Thursday, March 21, 2013

Snake Bites, Treated here!!!

මා ඉපදුනේ රන් තැලියක් අතින් රැගෙනය. එසේ කීමට සිදුවන්නේ මා උපදින දවසේම, අපේ මහපොච්චි විසින් විසින් මා හට කිරි එරවා තැබීම සදහා අම්මා හට රනින් කල කුඩා තැලියක් ලබා දීම නිසාය. ලොරි 20 ක පමණ හිමිකරුවෙකු වූ ඔහු, ලංකාවේ හැම පැත්තකම වාගේ ඉඩකඩම්, හරකාබාන තිබූ උසස් කුලයකින් පැවතෙන වංශක්කාරයෙකි. ඔහු කිසි දිනෙක විවාහයක් ගැන නොසිතා ඇත්තේ, මේ ගැන මා දැන ගත්තේ, ඒ වන විට අපේ මහප්පොච්චිට ගැලපෙන තරමේ යුවතියක් මුළු ලංකාවේම නොසිටි බැවින් යැයි ඇය විහිළුවෙන් මෙන් මට කියා දුන් නිසාය. එහෙත් පසුව මා එය විශ්වාස කරේ, ඔහු විසින්ම පසුව කරන ලද පාපොච්චාරණයක් හේතුවෙනි.

ඉස්තරම්ම වර්ගයේ විස්කී වීදුරුවක්, අඩියට හලාගෙන සැතපෙන පුටුවේ ඇදි දෙකද දික් කර ඒ මත ඔහුගේ මනරම් ලෙස පැහැපත් වූ කකුල් දෙක තබා ගෙන, චීනයෙන් ඔහු මාස දෙකකට සැරයක් රැගෙන එන ඉතාම සිනිදු චීන සරම දණහිසෙනුත් ඉහල කැහිපට ගසා ගෙන බොහෝම උජාරුවෙන් එය තොල ගායි. අප ඒ අවස්ථාවේ ඔහු ඇසුරේ ගැවසෙන්නේ නම්, හා ඔහුගේ තොල කට ලෙව කෑම වීදුරු තුනකට අඩුවෙන් සිදු වී ඇත්නම්, අහලින් පහලින් ඔහුගේ ඇස ගැටෙන්නට ඇවිදින අපට හඩ ගසා, “කොල්ලෝ.. මේ බැදපු බැටළු මස් කෑල්ල ගනිං“ කියා මහා විසාල, ඒ කාලේ හැටියට මගේ අල්ල පිරෙන තරං පුළුටු මස් කෑල්ලක් අතට වඩම්මයි. එය රැගෙන සියළු රාජ්‍යයන් දිනු නිරිදෙකු සේ ඔහු අසලම බිමින්, වැරන්ඩාවේ වාඩි වී හතර අතට කරකවමින් එය රස කරන්නට ගන්නා විට ඔහු කොක් හඩලා සිනා වෙයි. “හොහ්.. හොහ්. බලාපං උඹේ කටට ඕක ඔබාගන්නවත් බැරි එකේ පොඩ්ඩ පොඩ්ඩ කාපං“. ඒ බස හැමදාම අසා පුරුදු මා ඉන්පසුව කෙලින්ම දුවන්නේ එළියටය. කපා ඔප මට්ටම් කල ගල් අල්ලා ඇති ඉස්තෝප්පු මිදුලේ පඩි පෙල මත දිගාවී අහස බලාගෙන කකුල් දෙකද උඩ දමාගෙන අර මස් කෑල්ල පැය භාගයක් විතර මට්ටු කිරීම ඉන් පසුව කළ හැකි වන්නේය.

මහප්පොචිගේ කාමරයට යාබදව ඇති වීදුරු දොරක් සවි කල කුඩා කාමරය කවදත් අප හට තහනම්ය. එයට දවසට තෙවරක් පමණ ඇතුල්වීම මහප්පොච්චි ගෙදර ඉන්නේ නම් ඔහු විසින් කරන ලබන අනිවාර්ය අංගයකි. කාමරයේ සිට රැගෙන එන විවිධ පාට වලින් යුත් වීදුරු මූඩියක් සවි කල පැනි බීම බෝතල් දෙස ඇස ගසා සිටියද, එය අතික්‍රමණය කිරීමේ කිසිදු අවස්ථාවක් අප හට නොලැබිණි. එය ඔහුගේම බුදලයක් මෙන් රැකගත් අතර, ඔහුට තිබූ අනෙකුත් සියළු දේපල සදහාවත් මෙවන් ඇල්මක් නොතිබිණි. ඔහු ගෙදර සිටින්නේ නම්, වෛවාරන වාහන වලින් පැමිණෙන උස මහත මාමාලා කිසිදු වග විභාගයකින් තොරව එම කාමරය එබෙන්නේ නිතැතිනි. එය ඔවුන්ගේ බූදලයක් බවට ඉන් පසු පත් වේ. ඔවුන් පැමිණි විටක මහප්පොච්චිගේ සැතපෙන පුටුව අපට ලියා දුන්නාක් වැනිය. අවශ්‍ය නම් නිදාගැනීමට පවා අවකාශ අප හට තියෙන්නේ හදිසියකටවත් චූ කරන්නවත් ඔහු හා උස මහත අංකල්ලා එළියට නොඑන බැවිනි. 

