Tuesday, March 12, 2013

හැලපයි!!!!!

බ්ලොග් අවකාශයේ ඇනෝ පරිප්පුවක් ක්‍රියාත්මක වෙන හින්දා, ඒකෙන් පරිප්පු ඉල්ලං කන්න අවශ්‍ය නැති අපේ බ්ලොග් පතාක යෝදයන් වන මාතලං හා වෙනී තම තමන්ගේ ගිණුම් පරිස්සමින් පාවිච්චි කොරන්න පටන් ගත්ත නෙව. ඒත් මේ කරදරේ ඉවර වෙන පාටක් නැත්තේ දැං ෆේක් එකවුන්ට් වලින් ඇවිල්ලත් අපි කොහොමත් දන්න, ආයේ කියල දෙන්න අවශ්‍ය නැති කුනුහරුප තාමත් මාතලං ගාව මේ හාදයෝ දාන හින්දයි. 

මට නං උන් ගැන කියන්න තියෙන්නේ තමන්ගේ රෙද්දේ ගූ ගෑවිල විත්තිය පස්ස අතගාලා බලල, ඒත් දැනෙන්නේ නැත්නං අත නහයට තියල බලල, මෝඩ කමට ඒකත් දැනෙන්නේ නැත්නං පැට්රියට් මලයා කිව්වා වගේ ඉවර වෙනකං කාලම බලන්න කියලයි. 

ඒත් තේරෙන්නේ නැත්නං ඉතිං කියන්න තියෙන්නේ රාජ් කිව්ව වගේ (රාජ් ඒක අහුලගත්ත තැන මට මතක නෑ මොකද මම නිද්‍රාශිලියි) සමහර උන්ට, කොච්චර උන් ගදද කියල තේරුම් කරන්න හැදුවත්, උන් ගාව ගද බව තේරුම් ගන්නේ නැති බවයි. මේ අස්සේ අපේ සැන්ඩර් මලයත් බ්ලොග් කල්ලිවාදයක් පිළිබදව කලකිරීමෙන් ඉන්න විත්තියක් ආරංචි උනා. සැන්ඩර් මලයටත් කියන්න තියෙන්නේ දෝහා හිටියත් කොල්ලෝ මොන දේවත් වැඩිය ඕන නැති බවයි. මේක අපි හදාගත්ත පුංචි ලෝකයක්. ඒ පුංචි ලෝකයේ අපි මිතුරන් ඇති කර ගන්න කැමතියි, නැතිව හදාගත්ත එකාව නැති කරගන්න නෙමෙයි. 

මාතලං කිව්වා වගේ වෙන මිතුරන් නැතුවද, මෙහෙම කරන්නේ... නෑ.. ඕන තරං ඉන්නවා. ඒත් තව එකෙක් හරි අදුරගන්න එක කොයි තරං දෙයක්ද? මිනිහෙක් විදියට ඉපදිල ගොබ්බයෙක් වගේ මැරිල යන්නේ නැතිව තමන්ගේ බිස්නස් එකක් බලා කියා ගෙන පාඩුවේ අනුන්ට කරදරයක් නොකර ඉන්න ටිකේ වත් ඉන්න කියල තමා කරුණාවෙන් ඒ බොග මහත්තුරුන්ට කියන්න තියෙන්නේ. 

ඕං මම ගාව පහරන්න ආවොත් දෙකක් නෑ එළවල දානවා මොකා උනත් එච්චරයි. හැදිච්චි විදියට කතා කරනවනං මට කෙලල ගියත් මම අත් දෙක උස්සන් ඉන්නවා. ඒක තමා අපේ මනුස්සකම. වෙන විදියට කෙලින්න ආවොත් ඇට දෙක ඇදල කන්දෙකේ ගහනවා ඉයර් පෝන් එකක් විදියට හැමදාම කනේ ගහං ඉන්න. එච්චරයි.

හරි... අටෝරාසියක් කරුණු එක පෙළට කියන්න උනේ දැං මේ දවස් වල තියෙන ට්‍රෙන්ඩ් එකට අපිත් ඉතිං මුක්කුවක් නොගැහුවොත්, ඒක අඩුවක් වෙන හින්දයි. නැතිනං ඔය මොකා එක්කවත් මට ඇති තරහක් නෑ. පහරන එවුන් ඇර.

