Sunday, January 27, 2013

සෙක්සි මැඩම් (දෙවන කොටස)

මුල් කොටස මෙතන....

කොහොමත් මැඩම් විනාඩිය කිව්වට හාන්සි පුටුවේ ඇලටය විනාඩි 10 ක් විතර තිබුනා.. ඒ අතරේ මං කල්පනා කරේ ඇයි හත්දෙයියනේ මේ තරං විසාල ගේක එක ගෑනු පරානයක් විතරක් ඉන්නේ කියලා. ඇයි තේරෙන්නේ නැද්ද.. අපේ ගෙදර කාමර දෙකයි තියෙන්නේ ඒත් පහක් ඉන්නවා. තමන්ට ඕන ගාණට ගේ හදාගත්ත නං අඩුම ගානේ පැයකට සැරයක් මූනවත් බලා ගන්න හැකියි අනෙක් එකාට. ඒකටත් එක්ක මේ ගෙදර... මං හිත්න්නේ ගෑනිට මිනිහ හම්බ වෙන්න ඕන උනාම කෝල් එකක් දීල වෙන්ට ඇති ගෙන්න ගන්නේ... ඒකෙන් කාරි නෑ.. ගේ ගැන විස්තර බල බල ඉන්න මට නිකං අමුතු හැගීමක්.. ඒ කියන්නේ කවදාවත් මේ වගේ වැඩ කොරන්න ගියපු ගෙදරකදී ආපු නැති හැගිමක් හිතට ආවා.. මේ පාළු ගෙයි මේ ගෑනු මනුස්සයා කොච්චර පාළුවෛන් ද ඇත්තේ කියලා.. ඒකට හරියන්න දවසම එක්සයිස් කරනව ඇති. පව් අප්පා ඒ වෙලාවේ දන්නවනං සුරුස් ගාලා ඇවිල්ල හදල දීල යනවනේ. 

ගෙදර වටේටම ගහපු අඩි දොලහක් විතර උස තාප්පේ ඉස්සරහින් බරං බරං ගාල වාහන යන සද්දේ තාප්පෙට උඩින් පැනල කනට ඇහුනට පොඩි සිදුරක් වත් නැති තාප්පෙයි ගේට්ටුවයි හින්දා ඩීසල් ත්‍රිවිල් එකක් ඇර වෙන වාහනයක් නං අදුනගන්න බෑ.. මං හිටිය වැරන්ඩා එකම තමා වාහන තියන්න හදල තියෙන්නේ. මම වාඩි වෙච්චි පුටුවත් එක්ක තව පුටු හයක් තිබුනා ඒ පුටු හයට එහායින් සුදු පාට කරීනා කාර් එක දිලිසි දිලිසි තිබුනා. ඊට එහායින් තිබ්බ ඉඩ ආය් දෙකක් නෑ කරිනගේ අයියට තමා..

අමුතු සුවදක් එක පාරටම දැනෙන්න ගත්තා. පුසුබක්.. ඔව්.. දැං තව තව ඒක වැඩි වෙනවා. මට ඉතිං හිතන්න දෙයක් නෑ මැඩම් පුටුව ගාවටම ඇවිල්ල.. (බය වෙන්න එපා යකෝ.. බීපල්ලා තව.. දැම්ම මුකුත් වෙන්නේ නෑ) ඒක දැක්කේ නැති උනාට දැනුනා.. දකුණූ ඇහේ අන්තිම පොට ගාවට කළු බෝලේ ගිහිල්ල ඒක සුවර් උනා. මට හිතුනා විදියට, මගේ මූන මගේ වම් පැත්තට හෙමින් හරවල ඒ සැනින්ම ස්ලෝමෝෂන් දකුණට හරවල මැඩම් දිහා බැලුවා.. මටත් නිකං නුහුරුයි වගේ. කවදාවත් එහෙම වෙලා නෑ අප්පා.. ඉස්සෙල්ල හිටියේ මෙයාමද කියන එක මට ඉස්සෙල්ලම සැක උනා.. ඔව් අනේ.. පොඩි පේෂල් කට්ටකුත් මූනේ දාලා.. දැන්නං වයස පාට නෙමෙයි මොකවත්ම පේන්නේ නෑ. ඒ උනාට ඇදුම පොෂ් වෙලා වැඩි වෙලා සෙක්සි වෙලා. දණ හිස ගාවට අගල් දෙකක් විතර අඩුවෙන් ටයිට් ෂෝට් එක (ඔය බයිසිකල් පදින කොට කොල්ලෝ අදින්නේ) ඒකත් බුරියෙන් බාගයක් විතර වහගන්න බැරුව. ස්පෝට්ස් ෂූස් දෙක දාල කකුල් දෙක සුදට සුදුයි. අම්මප හිතුනා. වහපු ටික කොච්චර සුදුද කියල. ඒක සුදෝ සුදු වෙන්න ඇති. එතකොට උඩට ස්කිනිය. ඒකත් ටයිට්. හැබැයි සුදු පාට ටවල් එක කර වටේ දාගෙන.. මං දිහා හිනාවේගෙනම ළගට එනකොට තමා ඔය සිද්ධිය දැක්කේ.. නලියනවා බං.. වැඩක් නෑ කියලා..

