Wednesday, March 20, 2013

Why Should I



අද උදේ බොහොම කාලෙකින් අහන්න ලැබුනා නිමල් ගුණසේකර නම් වූ හුදකලා වූ ගායකයාගේ ගීත කිහිපයක්ම. ඒ ඔස්සේ මගේ සිත දිව ගියේ මේ ගායකයා මොන තරම් කාලෙක ඉදල සරල ගීත ක්ෂේත්‍රයට පෑයු මිනිකැටයක් මෙන් දිදුලනවද කියන එක. දැං කාලේ ගැටයන්ට මේ කව්ද කියල අමුතුවෙන් හදුන්වලා දෙන්න වෙලා තිබුනත්, අප තාමත් ගායකයා මතකයේ නොමැතිව වුවත් ගීතය අහපු ගමන් මේ කව්ද කියල කියන්න පුළුවන් තරම් විඥානයක් ලබා ගෙන තියෙන්නේ, ඒ දවස් වල ගුවන්විදුලි සංස්ථාව (මේකට මොන එහෙකට ගුවන් විදුලි කියල නම දැම්මද මන්ද.. නැත්නං රේඩියෝ කෙහොමද ගුවන්විදුලි වෙන්නේ. මං හිතන්නේ ඒ දචස් වල තිබුන නොදැනුවත්කම මත සිංහල භාෂාවට ඇතුල් වෙච්චි නරකම තේරුමක් ඇති වචන වලින් එකක් තමා මේ) අපට හොද සරල ගීයක රස විදින්න සලස්වපු හින්ද නෙව. අහන්න තිබුනෙත් එක චැනල් එක වෙච්චි එකේ ඒකෙන් සමාජයට වෙච්චි සේවය මොන තරංද කියල කිරල මැනල බලන්න බෑ. ඒ ඔස්සේ බිහිවෙච්චි ශිල්පීන් සංගීතය, සරල ගීය, ගේය පද රචනය කියන කාරණා වලදී ඉතා විශිෂ්ට නිර්මාණ ඇති කිරීමට පෙරමුණ ගත්තා, පර්යේෂණ කටයුතු කලා. 

ගුවන් විදුලියෙන් අහපු සංගීත වැඩසටහන්, ගුවන් විදුලි නාට්‍ය, සාහිත්‍ය වැඩසටහන් හරහා අපි සාහිත්‍යය, කලාව පැත්තට යොමු කළාය කියන එක අතිශයෝක්තියක් නෙමෙයි. ගුවන් විදුලි සංස්ථාව කියන්නේ ඒ දවස් වල විශිෂ්ටයන් බිහිකරන තැනක් උනේ, ඒ උදවිය පඩියක් ලඩියක් බලාගෙනම වැඩ නොකර හින්දයි. අපේ හැලපයියා කිව්වා වගේ ඒ දවස් වල තිබුනේ ඇම්මක්. මේ ඇම්ම හින්දම ලාංකිය සාහිත්‍යය, කලාව හොද තැනකට අරගෙන එන්න ඒ උදවිය ට හැකියාව ලැබුනා.

නමුත් 1977 න් පසුව සමාජය උඩුයටිකුරු වීම හරහා හැමදේම මුදලට මනින පරිසරයක් තුල, එවැනි ශිල්පීන්ගේ රදාපැවැත්මට බාධා එල්ල උනේ, අනිවාර්යෙන්ම වැටෙන්න තියෙන ගස් වල තත්වෙට එම ශිල්පීන් පත් වූ හින්දයි. යම් යම් දේශපාලන තර්ජන ගර්ජන හින්දා කලාව පෝෂණය කිරීමට අත්වැල් දෙන්න බැරි උන ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඉන්නව වගේම ඒ හින්දම කලාව ආපස්සට යෑම සිදු උනා. හැම දේම මුදලට තීරණය කරන සමාජයක ඊට වියුක්තව නැගී සිටීම ඇත්තටම අභියෝගයක් උනත් තාමත් අතලොස්සක් තරම් වූ කලාකරුවන් ප්‍රමාණයක් උඩුගම් බලා පීනන්න වැර දරනවා. එය අපට ශක්තියක් උනත් කුරවල් වෙච්චි සමාජයක් තුල ඔවුන්ගේ පැවැත්ම අවිනිශ්චිතයි. 

