Thursday, March 28, 2013

මල් ගෝමර, පෙති ගෝමර, ගෝමර, ගෝමර

ඕං පහුගිය ටිකේ වෙච්ච අලකලංචි ටිකක් හින්දා සතියක් විතර එක දිගටම ජංජාල වෙච්චි මගේ ඔළුව ජාලගත කර ගන්නට බැරි උනා නෙව. වැඩක් නෑ.. එක දිගටම කරදර.. කරදර. මොන විදියෙන් වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.. ඉතිං ඒ ඔක්කෝටම හරියන්න, අතෑරිච්ච, කියවන්න බැරි වෙච්චි හැම දේකටම ආයුබෝවන් කියල, මං නැති ටිකේ මාව හොයා බලා කටයුතු කරපු සහෘදයනුත් විශේෂයෙන්ම, නයා අතෑරල බ්ලොගේ පාළුවට අතෑරිය වෙලාවේ, මම නැති අඩුපාඩුව මගහරවන්න කටයුතු කරපු මගේ ඇනෝ දේශකතුමාටත් ස්තූතිය පුද කරන ගමන්, ඕං හයියෙන් ඈනුමක් හෙම ඇරල ආයේ වැඩ අල්ලන්නයි හදන්නේ.

අද උදේ දේශකයා තමන්ගේ ගුබ්බෑයමේ ඉදල, මාසේ අන්තිමට පඩි ගෙවන තැනට දවස් ගානකට පස්සේ යන්න කියල කල එළි බැහැල නැග්ග බස් එකකට. හුහ්.. සෑහෙන්න කාලෙකින් හොද සිංදු ටිකක් දාපු බස් එකක් තමා ඒක. නැත්නං අර අසරණයගේ යාළුවා නෙව ඔය බස් ඔක්කෝටම වග කියන්නේ.. ආ.. ඔව් පොර අළුතින් එකකුත් ගහල..

කාලයක් තිස්සේ හිතේ කෑකෑරමින් තිබුන අදහසක් එක පාරටම සුරුස් ගාලා ඉහට ඇද්ද ටී එම් ජයරත්න ගායනා කරන මෙන්න මේ ගීතය අහපුවම.

පෙති ගෝමර ඉහුණු බදට
රිදී මාල පළදන්නට
පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා
ඔබේ සිනා ගම්මානෙන් සැගවී යනවා


ඕං අහගන්න ඕන අය අහගන්න එකයි ඇත්තේ. ඔය සින්දුව පටන් ගන්නෙම ගෝමර ගැන කියල නෙව. අපේ සාහිත්‍යය තුල ඔය පෙති ගෝමර, මල් ගෝමර එහෙම කාන්තාවකගේ ඉනවට, බදවට, ළමැදේ තියෙන බව දැක්ක ගමන් කවියා, ගේය පද රචකයාට තමන්ගේ නිර්මාණය බිහිකරන්න බිහිදොරක් වෙලා තියෙන අපුරුව පොඩි කාලෙ ඉදලම දැකගන්න පුළුවන් උනා. ඒ වගේම පෙති ගෝමර කියල පරණ චිත්තරපටියකුත් තිබුන විත්තිය මතක් වෙලා ඒක ගැන හොයන්න ගත්තත්, මට හොද තොරතුරක් හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් විස්තර කියුවනං හෙම..

ඒ කාලේ කලා ඇසකින් කාන්තාවක් දැක්කම, එයාගේ පෙති ගෝමර තියෙන එක අනිවාර්යය අංගයක් උනේ ඒකෙන් ඒ කාන්තාව කොච්චර ලස්සනද කියන එක පෙන්නන්න පුළුවන් තරමේ වර්ණනාවක් විදියටයි. අපේ කවියන්ට ඔය පෙති ගෝමර, මල් ගෝමර හෙම පෙන්නන්න බෑ.. මොකද ඕවා ගැල්ලමයෙක්ගේ කොහේ අරි ගෑවිලා තිබුනොත් අනිවා කවියක් හරි ගීතයක් හරි එළියට එනවාමයි. මමත් ආසම සින්දුවක් තියෙනවා. බිනර මලී

බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සද
....
පුංචි බදේ පෙති ගෝමර සිහියට එනවා

ඕං සින්දුව

ඔය අතරේ කවි කාරයන් ඔය පෙති ගෝමර එක එක මානයන් වලට අරන් ගිහිල්ල තියෙනවා. අපිත් අඩු වැඩි නැතිව ඕව බලල, ගැල්ලමයින්ගේ බදේ පෙති ගෝමර තියෙනවද කියල හෙම හොයා බලල තියෙනවා.

සුනිල් එදිරිසිංහයන් ගායනා කරන කුඩා ගමේ මද්දහනේ ගීතයත් මම ආසම ගීතයක්. ඒකේ සුමට ගලා යාමට තමා මම වැඩියෙන්ම කැමති. ඒකෙත් ඔය මල් ගෝමර ගැන කතා කරනවනේ.

