Wednesday, January 9, 2013

පපපපපපප්පපනනන්නනහහහහහ

ඔන්න ඉතිං හා පුරා කියල අමාරුවෙන් අටවගත්ත මගේ බලගයේ අනුමත වෙච්චි 50 වැනි පෝස්ට්කටුව මේක තමා. මගේ බ්ලොග් ආගමනය ගැන ආයේ අමුතුවෙන් ලියන්න ඕන නෑ මං හිතන්නේ මොකද ඒ ගැන මම දාපු මොනවද දන්නේ කියන පෝස්ට්කටුවේ සදහන් වෙන නිසා. ඉතිං මෙහෙම වේලි වේලි තිබ්බ මාගේ බ්ලොග් කටුවට පන දෙන්න, අත දෙන්න, දණ ගාන කොට ඇවිදදවන්න, ඇවිදින කොට පාර පෙන්නන්න එකතු වෙච්චි හුගාක් කට්ටිය හිටියා. ඇත්තටම කිව්වොත් මේ බ්ලොග් ලෝකේ ඉතා සුන්දර දෙයක් විදියට තමා මට දැනුනේ. ඒක නිකං පොඩි කාලේ පොත් කියවන්න තිබ්බ ඇබ්බැහිය වගේමයි. ඉඩ හසරක් ලැබෙන හැම වෙලේම මොනා හරි කියවන්න තමා මම පොඩි කාලේ වැය කලේ. දැන් ඉතිං වියපත් වෙලා හිරබත් කන මට බ්ලොග් ලෝකෙට පය තියපු වෙලාවේ ඉදලම ලොකු සැහැල්ලුවක් වගේම සතුටකුත් ආවා. මම ලියන දෙයකට මෙතුවක් කල් කවුරුවත් ප්‍රතිචාර දැක්වුයේ නෑ ඇත්තම කිව්වොත් මම කාගෙවත් ප්‍රතිචාර ගන්න මම ලියපු කිසිම දෙයක් කාටවත් පෙන්නුවෙත් නෑ. දැනට උනත් මගේ මේ බ්ලොග් කෙරුවාව ගැන ඔබලා ඇරුණම පෞද්ගලිකව මගේ එක් මිතුරෙක් හැර වෙන කිසිවෙක් දන්නේ නෑ.. කොටින්ම කිව්වොත් මායියවත් නොදනී. ඒ මම හුරු වෙලා හිටිය විදිය. මම ලියපු දේ හංගන් ඉන්න ක්රමයක් තමා මෙච්චර කාලයක් භාවිතා කලේ. ඒත් මේකට ඇබ්බැහි උනාම මට ඔය ගොල්ලන්ගේ ප්‍රතිචාර නැතිවම බැරිව ගියා. එහෙම කිව්වොත් වැරදියි.. මම ලියපු දේ හරි උනත් වැරදි උනත් නීරස උනත් උඹලා මට ඒ ප්‍රතිචාර හරහා ලියන්න ශක්තියක් දුන්නා. මම කවදාවත් මේ වගේ අත්දැකිමක් විදල නෑ. ඔපීසියේ උන් නං සහසුද්දෙන්ම දන්නවා මම සාපේක්ෂව හොදට ලියන, කියන, බොන කන එකෙක් කියලා. ඒත් හිතවත් වූ ඔබ නිසා මා වෙනම මිනිසෙකු වෙනම ජීවියෙකු උනා. ඒ ගැන තියෙන හැගීම හුගාක් තෘප්තිමත් එකක්. 

