඔව් මේ රජාගේ පළමු රාජාභිෂේකය පහුගිය අවුරුද්දේ උත්සවශ්‍රියෙන් පැවැත්වුවා. බ්ලොග් ලොව සියළු නරයන්ගේ සහභාගීත්වයෙන්. ඒකෙදිත් රජතුමා බොහොම සාර්ගර්භ ඒ වගේම සිත් ගන්නා සිළු දේශනයක් පවත්වල තිබුනා. මං හිතන්නේ රජෙකුගේ සැමරුමකදි ඒ දිනයට විතරක් නෙමෙයි අවුරුද්ද පුරාම සුභ පැතුම් ලැබෙනවා කියන එක ඇත්තක් කියලා. ඇයි කියන්නේ මේ රජාට පළමු අභිෂේකයේ සුභපැතුම් තාමත් ලැබෙනවා නෙව. 

ඉතිං ඔන්න මේ අවුරුද්දේ අපේ ඒ මහානුභාවසම්පන්න රජාගේ දෙවැනි රාජාභිෂේකය යෙදිල තියෙන්නේ  ජුනි මාසේ 13 වෙනිදට. එදාට මුළු බ්ලොග් ලෝකේම එකම මගුල් සක්වලක් වෙනවා. එදාට අපේ රජාගේ උදාන වාක්‍ය අහගන්න නරයන් දැං ඉදම්ම සුදානං උනොත් හොදා. මොකද එදාට රජාට සුභ පතන්න එන අයගේ රෂ් එක පාලනය කරන්න බ්ලොගර්ටත් බෑ. ඒ තරම්ම ජවසම්පන්නයි අපේ රජාගේ අනුහස.

සැරද මහරජ බ්ලොග් ලොව... ඔබ නැති මේ බ්ලොග් ලොව අර මායා සිස්ටාචාරය වාගේම වේවි. (ඒක විහිළුවක් වෙලා නෙව දැං) ඉතිං ඔබතුමාගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!! අපි වගේ නරයන්ට කරන මේ සේවය වෙනුවෙන් ඔබතුමා හට සියළු දෙවියන්ගේ බලයෙන් ජවය, ශක්තිය, හැකියාව ලැබේවා!!! මේ කරගෙන ආපු විදියට හැම අවුරුද්දෙම ජුනි 13 වෙනිදාට ඔබතුමාගෙන් උදාන වාක්‍යයක් අහන්න මේ කට ඇරං බලන් ඉන්න නරයන් ට අවස්ථාව ලැබේවා!!! ජයෙන් ජයම වේවා!!!

ලෑස්ති වෙන්න රෂ් එක මග අරින්න. වැඩේ පහසුවෙන්ම කරගන්න. 13 වැනිදා උදේ ඉදන්ම රාජාභිෂේකය බලාපොරොත්තුවෙන් ඉන්න.. මග අරින්න එපා. අතහරින්න එපා. අවුරුද්දට ම එක පාරයි මේ අවස්ථාව ලැබෙන්නේ. මං හෙන ට්‍රයක් දෙනවා ඉස්සෙල්ලම සුභපතපු නරයා වෙන්න අපේ රජතුමාට..

රජතුමාට සුභ පතන්න මෙතනට යන්න..  (මේ බ්ලොගේ දකුණු පැත්තේ උඩින්ම සිරික්කිය දාං ඉන්න පින්තුරෙට කෙටුවත් රජා බලන්න යන්න පුළුවන්.)

ප.ලි - කලින්ම දැම්ම දිනේ වෙන් කරගන්නවලා හොදා..


රජෙකුගේ ගමන් මග (ඡායාරූප සහිතයි)



රජ සහ පිරිවර පින්තුරු ග්‍රන්ථ පිරික්සමින් (නිල්ද මන්දා)


 රජු තම චක්ගෝලයන් සමග කෙලිදෙලෙන්



 ශ්‍රී දළදා පහස ලැබුදා (පොඩ්ඩක් නැමිල ඉන්නේ ගෞරවේ වැඩි කමට)



 රජ සහ තවත් රජෙක් පොටෝ ගන්න නොදන්නා කැමරාමන් කෙනෙක් සමග



 රාජකීය සුරාපානයකින් අනතුරුව (ඇස් රතු වී ඇත)


 ගාම්භිර සෙයියාවෙන්

28 comments:

  1. හැබෑටම බොට වෙන වැඩක් නැද්ද ?? අඩු ගානෙ ඔය රජාවවත් ආදුරුසෙට ගනින්කො... :D

    ReplyDelete
    Replies
    1. කරුමෙට මේක මම අද නේ බං දැක්කේ. නැත්නං උත්තර දෙනවා බොට මං.. හැක්..

      Delete
  2. මේ.......... බීපු වෙලාවට අර කොන්ඩේ ඉස්සරහ තියන පොල්මුඩ්ඩ වගේ කෑල්ල ගැන කල්පනාවෙන් ඉන්නවා. පොලිස් කාරයෝ අල්ලගන්නෙම ඔතනින්.

    අපි රජාට (ජරාට කියලා වදින්න ගියේ) රජා අපිට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මටත් ලඟදි දාක උනා..

      Delete
  3. අවුරුදු දෙකකුත් ගිහින්ද....?