අපේ අම්මා ඔය කාමරේ ඇති පැනි බීම ගැන වෙන අයට රස කර කර කියනු මා අසා ඇත්තෙමි. “මාග්‍රට්. ඔයා හිතනවද මේ පළාතෙවත් අපේ සෑම් අයියගේ මිනි බාර් එකට වඩා හොද එකක් තියෙනවැයි කියල“ එතකොට මාග්‍රට් ඇන්ටීද අත් වැල් අල්ලමින් කියන්නේ, “ඔව් සැන්ඩ්‍රා... ජීඕබී එකේ බාර් එකවත් මේ වගේ ලස්සන නැතියි“ කියාය.

දිනක් මහප්පොච්චි නැති අවස්ථාවක මා ඔහුගේ කාමරයට වැද එහි ඇති කරුවල ලීයෙන් කැටයම් දමා ඇති පත මේසය මතට නැගි, එහි තබා ඇති ඔහුගේ මැණික් මංජුසාව (මෙම මංජුසාව ද රනින් කල එකක් වේ) රැගෙන මේසය මතට එහි තිබු ගල් කෑලි ටික විසි කර දමා එහි අඩියේම ඇති, අර කාමරයේ යතුර රැගෙන අම්මාටද නොදැනෙන ලෙස ඒ කාමරයට ඇතුල් වීමි. වීදුරු සවි කර ඇති මුත් එළියේ සිට බලද්දී එහි දොරෙන් ඇතුලත කිසිවක් අපට නොපෙනුනත්, කාමරයේ ඇතුලත සිටියදී ඒ වීදුරු වලින් පිටත හැම දේම පෙනෙන්නට වීම ගැන මා ඉමහත් පුදුම වූවෙමි. මා එවැනි වීදුරු කණ්නාඩි දැක ඇත්තේ ඔය හොලිවුඩ් ෆිල්ම් වල ඩිටේයිනීස්ලාගෙන් ප්‍රශ්න කරන කාමර දිහා ඒජන්ත වරුන් බලා ඉන්නා රූපරාමු වල පමණි. එවැනි අරුම පුදුම වීදුරු කණ්නාඩි ඇත්ත වශයෙන්ම ඇති බවක් නොදැන සිටි මා පුදුම වීම අරුමයක් නොවේ. අම්මා කිව්වා මෙන් පැනි බීම අල්මාරිය දිලිසි දිලිසී කාමරයේ හරි මැදම ඇති අතර, අල්මාරිය ඉදිරියෙන් කවුන්ටරයක් වැනි අඩ කවයෙන් යුත් අඩි 4 ක් පමණ උසැති මේසයක් ඇත. ඒ මේසයට ඉදිරියෙන් කුෂන් කරන ලද අළුත්ම දිගු අඩු සහිත ලී බංකු හතරක් ඇත. අල්මාරිය පසු පසින් බාබකිව් ග්‍රිල් එකක් ඇති අතර, ඊට පිටු පසින් ඇත්තේ තඩි ගෑස් ලිප් දෙකකි. එයට සවි වූ අඩි 6 ක් පමණ උස වූ නිල් පාට ගෑස් ටැංකි දෙකක් වූ අතර, එම ගෑස් ටැංකි දෙක, වසා ඇති ජනේලය ආසන්නයේ සිටුවා තිබුනි. මෙතැන කුස්සියක් වන්නට ඇතැයි මා සිතුවේ මහප්පොච්චිට ඕන කරන කිසිම මස් කෑල්ලක් චෙෆ් අංකල් අපේ ව්‍යවහාර කිචනයේදී පිසිනු මා දැක නොමැති බැවිනි. මේ කාමරයේ සිට චෙෆ් අංකල් එළියට යන අයුරු දැක ඇතත්, ඔහු යන විට දොර ඇරගෙන එය මුර කරන්නේ මහප්පොච්චි බැවින් ඇතුලේ වන ගිනිවිජ්ජුම්බරයන් කිසිදා මා දැක නැත. ආහ්.. එතකොට බයිට් ටික හදන්නෙත් මෙතැන වෙන්ටැති කියා පුංචි මට සිතුනු එක ගැන ආඩම්බරයක් පහල විය. 