මේ දචස් වල අපේ පුංචි ලෝකයේ මාර්කට් කරන්න ඕන හොදම බ්ලොග් එක මොකක්ද කියල ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ මොකක් වෙයිද? අනේ මන්ද බොලා නං එක එක වැල සයිට් වල නං හෙම කියාවි.. හෙහ්... හෙහ්.. ඒත් ඉතිං මොනා උනත් අපිට මේ දවස් වල හම්බ වෙලා ඉන්නවා අවංක පැණියෙක්. කතා සාගරයක්. නියම අක්ෂර වින්‍යාස අනුව භාෂාව හසුරුවන්නෙක් කියල පොර කිව්වට මම නං දන්නෙ නෑ මොකද මම බාසාව හරියට හසුරුවන්නේ නැති හින්දා. වෙන කව්රුවත් නෙමෙයි ඒ අපේ හැලපීයා.. (ඕං කුනුහරුපයක් වගේ හින්දා හැලපයියා කියන නම වෙනස් කොරා. පේටන්ට් එක ලබා දෙන්නෙයි කියල ඉල්ලා හිටිනවා)

අපේ හැලපීයාට සමාජය ගැන හොද දැනුමක් වගේම සමාජයේ අඩිය තියල ලබා ගත් අත්දැකීම් එමටයි. අපි හුගක් දෙනෙකුට නැති ස්මරණ ශක්තියක් මිනිහට තියෙනවා. ඒකේ තියෙන ප්‍රයෝජනය දැන ගන්න නං අපි අතීත කතාවක් දෙකක් ලියන්න ඕන. ඕං එතකොට සිහි වේවි අඩේ කොයි තරං දේවල් අමතකද කියලා. ඉතිං එහෙම එකේ මිනිහා ලියන එකක් මේ දවස් වල නොකියවා ඉන්න එක ලොකු අඩු පාඩුවක්. හුග දෙනෙකුට තාම කියවන්න බැරි උනත් කාලයත් එක්ක වැඩිම දෙනෙක් කියවන තැනක් බවට හැලප කඩේ පත් වෙන බව සිකුරුයි. ඒක නිසා තව හොද හොද හැලප ටිකක් තම්බ ගන්න, තව තව මිනිහට තර්ජනය කරමු. 

මම මිනිහගේ බොහොම කැමති අර බේබදු කතා වලට. කරුමෙට මේකේ කාල් ගාන නංගිල මිනිහට කියල නෙව “ඔයා බොනව වැඩියි කියල“. ඒක නිසා පොර දැං බේබදු කතා නවත්තලා දාලා. හරි එහෙනං බලපු නැති කස්ටිය ඉන්නව නං හැලපීයගේ මම ආසම කතා කීපයක ලින්කටු දාන්නං ගොහින් බලල පොඩි තර්ජනයක් හෙම දාලා එන්න. මිනිහා හෙන බය ගුල්ලා. අනිවා බයටම ලියාවි.





මේවට වඩා හොද ඒවා තියෙනවා. මගේ හිත කාපු කතා හතරක් තමා මේ දැම්මේ. 

ඉතිං හැලපීයට තව හොද හොද සෙල්ලං බ්ලොග් ලෝකයේ දාන්න හැකි වෙන්නෙයි කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරන ගමන් බේබදු කතා සැට් එකත් නවත්තන්න එපා කියල ඉල්ලීමක් කොරන්න වෙනවා.


82 comments:

  1. මන් කොහෙද බොල පතාක යෝධයෙක් වෙන්නෙ.. අපොයි මන් තාම කූඹියෙක්..
    හැලපීයාගේ බ්ලොඩ් එක නම් නියමයි. මන් ඉවර වෙනකම්ම කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. මට නං ඉතිං පතාක යෝදයෙක් තමා. ඒ ගැන කතාවක් නෑ..

      Delete
  2. අපිලා ගැනත් මතක කොලාට එලයැ.