මේ හේතුන් හින්දා ලාංකිය ගීත කලාව, නාට්‍ය කලාව, ටෙලි නාට්‍ය කලාව, චිත්‍රපටි ආදි හැමදේම ආපස්සට ගමන් කරන්නේ මාර්කට් කරන්න බැරි දේ සමාජය තුල බලෙන් එබ්බවීමේ අභිලාෂයක් කළු කඩ කාරයන්ට නොමැති හින්දයි. දැං ටෙලි නාට්‍යයක් හදලා ඒක විකුණන්නේ මොකක් හරි ටීවී චැනල් එකකට. ඉස්සර එහෙමද නෑ. කවුරු හරි ස්පොන්සර් කෙනෙක් ඒක මිලදී අරගෙන අපට වෙලාවක් හදලා බලන්න දෙනවා. එතැනදි වැල වගේ ඇදෙන දැන්වීම් නොමැතිව නැරඹීමේ හැකියාවක් තිබුනා. දැං කොහොමද වචන දෙකක් කිව්වා ඇඩ් පනහක් විතර දානවා. මේ යක්කුන්ට ඕන සල්ලි මිසක් නිර්මාණ නෙමෙයි. මේ තත්වය හින්දම සමාජයට හොද නිර්මාණ දායාද කළ ජයන්ත චන්ද්‍රසිරි වැන්නවුන්ට නිහඩ වන්නට සිදු වෙනවා. වේදිකාව ජයගත් ලූෂන්ලට, සල්ලි දීලා රිප්‍රඩක්ෂන් කරන්න වෙනවා. එහෙම නැත්නං නිහඩව ඉන්න සිදු වෙනවා.

ඒ ඔක්කොම හරියි කිව්වත් මොනවද මේ පෙන්නන නිර්මාණ. ඇත්තටම බැලුවොත් ඊට වඩා හොද ටෙලියක් දෙකක් අපිට හදන්න පුළුවන්. අර තිරිමාදුර කියන නළුවා කෙලින්ම කිව්වේ දැං කලාකාරයෝ හරියට කුලීකාරයෝ වගෙයි කියල. ඒක ඇත්තම කතාව. හුගක් අයට ඩෝං ගියත් දැං වැඩ සිද්ධ වෙන්නේ ඒ විදියට තමා. දිනක සේවය = දිනක පඩිය

මේකෙන් කලාවක් ඇතිවෙනවද නැත්නං කළුකඩ කාරයන්ට සල්ලි හොයල දෙනවද කියන එක ප්‍රශ්න කරන්නවත් ඕන නැති දෙයක්. ජයන්ත චන්ද්‍රසිරි වෙද හාමිනේ කරල ඒක රූපවාහිනියේ පෙන්නන කොට මොන වැඩ තිබුනත් ඒක බලන්න වෙලාව හදාගත්ත අපි, ජයන්තගේ ඊට පස්සේ ආපු ටෙලි බලන්න තොල කට ලෙව කකා හිටියේ. ඒ වගේ හොද ටෙලි ගණනාවක් පහුගිය අවුරුදු වල රූපවාහිනියේ පෙන්නුවත් දැං තියෙන එක වාණිජ නාලිකාවකවත් අවුරුදු දෙකකින් මෙහාට පිරිපුන් නිර්මාණයක් ඉදිරිපත් කරල නෑ. තනිකරම කසඩ රූප පෙළක් විතරයි පෙන්න්නේ. 

ගීතයට වෙලා තියෙන්නෙත් ඒ සෙතේ මයි. සරල ගීත ශිල්පීන් දැන් නිර්මාණකරනයේ යෙදෙන්නෙ නෑ. ඇත්තටම හොද නිර්මාණ කරුවන්, ගේය පද රචකයන්, සංගීත ශිල්පීන් හිටියත් ඔවුන් කරන නිර්මාණ මාර්කට් කරන්න මේ හිවල් වෙළද අරමුණූ මුල් කර ගත් ආයතන වලට අවශ්‍යතාවයක් නෑ. ඔවුන් දෙකේ කොලේට දාලා වැඩ කරාම, ඊට කොහේතම විරුද්ධ හොද කලා ශිල්පීන් නිහඩ වීම හැර වෙන දෙයක් අපිට පෙනෙන්නේ නෑ. අපිත් කලාව කලාව කිය කිය හිටියට හොද දේ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැහැ අවංකව කිව්වොත් අපත් ඔවුන් සේම ගොදුරු බවට පත්ව තියෙන විත්තිය හොදා කාරවම පේන්නේ, හැම මිනිහම තමන් හදාගත්ත ලෝකයේ අඩිය තබනව විනා වෙන කිසිම දෙයක් ගැන විශ්වාසයක් වත් උනන්දුවක් වත් නැති මොට මිනිසුන් බවට මේ ආර්තික, සමාජ හා දේශපාලන රාමුව අප හැඩගස්වා ඇති නිසයි. වෙනසක් දකින්න ආසාව තිබුනත් ඒ සදහා සුළු හෝ සකැපවීමක් තබා, උනන්දුවක් වත් නැති නිවට ගතියෙන් කල් ගෙවීම තව ටික කාලයක් යන කොට අපට තේරෙන එක අනිවාර්යයි.


First they came for the Socialists, and I did not speak out--

Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out-- 

Because I was not a Trade Unionist.

Then they came for the Jews, and I did not speak out-- 

Because I was not a Jew.

Then they came for me--and there was no one left to speak for me.

Martin Niemöller (1892-1984)

අන්තිමට නිමල් ගුණසේකර ගැන නොලියා වෙන මගුලක් තමා ලියන්න උනේ. ඒත් කමක් නෑ ගී පැදුරේ ඔය විස්තර තියෙනවා රස විදින්න පුළුවන් විදියේ..

