Saturday, March 16, 2013

පිස්සු හැදෙන ඩයරි කතා (A diary for you!!!)


(ආර්නෝල්ඩ්ගේ ටෝටල් රිකෝල් ෆිල්ම් එකේ හිටියේ මෙන්න මේ වගේ තිසර තුනක් ඇති කතක්)

මට මේ අවුරුද්දේ දින පොත් ඒ කියන්නේ ඩයරි හම්බ උනා හරියටම කිව්වොත් 12 ක්. ඕං ලැයිස්තුව.. මේක මේ ඩුඩේ කොරනව වගේ හැම එකකටම ලිස්ට් තියාගෙන ඉන්න තරං නොස්ටැල්ජියා එකක් නොවෙයි හරිය..

දුන්නේ කව්ද
වර්ගය
ප්‍රමාණය
හිතවත් කස්ටර්මර්
LOLC Diary
01
ඉංජිනේරු පැට්ටෙක්
CECB Diary
01
බැංකුවේ මැනේජරයා
BOC Diary
01
මගේ මිත්තරයා රාමයා
Nations Trust Diary
01
දේශිකාගේ බොසා
HNB Diary
01
වැඩ කරන තැන මහ එකා
Institutional Diary
03
එක එක ලපයි සිපයි
Normal Diary
04
එකතුව
12


මේ අවුරුද්දෙත් පරණ පුරුදු විදියට අන්තිමට බැලුවම මං ගාව තියෙන ඩයරි ප්‍රමාණය ශුණ්‍ය අගයක් ගන්නේ, පරණ පුරුදු විදියටම මේ නව වසරෙත් දිනපොත් භාවිතය කරන්න තීරණය කරල නැති හින්දයි.



ආ. ඒවා බෙදපු උංගේ නං ඕන නෑ... මට මතක නෑ... මම නිද්‍රාශිලියි.

හුගක් අය ඩයරි එකක් හම්බ උනාම බොහොම ආසාවෙන් ළගට අරන් , තියෙන හොදම අකුරු, බෝල කරල ඒකේ මුල් පිටුවේ විස්තර එහෙම ලස්සනට ලියල වැඩේ පටන් ගන්නවා. එතකොට දිනයක් ගානේ ඕකේ කරපු ඒවා, කරන්න තියෙන ඒවා වගේම හිතට ආපු දේත් ලියනවා නෙව. සමහර අය නං ඕකේ කවි එහෙමත් ලස්සනට ලියාගෙන ඉන්නවා. තව සමහරුන්ට ඕන වෙනම පොඩි ඩයිරි, ඒ කියන්නේ සාක්කුවේ දාගෙන හෙම යන්න පුළුවන් ඒවා. ඒවයිං මේ යක්කු කරන එකම දේ තමා, එක එක ටෙලිපෝන් නම්මර ලිය ලිය කෝච්චියේ යන එක. (කව්ද කියන්නේ නලින් එහෙම කරනවයි කියල)

මගේ පත්තර මිත්තරයෙක් ඉන්නවා, මිනිහා නිදහස් මාධ්‍යෙව්දියෙක්. හැම අවුරුද්දෙම දෙසැම්ර් 31 ට කලින් මිනිහට සාක්කු දිනපොතක් ලැබීමට සැලැස්වීම මගේ රාජකාරියක් හැටියට තමා පොර සලකන්නේ. ඔය සාක්කු දිනපොත දෙසැම්බර් 31 ට මිනිහගේ අතට ලැබෙන්නේ අවංකව කිව්වොත් කෝල් දහයක් පහළොවක් විතර මට දීල, ඒ මදිනං දෙතුන් ගමනක් මගේ ඔපීසිය පැත්තෙත් ඇවිල්ල මට අමතක නොවෙන්නම ඒක ඔළුවට වැදුනම තමා. මම ඒත් මේ හාදයට කීප ගමනක්ම කිව්වා උඹ ඔය කෝල් වලටයි, මගේ පස්සෙන් එන්න පැට්‍රල් වලටයි වියදං කොරන සල්ලි ටික බැලුවනං මම දෙන එකට වැඩිය සුපිරි එකක් උඹට කඩෙන් ගන්න පුළුවන්ය කියන එක. ඒත් මේකා නොවේ කවදාවත් මට හිරිහැර කරන එක නවත්තන්නේ. මිනිහා හිතන්නේ ඩයරියක් කාගෙන් හරි වැදල ඉල්ල ගන්න එක හෙන ලොකු කමක් කියලා. 

ඒ මදිවට තව ඉන්නවා “ආ... ඉන්න මට ඩයරි හම්බ උනාම ඔයාට හොද එකක් දෙන්නං“ කිය කිය ගෑනු ළමයි රවට්ටන සත්පුරුෂයෝ. ඕන්න ඔය වගේ සත්පුරුෂයන්ගෙන් තමා හෙනම කරදරේ. කොහොම හරි එකක් දෙන්නෙයි කියල කුරු කුරු ගාල මොකක් හරි දුන්නම, ඒත් යන්නෑ කැරකි කැරකි ඉන්නවා. “මචෝ මීට වඩා හොද එකක් නැත්ද බං“ කිය කිය. ඔහොම උන්ට නං මම කොච්චර කරත් හොද එකක් දෙන්නේ නෑ ඇත්ත කතන්දරේ කියනකං. සමහරු ඉතිං ලැජ්ජාවෙන් ගැලවෙන්න එක්ක මොන දහං ගැටේ දාලා හරි ගැල්ලමයින්ට හොද ඩයරි හොයල දෙනවා. ඕව කියන කොට මට හිතෙන්නේ අවුරුද්ද ලබන කොට වැඩිපුරම හුවමාරු වෙන්නේ සුභපැතුම් නෙමෙයි ඩයරි කෝල් කියලයි. ඒක නං පුදුම සීන් එකක්. මොකෙක් හරි එක්ක කතා කරන්නත් බෑ.. වචන දෙක තුනක් කියල ඊළග වචනේ එන්නේ ඩයරි එකක් ඩැහැගන්න තමා. 