    හැලපෙ ගැන මේක ලියපු එකට උඹට පිං. මොකෝ ඌව කියවන්නේ නැති වුන් පව්. හැබැයි කෙන්ජි කිව්ව වගේ ඇනෝ මල්ලිලා රෙන්න හැලප කඩේට ගොඩ නොවෙනවනම් තමා හොද.

    හැලපේ බ්ලොග් ලොකේ සදා මතකයක් තබන බව විශ්වාසයි. දවස පුරාම කුණු කන්දල් අහන දකින විදින අපිට හැලපේ සුවද මල් වත්තක් වගේ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. පින් නං ගන්න බැරිය, කියවන්න නේ ඕන මේ වගේ ඒවා..

      Delete
  3. හැලපයියගේ බේබදු කතා නැත්තම් හොඳයි තමයි.. හි හි... ඒ උනාට ඉතිං ඇත්ත කතාව දානකොට සංස්කරණය කළොත් ඉතුරු වෙන්නේ අර කාලෙකට කලින් පත්තර වල නිවුස් ගිය විදියට තමයි... ඒක නිසා ඔන්න ඔහේ තියෙන විදියට තිබිච්චදෙන්... හි හි

    ReplyDelete
    Replies
    1. ආයේ ඒ මනුස්සයට අනං මනං කියලා අහුවෙයන්කෝ උඹ

      Delete
    2. පුහ්... බයවෙයි.... හි හි...

      Delete
    3. @ හිරු,
      ඔය කිව්වේ.. එහෙනං හැලප අමුවෙන් තමා කන්න වෙන්නේ...

      Delete
  4. මුනවැයි බං බ්ලොග් කියන්නේ. මට මතක නෑනොවැ.

    මට නම් ඉතින් ඇනෝලගෙන් වත් කරදරයක් නෑ. මක්කවත් ලියන්නෙ නැති කොට කවුරු මොනව කියන්නද. හැබැයි මගෙ බුකි අකවුන්ට් එකට නම් කොහෙද යන පජාත බව්වෙක් රිංගුව ලගදි දොහක. අහිංසක මං මොනව කලාටද දන්නෑ.

    හැලපිය නම් මන් කියවන බ්ලොග් එකක්. බ්ලොග් වර්ජනේ නිසා ටිකක් මගහැරුන.

    ReplyDelete
    Replies
    1. බොට දගලන හැටියට මුනුපොත කලාස් උනා නං හොදා.. හෙහ්..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අජෝව් මකන්න තහනං එව්වා මෙව්වා හරිය

      Delete
  6. අපි ඇත්ත ඇති හැටියෙන් කියන නිසා සිංහල බැරි, තුප්පහි බාසාවෙන් ලියන පුස්සෝ ඔක්කොම බයවෙලා.

    ReplyDelete
    Replies
    1. මම නම් "ලියන"ලිපි කියවනව මිසක්,පුස්සො "කියන"කුනුකතා අහන්නෙ නැහැ.

      Delete
    2. @ ඇනෝ.

      පුස්සෝ ඔක්කෝම පිස්සෝ බව කියන්න ඕන. ඒත් ඔබ වචන පාවිච්චිය හොද නිසා ඕං ආචාර කොරනවා අයේ එන්න..

      Delete
    3. @ කෙන්ජි
      බොටත් ඇමිණෙන්නේ නැතිවම බෑ නේද/// හහ් හහ් හා

      Delete

  7. හැලප නං රසයි තමා මත් කැවා. ඒත් අර හුදු හෙලුවෙන් වනන්න ඕනෙ හැලප + අයියා කියන එක එකතුකලාම හැදෙන හරි වචනෙ වෙනුවට වචන ෆැක්ටෙරියෙන් එකක් ගත්ත එකට අපි විරුද්දයි.. අර කෙල්ලක් වෙලත් හිරු ජයට ලියල තියෙන්නෙ නියම නම..

    ReplyDelete
    Replies
    1. හරි අයියා, හැලපයියා කැමති නිසා හැලපයියා හොදයි. විරෝදය පිළිගත්තා..