65 comments:

  1. සම්පුර්ණ ඇත්ත කතාවක් බන්.

    ReplyDelete
    Replies
    1. Why Should I
      - දේශකයා

      Delete
    2. හෙහ් යාළුවා පැනලා මට කලින්.. ඔව් බං ඇත්ත වගේ... තැන්කුයි අයිලාෂ් සීයේ

      Delete
  2. ඔබ අහලා ඇතිනෙ "ප්‍රේම මායා දැලෙන් පැටලී නොයන්" එතකොට ඉර නැහැ වෙනස් වෙලා, මට නොවේ ඔබ ආදරේ කලේ, බොහෝ දුර ඇවිත්, මේ හැම ගීතයක් අතරම මම කැමතිම ඔහුගේ වැඩිම ජනප්‍රිය වූ ආවාට තිබුනත් නිසසල සඳමත ගීතයයි. ඔහු ගායකයෙක්ට වඩා වාදකයෙක්. ගම යක්කල. මම ඒ කාලේ ආයූර්වේදේ ඉන්න කාලේ කිරිකිත්තමුල්ල කියලා ප්‍රදේශයක් තිබ්බා. අපි ඒ පැත්තට යන්න වෙනම පාරක් තිබ්බත් මම හාමිනේව බෝඩිමට දාල එනකොට ලේසියට එන්නෙ කිරිදි වැල පාර දිගේ. ඒ ඇවිත් නිමල් ගුණසේකරයන්ගේ නිවස අසලින් තමයි දිනපතා ගමන් කරන්නෙ. අපි නිතර දැකලම පොඩි ඇදුනුම් කමක් තිබ්බා. කොහොම හරි මම මේ වටේ පාරෙන් එන හේතුව ඔහු දිනක් යක්කල හංදියේදී දැනගත්තා. එදින සිට මට බොහොඅම ලෙන්ගතු වුනා. අපූරු මිනිසෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මිනිසුන්ට් දීර්ඝායුශ ලැබෙන්න ඕන..මුදල් පස්සෙ ,බලය පස්සෙ නොදුවන..විශිෂ්ඨ කලාකරුවන්.

      Delete
    2. @ මහ වෙදනා
      ඉතිං මහත්තයෝ ඒ මතකයන් අවදි කරන්නකෝ.. අපි හරි ආසයි ඕව අහගන්න.. නිහතමානි ගායකයෙක්.. ඔව් ඔහු හොද වාදකයෙන් ඩී ඩී ගුණසේනයන් වගේම. නමුත් සෑහෙන්න හුදකලා වී ඉන්නේ. එක් දිනක් මටද ඔහු මුන ගැසී ඇති අප විසින් සංවිධානය කළ ප්‍රසංගයකදී. ඉතාම නිහතමානියි ඔහු..

      Delete
    3. @ වීයා
      ඕන කෙනෙකුට දිර්ඝායුෂ ලැබෙන්න ඕන. මේවැනි අය මාර්කට් නොවීම හරහා ක්ෂේත්‍රෙයන් හුදකලා කොට ඇත

      Delete
  3. ඇයි සින්දුවලට ලින්ක්ස් නොදැම්මේ?

    ReplyDelete
    Replies
    1. ඕනනම් හොයාගනිල්ලා බං
      - දේශකයා

      Delete
    2. @ - දේශකයා

      Chrome 25.0
      Win7
      1280x1024
      Sri Lanka Flag
      Sri Lanka
      Sri Lanka Telecom (112.134.250.20)

      Delete
    3. @ කකා
      ටැංකුයි... ඒත් මම හිතුවා මොකටද හැම එකම මල් වට්ටියේ තියල දෙන්නේ කියලා.. ඒකයි..

      Delete
    4. @ ඇනෝ දේශක

      ඒක තමා බොල මම කිව්වේ...

      Delete
    5. @ Anonymous March 20, 2013 at 11:19 PM
      නම නෑනේ බං... අයිඩී කොපි එකක් වත් නැත්ද???

      Delete
  4. මචන් ඔක්කෝමටම කලින් add ගැන දෙයක් කියන්නම් .
    සාමාන්‍යයෙන් MCR එකේම current බිල එනවා මාසෙකට
    ලක්ෂ 6 විතර . Tx වල බිල එනවා ලක්ෂ 30 විතර kandy , col
    ගැහුවත් .MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( MCS X 3)
    5kw UHF Tx එකක් ලක්ෂ 165 විතර වෙනවා .
    පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..


    ඔක්කොම හදන්න ලක්ෂ 1200 විතර යනවා හරියට TV channel
    එකක් කරන්න නම් ...මාසෙකට මුළු වියදම විතරක් යනවා
    සේවයකන්ගේ පඩි වලටම ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ
    කරන තැනක උනත් )

    ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම්
    ඕනේ මාසෙකට ලක්ෂ 165 විතර ..
    තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර . අර රන්මිණි තැන්න හදන
    බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට ..

