Thursday, January 31, 2013

දේශා අයියේ කොටු පනින්න ඒත් දුක් දෙන්න එපා

ඔයාට මතකද හරියටම මීට අවුරුදු හතයි මාස තුනයි දවස් දෙකයි පැය දහයයි විනාඩි තුනයි තත්පර (ගණන් කරේ නෑ) ගානකට ඉස්සෙල්ල ඔයා මාව දැක්ක ඒ සුන්දර මොහොත. මටනං ඒ මොහොත කවදාවත් අමතක වෙන්නේ නැත්තේ, මම ඔයා එනකං හුග දවසක් තිස්සේ එතන කැරකි කැරකි හිටිය හින්දයි. හැමෝම මගේ දිහා එක එක විදියට බැලුවට, මම දැනගෙන හිටියා කවදහරි මගේ සුදු දේශා අයියා මාව බලන්න එන විත්තිය. ඒක නිසා කොච්චර දූවිලි මගේ ඇස් කන් වසා ගෙන ගියත්, මොන තරං තෙමුනත් මම හැමදාම වගේ ඔයා එනව කියල හිත හිත හිටියා. කවදාවත් දැකල නැති උනත් මගේ හිතේ මැවිල තිබ්බ එකම රූපය ඒක තමා. අපි හින්දු ධර්මය අනුව විස්වාස කරෙත් ඔයා බුද්ධාගමේ කෙනෙක් හැටියට හිතන විදියටම තමා. ඒ කියන්නේ අපිට ගැලපෙන කෙනා මහා බ්‍රහ්මයා මවල තියෙනව කියන කතාව.

ඉතිං එදාත් මම ඔයා එනකං බලං හිටපු වෙලාවේ තවත් ගෝතයෙක් දෙන්නෙක් උන්ගේ රවුම් ඇස් මගේ දිහා තියල යන්න හැදුවත්, මම මොන විදියෙන්වත් උන්ට පෙන්නුවේ නෑ මගේ කැමැත්තක් තියෙන විත්තිය. උන්ට ඒක තේරුං ගිහිල්ල වෙන්න ඇති වැඩිය මගේ දිහා බලන්න දැගලුවේ නෑ. ඒත් ඈත තියාම ඔයා එකකොට මගේ ස්නායු පද්ධතියම රත් වෙලා තිබුනේ. මොකටනත් නෙමෙයි ඒ වෙලාවේ තිබුන පොඩි අව් කාස්ටකේ හින්දා. මම දැක්කා ඔයා බොහොම අමාරුවෙන් පුට් සයිකලේ පැදගෙන පරඩැලක් වැනෙනවා වගේ ඒකේ නැගල එන හැටි. ඔයාගේ ටී ෂර්ට් එක රතුම රතු පාට නිසා ඕන දුරකදි මට අදුරගන්න පුළුවන්. කොන්ඩෙ පැත්තට පීරල හිටිය වගේ පෙනුනට මං හිතුවේ ඒ ෆුටාර් එකේ එන කොට වදින හුලගට එහෙම වෙන්න ඇති කියල. ඔයා බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගාව සමුපකාරේ ගේට්ටුවට හේත්තු කොරල ඒකේ ලොක් එක වහල යතුර, අර හැමදාම අදින පට්ට ගහපු (ඇත්තටම කියන්න හිටියේ ඒක තවත් හෝදන්න ගියොත් නං කඩදහියක් වෙනවා) නිල් පාට ඩෙනිමේ අර දකුණු පැත්තේ තියෙන හිච්චි සාක්කුවේ ඔබාගෙන කොණ්ඩෙ පොඩ්ඩක් දකුණු අතින් උඩට දානව මම දැක්ක. ඒ මොහොත තමා මම මුළු ජීවිත කාලෙම බලා හිටිය සුන්දරම මොහොත. ඔයා ඔළුව පොඩ්ඩක් පැත්තට ඇල කරගෙන අගලේ බටයක් පාරේ ඇවිදිනව වගේ මම ඉන්න තැනට ඇවිදගෙන එන කොට මගේ මුළු සරුවාංගෙම රත් වෙලා තිබ්බ විත්තිය ඉස්සෙල්ලත් කිව්වත් දැං ඒ රස්නේ ටිකක් විතර වැඩි වෙලා තිබුනා. ඔයා එක පාරටම මං ගාවට එන එක නවත්තල මට පොඩිත්තක් ඉස්සරහින් හිටිය සුකුමාලි දිහා ආසවෙන් බලනවා දකින කොට ඇත්තටම හිතාගන්න බැරි තරං දුකක් හෝස් ගාලා පත්තු උනා. ඒත් එක්කම මගේ හදවත උඩ යට ගිහිල්ල ගින්දර පිට කරගෙන කෑ මොර දෙන්න ගත්තා. ඒ මදිවට කොහෙන් ආපු හරකෙක් ද මන්ද මගේ ඇගේ ගෑවෙන්න කිස්ටු උනා.. මම මොන තරං තරහෙං ඒ වෙලාවේ ඔයා ගැන හිතුවත් ඇත්තටම අර ඌරට මගේ කිට්ටුවටවත් ඇවිල්ල මගේ නොයිදුල් කම නැති කරන්න ඉඩ දුන්නේ නෑ. ඇත්තටම ඌ පිස්සෙක් දේශා අයියේ. ඔයා පරක්කු වෙන ඒ තත්පර ගානට මට හිතන්න ඕන ඔක්කොම ඉතුරු කරල, ඒත් ඔයා අර සක්කරවට්ටම දිහා හැරි හැරි බලනවා.