ඉතිං ඇත්තටම මම හිට්ස් ගානවත්, කොමෙන්කටු ගානවත් ගැන ලොකු තැකීමක් නෑ. ඒ කිව්වේ ඕන නැ කියල නෙමෙයි. හිට්ස්, ප්‍රතිචාර නොවන්නට මා මිය ගොස් සෑහෙන කල් වෙනවා. ඒත් ඒ පසු පස එළවීමක් නෑ. කවුරුන් හෝ සුහද සිතින් දෙන ප්‍රතිචාරය මා ඉතසිතින්ම භාරගන්නව වගේ ඒ ගැන සතුටු වෙනවා. මම දන්නවා මට අනෙත් හුගක් අයට වගේ ලොකු හැකියාවක් නැති බව මේවා ලියන්න, ඒ වගේම සමහර වෙලාවට හිතෙනවා මම හරිම නොසැලකිළිමත් විදියට හැම දේම දකින නිසා ඒවයින් ගන්න තියෙන දේවල් නොගන්නා බව. (ඔය මාරයා නං නයෙක් ගියත් මොකක් හරි ලියන්නේ) ඒ වගේ මනස නොසැලකිළිමත් නං කවදාවත් ලියන්න දේවල් ලැබෙන්නේ නෑ. පැහැදිලි මනසකින් කූඹියෙක් දිහා බැලුවත් ලියන්න ඕන තරං දේවල් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ පරිකල්පනය හා චින්තනය තමා ඉතාම වැදගත් ලිවිමේදී. මම ලියන දේවල් වලින් පොඩි හරි දැනුමක් කාට හෝ ලැබුනනං, සුළුවෙන් හෝ වින්දනයක් ලැබුනනං ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. මේක පටන් ගත්තේ ත්‍රිබාසා අයියා වගේ අනිත් අයට කරදර නොකර ඉන්න නොවෙන හින්දා දැං මට මේක කියන්න වෙනවා..

මට පුළුවන් හැටියට තොපිට කරදර කරනවා“ කියලා.

ඔන්න ඉතිං කවිත් ලිව්වා. (කවි අරහං එකියක් ඉන්නවා තමා) දෙන්නෙකුට අම්බානට නෙලුවා. (නං හොයාගන්නවල හොදයි) පිස්සුවෙන් එකක් ලියුවා. හිල ගැනත් එකක් ලිව්වා. අනිත් මොකටවත් නොදාපු කොට්ඨසෙකුත් තියෙනවා. 

ඒවා පැත්තක තියමු මෙයා.. මම හිතන්නේ හිට්ස් ගානට ස්තුති කොරන්ට ඕන උඹලට කියලයි. ඒ උනාට උඹල වගේ දහදුරා ඈයෝ එක්ක මේ වගේ පෝස්ට්කටු පනහක් දාපු මේකාට බොලා ස්තුති කොරපල්ලා. හුහ්.. කොච්චර අමාරුද ඒක. බොලා සීයක් දාන කොට මම බොහොම අමාරුවෙන් තටමල එකක් දානවා. කෙහොමෙයි වැඩේ.

ඉතිං නං ගං කියන්න ඕන නෑ නෙව. බොලා හැමෝම මට එක සමානයි. එකෙකුටවත් කියල වැඩි ආදරයක් නෑ. වැඩි තරහකුත් නෑ. හත්වලාමේ අන්තිමට කම්පීතරේ වැහුවම මොකක්වත් නෑ.. හික්...

හරි එහෙනං උඹල එක්ක මේ බ්ලොග් ලෝකේ වැඩ කරන්න ලැබුනට තියෙන සන්තෝසය උපරිමයි. ඒ වගේම ලොකු සතුටක් විවිධ හැඩ තල සහිත ප්‍රාණින් ගැන දැන ගන්න ලැබුනට ඒ වගේම දැනුම බෙදා ගන්නවට. තව මඩ ගහනවට එහෙමත්.. ඇයි අනේ ඇනෝල.. මට වැඩි කරදරයක් නැති කස්ටියක් අනේ එයාලා.. (හා.. දැං ඉතිං කරදර කොරන්ට පටන් ගන්නව එහෙම නෙමෙයි.) තැන්කුයි කිව්වා. අපි ගියා පනස් එකෙන් ආයේ හමු වෙමු. 

පලි - පදුරු දේශකයාට නෙලන්න, කොටන්න ලැබෙන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව සලකන්නත් පුළුවන්..

87 comments:

  1. ඔයාට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
    මන් සිරගේත් 50 ට දුන්නේ මේ වගේම එකක් මෙයා....
    100 ගහන දාට මීට වෙනස්ම එකක් දෙනවා ඔයාට ...හැක්

    ReplyDelete
    Replies
    1. හා තැන්කුයි සහන්.. උඹේ කට මගේ මූනෙ ඇලිල බං උම්ම එකේ ලොකුවට හා...

      Delete
    2. දේශක මන් ඊයේ පුද්ගලිකව ඔබට ඊ
      මේලයක් දැම්ම .නමුත් එය ඔබට ලබුනිදැයි
      නොදනිමි..

