Wednesday, March 6, 2013

නම්බර් එකට නමක්!!! Please...

හිරුවගේ මඤ්ඤං පෝස්ට්කටුවේ සෙන්නා දාලා තිබ්බ කොමෙන්කටුව හින්දා මට ඇත්තටම කල්පනා උනා විකාර වැඩ කීපයක්ම.

//අර ෆෝන් එකේ නම සේව් කරද්දි, my love වලින් පටන් ගන්න අය තමාලු අන්තිමට මල හෝන්තුව කියලා දාගන්නෙත්.. මමනම් එදත් නම විතරයි, අදත් නම විතරයි..//

ඇත්ත තමා සෙන්නා කිව්ව වගේ කෙල්ල යාළු වෙච්ච වෙලාවේ ඉදල බැදල ලොකු දරුවෝ හදාගන්න කාල පරාසය ඇතුලත හුගක් දෙවල් වෙනස් වෙනවා. ඇයි පෝන් එකත් වෙනස් වෙනවා. එතකොට පස්සෙ දාන නමත් සෙන්නා කිව්ව වගේ වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා.. එතකොට නම වෙනස් කරන්න එකම හේතුව තමා පෝන් එක නේද....

මගේ මිත්තරයෙක් හිටියා ඌ යාළු වෙන්න ට්‍රයි කරේ ජේවීපි කාලේ අපේ ගමේ හිටිය හොදම ජේවීපි කාරයගේ දූව. ඔය හාදයට අපි කියන්නේ බකට් කියලා. ඒ කියන්නේ හැම තැනම ගිහිල්ල.. අනිවා කෑ ගහනවා ආසාධාරණයි අසාධාරණයි කියලා. ඒත් ඇත්තට කිව්වොත් ඉතිං හැම තැනම අසාධාරණයක් අඩුවෙන් හරි තියෙනවයි කියන එක මිනිහා තේරුං නොගන්න එක කොයි තරං අසාධාරණද? මේ හාදයා ගිය ගිය තැන බකට් දාන හින්දා මිනිහා නිකම්ම ලාල් නෙමෙයි බකට් ලාල් උනා.

හරි දැං අපේ හාදයා බකට් ලාල්ගේ දූට ට්‍රයි කොරල කොහොම හරි කෑල්ල දාගත්තා. මුගේ ගෙදරට ආරංචි වෙලා, මේ ගෙරියා බකට් ලාල්ගේ දූගේ පස්සෙන් යනවයි කියල, ගෙදරින් මේකට හෙන බකට්. දැං මක්ක කරන්නද යාළු වෙලා ඉවරයි නෙව. මිනිහගේ අයියල දෙන්න හෙන සෝදිසියෙන් ඉන්නේ.. නිතරම පෝන් එක බලනව මොකක් හරි ක්ලු එකක් හොයාගන්න.. දවසක් මම මුගේ ගෙදර යන කොට ඒකගේ ලොකු අයියා ඉස්සරහ පුටුවක වාඩිවෙලා ඉන්නවා. මිත්තරයා නෑ.. මම ඇහුවම ඌ කක්කුස්සියෙයි කියල අයියා කිව්වා. ලොකු අයියා මගේන් අහනවා.

“මල්ලි උඹ මොකද මේ මහ රෑටත් අපේ මල්ලිට කතා කරන්නේ. බොලා පාඩං කොරන්නේ පෝන් එකෙන්ද?“

#$%^&%* මට හෙන මංඤ්ඤං

“නෑ අයියේ මම රෑට කතා කරන්නේ නෑ. ඔය මිස් කෝල් එකක් දෙකක් දෙනවා එච්චරයි..“

“වෙන්න බෑනේ කියහං බලන්න නොම්මරේ“

“0776688463“

“හරි හරි මං හිතුවා හරි.. මූ එහෙනං මල්ලිගේ නම දාගෙන තමා අර බඩුවගේ නම්මරේ සේව් කරල තියෙන්නේ.. නියම අපතයා..“

අජෝව් අහුඋනානේ.. අයියෝ මූ කෑවා හොදින්ම ඒ පාරනං. කලින් කියන්න එපායැ, මම එහෙනං බේරගන්නව නේ මේ පොල් බූරුවව. මොකක්ද ඉතිං දේශකයා කියල නම දාගෙන කෙල්ලගේ නම්මරේ සේව් කොරල මූ මල් කඩල අයියට අහු උනා. එහෙම නොවුනනං ඒ කියන්නේ ඔය නොම්මරේ මගේම උනා නං හෙම. හෙන තොප්පියයි. කොල්ලෝ දෙන්නෙක් සෑට සෑට මල් කඩනවයි කියල ඔප්පු උනානං අම්මප‍, මමත් නිකං ගේ කුරුල්ලෙක් කියල මාට්ටු වෙන්නත් තිබුනා. හෙහ්..

අනිත් එක තමා.. මගේ තව යාළුවෙක් හිටියා මිනිහා ඉතිං එක පාර දෙක තුන කරන එකා. එතකොට අවුරුද්දකට මූ සාමාන්‍යෙයන් 10 ක් 15 ක් වත් කරනවා. ඉතිං මූට නං මතක තියෙන එකක්යැ. කොල්ලා හෙන හැන්ඩ්සම් කියන්නේ ආයේ දෙකක් නෑ කතාවත් ඒ වගේමයි. කෙල්ලෝ ඇදීලා යන්නේ. අපිටත් ඉරිසියයි මූ ගැන අම්බානට. කොහොම හරි එක දවසක් මූට කෝල් එකක් එනකොට මිනිහා පෝන් එක දාලා කොතන හරි ගිහිල්ල හිටියේ.  මම පෝන් එක අරගෙන නම දැක්කම තමා උඩ ගියේ.  “දේශා නංගි පර්ල්“. මට මල.. මූ වගේ පෙරේතයෙක්. අපේ නංගිවත් අල්ලගත්තද දන්නෑ කියල මම චුත වෙන්නම මේකට හිතෙන් බැන බැන ඉන්නවා. මූ ආවා.