කාමරයේ දකුණූ පැත්තට වෙන්නට පත අයිස් පෙට්ටියක් ඇත. එහි පියන අති විසාල වන අතර එය උඩට ඇරිය යුතුය. හජ්ජියාර්ගේ අයිස්ක්‍රීම් කඩයේ එවැනි අයිස් පෙට්ටි දෙකක්ම ඇති බව මා දැක් ඇත්තෙමි. හජ්ජියාර්ද අයිස්ක්‍රීම් පෙට්ටි සතියකට වරක් අපේ ගෙදරට එයාගේම වාහනයෙන් ගෙනැත් දෙන නිසා මා ඔහු හදුනයි. එහෙත් මහප්පොච්චිගේ බූදල් කාමරයට ඔහු කිසිදා යන්නේ නැත. මහප්පොච්චිම ගොස් ඒවා අර අයිස් පෙට්ටියේ දමා, හජ්ජියාර් ලබන සතියේ එනකොට පෙට්ටි හතරක් අඩුවෙන් ගේන්නයැයි හැමදා කිව්වත් ගේන අයිස්ක්‍රීම් පෙට්ටි වල අඩුවක් නම් මා දැක නැත. එයා එහෙම කියන එක පුරුද්දක් වන්නාක් මෙන්ම හජ්ජියාර් අංකල් එයාගේ බඩු ගෙන ඒමද පුරුද්දක් විය.

රන් තැලිය ගිය දුරක්.. මම කියන්නට ගියේ මහප්පොච්චිට ඇති දේපල ගැන නොවේද? ඔහු දිනක් මන්නාරමේ කරවල වාඩියේ හිටියි. ඊළග දවසේ නුවරඑළියේ බංගලාවේ ඉන්නා ඔහු, ඊට පසු දින කුරුණෑගල පොල් වත්තේ හිදීමටද ඉඩ ඇත. සතියක එක දවසක් වත් යන්නට බැරි වෙන, නුවර පිහිටි හෝටලය, වත්තල ඇති තට්ටු දෙකේ රෙදි කඩය, දික්වැල්ලේ පොල් ඉඩම, වැල්ලවායේ රටකජු වගාව ආදි තැන් වලට මාසයකට වරක් හෝ යෑම ඔහුගේ පුරුද්දකි. එසේ නොයා ඉන්නේ නම් අනිවාර්යෙයන්ම ඒ තැන් වල ඉන්නා මැනේජර් අංකල්ලා අපේ ගෙදරට පැමිණිය යුතුය. එසේ එන විට මහප්පොච්චිගේ නමේ මුල් අකුරු වන එස් අකුර ලොකුවටත් අනිත් ඒ අකුර හා එම් අකුරු පොඩියටත් කොටුවක් තුල ලියා දොරේ ගසා ඇති වාහනයකින් පැමිණිම සිදු වීම සාමාන්‍ය දෙයකි. පසුව එළියට බැස වාහනය දිහා බලා, එහි ඇති අඩුපාඩු රියදුරු අංකල්ගෙන් දැනගෙන, වාද්දුවේ පිහිටා ඇති මහප්පොච්චිගේ වාහන ගැරේජයට එය දැමීමට දිනයක් දී එහි ඇති වාහනයක්, මහප්පොච්චිට  පෙන්වා අරගෙන යන ලෙසත් නියෝග කරයි. එහෙත් අප කිසිදු දවසක ඔය අකුරු ගසා ඇති වාහනයක ගොස් නැත. අපට ගමනක් යාමට අවශ්‍ය වන්නේ නම්, අප කැමති රියදුරු අංකල් හෝ වාහනය හෝ තෝරාගැනීමේ අවස්ථාව උපරිමයෙන්ම දී තිබුනි.

කාලය මෙසේ ගත වෙද්දී මහප්පොච්චි තමන්ගේ බිස්නස් ආදිය සියල්ල විකුණා දමා ඒ සල්ලි බැංකුවේ දැමු බවත්, එයාට සල්ලි ඕන වූ විට බැංකුවෙන් වාහනයක් පැමිණ මුදල් දී අත්සන් ගැනීම සිදු වීමත් සුලභ දසුනක් විය. ඒ සල්ලි වලින් සෑහෙන්න ප්‍රමාණයක් පළාතේ පන්සල්, පාසැල්, එක එක සමිති වලට දුන් බව මට හොද හැටි මතක් වන්නේ ඔය තැන් වල තියෙන උත්සව වල ප්‍රධාන ආරාධිතයා හැටියට සහභාගී වෙන මහප්පොච්චිගේ පස්සෙන් මාද ගාටන බැවිනි. මොන දේ උනත් එයා ළගින්ම ස්ටේජ් එකේ ලොකු පුටුවක වාඩි වී උජාරුවෙන් පහල ඉන්නා ඔළු ගෙඩි දිහා බලා හිදිම මට නං ලොකු ආස්වාදයක් විය. ඔවුන් කටවල් ඇරගෙන මා දිහා බලා ඉන්නා විදිය දුටු විට හිනා පහල වීම නවත්වා ගැනීමට නොහැකි වුවද, හිත තුලින් එන ගර්වය නිසා, එය මැඩගෙන මහප්පොච්චිගේ මුනට සමාන ලෙසම මගේ මුහුණද පුප්පා ගෙන සිටියෙමි.