ඒ මදිවට මම දැක්කා ඔයා ඒ අහල පහල හිටිය ගැටිස්සියෝ දිහාත් හොරෙන් බලනවා. මං හිතන්නේ ඔයා හිතන්න ඇති මම ඒක දැක්කේ නෑ කියලා. කියන්න කනගාටුයි දේශා අයියේ, ඔයාගේ හැම චලනයක්ම මට හොදට තේරෙනවා. ඇයි එහෙම වෙන්නේ කියල හිතන්න මට උවමනාවක් තිබුනේ නැත්තේ, අර බ්‍රහ්මයාගේ කතාවේ හැටියට මම විස්වාස කරපු එකම දේ හින්දා. මම කොහොම හරි ඔයාව අයිති කරගන්නව කියන එක මැවි මැවි පෙනුනා. මේ තරං දුකක් විදගෙන නන්නත්තාර ගහගෙන එක එකා කියන විදියට මට යන්න ඕන උනාට මගේ කන්‍යාභාවය මං කවදාවත් නැති කරගත්තේ නෑ වගේම එකෙකුටවත් මාව පොඩි විදියට හරි පාවිචිචි කරන්නවත් ඉඩක් තිබ්බේ නෑ.. (ඔයා පස්සේ දවසක අර මාත් එක්ක ගියපු වෙලාවේ යාළුවෙක් ගෙන් ඇහුවේ උඹ ගලක් වත් බාගත්තේ නැත්ද කියන එක මට එදා නොතේරුනාට අද හොදට තේරෙනවා.) ඇත්ත අයියේ මම මොකාටවත් ගල බාන්න තියා ගලට ලං වෙන්නවත් ඉඩ තිබ්බේ නෑ. මං එච්චර බය උනා ඔයාට එහෙම දෙයක් පොඩ්ඩෙන් හරි දැනුනොත් මගේ බලාපොරොත්තු ඔක්කොම සුනු විසුනු වෙලා යාවි කියලා.

ආ... මම කිය කිය හිටියේ දේශා අයියේ, මම ඔයාව ඉස්සෙල්ලම දැක්ක දවස ගැනනේ. ඒත් කියන්න ඕන ඒ වෙලාවේ මාව බලාගන්න හිටියේ මං එච්චර අදුරන්නැති ලංකාවේ ගෑනු එක්කෙනෙක්. ඒත් එයා කවදාවත් මාව අමාරුවෙ නොදා ඉන්න හැදුවේ නෑ.. එයා එතනම ඉන්න එයාගේ දූටත් කියනව මට ඇහුනා.. “මේ සක්කරවට්ටම නං ලේසි බඩුවක් නෙමෙයි. මේකිට හුගක් කොල්ලෝ කැමති නෑ. දැක්කම පොඩ්ඩක් කළු හින්දා වෙන්න ඇති. පව්“. ඔයා හිතන්න ඔය වගේ කතා දවසට හත් අට පාරක් අහගෙන මං කොහොමද උන්නේ කියලා. ඒ මදිවට අර කෙල්ල මගේ ඇගේ හරෙන් මෙහෙන් කොනිත්තනවා.. මම ඇදගෙන ඉන්න ඇදුමේ තියෙන පොඩි බටන් තද කරල මට කරදර කරනවා. ඒත් මං ඒ ගැන හිතුවේ නැත්තේ, ඒ ගොල්ල ඇත්තටම මාව පොඩියට හරි බලාගන්න කටයුතු කරපු හින්දයි. මට මේගොල්ලන්ගේ සංස්කෘතියේ දේවල් නොතේරෙන්නේ මගේ සංස්කෘතියේ මේ වගේ දේවල් අඩු නිසා නේද දේශා අයියේ...