      Delete
    3. got it and already replied. Thanks Sahan

      Delete
  2. // දැන් ඉතිං වියපත් වෙලා හිරබත් කන මට //

    මේක දැක්කමනම් මගේ තනි ඇහැටත් " හෝ " ගාලා ඇඬෙනවා..ඉහි ඉහි ඉහී.. දැන් ඉතින් මේකට මොනා හරි විසඳුමක් හොයපං දේශා...අඩුම තරමෙන් හාමිනේට හොරෙන්වත් වදකහ සුදිය බොන්නවත් බැරියෑ :P

    ReplyDelete
    Replies
    1. බෑ බෑ ලිහිණියෝ. දැං ඉතිං රෙජිස්ටර් කොරල ඉවරි හිරගෙදර පොතේ.. උඹත් තනි ඇහෙන් අඩන්න ගත්ත එහෙනං..

      Delete
  3. හුටාං...... 50 විෂ් කරන්න බැරි උනානෙ..කොහෙද " වියපත්වෙලා හිරබත් කනවා කිව්ව ගමන් දුකේ බැරුව ගියානේ...

    හා හා ඉතින් අපි වෙනුවෙන් උඹ 50 ක් කෙටුවනේ..තවත් වියපත් වෙන්න කලින් 100ත් ඒවි කියලා හිතනවා.

    ඔන්න එහෙනම් ජයවේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ලිහිණියෝ.. අමතක වෙලා තියෙන්නේ උඹ හෝ ගාල අඩන්න ගත්ත හින්ද නෙව..

      Delete
  4. ජයවේවා... ජයමවේවා... දිගටම ලියපන් කියලා තමයි කියන්නේ .

    ReplyDelete
    Replies
    1. අනිවා රතුවෝ. බොලාට කරදර වැඩියෙන් දෙන්න එපායැ. ඒක නිසා ලියනවා..

      Delete
  5. සුභ පැතුම් දේශකයා...දිගටම ලියන්න... :)
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාම් චාම්ස්!

      Delete
  6. උම්මා එකක් සමග හදපිරි මෙව්ව එක පුද කරමි.
    තවත් දිගු ගමනක් යන්න ඉඩ හසර, ශක්තිය දයිරිය සහ තවත් ඕනි කරන දේවල් ලැබේවා! :D

    ReplyDelete
    Replies
    1. මගේ එව්ව එකද මෙව්ව වී ගියේය සමීගේ මෙව්ව එක නිසා. තැන්කුයි වේවා

      Delete
  7. අප්පේ.....අර දාලා තිබ්බ හෙඩිම කියවන්න මට ගිය වෙලාව. තේරුනේම නැති නිසා ඒක අල්ලලා දාල පෝස්ට් එක කියෙව්වා. එතකොටයි වැඩේ තේරුනේ....හික්....

    මගෙනුත් හද පිරි සුභ පැතුම් 50 ට....!!! තව තවත් මෙවැනිම රසවත් දේවල් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේව.....!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙඩිම පයිත්තියං.. කොහොමත් මටත් ටිකක් පයිත්තියං නෙව.. තැන්කුයි සමනළී

      Delete
  8. බොට මෙතන නෙලලා හරියන්නේ නෑ වල් පඳුරෝ...... ඒකටත් තැනක් වෙලාවක් තියෙනවා.. හිටුකෝ....100 දාන දවසටවත් .... හි හි.... අර රසකතා එකටත් මොනවා හරි දාපන් ඉතිං..... හි හි

    හා හා.. ඔන්න එහෙනං මගෙනුත් උම්මා එකක්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මුද්‍රණ දෝෂයක් බව සලකන්න. වෙන එකෙක් එක්ක කතාවක් දාගෙන කමෙන්ටුව කොටන්න ගිහින් මෙතැන රිප්ලයි එකක් විදිහට වැටුනා. :)

      Delete
    3. @ හිරු,
      මෙච්චර කාගෙකට මට ඔහොම කව්රුත් බැනල නෑ.... අඩෙනවා බං.. වල් වදුරා.. හිහි.. හරි හරි උඹල ඉතිං මං සීයා දාන දවසට ආච්චිල නිසා බය අඩු වේවි.. හැක්.. රසකතා පුරවන්න පොඩ්ඩක් වෙලාව මදි බං.. ඒත් දානවා. අන්න උඹේ උම්ම එක හෝදල දැම්ම.. තැන්කුයි හිරුවෝ..

