Monday, March 18, 2013

මේ රට මගේ රට....



පර්සි මහේන්ද්‍ර රාජපක්ස 

(හා හා ඕක දැක්ක ගමන් අකුලං යන්න හදන්නෙ නැතිව, සත්‍යය යනු කුමක්දැයි සෙමෙන් හා උවමනාවෙන් කියවා වටහා ගන්න)


ඔව් කියන්න දෙයක් නෑ මේ තමා ලංකාවේ 6 වැනි විධායක ජනාධිපති ශ්‍රීමතානන්.. ඕං මේ ශ්‍රීමතාගේ වැඩි පුර විස්තර දැන ගන්න අවශ්‍ය අය ඉන්නව නං බුවා අමතා ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ, මට ඒ තරං දැනුමක් වත් ඕව මතක තියා ගැනීමේ උවමනාවක් වත් නැති හින්දයි.

ජේ ආර් උතුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලාංකේය කස පෙරහැරේ සැමවිටම වැටි වැටි නැගිට්ට එකම ජනාධිපති වරයෙක් හෝ හිටියේ නැති බව මේ ශ්‍රීමතාගේ දේශපාලන චක්කරය දිහා බැලුවම හොද හැටි බලාගන්න පුළුවන්. ඔය එක එක කතා කාරයෝ මෙතුමාට නොසෑහෙන්න අරක මේක කියන්නේ, උනුත් ජන්දේ දීල ඉවර වෙලා බව අමතක කොරන එක කොයි තරං කනගාටුදායකද? 

මේ වෙන කොටත් අහස් තලය සිසාරා පැතිරී යන ජයමංගල ගාථා හඩින් මගේ දෙසවන පිරී ඉතිරී ගොසින්, මා අමන්දානන්දයට පත් කර තිබෙන බව නොකියාම බැරිය. එවන් පෞඩත්වයක් මාගේ මව්බිම මෑත ඉතිහාසයේ පෙන්නුම් කලේ නම් ඒද අප ශ්‍රීමතානන් විසින් ජනතා අයිතියට පත් කළ විසිස්ට නිර්මාණයක් වූ හම්බ වරාය අප අයිතියට පත් කළ අවස්ථාවේදීය. මේ රට තුල කාලාන්තරය පුරාම ඔය එක එක පියවරුන් හිටිය බව අමතක නෑ නොවැ. බත් දුන් පියා, බනිස් පියා, ඩප්පියා වගේ පියවරුන් රැසකගේ අභිමතයෙන් අප විසින් එකම නිවහල් ජාතියක් බවට පත් කර ගත් අපේ මාතෘභූමියට, නියම වටිනාකමක් ලබා දුන්නේ වෙන කව්රුවත් නොව මහින්ද රාජපක්ස අපේ ආදරනීය නායකයාය. එතුමා විසින් 2005 දි ප්‍රකාශිත අති විශ්ස්ට වූ “මහින්ද චින්තන“ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුමත කල මා ඇතුලු දස ලක්ෂ සංඛ්‍යාත දූපත් වැසියන් එතුමාගේ උපන්දිනය දාම, එතුමාට දුන් තෑග්ග වුයේ “අනේ මාමේ අපිව බේරාගන්න“ කියන තෑග්ගට වඩා වූ අහිංසක ඉල්ලීමයි.