ඒත් කමක් නෑ ඔයා මාව දැකපු ඉස්සෙල්ලම දවසේ වැඩි වෙලා නොයිද අමනාපෙන් වගේ පිට වෙලා ගියපු එක ගැන මම පුදුම විදියට දුක් උනා. ඔයාට පුළුවන් උනාද මේ වගේ ජීවිතේ පුරාම ඔයාගේ ආදරේ බිංදුවක් හරි ලබන්න පෙරුම් පුරපු කෙනා ගැන නොහිත ඉන්න. ඔයා නං හරි පුදුමයි දේශා අයියේ.. මම හැමදාම හිතුවේ ඔයා ටිකක් පුදුම ගති තියෙන කෙනෙක් වෙන්න ඕන කියල තමා.. ඒත් ඔයා අර විදියට මට හයිරං පාන කොට මොන හිතටද දුක් නොහිතෙන්නේ..


ඊට පස්සේ ඔයා ආපු දෙවෙනි දවස තමා මට ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවස. එදා ඔයා මාව බලාගත්ත ඇන්ටිට එක පාරටම “මම මෙයාට කැමතියි.. මට මෙයා ඕන“ කියල කිව්ව ඒ මොහොතේ මගේ ඇස් උඩ ගියේ නැති උනත්, ඇත්තටම මම පුදුම උනා ඔයා ඒ තරං ඉක්මනට මාව තේරුං ගත්ත එක ගැන. මම පස්සෙ තමා ඔයා කිව්වම දන්නේ ඔයාට පළවෙනි දවසෙත් මාව හම්බ උනාම, මං ගැන කැමැත්තෙන් හිටිය විත්තිය. ඒක ඔයාගේ හැටි බව මම දැන් දන්නවා. කොච්චර ඕන උනත් පෙන්නන්නෙත් නෑ. ආදරේ කෙලිං කියන්නේත් නෑ.. ඒත් ඔයා මට ආදරේ බව මම දැක්කා. ඒත්. ඒත්. ඒ අපේ සුන්දර ආදරය මොන තරං ඉක්මනට වෙනස් උනාද? මට හිතාගන්න බැරි ඔයා නිසා මම වෙනස් උනාද? නැත්නං මං හින්දා ඔයා වෙනස් උනාද කියන කාරණාව තමා. එතැනදි ඇත්තටම දෙපැත්තක් තියෙන බව මම දන්නවා. මගේ අතිනුත් අඩු පාඩු වෙන්න ඇති. ඒත් කවදාවත් මම ඒ වගේ දෙයක් හිතා මතා කරේ නැති බව, ඔයා පිළිගන්න ඕන. අපිට කරන්න තියෙන්න සමහර දේවල් මගේ දුර්වලතාවයන් හින්දා කරගන්න බැරි උනා කියල ඔයා මම ළග තියාගෙන අනිත් අයත් එක්ක දෝසාරෝපනේ කරන කොට කොහොම ඉවසන්නද? ඒ වෙලාවට මගේ හදවතේ කළුම කළු ලේ බිංදු කදුලු බිංදු බවට පත් වෙලා චරස් ගාලා බිමට වැටුනම ඒක නිකං චූටි පොපි මලක් වගේ පොලවේ ඇදෙන බව මම දන්නවා. ඔයා මම අඩන්න අඩන්න තවත් මගේ ඇඩීම වැඩි කරා මිසක් ඒක අඩු කරන්න උත්සාහ කරේ නෑ. මගේ ඇඩිල්ල හින්දම සමහර වෙලාවට වැදගත්ම කාරණා වලදි ඔයා තරහෙන් පිපිරි පිපිරි මට බැන බැන තනියම යනකොට ගෙයි වැරන්ඩාවේ කණුවකට බර දීගෙන මම ඔහේ බලාගෙන හිටියා. මට මතක නෑ මම කොච්චර දවසක් ඒ වගේ බලාගෙන කොයි තරං වෙලාවක් ඉදල තියෙනවද කියලා. ඒත් කියන්න ඕන, ඔයාට දුක හිතෙනවා මං ඉන්න විදිය දැක්කම, ඒ වෙලාවට ඔයා මාව එක්කං යනවා. ඒත් තරහින් යන විත්තිය කාට නොතේරුනත් මට තේරෙනවා. අපේ සම්බන්දේ මෙච්චර ඉක්මනට ලිහිල් වෙන්න, දුරස් වෙන්න එකම හේතුවත් ඔයාගේ ඔය නොමනා වැඩ පිළිවෙලම තමා. මට සමාවෙන්න මෙහෙම කිව්වට. මම දන්නවා ඔයා මට මොන දේකටවත් සමාව දෙන්න ලෑස්ති නැති විත්තිය.