      Delete
    4. @ චන්දන
      මුද්‍රණ දෝෂ ගැන වගකීම ඔබ සතු බව නොකියමනාය. මල් කඩමින් මුද්‍රණය කළ නොහැක..හැක්..

      Delete
  9. සිරා කොලුවත් ඊයෙ පෙරේදා තමා යන්තම් 50 ගැහුවේ...මගේ සුභ පැතුම් දේශකයා !

    ReplyDelete
    Replies
    1. සිරාටත් පදුරු දේශකයාටත් ජය වේවා.!

      Delete
  10. ජය වේවා...!
    දිගටම ලියන්න..අපි බලන්නං..!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වීයා.. මාතර ඈයොන්ට අපි කොහොමත් වද දෙනවා...

      Delete
  11. දේශකයා හිමිජ්ජා වගේ හිටියට හිරබත් කන වියපත් එකෙක් නෙව.. මායියට හොරෙන් මේ වැඩ හොද නෑ ගොයියෝ, දැනගත්ත දාට දෙවේලක් කන්න දෙන එකක් නෑ (සේරෝම ටික කියවල ඉවර වෙලා උයන්න හදන කොට දෙවේල පැනලා තියෙයි)

    50ට ජය ඈ..
    (උම්මා එකක් දෙන්න ලැජ්ජයි බන්)

    ReplyDelete
    Replies
    1. අජෝව් අපි හෙන වයස කොල්ලෝ හරිය බණ්ඩෝ...නෑ බං මොකටද මම ඕව කියන්නේ මොකෝ කිව්වොත් බ්ලොග් කියන්නේ මොකක්ද කියල තේරුම් කරන්නම සතියක් වත් යාමි. ඒ තරම්ම කම්පීටර් ඇලජික්... තැන්කුයි වේවා.. ලජ්ජා නේන්නං කොලු ගැටව් නාකින්ට උම්ම දෙන එක.. හැක්

      Delete
  12. දේශකයා පනහකට නෙළයි..:)
    සුබ පැතුම් දේශා.. මේ ලියන ශෛලිය ට තමයි මං නම් වැඩිය කැමති. ඉතින් ඔහොම ලියාගෙන යන්. අපි පස්සෙන් එලෝගෙන එක්ඤා. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි චන්දන.. අනිවා ලියනවා.. ඒ වගේම නොලිව්වත් පස්සෙන් එළවන එකෙක් ඉන්න විත්තිය මං මේ ලගදී දැනගත්තා.. හැක්..

      Delete
  13. අඩේ.. සුභ පැතුම් 50 කෙටුවට.. කී බෝඩ් කට්ට කොටල කොටල ගෙවෙනකන්ම කොටන්න වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි යසියෝ... කීබෝඩ් කටු කුඩු වෙලා සෑහෙන්න කල් බං. වෙන ඒව නෙව වැඩියෙන් කොටන්නේ.. හැක්..

      Delete
  14. මගෙනුත් හද පිරි සුභ පැතුම් 50 ට! දේශකතුමාට තව තවත් මෙවැනිම රසවත් දේවල් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාන්දි, සත්තිය ගෙන්නගන්න එක තමා අමාරුම දේ.. ඇයි කියන්නේ ඒක වෙන දේවල් වලට නෙව වැය කොරන්නේ.. හැක්...

      Delete
  15. මගෙනුත් පනහට හද පිරි සුබ පැතුම්. බ්ලොග් ලියන අය විතරයි පනහක් කොටන්න කොච්චර අමාරුද කියල දන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Blue Lotus. ඇත්ත තමා මම අවංකව දන්නවා ඒක කොයිතරං අමාරුද කියලා...

      Delete
  16. උඹට සහ උඹේ බ්ලොග් අඩවියට ජයම වේවා. තව තවත් රසවත් දේ දිශකා අතින් ලියැවේවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඩුඩෙ. උඹ හිතුවේ මේක ලියන්නේ මගේ මායියා කියලද, දේශකයාගේ වයිපරේ දිශකා කියල උඹ තමා හොයාගෙන තියෙන්නේ.. හැක්...

      Delete
    2. අඩේ මෙන්න දේශකයාගේ ගෑණු සතාගේ නම. හෙහ් හෙහ්...