ආ... ඔව් කියන්න ගිය එක අමතක උනා.. ඩයරි වල ලියන ඒවා... සමහර අය ඔය දිනපතා ආදායම් වියදම් විස්තර ඉදල සතේට ලියල මාසේ අන්තිමට අතේ ඉතුරු ගානත් එක්ක ඩයරි සැසදුම් ශේෂය පරික්ෂා කරලත් බලනවා. අරක්කු සිගරට් නොබොන්න හිතා ඉන්න අය ජනවාරි පළවෙන්දා ලොකුවට ලියනව මම මේ අවුරුද්දේ බොන එක නවත්තනවා කියලා. ඒත් ඉතිං ඊළග අවුරුද්දේ ජනවාරි පළවෙනිදත් අර උදාන වාක්කිය තමා මුලින්ම ලියන්නේ. ඔය අතරේ ඩයරි වලින් වැඩ ගන්න කස්ටිය කොයි තරං ඉන්නවද මේ මං වගේ. හැක්...

ඔව් ඔව් ලොක්කොන්ට නං ප්ලෑනර් එකක් මෙසේ පුරා පතබාවගන්නේ නැතිනං මුකුත් කරන්න මතක නෑ. අර මීටිම, මේ මීටිම, මේ ගමන, අර ගමන, අර ටීඊසී එක, අර ප්‍රොෙග්‍රස් රිවිව් මීටින් එක ඒවා මේවා. ඒ කස්ටියට ඉතිං ලේකම් කෙනෙක් නැත්නං ප්ලෑන්ර් එකේ පිහිට ඇර වෙන පිහිටක් නෑ. හැබැයි දැං හුගක් අය ඒවගේ ෂෙඩුල්ඩ් ප්‍රෝගෑම්ස් වල ඩේට්ස් ආවම පෝන් එකේ රිමයින්ඩර් එකටත් දාගෙන ඉන්නවා. ඒකත් හොද ක්‍රමයක් තමා.

කොහොමින් කොහොම හරි මේ සේරම මගුල් ඔළුවට ආවේ ඊයේ හැන්දාවේ මගේ ඓතිහාසික පෙට්ටගම අවුස්සපු වෙලාවේ හම්බ වෙච්චි ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරපු ඉතා වැදගත් ඩයරියක මතකයක්.

මම ඔය ඩයරිය හම්බ වෙන කොට සාමාන්‍ය පෙල කරනවා. මේ කාලේ වගේම තමා ලස්සන වටිනා මේ ඩයරිය තෑග්ගක් හැටියට ලැබුනත් ඕකේ ලියන්න දෙයක් තිබුනේ නෑ. ඉතිං අකුරු බෝල කරල බෙහෝම අමාරුවෙන් මුල් පිටුවේ විස්තර ටික ලිව්වාට වෙන ලියන්න දේකුත් නෑ. එතකොට මතක් උනා අඩේ හැමදාම අපේ ගෙදරට මාත් එක්ක පාඩං කරන්න එන බුවාල මගේ මොන තරං දේවල් අරගෙන ගිහිල්ල තියෙනවද කියලා. ඕං එතකොට මීටර් උනා ලියන්න ඕන මුංට දීපු බඩු වල විස්තර... එහෙම හිතල ඩයරියේ දෙයියනේ කියල ජනවාරි පළවෙන්දට ලොකු අකුරෙන් ලිව්වේ මේ යක්කුන්ගේ බඩු පැහැරගැනීම ගැන තමා.

දිනිත්
මොඩර්න් ටෝකින් කැසට් පීස් එක
විදුලි පරිපථ සගරා 3
ගණිතය අච්චු පොත
ලයිටරය

නිලාජ්
බයිසිකල් පොම්පය
කවකටුව
පාට පහේ පෑන

ටොට්ටා
වීඩියෝ පීස් රිවයින්ඩර් එක (පුස් ගලවන්නෙ ඕකේ දාලා නෙව)
සොදුර පත්තර 2
ඩේ කාඩ් පැක් එක ( ඒ දවස් වල තිබ්බ වැල පින්තූරු දාපු ඩේ කාඩ් වගයක්)
ආර්නෝල්ඩ්ගේ Total Recall (තං තුනේ) වීඩියෝ පීස් එක

පොලියා
රු. 100
LED බල්බ් 20
බවුත් එක
ටෙනිස් බෝල් 1

ඉතිං මම බොහොම සන්තෝසෙන් ඔය අකුරු ටික හෙන ලස්සනට ඩයරියේ ලියල කියල, ඒ ලියපු විදිය ගැන මම බොහොම සතුටෙන් ටික වෙලාවක් බලං ඉදලා, පැත්තකට දාපු ඩයරිය ආයේ මතක් උනේ සති දෙක තුනකට විතර පස්සේ. ඒ මොකද කියනවනං ඒ වෙන කොට අර බුවාලා අරන් ගිය බඩු බොහොමයක් මට ආයේ ලැබිල තිබුන හින්දා, දැං කල්පනාව ලස්සනට අඩිරූල තියල රතු පෑනේං ඔය ටික කපල දාන්න තමා. කොච්චර සෝයිද මට ආයේ ඩයරියේ ලියන්න හම්බ වෙච්ච එක කියල හිතාගෙන පොත් මේසේ උඩ තිබ්බ ඩයරිය අරන් පෙරලල බලන කොට තමා මගේ ඉහමොළ රත් උනේ.

අනාථයි නෙව.. මම ලස්සනට කපල දාන්න හිටි බඩු ලැයිස්තුවට අර පාහරයෝ කෙලල. මුං කරල තියෙන වැඩේ දැක්කම මට ම ලැජ්ජාවේ බෑ ඕයි.. සික්.. මම මුන්ට පේන්න ඒක නොතියන්නයි තිබ්බේ කියල හිතුනා. ඇයි හත්දෙයියනේ මුංගේ බඩු ටික මතක තියාගන්න බැරුවෙයි මම ඕකේ ලිව්වේ. කාපු ටකරම ගැන කියල වැඩක් නෑ. උන් කරල තියෙන්නේ, තම තමන් ආයි ගෙනාපු බඩු ටික ඩයරියෙන් කපල දාන එක, සමහර ඈයෝ විස්තරත් ලියල ඒකේ.. හප්පා.. ඒ වගේ නෝන්ඩියක්... (ඒත් මං බැලුවා මොකද අප්පේ මෙච්චර ඉක්මනට මුං බඩු ගෙනාවේ කියල... නැත්නං ඉතිං අවුරුදු තුන හතරක් ගිහිල්ල ඇහුවම මට මතක නෑ ඕයි කියන එකනේ අහගන්න වෙන්නේ)

කොහොම හරි ඔය ලිස්ට් එකෙන් කපල දාලා නොතිබ්වේ ටොට්ටා අරං ගියපු මේං මේ ටික විතරයි.