මහප්පොච්චි මැරුණ දා සිට වළදාන දවස වෙනකං ආපු ජන ගංගාව හා වාහන කන්දරාව මුළු පළාතම වසා ගෙන තත්තපරයක් ගානේ පැවතීම හේතු කොට ගෙන ඒ අවට ප්‍රෙද්ශය සම්පුර්ණයෙන්ම පොලිස් මාමාල යොදවා හසුරුවන්නට සිදු විය. රටේ ලෝකයේ ඉහලම අය ශෝක ප්‍රකාශ, බැනර්, මල් වඩම් නොසෑහෙන්න එවා තිබු අතර, හැම පැය දෙක තුනකටම වරක් සාලේ පිරෙන මල් වඩම් අයින් කොට පසු පස ඇති වාහන හයක් සදහා වෙන් කර ගරාජය පුරවන්නට සිදු විය. අවසාන දිනයේදි ලොරි දෙකක් යොදවා මෙම මල් වඩම් ඉවත් කරන ලද අතර, පරවී තිබු මල්, තට්ටුවක් ලෙසින් ගරාජ බිම පුරා එකාකාරයෙන් පැතීරී තිබුනි. එයින් පසුව තුන් මාස දානය, අවුරුද්දේ දානය සදහා මහ සෙනගක් ආවද, ඊට පසුව නෑදැයන් පමණක් දානමාන වලට සහභාගී වන්නට වූයේ අර මහා සේනාවට එන්න එපා යැයි අපිම කීවාදැයි සැක හිතෙන තරම් දෙයක් සිදු වී ඇති සෙයියාවෙන්ය.

මහප්පොච්චිගේ මරනෙන් පසුව පිරිස් බලය, සිවිල් බලය හා ධන බලය ද එකලෙස අවම වීම හේතුවෙන් එතරම් කාලයක් සමාජයෙන් ලැබ තිබු තත්වය අපට අහිමි විය. ලොකු මහත් වී මා ඉගෙන ගත් සුපිරි පාසැලෙන් අධ්‍යාපන කටයුතු හමාර කොට උසස් අධ්‍යාපන කටයුතුද නිම කොට මා හට සමාජයේ හිමි ස්ථාවරය ගොඩ නගා ගත්තද පෞද්ගලිකව මා හට බලපාන කරුණු/ගැටළු කිහිපයකට කුමන හේතුවක් නිසා හෝ පිළිතුරු සොයා ගැනීමට නොහැක. මේ හේතුව මත මෙම ගැටළු වලට සාදාරණ පිළිතුරු ඔබගෙන් ලබා ගැනීම උදෙසා ඒවා පහතින් දක්වමි.


මා විසින් මේ කාලය තුල තැන්පත් හා සුරුකුම් වශයෙන් තබා ගෙන සිටින මුල්‍ය වත්කම් අභිබවා මා විසින් ඇච්ඇස්බීසී නම් බැංකුවකින් ලබා ගත් ප්ලැටිනම් වර්ගයේ මස්තබාල්දු ක්‍රෙඩිට් කාඩ් දෙකක් හේතු කොට ගෙන මිලියන ගණනක අයිරාවක් ඇත. ඒවා පියවීම සදහා කටයුතු කළ හැකි වුවත් ඕවා ට ගෙවා මාගේ කීර්ති නාමය නැවත ලබා ගැනීම කෙලෙසවත් කළ නොහැක. සිහ්. සල්ලිද මනුස්සකමද යන්න අතර මා දෝලනය වේ. මීට විසදුමක් තිබේද???

මා භාවිතා කරනු ලබන වාහන සංඛ්‍යාව ඉතා අල්ප වුවත් ඒවා නිසි පරිදි අළුත්වැඩියා කිරීමට ලංකාවේ සුඛෝපභෝගි වාහන ඒජන්තවරුන් කටයුතු නොකරන හෙයින්, මෙම වාහන අළුත්වැඩියාව සදහා වෙනත් රටකට යොමු කිරීමේ හැකියාවක් ඇතිද??

මහ නගර සභාවේ අනුමැතියකින් තොරව මාගේ ව්‍යාපාරික ස්තානය හා බංගලාව එකම ගොඩනැගිල්ලක මහල් පහකින් යුක්තව ඉදි කර ඇති අතර, දැනට සිදු වන පෙත්සම් ආදි කරුණු කාරණා හේතුකොට ගෙන මෙම ගොඩනැගිල්ල සදහා ආබාධිත පුරවැඩියන් සදහා ප්‍රවේශ මාර්ගයක් සකස් කරන ලෙසත්,  ගොඩනැගිල්ල සදහා විසි දෙනෙකුට එක වර ගමන් කළ හැකි සෝපානයක් ස්ථාපිත කරන ලෙසත් නාගරික කොමසාරිස් විසින් මා වෙත දැනුම් දී ඇත. කියා ඇති කරුණු දෙක ඉටු කිරිම මා හට ටොයිස් වැඩක් වූවද, මාගේ සිවිල් තත්වයට ඇතිවන හානිය සලකා එය කිසිසේත්ම ඉටු කල නොහැක.ඔහු රවටා මෙම කාර්යය යට ගැසීමේ ක්‍රමයක් තිබේද??? .