      Delete
    3. හෙ හේ.. ඩුඩෙ වැඩකරුවා නෙව

      Delete
  17. හොඳයි කොලුවෝ ඔහොම ලියාගෙන යමංකෝ.... ඊලඟට සැන්චරිය....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර අයියේ. මේ කොලුවා සීය දාන දවසට සීයා වෙලාම තියේද නොදනී..

      Delete
  18. දේශකයාගේ 50 ට ජයම වේවා, තව තවත් ලිපි ලියවේවා !

    අපි බ්ලොග් නොලියන හින්ද තමයි බොලාට කරදරයක් වෙන් මේ කොමෙන්ට් දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. ජය වේවා ලටපට අයියට... ඒ වගේම තැන්කුයි. ඩුඩෙ ලංකාවට ආවම කරදර නැති එකම බ්ලොග්කරුවා ඔබතුමාය කියනව වගේ මටත් ඇත්තටම දුකයි ඒකම කියන්න වෙනවා..

      Delete
  19. 50ට සුභපැතුම් දේශකයා. දැං ඉතිං තවත් බිංදුවක් ඒනකල් ලියමු!

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ්.. උඹල හින්ද තමා අපි මෙහෙමවත් ලියන්නේ... තැන්කුයි වේවා!!

      Delete
  20. ඕහ්.....සිත්තමී සුභ පැතුවෙ නැතොත් දේශකයාට වැඩක්ම නැති බව සිත්තමී දන්නවා.....දේශකයාණනි එදා මෙදා තුර වැදගත් වැදගත් නොවුනත් බ්ලොග් අවකාශයේ සැරිසරනවානම් මේ පැත්තට ගොඩ වදිනවාමයි මා....ඒ ලිවිමේ විලාශය කැත කුප්ප(වචනයේ තේරුම නම් නොදනී අසා ඇත්තෙමි)නෝන්ඩි ලැජ්ජා සහගත වුවත් හිනාවෙන්න කියාපු තැනක් නිසා නෑවිත්ම බැරිය.....

    දේශකයාණනි,

    පතමි ඔබට සුභම සුභ බ්ලොග් වසරක් නොනවතී ඉදිරියටම ලියා යන්නට ජයෙන් ජයම වේවා......

    ReplyDelete
    Replies
    1. නොකියාම බැරිය....

      පෝස්ට් එකට දාල තියෙන කහපැහැති අකුරු ඇස් රිදෙන බව දැනුනේ නැද්ද?සුදු පසුතලයට කිසිම අවස්ථාවක කහ පැහැති අකුරු පෙනෙන්නේ නැති බව තරයේ මතක තබා ගතයුතුයි...ඒ ටික කියවද්දි ඇහේ පොටත් පනිනවා....51 වත් මේ වැරදි හදාගනිත්වා....

      Delete
    2. ඇත්තම ඇත්ත........ දේශකයට අපේ ඇස් එක්ක පෙර වෛරයක් තියෙනවද කොහෙද?

      Delete
    3. @ සිත්තමි. ස්තුතියි... ඔබට.. මං ගැන පොඩි තක්සේරුවක් ලැබුනා ඔබගේ ප්‍රතිචාරය නිසා.. ඉදිරියේදිවත් නෝන්ඩි කතා නොලියන්නට බලමි.. මට අකුරු වල පාට එච්චර හිතට වැදුනේ නෑ. ඒ වගේම ඔබ කිව්වම තමා හොදටම තේරුනේ.. ඔන්න ටිකක් විතර වෙනස් කරා.. ඉදිරිය හදාගමු. ස්තුතියි..

      Delete
    4. @ යාන්ත්‍රිකයා,. උඹලට කරදර නොකර කොහොමෙයි මේවා අහගන්නේ. මිහිරි වදන්. ඔන්න ටිකක් වෙනස් කරා මල වදේ නිසා ඔයාගේ...තැන්කුයි හරිය...

      Delete
  21. හිරේ යන එකෙන් දේශකයාටවත් බේරෙන්න බැරි උනා එහෙනම්. හික් හික් හික්. මගේ උණුසුම් සුභ පැතුම්. බොක්කෙන්ම ඈ.....