කුඩා ගමේ මද්දහනේ අව්රස්මිය නිවා
කූලි කමතේ ඒ දඩුමං දිගේ ගියා මෙමා
....
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනිම් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් පළදන්නට වරම් නැතිව ගියා


ඒ වගේම සුනිලයන්ගේ රෑ වැඩ මුරය ගීතයෙත් පෙති ගෝමර ගැන සදහන් කරල තියෙනවනේ

නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල් විය නොවෙද මේ දිය කර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් අඩන්නේ


හද ගී පොත ලියන තිස්ස දොඩංගොඩයන් ගෝමර ගාවගත්ත බොහොම ලස්සන ගීතයක් දාලා තිබුනා. ඒක නං අහන්නම ඕන සින්දුවක්.  හැබැයි මේකෙදි නං ගෑවිල තියෙන්නේ රන් ගෝමර වගයක් තමා.

මල් මදහස රැදුනි තොලේ
රන් ගෝමර ඉසුනු බදේ
ගල් අමුණෙන් පැන්න ලදේ
සිරියා කත ඔබය ගමේ

සින්දුව දාන්නේ නෑ.. කැමති අය මේකෙන් ගොහිං හද ගී පොතට ගොඩ වදින්න..

ඔය ගෝමර ගාගත්ත සත්තු හෙම ජාති ඉන්නවා. හා හා ගෑල්ලමයි නෙමෙයි.



ගෝමර පිළිහුඩුවා


ගෝමර සිටිබිච්චා

මට හොයාගන්න පුළුවන් උනේ ඔය දෙන්න විතරයි. තව කස්ටිය ඇති මයේ හිතේ.. ඒ උනත් ගෝමර තනි ඇතින්නක් ගැන කියපු සින්දුවකුත් තියෙනවා. හැබැයි ගීතය හොයාගන්න අමාරුයි.. සයිලන්ට් සහන් උදව් කරාවි ඒකට නං..

මත වර පරසිදුන්ට
මන බැදි සකිසදුන්ට
...
ඇත් කුණ්ඩලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
තනි යහනක නිදන්න
දින ගනිතැයි කියන්න

ඔය වගේම කවිය අවියක් කරගත්ත අපේ ඩෝල්ටන් අල්විස් කවියත් ප්‍රේමය ගැන බොහොම ලස්සනට කතා කළා වගේම දේශය ගැනත් අවධානය යොමු කළා. ඔහු ලියපු මේ ගීතය ගැන වරක් සුනිල් ආරියරත්නයන් ඩෝල්ටන් අල්විස් සමරු දේශනයකදීත් කිව්වා. ඩෝල්ටන් කොල්ලෝ කුඹුර ට බස්සන්නේ ගොයං නෙලන කෙල්ලෝ පෙන්නලයි කියලා..

රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවද කැන්දු කැන්දු
ගතිනි හලා ගයමු
රන් ගොයමේ සින්දු සින්දු
.....
රන්වන් කෙත නෙළන ළියේ
රන් ගෝමර පැළදි ළියේ


ඔය විදියට අමරදේව මහත්තයත් කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ කියලත් කිව්ව නෙව.. අහන්ටකෝ බලන්න ඒකත්.

හා.. හා.. ඔය මාතර ඈයෝන්ට නං ඒ දවස් වල ඉදලම ගෝමර තිබිල තියෙනවා..

මාතර ගගේ සිටිනා කිඹුලිගේ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවනා ගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුළිගේ පැටියා

ඔය කවිය නං ඉතිං දෙයියනේ කියල ඉස්කෝලේ ගියපු එකෙක් නං නාහා ඉන්න විදියක් නෑ නෙව..

ඔය වේදිකා නාට්‍ය වලටත් ගෝමර බෝ නොවුනාම නෙමෙයි. ලූෂන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යෙය් මේ ගීතයත් රන් ගෝමර වැටිලා හැඩ උනා.

හඩන්නෙපා හඩන්නෙපා
මගේ රන් මැණිකෝ
මගේ කළු මැණිකෝ
....
සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ළමැද ගගේ
සුසුම් සලා රගන සැටී
මගේ කෝමලියේ



ඇත්තටම මේ රන් ගෝමර, පෙති ගෝමර, මල් ගෝමර, ගෝමර කියල කියන්නේ තරුණ ගැටිස්සියන්ගේ  තරුණ කාලේදි පිටේ ඇති වෙන ලප හෝ අලුහම් ලප නොවන චර්ම රෝගයක් කියලයි වෛද්‍යවරු නං කියන්නේ . ඔය ලෙඩේට කියන්නේ Prograchive Midline Mature hyper pigmentation කියල තමා. ඕවා ඇති වෙන්න හේතුවක් අදුරගෙන නැතෙයි කියන උන්නැහෙල කියන්නේ මේවා ඇති වෙන්න හේතු වෙන්නෙත් කුරූලෑ ඇති කරන බැක්ටීරියාවමයි කියලා. හරි කොහොම හරි මේ ලප, ලපයි සිපයි කාලේ පහු වෙච්චි ගමන් ඉබේම නැති වෙලා යනව. ඕං ගෝමරයක් දාන්න ගිහිල්ල තොපි තෝමර අවුරන් එනවා නොවේ මේ පැත්තේ.. එහෙනං හෙට ඉදල ජංජාලේ කාල් ගාන්න බලාපොරොත්තු වෙනවා. මේකේ සින්දු දාන්න ගිහිල්ල වෙච්චි සන්තෑසිය දෙයියෝ බලල, ඕඩියෝ ෆයිල් එකක් එකතු කර ගන්න විදිය ගැන කියල දෙනවනං අනේ පිං.....