ඒත් හිතේ වේදනාවෙන් හරි මම ඔයාගෙන් මේ ප්‍රශ්න ටික අහනවා. දේශා අයියේ,

ඇයි ඔයා මාත් එක්ක ඉන්න කොට අගර දගර දාන වෙන සක්කරවට්ටම් දිහා තොල් ලෙව කකා (ඕගොල්ල කියන්නේ සෙවල හලනව කියලනේ) බලන් ඉන්නේ. ඔයාට අමතකද ඔයා ආදරෙන් තුරුල් කරන් හැම සැපක්ම දෙනවා කියල පොරොන්දු වෙලා එක්කං ආපු, ඒත් දැං ඔයා හින්දම දුක් විදල පරඩැලක් වගේ වෙලා ඉන්න මම ඒ වෙලාවෙදි ඔයා ගාව ඉන්න විත්තිය??

අනිත් එක ඔයාගේ යාළුවෝ පවා (ඔයා කියන ඔය බොක්කේ යාළුවෝ.. මට නං උන් අරහං.. තරහ වෙන්න එපා. මහ කුපාඩියෝ උන්. එවුන්ගේ එකීලත් එක්ක එන ගමන් මගේ දිහාත් හොරෙන් කෑදර කමට බැලුව මුල් දවස් වල. ඒ කාලේ මං ටිකක් හරි ලස්සනයි නේ) දැන් ඔයාට දෝස්මුරේ දානවා නේද මං ගැන කියලා, ඇත්තටම එයාලට උනත් දුකයි මට දැන් වෙලා තියෙන දේට.. මම ඒ දවස් වල හිටියා වගේ නෙමේ කේඩෑරි වෙලා. ඒ මදිවට කාලයක් තිස්සේ මම කාටවත් නොකියා හංගන් හිටපු ඔයාගේ අමනුස්ස වැඩ හින්දා, මාව තලා පෙලා දාලා, මගේ ඇගේ සමහර තැන් වල පලු ගිහිල්ල තියෙන විත්තියවත් ඔයා ඇහැක් ඇරල බැලුවද?? නෑ.. අඩු ගානේ මම ගෙදරින් එන කොට දාගෙන ආපු සපත්තු දෙක වෙනුවට ඔයා මේ වෙනකං එක අළුත් සපත්තු දෙකක් අරන් දීල තියෙනවද? හැමදාම ඔය යාළුවන්ට කියල මොකක් හරි පරණ කබලක් ගෙනැල්ල මට දාගන්න කියනවා. ඒ විදියට මොන විදියට වත් මගේ රූපෙට, සංස්කෘතියට ගැලපෙන සපත්තුවක් ඔයා මට ගෙනැත් නොදුන්නේ ඇයි? වෙලාවකට මට හිතෙනවා ඔයා මහ කුම්මැහියෙක් කියලා.. ඒත් ඒක මට විතරයි අදාළ. අනිත් ඕන දේකට ඕන කෙනෙකුට, අඩුම ගානේ අර බීල බීල වමනේ දාගෙන දගලන යාළුවොන්ට කොච්චර සල්ලි වියදං කරනවද? ඒ මදිවට උන් දාපු ඒවා පාගගෙන ඇවිල්ල මම ඔයාගේ වැඩ ටික කරල දෙන්නත් ඕන. මට කොච්චර පවුද? අපේ අම්මල තාත්තල විතරක් නෙමේයි අපේ රටේ ආණ්ඩුව හරි මේ දෙවල්, ඒ කියන්නේ ඔයා මට සලකන විදිය දන්නවනං මාව අරන් ගිහිල්ල මෙලහකට. ඔයාට ඕන්නං වෙන කෙනෙක් ගන්න කියලා.. 