“අඩෝ.. තෝ මොකද අපේ නංගිගේ නම දාගෙන ඉන්නේ. එක කෑල්ලකට“ (ඇයි නොම්මරේ නංගිගේ නෙමෙයි කියල මම දන්නවනේ.. හු....)

“හරි හරි ඕයි ඒ කියන්නේ තොපේ නංගිගේ යාළුවෙක් තමා.. ඇයි යකෝ මතක නැද්ද දැනට මට පර්ල් ලා කී දෙනෙක් ඉන්නවද කියලා“

#$%^&*^*(^*%^#$%#@

ඒ වගේ තව හොද සීන් එකක් තියෙනවා යාළු වෙච්චි කෙල්ලගේ නම්බර් එක “සාරුක් කාන්“ කියල දාගෙන හිටිය එකක්. අපේ අර බකට් යාළුව නං කෙල්ලට පස්සේ දාගෙන හිටියේ “සුදූ“ කියල ඒකි කළු උනාට. බැන්දට පස්සේ දාගෙන හිටිය නම “නංගි“. දැං ළමයි දෙන්නෙක් ඉන්න හින්ද මොකක්ද කියල දන්නේ නෑ.. සමහර විට “අම්මි“ වෙන්නත් පුළුවන්. හැක්...

මම නං ඕං ලව් කොරපු කාලේ ගෙදරට හොරෙන් කතා කරා නං අනිවා මතකෙන් නම්මරේ ගැහුවා, කතා කළා, හිස්ට්‍රිය මැකුවා. දැන්නං දේශිකා කියල නම දාගෙන තමා ඉන්නේ. අනාගතේ මොකක් වෙයිද දන්නෑ අනේ.. ස්මාර්ට් පෝන් කියල එකකුත් තියෙනවනේ...

114 comments:

  1. හි හි.. සෙන්නා ඕක කිව්වම මාත් කල්පනා කළා ඕක ගැන... මගේ නම් තාම තියෙන්නේ යාලු වෙන්න තියා නම වත් දන්නෙ නති කාලේ දාගත්ත විහිළු නම තමයි... හි හි... එයා නම් යාලු උනාට පස්සේ කවදාවත් කියලා කතා කරපු නැති නමක් තමයි දාගෙන ඉන්නේ.. කමක් නෑ ඉතිං.. ෆොන් එකේ හරි ඒ නම තියෙනවනේ කියලා හිත හදාගෙන ඉන්නවා... හි හි....

    ReplyDelete
    Replies
    1. මොකක්ද හැබෑටම ඒ නම
      - දේශකයා

      Delete
    2. ඒම හොදා. එතකොට ඒ කාලෙවත් මතක් වෙනව නෙව...

      Delete
  2. අඩෝ පස්ට කතාටික. අපේ සින්නෙක් හිටිය ඌටත් හිටිය කෙල්ලො කීප දෙනෙක්. ඒ කාලෙ අයිඩීඩීත් නෑ. ඔන්න අපේ එකා අහනව "කවුද කතා කරන්නෙ කියල" කෙල්ල අහනව "ඔයාට මාව අඳුරන්නත් බැරිද" "ආ.... මොකද බැරි" ..... ඔය විදියට පොඩ්ඩක් කතා කරල තමයිඅඳුනගන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාර සීන් එක.. තැන්කුයි රාජ්

      Delete
  3. ඇත්තම කථාක්ද? පට්ට කථා ඔක්‍කොම මාතරද ‍‍‍වෙන්‍‍නො අප්පා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බෙන්තරින් එහාට
      - දේශකයා

      Delete
    2. බොරුද මන්ද ගයනියෝ.. මොකක්ද ගයනි ඔය මාතර වෙන්නෝ අප්පා කියන්නේ...

      Delete
  4. ම‍ගේ පෝන් එකේනං තියෙන්නෙ Home කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං අපේ ප්‍රසා වැට පනින් එකෙක් නෙමෙයි නේ.. නේද

      Delete
  5. මාත් ෆෝන් එකේ නම්බර් වලට සාමාන්‍යයෙන් දාන්නේ නම තමයි. අම්ම, තාත්ත සහ සහෝදර සහෝදරියෝ නම් ඒ අයට කතාකරන විදිහට දාලා තියෙන්නේ. ඉතාම සුලු පිරිසක් නික් නේම් එකෙන් දාගෙන ඉන්නවා. බිරින්දෑගෙත් නම විතරයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොටු පනිනව නං තමා කේස් වෙන්නේ තිසරයෝ... නම් වෙනස් කරන්න වෙනවා..