ඒ ඉල්ලීමට මුලින්ම ඇහුන්කම් දුන් එතුමානෝ නොවක් උත්සාහයෙන් යුතුව ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා අවුරුදු දෙකක යුද්ධයක් කොට අපව එම සාපයෙන් මුදා ගත් බව අමතක කරන ලද හිපාටුවන් පිරිසක් සේ සමහරක් මාධ්‍ය ගොබිලයන් හැසීරීම ගැන මා හට ඇත්තේ අසීමිත කනගාටුවකි. සමහර අය කියන්නේ ෆොන්සේකා මහත්තයා කිව්ව දේ කරන කෙනෙකු හින්දා එතුමා අවුරුදු දෙකෙන් යුද්ධය අවසන් කරන බව ප්‍රස්ද්ධියේ පවසා ඒ අනුව කටයුතු කරන ලද බව නොවේද? එසේ නම් එවැනි, උත්තමයෙකු (ෆොන්සේකා) වැනි කෙනෙකුට අද වෙලා තියෙන දේ මොන විදියෙන් වත් වීමට හැකියාවක් නැත. එතුමා හැම පැත්තෙන්ම අබ සරණ වී සිටින්නේ එතුමා බොරු කාරයෙකු වන නිසාය. ඇත්ත වශයෙන්ම අවුරුදු දෙකකින් යුද්ධය නිම කරන ලෙස නියත නියෝග ලබා දුන්නේ වෙන කිසිවෙකු නොව අපේ ශ්‍රීමතානන් විසිනි. එසේ නියත නියෝග දීමේ පරම අයිතිය එතුමා සතුව ඇතිවාක් මෙන්ම, වෙන කෙනෙකුගේ ගෞරවයක් බලෙන් උකහාගැනීමේ නොනිමි ආසාවන් කිසිවක් අපේ ශ්‍රීමතානන් සතුව නොමැති බව ලාංකිකයෙකු ලෙස ආඩම්බරයෙන් ප්‍රකාශ කල හැකිය. තව කෙනෙකුගේ ගෞරවය බලෙන් තමා විසින්ම තමා පිට පටවා ගැනීමට කටයුතු කල ෆොන්සේකා මහතාට අද අත් වී ඇති ඉරණමට වග කිවයුත්තේ අපද? නැතහොත් ආණ්ඩුවද? නැති නම් අපේ ශ්‍රීමතානන්ද? ශ්‍රීමතාන්ගේ දෙටු සොයුරු ගෝඨාභයද?? නැත ඒ කිසිවෙක් නොව ෆොන්සේකාම ඊට වග කිව යුතුය. කර්මය විසින් දෙටුවන් බිමට ඇද දමන බව අප අපේ ධර්මය අනුව දැක ඇත්තෙමු, විශ්වාස කර ඇත්තෙමු, අත්විද ඇත්තෙමු. ඉන් එහාට මේ සම්බන්ධයෙන් වෙන කිසිවක් මා හට කීමට අවැසි නොවන්නේ, අපේ ශ්‍රීමතානන් එරෙහි මතුවන මෙවැනි කූඨ අදහස් තූ තූ කොට පිළිකෙව් කිරීමට අප සැදී පැහැදි සිටින හෙයිනි. ශ්‍රීමතාතන් එරෙහි කිසිවක් පැවසීම අපගේ කෝපයද, අප සිත්හි තැන්පත් වී ඇති භෞමික අඛණ්ඩතාවයද(????) ඉරිතලා ගොස් පටු අරමුණු වලින් තොර වාදයන් සදහා එවැනි හිපාටුවන් කැදවීමට අප සිත අපටම බල කරයි. අප උපන් මාතෘභූමිය කෙරෙහි බැදි සංසාරගත ආදරය හේතුවෙන් අප ශ්‍රීමතා විසින් ඉටු කරනු ලබන කුදු මහත් වූ සංවර්ධන විශ්මකර්ම කාර්යයන් ආසියාවේ ආශ්චර්යය නොවන බව පැවසීමට අතලොස්සක් පමණ වූ චෞරයන් පිරිසික් කටයුතු කිරීම කිසිසේත්ම බහුතරය නොව 99% ක් පමණ වූ ශ්‍රීමතානන් හට පක්සපාතී වූ අප හට සිදු කරන සිත් රිදවීමකි.