113 comments:

  1. දේශකයත් කාගෙ හරි ගෝමර දැකල වගෙයි.

    ReplyDelete
    Replies
    1. මට වෙන වැඩක් නැනෙ මචං ඕව බල බල ඉන්න
      - දේශකයා

      Delete
    2. හෙහ්.. ඔයා තමා හරියටම කියන්නේ.. ජය වේවා හික්

      Delete
  2. බිනරමලී සින්දුව මම ආසම එකක් බං... ආසාවේ බෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්තං පුරයක සැප අතරේ රජාත් හිතන දේවල්.
      සුභ වේවා!!! ගෝමර පිපේවා!!!
      - දේශකයා

      Delete
    2. සිරාවට රජෝ. හරිම ලස්සන සින්දුවක් ඒක

      Delete
  3. දේශක තුමාගේ දියණියට සනිපෙයි දැං. හිතට ඇවිත් තියන සතුටත් එක්ක මට එහෙම හිතෙනවා.. දරුවෝ අසනීප වුණාම හිතට කරදර වැඩියි. කරදර අහවරනං සතුටුයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා නලියා අදනම් වටින වචන සෙට් එකක් දැම්මා.
      තැන්කුයි
      - දේශකයා

      Delete
  4. බිනරි මලී එක්ක එන්න බිනර මහේ මැද මගේ ප්‍රියතම ගීතයක්.
    පුංචි බඳේ පෙති ගෝමර සිහඉයට එනවා....
    මෙන්න මෙතන තමයි නියම....
    මෙයා බිනරිගේ පුංචි බඳේ පෙති ගෝමර දැකලා තියන්නෙ බිනර මහට පෙර.
    ඒ කෙසේ වෙතත් අපූරු පද මාලාව සහ ගායනය.

    .... බිනර මලී මතක් වෙනවා ඉන්නට බැහැ මට.....
    .....පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල්...
    .....කනේ අරංගල් වගේ බැබිල මල්....

    ඔන්න පෙති ගෝමර දැක්ක තැන...
    සුදු බන්ඩගේ පැලේ තමයි බිනරී හැමකල්.....

    ReplyDelete
    Replies
    1. හැබෑටම වෙද මහත්තයෝ සුදු බන්ඩ කියුවේ අර ඇමතියා ගැන ද ................
      - දේශකයා

      Delete
    2. ඕං හොද විචාරයක්.. මේ සින්දුව නං දැං හැංගිල නෙව තියෙන්නේ...

      Delete
  5. //කුඩා ගමේ මද්දහනේ අව්රස්මිය නිවා
    කූලි කමතේ ඒ දඩුමං දිගේ ගියා මෙමා//

    මේ මම ප්‍රිය කරන ඉතා සංවේදී ගීතයක්.

    අයි බන් දේශකයෝ කබරගොයාටත් ගෝමර අපුරුවට පිහිටලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කන්න ඕන වේලාවට කබරගොයත් තලගොයා කරගන්න අපේ මිනිස්සු අරි දක්ෂයි මචං.
      - දේශකයා

      Delete
    2. මමත් ආසම එකක් තමා කුඩා ගමේ.. කබරයාට ගෝමර එන්නේ වයසට ගියාම නෙව...

      Delete
  6. <script type="text/javascript" src="http://sites.google.com/site/shermiefernandez/home/swfobject.js"></script>

    <div id="player">
    </div>
    <script type="text/javascript">
    var so = new SWFObjectundefined'http://sites.google.com/site/shermiefernandez/home/player.swf','mpl','300','20','9');

    so.addParamundefined'allowscriptaccess','always');
    so.addParamundefined'allowfullscreen','true');
    so.addParamundefined'flashvars','&duration=33&file=XXXXXXXXXXXXXXXXXX&title=shermie - shermie shermie&linktarget=http://www.shermie.com');
    so.writeundefined'player');
    </script>


    මෙහි XXXXXXXXX යනුවෙන් සදහන් ස්ථානයට ඔබට උවමනා
    file එකේ ලින්කුව දමන්න..

    Note : මේකේ තියෙන swfobject.js එක හා player.swf වෙන තැනක හොස්ට් කරනවා නම් තමයි හොඳ..

    අනිත් එක මේ player එක විශේෂයි..ඒ කියන්නේ stop බොත්තම
    එබුවට පස්සේ දිගින් දිගට සිංදුව load වෙන්නේ නැහැ.ඉතින් මේ
    player එක පාවිච්චි කරන අයගේ ඩේටා ඉතුරු වෙනවා.අනික් ගොඩක්
    player වල එහෙම නැහැ...


    ගෝමර කියන්නේ චර්ම රෝගයක් ..හරි හරි ඒවා අපිට වැඩක් නැහැ...
    ඕනේ එකක් ...