    ReplyDelete
  4. මේ දේශකය මංත්‍රී තුමාටනං සුදු හෙලිකොප්ටරයක් අවශ්‍යම වෙලා වගෙයි.
    හොඳයි 13 වෙනිද වෙනකොටවත් එකක් හයර් එකට අරගෙන එවන්න පුලුවංද බලන්නං.

    අර ෆොටෝ එක ගන්නකොට බීල හිටියෙ නෑ බොලවු. බොරුනං බනියගෙං අහල බලහං.

    ReplyDelete
    Replies
    1. කවුද ත්‍රිබාසා බනිය කියන්නෙ අපි දන්නෙ නැති එකෙක්ද

      Delete
  5. ඩෝප් සීන් නිසා අවුලක් නෑ.. ඩෝප් හිඳුනම. පෝස්ට් එක ගලවලා දාපන්. නැත්නම් කලිසම ගලවලා තමයි ඉන්න වෙන්නේ... ඒ පාර හැම එකාරම රාජ පිස්සුව ගහලා....

    ReplyDelete
    Replies
    1. තව ඉතුරුවෙලා ඉන්නෙ උඹල අපි විතරයි...මහාචාර්ය මාතලන් වෙනුවට මහරජ මාතලන් කියල දාමු නේද..

      Delete
  6. රජාට සුභ පැතුම්.

    ReplyDelete
  7. ඈ දේශකයෝ එතකොට එදා උත්සවේට ආවැයි ඔයත්. හොරා තමයි.

    ReplyDelete
  8. අම්මට සිරි අවුරුදු 2ක් නේද. සුභපැතුම්
    මේකාගෙ මේ බ්ලොග් එක ගැන පහුගිය කාලෙ ලියපු පෝස්ට් ටිකයි කමෙන්ට් ටිකයි දැම්මනම් උගෙ එකේ සෑහෙන්න පෝස්ට් ගානක් වෙලා

    ReplyDelete
  9. බ්ලොග් ලෝකයේ හැමෝගෙම ලිපි කියවලා තියනවා. ඒත් ත්‍රිභාෂා ප්‍රසන්නගේ හැර. කියවන්න ලියන්න එපෑ. ඒ කොහොම වුනත් මමත් පිළිගන්නවා. ලිව්වත් නොලිව්වත් ප්‍රසන්න තමයි බ්ලොග් රජ. ඇයි අප්පා නොලිය මෙහෙම නම් ලිව්වොත් තව කොහොම හිටීද?

    ReplyDelete
  10. අඩෝ මම පණ කඩාගෙන දුවගෙන ආවේ මට කෙලලද බලන්න. නෑ නේ වෙලාවට.. උම්මා ඈ...
    අම්බේ මේ ඉන්නේ රජාගේ බොක්කක්ලු ඈ! දෙමළ ණ නු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. හිතහොද අකුරු තුනේ ප්‍රසන්න අයියට ජය වේවා !

    ReplyDelete
  12. ජයෙන් ජයවේවා.... දිගුකල් දිනේවා....මගෙත් සුබපැතුම්

    ReplyDelete
  13. සුබ පැතුම් ප්‍රසන්න. :)
    දැන් රජවරු ගොඩයිනේ.:D

    ReplyDelete
  14. රජවරු හැම එකාටම ජය වේවා! අපිටත් යන්තං හරි ජය වේවා! දේශකයටත් එසේම වේවා!

    ReplyDelete
  15. මගෙත් සුබ පැතුම්.....!!!!

    ReplyDelete
  16. අප්පටසිලි එදා අවුරුදු උත්සවේදි මේ රජාවත් හම් උනා නොවැ.

    ReplyDelete
  17. දේශකය කලින්ම තොරණ ගහල නෙ. ඔන්න අපිත් ගිහින් තැනක් වෙන්කර තියල ආවා..

    ReplyDelete
  18. එහෙනම් ජයවේවා බ්ලොග් රජාට....

    ReplyDelete
  19. හැක්! ඒවගේ බ්ලොග් එකක පලවෙනියට කමෙන්ට් කරන්ඩ පින තියෙන්ඩ ඕනි බං :P

    තව අවුරුද්දක් බලං හිටු. හූ ඈ

    ReplyDelete
  20. සුබ පතපු හැමෝටම ස්තුතියි ඈ.

    පළවෙනියට කොමෙන්ට් කරන්න තිබ්බ අවස්ථාව දේශකය විසින් අහිමි කරගත් වගත් එය සමී මහතා විසින් ලබාගත් බවත් මේ අවස්ථාවෙ දන්වන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මං ඉතිං කියන්න ඕන නෑ නෙව ඔය රජාම තමන්ගේ රාජශ්‍රය පෙන්නල තියෙන්නේ..

      Delete
  21. බොග් රජෙක්ම තමා බොල .. හෙහ් හෙහ්..

    ReplyDelete
  22. සුපිරි පොරක් තමා අම්මපා...
    මමනම් ප්‍රසන්න අයියව (මාමව) දැනගත්තේ ත්‍රිභාෂා කියන නමින්...ලොවෙත් මේ වගේ මිනිස්සු අඩුයි ලංකාවේ...
    දේශකයා අයියේ ඔයාටත් පින්...

    ReplyDelete