ඕං ඔය ප්‍රශ්න තුනට උත්තර දෙන ගමන්, මේවා විස්වාස නොකරන යම් කිසිවෙකු වේ නම් ඔහුට මානසික ව්‍යාධියක් ඇති බව නොපැකිලිව සදහන් කරමි. මා සදහන් කරන කාරණා ඔබ පිළිනොගන්නේ, අවංකව ඔබට හීන්නෝන්මාදය (Schizophrenia)  වැලදී ඇති නිසා බවත්, මේ සදහා වහාම ප්‍රතිකාර ලබා ගත යුතු බවත් සදහන් කරමි. (මහවෙදනා මීට සමත්කම් දක්වයි)

*********************************************************************************
ප/ලි

අර පොඩි කුමාරිහාමි කියල කෙනෙක් ඉන්නවා නේ.. එයාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

I am unconditionally and irrevocably in love with you (මේකට කොටන්න)


තව ඉන්නේ නදිනි කියල සාස්තරකාරියෙක්. එයා ට කියන්න තියෙන්නේ

ඔයා දේශපාලනේට ගියාට අර ඝණත්වය වැඩි නොවෙන විත්තිය තමා.. පව් අනේ.. හික්..(මේකට කොටන්න)

105 comments:

  1. මොකාද බං ඔය මහවෙදනා , පොඩි කුමාරිහාමි ,නදිනි අදමයි ඇහුවෙ :O

    ReplyDelete
    Replies
    1. හෙහ්. කොල්ලෝ හොදට බලාපං කවුද කියල...

      Delete
  2. නිකන් කරකොල අත හැරියා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං උඹේ කොමන්ට් ඒකත් නිකන් කරකොල අත හැරියා වගේ.
      - දේශකයා

      Delete
    2. අයියෝ.. මම හිතුවේ මේ හොදටම මදියි කියල නෙව.. මොනා කරන්නද ඉතිං අයිලාෂ්ට වයසයිනේ.. හැක්...

      Delete
  3. දැන් මට කියන්නකො ඉස්සෙල්ලම මම සමත් නයි අරින්නද බෙහෙත් කරන්නද?
    අනිකමගේ බ්ලොග් එකේ මුලම බලන්න. මම ඒක පටන් ගන්නෙම. මගේ ස්වල්පයක් වූ හපන්කමුත්, ඊට ටිකක් වැඩි මෝඩකමුත්, වැඩියෙන්ම සමත් පුරසාරම් ඔබට කීමටත්ය.
    එහෙමනම් ඉක්මනට ලියන්නම් ආයිත් පුරසාරම්. (දේශා කළොත් මෙහෙම වැඩක්මයි අපි ඇදුම් ඇදලා නැහැ නැහැ වගේ.)

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ නෑ.. වෙදකං කොරන්න තමා සමත්.. හැක්... පුරසාරං ටිකකුත් පයිත්තියං කොරා නං අගේ තමා... වෙද මහත්තයෝ...

      Delete
  4. 1. ඇච්ඇස්බීසී නම් බැංකුව තමා විසින් මිලදී ගත යුතුය.
    2. වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල වාහන ඒජන්තවරුන් ඉවත්කර තමා ඒ ඒජන්තකම ගත යුතුය.
    3. නාගරික කොමාට විරුද්දව විශ්වාස භංගයක් ඉදිරිපත්කර ඔහු ඉවත්කර දමා තමා එම ධූරය ලබාගත යුතුය.

    මීට අමතරව තමාගේ මොළය අංගොඩ පිහිටි මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පෙන්වා සහතිකයක් ලබාගැනීමට කටයුතු කිරීම ඉක්මනින් කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ..අත්දු‍ටුවයි ,ප්‍රත්‍යක්ෂයි..!

      Delete
    2. හුකෑස්ම තමා :)

      Delete
    3. ඔන්න ප්‍රසාගේ උත්තර ටික මම ස්ට්‍රෙස් වෙලාවක තියාගන්නවා.. හොදා නෙව.. හෙහ්.. මටත් හිනා යනවා ඕයි ඒවට නං.. තැන්කුයි ආ.. උපදෙස් වලට අදම කරන්න ඕන ඔය ටික...

      Delete
  5. මහප්පොචිචි හෙන පොරක් නෙව... අයියෝ මගේ ලඟනම් උත්තර නෑ...

    ReplyDelete
    Replies
    1. උත්තර නෑ.. වෙන්න බෑ.. මහප්පොච්චිට කියන්න ඕන මේකා ගැන.. හැක්...

      Delete
  6. හී හී මේ මොකක්ද අනේ? මහ වෙදනාගෙන් බෙහෙත් ටිකක් ගමුද? :D:D

    ReplyDelete
    Replies
    1. නයෙක් නයෙක් කුමාරිහාමියේ... බෙහෙත් බෙහෙත් දෙන්නකෝ වෙද මාමේ...

      Delete

  7. ලියවිල්ල නම් පස්ටය ..ඒකෙ දෙකක් නැතිය.

    ReplyDelete
    Replies
    1. කොමන්ට් එකත් පට්ටයි. ඒත් ඇති දෙයක් නැත.
      - දේශකයා.