    ReplyDelete
    Replies
    1. උබත් මාර සයිලන්ට් මචං. උඩ කොඩේ තේරුම් කරපංකො. එවා දකිනකොට මට නම් පෙනෙන්නේ ගොමර පිපිලා වගේ.
      - දේශකයා

      Delete
    2. ප්ලේයරයක් නේද. එල නේ. අනෙක් ඒවා ස්ටොප් කලත් ඩේටා ටික කනවනේ. බලමු. ටැංකු ටැංකු සහන්..

      Delete
    3. තැන්කුයි වේවා සහන්... ගෝමර ලැබීයන්....

      Delete
    4. @ දේශා

      කාටද ? මටද මගේ නෝනටද ?

      Delete
  7. හෑ.... මං හිතාන හිටියෙ මෙහෙම
    “මත වර වරම දුන්න“
    මන බැඳි සකිසඳුන්ට
    මල් යානක නිදන්ට
    දිනගනිතැයි කියන්න
    එකම එක වතාවයි ඕක ඇහුවෙ රත්නාලාලනී දවසක් කියද්දි.

    හරි ඒක නෙවේ, මේ, ඔය ගෝමර කියන්නෙ අළුහම් වලට නේද
    ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා

    ඒකෙන් මේකෙන් කවියො ගෝමරනම් නානාප්‍රකාර විදිහට වනල තියෙනවා


    අපූරු පෝස්ටුව

    ReplyDelete
    Replies
    1. කවියො පුස් වලට හරි කැමති වගේ.
      - දේශකයා

      Delete
    2. අන්න වැරදුනා යටින්ම කියල ඇති අළුහං නෙමෙයි කියලා.. මම ඔය සින්දුව අහල නෑ බං..

      Delete
  8. අද නම් කියන්න තියෙන්නේ ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්න කියලයි. බබාලා හම්බ උනායින් පස්සෙත් තියෙනවා සමහර අයනම් එවා පේන්න බුරිය එලියේ දාගෙන යනවා. එදාට කෑම කන්නෙත් අප්පිරියෙන්.. සුදිදියන්ටයි හෙළුවෙන් යනවා කියලා බනින්නේ. අනේ උන් අගේට යනවා පාරේ යනකොට.

    ReplyDelete
    Replies
    1. //අප්පිරියෙන්..// අනේ බොරු කියන්නේ නැතිව හිටහං බං
      - දේශකයා

      Delete
    2. හා හා.. ඉස්පැෂලිට්ටල පස්සේ ගිහිල්ල එපා වෙලා තියෙන්නේ.. ඇයි බං සුද්දියොන්ට ලංකාවට ආවම ඇග පුරාම ගෝමර දානව නෙව.. හැක්...

      Delete
  9. අපූරු පෝස්ටුව දේශකයො,උඹකොහෙ ගිහිල්ලද කියල හිත හිතා හිටියෙ....දැන් නං හිතට හොඳයි.

    ReplyDelete
    Replies
    1. හැලපයක් කන්න ගෝමර එකියක් ආවේ නැද් මචං හැලපෙ
      - දේශකයා

      Delete
    2. තැන්කුයි හැලපයියා.... මම පොඩි ක්‍රෑමක් කෑවා බොල...තාමත් ලාවට කනවා

      Delete
  10. මාතර ගගේ සිටිනා කිඹුලිගේ පැටියා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    යන එන ඔරු පාරු නවනා ගෙන සිටියා
    මිනී නොකයි මාතර කිඹුළිගේ පැටියා

    පුළුවන් නම් මේකේ නිදන් කථාව දානවද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පොස්ට් එකට ලින්ක් එකක් දාගන්න අදහසින් නොවේ. නැවත ලියනවාට වඩා හොදයි කියා සිතන බැවින්
      http://www.yadaminbeda.blogspot.com/2012/11/blog-post_15.html
      මෙන්න මේ ලිපියේ ඒ ගැන තිබෙනවා.
      මුදලි කෙනෙකුගේ පුතෙකුගේ අල්ලස් ගැනීම තේමාකර ගනිමින් ගෙතුණු උපාහාසාත්මක ජන කවියකි මෙය.

      Delete
    3. ඕං අහගන්න. උන්ට ගහන්න ඕනේ ගොමර වලින් නොවේ තෝමර වලින්.
      - දේශකයා

      Delete
    4. @ ගයනි
      ඒක නිදං කොරලයි තියෙන්නේ.. .හැක්...

      Delete
    5. අනේ අනේ නිර්මලියෝ.. ලින්කටුවක් නෙවෙයි ඔයාට ඕන්නං පෝස්ට්කටුවක් හරි දාන්න.. මගේ නෑ අමනාපයක්...මම බලන්නංකෝ ඕක. තැන්කුයි... නිර්මාලා...

      Delete
  11. අර්ථ රසය හා හාස්‍ය රසය අඩු නැති අපූරු ලිපියකි.. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඇයි මචං ශුංගාර රසය
      - දේශකයා

      Delete
    2. "ඇයි මචං ශුංගාර රසය"

      මොකද්ද බං ඒ අමුතු රසය?