    ඔක්කොම එකතු කරලා බලන්න දේශා ..මේවා නිකන් ඉබේ පහල වෙන්නේ
    නැහැ...
    ( සැලකිය යුතුයි නිකන් lap දෙකයි වීඩියෝ mixer එකයි තියන් කරන සෙල්ලන්
    ගෙවල් ගැන නෙවේ කිව්වේ ..)

    ඔය ඔක්කොම බේරන් තමයි යන්තන් අටවන් කරන්නේ.කියන්න නම්
    ලේසි .කරලා බලන්න ඕනේ.


    නිර්මාණ ගැන කතා කරොත් එහෙම කියන්න තියෙන්නේ දැන් ඉන්න
    ප්‍රේක්ෂකයෝම තමයි තුට්ටු දෙකේ රසය හොයන්නේ .තවමත් ජාතික
    රූපවාහිනියේ යනවා ඕන තරම් උසස් නිර්මාණ.( චන්ගුමි නෙවේ ) නමුත්
    ඒවා බලන්නේ නැතුව රන් දෙපැය පස්සේ ගියේ කව්ද ?

    අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ...තාමත් SLBC වල උබ ඔය කියන සින්දු ,
    ඉස්සරම ගිය වැඩසටහන් යනවා ....ඒ රසමයි ..ඒවා නොබලා නිකන්
    මෙතන ඔහොම කියන එක හරි නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. ඉහත උනත් මා දක්වා ඇත්තේ ප්‍රධාන පාලක මැදිරි වියදම්
      හා ප්‍රධාන ගුවන්විදුලි සම්ප්‍රේෂණ කටයුතු හා නඩත්තු වියදම්
      පමණි .විකාශන අයිතිය ලබා ගැනීම් වැනි දේ සඳහා ඇතැම් විට
      එක් පැයට මිලියන කීපයක මුදල් ගෙවීමට සිදු වේ.තව studio ,
      library , news agency , වැනි දේ සඳහා මුදල් මැවීමට පවා
      සිදුවේ ...( සියල්ල පැහැදිලි කල නොහැක )

      රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය

      Delete
    2. අපොයි උඹල තමා මේ කලාව කන්නේ බිස්නස් කරන්න ඇවිල්ලා..

      Delete
  5. සහතික ඇත්ත දේශකයා..නිමල් අයියයි එයාට සින්දු ලියපු රොඩ්නි විදානපතිරණයි දයා රාජපක්ෂයි එක්ක මාත් කාලයක් බොහොම ළගින්ම ඇසුරු කළා.. වරකපොලෙ නිමල් අයියලගේ ගෙදර ගිය දවස් එකම රස සාගරයක්..මේ පෝස්ටුවත් එක්ක මතක් වුණා ඒ කාලේ. යන්න ඕන හමුවෙලා එන්න ළගදිම දවසක.

    ReplyDelete
    Replies
    1. නලීන් උඹ අහනව..අහල..ඇති"රෑ ඉරපාන.".බන්දුල නානායක්කාරවසම් මහත්මය ඉදිරිපත් කරන්නෙ.මට හිතෙනව උඹටත් ඒ වගේ ලස්සන කතා ටිකක් ලියන්න පුලුවනි සොඳුරු මිනිසුන්ගේ හිතාදර කම් ගැන, හිතල බලපන්.

      Delete
    2. @ නලීන්
      ඇයි බං ඕවා ලියන්නේ නැත්තේ.. හම්බුවෙලා කියන්ටකෝ අපිත් මතක් කොරාය කියලා.

      Delete
    3. @ වීයා
      බන්දුල ලොක්කගේ වැඩ සටහන මම බලල නෑ ඒත් ඔහුව අපි අවස්ථෘ කිහිපයක දීම ගෙන්නුවා... දේශන වලට.. හරවත් යමක් නෙලන්ට හැකි අයෙක් ඔහු.. උඹලගේ ගමේ නේද... මහින්දේ ඉස්කෝලේ ගිහිල්ල තියෙන්නේ...

      Delete
  6. මම නම් ඕක පිලිගන්නේ නෑ. ඔය උඹ උඩ දාන පිරිස තඩි මොනෝපෝලියක් ගෙනිච්චේ. ඒ නිසා තමයි සදාදර ජෝති එක සින්දුවක්වත් ගුවන් විදුලියේ නොයන්නේ. ඕපන් ඉකොනොමි එක ආවම් උන්ගේ මොනෝපොලියට කුඩු වෙලා ගියා. රූපවාහිනි ටෙලි නාට්‍ය කතන්දරෙත් එහෙමයි, ඒ කාළේ ටෙලි තිබුනේ රූපවාහිනියේ විතරයි. රාත්‍රි 8.30 රූපවාහිනිය බලන එක උප සංස්කෘතියක් වෙලා තිබුනා. අදත් ඉතා උසස් ගනයේ ටෙලි නාට්‍ය අනන්තවත් යනවා. ඕක ඇවිත් අර සුප්‍රසිද්ධ "ඒ කාළේ තමයි කාළේ කියන තියරිය".