      Delete
  8. එහෙම පතාක යෝධයෝ, ප්‍රවීණයෝ, ජේෂ්ඨයෝ, අරු මුං කියලා අපිට ලේඩක් නෑ බං අපිත් එලියට බැස්සම පදිකයෝ, මගියෝ, ලෙඩ්ඩු, කෑලී, පාරිභෝගිකයෝ, බේබද්දෝ, ලපයි සිපයි ඔක්කෝම. ඔය ලේබල් වලට තමයි මුන් කුලප්පු වෙලා තියෙන්නේ. අනේ මුංගේ උගත් කම, කොන්ද පන නැති ගැරඬි...

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි... ඒත් හරවත් යමක් කරන්නාට ගරු කිරීම යුතුකම් දන්නා මිනිසුන්ගේ වැඩක්.

      Delete
    2. ඇත්ත, දිනක් මන්ත්‍රී ලේකම් කෙනෙක් බීමත්ව රිය පදවා පොලීසියට අසු වූ විට,
      “මම *** ගේ ලේකම්“ යැයි කියා ඇත. නමුත්, පොලිසියෙන් දී ඇති උත්තරය,
      “කාගෙ ලේකම් උනත් රියදුරු අසුනේ ඉදගත්විට රියදුරෙක් මිසක ලේකම් කෙනෙක් වෙන්නේ නැහැ කියා.“

      Delete
    3. @ මාතලං
      මට යෝදයෙක් වගේ පේන එකෙක්ට වෙන උන්ට බයේ ඒක නොකියා ඉන්නෙයි කියලද උඹ කියන්නේ.. මම නං එහෙම කරන්නෑ. උන්ගේ ඉරිසියාව උන්ටත් අපට නොවේ... අනික උඹේ සිංඩිය තමා මේ තාක් මට වැඩිම රිෆරල් එවල තියෙන්නේ. එතකොට මට උඹ යෝදයෙක් නොවෙන්නේ කොහොමෙයි

      Delete
    4. @ නිර්මලා
      ඒ කතාවට මම එකගයි. මෙතන දි එහෙමයි පාරෙදි මාතලං දැක්කොත් ඌට මම කුනුහරුප කියල තමා බනින්නේ අනිවා...

      Delete
  9. දේශකයා ඔබේ දේශනාවේ ආරම්භය නම් මරුම තමා. මේවා කියවලාවත් බ්ලොග් ලෝකයේ කුණුහරුප වපුරන්නන් හැදෙනවානම් ලොකුම දෙයක්.. මම කවදාවත්ම මා අකමැති වුවත් අන් මතවාදයක් වාරණය කරන්නේ නැ. වාද විවාද වෙනයි එතැනට අමු තිත්ත කුණුහරුප ගෙන ඒම යි වරද. ඒවගේම උපහාසය බොහෝ දෙනකු තේරුම් ගෙන නැ...
    හැලපයාව නං මාත් නොවරදවාම කියවන බ්ලොගක්.. බ්ලොග් ලොකය සුන්දර කරන්න හැකි තවත් එක් පුද්ගයයෙක් ඔහු.

    ReplyDelete
  10. බොහොම ස්තූතියි බ්ලොග් එකක් ගැන දැනුවත් කරාට.. ඒ පැත්තේ ගිහින් නම් තියනව කමෙන්ට් කරල නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදිනි, ටික දවසක් දැක්කේ නෑ නෙව..

      Delete
  11. අම්මත් වතාවක් දෙකක් කියෙව්වත් මට මගහැරුනා. ඇඩ් කරගනන් ඕනේ බ්ලොගේට මගේ

    ReplyDelete
    Replies
    1. //අම්මත් වතාවක් දෙකක් කියෙව්වත් මට මගහැරුනා. //

      එහෙනං පුතාවත් හරියට කියවපංකෝ.. හිකිස්..

      Delete
  12. හැලපකාරයා කියන නම නරකද?

    ReplyDelete
    Replies
    1. දැන් දැන් කතන්දරත් අපි වගේ සාමාන්‍ය බ්ලොග් කාරයන්ගේ අඩවි වලටත් එනවා වගේ නේද.

      Delete
    2. @ කකා

      ඕං හැලපයියා තියෙන නමට කැමැතියි කියන එකේ ඔය නං දැමිල්ල නවත්තල දාමු අනේ...