    ReplyDelete
    Replies
    1. අනිවා මං දන්නවා කෝරලේ මහත්තයෝ.. ඔබතුමා ගරු ගාම්භීර විදයට වැජබුනාට හිත හොද කෝරලෙයක් විත්තිය.. තැන්කුයි. (පහුගිය දොහේ ඔබතුමාගේ වලව්ව පැත්තේ කරක් ගහන්නම බැරි උනා, ඒ වගේම මුණු පොතේ වත් හිටියේ නෑ වැඩ අධික නිසා) හිමිං සීරුවේ ආයේ පාරට එන්නංකෝ..

      Delete
  22. සුභ පැතුම් දේශකයා. දිගටම ලියහං. මටනම් 50 ගහන්න තව අවුරුද්දක්වත් යයි වගේ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තැන්කුයි.. මම නං හිතන්නේ බොට 50 ක් දාන්න ආත්ම දෙකක් විතර යයි... යකෝ පොඩි උනත් මොකක් හරි ලියපං.. නොලිය හිටියොත් අමාරුයි.. ඉඩ ලැබෙන විදියට මොනා හරි දෙයක් කොටල ඩ්‍රාෆ්ට් එකේ තියාගත්තම ලේසියි නෙව.

      Delete
  23. ඔබ මගෙ බ්ලොගයට බොහෝ වාර ගනනක් ආවත් මම මෙහෙ ආව පලවෙනි වතාව මේ. ඇත්තම කිවුවොත් මට මග හැරුනු එක පුදුමයක්.. එදිනෙදා ජීවිතය බලන්න ගිහින් තමයි බ්ලොග් එකේ නම දැක්කාම මට ලජ්ජා හිතුනෙ... යකෝ මම මෙ බ්ලොග් එක තියෙනවා කියල්ල දන්නෙත් අදද කියලා. ඔන්න පනස් වියේදි කොක්කක් ගැහුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් මහත්තයෝ.. මම ඉතිං කලාතුරකින් තමා ආරාධනා කොරන්නේ. මේ ලගදි එකෙකුට ආරාධනා කරා ඒකා ඇවිල්ල වැනි වෙනි ගියා ගියාමයි. ආයේ ආවේ නෑ.. හික්ස්..කිසි අවුලක් නෑ.. ඔබගේ පැමිණිම ලොකු සතුටක්. ඒත් කරදර වෙන්ට එපා. ඔබගේ ලියුං කියුං ගැන වගබලා ගන්නවනං අපි අනිවා එනවා..

      Delete
  24. සුභ පතනවා 50 ඉක්මනටම 100 ක් වෙන්න කියලා...
    මම යන්තමි ඔබෙ කොටසින් භාගයක් පහුකළා විතරයි තාම....
    ගොඩවෙන්න විවෙකයක් ඇති විට අපේ දිහාවටත්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මගේ දිනපොත.. ඔබටත් ජය වෙන්න ඕන.. මම ආවා මතකයි. හැබැයි ළගදි අවේ නැති බව ස්තිරයි. අනිවා එනවා..

      Delete
  25. සුභ පැතුම් දේශක උතුමාණෙනි...!
    පණහ සීය වී සිහිය හොඳ වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මට නොව තොටයි සිහිය හොද විය යුත්තේ.. පදුරු දේශකයන්ට උතුමාණනි කියා කියනවාට. හැක්... ස්තුතියි යාන්ත්‍රිකයා. හෙහ්. උඹත් මටම ගැලපෙන එකෙක් තමා සුවර් එකටම...

      Delete
  26. 50 ට සුබ පැතුම් දේශකයානෙණි,තව තවත් කුප්ප කතා මේ අවුරුද්දෙත් ලියන්නට වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයා හැලපෙ. බොගේ කඩේ පැත්තේ ගොඩ වෙන්න ඉස්පාසුවක් තිබුනේ නෑ මේ ටිකේ. අර රුධිර සීන් එකේ කොටස් දෙකම කියවන්න හිත හිතා ඉන්නේ...

      Delete
  27. අඩෝ හාෆ් සෙන්චරිය ගහලා නිකන් ඉන්නද කම්පනාව. ඩබල් සෙන්චරියත් ළඟදීම ගහන්න ලැබෙයි.

    දේශිකාට බ්ලොග පෙන්නීමෙන් වලකින්න. මක් නිසාද යත්.... එක්කෝ ඕන්නෑ. බොලාගේ කසාදේ බ්ලොගේට වඩා වටිනා බව විතරක් හිතා ගන්.

