Friday, April 12, 2013

මීටර් මාරු වෙන්න පෙර!!!

එහෙනං ඉතිං මක්කැයි ඔහේල බලන්න ආවේ. අනේ මන්ද ඇස් විතරක් නෙමෙයි මෙන්න මේකගේ කටත් ඇරිලා. හා හා නිකටෙන් අත ගනිං. යකෝ නලියෝ ඔය වීදුරුව පොඩ්ඩක් පැත්තකින් තියහං. කීබෝඩ් එකට වැටෙයි අරව. හයියෝ තොපි මං දිහා කන්න වගේ බලන්නේ මොකටෙයි. හිනා යනවා. අනේ පලයල්ල යන්න බං. හෝ ගාලා වැඩ තියෙනවා. දැන් ඕං මේ අවුරුද්දෙත් මීටරේ මාරු වෙන්න නෙව යන්නේ. ඒකට සුදානං වෙන්නත් එපායැ.

මේ ටිකේ තොපි මට නොසෑහෙන්න දේවල් කිව්වා. තොපි මට බැන්නත් එක්ක. මගුල් බ්ලොග් එක පැත්තේ එන්නැති එකට. හැපලයියා මට මෙරු කතාවක් කිව්වා. පොඩ්ඩි කිව්වා උඩ යට යන එකෙක් කියලා. අනිත් අයත් දේවල් කිව්වා ඒවා ඔප්පු කරන්න බැරි නිසා කටවහං ඉන්නවා. නැත්නං දෙනවා හොදවැයින්.

ඕං බලහල්ලකෝ මාර්තු මැදදි ලොකු කොල්ලට හෙම්බත් එක්ක උණ ආවා. ඒක සතියක් විතර සහලෝලා තිබිල අඩු වෙලා ගියා. මේං දවසයි ගියේ පොඩි එකාට කේස්.. සහලෝලා උන.. ඒ ගමන ඒකා අරන් සල්ලි දික්කොරගෙන චැනල් ගානේ ගියා. දෙයියනේ කියල සතියකින් විතර අඩු උනා. මේන්න බං ආයි ලොකු එකාට සහලෝල උන.. ඔය විදියට යාන්තං පෙරේදා වෙනකං ම ඔය වැඩේ දිගටම උනා. රෑට නින්දක් නෑ මෙයා.. ඇඩෙනවා යකෝ.. උණ බලනවා බෙහෙත් දෙනවා.. සහලෝල උන හින්දා වතුරෙන් තෙමන්න ඕන. ඕඩිකොලෝන් ගාන්න ඕන. වතුර පොවන්න ඕන. වැඩ කප්පරයි. ඔය කරදර ජරමර අස්සෙත් උඹලගේ ඒවා පුළුවන් හැටියට බැලුවා. මගේ එකෙත් දෙක තුනක් කොටල දැම්මා. ඔව් ඔව් පිළිගන්නවා උත්තර දෙන්න ප්‍රමාද උනා. හෙහ්.. ඒ උනාට ඒවා බලාගන්න ඩුප්ලිකේටයා හිටියා නෙව. සන්තෝසේ බැරිවා. ඕං ඔහොමයි ඉතිං මේ මාසෙට බර ගානක් බෙහෙත් වලටත් වියදං කොරල, නිවාඩුත් දාලා, හරියට නින්දත් නැතුව ගෙවපු කාලේ මාර දුකක්. ඊට වඩා දුක පොඩි ඈයො දෙන්න උණ විකාරෙන් දගලන එක බලං ඉන්න එක. අන්තිමට ඉතිං ඔක්කෝම දැං හොද තත්වෙට එනවා.. මොකක්ද දන්නවැයි ලෙඩේ. වයිරල් ෆීවර් එකක්. හැබැයි මේක විටින් විට ඇති වෙනවා නැති වෙනවා. දැං යන්තං හොදා නිසා අද ඉදල අවුරුද්දට සුදානං.

දේශිකා අණ කොරල තියෙන්නේ අද ගේ මකුණු දැල් ටික කඩල හෝදල දාන්න ඕන. හවසට ගෑස් එක ගෙනැල්ල බඩු ටික ගෙනැල්ල දාන්න ඕන.. හෙට උදේට මාළු ගෙන්න යන්න ඕන. දවල්ට කැවිලි මොනා හරි හදන්න අත් උදව් දෙන්න ඕන. ඊට පස්සේ නැනී වෙන්න ඕන.. ඔන්න මට ගිය කල. ඉතිං බොලාත් අවුරුදු  කාල බීල හිටහල්ල. මාත් ඉතිං අවුරුද්ද කාල තමා එන්නේ.. හිටහල්ල පුළුවන් උනොත් මගින් ඇවිල්ල යන්නං. ඒත් විස්වාස කොරන්න බෑ ඒවා.. මගේ පැට්‍රල් නෙමෙයි නෙව.. හැක්..

හරි එහෙනං බොලාට ශ්‍රී සුභ නව වසරක් වේවා!! හැම දෙයක්ම සාර්ථකව කර ගන්න ධෛර්යය ශක්තිය ලැබේවා!! බොන උන් අඩුවෙන් බීපල්ලා. හා හා ගහ මරා ගන්නෙපා යකෝ බොදු බල සේනා තොපි ගැන අවදියෙන්..

30 comments:

  1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දේශකයාටත් පවුලේ හැමොටමත්.... මට තාත්තිව මතක් උනා... අපිට අසනීපයක් උනාම කොච්චර කරදරෙන්ද ඉන්නෙ කියලා... කොහොමත් පිරිමි උනාම ගෙදර වැඩවලට උදව් කරගෙන එහෙම ඉන්න ඕනි... කොම්පීර්තරේ අල්ලලනවෑහෙම නෙමෙයි....