      Delete
  6. ඔය ෆෝන් කෙලිය තමයි අද දික්කසාද වලට ප්‍රධාන හේතුව. මොකෝ කෙල්ලොයි කොල්ලොයි පැය 24ම් ලව් කරනවා. පඩියෙන් 75% විතර ෆෝන් එකටයි බිල් වලටයි. මුන් බැන්දයින් පස්සෙ කොරන්න දෙයක් නෑ. මොකෝ ඔක්කෝම ලව් ඉවරයිනේ. ඉතින් මරා ගන්නවා. මේවා මේ මහාචාර්ය මාතල්න්ගේ පර්යේෂණ මගින් සනාත් වෙච්ච දේවල්. කැම්පස් වලවත් මේ වගේ පර්යෙෂණ කරන්නෙ නෑ. ලව් එකෙත් ගොඩාක් නෑ නේ. ට්කයි තියෙන්නේ. ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. මෙයාලා ඔක්කෝම දඩි බිඩි ගාලා පාවිච්චි කරණවා. ෆෝන් කොම්පැනි කෝටී ගනන් ප්‍රොෆිට් ගන්නවා.. කක්කා කරන්නෙත් ෆෝන් එක කනේ ගහගෙන.. ඔයා මොකද කරන්නේ.. මම මේ කක්කා කරනවා සුදු.... ආ ඇත්තද.. ඔව් සුදු.. කක්කා දැම්මද සුදු... ඔව් ඉවරයි සුදු.. පොඩ්ඩක් ඉන්න සුදූ.. ඇයි සුදු.. මම මේ පුක හෝදනවා සුදු.. ආ හොඳට හෝද ගන්න සුදු... ලව් යූ සුදු.. සී යූ ලේටර් සුදූ.. ටේක් කෙයා සුදූ.. ඕ කේ සුදූ... බායි සුදූ... පුක හෝදන් ඒලියට ආපු ගමන් ආයෙත් කෝල් එක එනවා... මේ අපේ අක්කගේ දුවගේ ලව් එක... අනිවාර්යයෙන් කෙල්ල කැන්සර් එකක් හැදිලා මැරෙණවා ළඟදීම...

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඇත්ත.

      (කමෙන්ට් එකට හිනා වෙන ගමන්)

      Delete
    2. උන්දැලැ කක්කා කරන්නෙ ෆෝන් එක කනේ ගහගෙනද මහාචාර්යතුමෝ
      - දේශකයා

      Delete
    3. පට්ට ඇත්ත. හැබැයි නිකං බොරු මොකෝ..අපිත් ඉස්සර එහෙම තමා... දැන් තරම්ම නැති වුනත්..

      Delete
    4. ඇත්ත මාතලං, අපිත් කොලා. ඒ උනත් දැං වගේ නෑ අප්පා පොඩි හරි බයක් තිබුන නෙව...

      Delete
  7. මගේ වස්තු කියල සේව් කරන නම්බර් එක පස්සේ මගේ වස්සා වෙනවා බොල. ඔන්න ගෑනුන්ගේ හැටි.

    ReplyDelete
    Replies
    1. ඇයි කිටියා බනියා කියලත් දානවා නේද සමහරු

      Delete
    2. හුටා ඔය කියලා තියෙන්නේ ඇත්ත විස්තරේ.............. :(

      Delete
    3. තනි ඇහැට ඇඬේනවා අයියේ............

      Delete
    4. මෙන්න නොම්බරේ 0776688463
      - දේශකයා

      Delete
    5. හෙහ්. කෝරලේ බනී කියල නැතිව මොකක් දාන්නද නේද? මේ නලින්ට පිස්සු බං ගණන් ගන්න එපා. ඒක නෙමෙයි බනිය නං දාලා ඇත්තේ දිනු අයියා කියල වෙන්ටැති නේද

      Delete
  8. හයියෝ හික් හික් මටත් ඕකම වෙලා තියෙනවා මගේ යාළුවො දෙතුන් දෙනෙක් ම කොල්ලගේ නම්බර් එක සේව් කරගෙන ඉන්නේ මගේ නමින්... දවසක් එක්කෙනෙක්ගේ අම්මා මගෙන් අහනවා ඔය දෙන්නා ඉස්කොලේදීත් හම්බවෙලා රෑටත් කතා කරන්න ඔච්චර දේවල් තියෙනවද කියල...

    ReplyDelete
    Replies
    1. එහෙනං ගෙදරින් හොද පෝරියල් හෙම හම්බවෙන්න ඇති. පව්...

      Delete
  9. ඔන්න ඒ කාලේ අපි සෙට් වෙනකොටම කැම්පස් වැහුවා. ආයී අවුරුදක් දෙකකට කතා නැහැ. ජංගමේත් නැහැ. එහෙම එකක් අහලවත් නැහැ. දැන් මොකද කරන්නේ. වත්තල පුස්තකාලයට ගිහින් දන්න කෑල්ලක් එක්ක යනවා පෝස්ට් ඔෆීස්. ගිහින් ගන්නවා මාතරට බුක් කෝල් එකක්. ඩිරෙක් ඩයලින් නැහැ ඒ කාලෙ මාතරට. ඔන්න මුලින්ම කෙල්ල කතා කරනවා. කෙල්ලෙක්නෙ අම්ම දෙනවා අපේ හාමිනේට ෆෝන් එක. සිම්පල් ප්ලෑන් එක. ඊට පස්සෙ විනාඩි තුන යනවා තේරෙන් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ ජංගම දුරකථන නැත්තේ පාරේ යන බල්ලෝ අතේ විතරයි. :D වෙදනා ගේ කාලේදී අමාරුවෙන් හෝ ඇමතුමක් දෙන්න පුළුවන්කම තිබිලා තියනවා. අපේ කාලේ? අනේ ....අපේ කාලේ අපි අර පාරේ ඉන්න බල්ලෝ වගේ තමා. ආය දුරකථන කියලා මොකුත්ම නෑනේ. ලියපං අප්පා රෑට රෑට හොරෙන් හොරෙන් කොපි කොළ පිරෙනකල් සෙනෙහෙ කොළ. ඊළඟට ඕක අහුනොවී තියාගන්න එක මොනතරම් භයානක දෙයක්ද? හරියට ටයිම් බෝම්බයක් සාක්කුවේ තියනවා වගේ. ඇයි කොයි මොහොතේ අහුවෙයිද කියලා බයයි. ඊළඟට ඕක අදාළ සෙනෙහෙලතාට දීගන්න එක. හප්පොච්චියෙ ඒක මහා ක්‍රියාන්විතයක්. හැබැයි ඒ සියල්ල තුලින් වින්ද ප්‍රේමයේ මිහිර නම් අදටත් පොඩ්ඩක්වත් අඩු නොවී සිතේ තැන්පත්ව තිබෙන සිහිනෙන් ගෑ සුවඳක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. අපේ එකෙක් සෙනෙහෙ කොලේ දුන්නේ කීර කාරයගේ කීර මිටිය අස්සෙ ගහලා. ඒ මනුස්සයට ගානක් දිලා. දවසක් බඩු මාට්ටු වෙලා අප්පච්චිට. කීර කාරයා කෑවලු අම්බානක... අප්පච්ච් හිතලා තියෙන්නේ කෑල්ල කීර කාරයත් එක්ක සෙට් කියලා.. කෙල්ලත් සුමානයක් විතර ජම්බෝලේ වගේ ඉන්නා.. අප්පොච්චි මේකප් දාලා...