      ඔය කියන්නෙ "ශෘංගාර" කියන එකමද?

      Delete
    3. @ චතුර විජේකෝන්නයා
      හැක්.. අඩේ මම එච්චර හොදට ලියලයි මේක... පුදුමෙනුත් පුදුමයි පුතේ...හැක්..

      Delete
    4. @ ඉන්දික
      හැක්.. ඒක රිංගන රසයද මන්දා බොල...

      Delete
  12. ඔය කෙහෙල්මල් පෙති ගෝමර මම නම් දැකලා නෑ බන්..අහලා තියෙන්නෙත් ඔය සින්දුවලින් විතරමනේ..

    ReplyDelete
    Replies
    1. අම්මපා. ඕං අහගන්න ඕන අය අහගන්න එකයි ඇත්තේ. දවසේ හොඳම නයි කියමන.

      Delete
    2. අනේ බොල ලිහිණියෝ ඕව තියෙන්නේ තොපිට උලා ගන්නයි අපිට බලන්නයි මිසක බොලාට බලන්න නෙමෙයි නෙව...සිරාවට ගෝමර තියෙනවා බං... @ ලැජ්ජාවෙන්...

      Delete
  13. ඇත්තටම මොනවද මේ පෙති ගෝමර කියන්නෙ? දැන් ඉතින් උලන ක්‍රීම් නිසා හමේ පාටත් දවසෙන් දෙකෙන් වෙනස් වෙනවනේ මේ වගේ ඒවනම් නැතුවම ගිහින් ඇති..

    ReplyDelete
    Replies
    1. අම්මපා ලිහිණි තනි නෑ. ලඳක් ද කියලත් හිතෙනවා. මෙයත් ගොමර දැකලා නෑනෙ. එතකොට කොල්ලොන්ගේ ඇස් වලට මකැයි වෙලා තියෙන්නෙ.

      Delete
    2. නදිනියෝ ගෝමර කියන්නේ රෝගයක් ලු නෙව.. ඔන්න ඔය මගුල් ර්‍ක්‍රම් හින්දා තමා මේ සංස්කෘතිමය වටිනා දේවල් අපට නැති වෙලා තියෙන්නේ.. හැක්...

      Delete
  14. ගෝමර අලියා කියන්නේ කබර තියෙන අලියෙකුට නේද?

    ReplyDelete
    Replies
    1. අලියා ගැනනම් කියන්න එපා බං. දුකේ බෑ. තව ටික දවසකින් සුරුස් ගාලා හතුත් පිපෙයි.
      - දේශකයා

      Delete
    2. යා යා.. ඕං කොහේද හිටියලු ගෝමර අලියා කියල එකෙක්. මට විස්තර මතක නෑ එක්කෝ මං හිතන්නේ මම දන්නේ නෑ...

      Delete
  15. මම හිතුවේ ගෝමර කියන්නේ හමේ රෝගයක් කියලා. ඒවා තිබුනේ ඉස්සර කාලේ ගෑනු අයට විතරනේ. දැන් කාලේ ඕවා දැක්ක හැටියේ දොස්තරලා හොයාගෙන දුවනවා. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ සිරාවටම ඉස්සර ගෑණු ලස්සනයි කියන්නේ.
      - දේශකයා

      Delete
    2. හෙහ්... චර්ම රෝගයක් තමා ඉබේම නැති වෙන... දැං කාලේද ගෝමර බින්දුවක් ගෑවුනත් ඇති... දුවන්න.. අගේ ඇති ප්‍රතිචාරය...zසොම්බි නංගි... හැක්...

      Delete
  16. අඩෝ කොච්චර ගෝමර ගැන අහලා තිබුනත් ඕවා දැකලා නැහැ නේ බං........

    ReplyDelete
    Replies
    1. පල යන්න, තෝ රස්තියාදු ගහන්නේ සුදු හැරමිටියෙන් ද?
      - දේශකයා

      Delete
    2. ඕව ඉතිං අපිට පෙන්නන්න බෑනේ.. හැබැයි එකක් සුවර්.. උඹ අවුරුදු හතර ඉවර වෙලා එනකොට දැකල තියේවි... හැක්..

      Delete
  17. අනේ මංදා වැදි ගීතයකත් ගෝමර ගැන මෙහෙම කියැවෙනවා/'නෑනිගෙ බා‍ඳෙ ඊචුණු ගෝමර මාගේ බාඳේ ඊචීයාං ... හැබැයි අපෙ කාන්තවකගෙ කොහේ හරි නොපෙනෙන තැනක හරි ඔයින් එකක් ආවා නං ඉතිං කපෝතියි.. කාලය මැවු වෙනසක අරුමේ ....

    ReplyDelete
    Replies
    1. ටිකක් විස්තර කරපං මචං
      - දේශකයා

      Delete
    2. හෙහ්... අපුරු සිද්ධිය නෙව.. මට තව ඒවා හිතෙනවා අයියේ.. මාව අල්ලගනිං

      Delete
  18. චැහ් මටනම් ගෝමර කියපු ගමන් මතක් වෙන්නෙ...අර සුදු කබර රෝගය හැදිච්ච කෙනෙක්ව..