ඇයි මතක නැද්ද යාළුවෝ මං ගැන දුක හිතිල කතා කරන කොට ඔයා කියන දේ. “ඔන්න බලාපං.. මං මේකිව මොන විදියකටවත් වෙනස් කරේ නෑ. ඒකිට ඕන විදියකට ඉන්න දුන්නා. දැං උනත් කියන්න පුළුවන් මෙයා ඉස්සෙල්ලම මෙහාට ආපු විදියමයි කියල“ මතකද? මම ඇත්තටම ලැජ්ජාවේ ඇඹරුනා. ඔයාට අයියේ තේරෙන්නේ නෑ. ඇත්ත ඔයා මගේ කිසිම දෙයක් වෙනස් කරන්න උනන්දු උනෙත් නෑ අඩුම ගානේ හීනෙන්වත් ඒ ගැන හිතුවෙත් නෑ.. හැබැයි මමත් මුලදි සතුටු උනාට ඒගැන පස්සේ දුකක් ඇති උනා. ඔයා මාව ටික ටික හරි මේ සමාජයට ගැලපෙන විදියට වෙනස් කරා නං මට මේ වගේ දුකක් විදින්න වෙන්නේ නැති විත්තිය. 

ඇත්තටම කිව්වොත් ඔයා මහ රාක්ෂයෙක්.. මටත් එපා වෙලා තිබුනේ. ඒත් ඔයා වගේ නෙමෙයි අපේ හිත් හොදයි.. අපේ අම්මල ඒවා ඒ තරං හොදට හදල තියෙන්නේ..ඔයාලට අපේ හිත් එක්ක සෙල්ලං කරල ඕන තරං හිත් රිදවන්න පුළුවන් උනාට, අපේ දෙමව්පියෝ කවදාවත් හිතුවේ නෑ මේ වගේ අලුගුත්තේරුවෙකුට තමන්ගේ දරුව දෙන්න වෙයි කියල. ඇත්තට අපි රැවටුනා ඔයාගේ මූනිච්චාවට. ඔයා මුල් ටිකේ මං ගැන හොයල බලල, උදේ ඉදන් රෑ වෙනකං මම ගැනම විතරක් හිත හිත, ආදරෙන් ළගට වෙලා ගත කරපු කාලේ ඒව දැක්ක අම්මල කිව්වේ ඔයා හොද අයියෙක් කියල. ඒත් ඔයාගේ රාක්ෂ ගති මතු වෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. 

දැං ඉතිං මට කරන්න දෙයක් නෑ.. මම හැමදාම ඔයාගේ රෙජිස්ටර් කරපු එක්කෙනා විදියට ඉන්නවා. මට ඒ හරි සැපයි. ඔයාට ඕන කොටුවක් ඔයා පැනගන්න මගේ හිතේ ඒ ගැන හිතන්න තවත් ඉඩක් නෑ.. මට කියන්න තියෙන්නේ, ඔයා මොන කොටුව පැන්නත් මට වගේ එයාට සලකන්න එපා. හැමදාම හොදට සලකන්න.. කෑවද, බිව්වද, නෑවද කියල හොයල බලන්න. මට වගේ ලෙඩ හැදුනම අහක බලන් ඉන්න එපා. එයාගේ පුංචි ලෙඩේ ගැන උනත් සැලකිල්ලක් දක්වන්න බලන්න. ඔයා මගේ පොඩියට මතු වෙච්චි රෝගී තත්වය ඒ වෙලාවෙදිම දොස්තර මහත්තෙකුට පෙන්නල බෙහෙත් අරන් දුන්න නං මට මේ වගේ කාස රෝගේ හැදෙන්න නැති බව මම හොදාකාරව දන්නවා. දේශා අයියේ ඔයා හොදයි.. ඒත් ඔයාගේ හොද ටික වෙලාවයි. අනේ ප්ලීස් එයාට නං මට දීපු දුක දෙන්න එපා.. මං එච්චරයි ඉල්ලන්නේ මගේ රත්තරං අයියගෙන්.. ඔයාට බුදු සරණයි. 