“මිස්ට සුරංග.. යමු එහෙනං අපේ ජිම් රූම් එක තියෙන්නේ එහා පැත්තේ..එතනට යමු“

මමත් හා කියලා පුටු පහක් පහු කරා. කරීනත් පහුකරා. කරීනගේ අයියගේ තැනත් පහුකරල, එතැනින් කොරිඩෝව අංශක අනූවට හැරිල වම් පැත්තට යනවා. එතනං පුටු හයක් තියෙනවා. පුටු හයට එහායින් මවුන්ටන් බයික් දෙකක් තියෙනවා. ඒකත් පහු කරන කොට හොදට පොලිෂ් කරපු දොර තියෙනවා. මැඩම් යතුරු කරකවන්න ගත්තා. එතකොට කිසි සද්දයක් නැතිව දොර ඇරුනා. මම ඇතුලට එනකං එයා දොර අල්ලන් හිටියා. ඊට පස්සේ දොර නිකංම වැහුනා. ඒ වැහෙනවත් එක්කම මැඩම් ලයිට් දැම්මා. ඊට පස්සේ ජනෙල් ඇරියා. ඒවා ජනෙල් කිව්වට දොරවල්. දැන්නං හොදට හුලං පාර එනවා කාමරේට. එතැන පොඩි කුෂන් කරපු බෙන්ච් එකක් තියෙනවා. ඊට එහායින් ටවල් රැක් එකයි.. ඩිකැන්ටර් එකයි. ඊට පස්සේ පොඩි ෆ්රිජ් එක. ඔය ඔක්කෝම බිත්තිය පැත්තට වෙන්න. ජනෙල් පැත්තට වෙන්න ට්‍රෙඩ් මිල් එකයි.. බර උස්සන එකයි තියෙනවා. මම බලං ඉන්නවා. මැඩම් ට්‍රෙඩ් මිල් එක ගාවට ගිහිල්ල මට ඔළුවෙන් අඩගැහුවා එතනට එන්න කියලා.

“මේක තමා ඒ... බලන්න පොඩ්ඩක්“

මම හිමින් සීරුවේ ස්විච් එක දාන්න කලින් වයර් එක ඇදල කරල බැලුවා. ඒකෙනං කිසි කේස් එකක් නෑ. ඊට පස්සේ ස්විච් එක දැම්මා. ඉන්ඩිකේටර් එක වත් නෑ. දැං මොකද කරන්නේ කියලා බලල මම කිව්වා මේක පවර් එනවද කියල ගලවල බලන්න ඕනය කියලා.. එතකොට මැඩම් කියනවා “ප්‍රශ්නයක් නෑ“ කියලා

එහෙම කිව්වම මටත් මොකද කියල බෑග් එක ඇරල ස්කෘ එකයි 10 යතුරුයි අරගෙන වාඩි උනා දෙයියනේ කියල. ඒත් එතකොට මට තේරුනා මට බිම වාඩි වෙන්න අමාරුයි කියලා. එහෙම හිතල මං වට පිට බැලුවෙ මොකක් හරි බංකු කෑල්ලක් තියේද කියලා. නෑ මුකත් නෑ. තියෙන එකම බෙන්ච් එකෙත් මේ නෝනා ඒ ඩිංගට වාඩි වෙලා. කුෂන් එකට තමා සැප.. ඒත් මං එහෙම තැක් ගැහෙන කොට මැඩම් ඇහුවා මොකක්ද ඕන කියලා. මං කිව්වම ඔය වගේ බංකුවක් බැලුවේ කියලා. “ආ මේක ගන්න කියල එයා නැගිට්ට“ මං ඇවිල්ල බෙන්ච් එක තනියෙන් අරන් ගිහිල්ලා කොනකින් වාඩි උනා. 