    මගෙන් උණුසුම් සුභ පැතුම්! (උම්මානම් දෙන්න යන්නේ නෑ. මොකද අනික් එව්වන්ගේ කෙළ තට්ටු වලින් උඹේ මූණ අයිසින් වෙලා තියෙන නිසා)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අකමා.. උඹ කොහොමත් හොද එකෙක් විත්තිය මං දන්නවා.. හෙහ්.. දේශිකාට පෙන්නුවොත් ඉතිං සතියක් විතර මට ඒක කියල දෙන්ට වෙනවා.. හැබැයි ලොකු අවුලක් නෑ. මේ මොකක්ද කියල තේරුං කොරන එක තමා අමාරු.. උඹට හුගක් ස්තුතියි අකමෝ..

      Delete
  28. සුභ පැතුම් !!!!
    ( වැඩ අධික බැවින් වැඩිය බ්ලොග් පැත්තේ ආවේ නැහැ. එනිසා මේක දැක්කේ ටිකක් පමා වෙලා. ) දහසක් පෝස්ට් ලියවෙන්න පතනවා!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙද මහත්තයෝ. මම දන්නවා ඔබට හැකි නම් නෑවිත් නොඉන්න බව. ඒ වගේම කොටන්න ඕන නං නොකොටා ඉන්න විත්තියක්.. දාහක් නං බැරි වෙයි නේද මේ වේගේ හැටියට.. හෙහ්..

      Delete
  29. 5ට සුභ පැතුම්, තව තවත් ලිවීමට හැකිවේවා !
    හංගන් නොඉඳ ලිවීම ගැන සතුටුයි අපට !
    :)

    ReplyDelete
    Replies
    1. හෑ .. බිංදුව කෝ ?
      (50)

      Delete
    2. තැන්කු රෙහානියෝ. මැෂිම ලෙඩ වෙලා මේ ටිකේ අවුල් වෙලා හිටියේ.

      Delete
  30. මේ පැත්තට එන්න පොඩ්ඩක් පරක්කු උනා
    උණුසුම් සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ඒකට අවුලක් නෑ ලහිරු. ආව නෙව. තැන්කුයි ගොඩාක්..

      Delete
  31. ඔ 50 මගෙං උනුසුං සුබ පෑතුම් ඈ ඔහොම්ම ඉතිරි 0ව ටත් යමු ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කු දිලුම්... ඔව් ඔව් ඒකත් දාගමු...

      Delete
  32. උණුසුම් සුභ පැතුම් එක් කරමි.දැනුමෙන් අවබොධයෙන් අපිව දැනුවත් කිරීමට ඔබට මනස සකසුරුවම් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  33. දේශකයාණනි, මට එන්න අවසරද?

    50වෙනි පෝස්ටුවට මගෙන් සුභ පැතුම්!! මම මෙහාට අලුත් නොවැ!!

    ReplyDelete
    Replies
    1. ආයෙ මක්කට අහනවද හිතුවක්කාරියෝ.. එන්ට එන්ට.. තැන්කුයි හොදේ.. අපිත් ඉතිං අළුත් නෙව...

      Delete
  34. Good luck, also thank you for the entertainment, keep up the good work!

    ReplyDelete
  35. සමාවෙයන් බන් . .

    පහුගිය කාලේ බ්ලොග්ස් කියවන එක තාවකාලිකව නතර කලායින් හොඳ බ්ලොග්ස් කීපයක්ම මිස් උනා . .

    මේකත් ඉන් එකක් . .

    දිගටම ලියපන් . . .

    ආපහු බ්ලොග් කියවන බූඩ් එකට ආවහම මමත් පරන ඒවත් එක්කම කියෝලා ඔක්කෝටම කොමෙන්ට් කරන්නම් . .

    ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා.. ඒ ගැන වද වෙන්න එපා. මම දන්නවා උඹල මොන තරං අමාරුවෙන්ද මේ වෙනුවෙන් කාලය හොයාගන්නේ කියලා.. අනිවා දිගටම ලියනවා...

      Delete
  36. හුටා මේක කලින් බැලුවට සුබ පතන්න බැරිවුණා.... සුබ පැතුම් ....පනහක් නොව දිගටම ලියන්න,,,

    ReplyDelete
  37. Replies
    1. බොහෝම ස්තුතියි රත්ගමයෝ...

      Delete