සොදුර පත්තර 2
ඩේ කාඩ් පැක් එක 

“(මේ ටික දීපු ඉන් ආපහු දෙනකං තොට දෙන්න විදියක් නෑ - ටොට්ටා)“

ඕං ඔහොම මේකා ලියලත් තිබුනා. හික්

දිනිත් නං අවංකව ලියල තිබුනා “තෝ මේවා ලියනව කියල දන්නවනං තොගේ අලයක් වත් ගන්නේ නෑ“ කියලා.

වැඩේ කැත බව මුං කිව්වම, මම ඕවා ලියල දාපු හේතුව කොච්චර කිව්වත් උන් නෙමෙයි කනකට ගත්තේ... සමහර දේවල් කොයි තරං තේරුං කරන්න උත්සාහ කරත් තේරුං නොගන්න විත්තිය නොසෑහෙන්න තේරිච්ච දවසක් තමා ඒක.. නේද ලාස්ට් රෝ හෝ රාජ්

80 comments:

  1. මේ මොකක්ද බොල දාල තියෙන හරුප පින්තූරේ ?
    ඔන්න ඕක අහක් කොරහන් .

    මට මචන් මතක් උනේ එක පාරට


    Brother Louie , You're My Heart , For an angel paul van dyk , two unlimited twilight zone

    Wonders of 90's..

    ReplyDelete
    Replies
    1. ඕක මොකද්ද මෙයා.... මේ ඉන්නේ මගෙ එක්කෙනා :)

      http://harshana-bc.blogspot.com/2012/05/18.html

      Delete
    2. @ සහන්
      යා යා 80 90 කාලේ තමා හොදම බඩු තිබුනේ.. පින්තුරේ හොදා නෙව බං....
      මගේ නං ආසම එක තමා යූ ආර් මයි හාට් එක..

      Delete
    3. @ රජා
      මට තනි නැත. රජා සනි නංගි සමග පැමිණ සිටී..

      Delete

    4. උබ නම් කවි ටිකට අදාල නිසානේ පින්තූරේ
      දැම්මේ..ඒකට කමක් නැහැ රජෝ... :)

      Delete
    5. \\පාට පහේ පෑන///

      හෑ බොල මේක කියද්දී මතක් උනේ ..
      මටත් තිබ්බනේ පාට පහේ පෑනක් . ඔකේ තිබ්බ
      කොළ පාට පෑනෙන් ලියද්දි එන්නේ නිකන්
      රාජකීය හැගීමක් .තව තිබ්බ සුවඳ පෑනක්...


      මොකක් හරි බලියක් ලියල දවසම ඉඹ ඉඹ ඉන්නවා ..:D



      \\\විදුලි පරිපථ සගරා 3///
      මතකද UM 66 .ඕක තමයි මම ඉස්සෙල්ලම හදපු
      circuit එක බන්. පස්සේ ඉතින් හදපුවට මාව ආර්මි
      එකටත් අරන් ගියා ..:D


      \\\සොදුර පත්තර 2
      ඩේ කාඩ් පැක් එක //





      ඕව කියවල එලියට එද්දී එන්නේ නිකන්
      දුමේ රිංගලා වගේ..මුළු ඇඟේම මකුණු දැල්
      පස්සේ නෑ වගේ කඩනවා ...
      මොකද මන් ඕව කියවන්නේ ඇඳ අස්සට රිංගල
      ටෝර්ච් එක ගහගෙන ..:D


      Delete
    6. හි හි.. ඇත්තටම ඒ පෑන් දැන් නෑ නේද සහන්... නිල්, කළු, රතු, කොල, රෝසද කොහෙද තිබ්බේ.. අර සුවඳ පෑනුත් මතකයි...

      Delete
    7. කළු, නිල් , රතු , කොළ නම් මතකයි ..හැබෑටම අනික්
      පාට මතක නැහැ මට .මොකද පූර්ණ අවධානය තියෙන්නේ
      කොළ පැහැය ගැන ..කොළ පෑනෙන් ලියන්නේ නිකන්
      මහ ඒජන්ත වගේ ඉඳන් ..:D

      අර සුවඳ පෑන හරි පුංචි .අගල් හතරක් වගේ දිග .මට තිබ්බේ එකයි .
      ඒකත් මොකෙක් හරි හොරකන් කරා ..:D

      තව මතකද ජේම්ස් අලවනවා පොත් වල ..ඒවත් හවස් වෙද්දී
      මොකෙක් හරි හොරකන් කරනවා ..:D

      කොච්චර දිග අතීතයක්ද නේද හිරු ? අපි ඉතින් 8 වසර
      වගේ වෙද්දී තව තව ඒවා එකතු කරා .. ඔය දේශත් කියල
      තියෙන්නේ , ඒවනම් දුන්නොත් දුන්නම තමයි..:D

      Delete
    8. පාට පහේ පෑන් තවම තියෙනව ලඟදි මාත්ගත්ත.

      Delete
    9. ඒ පෑන් තාම තියෙනවා තමා බං හැබැයි පාට හතරයි නේද තියෙන්නේ.. රත්තරං පාට වෙන එකකට හැලිලා..

      Delete
    10. @ සහන්
      ඒ බං කොළ පෑනෙන් ලියන්නේ රාජකීයන්ට අභියෝග කරන විගණන නිලධාරින් නොවේද?? උඹ කොල පෑනෙන් ලියන්න ඇත්තේ උඹේ ලේත් කොළපාට හින්ද වෙන්ටැති...හිකි

      Delete
    11. @ හිරු
      සුවද පෑන් නං තාම තියෙනවා බොල

      Delete
  2. ඩයරි කේස් නම් මටත් මලම වදයක්. ඇයි කැලැන්ඩර. මම ඔය දෙකම වැඩිය පාවිච්චි කොරන්නෙ නැහැ. ලැපට පින්සිද්ද වෙන්න ඕවා වැඩිය අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මගේ මේසෙ උඩතියන ඩෙස්ක් කැලැන්ඩරේ නම් මට ලැබුනෙ පාර්ලිමේන්තුවෙ ඉන්න මිතුරෙක්ගෙන්. ඩයරි නම් මට මතක නැහැ ලැබුනු ගණනවත්. ඒ තරම් ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන වේගෙන්ම කාටහරි දෙනවා.