      Delete
    2. පෝස්ටුව පට්ට වන විට කමෙන්ටුවේ සැර බාල කල යුතුය...

      Delete
    3. පස්ට නොවන්නේ කුමක්දැයි මා දනිමි.. හැක්...

      Delete
  8. අනේ බං දේශකයෝ අපි ගැන දුක නැද්ද? අපිව මෙහෙම අමාරුවේ දාන්නේ. බලපං කරකෝල අත ඇරිය වගේ නේ...

    ඒක නොවෙයි මේ පෝස්ට් එකේ අවසාන ඡේද හතරේ අකුරු දෙකක් අතර කොටු කොටු වැටෙනවා..ෆොන්ට් එක වෙනස්ද?

    ReplyDelete
    Replies
    1. මට පේන්නෑනේ බං විව් කරලත් බැලුවා.. අවුලක් නෑ වගේ.. ආයිම බලන්නං. තැන්කුයි

      Delete
    2. නලින් අයියගේ බ්‍රව්සර් එක ක්‍රෝම් ද..?

      Delete
    3. අමාරුවේ දාන්න හැදුවේ නෑ අයියේ... ඉහි ඉහි..

      Delete
  9. මොකක්ද එච්එස් බි සී එකේ අයිරාවක් කිව්වේ වචනේ තේරුනේ නැහැ. මොකද දෙශෝ මේ නයා ගිය පාර වගේ

    ReplyDelete
    Replies
    1. ආ.. උඹ පාර දැක්කද. අගෙයි එහෙනං.. අයිරාව කියන්නේ බං ණය...

      Delete
  10. හරි. හරි දැන් තේරුනා. ඔයා වැම්පයර් කෙනෙක්නේ. :D

    ReplyDelete
    Replies
    1. හැක්.. මටත් තේරුනා ඔය zසොම්බි නේ..

      Delete
  11. කියෝගන කියෝගෙන ගියා විතරයි, දෙයියනේ මට කරකැවිල්ලක් ආවනේ..... :)

    ඇත්තක්ද බොරුවක්ද මන්දා , හැබැයි ලස්සනට ලියල තියෙනවා.අදමයි මේ පැත්තෙ ආවෙත්.

    ReplyDelete
    Replies
    1. සෝන්යා වෙල්කම් වෙච්වා... හැක්...

      Delete
  12. මම නං සැක කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ආන්න බලාපං උඹට විතරයි මොලේ තියෙන්නේ..

      Delete
  13. නිශාන්ත මුතුහෙට්ටිගම ගාව ඇති ඩොක්ටර්ගෙ නම්බර් එක...

    ReplyDelete
    Replies
    1. ඒක වැඩක් නෑ බං... හෙට්ටි මල්ලි ඩොකාට වැඩේ දීලා...

      Delete
  14. දේශෝ...අම්බානක එරිලා බන් ඉන්නෙ.. බැංකුයි, ණය හිමියො පස්සෙන් එනව බන් දුන්නු ණය ඉල්ලගෙන.. පස්සෙ දෙනකම් තියනවනම් ඩොලර් මිලියන දහයක් විතර දියන්කො.. මේ පාර පඩි ගත්තු ගමන් මුළු මුදලම එකපාර ගෙවනවා.. සත්තයි..

    ReplyDelete
    Replies
    1. සෙන්නා උඹල අමාරුවේ වැටෙන්නේ විහින්. යාළුවෙක් විදියට උඹට මට දෙන්න තියෙන හොදම උපදේසේ තමයි තමන්ම ගොඩ වෙන්න ට්‍රයි කොරන්න කියලා.. නැත්නං උඹට ඔය සොච්චමක් දෙන එක කජ්ජක් ද මට.. යාළු කම කියන්නේ ඒකයි. නිතර හොද උපදෙස් දෙන්න ඕන මේ මං වගේ.. හැක්...

      Delete
  15. ඉන්න වාට්ටුව මොකක්ද බං,මම එන්නංකො තැඹිලි ගෙඩියකුත් කපාගෙන

    ReplyDelete
    Replies
    1. බුලත් විට දෙක මං ගානේ...

      Delete
    2. මං ගේන්නම් ප්ලාස්ටර් දෙකක්. කටේ අලවලා තියන්න..නැත්තන් එහෙත් කියවන්න ගනී.. :b

      Delete
    3. වැඩක් නෑ...ගෙදර ගෙනල්ල ඉස්කුඩිච්චියක්ම දාන්න වෙනව.!

      Delete
    4. තැන්කුයි, ඔයාලාට
      - දේශකයා

      Delete
    5. හා හා.. බොලා ඔය විකාර කෑම අරන් එන්න එපා.. මම ඕවා දැකලවත් නෑ... හෙහ්...

      Delete
  16. මේ නම් අර හැමතැනම ඉන්න ජරා දෙකයි පනහේ නයෙක්.. මං හිතුවා මුලදිම ටිකක් වැදගත් සුදු නාග රාජයෙක් කියලා... ෂික්... ෂූ ෂූ නයා...