    ලෝකේ පුරා සිද්ධවෙන වාහන අනතුරු, බී බී සී. සී එන් එන්. ෆෝක්ස්, අල් ජසීරා වලට නිව්ස් නෙමෙයි නේ. ඒත් ප්ලේන් එකක් ඇක්සිඩන්ට් උනොත් ඒක නිවස් එකක් වෙනවා. අද වෙලා තියෙන්නෙත් ඒකයි. ගීත ඕනා තරම්. අදත් හොඳ ගීත අනන්තවත් බිහිවෙනවා. ටෙලිනාට්‍යත් එහෙමයි. නමුත් වෙළඳ පොල බලාගෙන නිශ්පාදනය වන නිසා බොහෝ දේ ඒකාකාරියි. ඒත් "අපේ කාළේ තිබුනෙ නම් සුපර් බඩු" කියන ජාතියේ ඒවත් අනන්තත් තියෙනවා. ඒ කාළේ ආව ගීත වලිනුත් කීයද මතක තියෙන්නේ. රූපවාහිනියේ හැමදාම 8.30 ට ගිය නාට්‍ය වලින් කීයද මතක තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ගුවන් විදුලිය ට සිද්ධ වෙච්චි දේශපාලන බලපෑම් හේතුවෙන් කලාකරුවන් පිරිසක් හුදකලා වූ බව මම මේකෙම කියා තිබෙනවා. නමුත් ඒ සේවය අවතක්සේරු කරන්න බෑ.. දැං බලන්න කපුගේ දඩුවම් හම්බවෙලා රජරට ගියාම එතැන මොන තරං කලාව ගැන පර්යේෂණ කරන ගැන්සියක් හදන්න උදව් උනාද, කපුගේ මාරු කරපු එක හරිය කියනවා නෙමෙයි. ඒත් ඒකෙනුත් සේවයක් උනා.. හොද නාට්‍ය නෑ කිව්වේ වාණිජ පෞද්ගලික චැනල් වල. අර දෙකේ සාමාන්‍යෙයන් නැරඹිය හැකි ඒවා තියෙනවා... වාණිජකරණයට ලක් වී තිබියදීත්... ඔව් මචං 8.30 ටයිම් එක තමා හැමෝම ප්‍රෙමා්ට් කරේ. අන්තිමට රූපවාහිනියට ඒක නැතුව ගියා

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. යකෝ කුනුහරුපයක් හරි කමක් නෑ... මක්න්නේ මොකද??

      Delete
  8. ඉඳපන් මචං මම ආපුදාක ටෙලියක් කරනව අටමත් අල්ලගෙන ඔන්න බලපන්කො,උඹත් කැමතිනං වරෙන්

    ReplyDelete
    Replies
    1. එල..එල..මාත් ගනින්කො තේ හදන්නවත්..!

      Delete
    2. Helapa kade, තෑන්ක්ස් මචං. මම එනවා.
      - දේශකයා

      Delete
    3. @ හැලප අයියා
      හරි මම එන්නං උඹල වැඩේ කොරපල්ල මට මේසෙ උඩට බෝතල් ටික බලාගන්න දීලා..

      Delete
    4. @ වීයා
      ඒ ගැන හිතා බලන්නංකෝ.. හෙහ්...

      Delete
    5. @ ඇනෝ දේශක
      හා.. උඹත් එනවද වරෙන් වරෙන් ගගක් මූදක් තියෙන තැනක සුට් කරනවනං හොදා...

      Delete
  9. ගීත දෙකක් හරි දාන්න තිබුණා.ආතීතය නැවත කියවිම පිළිබඳව ස්තුතියි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. දාන්නනං තිබුනා ගයනි... ඒත් හිතුනා ඕන නෑ කියලා...

      Delete
  10. " මට නොවේ ඔබ ආදරය කලේ..
    මගෙන් ලද ආදරයට පමණයි ඔබ ආදරය කලේ.."

    හ්ම්ම්ම් මට මතකයි මේ ගායකයව. සංගීත නිර්මාණ ගැන කතා කලොත් ඇති වෙන්නෙ කලකිරීමක් විතරයි දේශෝ..සමහර විට දැන් පවතින සංගීත නිර්මාණවල වදරක් දකින්නත් බෑ. මේක කාලයේ තාලය වෙන්නෙ පුළුවන්..කාලයේ ඉල්ලීම වෙන්න පුළුවන්..

    ලාංකීක නිර්මාණ වගේම ඉන්දියන් සංගීත නිර්මාණවලටත් මේ පෙරළියම තියෙනවා. ඉස්සර අපිට ඇහුන..කණට මී පැණි වක්කරනවා වගේ දැනුන ඉන්දියන් සංගීත නිර්මාණ අද නෑනේ..නව තාක්ෂණය එක්ක ඒවා වෙනස් වෙලා..ඉංග්‍රීසි ඒවාත් එහෙමනේ..තාමත් අපි ආසාවෙන් අහන..රස විඳින ඉංග්‍රීසී ගීත වෙනුවට දැන් තියෙන්නෙ මොනවද..මහා ඝෝශාකාරි නිර්මාණ..