    දෙසැන්බර් අන්තිම ඉදල මේ වදේ පටන් ගන්නවා. අයියෝ මෙහෙමත් මිනිස්සු. ඕවෑය්න් වැඩක් තියනවද මන්ද???

    මොන ඩයරි ලිව්වත් එකෙක්ට වෙලාවට වැඩක් කරන්න හැකිද? අනික ඔය හාදයෝ අවුරුද්ද ඉවර වෙනකන්වත් ඕවා තියාගන්නවද ???? අන්න ඒ ගැනත් පුළුවන් නම් හොයලා බැලන්න?????????

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අවුරුද්ද ඉවර උනාම පාවිච්චි නොකරපු ඩයරි ගෙවල් වල ගොඩ ගහන් ඉන්නේ ආසාවට ගත්තට.

      Delete
  3. හි හි... මගේ ඉයරි වලටත් ඔය සෙතේ තමයි.... මම හොයන්නේ එක්සයිස් පොත වගේ දවසකට මුළු පිටුවක්ම තියෙන ඩයරි... ඒවයේ පොත් ලියන්න පුළුවන්නේ... හි හි... ඒත් ඕවා ලියන්නේ නම් නෑ ඉතිං... ඔය තාම තියෙන්නේ අවාරෙට පොල් හැලෙනවා වගේ ලියපු ඩයරි ටිකක්.. මොකද ඕවා ගෙදර තියලා එන්නත් බෑ.. අවුරුදු 16 විතර ඉඳලා එක එක ඒවට අම්මයි තාත්තයි එක්ක රණ්ඩු වෙලා ඕකෙ ලියලා තියෙන ඒවා අම්මලා දැක්කොත් එහෙම හපොයි මෙහෙම එකියක් හැදුවනේ කියලා හිතනවා... හි හි..

    අපේ මහත්තයා උදේ හවස දාගෙන අහන සීඩී එකක් තිබ්බා... තනිකර ගෑණු කටහඬවල් ටිකක්.. නමක් ගමක් නෑ ඉතිං... කම්පියුටරේ හම්බුනාම ටෙස්ටින් වලට දැම්මේ ඔය සින්දු ටික... ඉන්න ගමන් නිකමට සර්ච් එකක් දාලා බැලුවා මේ සින්දු වල විස්තර... මළ මඟුලයි... මේවා කියන්නේ කොල්ලෝ නේ... ඔන්න මොඩර්න් ටෝකින් ගැන මම දැනගත්ත හැටි... හි හි ( හැබැයි මං කියනකම්ම එයා දැනගෙන හිටියෙත් නෑ සින්දු ටික කියන්නේ කවුද කියලා නම්....)

    ReplyDelete
    Replies
    1. \\\තනිකර ගෑණු කටහඬවල් ටිකක්.. ///
      රත්තරනේ ඔහොම නම් කියන්න එපා..
      මොඩර්න් ටෝකින් ලටනම් ..ඔයා සමහර විට
      ඔය කියන්නේ පෙට් ශොප් බෝයිස් හරි බ්ලූ හරි
      ගැන වෙන්නත් පුළුවන් ..

      ඔහොම කටහඬවල් හැදුවේ ඒ කාලේ ට්‍රෙන්ඩ් එක
      තමයි එලෙක්ට්‍රොනික් සින්තසයිසර් වලින් බර බීට්
      දාල එක එක හැඩ වැඩ කරන එක .. ඔතොකොට ඒක
      පැති දෙකකට ගියා ..

      01. ගායකයා සමග බර බීට් එකක්
      02. හවුස් , ඩීප් ප්‍රොග්‍රෙරෙසිව් දක්වා ( ගායකයා ඉවත්ම කරලා )


      මොඩර්න් ටෝකින්ල ගොඩක් දේවල් එලෙක්ට්‍රොනික් මියුසික්
      වෙනුවෙන් කරලා තියෙනවා..මොනවා වත් කියන්න එපෝ ,
      හිත රිදෙනවා ..:D

      Delete
    2. @ හිරු
      ගෑනු කටහඩවල් නෙමෙයි බං ඒ... සහන් කිව්ව වගේ ඒක තමා ට්‍රෙන්ඩ් එක උනේ.. අපෝ උඹල ඩයිරි නොලියන එක තමා හොදම දේ...

      Delete
    3. @ සහන්
      ඒක නං ඇත්ත බං මුං දෙන්න ඒ කාලේ කරපු වැඩ ගොඩ කියල වැඩක් නෑ.. අපිව හෙන අමුතුම ලෝකෙකට අරන් ගියා අර පිස්සු ගිටාර් වලින්...ඒකට ගිටාර් කියල නෙමෙයි නේද බං කියන්නේ

      Delete
    4. නෑ නෑ.. මං කිව්වේ මොඩර්න් ටෝකිං ගැන තමයි... ඉතිං මං දන්‌ෙන් නෑ නේ අප්පා මොකාද කියන්නේ කියලා ඒ සින්දු... ඇහුනෙම ගෑණු කටහඬවල් දෙකක් වගේ... හි හි

      හිත රිද්දගන්න එපා.. මාත් ඒ සින්දු වලට ආසයි... හි හි

      Delete

    5. Mr.President- Coco jumbo
      La Bouche - Be my lover
      Aqua - barbie girl

      හෙහ් හේ මතකද ? 5 පීස් ෆුල් ඇරලා අහන්නේ ?
      මම ඉතින් නෑ වගේ උන්නට මම කප්පිත්තෙක් කට්ටිය
      නටවපු ! naushad , thariq , anzar , shiran එහෙම දන්නේවැයි ?
      හෙහ් හෙහ් ...