      Delete
    3. විචාරක තුමේ ඒ කාලේ තිබුණේ නිර්මාණාත්මක ප්‍රේම කතාවන් තමා.. ඔය සෙනෙහෙ කොළයක් මොනතරම් රසවත් ද නිර්මාණාත්මකද?.

      Delete
    4. ඔච්චර පරණ නැතත් මටත් තියෙනවා සෙනෙහෙකොල ගැන මතක. එකඟයි සියළුදෙනාම සමඟ.

      Delete
    5. @ මහ වෙදනා,
      අපිත් එහෙම තමා කොලේ. ආයේ බොරු කියන්නේ මක්කටැයි...

      Delete
    6. @ විචාරක
      වෙල්කම් වේවා තුමනි, අපිත් ඉතිං ඒ දවස් වල සෙනෙහෙ කොල පිහිට තමා... ඕක දීගන්න කරන ක්‍රියාන්විතය ගැන මම පොඩි දෙයක් ලියල තිබ්බා මගේ ඩිවෝස් බයික් කේස් එකේ. අමාරුම දේ තමා අහුනොවෙන්න තියාගන්න එක..

      Delete
    7. @ නලින්,
      සිංදු කෑල්ලක් පාට පාටින් ලියල, සුවද ගහන්න මොනා හරි තවරලා රවුං කරලා අකුරු ලිව්ව කාලේ ආයේ මතකෙට එනවා බං...

      Delete
  10. මගෙත් ඔහොම යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. එකෙක්ගේ ෆෝන් එකේ කෑල්ලගේ නම්බර් එක දාලා තියෙන්නේ Alert කියල. ඉතින් උගේ ෆෝන් එකේ Alert ගොඩයි.
    අනිකාගේ දාලා තියෙන්නේ Mobitel කියල. ඉතින් ඌට Mobitel එකෙන් මැසේජ් ගොඩයි,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉමල්ක, ඩෝන්ට් ආන්සර කියල සේව් කරන ඈයොත් ඉන්නවා. තැන්කුයි ගොඩ වැදුනට

      Delete
  11. සමහර පැණි පොරවල් ඉන්නව බං...
    හිනා උනත් කෙල්ලො දපනෙ වැටෙන....හැබැයි උන් බඳින්නෙ පට්ට ගොන් එකක්. ඕය වගේ උන්ට වෙන්නෙ එහෙම.

    ReplyDelete
    Replies
    1. මොකාද යකෝ ගොන් බදින්නේ.

      Delete
    2. ඇයි මේ ඔයාට තරහ ගෙහුං තියෙන්නේ.

      Delete
    3. ඔව් බං වීයෝ... මටත් ඉරිසියයි බං ඒ වගේ උන් එක්ක...

      Delete
  12. දාන්ට ආපු කමෙන්ටුව කමෙන්ට් කියවද්දි අමතක නැති උනා.
    ඒ නිසා මාතලන් ගොයියගෙ කමෙන්ට් එක කියවනකොට මතක් උන දෙයක් කියන්නම්.

    මම යාලුවෙක්ගෙ ෆෝන් එකක ලයිෆ් ටයිම් එක බැලුව ලගදි. ටෝටල් කෝල් ටයිම් එක පැය හත්සිය අසූගානක්. මං ඇහුව ෆෝන් එක අරන් කොච්චර කල්ද කියල. අවුරුදු එකහමාරක් විතර ඇතිලු. බැලින්නම් මූ මාස දහ අටක් ජීවත් වෙනකොට මාසෙකටත් වඩා ෆෝන් එක කනේ තියාගෙන ඉදල තියෙන්නෙ. ඇඩෙනව.

    ReplyDelete
    Replies
    1. අපේ දේශිකාගේ පෝන් එකත් එහෙමයි බං.. පරණ නොකියා මගුලක් නෙව.. හැම එකා එක්කම මල් කඩල කෝල් ඩියුරේෂන් එක අර ස්පීඩො මීටරේ ඉවර උනාම බින්දුවේ ඉදල ආයේ යන්නේ ඒ විදියට දැං තුන් වෙනි පාර. බින්දුවේ ඉදල යනවා. මල් කඩල නෙමෙයි මේ උපහාර කොරලා... හෙක්..

      Delete
  13. බලාගන යනකොට ෆෝන් වල නම් සේව් කරන එකත් කලාවක් නේද ?