ඔයා කිව්ව හින්දයි ලිව්වේ. නැත්නං මේක ලියන්නේ නෑ.. ඒත් දැං මට හිතෙනවා.. ඔයා එක කොටුවකට වඩා පනින්න ගත්තොත් කියන සැකේ හින්දම, මගේ පොටෝ දෙක තුනක් දාලා කට්ටියට ඔයා මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්න.. ඒත් අද බෑ.. මම ඒව වෙන දවසක දෙන්නං.. ඒ කියන්නේ මම ඒ පොටෝත් කාට හරි කියල ගහගන්න එපායැ. ඇයි ඔයා එහෙම එකක් වත් මට කරල දෙන්නේ නෑනේ..

මං කවදත් ඔයාගේ ආදරය. (මට ආදරය කරන්න ඉන්නේ ඔයා විතරයි. ඒත් ඔයාට...)

46 comments:

  1. මන් එක ..හිටින් හෙමීට කියවන්න ..

    ReplyDelete
    Replies
    1. මචන් මේක සෙල්ලමක් නෙවේ .උබ ලොකු කතාවක්
      මේ කියන්නේ විහිළුවෙන් තහළුවෙන් .ඒත් ඒක ඇත්ත
      සමහර දේවල් තියෙනවා තමයි ජීවිතේ හැංගුන .( මේ
      කියන්නේ උබේ ජීවිතේ දෙයක් ගැන නෙවේ කියල මන්
      දන්නවා.) ඒ උනත් සමාජයේ වෙන හැංගුන කතා එලියට එද්දී
      එන්නේ මෙහෙමයි .සුසුමක් හෙලලා බිම බලාගන්න වෙනවා
      සමහරුන්ට , වෙන කෙනෙක් ඒ කතාවටම හිනා වෙද්දී...

      දැන් කියන්න මන් හිනා උනාද , සුසුමක් හෙළුවද !

      Delete
    2. මට හිතෙන්නේ උඹ පු*න් හිනා උනාද කොහේද කියලයි..

      Delete
  2. කොටුවක් පනිනවා කියන්නේ බට්ටා පන්න එකටදෝ.......මං පොඩි කාලේ පැන්නෙම බට්ටා තමා...පෝස්ටුව එළ තමා....ඉතා හොදින් අමුතුම ශෙලියකින් ගොඩනගා තිබෙනවා..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඇත්තට කොටු පනිනවද... ඔව් ඔව් තව පොඩිඩෙන් පනිනවා. වෙලාවට සුදු හාමිනේ ප්‍රහාරය දියත් කරේ.. හහ්හහ්හා තැන්කුයි හොදේ...

      Delete
  3. 'ඔයා කියන ඔය බොක්කේ යාළුවෝ.. මට නං උන් අරහං.. තරහ වෙන්න එපා. මහ කුපාඩියෝ උන්.'
    විනාසයි.

    ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යාළුවො කිව්වම බුදු ෆිට්, බොක්කේ, ගැන්සියේ, හන්දියේ, ලයින් එකේ, ඒරියල් එකේ, ක්ලික් එකේ වගේම බ්ලොග් එකෙත් ඉන්නවා නෙව.. හැක්.. තැන්කුයි ප්‍රසා

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Sorry I cannot give my permission for your comment, since it contains some vulgar meanings. You have been blocked forever... Seriously...