අපේ ශ්‍රීමතානන්, තමන් විසින් රටේ දියුණුව ඇවැසිව මාස ගණන් නිදි වරා එතුමාගේ අවංක, සුවච කීකරු, රටට ආදරයක් ඇති අති ජනප්‍රිය විමල් සහෝදරයා, පාඨලී සහෝදරයා ඇතුලු (මෙම සහෝදරයන් දෙදෙනා තම උපරිම සහෝදරත්වයෙන් කටයුතු කරන දෙදෙනෙකු බව අප හොදා කාරව විස්වාස කරමු) පිරිවර හා බැදි සතත උත්සාහයෙන් හා අවංක උවමනාවෙන් හා චේතනාවෙන් යුතුව එළිදක්වන ලද, මෙම විශ්වයේ කෙටුම්පත් කරන ලද ආශ්චර්යෙයන්ම යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය වන “මහින්ද චින්තන“ ය අප හට ඉදිරිපත් කළාහු, අප නොපැකිළිව එය අනුමත කොට ශ්‍රීමතාන්ගේ එකම අභිලාෂය වූ මගේ මව්බිම (1), මව්බිම(2) හා මව්බිම(3) ආරක්සා කිරීමේ හා දියුණු කිරීමේ අනුපමේය උත්සාහය සාක්ෂාත් කර ගැනීම සදහා උරදුන්නෝ වෙමු. එහෙත් මාද අදොමැයි...කාලයක් තිස්සේ ශ්‍රීමතානන්ගේ වෛරක්කාරයන්ගේ ගොදුරක් බවට පත්ව, ඔවුන් තෙපලන මුසා බස් කෙරේ විස්වාසය තබමින් අපගේ එකම ගැලවුම්කාරයා වන ශ්‍රීමතානන් කෙරෙහි සැක උපදවා ගෙන සිටියෙමි. ඒ තරම් අඥාන වීමට මා පෙළඹවූ ඒ වෛරක්කාරයන් කෙරෙහි මා අද සිට මෛත්‍රිය පතුරමි. මක් නිසාද යත් මාගේ දෙවියන් වහන්සේ මා හට දන්වා ඇත්තේ එළෙසින් නිසාවෙනි. “ඔබේ වම් කම්මුලට පහර දුනහොත් දකුණු කම්මල ද පා, පහර කනු“ මේ උත්කර්ෂවත් අවස්ථාවේ මගේ සිත තුල නොයෙකුත් පන්නයේ සතුටු මල් වැසි වසිමින් සිත ගුවන් තලය සිසාරා හමා යන්නේ කිසිදු වගවිභාගයකින් තොරවය. එය සම කල හැකි වන්නේ, අප ශ්‍රීමතානන් හට රට ආරක්ෂා කිරිමේ වගකීම භාරදී අග්‍රවිනිශ්චයකාරයා ඉදිරියේ එතුමා දිව්රුම් දුන් අවස්ථාවේ එතුමාගේම සිත් හි පැන නැගි මල් වෙඩි සමුහයක ආහ්ලාදජනක ස්වරූපයම බව නොකියාම බැරිය.

අප ශ්‍රීමතානන් රට ආරක්ෂා කරන්නටත්, රට දියුණුවෙන් දියුණුවට පත් කරන්නටත් දයාපර්ශවෙන් යුතුව සිදු කරන ලද කුදු මහත් අති විශාල වූ සංවර්ධන ව්‍යාපෘතින් කෙරෙහි මාගේ සිත්හි ඇල්ම දැන් දැන් වැඩි වෙමින් පවතින්නේය. ඒ සියළු දේ අප ශ්‍රීමතානන් තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ යැයි ශ්‍රීමතානන්ගේ වෛරක්කාරයන් විසින් වැපුරු බිජු අනුභව කොට මාගේ උදරය හා සිත් තුල වැඩී පැවති එම වෛරී ශාකය දැන් දවස් දෙක තුනක් තිස්සේ මිය යමින් පවතී. එය මිය යෑම මගේ සතුටට හේතුවක් වන්නේ එනයින් අප ශ්‍රීමතානන් රට, දැය, සමය වෙනුවෙන් කරන අනුපමේය සේවයත්, කිරීමට බලාපොරොත්තු වන අනුපමේය සේවයත්, විශේෂයෙන් අප ශ්‍රීමතානන්ගේ නොකැලල් විස්වාසයත්, අවංකත්වයත්, අවිහිංසත්වත්, මෛත්‍රීසහගත සිතුවිල්ලත් පිළිබද ධනාත්මක අදහස් මා සිත්හි බිජු වැපිරීමට පටන් ගෙන ඇති නිසාවෙනි. එයින් මා සිත කුල්මත් වන අතර, නැවුම් පසක් ලද බිජු මෙන් ඒවා ඉතා ඉක්මනින් අතු ඉති ලා වැඩී මහා වෘක්ෂයක් වීමට තව වැඩි කාලයක් ගත නොවනු ඇත. මා ආදරය කරන්නේ මගේ රටට බව අප ශ්‍රීමතානන් ඊයේ පැවසු අයුරු මා හට මනරම් සහනයක් ගෙන දේ. එය ඔය ලේක්හවුසියේම වැඩ කරමින් සිළිදුලාට මත්තල යන්නට අඩගසනා මුවාවෙන් ව්‍යාංගයෙන් තම නොකැමැත්ත ලාවට ඉදිරිපත් කරන මාධ්‍යෙව්දීන්ගේ කල්කිරිමයාව ට ඉදුරාම වෙනස් වන්නේ මා, එතුමා ගැන වෛරයෙන් පසූ වී පහුගිය දින දෙක තුන තුල ස්ථිර වූ සත්‍යය මේ යැයි සක්සුදක් සේ පසක් කර ගෙන ඇති නිසාය. වෛරයේ බිජුවට වපුරන, අතේ ඇගිලිද අහිමි වූ ප්‍රමාණයක් වත් නැති තරම් වූ (එ කියන්නේ දහයටත් අඩුයි කියල නෙව) කුහක මාධ්‍යෙව්දීන්, 99% ක් පමණ වූ සියළු ජනතාවගේ ඒකායන අරමුණ වන අප ශ්‍රීමතානන් මගේ මවුබිම ආශ්චර්යේ බිහිදොරක් කිරීමට කැප වී සිටින ආකාරය නොදැකීම එක් අතකින් අරුමයක් වන්නේ මෙතරම් සංවර්ධන සිද්ධි දාමයක් මුළු රට වෙලා ගෙන පැතීරි ඇතත්, අන්ධයන් බිහිරන් සේ සිටීම නිසාය. එහෙත් මුන් ගොළුවන්ද වූයේ නම් මැනවයි මෛත්‍රියෙන් යුක්තමා හට දැන් සිතෙන්නේ, මුන්ගේ ඇති අධම ක්‍රියාකලාපය හේතුවෙනි..