    හැබැයි පරණ ඒවා තරම් පැවැත්මක් නෑ. අද ඇහුනා. හෙට අමතකයි.

    ආ.. නිමල් ගුණසේකරගේ ගීතයක් මෙතැනට එකතු නොකල එක නම් ලොකු අඩුවක්..

    ReplyDelete
    Replies
    1. ආවාට තිබුනත් නිසසල සද මත ඔබ හරි ප්‍රියංකරයි...

      නංගිලාට වාසි බෝ වගේ. අයියලාව පෙනෙන්නෙවත් නෑ ඉතිං

      හෙහ් සින්දු ලෝඩ් එකක් තියෙනවා.. සොයන්නාට සම්බ (හාල් නෙමෙයි බොල) වේ කියනවනේ..

      Delete
  11. අදටටත් උසස් නිර්මාණ බිහිෙවනවා.. කාල ෙව්ලාව නැති නිසා බැලුෙව් නැති උනත් ෙබාෙහාමයක් නාලිකා වල ෙහාද ෙටලි නාට්‍යය විකාශය ෙවනවා.. ඒ අතරම ෙමගා රැල්ලට යන ෙටලි නාට්‍යත් ෙකෙරනවා.
    සයිලන්ට් සහන් කියනවා වගේ නාලිකාවක් පවත්වාෙගන යන ඒක ෙල්සි වැඩක් නෙමෙයි. ලාබ ලබන්න නම් රැල්ලට යා යුතුම ෙවනවා.
    ජාතික නාලිකාව උනත් චන්ගුමීලා ෙගන්වන්නෙ ඒකයි.

    සමහර ගුවන් විදුලි නාලිකා වල පැරනි ගිත තවමත් වාදනය ෙවනවා. අපිට ඒ් ගීත අැෙහන්ෙන් නැත්ෙත් අපි ඒ නාලිකා අහන්ෙන් නැති නිසා..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ බණ්ඩෝ රුක්මණි දේවිගේ , ට්‍රිලීෂියා ගුණවර්ධන,
      'සිරි අයියා' , Priyanka Kodagoda & Shanthilal Kodagoda වගේ
      අයගේ ගීත මම මගේ library එකෙන් දුන්නා
      " හතර බීරි කතාව " ගැන මම දාපු පෝස්ට් එකේදී .. අරන් තිබ්බේ 3 දෙනයි..
      ඒ උනාට පම්පෝරි ගහන්න නම් මිනිස්සු අම්බානට ..සින්දු දුන්නම ගන්න
      කෙනෙක් නැහැ ..ඉතින් මොකටද දෙන්නේ ?ඔය හැම ගීතයම , ටෙලි නාට්‍යම
      තියෙනවා .ඒ උනාට telecast schedule දැම්මොත් බලන්න කෙනෙක් නැහැ ..ආයේ කියනවා ඒවා telecast කරන්නේ නැහැලු ...


      මේ තියෙන්නේ දැනට අපි ළඟ තියෙන සින්දු ටික එයාගේ ..


      Aawaata Thibunata
      Awan Haley
      Baalikawa Langa
      Bala Hidinnata Epa
      Bambara Gomu
      Denethe Enduney (
      Diya Pihinaa
      Dorin Dora
      Duuwillen Piri
      Eka Nimeshayak Ethi
      Etha Edan
      Ethek Seama
      Haduna Nogath
      Hanthaane Kandu
      Hema Dorakma
      Himidiriye Pini
      Hitha Wate Vatak
      Ira Handa Waage
      Ira Nea Wenaswela
      Kaasi Gewa
      Kadulin Nuwan
      Kandulin Nuwan
      Kulugedi Gahalaa
      Maage Namin Pem
      Maage Namin
      Madey Pipuna
      Mage Lowata
      Malata Bigun
      Mata Nowe
      Mea Prema Gangawe
      Mea Seetha Rae
      Milaana Dase
      Nagara Pahan Nivila
      Nage Edin
      Nangilata Waasi (
      Nisala Maa Langa
      Nisasala Rae
      Nopaewasuu Nohengawuu
      Oba Sanda Waage
      Obata Hasareli
      Pesadaalannata Kandulu
      Pipee Suwanda Sudu
      Pooya Daata
      Pooya Daata
      Prema Maaya Dale
      Rathu Rosa
      Rosa Malak
      Sansaara Kandu Mudune
      Sathuta Nimawee
      Sawanata Musukala
      Seethala Raye
      Senehasa Uduraa
      Senehase Maawathe
      Sihina Sedalle
      Siphala Sewane
      Supipee Awaaraye
      Thotiyoo
      Vihara Maluwe
      Wairayak Nowee


      Delete
    2. @ බණ්ඩා
      ඔව් සීමිත ප්‍රමාණයක් ලබා දෙන ප්‍රචාරය හොද කලාවක් පවත්වාගෙන යන්න තරම් ප්‍රමාණවත් නෑ.. සංස්ථාවේ තියෙන චැනල් ටික මොනාද කියලවත් කස්ටිය දැං දන්නේ නෑ...