      Delete
    2. desh දේශ් has left a new comment on your post "දේශා අයියේ කොටු පනින්න ඒත් දුක් දෙන්න එපා":

      parana bike eka kedilada dhesho

      ඔන්න උඹේ ප්‍රතිචාරේ.. අංක එකට හරියට කිව් එකා.. තෝ මහ මැට්ටා...ගණන් ගන්න එපා හොදේ. ආදරේට නෙව කරේ. උඹ නං මාර බඩුවක්. හිටපංකෝ ආයෙ ලියන කොට තොපිට පොඩි ක්ලු එකක් වත් දෙනනේ නෑ.. හැක්..

      Delete
  5. අඩෝ මේ උඹ ලියන්නෙ යම්කිසි පාරිභෝගික භාණ්ඩයක් ගැන බව මම දන්නවා. එක්කො බයික් එකක්, නැත්නම් වෙනමොකක්හරි. ට්‍රැක්ටරයක්ද? වැ‍රැන්ඩාවෙ කණුවකට හේත්තු වෙලා ඉන්නත් පුලුවන්, ඒ වගේම ගල් බාන්නත් පුලුවන් මොකක්ද? වීල්බැරෝ එකක් වෙන්න බෑ. ඒකෙන් තෙල් ලීක් වෙන්නෙ නෑනෙ. හිටහං මම දැන් ජොග් කරන්න ස්ටේඩියම් යනවා. එතකොට තව කල්පනා කරන්නම් . උඹ දේශ්ව බ්ලොක් කලේ ඌ හරි උත්තරේ දුන්න නිසා බව මගේ ස්මාර්ට් මොලේට තේරෙනවා. උඹ මේකට කරන දේ බලමු.

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ට් එකත් මීට සමාන නිසා මෙතනම ++ ඔන්න ඔහොම එකක් දාන්නම්.

      Delete
    2. මොකක් හරි ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක බයික් එකක් කියලා හිතෙන්නේ....

      Delete
    3. හරි හරි බං මගේ බයික් කට්ට තමා.. අම්මප මේ ඩුඩෙත් එක්කත් ඉහ ගහන්න බෑ.. ලුණූ වැදුනම මොලේ හේදිල ස්මාර්ට් වෙන විත්තිය මුගෙන් තමා දැනගත්තේ.. නැත්නං මලකඩ කනවයි කියල නේ දන්නේ.. තැන්කුයි බං.. ඒයි තෝ තාම ජොකා යනවද??? හෙක්..

      Delete
    4. අමතක වුනා බං.

      හරි. කොහොමද බොල බයික් එකෙක් ගල් බාන්නෙ?

      උඹ මාව නොමග ඇරියෙ එතනින්.

      Delete
    5. බයික් එකේ වාඩි වෙලා බලපං සෙපැත්තට කකුල් දාලා. ගල අත ගගා යන්න හැකියි. හොද බ්රේක් පාරක් ගැහුවනං ගල බාගන්නත් හැකියි.. හෙහ්

      Delete
  6. පික්ෂු නැත්නම් චෝක් දේශකයා....!

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්නං මේ පදුරු දේශාගෙනුත් වැඩක් නැත...

      Delete
  7. මෙව්ව වෙලා ගියා හිතාගන්න බෑ බං..!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි. ඔහේට එතකොට හාගන්න බැරි උනා.

      Delete
  8. අපිව වටේ යවලා පොඩි ටොක්කක් අනින්න හදනවා වගේ මට නම් පේන්නේ.ඒත් මෙච්චර දිගට ඇදපු එකනම් වැරදියි ඈ.

    ReplyDelete
    Replies
    1. උඹල වටේ යන තරං සැපත් තව කොයින්ද බං.. ෂික් තව කල්පනා කාරි උනානාං අන්දන්නම තිබ්බා. චික් මේ දේශ්, ඩුඩෙ...

      Delete
  9. පොඩි ක්ලූ එකකුත් දුන්න නම් පින්තූරේ දාන්න කලින්ම කියන්න තිබ්බා මේ මොනා ගැනද කියලා. මේ අර " කොටු " පැනිල්ල ගැන නම් නෙමේ කියලා බුදු ෂුවර් :)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒකත් කොටු පැනිල්ලක් තමා.. හිතාගනිංකෝ මගේ බයික් එක ගැන කියන දේ කියල...