    ඔය වගේ අයට මගේ උපදෙස : නම්බරේ නම හැටියට නම්බරේම දෙන්න.. එතකොට නොදැනගත යුතු කට්ටියක් ඉස්සරහා කෝල් එකක් ආවොත් රෝන්ග් නම්බර්.. අර 10ක් 15ක් කරන පොරටනම් ඒ ක්‍රමේ හරි යන්නෙ නෑ.. ඌට වෙනම ක්‍රමයක් හදා ගන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. රෝන් නම්බර් කියල සේව් කරන ගැල්ලමයි ඉන්නවා. ඔය මිස් කෝල් ආපු උන් වාත කරන ඒවට.... තැන්කුයි සෙන්නා. ඔබගේ අදහස නෙව මම වැඩි දියුණු කරල ගත්තේ.. නොසෑහෙන්න තැන්කුයි ඒකට...

      Delete
  14. මමනම් දාගෙන ඉන්නේ ගෙදර නම්බර් එක OFFICE කියල. Office එකේ ෆෝන් එක ආන්සර් කලේ නැති වුනත් අවුලක් නෑ, ඒත් මේ නම්බර් එක ආන්සර් නොකලොත් බඩු තමා...(භය නෙමේ මෙයා ගෞරවේ)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... මට තේරුනා මට තේරුනා. බයට නෙමෙයි....

      Delete
    2. ඔව් ඔව් අපිත් උපරිම ගෞරවේ තමා පුදන්නේ.. හෙක්...

      Delete
  15. මමනම් ඇත්තම නම් තමා දාගෙන ඉන්නේ ...

    ReplyDelete
    Replies
    1. හොදයි නෙව.. තාම කොළු වයස නේ.. වෙල්කම් වෙව්වා.. රොබින් කාලෙකින්..

      Delete
  16. මං දාගෙන ඉන්නේ Mobitel කියලා.. පැය ගනන් කතා කරත් කියන්නෙ කස්ටමර් කෙයාර් එකෙන් කියලනේ හී හී

    0776688463 මේකද උඹෙ නම්බරේ.. ඉඳපං රෑට බයිට් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔකට කතා කලොත් බයිට් වෙන්නෙ උඹයි.
      - දේශකයා

      Delete
    2. ඔව් ඉතිං මොබිටෙල් කියල දැම්මනං කස්ටමර් කෙයා තමා.. හෙක්... මගේ නම්මරේ මට මතක නෑ...

      Delete
  17. හයියෝ පව් දේශකයගෙ යාළුව... අයියල හොයනකොට කියල තියන්න එපායැ උඹෙන් ඇහුවොත් මෙහෙම කියපන් කියල... නැද්ද මං අහන්නෙ.... :D
    අපිට නම් ඉතින් හංගන්න දෙයක් තිබ්බෙ නැති නිසා ඔය වගේ ප්‍රශ්ණ ආවෙ නෑ... එකම ප්‍රශ්ණෙ උනේ ඉන්කමිං කෝල්ස් වලටත් ගෙවන්න වෙච්චි එක...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ. මං ඒ ඌරට කිව්වා තෝ කලින් කියන්න එපායැ කියලා.. ඔව් නේ දැං වගේ නෙමෙයි නේ. එනවටත් ගෙවන්න එපායැ.

      Delete
  18. මං නම් ෆෝන් එකේ තියන පරිස්සම් කරන්න ඕන නම්බර් දාන්නේ මොකාටවත් හොයන්න බැරි වෙන්න. නැත්නම් එක එකා ෆෝන් එක අරගෙන නම්බර් ටික බලා ගත්තම ලෙඩක් වෙනවා. sms එන නම්බර් වලට නම් කම්පැනි නම තමයි. අනිත් ඒවාට එක්කෝ මුල අකුරු ටික. තව ඉතින් අපත, ජෝන්, සෙටප්, ak-ku, pin- d, zoo, th so ia ra..... තව බොහොමයි. හොයන්න පුළුවන් ද මෙලෝ යකෙකුට. :D

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි. ආයේ හොයන්න බෑ ඉතිං. ඒකට කොල් එකක් දිලා නම අහගන්නවා ඇර.. හෙහ්...

      Delete
  19. ඔන්න අපේ නෑනාගේ නොම්මරේ අපේ උන්දැගේ ෆෝන් එකේ තියෙන විදිය:

    Akka
    ඔන්න අපේ නෑනාගේ නොම්මරේ අපේ උන්දැගේ ෆෝන් එකේ තියෙන විදිය:

    Akka New
    Akka New New
    Akka Latest
    Akka Latest Latest
    Akka Actual #
    Akka Latest Actual #

    හිතාගනිල්ලකො නොම්බර කීයක් තියෙනවද කියලා. ඔය අන්තිම එකට විතරයිලු කතා කරන්න පුලුවන්.

    මට නම් පිස්සු කොර වෙනවා නොම්මරේ හොයා ගන්න ගියාම

    ReplyDelete
    Replies
    1. අපෙ උන්දෑ කියලා බහු වචනයෙන් කියුවේ.....^%#&^*&^
      - දේශකයා

      Delete
    2. මොකද යකෝ තමන්ගෙම බ්ලොගේ ඇනෝ විදියට එන්නෙ?

      අපේ උන්දෑ කිව්වේ මෙහෙමයි.
      උන්දෑ කියන්නෙ බිරිඳට කියන තව වචනයක් නෙවෙයි.