අප රටට මහත් වාසනාවක් ගෙන දෙන මත්තල රාජපක්ස ජාත්‍යාන්තර ගුවන්තොටු පල විවෘත කිරීමේ මහෝත්ස්වය මා දෙනෙතින් බලමින්, ඒ නිසා හටගත් අසිරිමත් වූ තුටින් වැගිරෙන කදුලෙන් යුතුව ලියා දන්වමි.. මා හට ද අපේ ශ්‍රීමතානන් තෙපලූ ලෙසම 1, 2, 3 වන්නේද ආසියාවේ ආශ්චර්යයේ පෙරගමන්කරු වන මාගේ මව්බිමයි..

මෙතුවක් කරුණු පැවසූවද තවත් මා හට පැවසීමට අමතක වූ හෝ අතපසු වූ කරුණක් ඇති බව මගේ සිත පුන පුනා පැවසුවද එය සිහියට නගා ගැනීමට නොහැකිව ලතැවෙමි. ඔබට හැගෙන්නේ නම් මට උදව්වක් හැටියට එය මතක් කර දෙන මෙන් ඉතා අවිහිංසකව, මෛත්‍රියෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!!! ඔබට සුභ අනාගතයක්!!!

53 comments:

  1. උඹ මහින්ද චින්තනේ ගැන කිව්වට ඕක මොන පාටද කියල වත් දන්නවද කියහන් ??

    දෙයක් විවේචනය කරන්න කලින් ඒක මොකද්ද කියලා කියෝලා හිටහන්.

    මෙන්න මෙතනින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන කියවලාම හිටහන්කෝ ඔක්කෝටම කලින්.


    ReplyDelete
    Replies
    1. හෙහ්.. දුකාට තරහ ගොහිල්ල වගේ. අයියෝ මහින්ද චින්තනේ කටපාඩං කොරනොගත්තොත් අපි ඉවරෝ...

      Delete
  2. කවුද බන් ෆොන්සේකා කියන්නෙ ?? හොඳට අහලා පුරුදු නමක්..

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නෝ උඹ දුමින්ද සිල්වගේ ඇද ඉහද ඉන්නේ.. හැක්... උඹල කතාව කියෙව්වට මට අමතක වෙච්චි එක මතක් කොරල දෙන්න පොඩිවත් උත්සාහයක් නෑ නොවැ...

      Delete
    2. උඹ මේ මගුලක් කතා කරනවා.. මේක කියවපු වෙලේ ඉඳන් මම මේ දහ අතේ කල්පනා කරන්නෙ කවුද ෆොන්සේකා කියන්නෙ කියලා !