දැං මං ෆුල් ඩබ් දාලා ඇන ගලවනවා. ඒ අල්ලපනල්ලේ ඉඩ තිබ්බ කොනේ මැඩම් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙලා ටිකක් පහත් වෙලා මං කොරන වැඩේ බලනවා මම දැක්කා. දැං නං හීන් දාඩිය දානවා. කවදාවත් ඔය වගේ දෙයක් මගේ ඔළුවට ඇවිල්ල නැති හින්දා මගේ හිතේ ගැස්මත් වැඩිවෙලා, ඒ මදිවට අත්දෙකෙන් අල්ලෙත් දාඩිය දානව. ඇග රත්වෙලා.  මොනා කරන්නද කොල්ලා ඒත් වැඩ. දැං උඩ කවරේ ගලවල පැත්තකින් තියල ඒකේ බෙල්ට් එක ගලවන්න ඕන පවර් යුනිට් එකට අත දාන්න. මම හිමින් ඒකත් ගලවල දැං වම් අතින් ඇණ තියෙන තැන් බලන්න දකුණු අත බෙන්ච් එක උඩ තියාගෙන ඉන්නේ. ඒත් අපේ පුරුද්ද නෙව අත දාන කොට හොදට බලාගන්න බැරි දෙයක් නං මූන අහක හරවං අත දාන එක. මාත් පුරුද්දට එහෙම කරා. එතකොට මගේ මූන කෙලින්ම මැඩම්ගේ මූනත් එක්ක සමපාත වෙනවා. සුදු මූන දාගෙන එයා පහත් වෙලා ඉන්නවා. අර කරේ දාං හිටිය ටවල් එකත් බෙන්ච් එකේ. මගේ ඇස් දෙක දුවන කොට මැඩම් ගේ ඇස් දෙකත් දුවන්න ගත්තා මගේ ඇස් දෙක යන තැන හොයාගන්න. ඒත් කියන්න දෙයක් නෑ.. ඒක මේ ළගපාත තිබුන හැම දේම ස්කෑන් කරමින් බලහත්කාරයෙන් යනවා. මට බැරි උනා ඒක වලක්වන්න. මැඩම්ගේ කට පොඩ්ඩක් ඇද වෙලා හීන් හිනාවක් වගේ දෙයක් කැරකෙනවා මට පෙනුනා. මේක තත්පර කියක්ද නොදන්නව උනාට කල්පයක් විතර ගියා කියලයි මට දැනුනේ. ඒත් එක්කම අයේ සාමාන්‍ය තත්වෙට ඇස්දෙක වහාම අරගෙන මුනත් ගෙනත් මැසිම දිහායින් හිටෝල මම ඇන අත ගගා හිටියා. ඒත් මට හරියට එබිල බලන්න අමාරුයි. මම මගේ පොඩි ටෝච් එක දකුනෙන් අල්ලගෙන වැඩේ කොරාට තනි අතින් බෑ. ඒ පාර ඒක කටට තියාගෙන මම ට්‍රයි කොරනවා. එතකොට මැඩම් කියනවා.

“කෝ දෙන්න ටෝච් එක මං අල්ලන්න“ ඒක මහා නියෝගයක් වගේ මට ඇහුනේ. ඒත් හෙන හෙමින් තමා ඇහුවේ.. අයියෝ මටත් කලින් අත ටෝච් එක මැඩම්ට දුන්නම, මැඩම් එහෙමම පස්ස තල්ලු කරගෙන බෙන්ච් එකේ මගේ කිට්ටුවටම ආවා. ඇවිල්ල පරණ පුරුදු විදියටම පහත් වෙලා දැං පන්දම අල්ලනවා.

To be continued...

29 comments:

  1. හයියූ...... අටම හොදයි කියල හිතෙනව.
    තව ගොඩක් දුරයැ අවසානෙට?

    ReplyDelete
  2. මටත් එහෙම හිතෙනවා.මැඩම් සෙක්සි උ‍නේ නැති නම් කථාව ඉවරයි.ඇඟ වැහෙන්න ඇඳ ගත්ත නම් මෙච්චර කථා අහනවද?
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හෙහ්... අනිවා ගයනියෝ... මැඩම් උවමනාවෙන්ම සෙක්සි වෙලා ආපු විත්තිය අනිත් කොටසෙන් බලාගත හැකි.