      උන්දෑ මගේ බිරිඳ.
      ළමයි දෙන්නගේ අම්මා.
      එයාගේ අම්මගෙයි අප්පච්චිගෙයි දුව.
      එයාගේ අයියලගෙ අක්කලගෙ නංගි
      මල්ලිලගේ අක්කා
      මගේ නංගිලගේ මල්ලිලගේ නෑනා
      යනාදී වසයෙන් නිසා අපේ උන්දෑ කිව්වා.

      ඉතින් මට මගේ උන්දැ කියන්න ලෝබ හිතුනා.

      හෙහ් හෙහ්...දැන් උඹ මොකද කියන්නෙ? :D

      Delete
    3. ඩුඩෙ, මේ ළගදී කළ එළි බැහැපු මගේ ඇනෝ මිත්‍තරයෙක්. ආසාවට නෙව ඔය දේශකයා කියල ගහගෙන ඉන්නේ.. හරි පුතා යං.. බොට තියෙන්නේ සිරාවට කොල්ලෝ, ඇනෝදේශකයා කියල ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඒක මටත් ලොකු ආඩම්බරයක්.

      Delete
    4. අනේ නිකත් බුල කෙලින්නේ නැතිව හිටහන්. උඹම ඇනෝ විදිහට ඇවිත් දැන් අපි ගාවන්න හදන්නේ යකෝ. අන්න දැන් මාතලන්ගේ බ්ලොග් එකේ එකෙක් රීලා හත්පොලේ ගාගෙන. ඒක දැකලා මාතලන්ගෙත් බඩ ගිහින් ගෙට්ටුව වහලම දාලා. අපිටත් යන්න බෑ. ඒ අතින් බලනකොට කොමන්ට් එකක් ගහලා වින්දනයක් ලබන අපි කොච්චර හොඳද බොල.

      Delete
    5. "අපේ උන්දෑ කිව්වේ මෙහෙමයි.
      උන්දෑ කියන්නෙ බිරිඳට කියන තව වචනයක් නෙවෙයි.

      උන්දෑ මගේ බිරිඳ.
      ළමයි දෙන්නගේ අම්මා.
      එයාගේ අම්මගෙයි අප්පච්චිගෙයි දුව.
      එයාගේ අයියලගෙ අක්කලගෙ නංගි
      මල්ලිලගේ අක්කා
      මගේ නංගිලගේ මල්ලිලගේ නෑනා
      යනාදී වසයෙන් නිසා අපේ උන්දෑ කිව්වා.

      ඉතින් මට මගේ උන්දැ කියන්න ලෝබ හිතුනා."

      සිරා පැහැදිලි කිරීම මචෝ

      Delete
    6. හෙක් හෙක්, ලෝබ නැතිව අපේ උන්දෑ කීවා. ඒ කියන්නේ මේ දෙශකයාත් ඒකට අයිතියි.
      ඇයි අපෙනෙ.
      - දේශකයා.

      Delete
    7. @ ඩුඩෙ
      ඇත්ත බං.. ඔය වගේ හැම පෝන් එකකම තියෙනවා. ඒක පොදු දෙයක්.. නිව්, ලේටස්ට් දෙකක්වත් තියෙනවා සුවර්...

      Delete
    8. @ දුකා
      සිරාවට නියම පැහැදිලි කිරීම බං.. මටත් ලෝභ හිතෙනවා දැං.. අර වැදි සමාජෙ එහෙම නේ කියන්නේ... ඥාතින් හදුන්වන්නේ... ගණන් ගන්න එපා බං ඇනෝ එන දේශකයා මගේ හොද මිත්තරයෙක්. කාටවත් කරදරයක් නෑ. හොද භාෂාවෙන් කතා කරනවා. මම මිත්තරයට ගරු කරනවා. අනික මම නැති දවස් වලට ඇනෝ දේශකයා මාව බලාකියා ගන්න එකට ස්තුති කොරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා. එහෙනං මිත්තරයා හොදින් වැඩ කටයුතු කරගෙන යන්න. බොහොම සන්තෝසයි හොදට හැසිරෙන වැදගත් කෙනෙක් වීම ගැන.. ඕං ආයේ මගේ නොවක් ස්තුතියි ඇනෝ දේශකයා හට

      Delete
  20. උඹ දැන් එක පිට එක පෝස්ට් දානව නේද
    ඔය කෙළිය මට එච්චර බලපාල නෑ

    ReplyDelete
    Replies
    1. ඇඩික්ට් වෙන්න නම් එපා හැලපේ අරක්කු වලට එහා...

      Delete
    2. නෑ හැලපයියේ මම ටිකක් කල් අරන් තමා දාන්නේ. එක වැලට දාන්න හොද නෑ නෙව කස්ටියට කරදරයි..

      Delete
    3. @ මාතලං
      අනිවා බං.. අරක්කු තව හොදා මීට වැඩිය...

      Delete
  21. අපේ මනුස්සයත් මුලින් දාල තිබුන ඇත්ත නමම තියෙන්නෙ තාමත්... එයාට නම් මුකුත් කියල වැඩක් නෑ. මොකද වෙනනමක් දැම්මත් වැඩක ඉන්න වෙලාවට ආන්ස්වර් කරන්නෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඒහෙනං කතා කරල වැඩකුත් නෑ නෙව.. කෝ බලගේ මුකුත් ලියන්නැතෑ...

      Delete
  22. සැක් මට නමක් දාගන්න නම්බරයක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මේක දාගනිං 2564.555465E2
      - දේශකයා

      Delete
    2. ලැබෙයි බං ලැබෙයි. ඉවසා හිටු..