      Delete
    3. @ නලින්

      එහෙම කියන්න එපා බං. හුගක් අය කියවනවා.. ඒත් හිතට වැදුනොත් තමා කොටන්නේ.. ඒක අපිටත් අදාලයි නෙව බං. කකාගේ ලොකු කමක් තියෙනවා මොකෝ මිනිහා බ්ලොග් රජ්ජුරුවෝ නෙව.. හැක්.. අනික හැලපයියාත් ස්තුතියක් දාලා තියෙන්නේ කතන්දර ශුරින්ට. ඒක නිසා ආපු කෙනෙකුට එහෙම කතා කරන එක වැරදියි වගෙයි පේන්නේ.

      Delete
  13. ඒ බ්ලොග් එක කරන්නේ කාලීන අවශ්‍යතාවක් සපුරනවා වගේ වැඩක්. ඒ වගේ එකක් කියවල කමෙන්ට් එකක් දාන එක අපේ යුතුකමක් මචං

    ReplyDelete
  14. හැලපයාගේ බ්ලොග් එක මරු
    ඔබාවත් මතක් වෙනවා ඒක බලනකොට

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මටත් ඕකම හිතුනා.

      Delete
    2. @ උඹේ මරණය
      වෙල්කම් වෙව්වා... හැලප නං රහම තමා බං..

      Delete
  15. මටත් ඔය කනිෂ්ඨ ජෙ‍ය්ෂ්ඨ කතන්දර නම් පෙන්නම බැහැ. හැම එකාම එකයි. මේක ලියන කවුරුත් එකයි. නමුත් මනුස්සකම කියල නම් දෙයක් තියනවා. අන්න ඒ මනුස්සකම තමයි දේශකයා මේ පෙන්නලා තියන්නෙ. වටිනා වැඩක් මමත් ගියා ඒ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. මාත් කනිස්ඨ ජේය්ෂ්ට කියනවට කැමති නෑ වෙදනෝ.. ඒත් මට සාපේක්ෂව මිනිහෙක් දිහා මට තියෙන කෝනයෙන් බලල කියන එක අවුලක් නෙමෙයි නේද,

      Delete
  16. දේශකයාටත් හොඳටම තරහා ගිහිං වගේ.අනේ අනේ බොන කථා නවත්තපු එක ඇයි ආයේ පටන් ගන්න කියන්නේ

    ReplyDelete
    Replies
    1. එවා තමා රසම හැලප, හප් කියුවේ කට

      Delete
    2. @ ගයනි
      හෙහ්.. තරහ ගියාම ටික වෙලාවයි තියෙන්නේ.. රහම කතා නවත්තන එක හොද නෑ නෙව...

      Delete
  17. මේ ගැන මගේ අදහස් වෙනම පෝස්ට් එකකින් කියන්නම්

    ReplyDelete
    Replies
    1. බොට එච්චර මෝල්ද මේකට!!

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. හැලප කඩේ පැත්තෙ යන්න ඕන බන්.ඇනෝලා ගැන ලියලා උඹත් ඉල්ලන් කන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉල්ලනැ කන්නෑ බං කියන්න ඕන දේ කියනවා එච්චරයි

      Delete
  20. ඇයි දැන් හැලපයියට මොකද වෙලා තියෙන්නේ බන් ?

    ReplyDelete
    Replies
    1. මොකුත්වෙලා නැ බං ඔය යසට ඉන්නේ

      Delete
  21. මමත් ලඟදී ඉඳන් තමා හැලප කඩේ පැත්තේ යන්ට ගත්තේ . . නියම බ්ලොගක් . .

    ReplyDelete
    Replies
    1. දිගටම බලහං. නියමයි බං

      Delete
  22. හැලපීයා.. ගේ කඩේට කාලෙකින් යන්න බැරි වුනා නේ. හැලපයක් කාල එන්න යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා හැමදාම බලන එකක් කරගනිං.

      Delete
  23. හැලප කඩේ කතා ටික නම් පැණි බෙරෙන්නෙ ලියලා තිබෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. පැණියෙක්ම තමා

      Delete
  24. මාරයා කැලේ බං

    ReplyDelete
    Replies
    1. මාරයා.. මට මතක නෑ.. කැලේ.. ඒත් මතක නෑ.. හෙක්...