    හි හි...

    ReplyDelete
    Replies
    1. අපෙත් නයින්ගෙන් නැති එකම දේ තමා බං.. වැදගත්කම... හික්

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මාමෙ.... තව එකක්...........!!

    ReplyDelete
    Replies
    1. ඇයි පුතේ එකක්.. දෙන්නංකෝ දෙකක්ම

      Delete
  19. මේ බන්....
    මම ඔය ප්‍රශ්න සේරටම උත්තර දන්නවා ඒත් දැන් උත්තර දෙන්න වෙලාවක් නෑ. මගේ බිස්නස් එකවුන්ට් වල කෝටියක් විතර පොඩඩක් එහා මෙහා වෙලා. මට ඕක ගානක් නැ.. ඒත් පොඩ්ඩක් බලන්න එපැයි.. හෙට උත්තර දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. ආ.. හරි.. කෝටියක් මෙව්ව වෙලාද? මමත් පෙරේදා කුනුබාල්දිය විසික් කරනකොට ඒකේ තිබිල කෝටි තුනක් හොයාගත්තා.. හැක්..

      Delete
  20. නාග රාජයෙක් වෙන්න කිසිම සුදුසුකමක් පෙන්නුම කරලා නෑ බන් . . හිකිස්

    ReplyDelete
    Replies
    1. සෙහ්.. ඇත්ත කිව්වම උඹල නයෙක් වගේද පේන්නේ...

      Delete
  21. මචන් රුපියල් සීයක් දියංකෝ. දැන් පහේ ටොපියක් කීයද...

    ReplyDelete
    Replies
    1. උඹ කීයටද ගන්නේ. තාම ගුලි කනවද බං
      - දේශකයා

      Delete
    2. ඇත්තම කිව්වොත් බං මම රුපියල් සීයේ කොල පාවිච්චි කොරන්නෑ.. දැං පන්දාහේ ඒවා තමා අඩුම

      Delete
  22. හපොයි එච්එස්බිසී ගැන නම් මතක් කරන්න එපා උන් දවසක් පැන්න ගමන් ගෙදරට කෝල් කරනවා.

    නරකද මහප්පොච්චිගේ මැනේජර් වුනානම්.. අර මිනි බාර් එකෙන් දෙකක් ලේසියෙන්ම දාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඇච්චැස්බීසිලා ගැන කතා නං කෝටියක් තියෙනවා අම්මප

      Delete
  23. නයි කතාවක් කිව්වට වෙන මොකක්දෝ එකක් පෙනුන මට නම්..

    ReplyDelete
    Replies
    1. දියබරියෙක්නේ
      - දේශකයා

      Delete
    2. උඹ දැක්කේ හුඹස ද????

      Delete
  24. ස්ස්ස් ස්ස්ස්
    (අම්මට සිරි මෙන්න නයෙක්)

    අර කිව්ව ලෙඩේ මට තියෙනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. මේ කොහෙවත් ඉන්න නයි ** අස්සේ දාගෙන කෑ වෝ කෑ වෝ කියන් කැතුව හිටහං.

      Delete
    2. බෙහෙත් ගනිං කොල්ලෝ ඒක හොද නෑ...

      Delete
  25. Replies
    1. හැක්.... බමරය වැල්ලෙත් කරකැවෙනවා නෙව...

      Delete
  26. උඹ පලයං ගිමන් නිවන්නා හම්බවෙන්න. අන්න ඒකෙ ගැන දාලා තිබ්බා අලුත්ම පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙන්නෙ නෑ ඩූඩ්. නයින්ට වෙදකම් එතැනත් නෑ..:D

      Delete
    2. අඩේ මට ලෙඩක් නෑ ඩුඩේ... හැක්...

      Delete
    3. @ ලිහිණි
      තෝ මට නයා කිව්වද හෙනං මං තෝව කනවා සොරි දස්ට කොරනවා

      Delete
  27. කරකවල අතඇරල වගේ උනා, මම මේ දවස් වල නයින්ට කැමති නෑ, මෙච්චර සමාජ සේවයක් කරන්න යන මට ඕවට වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මට වැඩිය නයෙක් අරින්න හදනවානේ.
      - දේශකයා

      Delete
    2. ඔව් ඔව් ඔයා සමාජ සේවේ කරන තැන තමා ඔය නයි වැඩිපුර ඉන්නේ

      Delete
  28. මෙහෙමත් නයි...
    බඩගින්නෙම ඉඳල ඔලුව මෙව්ව වෙලාද මන්දා..??

    ReplyDelete
    Replies
    1. මේ මගේ ටික දවසක් පොස්ට් එක කියවන්නේ නැතිව කොමන්ට් කොටහන්. එතකොට ඔය ලෙඩේ මඟහැරිලා යයි.
      - දේශකයා

      Delete
    2. බඩගින්නේ හිටියට ඔළුව අවුල් වෙනවැයි බං.. හැක්...