      Delete
  23. සමහරුන්ට සිම් පහ හය තියෙනවනේ..ඉතින් ඒ අයගෙ ෆෝන් නම්බර්ස් ඔක්කොම ටික සේව් කරගන්න නම් මවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. සිම් පත් හත අට එකට සිඳලා ගත්තාම හරි
      - දේශකයා

      Delete
    2. මගේ මිත්තර ඇනෝ දේශකයා කිව්ව එක හරි වගේ.. තැන්කුයි අනේ උත්තර දෙනවට මං නැති දවස් වල.. තැන්කුයි චාම්ස්...

      Delete
  24. කිව්වම මොකෝ ඔය වගේ නෝටි වැඩ වලට වයස, ලිංග බේදය, උස් මිටි කම්, ඉන්නා ප්‍රදේශය, රට, නව තාක්ශනය, දන්නව්ද නැද්ද, අලුත් ෆෝන් මොඩල් තියෙනවද නැද්ද? ආදිය එරෙහි වෙන්න නෑ.

    ආදර ඇමතුම් පරිණාමය වන හැටි අපූරුය
    මයි ලව් සුදූ මගෙ --ෆ්‍රෙන්ඩ්, අරය ,මෙයා, තාත්ති, ලමයින්ගෙ තාත්ති , උන්දැ, ගෑනි මිනිහ, හොන්තුව, හුචක්කුව

    ඒක දේශපාලනේටත් (වැරදි විදියට) හරි
    මහ තොණ්ඩමන් ගෙන් මාධ්‍ය කරුවෙක් ඇහුවා ඇයි ඔබ තුමා එන එන ආණ්ඩුව පැත්තට පැති මාරු කරන්නෙ කියල
    එතුමා කියපි
    වෙනස් නොවන්නේ මෝඩයාත් සැතැපුම් කනුත් පමණි. කියල

    ReplyDelete
    Replies
    1. අනේ බොල කොයි තරං ලස්සන අදහසක්ද මේක.. අගෙයි අගෙයි කවියාණෙනි

      Delete
  25. ෆෝන් බුක් එකේ නම මුලටම එන්න ඕනි නිසා AAAAඅදාල කෙනාගෙ නම දැම්මා..පස්සෙයි එයා කීවෙ ජර්මන් වලින් ආආ කරනවා කියන්නෙ කක්කා කරනවට කියලා..වස නෝන්ඩියයි අප්පා

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මගේ එක්කෙනා ජර්මන් දන්නේ නෑ . . :D

      Delete
    2. අයියෝ.. වෙලාවට ඉරිදා පත්තර වල ඇඩි කෑලි ජර්මන් කාරයෝ බලන්නේ නැත්තේ.. නැත්නං උං හිතාවි මුං ගූ තමා විකුණනන්නේ කියලා.. හැක්...

      Delete
  26. සාමාන්‍යයෙන් ෆෝන් වල අම්මා, අක්කා, හනී, ස්වීට් හාර්ට් වගේ නම් දාලා සේව් කරන්න එපා කියලා අහලා තියෙනවා.

    අනේ මන්දා බන් ඔය ෆෝන් වල නම් සේව් කරන වැඩේ වෙලාවකට හෙන අවුල්. නම අමතක වෙන නිසා අර දේශා නංගි පර්ල් වගේ දාගනන්වා ඊට පස්සේ නම විතරක් නෙමේ දේශා නංගී කියලා දැම්ම බවත් අමතක වෙනවා . . හික්ස්

    ReplyDelete
    Replies
    1. ඒක සිරා බං. මටත් සමහර වෙලාවට මිනිහා හොයාගන්න ගියාම නම දාපු විදිය මතක නැතිව ඔක්කෝම මුල ඉදල චෙක් කොරන් යන්න වෙනවා. හැක්.. ඒ කතාව හරියට හරි

      Delete
  27. චික් නමක් දාගන්න නම්බරයක් නැ

    ReplyDelete
    Replies
    1. බිංදුවයි හැත්තැ හත් කෝටි විසි දෙලක්ශ දාසයදාස් විසි තුනයි. (0772216823)
      දාගනින්. දාගෙන කතා කරපන් (ඕක +18 නම්බරයක් හොඳේ)
      - දේශකයා

      Delete
    2. කොස් ඇට කියල නම දාගනින් නම්බර් එකට උඹේ එක සේව් කොරපං වැඩේ ඉවරයි..

      Delete
  28. මගෙනම් ෆෝන් බුක් එක අදිනකොට එකේක නම් අහු වෙනවා. මතකත් නෑ අප්පා...

    A/L maths {කරන රස්සාව}... ඔන්න ඔහොමයි කාලෙකට පස්සේ හම්බ උණු ඉස්කෝලේ යාළුවෝ සෙට් එකක නම් දාලා තියෙන්නේ..

    එතකොට අපේ ඔෆිස් එකේ එව්වන්ගේ නම් දාලා තියෙන්නේ කම්පණියේ මුල් අකුරු දෙක දාලා.

    එකාටම නම්බර්ස් වැඩි උණාම New, Working, Active, Mobi, Dlog, Upahara, Card, atell.......

    ReplyDelete
    Replies
    1. හෙහ්. එහෙම තමා බං. නං වලට විච්චූරණ වැඩි වෙන එකයි වෙන්නේ.. හැබැයි පෝන් බුක් එකේ සේව් කරානං චෑන්ස් එකක් තියෙනවා නෙවද,

      Delete
  29. මොන නම දාගත්තත් කෝල් එක එනකොට අඳනගත්තෙ නැත්නම් වැඩේ හෙන අවුල්ම තමයි.

    ReplyDelete
    Replies
    1. අර දුකා කිව්ව වගේ අනිවා කචල් එකක් තමා..