    මොකෝ බන් බස් වල යන්නෙ.. ? :-)

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං ඒකවත් දැකලා තියෙනවා.
      - දේශකයා.

      Delete
    2. හෙහ්... කොටුරූල් රෝගය.. කියල එකකුත් තියෙනවා නෙව සෙන්නෝ.. ඇයි බස් වල යන්නේ.. ඇයි බොල තෝ හිතුවද අපි ඔය ලස්ස 10 විතර කාර් වල යනවැයි කියල. නෑ අපි යන්නේ ලස්ස 60 - 70 බස් වල.... අපි එහෙමයි හරිය

      Delete
  19. සිරාවටම බන් මමත් දැකලා නෑනෙ බන් ඔය කියන ගෝමර... අලුහන් තියෙන උන්ව නං දැකලා තියෙනවා..
    ඒත් ඒවා දැක්කම කිසි ලස්සනක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. නොදකින් විතරක්. පොඩ්ඩක් පාරේ බැහැලා යද්දි සිරාවටම වට පිට බලපංකො.
      - දේශකයා

      Delete
    2. හා හා... එහෙනං කාරි නෑ.. හොරු අල්ලන්නත් තිබ්බා කියල හිතෙනනා මේක තව ටිකක් වෙනස් කොරල හෙම දැම්මනං අපරාදේ බන්ඩෝ.. බොල මුකුත් ලියනවද නැද්ද

      Delete
  20. ඕකට බ්ලොග් පෝස්ට් ලිය ලිය ඉඳලා හරියන්නෙ නෑ. පේර කොල ඉස්ම ගාලා බලහං. අපි නොදන්න පෙති ගෝමර? නාලා කරලා පිරිසිදුවට ඉන්නවනම් මේ අපි වගේ ඔය රහස් ලෙඩ හැදෙන්නෑ.
    :D :D

    ReplyDelete
    Replies
    1. නාලා හිටියට හරි යන්නෑ ඔය ඩෙනිම් ගලවපං.. ලෙඩ කෝටියයි... හැක්.. ඔන්න බලාපං උඹේ එක ස්පෑම් වෙච්චි හින්දා ඇනෝ දේශකයට උත්තර දෙන්න විදියක් නෑනේ.. මම ඒක රිංගවනකං...

      Delete
  21. I Like ගෝමර..........


    ඕඩියෝ ෆයිල් මේකට අප්ලෝඩ් කරලා ඒකෙන් දෙන කෝඩ් එක පෝස්ටුවට දාන්න https://soundcloud.com/

    ReplyDelete
    Replies
    1. මචෝ අපිට වෙන වැඩක් නැ කියලා හිතුවද? පොඩ්ඩක් පොස්ට් එක කියවලා වැදගත් කොමන්ට් එකක් කරහංකො. මම දන්නවා මචං උබට මේ වචන බර වැඩි නෑ කියලා.
      - දේශකයා

      Delete
    2. තැන්කුයි යසියා.. ඒක ට්‍රයි එකක් දෙන්න ඕන.. තැන්කුයි ගොඩාක්..

      Delete
  22. What i do not realize is in fact how you are not really much more neatly-preferred than
    you might be right now. You are so intelligent. You recognize
    thus considerably in terms of this matter, produced me in my view imagine it from a lot
    of varied angles. Its like women and men don't seem to be involved until it's something to do with Girl
    gaga! Your individual stuffs nice. All the time deal with it
    up!

    Also visit my web site muscle building calisthenics routine

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තැන්කුයි.. හැක්...හීහ්..

      Delete
  23. මගේ කමෙන්ට් එක අතුරුදහන් වෙලා දේශකයා.

    ReplyDelete
    Replies
    1. සොරි මචං වැරැදීමකින් මැකුණා.
      මේ දවස්වල මචං මාත් අතුරුදහන් ලිසිට් එකේ. ප්‍රෝෆයිල් එකෙන් එන්න බැරි වේලාවට මෙහෙමවත් උබලට කතාකොරඤං
      - දේශකයා

      Delete
    2. හරි මචෝ දැම්මා.. බලාපං ඒක විතරයි නෙව මේ ඇනෝ දේශකයා මට ඉතුරු කරල තිබ්බේ උත්තර දෙන්න..ඒකා මගේ පරණ ණය කාරයෙක්ද කොහේද බං

      Delete
  24. සිරාවටම අයියේ මාත් දැකලා නෑනේ අෆ්ෆා ඔය ගෝමර. හැබැයි අර අපේ රීටා ෆ්ලැටයානෝ අක්කා ඉන්නේ. දන්නවා නේද එයාව. අන්න එයාගේ තියෙන්නේ ඔව්වා කියලා මට කිව්වනේ. දැකලා නැත්නම් නිකමට වගේ ඔය නම ගූගල් දෙයියන්ගෙන් අහලා බලන්නකෝ... ;)
    ඒ එව්වද කියලත් කියන්න ඈ..දැක්කොත්..