      Delete
  10. ස්කූටියක්ද? වෙන බයික් එකක් නම් නෝනා කෙනෙක්ගෙන් ගන්න වෙන්නේ නෑනේ. මොනව වුනත් පට්ට ක්‍රියේටිව් මචං. උඹත් මං වගේ. හාමිනේ හැමදාම බනින්නේ මම අරයට ලව් නෑ කියල. හාමිනේ මටත් වඩා එයාට ලව්. කොටින්ම එයාව නාවන්නෙත් එයාමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්. 100 සී සී වික්ටරයෙක්.. බං... මේ ක්‍රියේටිව් කිව්වට ඒක පට්ටම නොවුනත් මොකක් හරි දෙයක් තියෙනවා කියන හින්ද මට සන්තෝසයි. තැන්කුයි පැට්රියට්.. තොට වෙන්නෙත් මං වගේම කලින්ම කොටු පනින්න තමා. ආදරේ නොකරොත්..

      Delete
  11. මුලින් පාගන බයිසිකලෙ ඊලඟට හොන්ඩා දිහා කෙල ගිල ගිල බජාජ් කට්ටක් ගත්තා. ඊටත් පස්සෙ ඉතින් ජපන් දඩුමොණරෙට ලව්,, ඒක ප්දින අතරෙ කාර් දිහා බලනවා. බජාජ් තමයි කතාව කියන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මේ මං අහිංසකයා. ඕවට නෑ.. කෙල හලන්නේ මීට වඩා හොද එකකට විතරයි.. හැක්..

      Delete
  12. //ඔයා පස්සේ දවසක අර මාත් එක්ක ගියපු වෙලාවේ යාළුවෙක් ගෙන් ඇහුවේ උඹ ගලක් වත් බාගත්තේ නැත්ද කියන එක මට එදා නොතේරුනාට අද හොදට තේරෙනවා//

    ජරා වල් කොල්ලො

    ReplyDelete
  13. 2 ශ්‍රී වොක්ස්වැගන් එකක්....

    ReplyDelete
    Replies
    1. කනගාටුයි උත්තරය වැරදියි. එම් අයි වික්ටරයෙක්.. හැක්...

      Delete
  14. මටත් කියවනකොට හිතුනේ මොකක් අලි භාණ්ඩයක් ගැන තමා කියලා......
    අපිව අන්දන්න හැදුවා මදි..... :p

    ReplyDelete
    Replies
    1. ඒත නේ කියන්නේ.. ඉහි ඉහි.. මමයි ඇදගත්තේ.. හරි නාකයි ඔය කත්තිය..

      Delete
  15. ලිවිල්ල ගැන වචනයක් කියන්න බැරි උනා නේ. අමුතු අමුතු විදිහට හිතල කරන ලිවිල්ල මට නම් මරේ මරු..! ඔන්න මං අර පොත් ටිකත් කියෙව්වා :D

    ReplyDelete
    Replies
    1. හැම දේටම වඩා සතුටුඩ මං ලියපු පොත් කන්දරාවම ඔයා කිව්ව එකටයි ඔය තොප්පිය මාරු කර කර දානවටයි තමා

      Delete
  16. ලෙසටම ඈ.......... දේශාගෙ චින්තනේ සුපිරිනේ අම්මපා...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තැන්කුයි. මචින්කනේ නේ බං.. මේ උඹේ අර නිවන් ගිය යාළුවා කිංස්වුඩ් දරුවෙක්ද???

      Delete
  17. කියවද්දී මැද හරියෙදිම මටත් මීටර් උනා මේ කියන්නේ බයික් එකක් ගන කියල . .

    ReplyDelete
    Replies
    1. එහෙනං කමක් නෑ.. මචෝ උඹ අර ප්‍රසංගේ තිබ්බම නීලට උඹ ලියපු එක ප්‍රින්ට් කරල දීලා කතා කරපං.. අනිවා එයා අඩනවා...

      Delete
    2. ම් ම් ම් අඩේ . . කිව්වත් වගේ ප්‍රින්ට් අවුට් එකක් දෙනන් ඕන

      Delete
  18. Very beautiful.I was fooled but after reading others'comments, I understood what it was.

    ReplyDelete
    Replies
    1. Thanks.. Blue Lotus.. haha... Finally you got it. How is your blog loading prob. I think its okay now

      Delete