      Delete
  30. බන්දින්න කලින් දුරකතන තිබුනෙ නැ.දැන් දාගෙන තියෙන්නෙ හබී කියලා.(වයස අහුවේද?)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බය වෙන්න එපා හංගපු ඒවා අහුවෙන්නේ නෑ.. හිකිස්

      Delete
  31. අපේ යාළුවෝ දු. ක. අංක save කරන තව ක්‍රමයක් තිබෙනවා. උදා 072-6565658 (උදාහරණයක් පමණී) එය මෙහෙමෙ නමකින් Save කරනවා මෙවැනි අංකයකින් 077-5656568. ඉතින් කෝල් එකක් ආපුවාම මොකක්ද පෙන්නන නම....

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි.. ඒක නං හෙන සීන් එකක් තමා..

      Delete
  32. හොද වෙලාවට අපේ නංගි තාම පොඩී...
    ඒක නිසා යාළුවංගෙං අවුලක් නෑ...

    තව එකක් මං දැක්කා ලගදි ෆේස්බුක් එකේ “බැට්‍රි ලෝ“ කියලා සේව් කරන ක්‍රමයක්...
    ඒකත් නරක නෑ හොරෙං මල් කඩන උංට...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙව්වා තරියා,බැටරි ලෝ සින්කෝන් එකත් මරු තමා...

      Delete
  33. මට ඉතින් වැඩිපුර කෙල්ලෝ ඉන්න එකක්යෑ. ඕනම වැඩක් ගානටනේ. ඒකනිසා කෙල්ලොත් වැඩිපුර නෑ. ඉන්න උන්ගේ නම්බර් පැටලෙන්නේ නෑ. හැබැයි හැමෝගෙම ඇත්ත නම් වලින් තමයි පෝන් බුක් එකට දාලා තියෙන්නේ. ඒ උනාට මට ඔවුවා මතක තියෙන්නේ නෑ,.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොට තියෙන්නේ ලෙඩක් ඩා....හිකිස්

      Delete
  34. මගෙත් එකක් තියෙනවා
    **sh*n*
    **sh*n* mbtl
    **sh*n* mbtl new
    **sh*n* mbtl 2210
    **sh*n* atl
    **sh*n* d33
    **sh*n* 12
    **sh*n* last
    **sh*n* 58
    **sh*n* Dofs
    **sh*n* mbtlF
    **sh*n* final


    මන් නම් 4න් කීපයක් use කරණ නිසා
    ඔය විදිහේ ප්‍රශ්න නම් අඩුයි...( ekak ara)

    ReplyDelete
    Replies
    1. "Use" අඩේ බොල සිම් ගැනද මේ කියන්නේ නැත්නම් වෙන මොනවා හරි ගැනද
      - දේශකයා

      Delete

    2. හෑ මේ මොකාද බොල? තව මොනා හරි කියාපන් බලන්න
      හරියටම අඳුන ගන්න ෆුද්ගලයා ..

      Delete
    3. තරහ ගන්න එපා බං. උබ මගේ බ්ලොග් එකටම ඇවිත් මට බනිනවාද
      - දේශකයා

      Delete
    4. @ සහන්
      සංකීර්ණ වැඩි නැත්ද බං.. මටනං ඔළුව කැරකෙනවා...

      Delete
    5. @ ඇනෝ දේශකයා
      ඔබ කව්ද කියන එක මම දැනගත්තට කාටවත් කියන්නේ නෑ බය වෙන්න එපා... මොකද ඔබෙන් මට වත් වෙන කාටවත් මෙතනදි කරදරයක් නැති හින්දා.... (ඔයා දන්නවද මන්ද මම අදුනගත්තයි කියලා... හෙහ්...) ඕන්නං මේල් එකක් දාන්නං...

      Delete
  35. නියම කතාව. මගෙ යෙහෙලියක් ඉන්නවා ඈ හැම හොර ගමනක්ම යන්නෙ මාව ඇපේට තියලා. මටත් කරදරේ. මගෙ පවුලත් වෙලාවක කැඩෙනවා මේ සීන් එක හන්දා. නොම්මරේට දාන් ඉන්නෙ මගේ නම. උපදෙසයක් දෙන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. මට එයාගේ නම්බරේ දෙන්නකෝ....
      - දේශකයා

      Delete
    2. @ චන්දි,
      ඒක නං කේස් එකක් තමා. උපදේසයක් හැටියට දෙන්න කිසිම දෙයක් නෑ මොකෝ කියන්නේ හොරේ අහුවෙනවා එතකොට.. පව් අප්පා චන්දිටත් වෙන වැඩ... මොකෝ මේ ටිකේ සද්ද අඩු

      Delete
  36. නියම කතාව. බලන් ගියාම ෆෝන් එකත් ලොකු ලෙඩක් නේද?..
    මාතලන් කියපු කතාවට තාමත් හිනා. දැන් ගොඩක් අය එහෙම තමා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පුංචි කුමාරිහාමි,
      මාතලං කිව්ව එක ලේටස්ට් වර්ෂන් එකක් නෙව..තැන්කුයි ආපු එකට..

      Delete
  37. Hi, Alice,
    Thanks for coming... Ok I will follow u when I can

    ReplyDelete
  38. අනේ ඉතිං අපි ලව් කරන කාලෙ ඔය හෑන් ෆෝන් තිබ්බයැ ?

    ReplyDelete
    Replies
    1. පව් අප්පා.. සරා අයියට ගඩොල් බාගයක් වත් දෙන්න තිබ්බා දැන්නං... හිකිස්.. ආව එක ලොකු දෙයක් සරා අයියේ.. තැන්කුයි.. හොයාගෙන එනවට....

      Delete