      මම ගොඩක් කැමති උනේ හවුස් music වලට .96 වගේ කාලේ වෙද්දී
      තමයි හොඳම කාලේ .මම පිස්සු වැටිලා හිටියේ පොල් වැන් ට . පුද්ගලිකව
      වැඩ කරන්න පවා තරම් සැරට උන හැදුණා ..
      (මා ළඟ සින්දු ලක්ෂ 2 විතර song bank එකක් තිබ්බා .ඉස්සරම මම එකතු කරපුව .) අපිට හීනෙකින් වත්
      හිතන්න බැරි විදිහේ තරම් දක්ෂ මිනිස්සු . අද ඉන්න අය දන්නෙත්
      නැහැ ඒ අය අතින් එලෙක්ට්‍රොනික් music වෙනුවෙන් උන සේවය .
      මන් ඉතින් පස්සේ පස්සේ ඒ ජීවිතෙන් ඈත් උනා . දැන් නම් නැතිම
      තරම් ..

      නමුත් මේ කතා බහ ගොඩක් දේවල් ඇවිස්සුවා ..

      Delete
    6. ඒ කියන්නේ දැන් වයස අඩුම තරමේ 40 පැනලද සහන්ට?96වෙද්දී අඩුම21ක් උනානම් දැන් ඒ වයස නේද?සමාවෙන්න නොදන්න කමට ඇහුවේ.
      -දේශකයා

      Delete
  4. මමනං ජීවිතේට එකක් ලියන්නේ නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජවරු කවදත් ඩයරි නොලියති.. එය ඔබතුමාටද අදාළය. හික්...

      Delete
  5. ඔය ඩයරි ලියල ඒවා පරිස්සම් කරන්න ගියාම මල වදේ බන්.. ඒ කාලෙ සොඳුරු මතකයන් ලියලා තියන්න මම එකක් ලියුවා, ඒත් ඔය පරිස්සම් කරන්න බැරි නිසාම මම හදා ගත්තා මටම ආවේනික ඩයරි භාෂාවක්.. සිංහල අකුරු වලටම වෙන සංඛේත.. ඊට පස්සෙ ඩයරිය කිසි බයක් නැතුව ඔහේ මේසෙ උඩ තිබුනා.. යකෙකුටවත් කියවන්න බෑ කියලා මම දන්න නිසා.. ඔය 1993 ඩයරිය... පස්සෙ ඒක නැති වුනා.. හැබැයි.. භාෂාවනම් මට අදටත් මතකයි..

    දැන් මම ඩයරි නොලියමි.

    ReplyDelete
    Replies
    1. අඩේ සෙන්නා උඹට කියන්න බං මමත් ඒ දවස් වල පොඩි පොඩි සින්කෝන් ලිව්වේ වෙන ක්‍රමයකට තමා.. පොතේ හෙමින් ලියල තියෙනවා මෙලෝ යකෙකුට තේරෙන්නේ නෑ. පස්සේ පස්සේ ඔය රුසියන් ටිකක් කටගාගත්තම රුසියන් වලින් ලියලත් තිබ්බා. දැන්නං මෙලෝ මතකයක් නෑ.. උඹට මතකද බං ඒ දවස් වල ඔය අමුතු විදියට හදා ගත්ත භාසා වලින් පොරසේ කතා කරා..

      Delete
    2. Encrypted ඩයරියක් ලියලා තියෙන්නෙ..

      Delete
    3. @ හරි

      හෙහ්.. ඒ කාලේ ඕව තමා වැඩිපුරම ඕන... තැන්කුයි

      Delete
  6. මම නම් තවම ඩයරියක් ඩයරියක් විදිහට පාවිච්චි කරලා නෑ.. ලස්සනට නම එහෙම ලිව්වට විස්තර නෑ..

    මේ අවුරුද්දෙත් මුල ඉඳන් එකක් පටන් ගන්ඩ හිටියෙ.. කෝ..

    ඩයරියෙ දාලා තිබ්බ කමෙන්ට් දැක්කම නම් හිනා..
    මට එකපාරටම මතක් වුනේ එක කොල්ලෙක් කෙල්ලෙක්ට දෙන්ඩ කියලා සින්දු ලියලා ලස්සන පින්තූරු අලවලා තිබ්බ පොතේ අතරින් පතර විරහ ගී ලියපු හැටි.. මම ලිව්වෙ නෑ.. ඒත් ඉතින් අදහස් දුන්නනෙ.. පාපකර්ම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩබැස්සාට.. අපෝ උඹ ලබන අවුරුද්දෙවත් ඩයරි ලියන්න පටන් ගන්න එකක් නෑ මොකද පටිසන් දෙන්න තියෙනවා පෙර වැරදි වලට... හෙහ්..

      Delete
  7. මිනිස්සු ආත්මගරුත්වය පරදුවට තියලා හිඟාකන දේවල කීපයක් මම නෝට් කරලා තියෙනවා. ඩයරි, කැලැන්ඩර්, රඹුටන්.

    මමත් කාලයක් සිරාවටම ඩයරි ලිව්වා මගේ පරන ප්‍රේම පුරාණ ගැන. අර අලියා ගහන්න පන්නපු කතාවෙ මාම් ඒ එකක් තමයි ගාමිණීගෙ ක්වාර්ටර්ස් එකේ දාලා එන්නෙ.

    පස්සෙ මම ඕවා ගිණිදෙවියන්ට පුදනවා අලුත් එකක් පටන් ගත්ත ගමං. හැබැයි අද තිබ්බා නම් ඒවා ඉංග්‍රීසි සාහිත්‍ය පෝෂනය මාර කලා නිර්මාණ වෙනවට කිසි සැකයක් නෑ. :D

    උඹ සහ සෙන්නා වගෙ මමත් වෙනත් භාෂාවලින් ඩයරි ක්ලියලා ත්යෙනවා. මමත් ඔය රුසියානු සහ ජර්මන් වලින් ඩයරි ලියලා තියෙනවා. හැබේයි රුසියන් අකුරු වලින් ඉංග්‍රීසියෙන් ලිව්වේ. ඒකෙදි ජර්මන් වගේ භාෂා ඥානයක් තිබ්බෙ නෑ. දැන් මතක නෑනෙ ඒවායින් වැඩි කොටස.

    ඊට පස්සෙ ලිව්වා IPS -International Phonetic Symbols වලින්. ඔය ඩික්ෂනරි වල pronunciation දාලා තියෙන්නෙ ඒවායින්.