    ReplyDelete
    Replies
    1. තනිකර බොන්න ඕන කාරනයක් බං. මට එක දෙයක් කරන්න බැරි උනානේ. ගෝමර තියෙන කෑල්ලක් පොටෝ එකකින් දාන්න.
      - දේශකයා

      Delete
    2. හා හා ළමයි නරක් වෙන්න හොද නෑ.. හෙහ්...

      Delete
  25. ගෝමර ගැන සෑහෙන විස්තරයක්නේ.. ඉස්සර නම් ඕවා කවීන්ට කවි අදහස් පවා ආව සුන්දරත්වයක් උනාට දැන් නම් හංගන්න උත්සාහ කරන දෙයක් නේ..

    ReplyDelete
    Replies
    1. ඉතින් ගෝමර ගැන කියන්න දැන් කවියො නෑනෙ.
      - දේශකයා.

      Delete
    2. උමගිලිය මල්ලි වෙල්කම් කිව්වා... ඇත්ත තමා.. දැං ඌරච්චි කොරල හරි ඒවා යවන්න තමා බලන්නේ.. තැන්කුයි ආපු එකට

      Delete
  26. ගැහැනියෙක්ව අල්ල ගන්න එයාගෙ හැම දේම ලස්සනයි කියපු එකනෙ අතීතයෙ හිටපු කවියො ඔක්කොම කලේ, ඉතින් චර්ම රෝගයත් ලස්සනයි කියල කියන්නැතුව කැතයි කියන්නද?

    ReplyDelete
    Replies
    1. එල, එල,බඩයනවාටත් කවි කියන්න ඇති නේ බං.
      - දේශකයා

      Delete
    2. හෙහ්... උඹත් එක්ක නං බෑ බං.. දාන හැම ප්‍රතිචාරෙටම මගේ ඉල ඇදෙනවා... අයියෝ...

      Delete
  27. දේශා බස් එකේ හිටිය කාලල්කගේ ගෝමර දැකලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. කෝරලේටනම් ඕවා අමුතු දේවල් නොවේනේ. ඒ දවස්වල කරපු තරමක් කරේ විලම්භීත වලත්තකම් නොවැ. දැන් කාලෙනම් ඕවට ගියෝත් මාර ජංජාලෙයක් තමා.
      - දේශකයා

      Delete
    2. අනේ බොලේ..... නාකි හුටන් කොට කලිසන් කිව්වලු. මේකා මගේ නම්බුව කනවා. බොල මම සිල් ගත්තු හඳ වගේ පොරක්. ඔය ජරා වැඩ අපි ළඟ නැහැ. :P

      Delete
    3. "රජමහ විහාරෙ ලොකු හාමුදුරුවො"

      සීලෙ සහ දුස්සීලෙ දෙකම එකට අඟවන්න මේ යෙදුම යොදාගෙන තියෙන්නෙ තිස්ස අබේසේකර ලියපු "වැළි කතර" චිත්‍රපටිට්යෙ.

      Delete
    4. මගේ මහන කමක් තරම් සීලයක් නම් නැහැ. 5 වෙනි සිල් පදේ ඉස්සර උපරිමෙන් කැඩුවා දැන් වැඩිය නැහැ මද පමණට විතරයි. හැබැයි 3 වෙනි සිල් පදේ කඩන්නේ නැහැ

      Delete
    5. මේ අපි සිල්පද ගැන කතා කරාද බොල.. හැක්.. උඹ ඔය ඇනෝ දේශකයා කියන ඒවා ගනං ගන්න එපා හොදද.. මගේ ප්‍රොෆයිල් එකෙන් එන්නේ නැත්නං ඒ මං දේශකයා නෙමෙයි හරිය../

      Delete
    6. කිරි අප්පට බල්ලෝ බුරපි කිව්වලු කවුද බං මේ හෝතඹුවා??????? හැබැයි මු පරණ නායක ගෙවලද කොහේ.. වෙන වැඩක් ඇත්තෙම නැති එකෙක්ද කොහේ. හික් හික් හික්

      Delete
  28. බිනරමලී ගීතය කිව්වෙ රෝහිත විජේසූරිය මහත්මයා. මම දන්න විදියට මේ ලඟකදී එතුමා අභාවප්‍රාප්ත උනා. සංගීතයට නිහඬසේවයක් කල කලාකරුවෙක්.

    ඔය පෙතිගෝමර කෙල්ලන්ට විතරයිද හැදෙන්නෙ.කොල්ලන්ට හැදෙන්නැද්ද..එතකොට වෙන නමක්ද...?

    ReplyDelete
    Replies
    1. එතකොට පොතු කබර කියමු
      - දේශකයා

      Delete
    2. ඔව් බං වීයෝ උඹ හරි. එතුමා මිය ගියා තමා...

      Delete
  29. තණමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්න
    හඳපානා ගල මුදුනින් වැවට බහින්න
    කන්ද උඩින් ගෝමරියේ... වැවට බහින්න
    ____________

    ගෝමරද මොනවද මන්දා දේශකයෝ.. අපේ නෑදෑ වෙන කොල්ලෙක් ගේ පිටේ ලා පාට තඩි පැල්ලමක් නම් තියනවා. ඒකා ඉපදෙනකොට ත් ඒ පැල්ලම තිබිල. පස්සේ දොස්තරලටත් පෙන්නලා තියනවා ලෙඩක් කියල හිතල. ලෙඩක් නෙවෙයි කිව්වලු.