      කවුද බන් දුමින්ද සිල්වා කියන්නෙ ?

      Delete
    3. මට මතක නෑ ඕයි.. කව්ද සෙන්නා කියන්නේ... හිකිස්

      Delete
    4. මේ කව්ද මම නිද්‍රාශිලිව හිටි වෙලාවේ ආවේ.. හිකිස්

      Delete
  3. උබ කොහොමත් සංවේදී පුද්ගලයා නෙව TV එකේ යන ඒවට ....
    අවුලක් නැහැ ..මේ පින් බල මහිමයෙන්
    උබ ඉන්න .......... ............


    නෑ නෑ ඔබ තුමා ඉන්න රුක් දේව විමානයට
    තව තව සැප සම්පත් ලඟා වේවා.
    ( බලාගෙන සංවර්ධනේ කියල ගහ කපල
    දැම්මොත් එහෙම ! )





    දේව භක්තිය... Aesop's Fables.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. උඹල තාම කුනු අදිනව නෙව....අපි ඇගපත හෝදල කරල ඉවර වෙලත් සෑහෙන්ට වෙලාත.. හිකිස්

      Delete
  4. ආශ්චර්යයේ යන පාර දිගේ........^_^

    ReplyDelete
  5. මට මතක නැහැ, කිසිම දෙයක්.

    ReplyDelete
  6. " මේ මගේ රට " ද

    ආ...මම හිතුවේ අර ටී වී එකේ ඉස්සර ගිය ඇඩ් එක කියලා...

    " මේ මගේ කට...මම නිකන් ඉන්න කොට..." හි හි හී

    ReplyDelete
    Replies
    1. //" මේ මගේ කට...මම නිකන් ඉන්න කොට..." හි හි හී//

      තෝ කුනුහරුපයක්ද කිව්වේ බොල

      Delete
  7. මහින්ද රාජපක්ෂ වගේම රට බේරාගන්නට කැප වු සියල්ලෝම අදටත් මගේ වීරයන්.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා මෙතන කිව්වට කමක් නෑ බේරේ ගෙදරදි එහෙම ඕක කියන්න එපා. ඔක්කොම කිව්වහම ෆොන්සේකාත් අහුවෙනවනේ. ඒක නිසා රස්සාව පරිස්සම් කර ගන්න ඕන නිසා ඔය කතාව එහේදි කියන්නේ එහෙම නෑ හොඳේ . . හික්ස්

      Delete
    2. නලිගෙ මේ කියමනට මුළු රටම එකගයි.කතා දෙකක් නැහැ.හැබැයි දුකා මලය කිව්ව ප්ලේස් එකේදී ඔහොම ගෙඩිය පිටින් අතාරිනව නෙමේ :) :).

      Delete
    3. @ නලින්

      ඒකනේ කියන්නේ.. මුන්ට මෙච්චර කියලත් තේරෙන්නේ නෑ... අපරාදේ කියන්නේ සන්තෝසෙට වෙන්ටැති බං, අපේ උං මුකුත් ලියන්නෙත් නෑ.. හිකිස්

      Delete
  8. Replies
    1. ආ.. ඔව් මතක් කරමින් ඉන්නේ.. අද අනිවා මතක් වේවි

      Delete
  9. ශ්‍රීමතානන්ගේ පුත්‍ර රත්නයන් ගැන අමතක කළ තා දේශද්‍රෝහියෙකි..

    ReplyDelete
    Replies
    1. හෑ.. ඒකත් අමතක වෙලා නේන්නං. ඒ වගේ උතුම් පුත්‍ර සමාගමක් අමතක කල මා කවරෙක්ද? හිපාටුවෙක්මි

      Delete
  10. බත් දුන් පියා,බනිස් පියා,ඩප්පියා.....ඇයි බං පිං දුන් පියා

    ReplyDelete
    Replies
    1. ඇයි බං හැලපියා

      Delete
    2. පිං දුන් පියාඅ >>> පිංපියා

      Delete
  11. රේස්පියා..(කාර්)
    ගස්පියා(කැලණිය)

    මට හිතාගන්න බැරි...අර නැ‍ටුංකන්ඩායම ...අයියෝයෝසල්ලි.!!!