    Modern Talking අපිත් ප්‍රිය කරන ගෲප් එකක් තමයි. යකෝ TOTAL RECALL මමත් බලල තිබ්බට ඔය කෑලි 3නේ සීන් එක මට මතකම නෑනෙ.

    මම අර උඹ කිව්ව වෙදකම කලා මගේ බ්ලොග් පෝස්ට් එකට. ඒක අප්ඩේට් වෙලත් නෑ බං.

    ReplyDelete
    Replies
    1. මම දාන කමෙන්ට් ටිකකින් අතුරුදහන් වෙනවා. ඒක බලන්නයි මේ. මේත් මමම තමයි, හරි?

      Delete
    2. මුලින්ම කියන්න ඕන උඹට නෑ උඹේ බලගෙට ලෙඩක් ඇති බව... හැක්..

      ටෝටල් රිකෝල් එකේ ඔය තිසර තුන අවස්ථා තුනකදි විතර තමා පෙන්නන්නේ මට මතක විදියට. ඒ දවස් වල හැටියට අපි හොල්මං වෙලා බැලුවේ ඕවා... ඇයි යකඩෝ ජීවිතේට හිතන දේවල්යැ.

      අපරාදේ බං ගිණි දෙවියන්ට දුන්නේ. මං හිතන්නේ ඒ කාලේ ලියපුවා දැං වගේ නෙමෙයි බොක්කෙන් නේ එන්නේ සිරාවට තියෙනවා.. මමත් එහෙම ගොං වැඩ කරා බං මගේ කවි පොත් දෙකකටයි කෙටි කතා පොතකටයි දුකේ බැරුවා... හා ඔව් පරණ ලව් සීන් වල ලියුං එක්කම..

      Delete
  8. චික් මේ පොටෝ කෑල්ලේ කැත... මම අර නිශාන් ගේ එකටත් ගිහිං කිව්වා මේ බ්ලොග් ලියන කොල්ලො ගන්න දෙයක් නෑ දැන්..

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඕක මොකක්ද රජා ඔය ගැන පෝස්ට්කටුවක් ම රහ කරල ලියල, දැනට ටොප් ලිස්ට් එකේ උඩින්ම තියාන ඉන්නේ.. හැක්.. නිශාන්ට කතන්දර ශුරීන් නමක් දාලා දන්නවැයි ඒක.. පයියේ නිශාන්... හැක්...

      Delete
  9. මම නම් මට කියන වැඩ ටික ලියා ගන්නවා.දේශකයා යහළුවන්ට දිපු ලැයිස්තුව නම් මරුනේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හීයා.. ඉස්කෝලේ කාලේ ඔය ලැයිස්තු නැත්නං වැඩක් නෑ බොලේ...

      Delete
    2. අයියෝ මට අමතක උනා. මට ඒතරං වැඩක් නැති හින්දා මොලේ සැහෙන්න ජීබී ගානක් ඉතුරුත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඔන්න ඔහේ ඒකෙම තියාගෙන ඉන්නවා..

      Delete
  10. පින්තුරෙ දැක්ක ගමන් හිතුවෙ ලංකාවෙ TV වල වැඩ සටහන් කරන අර රෝෂයි,මේ රෝෂයි කරන/කරපු අයගෙන් එක්කනෙක් "කිහිල්ල"ටත් උක්කුන් එකක් හයි කොරෝගන ඇවිල්ල කියල.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අයියෝ අප්පිරියානේ බෑ ඔය නිරෝෂා දැං හිරු එකට ගිහිං කරන නිරුවත් පොග්‍රැම් බලන්න... බලපං කෙන්ජියෝ මේක මාත්තුරුකාවට අදාල නැතිව දැපු පොටෝ එකක්ය කියල සමහර අය මේල් එවනවනේ...අඩෙනව බං

      Delete
  11. හැබෑට අර පොටෝවෙයි ඩයරියෙයි මොකක්ම හරි ඉන් අ රිලේෂ සිප් එකක් තියද ඈ

    ReplyDelete
    Replies
    1. යා යා ඇත. ඔය විදයේ එකක් ඇති විඩීයෝ පීස් එකද දුන් බව ඩයරියේ ලියා ඇත. තරුවා හුග දවසකින්... මුනු පොතේ සැරිසරනු දුටුවෙමි එහෙත්... ඉඩ ලද විට එන්න එය සතුටකි...

      Delete
    2. එන්ට වෙලාවක් නෑ අප්පා...බුකියට ඉතින් පොත අස්සන් කරන්න යනවනේ..බ්ලොග් අමතක වෙලාම ගිහින් වගේ... එන්නම් ඉඩ ලැබෙන විදිහට :)

      Delete
  12. ඉස්සරම ඩයරියක් ලිව්ව.ඊලඟ අවුරුද්දෙ නැවත කියවනකොට හිතුන ගෙලවැල දගන්න. ඒ නිසා පුලුස්සා දමා...ආයිත් නොලිව්වෙමි..හිකිස්

    ReplyDelete
    Replies
    1. අයියෝ උඹ හරිම මනමාලයෙක් වෙන්ටැති ඒ කියන්නේ.. හිකි

      Delete
  13. ජිවිතේට ඩයරි එකක් ලියලා නෑ.ඒවා හොරෙන් කියවන එක තමා මගේ ආසාව.හැබැයි මටත් දේශකයාට වගේ O/L ලියන කාලේ ඉදලා හැම අවුරුද්දෙම ඩයරි හම්බුනා. ලියන්නේ Personal Details ටික විතරයි. එතනින් එහාට හිස්.

    අන්තිමේදී ඒවාත් නොලියා ඒ ඩයරි අනිත් අයට දුන්නා.කෙල්ලන්ට. එවුන්ට තමා ඩයරි ලියන පිස්සුව හුඟක් තියෙන්නේ.කඩේට ගියත්,ටවුන් ගියත්, කොල්ලෙක් බැලුවත් වගේ වෙන හැමදෙයක්ම කෙල්ලෝ ලියනවා.කෙල්ලන්ගේ ඩයරි කියවපු ඈයෝ ඒ ගැන දන්නවා ඇති හොදට.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ..කොල්ලෙක් බැලුවත් ලියනවා... අද අරයා මං දිහා බැලුවා කියලා.. අපේ මහත්තයට ඕවා අහුඋනාම මං ඉවරයි ඉතිං නෝණ්ඩි කරලම... හි හි....