      Delete
    3. @ සහන්
      ඔය තියෙන්නේ සැට් එකම
      දාපංකෝ සින්දුත් එක්කම පෝස්ට්කටුවක්.. අපිට හෙන වටිනවා...

      Delete
  12. ඕව ඔහොම තමයි බං........කොයිදේත් චක්‍රයක් කියනවනෙ...ආයිත් සුබාවිත ගීතයට තැනක් ඒන ලකුණු තියෙන්නෙ. ටෙලිත් ඒමයි..!

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මාත් එක තැන හිතන්නේ නෑ.. නමුත් ඕන දේක සීමාවක් ප්‍රමානයක් තියෙන්න ඕන. දරන්න බැරි වූ විට කඩා වැටීම අනිවාර්යයි නෙව..

      Delete
  13. Dude:
    තව අවුරුදු දහ පහලොවකින් බ්ලොග් කාරයෝ වන අපි ගැනත් මිනිස්සු ඔහොම කියයි.
    ඕන්නම් බලාපංකො.

    ReplyDelete
    Replies
    1. වඳවී ගිය සත්ව කොට්ඨාශයක් කියල ලිපියකුත් ලියයි නේද මචං

      Delete
    2. @ ඩුඩේ
      හෙහ්... වෙන්න හැකිය..ඉස්සර උන් කොච්චර හොදද කියල උන් කියාවි නේද???? ලෙඩේ හදාගන්න බැරි උනාද බං... .තාම

      Delete
    3. @ හැලපයියා
      අපි වද වූවද ගෙම්බෙකු ඇත අප වෙනුවෙන්...

      Delete
  14. මේ වෙනකොට බලන්නේ නැති වුනත් පහුගිය කාලේ නම් රුපවාහිනියේ හොඳ ටෙලි කීපයක් ගියා මතකයි. වැඩේ කියන්නේ ඔය මගුල අපිට පේන්නේ නෑ. උනුත් අර පරණ පුරුද්දටම VHF වලම එල්ලිලා ඉන්නවා මිසක් ඉන් එහාට යන්නේ නෑනේ. ඉතින් ඒක අල්ලන්න ඇන්ටෙනා ගහන්න ඕන පොල් ගස් උඩ. :D:D

    නිමල් ගුණසේකර ගේ සින්දු වලට මාත් ආසයි. ඔන්න ගී පැදුර පැත්තටත් ගොඩ වුනා. දේශකයාගේ ක්‍රමයෙන් ම කියනවා නම්, ටැංකුයි...! හැක්...! :D

    ReplyDelete
    Replies
    1. \\\උනුත් අර පරණ පුරුද්දටම VHF වලම එල්ලිලා ඉන්නවා මිසක් ඉන් එහාට යන්නේ නෑනේ. ඉතින් ඒක අල්ලන්න ඇන්ටෙනා ගහන්න ඕන පොල් ගස් උඩ. :D:D\\\

      චන්දන ලෝකේ තියෙන හොදම තරංග පරාසය තමයි 170 - 205 MHz
      රූපවාහිනී විකාශන වලට.හැම රටකම වගේ ජාතික නාලිකා ටික දුවන්නේ
      ඒ පරාසයේ.ඒකට හේතුව තමයි පරිවර්තීගොලය ( troposphere ) , අපරිවර්තීගොලය (stratosphere) ,අයන ගෝලය කියන වායු ස්ථර උදව් කරගෙන තමයි අපි විකාශන කටයුතු කරන්නේ .

      අපරිවර්තී ගෝලයේ උපරිම ක්‍රියාකාරීත්වය එන්නේ ඔය රේන්ජ් එකේදී.
      තරංග පොළොවේ වැදිලා අපරවර්තී ගෝලය වෙතට පරාවර්තනය වෙනවා .
      එතනින් ආයෙම පොළොවට එනවා.zig zag විදිහට ට්‍රාන්ස්මීටරේ පවර්
      එක ඉවර වෙනකම් යනවා. ඒ නිසයි VHF වල ඉන්නේ.VHF තමයි
      හොඳම.UHF ගන්නේ මොඩියුලේෂන් කියන ක්‍රියාවලියේදී හැදෙන
      ලෝවර්/ හයර් සයිඩ් බෑන්ඩ් වලට යන තරංග පරාසය අඩු
      කරගන්න.නමුත් UHF වලින් ලොකු දුරක් ගහන්න බැහැ ..
      උපරිම 100km වගේ තමයි. ඊට වඩා වැඩි කරොත් ට්‍රාන්ස්මීටර්
      පවර් එක වෙන්නේ අයන ගෝලයේ වැදිලා වෙන
      රටකට සිග්නල් ගිහින් ඒ රටේ විකාශන බාද වෙන එක ..
      VHF වලදීත් ඒක වෙනවා අගෝස්තු වලදී .තේරුණාද කොච්චර
      බාද මැද්දේද කියල ඔයාලට TV බලන්න දෙන්නේ කියල ..