      Delete
  25. ඇත්තටම දේශක කියල තියෙන ලෙසටම හැලප නම් රස සාගරයක්.

    ReplyDelete
    Replies
    1. අනිවා බං පැණි බේරෙන හැලප

      Delete
  26. මේ යකා නම් වෙනස් කොරන එකේ ඉවරයක් නෑනේ.

    පෝස්ට්කටු, බලගය දැන් හැලපීය... :D

    ------
    හලපයියා නම් මරේ මරු. ආයේ කියන්න දෙයක් නෑ. ඒත් ටිකක් දිග වැඩි නිසා දඩි බිඩියේ කියවන්න අමාරුයි. අපේ සෙන්නගේ කතා වගේ. ඒත් එව්වා කොට කලොත් මෙලෝ රහක් නැති වෙනවා. අනික් උන්ගේ වගේ (මගේ වගේ).

    මීට,
    AKM

    ReplyDelete
    Replies
    1. යකෝ මගේ නමින් ඇනෝ කෙනෙක් ඇවිල්ලා ඉන්නේ.

      එක්කෝ කමක් නෑ දේශෝ. ඒකා මේ ළගදී කළ එළි බැහැපු මගේ ඇනෝ මිත්‍තරයෙක්. ආසාවට නෙව ඔය AKM කියල ගහගෙන ඉන්නේ.. හරි පුතා යං.. බොට තියෙන්නේ සිරාවට කොල්ලෝ, ඇනෝඅකමා කියල ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඒක මටත් ලොකු ආඩම්බරයක්.

      Delete
    2. @ ඇනෝඅකමා
      ලස්සන ප්‍රතිචාරයක්... හෙහ්.. නං දෙක තුනක් මට ඕන විදියට පාවිච්චි කොරනවා නං තමා. ඒත් මේකෙදි නං ඇනගත්තා.. හැලපයියා අකමැතියි කිව්වා නෙව..

      Delete
    3. @ රියල් අකමා
      කොච්චර ආඩම්බරයක් ද බං උඹව කොපි කරන එකෙක් ඉන්න එක. සතුටු වෙයං. ඇනෝ අකමටත් උම්ම එකක් දියං

      Delete
    4. මචං දේසා අකමා දාලා තියෙන්නේ පහුනු පෝස්‍ටුවේ උඹ මේ ඇනෝටම දාපු කොමන්‍ටුවමනේ නම විතරමයි වගේ වෙනසකට තියෙන්නේ. ඕන නම් බලපන්.

      Delete
    5. @ සරා

      සිරාවට බං ඇත්ත නේන්නං.. උඹ කොහොමෙයි බං මතක තියාගත්තේ.. මටවත් මතක නැති එකේ.. ආ.. අකමා දැං කියපං උඹ ඒක හිතලම කෙටුවනං හෙම ආයේ දෙකක් නෑ තෝ මගේ පලුවක්... ස්තුතියි සරා උඹේ අඤ්ඤකොරොස් මොල කෑල්ලට

      Delete
  27. පෝස්ට් එකේ මුල ටික නම් සැර වැඩී දේශෝ...!
    අපි මොකට්ද පහත් භාශාවිලාශයක් අනුගමනය කරන්නෙ.
    මමනම් අටමා කිව්ව දවසෙ ඉඳලම හැලපයියගෙ ඊස්තිර සාමාජිකයෙක්.(ඇයි බං පයියාගල කියනවනම්)

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා බං සැරට දෙන්න ඕන, ඒක අවශ්‍ය තැනදි. හරි හරි උඹල කියාගනිල්ලකෝ ඕන කුනුහරුපයක්. උඹ තාම ඇටසැකිල්ල මුරකරන්නේ මන්ද

      Delete
  28. ඒක ඉතිං අපි හැමදාම යන පොට් එකක්නෙ.

    බොට හැලප අයිය කීයක් ගෙවුවද ඒක ප්‍රමෝට් කරනවට. :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රසා, ඒත් නොයන අය කීප දෙනෙක් දැනටම ගිහිල්ල ඒක ලොකු දෙයක් නෙව.. ඔව් මේවට ඌ ගෙවනවා උණු උණු පැණි බේරෙන හැලප දීල... හෙක්...