      Delete
    2. @ ඉෂාන්
      සමාජ සම්මතය අනුව වැරදි වැඩකි.. හෙහ්... මම නං මලනුවන් දෙනෙනාගේ ඒවා කියවා අතේ කෝට් කර ඇත්තෙමි..හික්..

      Delete
    3. @ හිරු
      අපේ මහත්තයා හොද කෙනෙක් නිසා හොදයි නැත්නං තොට දෙන්න ඕන ඉස්ම යන්න.. කොරන වැඩ වලට.. දැං අදුරන්නැති එකෙක් හිනා උනොත් උඹ මොකක් කියලයි දාන්නේ එතකොට...

      Delete
  14. ඩයරි ගැන නෝ ටෝකිං... ඔය තිසර තුනේ කතාව මං ඇහුවෙ කුවේණිගෙ මුලින්ම.. ඊට පස්සෙ නෙට් එකේ හොයල බැලුවා... සීන් එක ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඔව් බං අර උඩින්ම තියෙන රජාගේ එක බලහං. ඌ වහ වැටිල නේ ඒක ලියල තියෙන්නේ...

      Delete
  15. හෙහ් හෙහ් උඹව අදහන්න වටිනවා.මට නම් ඩයරි ලියන පුරුද්දක් ලොවෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති උනාට කමක් නෑ.. ඔය එක එක දේවල් පයියේ දාගෙන යනව හෙම නෙමෙයි අහුවෙන්න...

      Delete
  16. මගේ ඩයරි කෙරුවාවත් මග නවතින එකක් තමයි. දැන් නම් පාවිච්චියක් නෑ.

    ගණිතය අච්චු පොත
    ලයිටරය

    ඇයි මේ.. ලයිටරේ සූත්තරේක ට අනුව පත්තු කරන්න ද ..;)

    //සමහර දේවල් කොයි තරං තේරුං කරන්න උත්සාහ කරත් තේරුං නොගන්න විත්තිය// හ්ම්.. ඒක ඇත්ත.

    ReplyDelete
    Replies
    1. නෑ බොල සෑට කම්මැලි උනාම ලයිට් පත්තු කරන්න..

      අන්තිම එක නං පට්ට ඇත්ත බව මටත් හොදටම තේරිලයි තියේනේ...

      Delete
  17. අපි නම් අනුන්ගේ ඩයරි කියවන්නෙ නැති නිසා පෝස්ට් එක කියෙව්වේ නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙම බෝසතානන් කෙනෙක්.. හික්...

      Delete
  18. බත් කන ගමන් කියෙව්වේ. කමෙන්ට් එකක් දාන්න අමතක වෙලා ආයේ ආවා.

    මාත් ඩයරි ලියනවා. හැබැයි උපරිම මාස එක හමාරයි නැත්නම් දෙකයි. ඉස්සර මං සතියකට ඩීවීඩී පහක් විතර ගහනවා ෆිල්ම්ස් එහෙම. ඉතින් ඔව්වා පිට ගියාම එකතු කරන්න අමතක වෙනවා. බැරිම තැන හැදුවා දන්නා ශිල්ප දාලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. සීඩී ඉන් අවුට් රෙජිස්ටර් එකක්. දෙයියන්ගේ පිහිටෙන් ෆර්ස්ට් ඇන්ඩ් සෙකන්ඩ් පේජස් දෙකනම් හදා ගත්තා. තාමත් අවුරුද්දකට සැරයක් විතර ඩේටා බේස් එක එඩිට් කරන්න හිතාගෙන ඇක්සස් දාගන්නවා. ඒක ඉන්ස්ටෝල් වෙනකම් බ්ලොග් බලනවා. ඊට පස්සේ නිදාගන්නවා. :D

    ReplyDelete
    Replies
    1. උඹේ රිප්ලයි කිරිල්ලනම් ඇත්තටම පරක්කුයි. අවන්කෙන්මයි කියන්නේ මං ඒකට කැමති නෑ. තමන්ගේ කමෙන්ට් එහෙකට ඊළඟ පාර එනකොට රිප්ලයි එකක් නැත්නම් ඇත්තටම අප්සෙට්.

      Delete
    2. අනේ බොල මටත් ඔය සෙතේ තමා.. ලොකු වැඩක් කොරන්නෙයි කියල පටන් ගන්නවා. ඕං එක බලගයක් බලල එනවයි කියල ගියාම, ඔක්කෝමත් බලල ප්‍රතිචාරත් දාල ඒත් වෙලාව මදි වෙලා නාහෙන් අඩ අඩ යනවා.. හැක්... මාතලං කියල තිබුන වගේ මේක අරක්කු වලට ඇබ්බැහි උනාට වඩා භයානකයි බං..

      ඇත්ත ඇත්ත ඒක පිළිගන්නවා. පෞද්ගලික කරුණු හා හේතු මත එය කිරීමේ අපහසුතාවක් තියෙනවා බං...මම දන්නවා මොකද මාත් ටිකක් අවුල් වෙනව දාපු එකට උත්තර නැතිනං. උඹ මොනා උනත් බය වෙන්න එපා.. මම හැම එකකටම උත්තර දෙනවා. මගේ විදිය මේකයි බං.. පෝස්ට්කටුව දාල අතාරිනව, ඊට පස්සේ විටින් විට පුරස්න එහෙම තියේද කියල බැලුවට අනිත් ඒවට උත්තර දෙන්නේ දවසකට දෙකකට පස්සෙයි. හැබැයි මම උත්තර දීලා අහවර නං අනිවා පැයක් යන්න කලින් තව එකක් කොටබාලා ඇති...

      Delete
  19. මම නම් ඩයරියක් පාවිච්චි කරනවා.. බාර ගත්ත වැඩ ටික මතක තියා ගන්න බැරි නිසා ඩයරිය තමයි ලේසිම වැඩේ..