    ReplyDelete
    Replies
    1. මොන නැටුං කණ්ඩායමද බොල.. මත්තල වැදි නැටුමද

      Delete
  12. ඔබ විසින් මගහරින ලද්ද අධි වේගය යැයි සිතමි,
    එය මගහැරීම පිලිබද කිසිදු සමාවක් නැත.

    තවද ණයට කිරුල, දූෂිත අගවිනිසුරු වරිය පලවාහැරීම වැනි කරුනු ඔබ හිතා මතම මගහැර ඇති බව පෙනේ. එයින් පෙනීයන්නේ ඔබ තවමත් නිවැරදි ලෙස උතුමානන්ට පක්ෂ නැති බවයි

    ReplyDelete
    Replies
    1. නැත නැත අධිවේගය අප ආරම්භ කලා පමණි තව වැඩ ඇත එමට. එහෙත් තා වැනි රාජපක්ස විරෝදියෙකු තෙපනන එකදු වදනක් මා කනකට නොගනිමි..

      Delete
  13. ශ්‍රීමතාණන්ගේ දෙමව්පියෝ මතක් කරල නැහැ නොවැ .

    ReplyDelete
    Replies
    1. ඒ උත්තමයන් මතක් කරන්න බැරි පුත්‍ර රත්නයේ ආනුභාවයෙන් මුළු මහත් පරම්පරාවම එක වර මතක් වෙන බැවිනි..

      Delete
  14. උඹත් දැන් හරි හරියට විහිලු කතා ලියනවා නේද? :D

    ReplyDelete
    Replies
    1. එම්බල නරය, තෙපි රටට ද්‍රෝහි වු කොස්ටායකි. එසේ හෙයින් මා කියන දෙය අසා හිටුව.. එසේ නොමැති නම් මෛත්‍රියෙන් යුතුව තට සුදු වෑන් එකක් එවීමට සිදුවේ...

      Delete
  15. මොකද් ද අමතක වුනේ.. මටත් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ආ.. මතක් වෙනව වගේ බං... හිටපංකෝ

      Delete
  16. උඹට අමතක උනේ අර අරකනේ......

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඒක තමා අරක... මේ උඹ ඊයේ දෙකක් දැම්මද බං... ලියිට් බිලක් අපේ ශ්‍රීමතාන්ට යොමු කරමින්. එවැනි පජාත වැඩක් ඔබ කලේ නම් මා තොප හට මෛත්‍රිෙයන් යුතුව ඩප්පියක් එවමි

      Delete
    2. ස්ස්ස්ස්..... කෑ ගහන්න එපා බං. ඒක යට ගහන්න තමා අනික දැම්මේ. :D

      ඩප්පිය සැපය. සුදු වෑන්නම් කැතය. මෛත්‍රිය නම් හොඳය. but උඹේ එව්වා ගඳය.

      Delete
  17. මොකද්ද බං මේ හරුපේ.... මට නං අගක් මුලක් නෑ.... ටටා..... හි හි

    ReplyDelete
    Replies
    1. ආහ්... දැනුයි අර උඩින් තියෙන නම තේරුනේ.... හි හි...

      Delete
  18. දෙයියෝ සාක්කි මූට මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඕනෑ සන්තෑසියම තමා බං උනේ...

      Delete
  19. පොඩ්ඩක් ධවාදීවත් හිතන්න බලපන්...

    ReplyDelete
    Replies
    1. මීට වඩා ධනවාදිව හිතන විදිය කියල දියං උඹ කියන්නේ මරිසියා මාතර ස්ටේජ් එකේ දෙපතුල ගාව හිටියා වගේ ලගින්නේයි කියලයි.. හා.. එහෙම කොරන්නං.. හැක්...

      Delete
  20. හම්බන්තොටට නැවක් ආව කියන එක වෙන්ඩැති උඹට මතක නැත්තේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හම්බන්තොටට එන නැව් ගණං කොරගන්නවත් ඉස්පාසුවක් නෑනේ බං

      Delete
  21. හප්පේ මේක කියවන්ට අමතක වෙලා නොවැ.. හෙන හෑල්ලක්ම ලියලා නොවැ.

    ReplyDelete
    Replies
    1. උපහාර හද පිරි බොක්කේ ඒවා...

      Delete