      Delete
  29. හැලප මාමා... දිනේවා!!!!!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. Welcome HE Aerial King!!! Rajaa mage wela site ekata daily aawata adane mekata aawe..
      සිංහල ෙක්ස් ෙවලා

      Delete
  30. හැලප වැනුම් කීපයක්ම දැක්කා.. දවසක් දා සැන්දෑවක ඒ පැත්තේ ගියා වගේත් මතකයි. ආයෙමත් ගිහින් බලන්න ඕනේ... කියවන ලිස්ට් එක පුලේ පුල් බං... රස්සාව ගහල යන කලර් එකක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. යේ යේ කමින් කලර් නෝ ගුඩ්. හෙහ්... මේක නං උඹ දාගන්නම ඕන එකක්. අයේ දෙකක් නෑ..

      Delete
  31. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. මගුලයි කිව්වා.. යාන්තං ඇනෝ ට්‍රෙන්ඩ් එක පාලනය කරගත්ත විතරයි. තව ට්‍රෙන්ඩ් එකක්. දැන්නං වහල දාන්න ඕන ටික දවසකට. කව්ද ඔය තුන්දෙනා මට මතක නෑ..

      Delete
  32. මාත් ඔය හැලප කඩේට යන්න ගත්තෙ අටමගේ පෝස්ට් එක නිසා. බොක්කෙන් ලියන සයිට් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මං හිතන්නේ බොලා වෙනි ගානේ හැලප කෑවට පස්සේ උඹල හැලප ගිලින විදිය දැකල දුකේ වෙන්නැති හැලපයියා හැලප කඩේ ඕපන් කරේ තොපිට රසම හැලබ කන්න. ඔය 7 පැත්තේ තිබ්බත් වෙනියගේ හැලප රබර් වගේ නෙව... හැක්..

      Delete
  33. අපිත් කනෝ හැලප...

    ReplyDelete
    Replies
    1. හොදා හොදා. ඔය කෙහෙල් ටිකත් බෙදලා දාපියකෝ.. ඩබල් කරගෙන කන්න...

      Delete
  34. මමත් නිතරම නැතත් කියවන හා ලස්සන රටාවකට ලියනවා දැකපු කෙනෙක් තමයි හැපලයා මලා හැලපයා හැලපයා. මට වැරදුන බොල හැලපයා හොඳේ. කොහොම උනත් මචං මම අකමැතියි පෞගලිකව ඔය ඇනෝලට. ඕපපාතික සත්තු ගැන මගේ පැහැදීමක් නැති නිසාමයි මගේ බ්ලොග උන්ට තහනම් කලාපයක් කොලේ. අනික මචං මම යන එන තැන් වලදි උනත් මේ ඇනෝ කොමෙන්ට් දැක්කම මට එන්නේ තරහක්. මචං හොඳ හරි නරක හරි කාගේ උනත් මූණට කියන උන්ට මම කැමතියි. බොරුවට පැනි ගාන උන්ට වඩා මම කැමති කෙලින් ඇවිත් හොම්බට අනින උන්ට. ඇනෝලා ගැන පෝස්‍ටුවක් ලියලත් මම ආයේ අත හැරලා දැම්මා, ඇයි මම ඒතරමටවත් උන් ගැන වද වෙන්නේ කියලා. අද කාලේ ඩස්පියෝ නැත්තේ කොතැනද කියලා හිතලා මම කරබාගත්තා.

    ReplyDelete
    Replies
    1. සරා, මොන දේකවත් සියල්ලම, උපරිමය අප බලාපොරොත්තු වීම තමා නරකම දේ. මම හැම දේකම 50-50 දකින්නේ. ඒකෙන් නරක මිනිහගේ උනත් හොදක් දකින්න පුළුවන්. එක් දේකින් කෙනෙක් මනින්න හොද නැති බව අපේ සිල්වාණන් කියල දුන්න නේ ළගදී. උඹත් ගිහිල්ල බලාපං.. විශ්‍රාමික සෙබලා

      Delete