    ReplyDelete
    Replies
    1. යකෝ ඒ මහසෝනස් අප්පුහාමි ගහපු පාරක් වෙන්න ඇති. අප්පා ! ඔයින් ගියා මදැයි.
      - දේශකයා

      Delete
    2. @ චන්දන
      මොකක්ද බං ඒක.. ඉපදෙන කොට තිබ්බනං ආයේ වෙනස් කරන්න බෑ බං... අර සින්දුව මම අහල නෑ නෙව...

      Delete
    3. මොකක්ද මන්දා දේශකයෝ. දකින හැමෝම කියන්නේ එහෙම එකක් දැකල නෑ කවදාවත් කියල.

      සින්දුව සමන් ජයනාත් ජිනදාස ගේ..

      http://www.slmp3.com/music/get-mp3-details.php?type=download-thanamalvila-mal-gomara-mp3

      Delete
    4. http://www.slmp3.com/songs/saman-jayanath-mp3/thanamalvila-mal-gomara-mp3.php

      http://www.slmp3.com/downloads/mp3-download-processor.php?id=16120;lan=en&vn=88ed6c53af2ed99633498acfcad2b9ed&rt=0354908b59ce0e501670fa00bfa33899

      උඩ ලින්ක් එක පිස්සු කෙලිනවා නේ. මෙන්න මේ දෙකෙන් බලන්න. පහල ලින්ක් එක හරි යන්න ඕනේ.

      Delete
    5. චන්දනයෝ බොට ගොඩාක්ම ඉස්තුතියි. තැන්කුයි

      Delete
  30. කාලෙකින් මාත් ආවෙ.ගෝමර නම් මාත් හරියටම දැකල නැ.අලුහම් ඇරෙන්න.ගෝමර හා අලුහම්වල වෙනස මොකක්ද?ඇයි පිරිමි ඔය තරම් ගෝමර වර්නනා කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. ගෝමර අළුහම් දෙකම එකයි. ඒත් සමහරුන්ට ඕක ලස්සනයි ඒකයි මයෙ හිතේ.

      Delete
    2. ඇයි ප්‍රශ්ණයක් ද? මීට කලින් ගොමර දැක්කේ නෑ කියලා. උනන්දු වෙයල්ලා. මචං පාරවල්වල යන කෙළි පැටික්කියන්ගෙන් පොඩ්ඩක් අහපල්ලාකො. ඇයි වදේ මාව ම කන්න හදන්නේ?
      ගෝමරවලට පිරිමි අච්චර කැමැතියි. අඩෝ! ඊට වැඩිය පිරිමි කැමති දේවල් තියෙනවා.
      - දේශකයා.

      Delete
    3. ගෝමර කියන්නේ අළුහං නෙමෙයි කියලයි වෛද්‍යවරු කියන්නේ.. ඒක ගැන වැඩිය නොදනී.. ඔය වර්ණනා දාන්නේ මං හිතන්නේ... ඒක තමා ඒ දවල් වල හොදටම පේන එක. ඇයි රෙද්ද හැට්ටේ නෙව ඇන්දේ ඒ කාලේ. එතකොට වෙනස් දේකට පේන්නේ ගෝමර විතරයි ඒකයි...

      Delete
  31. අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න ගිහින් මට පොඩි අකරතැබ්බයක් වුනා.උඩ තියෙන' කිරල ගස් හෙවන' පොස්ට් එක මගේ.ඒක වෙනස් කලා'නිල් මානෙල්' කියලා.අලුත් බ්ලොග් එක මගෙ පරන බ්ලොග් එකට ඇඩ් කරල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හදාගෙන වරෙන් මචං. දෙන්නම් හැකර් පාරක් ඉස්තරම්.
      - දේශකයා

      Delete
    2. හදොගෙන මේ පැත්තේ වරෙමං මචං - දෙන්නම් මං හැකර් පාරක් ඉස්තරම්
      - දේශකයා

      Delete
    3. හදොගෙන මේ පැත්තේ වරෙමං මචං - දෙන්නම් මං හැකර් පාරක් ඉස්තරම්
      - දේශකයා

      Delete
    4. සුභ පැතුම්.. එන්නං බලන්න... තැන්කුයි තොරතුරට

      Delete
    5. කෝ කොහෙද? ලින්ක් එක දාන්න

      Delete
    6. මේ කොමෙන්ට් වලින්ම තේරුණා දේශෝ මේ ඇනෝ ඇවිත් ඉන්නේ ඔයා නෙවෙයි කියන එක. මු ඔල්මාද කාරයෙක්

      Delete
    7. ඒකනේ කෝරලේ මහත්තයෝ කියන්නේ. ඔබතුමාවත් මූව දඩුකදේ ගහන්න හැකි දඩුවමක් දෙන්න

      Delete
  32. හෙහ් හෙහ් ලෙඩක් දිහා වුනත් කවියෙන් බැලුවම පේන්නේ ලස්සනට හඃ හඃ හඃ

    ReplyDelete