    ReplyDelete
    Replies
    1. අනේ බන්ඩෝ. උඹ කොහේද හිටියේ.. මම මේ පිල්ලියක් යවලවත් බලන්න හිටියේ.. අටෝරාසියක් වැඩ අස්සේ ඒක කරන්න බැරි උනා.. බාර ගත්ත වැඩද බඩුද?? හික්

      Delete
  20. යකෝ මු ගිනි පොලී ඩයල් එකක් වගේනේ. මට නම් ඔය ඩයරි කියන එක අරහන්

    ReplyDelete
    Replies
    1. හෙහ්.. බොලාට මොකටෙයි ඩයරි... ඕං ඕකනේ අර තේරුං කරන්න බැරි කතාව කියන්න වෙන්නේ... හික්.. කොහොමෙයි කාන්තාරේ ඔටුවෝ යනවැයි තාම...මිටි අරගෙන...

      Delete
  21. මටනං පෙන්නන්න බැරි දෙයක් තමයි ඔය ඩයරි. ඕව අරගෙන අපි මොනව ලියන්නද?

    අර දිනිත ගණිතය අච්චු පොතයි ලයිටරෙයි අරං ගියාට පස්සෙ බොට හම්බඋනේ අච්චු පොතේ අළු ටිකද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අයියේ මේ කොන්ක්‍රීට් බලගේ ලියන්න නොසෑහෙන්න දේවල් තියෙන එකේ කෝ ඔය ඩයරි ලියන්න වෙලාවක්. මම පිළිගන්නව ප්‍රසාට වෙලාවක් කොහෙත්ම නෑ කියලා..

      ඕං ඕකට නං හයියෙන් හිනා ගියා.. අළු ටික... හෙක්.... අම්මප ලග හිටිය නං දෙනවා තොට උම්මා එකක්

      Delete
  22. හප්පා යාලුවන්ට උඹව මරන් කන්න හිතෙන්න ඇති උඹ ලිස්ට් එක ලියලා තියෙනවා දැක්කාම

    ReplyDelete
    Replies
    1. ඔව් බං, උන් අවුල් උනා ටෝටලි... කොච්චර කිව්වත් තේරුං ගත්තේ නෑ.. මාත් ඉතිං ඉවසං හිටියා මුං ආයේ මොකක් හරි ගෙනිච්චොත් කියනනේ ඕං තෝ ඩයරියේ ලියනව හෙම නෙමෙයි කියලා...

      Delete
  23. මම ගටයා කාලේ ලියපු ඩයිරි ඔක්කෝම ගැට කාලෙන් පැන්න ගමන් කියෙව්වා.

    අයියෝ චී කියලා හිතුනා.

    පස්සේ ඔක්කෝම ගිනි දෙයියන්ට පිදුවා.

    දැන් මැදි වයසෙදි හිතෙනවා අපරාදේ පිච්චුවේ ඒවා දැන් කියෙව්වනම් අමුතු රසයක් තියෙයි නේද කියලා.

    ReplyDelete
    Replies
    1. හුගක් අයට එහෙම තමා බං.. දැං බලහං ඩුඩෙටත් හිතිලා. මටත් ඔය ලියපු දේවල් ගිනි තිබ්බේ අපරාදේ කියල හිතුනා. ඒක තරුණ කාලේ මද කිපීමක්ද කොහේද බං.. හැමෝටම පොදු.. මම දන්නව ගැල්ලමයි හිටං පුච්චනවා පරණ ඒවා..

      Delete
  24. ඩයරියක් ලියන්න ගත්තා මේ අවුරුද්දේ ඉඳන්.. සිරාවටම ඒක පට්ට ආතල් සීන් එකක්.

    ReplyDelete
    Replies
    1. හා හා ආරංචියි ඩයරියක් ගත්ත එක... ලියාපංකෝ ඉතිං ලස්සනට...

      Delete
  25. නංගි බබා කැන්දන් ආව දවසට කලින් දවසේ මම දිනපොතෙන් දික්කසාද වුනෙමි. ඒ දෙන්නෙකුට ආදරේ කරන්න බැරි නිසා. ඉලංදාරියා සංදියේ දින පොතට මගේ ලඟ තිබුනු තැන උඹට දැන් හිතාගත හැකියි නෙවෙද....?

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ ලව් කරපු තරම හිතාගත්තැකි.. මොනවද ඒකේ නොලිව්වේ කියන එකයි පුරස්නේ.. දැන් නැත්ද බං ඒවා ඉතුරු වෙලා...

      Delete
  26. හැබැයි කාගෙන්වත් ඩයරි හිඟාකාලා නෑ මේ වෙනකම්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මටත් අප්පිරියම දේ තමා ඔය හිගාකෑම... මහ නිවට වෙන්න එපායැ තව එකෙක් ගාව...

      Delete
  27. අලුත් ටොටල් රිකෝල් එකෙත් ඔය සීන් එක තියනවා. සාමාන්‍යයෙන් අනුන්ගේ ඩයරි කියවන එකත් අනුන්ට ඩයරි පෙන්වන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. අප්පා ජොන් මල්ලි මේ පැත්තෙත් ඇවිල්ලා. රසකතා නං එනවමනේ... ඔව් බං තමන්ගේ පුද්ගලික දේ තමන්ටම තියාගත්තම ඉදිරි කරදර නෑ.. අළුත් ටෝටල් රිකෝල් එක ගැන දන්නෑ බං... විස්තරයක් තියෙනවැයි..

      Delete
  28. මගෙ තිබ්බ ඩයරියක් ඒ ලෙවල් කරන කාලෙ... එක එක බහුබූත සහ කවි තමයි ඒකෙ වැඩියෙන්ම ලිව්වෙ... දින අනුව සටහන් තිබ්බෙ බොහොම ටිකයි... නිකං හිතට එන ඒවා ලියන්න තමයි ඒක පාවිච්චි කලේ...

    ඒ කාලෙ මම බෝඩිං කාරයා නිසා සොඳුර පත්තර පරිස්සමට තියලා තිබ්බෙ මා ලඟ තමයි... අපි කියවයි ඔය මල ජරාව...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ ඩයරිය දැං නැත්ද... පරණ මතක කියල ප්‍රවර්ගයක් හදලා දාහංකෝ ඒවා.. ඔව් ඔව් අතට දුන්නත් බලන්නැති විත්තිය දන්නවා උඹනං... සොදුර

      Delete
  29. හෙහ් MODERN TALKING උබල අර මැඬොනාගෙ එව්වත් ඇහුවද :D

    ReplyDelete