      Delete
    2. @ චන්චන
      උඹට ඕං උත්තර දෙන්න සහන් ඉන්කවා ඕවට මං නෑ.. නිමල් ගුණසේකරට මමත් කැමතියි බං..

      Delete
    3. @ සහන්
      මටනං මෙව්වා වෙලා මෙව්වා එකද මෙව්වා වී ගියා බං.. ඕවා අහල. අනේ වාසනාවන් අවුරුදු 10 ට විතර කලින් ඉගෙනගත්ත ඒවා මතක් උනා

      Delete
    4. සහන්, ස්තුතියි විස්තර වලට...

      Delete
  15. මෙව්වට කමෙන්ට් දාන්න අපි පොඩි වැඩීයි බං, මේ සින්දු හොයාගෙන අහනව මිසක් කියන්න නම් මක්කවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ආං ඒ ඇති. හොයාගෙන සින්දු අහපල්ලා

      Delete
  16. නිමල් ගුණසේකර අපූරු ගායකයෙක්. මා ගාවත් ගීත ගොඩාක් තියෙනවා ඔහුගේ. ඒ වගේම තමයි මේ ගිරව් වගේ කෑ මොර දෙන රේඩියෝ නාලිකා වලට නොපෙනුනාට හොඳ ගීත බිහිවෙනවා. පුරස්නේ ඒවට වැඩි පොරසිද්දයක් නොලැබීම. අපිට අර පුරුදු ඉව තියෙන නිසා ඕං අපෙන් නම් ඒවා ගිලිහෙන්නේ නෑ ආයිබොවං

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං කියන්නේ. සීමිත ඉඩ පරස්තාව සමාජය වෙත කාවද්දන්න ඒ මදි.. තැන්කුයි

      Delete
  17. ලංකාවේ මෙන්ම ඒවා ලෝක රැලි; නැවත සුභාවිත ගීත තේරුමක් තිබෙන ගීතවලට තැනක් ලැබෙමින් පවතිනවා.

    ReplyDelete
    Replies
    1. අහන්නද සන්තෝසයි.. ඇත්ත රැල්ල පෙරලෙනව වගේ දැනේ.. ලිහිසි පුවරුව කෝකටත් හයියෙන් අල්ලන් යමි.. (සර්ෆින් බෝඩ්)

      Delete
  18. සහතික ඇත්ත කතාව සල්ලි වලට බල්ලොත් මරණ කන කාලයක්

    ReplyDelete
    Replies
    1. සික්. සල්ලිද මල්ලි මනුස්සකමද වටින්නේ... (සල්ලි ගන්න අත දික්කරන ගමන්)

      Delete
  19. ගුවන් විදුලිය කියල දැම්මෙ ගුවන් විහිලුව කියල කියන්න බැරි හින්දයි..
    ලංකාවෙ ටික කාලයක් නොහිටි හින්දා මගෙ දැනුම හරි මොට්ටයි දන්නෙ පරණ ගායක ගායිකොවෙ විතරයි.. ටෙලි නාට්‍යත් එහමයි ඉතිං ප්‍රබුද්ධ විචාරයක් කරන්න තරං කිට්‍ටු අත්දැකීම් නෑ

    ReplyDelete
    Replies
    1. අයියෝ කව්ද කිව්වේ ප්‍රබුද්ද විචාර කොරන්නෙයි කියලා.. හෙහ්.. ඔයාගේ දැනුම හොදටම වැඩියි අප්පා මේවට ලියන්න... මට ඔය ගුවන් විදුලිය කියල දාපු එකාගේ නම හොයල දෙන්න බැරිද? ඉස්සර ඇහුවට දැං අමතකයි. තැන්කුයි අමාරුවෙන් එනවට

      Delete
  20. මම කාලයක් තිස්සෙ හොය හොය ඉන්න ඔහුගේ ගීතයක් කවුරු හරි දන්නවද කියලා බලන්න මේක අවස්ථාවක් කරගන්නවා පින්වතුනි. මතක නැති කෑලි 'තිත්' තියා ඇත.

    පාලම සිඹිනා දිය කඳ ........
    ........................
    වතුර ගලානෝ
    වතුර ගලානෝ සම්පත් දියබත් වෙමිනා
    මන්ද ගඟානෝ නොසතුටු වන්ට කාරණා

    ReplyDelete
    Replies
    1. අනිවා.. සහන් මචෝ. තිසරයාට බ්‍රා එක දීපන්..

      Delete
  21. මට පිස්සු වගේ මේ කමෙන්ට් කියෝලා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා ඒකට කමක් නෑ.. මීට පස්සේ එක කියවල ලුනටික් හොස්පිටල් එකක නවතින්න ලෑස්ති වෙන්න එපා රජෝ...

      Delete
  22. :D බොරු කියන්ඩ ඔන නෑනෙ අප අම්මා තමත් අර ස්වදේශී සේවය අහනවා

    ReplyDelete