      Delete
  29. මචං පොඩි හදිස්සියක්.. මිලියන දහයක් විතර මගෙ එකවුන්ට් එකට දානවද? හවස බෝක්කුව ලඟ මාළු බාන්න එනකොට මම ආපහු දෙන්නං.

    ReplyDelete
    Replies
    1. උඹට හදිසි උනාට මට කිසිම හදිසියක් නෑ බං.
      - දේශකයා

      Delete
    2. උඹටත් කියන්න තියෙන්නේ සෙන්නට කියපු එකම තමා.. උඹල තනියම ගොඩ යන්න ඉගෙන ගන්න ඕන. මට උඹට ඔය සොච්චම දෙන එක වැඩක්ද? ඒ උනාට උඹ ඉගෙන ගන්න ඕන ඔය වැඩ තනියම කරගන්න..

      Delete
  30. මේකා නයෙක් නෙවෙයි පිඹුරෙක්..

    ReplyDelete
    Replies
    1. කෙහෙල්මලක්, දියබරියන්ට බයයිද බං
      - දේශකයා

      Delete
    2. මොකක්ද සරත් අයියා කිව්වේ මට ඇහුන්නෑ

      Delete
  31. අඩෝ අර රන් තලියක් ගැන කියනකොටම මම කකුල් දෙක උඩට ගත්තා බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් එපා, මේ පහළ එකාට (තරුවාට) වතුර ටිකක් දීපං.
      - දේශකයා.

      Delete
    2. ඒ මොකද රජෝ.. උඹට රන් තලි කේස් එකක් තියෙනවයි..

      Delete
  32. මට වතුර ටිකක්....!

    ReplyDelete
    Replies
    1. වතුර සික්.. අපි බොන්නෑ.. දෙන්නද රන් තරලය...

      Delete
  33. I have been exploring for a little for any high quality articles or weblog posts on
    this sort of area . Exploring in Yahoo I eventually stumbled upon this
    web site. Reading this info So i am happy to exhibit that I have a very good
    uncanny feeling I found out just what I needed. I most definitely will
    make certain to don?t forget this website and give it a look on a continuing basis.


    my web-site; weight loss pills for women that work fast

    ReplyDelete
  34. Replies
    1. අසරණයා ෂා!!!
      - දේශකයා.

      Delete
    2. අනේ බොල... අහිංසක සතා අපේ බෝසතානන්ට පිහිට වෙච්චි.

      Delete
    3. මොකෑ බං කියන්නේ...

      Delete
  35. උඹ කමෙන්ට් වල්ට උත්තර දෙනවද ? නැත්නම් මම උත්තර දෙන්නද ?

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් දීපංකො උත්තර.
      - දේශකයා.

      Delete
    2. හා හා සැර වෙන්න එපා... ඕං උත්තර. හෙහ්... සමාව මෙයා.. මේ දවස් වල කරදර එකසිය ගානට.. නිදහසක් නෑ ඒකයි..

      Delete
  36. Hi, I do believe this is an excellent site. I stumbledupon it ;) I am going to revisit yet again since i have saved as
    a favorite it. Money and freedom is the best
    way to change, may you be rich and continue to guide others.


    my webpage :: body fat loss tips

    ReplyDelete
  37. ජංජාලේ හැමතැනම කොයි වෙලෙත් ඉන්න දේශකයා හිටි ගමන් කොහේ ගියා ද..

    ReplyDelete
    Replies
    1. නෑ මචං, මට හැම වෙලාවෙම Profile එකෙන් එන්න බැරි වෙලාවට ටික දෙනෙකුට හරි Reply දෙනවා.

      Delete
    2. තැන්කුයි චන්දනයෝ... මාරම නරක කාලයක් බං ගත වෙන්නේ.. සති තුනක් විතර එක දිගට කරදර.. ඒකයි..

      Delete
  38. BBQ මසුත් හලාල් වගේ....හික්ස්

    එකම අවුල නොවුවත්, BBQ එක, වැසූ කාමරය තුල තිබීම පිලිගන්නට පුලුවන් හැටියට කීවනම් කතාව ගොඩ දා ගන්න ඉඩ තිබුනා, අර කබ්‍රාල් මහත්තය කියනවනේ අපි මධ්‍යම ආදායම් ලාභී රටක් නිසා IMF, WB and ADB ආයතන වලින් ණය ගන්න යන්නෙ නෑ කියල කියන ඒවත් විශ්වාස කරන් එකේ. දැන් අපේ ආර්ථිකය BBQ එක උඩද?

    1848 ඉංග්‍රීසින් වෙල්ලස්සෙන් පටන් ගත්ත BBQ ව්‍යාපාරය 88, 89 දක්වා ආවා දකුණේ.

    ලංකාවේ බිස්නස් කාරයන්ගේ හැටි මේ සත්‍ය? කතාවෙන් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. මම එච්චර දෙයක් හිතල ලියපු එකක් නෙවේ බං
      - දේශකයා

      Delete
    2. අනේද කියන්නේ.. හරිම වාසනාවන්.. මෙහෙම උත්තර දෙන එක...හැක්

      Delete