      Delete
  3. $$^%%##@#%&&^&%*&%%#%%$#^^%##@%^$$#@#$%^$###%(&&%$#!!@$$##!$#^%^^%%$%###^%%$$@%^^%&^$**&%%@#$%^&(*YTR^&%%%$^&&%%#%$#$##!$@$%@#%$&**(&^%$#$#@%%#$#^%#$^%##$^%&^%^

    mage awege pita karata public thaka samawenna...

    ReplyDelete
    Replies
    1. ඔහොම ආවේගේ පිට කොරනවනං හොදයි නේ බං.. අන්න බලාපං වෙදමහත්තයත් වැට ගහල තියෙන්නේ...

      Delete
  4. අදම ඊළඟ එක දැම්මේ නැත්නම්.... %@%$#%$#@^&!

    නෝටි ඇමෙරිකා.......

    ReplyDelete
    Replies
    1. අය්ය ගියේ නෑද්ද ගෙට්ටුවට????

      Delete
    2. @ අකමා,
      පැය 24 ක් යන්න මත්තෙන් ඒක දමා ඇති බව කාරුණිකව දන්වමි.

      Delete
    3. @ නදිනි,
      මගෙන්ද බං ඇහුවේ නැත්නං අර පිස්සු අකමගෙන්ද? මම නං ගියේ නෑ බං.. අර අටමගේ කතා අහගන්නත් බෑ. ඌ එක්ක ටැප් වෙන්න බොන්නත් බැරි හින්දා.. හැක්...

      Delete
    4. මම හිතුව දේශකයා ගියා කියල... මම ඈහුවේ අකමගෙන් මොකද ඒ පෑත්තේ කස්ටිය අඩ අඩා හිටිය ගෑටිස්සියෝ නෑ කියල.... බලන්න ඉතින් නන්ගිල නෑ කියල අය්යල ටික ගිහිනුත් නෑනේ...

      Delete
    5. ගියේ නෑ බං.. මේ දවස් වල පිස්සු හුටං වැඩ කෝටියයි. අකමා ගිහිල්ලත් නැද්ද, මරන්න ඕන...

      Delete
  5. අර කියනව වගේ තව දුරද අවසානෙට????

    ReplyDelete
    Replies
    1. නැත් නැත අවසන් කොර ඇත...

      Delete
  6. මේක ඇත්තටම බොට වුණු දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මම හෙන බෝ පැලයක්.. ඔය ලියල තියෙන්නේ වෙච්චි හාදයගේ නමත් එක්කම

      Delete
  7. අටමගේ ටයිටලේ හොරකම් කරන්න හදන්නේ මූ.. හි හි...

    ReplyDelete
    Replies
    1. උඹ ඔන්න අටමට කියනව හෙම නෙමේ.. ඕක තාමත් ගෙට්ටුවට ගෙනැල්ල ඉත්රු වෙච්චි ඒවා ගන්නවා..

      Delete
  8. To be continued... හැමෝම කැමති නෑ වගේ මේකට..
    මං නම් කියන්නේ මෙහෙම හොඳයි (@හෙමින්.. වෙන මක් කොරන්න ද ඉතින් ) :-)

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං හොම්බට ගහල ගන්නයැ නේද??

      Delete
  9. කෝ බං මොකුත් වෙලා නෑනේ

    ReplyDelete
  10. ඌ මේ මැශිම ලෙසියෙන් හදල ඉවරකරන පාටක් නෑ කොල්ලනේ .. ඉවසීමෙන් සැනසීම ලැබේ කියල ඉම්මු..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මැසිම... හදනවා.. කඩනවා...

      Delete
  11. දේශකයට දුන්නනම් පන්දම් අල්ලන රස්සාව එලට කරයි

    ReplyDelete
    Replies
    1. අජෝව් වැයික්කියේ ලොක්කෙක් හින්ද ඉවසනවා. නැත්නං දනී මං තොට පන්දම් පාලිය පෙන්නන හැටි... නලු බට්ටා

      Delete
  12. ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ බලපු පත්තර මතක් උනා බොලන් . . . හික් හික් හික්

    ReplyDelete