    ReplyDelete
  2. දරුවෝ මත්තේ මුළු ජීවිතේම මැරුණත් හිතට
    බරක් නැහැ දේශා ..

    හරි හරි එහෙනම් දේශක පවුලටම වාසනාවන්ත සුබ
    අලුත් අවුරුද්දක් වේවා ...

    ඔය පොඩි උන් දෙන්නව බලන්නත් ආසයි යකෝ..පින්තූර
    කෑල්ලක් ගන්න ඉස්ටුදියෝ එහෙකට ගියපු වෙලාවක මතක
    ඇතුව කොපියක් අපිටත් එවහන් ලියුන් කඩදහියක් එක්ක ...

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න තැපැල් කන්තෝරුවේ අලුත් නම්බරේ ...
      පරණ ඒවා දැන් වැඩ නැහැයි කියන්නේ.
      මේන් මේකට එවහන් ...හංදියට ගිය වෙලාවක
      මට ගන්න ඇහැකි උබ එවල තිබුණොතින් ..

      silentsahan@gmail.com

      Delete
  3. දේශකයාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව.

    ReplyDelete
  4. සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  5. ඔය කුස්සියට රජ වෙලා ඉන්න ගමංම කැවුං කොකිස් ටිකකුත් හදාගන්න පුලුවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. මොංගල් කාරයින්ට මොලේ පැදේවා..මරාගැනිල්ල දැන්වත් නැවතේවා !!

    ReplyDelete
  6. අයියටයි අක්කටයි දෙන්නටම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  7. ළම්‍යි අසනීප වෙන එක තරම් දරුණු වෙනත් දෙයක් ලොවේ නැත...!

    ReplyDelete
  8. දේශක පවුලේ සැමට සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  9. අනේ බං උඹට ඔච්චර කරදර වුණා කියල දැනගෙන හිටියෙ නෑනෙ.
    දේශක පවුලටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි.

    ReplyDelete
  10. දේශක පවුලේ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  11. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දේශායියේ
    මම නම් කවදාවත් කසාද නම් බදින්නේ නැහැ හම්මෝ!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් දකින හැම කෙල්ලම මල්ලි කියනවයි කියය කිය පෙරලි පෙරලි අඩන්නේ මොකෝ

      Delete
  12. පොඩි උන් අසනීප වුනු වග දන්නේ නෑ නෙව. දැන් හොඳයි නේ.

    දේශකයාගේ පවුලේ සේරෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  13. දේශකයා ඇතුලු පවුලේ සැමටම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  14. දේශයෝ මුලු පවුලටම සුබ නව වසරක් වේවා.. මං හිතුවේ අසනිප කරදර අහවරයි කියලයි. එත් මේ බ්ලොග් මගුලේ දේවල් හින්දා අද මං ඉන්නේ හරිම අසරණ තත්ත්වයක. නිර්ණාමික මඩ අඩවි දෙක තුනක මට ඇරල තියන දේවල් දැකලා අද මගේ ලොකු කෙල්ල මා එක්ක අමනාපෙං.මහ උන්දැ හොඳ අවබෝදෙං හින්ද එතැන ගැටලුවක් නැ. එත් හිරිමල් කෙල්ලගේ හිත හදන එක අසිරැයි.

    ReplyDelete
  15. දේශකතුමා ගේ සිය පවුලටම වාසනාව සතුට පිරි අළුත් අවුරුද්දක් වේවා කියල සෙනෙහසින්ම පතනවා, ඒ වාගේම අර අනිතිමට දීපු අවවාදය කට්ටියම පිළිපදීවි කියා සිතනවා.

    ReplyDelete
  16. පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා...

    මීට මම

    ReplyDelete
  17. දේශක පවුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  18. දේශකයටත් පවුලේ සියලුම දෙනාටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  19. කරදර ගොඩක් වෙලානේ. අනේ පව්.
    කරදර කිසිවක් නැති, නිදහස්, වාසනාවන්ත නව වසරක් පතනවා දේශකයටත් පවුලේ සැමටත්.:)

    ReplyDelete
  20. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  21. මාර කට්ටක්නෙ කාල තියෙන්නේ.

    දේශකයා ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ නව වසරක් පතනවා.

    ReplyDelete
  22. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  23. ළමයි ලෙඩ උනාම කියලා වැඩක් නැත.... ඔය වයිරස් වලින් ගැලවීම බොහොම අපහසුය... ළමයි සහ ගෙදර උන්දෑ ඔක්කොම ලෙඩ උනාම ඊටත් අන්තය... අනේ ඔයාට නොහැදී මට ලෙඩ උනා නම් කියා සිතෙන්නේ එවිටය.

    ඔය ඔක්කොම අලකලංචි මැද්දේ එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    මකුණෝ දැල් වියනවා කියලා ඇහුවමයි....

    ReplyDelete
  24. අර කියපු වැඩ මේ වෙද්දි කොරල ඇත්තේ නේ දේශකයා කෙට්ටුත් වෙලා ඇති.................හික්ස්.................

    ReplyDelete
  25. කරදර ඇතිවන තරමට ජීවිතේ සුන්දරයි...
    ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  26. බස් ගාස්තු, විදුලි බිල, තෙල් මිල, බාණ්ඩ හා සේවා ගාස්තු වැඩි නොවන සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  27. සුභ පැතුම් එක් කල සැමටම ඉස්තරම්ම නව වසරක් වේවා!! හෙනං අද ඉදං වත් වැඩ පටන් ගමු කෝ.. ජය වේවා!!!

    ReplyDelete